59

"නවත්තගන්නවද කියවිල්ල"

මන් එතනින් එහාට මුකුත්ම කිව්වෙ නෑ

ඒ අස්සෙ බෙල්ලත් කැක්කුමයි

මන් ෆෝන් එක අරන් බෙල්ල ලගට ලං කර කර බැලුවේ තුවාල වෙලාද කියලා.. හීරිලා, ඒක හොදට පේනවා

ඔක්කොම මට රිද්දන එකනේ කරන්නේ

එක අතකින් එයා මගෙන් ඈත්වුන එකත් හොදයි

ඒ දෙන්නා සිරාවටම ගැලපෙනවා

ජංකුක් ඇත්තටම මට ආදරේ නැතුව ඇති පොඩ්ඩක්වත්

නැත්තම් මෙහෙම රිද්දන්න බෑනේ

මන් හිත හිත ගියා මිසක් එතනින් එහාට වචනයක්වත් කතා කලේ නෑ

මට ඇහෙනවා අනිත් අය කතා කරන සද්දේ

ජංකුක් අර කෙල්ල එක්ක කතා කරන සද්දේ

"අහ්හ්හ්හ්හ්.....

"ඇයි නංගී?"

"ඔලුව කැක්කුමයි අයියේ"

"ගොඩක් රිදෙනවද?"

"හ්ම් ටිකක්... නින්ද ගිය නිසාද මන්දා"

"ඉන්නකෝ.... මේ ජින් අයියේ ඉස්සරහා ෆාමසියකින් පොඩ්ඩක් නවත්තන්න"

හ්ම්ම් එච්චර ආදරයක්
මාව හූරලා තුවාල කරලා හැරිලවත් බැලුවෙ නෑ

කියලා කට ගද්දිම ෆාමසියක්

"ජංකුකා ෆාමසියක්....

"මේ මට එන්න බෑ මෙතනින්, පැනඩෝල් කාඩ් එක්ක් ගනින්කෝ"

ජින් අයියා බහින්න යද්දිම මන් කතා කලා

"අයියේ මට ප්ලාස්ටර් දෙකකුත් ගේනවද?"

ජින් අයියා මන් දිහා හොදට බලලා ඔලුවත් වනාගෙන ගියා

විනාඩි පහකින් ආයේ ආවා

පිටිපස්සට පැනඩෝල් කාඩ් එකයි ප්ලාස්ටර් දෙකයි එව්වා

මන් ප්ලාස්ටර් එක අරගෙන බලන් හිටියේ ජංකුක් දිහා

එයා පැනඩෝල් දෙකක් අරන් අර කෙල්ලට දුන්නා
වතුර එකත් ඇරලම දුන්නා
එයා මාර ආදරෙයි ඒ කෙල්ලට
මට පට්ට ලෝභ හිතුනා
මට ඒකටත් පින නැතිවුනා

මන් අමාරුවෙන් ෆෝන් එක දනිස් දෙක අස්සට ගහගෙන ප්ලාස්ටර් එක ගහන්න ට්‍රයි කලේ
ඒත් බෑ පේන්නේ නෑ හරියට

"ජංකුක් අයියේ, අර අයියට උදව් කලා නම් හරි නේ"

ජංකුක් මගේ පැත්ත හැරුනා

"දෙනවා"

මාව වෙව්ලනවා

එයා මගේ අතේ ප්ලාස්ටර් එක ඇදලා ගත්තා

මන් බෙල්ල හරවන් ඉද්දී එයා ප්ලාස්ටර් එක ඇලෙව්වා

අනිත් පැත්තටත් ඇලෙව්වා

"තැන්කිව් අයියේ"

ඔයාම තුවාල කරලා ඔයාම බෙහෙත් දානවා

මගේ බෙල්ල නිකන් සත්තු කාලා වගේ දෙපැත්තෙම ප්ලාස්ටර් දෙකයි

කට්ටියගෙම සද්දේ
ඒ අස්සෙ සිංදු කියනවා

ඒ හැමදෙයක්ම අස්සේ හවස තුනයි පහ වෙද්දී අපි බුක් කරපු බංගලෝ එකට ආවා

සීතයි දැන් නම්

මන් බැහැලා වත්තේ තනියම පොඩ්ඩක් ඇවිද්දා

මාර ලස්සන පැත්තක්

ආස හිතෙනවා දැක්කම

"ඒ පොඩි එකා... වරෙන්"

මන් දුවලා ගියේ කට්ටිය ඉන්න තැනට

"ගෑනූ ළමයි හතර දෙනාට එක කාමරයක් ඇති නේද?"

"ඔව් අයියේ..."

"තව දෙකයි"

"පහල අපි තුන් දෙනා එක කාමරයක, උබලා තුන් දෙනා එක කාමරයක"

ඈවරයි තුන් ඈවරයි කාමර බෙදලා ඉවරයි

මායි ජංකුකුයි අයියයි එකක

මායි ජින් අයියයි අපි දෙන්නගේ බෑග් දෙක අර ගත්තා

"මන් මෙයාව කාමරේට දාලා එන්නම්"

මන් බලන් හිටියේ එයා අර කෙල්ලගේ බෑග් එකත් උස්සන් එයා එක්ක එයාගේ කාමරය පැත්තට යන හැටි

මට අහන්න ඕනේ ඔයාගේ හිතේ පොඩි තැනකවත් මන් නැද්ද කියල.. ඒත් මට ආයේ ගහයිද දන්නේ නෑනේ

"උබ පිලිකුල් භාවනාව කරනවද? මෙහෙ වරෙන් බෑග් එකත් අරන්"

ජින් අයියා එක්ක මන් කාමරයට ගියා

ඩබල් ඇදවල් දෙකක්

ඊට එහා පැත්තේ මේසයක්

බෑග් එක ඒකේ උඩින් තියලා මන් ජින් අයියා ලගට දිව්වා

මට කෑගහලා අඩන්න ඕනේ

මන් එයාව බදාගෙන ඇඩුවා

"මොකද බන්?"

"මන් මැරෙයි අයියේ.. ජංකුක් මට රිද්දනවා"

"මොකද උනේ?"

"එයා ඒ ළමයට ඒ තරම් ආදරෙයිද?"

"මේ අහපන්කෝ....

"මන් වැරැද්දක් කලේ නෑ.. පොඩි කාලේ ඉදන් මන් තනියම අයියේ හැදුනේ, ඉතින් මන් ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති.. ඒත් මන් ජංකුක්ගෙන් මාර ලස්සනට ආදරේ දැක්කා... එයා ඒ කෙල්ලට පැලෙන්න ආදරේ කරනවා.. මන් මෙහෙන් යනවා අයියේ ඉක්මනට"

මන් ඇඩුවා

අඩ අඩම කියෙව්වා

"අයියේ මගෙ ඇද මොකක්ද?"

ජංකුක්... මන් කදුලු පිහදගන්න ගමන් අයියගෙන් ඈත්වුනා

"මට මේ ඇද ඕනේ... උබලා දෙන්නා ඕක බෙදාගනින්"

අපෝ එයා කැමති වෙන එකක් නෑ ඒකට

"අයියා ඕකේ නිදාගන්න, මන් සාලේ නිදාගන්නම්"

"පිස්සුද යකෝ මේ ඩබල් ඇදවල් දෙකක් තියෙද්දී... උබ මගේ ඇදට වරෙන්, එතකොට කතාව ඉවරනේ"

මන් අයියට හා කියන්න ඔලුව වැනුවා
.
.
.
.
.
.
.
.
.
.

වොශ් එහෙම දාන් කට්ටියම එලියට බැස්සේ කෑමත් බෙදාගෙන

එලියේ තියනවා බෙන්ච් වගයක්
ලස්සනට වටපිටාවම පේනවා

කෑම හදන අය අපි එද්දී කෑම ඔක්කොම රෙඩි කරලා තිබ්බා

කපල් වෙන වෙනම කනවා

මායි ජින් අයියයි වෙනම බෙන්ච් එකක වාඩිවෙලා කෑවා

"උබ මෙහෙන් යනවා කිව්වේ මොකක්ද?"

"ආයේ රට"

"ඇයි ඒ?"

"මන් ආවේ ඇයි දන්නවද? මට මෙහෙ බලන්න හිටියෙ එක්කෙනයි... එයාව බලන්න මට දැන් බෑනේ අයියේ"

"මල්ලී මේ අහපන්, එක පාරක් ඌ එක්ක හරියට කතා කරපන්"

"එයාට ඕනේ නෑනේ"

"මන් රෑවෙලා කාමරේට එන්නම්... උබ ඌ එක්ක කතා කරපන් හරිද?"

"මට බනී අයියේ"

"බැන්නට ගහන්නේ නෑනේ"

දන්න තරම
එයා ගහනවා අයියේ

මන් මුකුත් කිව්වෙ නෑ

"එයාද හීරුවේ?"

මන් මුකුත්ම කිව්වෙ නෑ

"ගැහුවොත් ගහපන්.. ඒත් කෙලින් කතා කරලා මේ අෆෙයාර් එක ඕනේද එපාද අහලා එපා නම් අඩලා හරි ඈත් වෙයන් බන්"

හ්ම් ඔව් අයියා කියන කතාව ඇත්ත

කෑවා

කෑම නම් පට්ට

කාලා බීලා එලියට වෙලා සින්දුවකුත් කියලා ආතල් එකක් ගත්තා

හෙට උදේම අපි ගෙගරි පාර්ක් එකට යනවා

අද ගමන් මහන්සිය එක්ක යන්න හිතුනේ නෑ

ආතල් අරන් ඉවර වෙද්දී හවස්වෙලා

මන් දැක්කා ජංකුක් යනවා කාමරේ පැත්තට

මන් ජින් අයියා දිහා බලද්දි එයත් මන් දිහා බලන්

ඔලුවෙන් මට ජංකුක්ගේ පස්සෙන් යන්න කිව්වේ

මාත් ශේප් එකේ ගියා

කාමරේ ඇතුලට ගියාට පස්සෙ මාත් ගියා

දොර ලොක් කලා

එයා ගැස්සුනා

"මොකද තමුසේ?"

"කතා කරන්න ආවේ"

"මොනාද?"

"අයියේ මට එක චාන්ස් එකක්...

"අයින් වෙනවා.....

"බෑ, මන් වැරැද්දක් නොකර ඇයි මට රිද්දන්නේ?"

"මල්ලී මේ යකා අවුස්සගන්න එපා"

"කමක් නෑ.. වැඩිම උනොත් ගහයිනේ, දැන් පුරුදුයි"

"ආදරේ නම් ගහන්න නෑ ඕයි, ගොනෙක් තමුසෙ"

ඒ නොකියා කිව්වේ ආදරේ නෑ කියලද?

නෑ එහෙම එකක් නෙමෙයි

අනික ඉතින් එයා මට ගහලා නෑනේ

මගේ හිත මන් ම මෙහෙම හදාගන්න හැටි පුදුමයි

"අයියේ අපේ ගෙදරින් දැන් ප්‍රශ්නයක් නෑ කිව්වා"

"මොකටද?"

"මේ අෆෙයාර් එකට"

"ඉතින්?"

"ඔයාලගේ ගෙදරින්?"

"එයාලා දන්නවා මගෙයි නංගිගෙයි අෆෙයර් එක...

"මට පොඩ්ඩක්වත් ආදරේ නැද්ද අයියේ?"

"මල්ලී මේ අහන්න"

"මට කියන්නකෝ මට පොඩ්ඩක්වත් ආදරේ නැද්ද?"

මට අඩෙනවා

ඒත් කමක් නෑ

"මේක අහනවකෝ...

"ආදරෙ නෑ නේද?"

එයා මුකුත් කිව්වෙ නෑ

"මටත් කියලා දෙනවද කොහොමද එහෙම ආදරේ නැවැත්තුවෙ කියලා"

"ගොන් ප්‍රශ්න අහන්න එපා බන්"

"හරි අයියේ.. මන් ඉක්මනට මෙහෙන් යන්නම් ආයේ නොයෙන්නම.. එතකන් මන් වද දුන්නොත් මෝඩයෙක් කියලා අත ඇරලා දාන්න හරිද?"

එයා මුකුත්ම කිව්වෙ නෑ

මට නොකිව්වට කියන්න තියන දේවල් තේරුනා

මන් කදුලුත් පිහදාගෙන කමරෙන් එලියට ආවා

මන් දැන් දන්නවා එයා මට ලව් නෑ

ඉතින් ගොන් ටේහ්‍යුන්ග්, තමුසෙට ආයේ එයා දිහා බලන්නත් තහනම්

දැඩි අධිෂ්ඨානයකින් මන් අයියලා හිටිය තැනට ගියා

ඊට පස්සෙ සාමන්‍ය ටේහ්‍යුන්ග්

කෑවා බිව්වා ජොලි කලා සිංදු කිව්වා

රෑ එකොලහට ආයේ කාමරේට

මායි ජින් අයියයි එක ඇදක

ජංකුක් අනිත් ඇදේ

හෙට අටට නැගිටින්න එලාම් එකත් තියලා මන් කොට්ටෙන් මූණ වහගත්තා..
.
.
.
.
.
.

නින්ද යන්නේ නෑ යකෝ

හෙමින් ඇස් අරිද්දී කාමරයම කලුවරයි

මන් හෙමින් බැලුවේ එහා ඇද දිහා

කෝ යකෝ මූ
එයා ඇදේ නෑ

අර කෙල්ල හම්බෙන්නවත්...
මටත් ලැජ්ජාවක් නෑනේ
හිතන්නෙම ඕනේ නැති ඒවා

මන් එහෙම්ම ඇදේ ඉදගත්තා

බැල්කනියේ චායවක්

මන් ඒ පැත්තට ගියා

ජංකුක් ඒ

කලුවරේ උනත් මන් එයාව අදුරගත්තා

මන් එලියේ ලයිට් එක දැම්මා

පවර් එක අඩුවෙන් දැම්මේ

ලොකු එලියක් තිබ්බෙ නෑ ඒ නිසා

එයා ගැස්සිලා පිටිපස්ස හැරුනා

"ඔයා? ඇයි නැගිට්ටේ?"

"නින්ද යන්නේ නැති නිසා"

"හ්ම්ම්"

ආයේ බැල්කනියේ ගැට්ටට අත් දෙක තියලා ඉස්සරහා බලාගත්තා

මන් එහා පැත්තෙන් හිටගෙන ඈත් පේන අහස දිහා බලන් හිටියා

කිසි සද්දයක් නෑ

"මේ අෆෙයාර් එක ගැන ගෙදරින් දන්නවා කිව්වේ මාමලා දැන් ශේප්ද?"

"මොන?"

මොන අහන්නේ යකෝ

කීයක් තියනවද දන්නේ නෑ

මන් ඔරවලා එයා දිහා බැලුවා

"හ්ම් ටිකක්"

"ටිකක් කිව්වේ?"

"ටිකක් කිව්වෙ ටිකක්"

"මට අහන්න දෙයක් තියනවා"

"මොකක්ද?"

"ඔයා මට වයිර කරනවද?"

"අහ්??"

"නෑ අපි දෙන්නත් කාලයක් ආදරේ කලානේ අයියේ.. ඉතින් මන් ආස නෑ ඔයා මාත් එක්ක තරහෙන් මේ දේවල් ඉවර වෙනවට, ඔයා එයා එක්ක සතුටෙන් ඉන්න අයියේ, ඒත් කලින් හැමදේකටම කලින් ජූන්ගේ මල්ලීව දැක්කා වගේ මාත් එක්ක ඉන්න, තරහට බනින්න එපා... මට එක පාරටම හිත හදාගන්න බෑ, ඒත් මන් ඒක කරන්නම්"

එයා මුකුත් කිව්වෙ නෑ

ඒත් දැන් එයා මන් කියන ඔක්කොම හොදට අහන් ඉන්නවා

"දැන් මොනාද ඔයා කරන්න හිතන් ඉන්නේ?"

"මමද අයියේ?"

"හ්ම් ඔව්"

"මන් ආයේ රට යන්න බැලුවේ අයියේ"

"ආයෙ මිනිස්සුන්ගෙන් ඈත් වෙනවද?"

"මට හිත හදාගන්න ඕනේ අයියේ, ඒකයි"

"එහෙම කලාම ඔක්කොම හරියයිද?"

"දන්නෙ නෑ"

"කලිනුත් තමුසේ ඕකම නේද කලේ?"

ආයේ යස්සයා ආරූඪ වෙන්නයි යන්නේ

මන් හෙමින් හෙමින් එතනින් එන්න හැරුනා

"කොහෙද යන්නේ තමුසේ ඔය හොර පූසා වගේ?"

"නිදි.... නිදාගන්න"

"එනවා"

ගහයිද මට

මටත් ඉන්න බෑනේ කටයි පුකයි වහන් අම්මපා

ශික්

මන් ලගට නොගිහින් ඈතින් හිටියා

"එනවා ලගට"

බෑ කොහෙත්ම බෑ

මන් ගියේ නෑ

"ඇයි එන්න බැරිද අහ්?"

ඒ පාර නම් ටිකක් සද්දේ වැඩිවුනා

"අයියා ඇහැරෙයි"

"එනවා මෙතනට"

"මට බෑ"

"ඇයි?"

"ඔයා ගහනවනේ.. මේ බෙල්ලත් දවල් තුවාල කලා"

ඒ ගමන මෙන්න ලගට එනවා

මන් අඩිය අඩිය පිටිපස්සට ගියා

දොරේ මගේ පිට

"අනේ....

එයා මගේ දෙපැත්තෙන් අත් දෙක දොරට තද කලා

"මට ඒ තරම් බයද දැන්? මන් ලං වෙනවට බයද එතකොට?"

"ඔයා මට ගැහු....

"ශ්ශ්ශ්ශ්ශ්....

එයා මගේ බෙල්ලට පාත්වුනා



hi guys
plz vote and comments 🥹💜
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top