62

"ඉන්න ජංකුක්... මට දැන ගන්න ඕනේ ඇයි මෙයා මට එහෙම චෝදනාවක් කලේ කියලා"

"ඒක මේ.... ඒක....

"කියන්න ඇයි ඒ?"

"මිස්ටර් ජියෝන් නිසා.. එයා මට ඊයේ රෑ කතා කලා.. එයා කිව්වා ඔයා මේ ටේහ්‍යුන්ග් එක්ක තියන පටලැවිල්ල"

"ඉතින්...."

"එයා කිව්වා ඔයාව මෙහෙන් යැව්වොත් ජංකුක් අයියව මට බන්දලා දෙනවා කියලා.. ඒ නිසා මන් අම්මට ඊයේ එහෙම බොරුවක් කිව්වා"

මෝඩ කෙල්ලෙක්

‍යකෝ එයා මේවා කරන්නේ එයාගේ දුවට

"දැන් යමුද මල්ලී"

"ඉන්න....

මන් හැරුනේ ඒ කෙල්ල දිහාවට

"එයා මේවා කලේ ඔයාව මෙයාට බන්දන්න කියලා හිතනවා නම් ඔයා පව්.. මෝඩ වෙන්න එපා ඔච්චර... ආයෙත් දෙයක් කරන්න කලින් මොලේ පාවිච්චි කරනවා, නැත්තම් තමුන්ටමයි අමාරුවෙ වැටෙන්න වෙන්නෙ"

අයියා මගේ අතිනුත් ඇදගෙන එලියට ආවා

මේ මෝඩයා දැන් කොහේ මාව එක්කන් යන්නද දන්නෙ නෑ හිතන් ඉන්නෙ

මහ රෑ

කට්ට කරුවලේ

"ඒ කොහෙද යන්නේ අපි? අපිට හෙට උදේ වෙනකන් එහේ....

"විකාරද? මාමා ඒ කියන්නේ ඔක්කොම හොයන්... තවත් එහෙ ඉන්න කොහොමත්ම බෑ"

"දැන් අපි කොහෙ...

"තමුසෙට කිව්වා නේද දැන් මන් සැරයක්, පාරේ හිටියත් එහේ ඉන්නේ නෑ"

මෝඩයා

මූලග්ගින්න මේ යකාට

මහ රෑ

පාර දිගේ

පත බෑග් දෙකකුත් එල්ලන්

හොල්මන් දෙක වගේ ගාටනවා

මූට ආතල්ද දන්නෙ නෑ

මොකෝ මාමා උදේ වෙද්දී අපිව මරන්නද

මට බෑ යකෝ මේ බෑග් එක බරයි

මන් ටිකක් නැවතුනා

ගාලු පාර පේන තෙක් මානේ

ඒත් තව නම් අඩියක්වත් තියන්න බෑ

"මොකෝ නැවතුනේ?"

මන් දැන් කිව්වොත් අනේ මට යන්න බෑ කියලා

එහෙනම් ඔහොම්ම ඉන්නවා කියලා දාලා යන්නත් ඉඩ තියනවා

"බරද බෑග් එක?"

පුදුමයි

ගොන් මොලේට තේරිලා

"හ්ම්"

"කෝ දෙනවා ගලවලා"

"ඒත් ඔයාගේ බෑග් එකත් එක්ක...

"දෙනවා"

දෙන්න කලින් ජංකුක් මගේ කරේ තිබ්බ බෑග් එක ඇදලා ගත්තා

බෑග් දෙකම උස්සන් යනවා ඒ ගමන

මන් දුවලා ලගට ගිහින් බෑග් එක ඉල්ලුවා

"කෝ දෙන්නකෝ අනේ....

"කට පියන් එනවා"

මගේ අතත් තද කරලා අල්ලන් එයා ඉස්සරහටම ගියා

බෑග් දෙකම පට්ට බරයි

පව් එයා

මන් හිතන්නෙම වැරදියට එයා ගැන

මගේ සුදු බෝලේ

හති ඇර ඇර දෙන්නම හෝල්ට් එකට නම් ආවා

බෑග් දෙකත් බිමින් තියලා ඊලගට හිතුවේ මොකක්ද කරන්නේ කියලා

"අයියේ.. මගේ කාඩ් එකේ සල්ලි තියනවා"

"මගෙත් තියනවා"

"එහෙනම් අදට හොටෙල් රූම් එකක ඉමු"

"හෙට එතකොට?"

"හෙට තැනක් හොයාගමු"

"හ්ම්ම් ඒත් ඒටිඑම් එකක් නෑනේ"

"කාඩ් එකෙන් පේ කරමු"

"බෑ බෑ.. මාමා හොයාගනියි මල්ලී"

"බය වෙලා ඉන්න....

"බයක් නෙමෙයි, ඒත් එක පාරට කරන්න දෙයක් ඔලුවට එන්නෙ නෑ... හිතන්නවත් කාලයක් ඕන මට"

ඔව් ඒකත් ඇත්ත

ඈතින් බස් එකක්

අයියා අත දැම්මා

දෙන්නම ටග්ගාලා නැගලා පස්සෙම ශීට් එකෙන් ඉදගත්තා

රෑ නිසා සෙනගත් නෑ හයියෙනුත් යනවා

"කොහෙටද?"

"පානදුරට දෙකක්"
.
.
.
.
"ඒ හරියේ ඒටිඑම් ඇති.. සල්ලි අරන් යමු"

"හා..."

"හෙට හොයාගමු බෝඩිමක්"

"හා"

"නිදිමතද?"

"ටිකක්"

එයා මට උරහිස පෙන්නුවා

මට බෑ

අලි මලු දෙකකුත් උස්සන් දැන් මටත් නිදාගන්නලු
රිදෙන්නෙ නැද්ද අයියේ

"ඕනේ නෑ අයියේ"

"තියාගන්නවා"

බලෙන්ම මගේ ඔලුව එයාගේ උරහිසට තද කලා"

මන් එයාගේ අතින් තද කරලා අල්ලගත්තා

මට ඇඩෙනවා යකෝ

අපි දෙන්නට නිදහසේ ඉන්න දෙන්නෙම නෑනේ

"මොකද දැන් හොටු පෙරන්නේ"

"නෑ"

"අඩන්න මොකක්ද උනේ?"

"මුකුත් නෑ"

"බය වෙන්න එපා.. මන් තමුසෙව අත අරින්නෙ නෑ"

"මට බය මාමා මොනා හරි කරලා අපිව ඈත් කලොත්"

"එහෙම කරන්න බෑ.. මොක උනත් මාත් එක්කම ඉන්නවා හරිද?"

"හා"

"දැන් අඩන්න එපා.. එහෙම උනොත් මටත් ඇඩෙයි"

"ඒ ඇයි?"

"මට අඩෙයි ඉතින්..."

එච්චරයි

ආයේ පානදුරෙන් බහිනකන් කිසි කතාවක් නෑ

"පානදුර බහින්න බහින්න"

මායි අයියයි බෑග් දෙකත් උස්සන් බැස්සා

බැස්ස තැනම ඒටිඑම් එකක්

අපි දෙන්නම ගිහින් සල්ලි අරගත්තා

ආයේ ආයේ එන්න බෑනේ

ඊලගට ගියේ වීල් ස්ටෑන්ඩ් එකට

"කෝකෝකූ හොටෙල් එකට කීයද?"

"දෙසීයක් දෙන්න"

"නගින්න මල්ලී"

මන් නැග්ගට පස්සෙ එයත් නැග්ගා

ඊලගට අපි ආවේ හොටෙල් එකට

සල්ලිත් දීලා කෙලින්ම රිසෙප්ශන් එකට

"ගුඩ් ඊවිනින් සර්... මොකක්ද වෙන්න ඕනේ"

"රූම් එකක් ඕනේ අනිද්දා උදේ වෙනකන්"

"ඉන්න සර් මන් චෙක් කරන්නම්"

එතන වැඩ ටිකත් ඉවර කරගෙන අපි ආවා එයාලා දුන්න කාමරයට

කාමර අංක හත

කාමරේට ආව ගමන් මුලින්ම දොර හොදට ලොක් කලා

බෑග් දෙකත් ගලවලා පැත්තකින් තිබ්බා

දෙන්නම පතබෑවුනේ ඇදට

අම්බෝ දැනෙන සනීපේ

"ඔයා හෝදන් එනවද?"

"මට බෑ.. ඔයා යන්න මුලින්"

මන් අනිත් පැත්ත හැරෙද්දී ජංකුක් බෑග් එකෙන් තුවායකුයි ශෝටකුයි අරන් නාගන්න ගියා

ඒ අතරේ මාත් තුවායයි ශෝටකුයි හොයන් එලියෙන් තියාගත්තා

විනාඩි පහලොවක් වගේ යද්දී එයා ආවා

තුවායත් බෙල්ල වටේ දාන්

මන් ඒ ක්ශනිකව නාගන්න නාන කාමරයට රිංගුවා

මාත් පුලුවන් ඉක්මනට නාගෙන එලියට ආවා

මන් එලියට එද්දී අයියා ඇදේ වාඩිවෙලා ඉන්නවා

මන් එතකොටයි එයාගේ උරහිස් දෙක දැක්කේ

රතු වෙලා

අමාරුවෙන් ඒවා අල්ලනවා

එයාට කැක්කුම ඇති

මන් හෙමින් ඇදේ එයාට පිටිපස්සෙන් නැගලා එයා ලගට ගියා

"රිදෙනවද?"

එයා ගැස්සුනා

නැගිටින්න හැදුවේ

මන් එයාව ආයේ ඇදට ඇදල ගත්තා

"ඉන්න මන් බාම් ටිකක් ගාන්නම්"

"ඕනේ නෑ"

"පණ්ඩිත වෙන්න එපා"

මන් ඇදෙන් බැහැලා මේසේ උඩ තිබ්බ බෙහෙත් පෙට්ටිය ඇරලා බැලුවේ තැල්මට ගාන්න පුලුවන් දෙයක් තියනවද කියලා

වෙලාවට බාම් එකක් තියනවා

ඒකත් අරන් ආයේ ඇද උඩට

"හෙමින් ගානවා"

"කට නම් තියනවා"

මන් අගිල්ලට බාම් ටිකක් අරන් මුලින්ම රතු වුන තැන් ටික උඩ ගෑවා

"ඌයි යකෝ"

"ඉන්නවකෝ ඉතින්"

හයියෙන් අතුල්ලන්නත් බෑනේ

මන් හෙමින් අතගෑවා

"රිදෙනවද?"

"ටිකක්"

"බෑග් දෙකම දාගන්න එපා කිව්වනේ මන්"

"එහෙනම් තාම ගාලු පාරට එනවා"

"යැයි යැයි තමා"

කට පියන් ඉන්නෙ නෑනේ මේ යකා අම්මපා

ඒ අස්සෙ මොකෙක්හරි දොරට තට්ටු කරනවා

"ඔයා ඉන්න මන් බලන්නම්"

මන් ඇද උඩ ඉද්දිම ජංකුක් ගිහින් දොර ඇරියා

"සර් මේ ඕඩර් කරපු කෑම"

"ඇතුලෙන් තියන්න"

එතන රයිස් එකයි කොත්තුවයි තව කෝක් දෙකකුයි පුඩින් කප් දෙකකුයි තිබ්බා

වේටර් ගියාට පස්සේ මන් අයියා ලගට ගියා

"ඇයි ගේන්න කිව්වේ?"

"මේ ටිකේ අපි පරිස්සම් වෙමු මල්ලී..."

ඔව් ඒකත් ඇත්ත

"කෝ එන්න"

"මොකටද?"

"උරහිස මසාජ් කරන්න"

"එයා ඇද ලග බිමින් ඉදගත්තා.. මන් ඇද උඩින් එයාගේ දෙපැත්තට කකුල් දෙක දාලා වාඩිවුනා

හෙමින් හෙමින් එයාගේ බෙල්ල ලග ඉදන් උරහිසම මන් මසාජ් කලා

එයාගේ බෙල්ල කඩන් වැටෙනවා මන් මසාජ් කරද්දී

එයාට නින්ද යනවද

මහන්සි ඇති

මන් මසාජ් කරන ගමන් ම එයාගේ බෙල්ලට පාත් වෙලා පොඩි හාද්දක් දුන්නා

"මසාජ් ද ඔය කරන්නේ අහ්?"

අපෝ ඌරා ඇහැරගෙන

මූ නම් වසවර්තියෙක්

"නෑ මේ......

"හා හා කමක් නෑ ඉඹින්න ඉඹින්න"

"වෙන වැඩ නෑනේ"

"දැන් ඇති බන් මසාජ් කලා.. ඊලගට මට තමුසෙගේ අත් දෙක මසාජ් කරන්න වෙයි"

"හෙට උදේ වෙද්දී අඩු වෙයි කැක්කුම"

එයා නැගිට්ටා

"කොහෙද යන්නේ?"

"කන්න..."
.
.
.
.
.
.

බෙදා හදාගෙන ඕඩර් කරපු කෑම ටික සේරම කෑවා

ඊලගට නිදාගන්න තමා තියෙන්නේ

"නිදාගන්න මල්ලී.. මන් කෝල් එකක් අරන් එන්නම්"

මන් ඇදට ඇවිල්ලා ඇල වුනා

එයා බැල්කනිය පැත්තට ගියා

මට හොදටම නිදි මතයි...
.
.
.
.
.
.
.
.
"අහ්... එපා.... එයාට ඉන්න දෙනවා"

ආයිශ්ශ්ශ්ශ්ශ්

මාව ගැස්සිලා ඇහැරුනා

මන් මොකක්ද ඒ දැක්කේ

ඒ ජංකුක්ගේ මාමා

එයා.... එයා ජංකුක්ට වෙඩි තිබ්බා

මන් බැලුවේ ඔරලොසුව දිහා

පාන්දර එකයි

ජංකුක් මගේ එහා පැත්තේ නිදි

මොනාද යකෝ මන් මේ දකින්නේ

ශික්

මට බයයි

එයාට කරදරයක් කරයිද

මගෙ අත ඉබේටම ගියේ ජංකුක්ගේ ඔලුවට

ඒ කෙස් අස්සෙන් මන් ඇගිලි හෙමින් ගෙනිච්චා

එයාට නොතේරෙන්න

එයා හොදටම නිදි

එයා පව්

මට බෑ අප්පා මෙහෙම මෙයා විදවනවා බලන්න

මන් හිටියා වගේ රටම හිටිය නම්

මෙයාව මුණ නොගැහුනා නම්

අපි ආදරේ නොකල නම්

අද ඔයා කොච්චර සතුටෙන්ද ජංකුක්

මන් නිසා ඔයාට ඉස්සර හිටියා වගේ ඉන්නත් නෑ

මන් එයා දිහාම බලන් හිටියා

එයා හාවෙක් වගෙ ගුලි වෙලා නිදි

"මොකද නිදාගන්නේ නැද්ද?"

"ඔයා.... ඔයා ඇහැරුනාද?"

"හ්ම්ම් මොකෝ ඒ ගමන?"

"ජංකුක්....

"මොකෝ?"

"මට සමාවෙන්න"

"මොකටද?"

"මන් ඔයාගේ ජීවිතේට ආවේ නැත්තම්"

"මල්ලී නවත්තනවද?"

"මට මාර අවුල් අප්පා"

"අවුල යවන්නද මන්?"

"කොහොමද?"

එයා එයාගේ පපුවට අතින් ගහලා කතා කලා

හරියට මට එයාගේ පපුව උඩට එන්න කියන්න වගේ

"මොකෝ?"

"මොකක්ද කියන්නේ?"

"ඔලුව තියාගන්නවා මෙතනින්"

මන් එයාගේ පපුව උඩින් ඔලුව තියාගත්තා"

"මල්ලී මන් තමුසෙට පට්ට ලව් ඕයි.. තමුසේ මගේ ජීවිතේට ආවේ නෑ කියලා මේ දේවල් වෙනස් වෙන්නෙ නෑ... මන් මොන දේ උනත් දැන් පට්ට සතුටෙන් ඕයි ඉන්නෙ, තමුසෙ මගේ ලගනේ.. ඒක තරම් දෙයක් නෑ මල්ලී මට"

"අයියේ....

"දැන් නිදාගන්නවා කට පියන්.. නැත්තම් ඔබනවා කටට.......





plz vote and comment
🫢💜🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top