67
"අයියේ....
තියලත් ඉවරයි ෆෝන් එක
මට ඇඩෙනවා අප්පා...
කමක් නෑ මන් කන්නම් මේක
එතකොට හරිනේ
මන් මැගී එකත් අරගෙන සැටියෙන් වාඩිවුනා
වෙනදට වඩා මට අද ඇඩුනා
අඩ අඩම මන් මැගී ඔක්කොම කෑවා
නිවිලා නිසා කන්නත් බෑ
.
.
.
.
.
.
එයා ගියේ හයයි කාලට විතර
දැන් දහයටත් කිට්ටුයි
තාම නෑ
මන් ආයේ කෝල් එකක් ගත්තා
රින්ග්ස් යනවා
ඒත් උස්සන්නෙ නෑ
කොහෙද අනේ ගියේ
ඕනේ එකක් කියලා මන් එලියට බැස්සා බලන්න
ගේට්ටුවෙන් එලියට
ටික දුරක් ඉස්සරහට යද්දී කවුදෝ එනවා
බීපු මිනිහෙක් වගේ
බයත් එක්ක
මන් නැවතුනා
ඒ ජංකුක්.... එයා බීලා
මන් දුවලා ළගට ගියා
"අයියේ... මොකද මේ??"
"අහකට වෙයන්"
"අනේ මොකද අප්පා මේ... යමුකෝ මුලින්"
"මට යන්න පුලුවන් ඕයි.. අතගනින්"
මගේ අත ගසලා දාලා එයා ඉස්සර උනා
මන් පිටිපස්සෙන් ගියා
ගෙට්ටුවත් ඇරගෙන එයා පඩිපෙල නගිනවා වැනි වැනි
වැටෙනවා දැන් පණ්ඩිතයා
අල්ලන්න දෙන්නෙත් නෑ
මන් බයෙන් ආවේ කරලමක් ගහයි කියලා
කොහොමහරි අන්තිමට කකුල් දෙකෙන් කොල්ලා ගේ ඇතුලේ
අම්බෝ... ඇති යන්තම්
එයා කෙලින්ම කාමරේට
මාත් දොර ලොක් කරලා කාමරේට ආවා
ඊයා මේ යකා අර හතර වටේ ගිහින් ආව ඇදුමෙන් ම දපනේ දාලා
"මොකද අහකට වෙයන්"
"ඉන්නකෝ අප්පා.. දාඩියයිනේ, මන් මේක ගලවන්නම්"
"ගලවගනින් උබේ ගෑනිගේ"
මොකක්? මොනාද යකෝ කියවන්නේ
"ජංකුක් ඉන්නකෝ.. යකා අවුස්සන්නේ...
"පලයන්... මන් උබේ යකාට බය නෑ"
මෙච්චර වෙලා ඇදේ හාන්සි වෙලා හිටිය මනුස්සයා කෙලින් වුනා
"අයියේ...
ඒ අස්සේ මට ඇඩෙනවා
"අයියේ මොකද අනේ මේ....
"මට උබව එපා...
"මොකක්ද කියන්නේ? මන් රසට උයන්න ඉගෙන ගන්නම්"
"මට නිදාගන්න ඕනේ.... යනවා එලියට"
"ඒත්....
"තමුසෙට කියන දේ ඇහෙන්න නැද්ද?"
මන් නැගිට්ටා
කාමරෙන් එලියට ආවා
දැන් කියවලා වැඩක් නෑ
එයා කේන්තියෙන්
මන් සැටියෙන් හාන්සි වුනා
මොනා කරන්නද අද මෙතන....
.
.
.
.
.
වෙනදට දවල් වෙනකන් නිදාගන්න මාව පාන්දර පහට ඇහැරුනා
ටග්ගාලා නැගිටලා මූණත් පොඩ්ඩක් හෝදන් කෙලින්ම කුස්සියට
මන් රසටම හදන්න දන්නේ සැන්විච්
අද ඒවා හදන්න ඕනේ
මන් පැය ගාණක් මහන්සි වෙලා අයියට එක එක රසට සැන්විච්
පට්ට හැදුවා
බලමුකෝ මේවත් රස නෑ කියයිද කියලා
හයයි කාලයි
මන් සැන්විච් ටිකත් පිගානට දාගෙන කාමරේට ගියා
තාම නිදි
ඇද ලග තිබ්බ පොඩි මේසේ උඩින් පිගාන තියලා මන් ඇද ලග බිමින් වාඩිවුනා
ඊයේ බීලා බීලා ළග ගදේ බෑ
මෝඩයා
මාවත් එලවගත්තා
මන් එයාගේ එක අතක් අල්ලගෙන ඇදට හේත්තුවක් දැම්මා
.
.
.
.
.
.
.
"නැගිටිනවා"
මාව ගැස්සුනා
යකෝ මට නින්ද ගිහින්ද
"තමුසෙ මෙහෙමද නිදාගත්තේ?"
"අහ්.... නෑ නෑ... උදේ ආවේ කෑම අරන්"
එයා නැගිට්ටා
මාත් නැගිට්ටා
එයා යන්න කලින් ඔක්කොම කියන්න ඕනේ
"අයියේ.....
එයා ඇහුනේ නෑ වගේ යන්න ගියා නාන කාමරේ පැත්තට
"මට සමාවෙන්න.....
එයා නැවතුනා
"මට සමාවෙන්න අයියේ... මට කියන්න ඕනේ ඔයාට, ඒ කෙල්ල මහ නරකයි.. එයා මට කැමතිලු.. මන් බයට ඔයාට නොකිව්වේ, ඔයා රණ්ඩු කරයි කියලා.. අපි මේ පැත්තේ නෙමෙයිනේ, උන් මොන වගේද අපි දන්නේ නෑනේ අයියේ.. ඒ කෙල්ල මට කිස් එකකුත් දුන්නා....
"මොකක්?"
"ඔව්....
"තමුසේ ඒක කරනකන් භාවනා කලාද?"
"නෑ එයාගේ ඇහැට මිරිස් කුඩු ගියා.. මන් උදව් කරන්න හැදුවේ... ඒ වෙලේ එයා එහෙම කලේ... නරකයි අප්පා එයා.....
නාන කාමරේ දොර ඇරියා
"අයියේ මන් රසට උයන්න ඉගෙන ගන්නම්"
එයා මන් කියන දේ අහගෙන ඉන්නේ
"මන් කලින් එහෙම උයලා නෑ අයියේ.. ඒත් මන් ඉගෙනගන්නම් මන් අද හැදුවා රසට"
දොරත් වහන් නාන කාමරේට
ශික්
මන් කියන මුකුත් අහන්නේ නෑනේ
මේකත් එපා බල්ලෙක්ටවත් කන්න බෑ කියලා විසික් කරයිද?
බලමුකෝ...
මන් එයා එනකන් බලාගෙන හිටියා
මූණත් හෝදන් පිහද පිහද එයා ආවා
තුවාය විසික් කලා ඇද උඩට
මන් දුවලා ගිහින් ඒක අරන් රැක් එකෙන් දැම්මා
"තමුසෙට පිස්සුද?"
"අහ්???"
"තමුසෙ මේ ගෙදර වැඩකාරයා නෙමෙයි"
ඒත්.... ඒ කිව්වෙ??
"මෙතනින් ඉදගන්නවා මුලින්"
එයා ඇදෙන් වාඩිවුනා
මට එයාගේ එහා පැත්තෙන් වාඩිවෙන්න කිව්වා
මාත් වාඩිවුනා
සැන්විච් තිබ්බ පිගාන ගත්තා එයා
කෑල්ලක් කෑවා
"රසද?"
"හ්ම්ම්ම්"
"රස නැද්ද?"
"රස උනත් නොඋනත් මොකද ඕයි?"
"අහ්හ්හ්... ඒත්...
"මේක අහගන්නවා, තමුසෙ මගේ වැඩකාරයා නෙමෙයි, මන් රස නෑ කිව්වොත් උයන්න එපා.. මට ඕනේ විදිහකට කා ගන්න කියලා හිටපන්"
මොකක්? ඒ මොකක්ද ඒ කිව්වේ යකෝ?
"සොරි ඕයි"
අහ්හ්හ්හ්හ්
මාව තුශ්නිම්භූත වෙලා ඉන්නේ
"ඔයා අඩනවද අයියේ?"
"සොරි රත්තරං... මට... මට ඉරිසියා හිතුනා, ඕයි මන් මෙහෙම කෙනෙක් නෙමෙයි.. මට තමුසේ නිසා බයයි ඕයි.. මන් අර කොහෙවත් ඉන්න කෙල්ලෙක්ට ඉරිසියා කලා"
"මොනාද අයියේ මේ කියන්නේ?"
"ඒකී උබට ළං වෙලා ඉන්නවා දැක්කම මට ඉරිසියා හිතුනා..
"ඇත්තටමද? ඔයා ඒ තරම් මට ආදරෙයිද?"
"මට බෑ එහෙම බොලද වෙන්න"
"මෝඩයා.. ඒකට මන් ආසයි.. එතකොට මට බැන්නේ ඒකටද?"
"ඔව්... බිව්වෙත් ඒ නිසා.. කෑවේ නැත්තෙත් ඒ නිසා.. කෑම රහ නෑ කිව්වෙත් ඒ නිසා"
"අනේ මෝඩයා.. යකෝ මන් ආදරේ ඔයාට විතරනේ අයියේ"
"ඒ උනාට එහෙම බෑ ඕයි... අනේ මල්ලී සොරි... තමුසෙගේ කෑම රසයි ඕයි... මන් ඇඩෙව්වා නේද ඊයේ?"
"ඔව්... මන් අඩලා අඩලා අර සැටියේ නිදාගත්තෙත්"
"සොරි ඕයි.. මේ ජංකුක්ට මොන යකෙක් වැහිලද මන්දා... ඉරිසියා හිතෙනවා කේන්ති යනවා එතකොට"
"ඉක්මනට බැදලා මෙහෙන් යමු"
"ආයෙ අරකි එක්ක කතා එපා හරිද?"
"ඔයත් හරිද?"
මේ යකා මේ ඉරිසියාවටද පැලෙන්න ගිහින් තියෙන්නේ
පිස්සෙක්නේ
මන් හදපු සැන්විච් එකත් කාලා එයා වැඩ පටන් ගත්තා
මාත් කාමරෙන් එලියට ආවා
.
.
.
.
.
.
.
.
.
.
දවස දෙක තුන ගෙව්නා
එන්න එන්නම අපිට නිදහසක් දැනුනා
අපි පස්සෙ කවුරුත් නෑ වගේ හැගීමක්
අපි දෙන්නා නිදහසේ ඇවිද්දා
නිදහසේ ජීවත් වුනා
ටික ටික අපේ නරක කාලය ඉවර වුනා...
"මල්ලී...
"මොකෝ මන් කුස්සියේ"
"ලෑස්ති වෙනවා"
"කොහෙ යන්නද? මන් මේ දවල්ට උයන්න...
"එලියෙන් කමු"
"එක පාරට"
"නැතුව දෙපාරකටද ඕනේ"
"ජෝක් නෙමෙයි අනේ...
"ජෝක් නෙමෙයි තමා... බැරිද?"
"පුලුවන් යකෝ... ඉන්න මන් ඇදුමක් දාන් එන්නම්"
මන් විනාඩි දහයට ඇගට වතුර එකක් දාගෙන ආවා
මොකක්ද අදින්නේ
"අයියේ කොහෙටද කන්න යන්නේ?"
"ගියාම බලන්නකෝ"
"යකෝ මන් ශෝටක් ගහගන්නවා එහෙනම්"
"ගහගනින් ශෝට උබේ පුකේ... හොටෙල් එකකට යන්නේ"
"ඒක තමා ගොනෝ ඇහුවේ"
"හරි හරි ඇදගෙන එනවා හොද එකක්.. ලස්සනට එනවා කෑල්ල වගේ"
කෑල්ල වගේ... කොහෙන් ඉගෙන ගන්න වචනද මූ මේ?
දැන් මොකක්ද අදින්නේ?
එයා හිටියේ කලු කලිසමයි සුදු අත් දිග ශර්ට් එකයි ඇදලා
ඒ නිසා මන් ඇන්දා දුඹුරු පාට කලිසමකුයි ක්රීම් පාට ශර්ට් එකකුයි
කොණ්ඩෙත් හදාගෙන එලියට
"මේක හොදද?"
"හොදයි යමන්"
මූට තියන තදියමක් යකෝ
"මොකේද යන්නේ?"
අරකේ...
එයා මට පෙන්නුවෙ ඈතින් එන ටැක්සියක්
ඒක අපි ඉස්සරහෙන් නතර කලා
එයා දොර ඇරලා මට නගින්න කිව්වා
"යමු"
"කොහෙද යන්නේ කියනවකෝ"
"පොඩ්ඩක් ඔය කට වහගන්නවද?"
"මාව මරන්න ගෙනියනවද දන්නේ නෑනේ"
"ඔව් ඔව් තමුසෙව මරලා මන් මොකෝ රජ වෙන්නද?"
"තමුසෙගේ කට නම්.....
"ඇත්තනේ"
"කට පියන් යමු"
ආයේ නෝ කතා මේ ගල් මූසලයා එක්ක
මන් එලිය බලාගෙන ආවා
කොහෙ යනවද යකෝ මේ
යනවා යනවා දැන් පැයක් විතර අපි යනවා තාම
මන් හැරුනා අයියගේ පැත්තට
"කොහෙද යන්නේ කියල නම් ආයේ අහන්න එපා.. කිව්වනේ යනකන් කට පියන් ඉන්නවා"
හරි ආයේ මැරෙන්න හුස්ම හිර වුනත් තමුසෙට නම් කියන්නේ නෑ නෑ නෑමයි
රෙද්ද
.
.
.
.
.
"ආවා සර් තැනට"
"තැන්කිව්"
එයා බැහැලා මටත් බහින්න දොර ඇරියා
ඒත් මේ පල්ලියක් නේ යකෝ
හොටෙල් එකකට නේ කන්න යනවා කිව්වේ
මූ නිකන් කන්න දෙන පල්ලියේ උත්සවයකටවත් මාව එක්කන් ආවද
"ඇයි මෙතනට"
"ඔයා දන්න කෙනෙක් අද මෙතන බදිනවා"
"මන් දන්න?? කවුද? ජංකුක් කවුද? අයියද? හොබියද? ජිමින් අයියද? නැත්තම් සුගා අයියද?"
"අම්බෝ ඕයි... එනවකෝ ඇතුලට"
මට හිතෙන්නෙ ඒ අයියා කියලමයි
එයා මට නොකියා බදින්නේ නෑ
ඒත් කියන්නත් මන් ගැන තොරතුරක් එයාලා දන්නේ නෑනේ
මන් ජංකුක් එක්ක ඇතුලට ගියා
කවුරුත් නෑ... ඒත් ඉස්සරහා හරිය ලස්සනට සරසලා... මල්වලින්
ජිමින් අයියද ඒ
මන් තව ටිකක් ඉස්සරහට ගියා
"ජිමින් අයියේ.....
"අඩෝ මල්ලී... උබ? උබ වෙනස් වෙලා... ලස්සන වෙලා"
"කොහොමද ඔයාලට? යුංගි අයියේ, ඔයාලව දැක්ක කල්"
"ඔව් ඉතින් උබලා දෙන්නම ගියානේ අපිව දාලා"
"හරි හරි... කවුද බදින්නේ කියන්නකෝ අප්පා"
"ජංකුකා උබ කිව්වෙ නැද්ද?"
"මොකක්ද? මොකක්ද ජංකුක් නොකිව්වේ?"
"මූට නිචීව බදින්න වෙලා"
"මොකක්?"
"ඔව්... නිචී ප්රෙග්නට් වෙලා...
"ඉතින් ඇයි අයියා එයාව බදින්නේ?"
"තාත්තා මූනේ"
"යුංගී.....
"ඉදපන්කෝ ජිමින්... ඇයි මූ කිව්වෙ නැද්ද?"
"මොනාද අයියේ මේ කියන්නේ"
"මල්ලී...
එයා මගේ අත් දෙකෙන් අල්ලගත්තා
"මල්ලී... මට.... මට සමාවෙන්න"
"මොකක්?"
"මොකක් නෙමෙයි.. ඒක වැරැද්දක්, මන් දන්නේ නෑ ඒක.. ඒත් ඒක එහෙම වෙලා"
"මොකක්ද අප්පා මේ කියන්නේ? තමුසේ මාත් එක්කනේ ගොනෝ හිටියේ, එයා කොහොමද ප්රෙග්නට් වුනේ?"
"මන්.... මන් එයාව හම්බෙන්න....
"නවත්තගන්නවා... තමුසේ විහිලු කරනවද ඕයි?"
"මල්ලී මේ අහපන්"
"මල්ලී.....
ඒ අයියා...
එයාගේ කට හඩ ඇහුනේ දොර පැත්තෙන්
මන් හැරුනා
අයියයි තාත්තයි
මන් දිව්වා
නෑ මට එයාලා ලගට දිව වුනා
"අයියේ....
"මල්ලී....
"තාත්තේ...
"පොඩී....
"ඔයාලට කොහොමද?"
"සමාවෙන්න මල්ලී... මේ ඔක්කොම අපි නිසානේ"
"ඔයාලා නිසා මුකුත් වුනේ නෑ..."
මන් එයාලා දෙන්නව බදාගත්තා... මට පට්ට සතුටුයි
"ඒත් ඔයාලා ඇයි මෙහෙ?"
එතකොටම හොබියගේ කටහඩ
"ඕයි ටේහ්යුන්ග් ගොනෝ....
"හොබ්බා.... උබ?"
එයත් අපි ඉන්න තැනට ආවා
"උබත්... ඇයි ඔයාලා මෙහෙ??"
"අපි නැතුව කොහොමද පුතා?"
"ජංකුක්ගේ වෙඩින් එකට ඔයාලා ඇයි?"
"එයා බදින්නේ මගේ කොල්ලවනේ යකෝ..."
"අහ්... මොකක්??"
"මෝඩ ගොන් ටේහ්යුන්ග්... තමුසෙ නම් ගොන් ගහක් ඕයි, මන් තමුසෙ එක්ක ඉදලා වෙන එකෙක් බදීද අයිසේ..."
"මොකක්ද වෙන්න කියනවද?"
එතකොටම ජංකුක්... එයා මගේ ඉස්සරහා දන ගහගත්තා...
"ගොන් ටේහ්යුන්ග්, තමුසේ මාව බදින්න කැමතිද? කැමති නම් මේ දැන්ම මන් තමුසෙව බදිනවා"
ශික් ඒක අහපු කැත.. මුගේ රොමෑන්ටික් නහරේ හිලක්ද කොහෙද
"ඔව් මන් තමුසෙව බදින්න කැමති... ඉතින් දැන් බදිනවා"
එයා නැගිට්ටා
මගේ අතින් අල්ල ගත්තා
ඉස්සරහට ඇවිදගෙන ගියා
අපේ වටේට කට්ටිය
තාත්තා අයියා හොබ්බා ජිමින් අයියා යුංගි අයියා ඔක්කොම...
එයා මාව එක්කන් ඉස්සරහටම ගියා
"කිම් ටේහ්යුන්ග්, ඔබ මෙහි සිටින ජියෝන් ජංකුක්ව විවහා කරගන්න කැමතිද?"
අඩන්න බෑ අඩන්න බෑ... ඒත් මූ මාව බදින හැටි බලනවකෝ,
කන්න එක්කන් ආවේ
මූව තමා දැන් කන්න වෙන්නේ
"ඔයාද මේ ඔක්කොම කලේ ජංකුක්?"
"තමුසෙගෙන් ඇහුවේ මාව බදින්න කැමතිද කියලා ඕයි?"
"අහ්... ඔව් මන් කැමති"
"එතකොට ජියෝන් ජංකුක්, ඔබ මෙහි සිටින කිම් ටේහ්යුන්ග්ව විවහා කරගන්න කැමතිද?"
"එකෙන්ම.... නෑ මේ... ඔව් මන් කැමති"
.
.
.
.
.
විනාඩි ගාණක් ගියා
හැමදේම ඉවරයි
එයා මගේම වුනා
හිතුවෙවත් නැති විදිහට
හිතුවෙවත් නැති දවසක
"අදින් පටන් ගන්න ඔබ දෙපලගේ අලුත් ජීවිතයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හැමදාම ලැබෙනවා...."
ජංකුක්... එයා මගේ කම්මුල ඒ අත් අතරට ගත්තා... ඊලගට ඒ හාද්ද... එයාගේ
මාත් බලාපොරොත්තුවෙන් හිටියේ,
එයාගේ තොල් මගේ තොල් හෙමින් තෙත් කලා
එයා මගේ හස්බන්ඩ්
හස්බන්ඩ් විදිහට දෙන පලවෙනි හාද්ද.... මට ඇහෙනවා හැමෝම අත්පුඩි ගහනවා
ඒ අස්සේ ජිමින් අයියා කෑගහනවා
"ඇති යකෝ.. ඌ මැරෙයි...
ඊ ලැජ්ජයි යකෝ මට
ඒ අස්සේ හොබ්බා
"අඩෝ මුන් දෙන්නා අද රෑට හොද වන්නමක් නටයි වගේ...."
මොනාද ගල් මූසලයෝ ඔය කියන්නේ?
vote and comments
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top