66
අටා මාරට විතර ආව අපි රෑ දහයත් පහු වෙනකන් ඇවිද්දා
අද නම් පට්ට දවස
මිනිස්සුත් වැඩිය නෑ පාරේ
ඉතින් අපි හිතේ හැටියට ඇවිද්දා
"මල්ලී බඩගිනී, යමුද? අර හදපුවා අපරාදේ නැත්තම්"
ආයේ බෝඩිමට
යන්න වෙලා ගියාට ආයේ බෝඩිමට එන්න මහ වෙලාවල් ගියේ නෑ..
ආවා
කෑවා
කෙලින්ම ඇදට
.
.
.
.
.
.
.
ඊලග දවසේ උදේ ඉදන් අයියා වැඩ
මගේ වැඩේ එයාගේ අතට පයට කෑම බීම සප්ලයි කරන එක
එයාට නම් ආතල්
ලැප් එකත් ඔන් කරන් කකා බිබී ඉන්නවා
කොහොමහරි හවස පහට විතර පොර වැඩ ඉවර කරලා ලැප් එක වැහුවා
"මල්ලී මන් ඕෆ්"
මට මොකක්ද කියන්නේ
"මන් නාගෙන ගිහිල්ලා කන්න මොනා හරි ගේන්නම්.. තමුසේ උයන්න එපා"
එපා නම් හා ඉතින්
මන් දවල් කාපුව අස් කර කර හිටියේ
නාගෙන එයා ගියා
මාත් ඔක්කොම අස් කරලා දොර ලගට වෙලා අයියා එනකන් බලන් හිටියේ
මේ කවුද මේ?
පඩිපෙල දිගේ කෙල්ලෙක් නගිනවා
"කවුද ඔයා?"
"අයියේ මන් පහල නිමීගේ යාලුවෙක්....
ඉතින් මොකටද දැන් ආවේ
"අනේ පුලුවන් නම් මට මිරිස් කුඩු ටිකක් දෙන්නකෝ"
මොකක්?
මන් මුකුත්ම නොකියා බලාගෙන හිටියා
"අනේ මේ අච්චාරුවක් දාන්න.. මිරිස් ඉවරයි, කඩේට යන්න දුරයිනේ"
"අහ් ඉන්න....
මන් එයා දොර ළග ඉද්දී කුස්සියට ගියා මිරිස් කුඩු ටිකක් ගේන්න
මේ කෙල්ලෝ නම් ඇණයක්
ඔය අයියව බලන්න තමා ආවේ
අරකි එවලා ඇත්තේ
මන් බැන බැනම පත්තර පිටු කෑල්ලකට මිරිස් කුඩු ටිකක් දාලා ආයේ සාලේට යන්න හැරුනා
"අහ්හ්..... මගේ ඇහැ....
මෙයා කොහෙද ආවේ
මන් හැරෙද්දිම අර කෙල්ල
මගේ පිටිපස්සේ
වැදුන පාර මිරිස් ටික කෙල්ලගේ ඇගේ
අයියෝ මගුලයි
කෙල්ලගේ ඇහැටත් ගියාද කොහෙද
"අහ් අයියේ... මගේ ඇහැ.....
එයා මගේ අතින් අල්ලලා කිව්වා
මට බයත් හිතුනා
"පොඩ්ඩක්.... පොඩ්ඩක් ඉන්න....
මන් එයාව සින්ක් එක ලගට එක්කන් ගියා
"මේ ටැප් එක මූණ හෝද ගන්නකෝ"
"අනේ මට පේන්නේ නෑ ඇයියේ...
අයියෝ මේ මොන මගුලක්ද
වෙන කරන්න දෙයක් නෑ
මන් එයාගේ මූණ පාත් කරලා ටැප් එක ඇරලා මූණ හේදුවා
"හරිද?"
"ටිකක්.... කැවෙනවා වගේ...
"ඔයා ඇයි ආවේ?"
"ඉක්මනට අරන් යන්න ආවේ.... පුලුවන් නම් ඇහැට පිබින්නකෝ"
බෑ කියන්නත් බෑනේ.... මගුලක් මේක
මන් එයාගේ ඇහැ අල්ලලා පිම්බා...
"හරිද?"
"නෑ.....
ආයෙත් පිබින්න ගියේ.....
ඒත් එයා මහා ජරා කෙල්ලෙක්.. එයා මන් මූණ ළං කරලා පිබින්න යද්දිම මගේ කම්මුලට කිස් එකක් දුන්නා
මාව ගල් වුනා වගේ
"මල්ලී......
ඉවරයි
ජංකුක්
මන් ඒ කෙල්ලව ඈතට තල්ලු කලා
"අයියේ.....
"මොකක්ද වෙන්නේ?"
"මේ මේ.... අයියේ.... මෙයා.....
"මන් ගිහින් එන්නම් අයියේ"
ඒ ගමන කිසිම දෙයක් නොවුන ගාණට ඒකී ගියා
දැන් මැරෙන්න ගියේ ඇහැ දනවා කියල
මට බයයි
අයියා දකින්න ඇති
ඒ කෙල්ල මට කිස් එකක් දෙනවා
"එයා මොකද ගේ ඇතුලේ කලේ?"
"මේ.... මිරිස් කුඩු ටිකක් ඉල්ලන්න ආවේ"
"එලියෙන් ඉන්න කියන්න එපැයි"
"මන් ඇතුලට ගෙන්න ගත්තේ නෑ අයියේ"
"මොකද තමුසෙට කෙල්ලෙක් ඕනේ වෙලාද අහ්?"
ගෙනාව කෑම එක මේසේ උඩින් තියන ගමන් අයියා කිව්වා
ඒත් ඒක නිකන්ම නිකන් දෙයක් නෙමෙයි
එයා සැකෙන් කේන්තියෙන් කතා කලේ
නිකන් හින්ට් එකක් වගේ ඒක
ඒක වැඩක් නෑ... අද මට රෑට කරන්න පොඩි දෙයක් තියනවා
ඒ නිසා ඉක්මනට කාලා ඉන්න ඕනේ
"අයියේ කමුද?"
"තාම හතයිනේ"
"අනෙ කමුකෝ"
"එහෙනම් ගේන්න"
මන් පිගන් දෙකත් අරගෙන ගියා
කෑවා
කාලා කරලා ජංකුක් කාමරේට ගියා
මාත් කාපුවා හෝදලා දොරත් ලොක් කරලා කාමරේට ගියා
එයා ඇදේ
මන් ඇද ලග මේසේ උඩින් ෆෝන් එක තිබ්බා මන් ආසම සින්දුව දාලා
"මොකෝ මේ?"
"එන්න"
"මොකක්?"
"ඔයා ආස කලා නේ ඔයා ආදරය කරන කෙනා එක්ක එකට නාන ගමන් ආදරය කරන්න, මන් ආසයි මන් ආදරේ කරන කෙනා එක්ක ඩාන්ස් කරන්න"
"ඒ මට බෑ නටන්න"
"ශුවර්ද?"
මන් එයාව ඇදලා ගත්තා
"මන් උගන්නන්නම්"
මන් එයාගෙස් අත් දෙක අරන් මගේ ඉන ලගින් තිබ්බා
"තද කරලා අල්ල ගන්නවා"
පස්සෙ මන් එයාගේ උරහිසින් අල්ලගත්තා
"දැන් දෙපැත්තට වැනෙන්න"
"එතකොට හරිද?"
"ඔව් මෙහෙම තමා මන් ආසම"
"තව??"
"තව කිව්වේ?"
"ආස මොනාටද?"
"ඔයා එක්ක හැමදාම ඉන්න"
"මන් දෙයක් අහන්නද මල්ලී?"
සින්දුව එක්ක අපි දෙන්නා තාලෙට දෙපැත්තට වැනෙනවා
ඒත් එයාගේ ඇස් මගේ ඇස් ළග
මට ලැජ්ජයි
ඒත් ඒක හෙන රොමෑන්ටික්
"මොකක්ද?"
"ඇයි මට ආදරේ කරන්නේ?"
"දන්නෙ නෑ"
"මට උත්තරයක් ඕනේ"
"ඔයාව මුලින්ම දැක්කම නම් හෙන අලි ඔලුවෙක් වගේ දැක්කේ.. ඒත් අනිත් අයට වඩා ඔයා වෙනස් විදිහකට දැනුනා.. ඒ ඇයිද දන්නෙ නෑ අයියේ"
"මෝඩයා"
"ඌයි අනේ... මොකද මිරිකන්නේ?"
"මේ මන්? මිරිකුවා? කොහෙද?"
"මෝඩයා..
මේ යක මගෙ ඉන මිරිකනවා
"මේ.....
"මොකද?"
"ආදරෙයි මන් තමුසෙට"
"මාත් ආදරෙයි අයියේ......
ඊට පස්සෙ ඉතින් අපි දෙන්නා තව වෙලා නැටුවා
කකුල රිදෙනකන් නැටුවා
මන් හෙන ආසම කරපු දෙයක්
එයත් ආස වුනා
ඒක මරු
මන් ආසයි මන් ආස දේවල්වලට එයත් ආස වෙනවට
"නිදාගමුද?"
මටත් පට්ට නිදි මතයි
"හා"
.
.
.
.
.
.
.
.
උදේ නැගිටලා අයියා වැඩ නිසා සාලෙට වෙලා හිටියේ... ඒත් මට අමුතු තනිකමක් නෑ ඒක අමුතු හැගීමක්
මොකක්ද ඒ?? මන් තනියම දොර ළග බිම ඉදගෙන කල්පනා කර කට හිටියේ....
"අයියේ......
මාව ගැස්සුනා
මන් බලද්දී අර පහල කෙල්ලගෙ යාලුවා
අර ඊයේ ආව හෝන්තුව
මන් නැගිට්ටා
"මොකක්ද තමුසෙ අර ඊයේ කලේ අහ්?"
"මන් මේ... ඒ ගැන කියන්න....
"කට පියාගන්නවා... අයියා දැක්ක නම්,
"ඉතින් මොකද? මන් ඔයාට කැමති නිසා එහෙම කලේ"
"තමුසේ කැමති වුනාට මන් කැමති නෑනේ"
"ඇයි ඒ?"
මේ මොන මගුලක්ද? මන් මොකටද අයිසේ තමුසෙට කැමති වෙන්නේ
"ඔයාට ඒවා අදාල නෑනේ"
"නෑ මට දැනගන්න ඕනේ"
"මේ හලෝ අපි මෙහෙ ඉන්නේ සල්ලි ගෙවලා... ඇන්ටිට කියන්නද රෙද්ද....
"මල්ලී ඇයි? මොකද මෙයා....
"මේ අයියේ.....
"ඇයි අද තුන පහ නැහැලුද?"
"මේ........
"මන් ගිහින් එන්නම් අයියේ... පස්සෙ එන්නම්"
මොකක්? මාර මගුලක්නේ
ඔක්කොම කරලා එයා ගියා
දැන් මන් අයියට මොකක්ද කියන්නේ
එයා කැමති කිව්ව එක කිව්වොත් ලොකු ප්‍රශ්නයක් වෙයි
එයා කෑගහයිද දන්නේ නෑ
"මොකද එයා මේ හැමදාම එන්නේ මල්ලී?"
"දන්නේ නෑ"
"මට බොරු කරනවද අහ්?"
සද්දෙ ටිකක් වැඩිවුනා වගේ
"නෑ අහන්නකෝ"
"අතගන්නවා මගෙන්"
මේ මොකද? මන් අත අල්ලන්න ගියාම අතත් ගසලා දාලා කාමරෙට ගියා
ඉතින් යකෝ මන් මොකක් කරන්නද?
මාර පරාලමයි මගෙ ඔලුවට වැටෙන්නෙ රෙද්ද
හිමීට ශේප් කරගන්න ඕනේ
දැන් කතා කරන්න ගියොත් බැනුක් අහලා කන පැලෙන්න කන්නත් වෙයි
මන් කෙලින්ම කුස්සියට
එයා ආසම බනානා මිල්ක්
ෆ්‍රිජ් එකේ තිබ්බ බනානා මිල්ක් එකකුත් අරන් තව කන්න මැගී එකකුත් හදන් මන් හෙමින් කාමරේ පැත්තට ගියා
"අයියේ.....
සද්දයක් නෑ
"අයියේ.... ජංකුක්....
"මොකද?"
"මන් ඇතුලට එන්නද?"
"හ්ම්"
මන් ගිහින් ලගින් මැගී එකයි බනානා මිල්ක් එකයි තිබ්බා
"මොකටද මේ?"
"කන්න....
"එපා ගෙනියනවා"
"බෑ කන්න ඕනේ හරිද"
මන් එලියට ආවා
මනුස්සයට නැගලා ඉන්නේ හොදටම
හොම්බ කට තලා ගන්න වෙන්නේ හැබැයි
අර යස්සනීගෙන් තියන වදේ
ඉදපන්කෝ හෙට හොයාගෙන ගිහින් කියනවා කනේ ඇගිලි ගහගන්න
ඇයි මල වදේ
දැන් මේ උගුඩුවා කතා කරන්නෙත් නෑ මාත් එක්ක
මන් අයියා කාමරෙන් එලියට එනකන්ම බලාගෙන හිටියා සැටියට වෙලා
මේ රෙද්දේ වෙලාව යන්නෙත් නෑ අප්පා
කට්ට හිටලද මන්දා ඔරලෝසුවේ
.
.
.
.
.
.
අම්බෝ කාමරේ පැත්තෙන් සද්දයක්
පුටුවක් අදින
වෙලාව බැලුවා
හරි හයයි ගාණට
වැඩ ඉවරයි
දොර රෙද්දත් එහාට කරගෙන අයියා ආවා
"ඉවරද වැඩ"
"හ්ම්ම්"
"කොහෙද යන්නේ?"
මන් මේ කතා කරනවා
එයා යනවා
කොහෙද යන්නේ ඒ
"අයියේ ඔයා කොහෙද යන්නේ?"
"පාරට"
"මාත් එන්නම්.. ඉන්න පොඩ්ඩක්"
"එපා.."
ඇයි යකෝ
"අනේ.......
"කිව්වනේ.....
මාව එක්කන් ගියෙ නෑ
එයා ගියා
මට එපා වෙලා අප්පා මේ රෙද්දේ ඉදලා
බඩත්ගිනි
කන්න හදන්නත් ඕනේ... ඒවා කිව්වෙත් නෑ ගියා
ඉස්සරහා දොරත් වහගෙන මන් කාමරේට ආවේ ජංකුක්ට දුන්න මැගී එකයි බනානා මිල්ක් බෝතලෙයි අරගන්න
අහ්.....
එයා ඒක කාලත් නෑ
මිල්ක් එක බීලත් නෑ
ඇයි ඒ?
මොන යකෙක් වැහිලද?
ඉදපන්කෝ හොද දෙකක් කියන්න
මන් ගත්තා කෝල් එකක්
"මොකද?"
"ඇයි අරක කෑවේ නැත්තෙ?"
"මට ඕනේ නිසා"
"එනවකෝ ඒකම තමා රෑට කවන්නේ තමුසෙට"
"මන් කාලා එන්නේ, තමුසෙම කනවා ඔය ජරාව"
මොකක්?
"ජරාව නෙමෙයි මන් රසට හැදුවා...
"ඔව් ඔව් තමුසෙ හදන ඒවා බල්ලෙක්වටවත් කන්න බෑ.. මන් නොකියා හිටියට, මන් කාලා එන්නේ.. රසට හදන ඒවා තමුසෙම කා ගන්නවා"
නපුරුයි අප්පා
මන් පුලුවන් විදිහටනේ උයන්නේ
මන් එහෙම කියලා මෙයාව බඩගින්නේ තියලත් නෑ
දන්න විදිහට හැමවෙලේම හදලා දෙනවා ආස ඒවා
ඒත් එයා ඇත්තටම මෙච්චර කල් අකමැත්තෙන් කාලා ඇත්තේ
"අයියේ....
තියලත් ඉවරයි ෆෝන් එක
මට ඇඩෙනවා අප්පා...
කමක් නෑ මන් කන්නම් මේක
එතකොට හරිනේ
මන් මැගී එකත් අරගෙන සැටියෙන් වාඩිවුනා
වෙනදට වඩා මට අද ඇඩුනා
අඩ අඩම මන් මැගී ඔක්කොම කෑවා
නිවිලා නිසා කන්නත් බෑ
hi guys
මන් මේ කතාව දිග් ගස්සනවා නෙමෙයි
ඒත්...... 😌😌😌
Plz vote and comments
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top