60

"අහ්.... අයියේ...

සද්දයක් නෑ

එයාගේ මූණ මගේ බෙල්ලේ

"ජංකුක්.....

මේ මිනිහා මැරිලද යකෝ

"අයියේ කතා කරනවකෝ බය නොකර"

මට ලාවට ඉකි ගහන හඩක් ඇහුනා

ඒ එයා, ජංකුක්

"ඔයා අඩනවද?"

මොන මගුලක්ද කතා නොකර කරන්නේ මේ යකා

"අයියේ කතා කරනවකෝ"

මන් කේන්තියෙන් එයාගේ මූණ මගේ බෙල්ලෙන් අයින් කලා

එයා අඩනවා

ඇස්වල කදුලු හොදටම

"මොකද මේ??"

මන් ප්‍රශ්න අහනවා

මේ යකා ගොලුවෙක් වගේ ඉන්නවා මගේ මූණ දිහා බලන්

උත්තර දීපන්කෝ යකෝ

"මොකද අනේ කරන්නේ? කතා කරනවකෝ මිනිහෝ"

මුකුත්ම නොකියා ඒ ගමන ඇදට ගිහින් ඔලුවෙ ඉදන් රෙද්ද දාගත්තා

මොන යකෙක් වැහිලද යකෝ මූට

මාත් ජංකුක්ගේ ඇද ලගට ගියා

ඔලුවෙ ඉදන් පොරවන් හිටිය රෙද්ද මන් ඇද්දා

"මේක අයින් කරනවා"

ජංකුක් රෙද්ද අල්ලන්

මන් ඇද්දට එන්නෙත් නෑ

ඉදපන්කෝ හොද වැඩක් කරන්න මන්

මගේ පුල් වීරිය දාලා ඇද්දා රෙද්ද

රෙද්ද එක්කම කැරකිලා ගිහින් මන් අර යකාගේ ඇග උඩ

නිකන් මට තේරුනේ මාව කවුරුහරි උස්සලා පොලේ ගැහුවා වගේ හැගීමක්

මගේ මූණ ඒ වසවර්තියගේ මූණ ඉස්සරහා

"රෑට මගුල් නටන්නේ උබලා හිතුවද අපි බකමූණෝ කියලා අහ්?"

මායි ජංකුකුයි දෙන්නම ගැස්සුනා

ජින් අයියා බලන් අපි දෙන්නා දිහා

දෙයියනේ දෙයියනේ

මන් ටග්ගාලා ජංකුක්ගෙන් ඈත්වුනා

"ඇයි ඈත්වුනේ? දවල්ට නාහෙන් අඩනවා ජංකුක් අර කෙල්ලට පට්ට ලව් මට ලෝභයි අයියේ ගගා.. මහ පාන්දර දෙන්නා පෙම් කෙලිනවා කට්ට කලුවරේ.. බලාගෙන ඔහොම යද්දී බබා හම්බෙයි"

"අයියේ...

"කරගනින් කරගනින්...

ජින් අයියා එයාගේ රෙද්ද ඔලුවෙ ඉදන් පොරවල් එහා පැත්තට හැරුනා

මන් ජංකුක්ටත් ඔරවන් ගිහින් ජින් අයියගේ එහා පැත්තෙන් හාන්සි වුනා
.
.
.
.
.
.
.
උදේ ඇහැරෙද්දී බල්ලෙක් නෑ කාමරේ

බැලුවා වෙලාව

යකෝ දහයයි

අටට නේ ගෙගරි යනවා කිව්වේ

මන් නැගිට්ටා නෙමෙයි නැගිට්ටුනා ඇදෙන්

තව පොඩ්ඩෙන් බෙල්ලත් ගැලවෙනවා රෙද්ද නාන කාමරේට දුවන්න ගිහින්

මන් විනාඩි දෙකට මූණත් හෝදන් ඇදුමකුත් දාන් පහලට දිව්වා

යද්දී ඔක්කොම සාලේ

මුන්ට මක් වෙලාද

"යන්නේ නැද්ද?"

ඔක්කොම ඉන්නෙ සෑඩ් මූඩ්

"මොකද බන් මේ ඔක්කොම නිකන් මල ගේක ඇවිල්ලා වගේ"

"ජංකුක්ගේ අෆෙයාර් එක ගෙදරින් දැනගෙන"

ඉතින් ඒක කොහොමත් දන්නවනේ

"ඉතින් ඒක දන්නවනේ ගෙවල්වලින්"

"ඒත් උගේ මාමා කේස්ලු ඒකට.. ජේකේ ගියා"

"මොකක්? කොහෙද ඌ ගියේ?"

"ගෙදර"

මන් බැලුවේ ජේකේගේ කෙල්ල දිහා

එයා බිම බලාගෙන

ශික් අපිට උන එක ආයේ වෙනවා මේ දෙන්නටත්

ජේකේ ඊයේ අරම ඇඩුවේ මේ නිසාද එතකොට?

දෙයියනේ

මොන මගුලක්ද මේ මගුල් මාමගෙන් තියන වදේ

මට එන කේන්තියක් යකෝ

"දැන් එයා තනියමද ගියේ එතකොට?"

"හ්ම්ම්"

"ශෝක්.. හ්ම් කියන්නේ ලැජ්ජ නැතුව, මෙච්චර දුර තනියම යන්නේ කොහොමද එයා අහ්? මටවත් නැගිට්ටවන්න තිබ්බා නේද? එකෙක්ටවත් මතක් උනේ නැද්ද අපි ඉන්නේ නුවරඑලියේ කියලා.. ගන්නවා ජේකේට කෝල් එකක් මොකෙක්හරි....

මට එන තරහක් මුන් එක්ක යකෝ

ඒත්.... මගේ ඉනෙන් කවුරුහරි අත දාලා තද කරනවා වගේ

මන් බැලුවේ මගේ බඩ දිහා

ඒ ජේකේගේ අත

ටැටූ එක නිසා අදුරගත්තා

මොකක්ද මේ....

මන් හැරුනා පස්සට

ජේකේ තමා ඒ... ඒත් දැන් ගියා කිව්වේ එතකොට

"මොකක්ද වෙන්නේ කියනවද මෙතන?"

"හැපි බර්ත්ඩේ මගේ පණ"

මොකක්? අද මගේ උපන්දිනේද? එතකොට ජේකේ කිව්වේ පණ කියලා

මේ ඔක්කොම ඉන්න තැන

අර... අර එයාගේ කෙල්ලත්

"අයියේ......

"හැපි බර්ත්ඩේ කිව්වම තැන්කිව් කියනවා මුලින්"

"තැන්කිව්.. ඒත් ඔක්කොම බලන්"

"ඉතින් මොකද අහ්??"

"ඔයාගේ කෙල්ල?"

"මොන?"

මහ මෝඩයෙක් මූ නම්

මන් ඇස්වලින් පෙන්නුවා අර කෙල්ලව

"නංගී ඔයාට අවුලක් නෑනේ මන් මේ ගොන් තඩියව බදාගත්තට?"

"නෑ අයියේ...."

මොකක්?

"මට කිස් එකකුත් දෙන්න ඕනේ දැන් නම්"

"මේ උබලා දෙන්නට බුරුලක් දුන්නම හැම මගුලම කරන්න එනවද අහ්? පලයන් යන්න මෙතනින්"

"ජින් අයියේ....

මට තාම මුකුත් හිතාගන්න බෑ යකෝ

එකෙක් හරි කියපල්ලකෝ මොකක්ද වෙන්නේ කියලා

ජංකුක්ගේ කෙල්ල කියලා කිව්ව කෙල්ල මායි ජංකුකුයි ලගට ආවා

"ටේහ්‍යුන්ග් අයියේ.... මන් ජංකුක් අයියා එක්ක යාලු නෑ, මන් මෙයාගේ ඔෆිස් එකේ යාලුවෙක්, උදව්වක් ඉල්ලුවා කෙනෙක්ට ඉරිසියා හිතෙන විදිහට රගපාන්න පුලුවන්ද කියලා... ඉතින් මන් උදව් කලා... මන් අද දැක්කා ඔයා මේ ජංකුක් අයියට කොච්චර ආදරෙයිද කියලා, ඒ වගේ ආදරයක් වෙන කෙනෙක්ගෙන් නම් හම්බෙන්නෙ නෑ මෙයාට ඉතින්... ඔන්න ඕකයි උනේ"

"ජංකුක්... ඒත් ඇයි මේ?"

"ආයෙ දාලා යයි කියලා බය හිතුනා... ඔයා නැති වුනාම මටත් ඔහොම්මම දැනුනා, මට ඕනේ උනේ ඒක ඔයාටත් උගන්නන්න, එතකොට ආයේ ඔයා කවමදාවත් ආයේ මාව දාලා යන එකක් නෑ"

"මෝඩයි අප්පා.. මන් කොච්චර ඇඩුවද?"

"මාත් ඇඩුවා.."

"හරි හරි මේ උබලගේ මගුල අපි ගෙගරි ගිහින් ආවට පස්සෙ කරමුද?"

"අයියේ... මට මල්ලී එක්ක තනියම ඉන්න ඕනේ, අවුරුදු ගාණකින් මෙයා මගේ ලගට එන්නේ... ඔයාලා ගිහින් එන්න"

"ටේහ්‍යුන්ග් උබට ශුවර්ද ජංකුක් කියනවා වගේ ගෙගරි පාක් යන්න ඕනේ නෑ කියලා"

මන් බැලුවේ ජංකුක්ගේ මූණ දිහා

"ඔව් අයියේ... ඔයාලා ගිහින් එන්න"

අන්තිමට මායි ජංකුකුයි විතරක් ඒ ලොකු බංගලාවේ තනි වුනා

මට කෑගහන්න හිතෙනවා

මන් ඇත්තටම බයවුනා මට මොකක්වෙයිද කියලා

ජංකුක්ට මන් ඒ තරම් ආදරේ කලා

එයා නැති වුනොත් මට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි තරම් මන් අසරණ වෙලා හිටියේ...

"එන්න.....

"කොහෙද?"

"එන්නකෝ"

එයා මගේ අතින් ඇදන් උඩ අපේ කාමරේ පැත්තට ගියා

කාමරෙන් ඇතුලට යන්න කලින් ජේකේ එයාගේ අත්වලින් මගේ ඇස් දෙක වැහුවා

"ඒයි මොකද මේ??"

"ඉන්නවකෝ කට පියන්"

"අනේ අයියේ මට පේන්නෙ නෑ"

"මන් වැරදි තැනකට එක්කන් යන්නේ නෑ මොට්ටයෝ"

"මොකක්ද කරන්න යන්නේ?"

"හෙමින් ඉස්සරහට යන්නකෝ"

මන් හෙමින් හෙමින් අඩිය තියලා ඉස්සරහට ගියා

එයා මගේ ඇස් දෙකෙන් අත් දෙක අහකට ගද්දී මන් හෙමින් ඇස් ඇරියා

මොකක්?? වාව්.... ඇද උඩ ලස්සන කේක් එකක් එක්ක රෝස බොකේ එකක්... එයාද මේවා තනියම කලේ

"මට ලොකු දෙයක් කරගන්න වෙලාවක් තිබ්බෙ නෑ බබා.."

"මේ දේ පොඩී වගේ හිතෙනවද?"

"දැන් ඇති.. කපන්නකෝ"

මන් ඇද උඩට යන්න ඇඩිය තිබ්බා විතරයි ආයේ කැරකිලා ජේකේගේ පපුවේ දඩාං ගාලා වැදුනා..

ආව්ව් යකෝ ඔලුව මගේ

"මොකද කරන්නේ ජංකුක්?"

"මට සමාවෙන්න මල්ලී කිව්ව කරපු ඔක්කොටම"

"හ්ම්ම්"

"එදා මන් බැන්නේ මට ආව තරහට බබා... මන්... මන් වෙන කාටවත් හීනෙන්වත් ලව් කරලා නෑ, ඔයා අරම කතාවක් කිව්වම මට පුදුම තරහක් ආවේ... මන් ගැහුවා, තුවාල කලා...

"දැන් ඒවා වෙලා ඉවරනේ අයියේ"

"ඒත් ඔයා බයයිනේ මන් ගහනවා කියලා"

"බය වුනත් කමක් නෑ"

"ප්‍රොමිස් ආයේ ගහනවා තියලා හීරීමක්වත් කරන්නේ නෑ මන්"

"අනේ ඔච්චර රොමෑන්ටික් වෙන්න එපා අනේ"

"මන් මේ රොමෑන්ටික් වෙන්න හිතලවත් නෑ හරිද? පෙන්නනනද රොමෑන්ටික් වෙලා අහ්? සදුදා ඉදන් ඉරිදා වෙනකන් හැම තප්පරයෙම මන් රොමෑන්ටික් වෙන්නම් ඕනේ නම්"

"හරිද කියවලා ඉවරද දැන්?"

"නෑ"

"මට කේක් එක කපන්න වෙන්නෙම නෑ වගේ"

"කපන්න කපන්න.....

මන් ගිහින් ඇද උඩින් වාඩිවුනා

මගේ කකුල් දෙක ඉස්සරහට කේක් එක ගත්තා

එයා ඇවිල්ලා මට එහා පැත්තෙන් වාඩිවුනා

ඉටි පන්දම පත්තු කරලා මට පිහිය දික් කලා

"හැපි බර්ත්ඩේ ටූයූ.... හැපි බර්ත්ඩේ ටූයූ.... හැපි බර්ත්ඩේ මගේ පණ.... හැපි බර්ත්ඩේ ටූයූ"

මන් ඉටි පන්දම නිවලා කේක් කෑල්ලක් කපලා ජංකුක්ගේ පැත්තට හැරුනා

එයා කේක් කැල්ල කන්න කලින් මගේ තොල්වලට පොඩි හාද්දක් දුන්නා

යකෝ මූ

එක පාරට මාර වැඩ කරන්නේ ගෙම්බා

මාව ගල්වුනා වගේ

ඊට පස්සෙ මුකුත් නොවුන ගානට කේක් කෑල්ලක් කෑවා

කාලා ආයේ මගේ නළලට හාද්දක් දුන්නා

ඒක නම් හෙන රොමෑන්‍ටික්

මන් ආසම විදිහ

"අපි ඉක්මනට බදිමු හරිද?"

මන් හා කියන්න ඔලුව වැනුවා

ඊට පස්සේ එයා නැගිටලා කේක් එක මේසේ උඩින් තියලා මල් එකත් අරන් කේක් එකට එහා පැත්තෙන් තිබ්බා...

මාත් හැදුවේ ඇදෙන් බහින්න

"ඔය බහින්නද හදන්නේ?"

"නැතුව"

"එහෙම කොහොමද?"

මොකක් කියන්නේ? එහෙම කොහොමද අහන්නේ?

අම්බෝ යකෝ
අලියෙක් පතබෑවුනා වගේ

අර යෝධයා මගේ ඇග උඩ

මාවත් පෙරලගෙන ආයේ ඇදට වැටුනා

"ජංකුක්... මරන්නද මිනිහෝ හදන්නේ?"

"නෑ..."

"නෑ නෙමෙයි තව පොඩ්ඩෙන් මැරෙනවා හුස්ම හිරවෙලා"

"එහෙම මැරෙන්න දෙනවද මන් අහ්?"

"හරි හරි නැගිටින්නකෝ අනේ"

"ඇයි ඒ?"

"ඇයි අහන්නේ අනේ ඔයා බරයි"

"එහෙනම් ඔයා එන්න මගේ ඇග උඩට"

"මොනාද අනේ කියවන්නේ? ලැජ්ජාවක් නෑ මේ යකාට නම්"

"මෙච්චර චාන්ස් එකක් හම්බෙලා"

"අනේ මේ අයියේ...

"ඕනේ නෑ.. මන් නැගිටින්නම්"

ඔන්න මූණත් පුක කරන් නැගිට්ටා

මාත් නැගිටලා ඇදේ හෙඩ් බෝඩ් එකට කොට්ටේ තියන් ඒකටම හේත්තු වුනා

"ඔය යනවද මැට්ටා?"

"ඔව්....

"එන්නකෝ.....

කිව්වා විතරයි මෑන්ස් මගේ එහා පැත්තේ

පොඩි එකෙක් වගේ

මගේ බඩෙන් අත දාලා බදාගෙන

කෝලමක් අප්පා වෙලාවකට







Hy guys
Plz comment and votes for taekook 🐯🐰
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top