69
"ඔයා නිසා මිනිස්සු කීයක් විදවනවද? මන් දුක් වෙන්නෙ නෑ තාත්තේ ඔයාට මෙහෙම වුනාට, ඒත් මට දුක ඔයාට ඔයා කරපු වැරදි තේරුම් ගන්නවත් සිහියක් නොතිබ්බ එක....
හොදට අහලා පුරුදු කට හඩක්
මන් ලගට ගියේ නෑ
මන් ඈතින් ඒ කෙල්ල දිහා බලන් හිටියා.....
එයා නැගිට්ටා
"නිචී......
එයා හැරෙද්ද්යි මන් එයාව අදුරගත්තේ
එයා මාව දැක්කා
"අයියේ....
"ඔයා... ඔයා මෙහෙ...
"එයා මැරුනා... හැමෝම හිතුවා වගේ එයා මැරුනා"
"ජියෝන්?"
"ඔව්... එදා සිද්ධියෙන් පස්සෙ එයාට පිස්සු හැදුනා... එයා බෙහෙත් සැරටම මැරිලා...."
"හ්ම්ම්ම්"
"මට සමාවෙන්න ටේහ්යුන්ග් අයියේ"
"මන් යනවා"
"ජංකුක් පව් අයියේ....
මට ඔය මුකුත් අහන්න ඕනේ නෑ... ඒත් මගේ හිතට සැනසීමක් දැනුනා
ඒත්... මනුස්සයෙක් මැරුනම සතුටු වෙන්න මට බෑ
මන් ඒ තිරිසනා වගේ නෙමෙයි
"එයා විදවනවා අයියේ....
මන් ඒක දන්නවා... ඒත් මට බෑ.....
"එයා මැරෙයි අයියේ... එයා මැරෙයි ඔහොම කලොත්"
මන් නැවතුනා
නිචී මගේ ඉස්සරහට ආවා
"අයියේ ජංකුක් අයියා වැරදි නෑ... ඒක ඔයාගේ හිත දන්නවා... පින් සිද්ධ වෙයි ඒ මනුස්සයට ඔහොම කරන්න එපා"
"අහ්....
"හැමදාම බොනවා.. විහින් මැරෙන්න යනවා"
"ඒත්....
"මන් කියන දේ අහන්න... මගේ තාත්තයි මේ ඔක්කොම කලේ... ජංකුක් අයියා මුකුත් දන්නෙ නෑ.. එයා ඔයාට පණ වගේ ආදරෙයි අයියේ... එයා ඒ දේ වුනාට පස්සෙ ගෙදර කාත් එක්කවත් කතා කරන්නෙ නෑ, අදටත් එයා හැමෝටම වයිර කරනවා එයාගේ මල්ලිගේ ජීවිතේ වටිනාම දේ නැති කලාට... එයා එයාගේ අම්මට තාත්තට කොටින්ම එයාගේ නමට පවා වයිර කරනවා දෙයියනේ"
"නංගී... මන් කොහොමද මගේ අම්මව තාත්තව මරාගත්ත පවුලේ කෙනෙක් එක්ක ඉන්නේ?"
"කවුරු කලත් ඒ එයා නෙමෙයි... ඔයාගේ තාත්තා එදා ජංකුක්ට වදින්න ගිය වෙඩිල්ල මැද්දට පැන්නේ ඇයි අයියේ? ඇයි? ඒ ජංකුක්ව ඔයාට ඕනේ නිසා... ඔය දෙන්නා සතුටෙන් ඉන්නවා බලන්න ඕනේ නිසා... එයාට උන දේ ඔයාට වෙන්න ඕනේ නැති නිසා.. ඒත් එහෙම කරලා එයා ගියාට ඔයා එයා කරපු දේ ගැන හිතුවද? එයා දුක් වෙයි අයියේ ඔය දෙන්නා දෙපැත්තකට වෙලා විදවද්දි"
මොකක්ද අනේ කියන්නේ
"මට.... මට මොකක්ද කරන්න කියන්නේ?"
"යන්න... ජංකුක් අයියා ළගට යන්න.. ඔයාලා දෙන්න හිටියා වගේ මෙහෙන් දුරකට ගිහින් ඉන්න"
"ඒත්....
"ප්ලීස්... ඔහොම කරන්න එපා එයාට... ඔයාට දෙන්නටම... මන් දන්නවා ඔයාටත් එයා නැතුව බෑ කියලා, ඇයි විහින් විදවන්නේ"
"මට මගේ පවුලම නැතිවුනේ ජියෝන් කියන නම නිසා...
"නෑ... ජියෝන් කියන කෙනා නිසා.. මගේ තාත්තා නිසා, ජංකුක් අයියා නිසා නෙමෙයි අයියේ"
"හ්ම්ම්ම්"
"එයා එක්ක කතා කරනවද?"
"හ්ම්ම්"
"අදත් රෑට යයි බොන්න"
"කොහෙටද බොන්න යන්නේ?"
"හංදියේ අලුතෙන් දාලා තියෙන්නෙ පබ් එකක්.. ඒකේ"
"හ්ම්ම් මන් බලන්නම්"
"මන් තාත්තා වෙනුවෙන් සමාව ඉල්ලනවා.. මන් දන්නවා වචනයකට උන දේවල් වෙනස් කරන්න බෑ කියලා, ඒත් මට සමාවෙන්න අයියේ"
"හ්ම්ම්ම්... මන් යනවා"
ඊට එහා වචනයක්වත් කතා කලේ නෑ
මන් ආවා... ගෙදර එනකන්ම ඔලුවෙ කැරකුනේ නිචී කිව්ව දේවල්
ජංකුක් ගැන කිව්ව දේවල්
මන් කතා කරන්න ඕනේද එයා එක්ක...
මට හිතාගන්න බෑ...
"මොනාද උබ කල්පනා කරන්නේ?"
ඒ අයියා
"අහ් අයියේ... නෑ නෑ"
"මොකෝ උබේ කුකා ගැනද?"
"විකාර"
"මේ ඌ වැරදි නෑනේ බන්.. කතා කරපන් වෙන එකක් ඩැහැගෙන යන්න කලින්"
"යන්න ඕනේ නම් ගියාවේ, මට මොකෝ"
පස්සෙන් යන්න හරි කෑල්ලනේ
උලමා
මන් නැගිට්ටා....
"කොහෙ හරි යන්නද?"
"එලියට"
"හ්ම් හ්ම්"
වෙලාව පහයි
මන් එලියට බැස්සෙ අර යකාව හම්බෙන්න
කාර් එකත් අරන් ටික දුරක් ආවා
පාර අයිනට කරලා මන් කාර් එක නතර කලා
"මන් යන්නම ඕනේද? ඔව් මන් එයාට ආදරෙයි... ඒත් එයාගේ මාමා මගේ පවුලම විනාස කලා"
මන් හිටියේ වැට උඩ
ආදරේ හින්දා මන් මැද හිර වෙලා
කමක් නෑ මන් යනවා
නිචී කිව්ව පබ් එකට මන් ආවා
හිත හිත පැයක්ම ගිහින් එන්න
මන් තාම කාර් පාර්ක් එකේ
ඕනේ මගුලක් කියලා එලියට බහින්න හද්දිම,
"ජංකුක්.....
ජංකුක් කාර් එක ඉස්සරහෙන් යනවා
මන් ටග්ගාලා බැස්සා
පස්සෙන්ම ගියා
වගේ වගක් නෑ ලාදුරු හැදුන එකෙන් වගේ යනවා
යකෝ මන් පිටිපස්සෙන් එනවා
මහ ලොකුවට ආදරෙයිලු
ඒත් දැනෙන්නෙ නෑ මන් මේ ළග ඉදලා
තමුසෙගෙත් කෙස් ගහේ ඉදන් බොරුව ඕයි
තෝ දැනිලා හැරෙනකන් මාත් කතා කරන්නෙ නෑ
ඇතුලට ගියා
යනවා නෙමෙයි මූ දුවනවනේ
"සර්.....
අයියෝ මේ මොකාද?
"ඇයි?"
"සර් උඩට යන්න පුලුවන් වීඅයිපී අයට විතරයි"
"ඇයි මොකක්ද උඩ තියෙන්නේ?"
"සර්... ප්ලීස් අර පැත්තට යන්න"
"මන් ආවේ කෙනෙක්ව හම්බෙන්න, එයා උඩට ගියා"
"සොරි සර්.. එයාට එන්න කියන්න පල්ලෙහාට"
ශික් නූලෙන් මිස් වුනේ
මොකද කරන්නේ? හරි මන් කාර් එකේ ඉන්නම්... තමුසේ යන්න ඕනෙත් මගේ කාර් එක ඉස්සරහෙන්නේ
මන් ආයේ කාර් එකට ආවා
හයේ ඉදන් ඔරලෝසුව දිහාම බලන් ඉදලා දැන් මගේ වයර් මාරු වෙලා වගේ
යකෝ දහයටත් ලගයි
මට බෑ
මන් යනවා
මන් කාර් එක ස්ටාර්ට් කරලා කාර් පාර්ක් එකෙන් එලියට යන පැත්තට හැරෙව්වා
හරවද්දී දැක්කේ ජංකුක් වගේ චායාවක්
ජංකුක්.... මේ තමුසෙද? එතකොට උඩ ගෑනු එක්ක නටන එකද කරන්නේ තමුසේ හැමදාම
මන් බැස්සෙ නෑ
එයා ආවේ කෙල්ලෙක් එක්ක
ඒ කෙල්ලට වාරුවෙලා ජංකුක් එනවා
බීලා නැතිවෙන්න
සිහියක් නෑ.... මෝඩයා.....
මූව මේ කෙල්ල එක්ක යැව්වොත් නම් කෙල්ලට හෙට බබා හම්බෙනවා...
බහින්න නෑ කියලා හිතුවට ඉතින් මට බහින්න වුනා
"ජංකුක්.....
"අහ්.... මල්ලී....
"ජංකුක්... මොකද මේ... අපි යමු"
"අයිනට වෙයන්... මල්ලී....
එයා මගේ කට හඩ අදුර ගත්තා
මන් දෙන්නා ලගට ගියා
"ජංකුක්....
එයා බයවෙලා වගේ මන් දිහා බලන් ඉන්නවා
"අයියේ.....
"උබ.... උබ ඇයි පබ් එකට ආවෙ?"
"ඔයා ආව දේටම තමා, ඇයි?"
"මන් ආවේ බොන්න"
"බොන්න විතරද?"
"කවුද ජංකුක් මේ.....
"උබට මොකටද? පලයන් යන්න"
ජංකුක් ඒ කෙල්ලව තල්ලු කලා
එක පාරක් මගේ උඩ ඉදන් යටට බලලා ගස්සලා ගියා කෙල්ල
"මල්ලී... උබ??"
"අල්ලන්න එපා මාව... බේබද්දා"
"එහෙම බොන්න නෑ මන් මල්ලී....
"බීලා ගෑනු එක්ක යන්න ලැජ්ජ නැද්ද අහ්?"
"ලැජ්ජයි"
"එහෙනම් ඔය යන්නේ තමුසෙ යස අගේට"
"උන්නේ රෙද්ද එන්නේ...
"මොකේද ආවේ?"
"බයික් එකේ"
මූ මේ බීලා වගේ රගපාලනේ
දැන් හරි කෙලින් හිටන් ඉන්නවා යස අගේට
ඔව් ඉතින් තමුසෙගේ කස් ගහේ ඉදන් බොරුවනේ
"නගිනවා කාර් එකට"
කියන්න විතරයි ඕනේ උනේ, ජංකුක් මන් අත දික් කරපු පැත්තට ගියා
"මේකද කාර් එක?"
"බයික් එක දාලද යන්නේ?"
"ඕක කොයිවෙලේ ගන්න බැරිද?"
යසයි යසයි පොඩි එකෝ
"ඔව් ඕක"
නැග්ගා
වඩිවුනා
මාත් ගිහින් නැග්ගා
"මාව බලන්නද ආවෙ?"
"ඇයි තමුසෙ ලොකු වෙලද?"
"මල්ලී මන් සිරා අහන්නේ?"
"විකාරද? මන් මේ කෙනෙක්ව හම්බෙන්න ආවේ"
"කවුද?"
මන් කාර් එක ස්ටාර්ට් කලා
"කවුද කියන්න"
"වැඩක් නෑනේ"
"හ්ම්ම්ම්....
"මාමා මැරුනලු නේ"
"හ්ම්ම්"
"දුකද?"
"මොකටද?"
"මාමා මැරුන එකට?"
"මන් මොකටද දුක් වෙන්නේ? ඌ නිසා මට මගේ හැමදේම නැතිවුනා"
"හැමදේම මොකක්ද? මාව විතරනේ නැතිවුනේ?"
"තමුසේ මගේ හැමදේම කියල ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනේද අහ්?"
"විකාර"
"හ්ම්ම්ම්"
"ජංකුක්....
"හ්ම්ම්ම්ම්.....
"මන් ආවේ ඔයාව හම්බෙන්න"
"මාව?"
"ඔව්....
මන් කාර් එක පැත්තකට කරලා නැවැත්තුවා
"මල්ලී.... ඇයි මාව??"
"මට හැමදේම නැතිවෙලා ඉවරයි....
"මන් ඉන්නවා....
"අම්මා තාත්තා නැතුව මට කිසිම සතුටක් නෑ... ඒත් අයියා නිසා මන් තාම ඉන්නවා....
"හ්ම්ම්ම්.....
"අපි.... අපි මෙහෙන් ඈතකට යමු"
"මොකක්???"
මන් මොකක්ද යකෝ ඒ කිව්වේ
ඒක කිව්වා වේගේ වැඩිද?
"මගේ තාත්තා ඔයාට තිබ්බ වෙඩිල්ල මැද්දට පැන්නේ මට දුකක් දෙන්න ඕනේ නැති නිසා.. ඒත් එයා නැතුව මට සතුටු වෙන්න බෑ කියලා එයාට තේරිලා නෑ... කොහොමහරි එයාට ඕනේ උනේ අපි දෙන්නා සතුටෙන් ඉන්නවා බලන්න.....
"තාත්තට ඕනේ වුන නිසාම විතරද මගේ ලගට ආයේ එන්න හදන්නේ??"
"ඒ කිව්වේ?"
"ඔයාගේ හිත මන් ලගට එන්න කියන්නේ නැද්ද? මට ආදරේ නිසා නෙමෙයිද මන් ලගට එන්නේ?"
මන් මොකක්ද කියන්නේ?
ඔව් මන් ඔයාට ආදරෙයි
ගොඩක්..... ගොඩාරියක්...
මන් ඒ නිසයි ඔයා ලගට එන්නෙ
"මන් ආදරේ නිසා"
"මෙහෙ එනවා මෝඩයා...
එයා මාව එයාගේ පපුවට ඇදලා ගත්තා
"ආව්ව් ඕයි....
යකඩ කනවා වගේ පපුව
ටාං සද්දෙකුත් ආවා ඔලුව වැදුන පාර
ගොනා
මීහරහා
"මන් ආදරෙයි ගොන් මල්ලී"
"ගොන්... අනේ මේ....
"කියනවා මට ආදරෙයි නේ? මට සමාව දෙනවා නේද??"
"හ්ම්ම්ම්....
"හ්ම්ම් නෙමෙයි.... ඔව්ද නැද්ද?"
"දෙන්නම්... සමාව.... හැබැයි මන් කොච්චර ආදරේ වුනත් ඔයාට සමාව දෙන්නේ මගේ තාත්තා නිසා...."
"තැන්කිව් අංකල්... ඔයා නිසා මෙයා මට සමාව දුන්නා... මෙයා නැතුව මට ඉන්න බෑ, ඔයාට ඒක තේරුනා නේද අංකල්... තැන්කිව් මගේ සුදු පැටියව මට ආයේ ගෙනල්ලා දුන්නට......
iwarai bye gn
🌸🌸
vote and comments
🌸🌸
ඊලග එපියෙන් හම්බෙමු
Bạn đang đọc truyện trên: AzTruyen.Top