58
"ජංකුක්........
මට ඕනේ වුනේ කතා කරන්න
ඒත් ඒ මෝඩයා ඊට කලින් මගේ යට තොල හපලා අල්ලගත්තා...
"ඌයි...... මෝ.....ඩයා.....
කැරකිලා කැරකිලා පත බෑවුනා වගේ ගැස්සිලා ඇහැරුනා මන්
ඒ අස්සෙ එලාම් එක වදිනවා
මන් ඇස් දෙකත් කසන ගමන් ෆෝන් එක අරන් එලාම් එක ඕෆ් කලා
යකෝ ඒක හීනයක්ද
ශික් මොන වස කැත හීනද යකෝ මන් මේ දකින්නේ
ජංකුක් කිව්වත් වගේ මට නම් දැන් මාන්දමද කොහෙද
ඒත් මගේ අත ගියේ මගේ යටි තොල ලගට
ඒකට ආස හිතුනා
එයා හපපු එකට
ඇත්තටම හැපුවා වගේ දැනෙනවා මට
ඒත් ඒක හීනයක් නේ
ඇදෙන් බැහැලා මන් මූණත් හෝදගෙන කාමරෙන් එලියට ගියේ පාන් ටික හදන්න
යද්දී ජින් අයියා නැගිටලා පාන් හදන්න පටනුත් අරන්
මාත් ඉතින් සයිඩ් සප් එක දුන්නා
පාන්දර පහ වෙද්දී ජංකුක් ඇර ඔක්කොම ඇහැරගෙන වැඩ
අහ් අරූ චාල්ස් කුමාරයනේ
මගුල තමා
මට පුලුවන් නම් ගිහින් ඇගට දානවා අයිස් වතුර එකක්
හිතින් බැන බැන මායි අයියයි හැදුව පාන් ටික පෙට්ටියකට අඩුක් කලා
"ඔක්කොම හරි... ටග්ගාලා ලෑස්ති වෙයන්"
කට්ටිය කාමරවලට ගියේ පහට වෑන් එක එනවා කිව්ව නිසා
මාත් කාමරේට දුවලා මුලින්ම නා ගත්තා
ඊට පස්සෙ අදින්න ඇදුමක් හොයන්න අල්මාරිය ඇරියා
මොකක්ද අදින්නේ.. ට්‍රිප් එකක්නේ යන්නේ, ඒ නිසා සැහැල්ලු එකක් අදින්න ඕනේ
කලු පාට ශෝටට සුදු හූඩිය
පාන්දර නිසා සීතලත් එක්කනේ
ලෑස්ති වෙලා පහලට යද්දී කට්ටියම ලෑස්ති වෙලා සාලෙට ඇවිල්ලා
"අඩෝ මල්ලී උබේ ලස්සන"
ලැජ්ජාවේ බෑ යකෝ
එතකොටම එලියෙන් හෝන් සද්දේ
අන්න ඇවිල්ලා
අපි බෑග් ටිකයි අඩුම කුඩුම ඔක්කොමයි උස්සන් එලියට
ඒත් කෝ අර එනවා කිව්ව කෙල්ලො ටික? ඒක බොරුවක්ද
"මේ ඉක්මනට නැගපන්, කෙල්ලො ටික හංදියේ...."
අහ් ඔය ඉන්නෙ ඔක්කොම
ජින් අයියා මුලින්ම නැග්ගා ඉස්සරහෙන්
"මල්ලි උබ පස්සටම නැගපන්"
"ඔව් ඔව් නැත්තම් මගින් ආයේ කෙල්ලො දාගන්න බහින්න වෙනවනේ"
ඔව් ඒකත් ඇත්ත
මන් ඉතින් පිටිපස්සෙම සීට් එකට ගියා
"ජංකුකා නැගපන්"
මට නම් බෑ මූ එක්ක් යන්න
බෑ කිව්වට ඔය නැගලා ආවේ මගේ එහා පැත්තට
"ඔය සීට් එකේ උබේ කෙල්ලව තියාගන්න පුලුවන් නේද?"
"ඔව් බන්"
අහ්?? එතකොට... මන් එයා දිහා බලාගෙන හිටියා විතරයි
මොනා කියන්නද
අනිත් අයත් නැග්ගට පස්සෙ අපි පිටත් වුනා
හංදියට යද්දී කෙල්ලො හතර දෙනෙක් ඉන්නවා
එක කෙල්ලෙක් ජංකුක් ලගට ආවා
ජංකුක් අත දික් කරලා එයාව ලගට ගත්තා
එයාලත් නැග්ගට පස්සෙ අපි ආයෙත් එතනින් ගමන් පටන් ගත්තා
ජංකුකුයි ඒ කෙල්ලයි ඇලිලා වගේ යන්නේ
ඉස්සර මාත් එක්කනේ ගියේ
අර බූසන් යද්දී
ඒවා ඉතින් මතකත් නැතුව ඇති මෙයාට
මන් ඒ පැත්ත නොබලම හිටියා
බැලුනත් ටග්ගාලා අහක බලාගත්තා
කෙල්ල ජංකුක්ගේ උරහිසට ඔලුව තියන්
මන් හෑන්ෆ්‍රී දෙක අරන් කනේ ගහගත්තා
ඇස් දෙකත් පියන් සීට් එකට හේත්තු වුනා
.
.
.
.
.
.
"මල්ලී.... මල්ලී....
මොකෙක්හරි මට අනිනවා
මන් හෙමින් ඇස් ඇරලා බැලුවා
"මොකෝ?"
"උදේට කන්න වරෙන්"
මොකක්? යකෝ අටත් වෙලානේ
මන් නිදාගත්තද මෙච්චර වෙලා?
වාහනෙන් බැහැලා අනිත් අය ඉන්න පැත්තට ගියා
පාන් පෙති දෙකක් අරන් ආයේ වාහනේ පැත්තට
මොකද ජංකුක් අර කෙල්ල එක්ක කනවා
ඉතින් බල බල දුක් වෙන්නෙ ඇයි?
මන් වාහනේ ලගට ඇවිල්ලා ඒකේ පඩියෙන් වාඩිවුනා
කොච්චර නවත්තන්න හැදුවත් හිත යන්නෙම අනුන්ගේ මගුල් ලගටලුනේ
මගේ යන්නෙත් අර මී හරකා ලගට
හොදට ගිලිනවා ගෑනියෙකුත් තියන්
තමුසෙ නම් හරි නරකයි ජංකුක් අයියේ
මට රිදෙනවා කියලවත් හිතන්නේ නෑනේ
මට පුලුවන් නම් මන් තමුසෙලා දෙන්නම හපලා හපලා කාලා දානවා
කලා ඉවරයි
පාන් කෑල්ලත් කටට ගියා තේරුනේ නෑ තරහට
"උබ කෑවද?"
"හ්ම්"
"මොකෝ බන් මූඩ් අප්සට්?"
"මේවා බල බල මගේ මූඩ් එක හොදට තියෙන්නෙ නෑනේ අයියේ"
"අනේ ඌට අරකි එක්ක ඉන්න කියලා උබ මාත් එක්ක වරෙන්කෝ"
"ජෝක් එපා බන් අයියේ.. මට මාර අවුල් මෙහෙම හිටියට"
වරෙන්කෝ පොඩි ගමනක් යන්න
"කොහේ.....
ජින් අයියා මගේ අතින් ඇදන් අපි කන්න නවත්තපු තැනට එහායින් තිබ්බ ටොයිලට් පැත්තට ගියා...
"මේ මොකෝ?"
"චූ කරලා වරෙන්කෝ"
මොකක් යකෝ...
මට ඇති චූ බරක් නෑ අනේ
"මේ මට චූ...
"බර නැති වුනාට ඇතුලට ගියාම එයි"
එක්කො කමක් නෑ ගිහින්ම බලනවා
ඇතුලට ගියත් හරි ලාවට චූ බරකුත් ආවා
මන් දොරත් නිකන් වහගෙන කොමඩ් එක ළගට ගියා
මේ රෙද්දේ බෙල්ට් එක ගැලවෙන්නෙත් නෑ
මන් අමාරුවෙන් බෙල්ට් එක නම් ගලවගත්තා
ශිපර් එක පාත් කරලා අර යකාව එලියට ගත්තා විතරයි දොර ඇරෙන සද්දේ
මාව ගැස්සුනා
එක පාරටම මන් පිටිපස්ස හැරුනා
ජංකුක්....
"ජං....කුක්....
ඒත් එයා බලන් ඉන්නෙ කොහෙද? මන් බැලුවේ පල්ලෙහා
හුටා යකෝ වනචනරයා
මගේ එක එලියෙනෙ
ශික් ලැජ්ජාව
මන් ටග්ගාලා ඇතුලට දාන් ශිපර් එක වැහුවා
නිදහසේ චූ පාරක් දාගන්න නෑ මූ නිසා
"පොඩ්ඩක් එලියෙන් ඉන්නවද මන් දාලා එනකන්"
"ජින් අයියා කිව්වේ චූ දාලා එන්න කියලා, නැතුව මේ තමුසෙගෙ අර හූනව බලන්න ආවේ නෑ"
"හූනා? හූනා කාගේ එකද දන්නෙ නෑ.."
"මගේ නම් ඔයිට වඩා සයිස්"
"ඔව් ඔව් සයිස් ඇති, හතර වටේ ගෑනුනේ"
"මොකක්ද ඒ කිව්වේ අහ්??"
මේ මොකද යකෝ
මන් ජෝක් එකක් නේ කලේ
මේ යකා මගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කලා
ආව් ආව් යකෝ මන් මැරෙයි
"ජං.... අත අරින්න... අහ්හ්හ්හ්හ්
"මේ ඕයි තමුසෙගේ හිත ජරා වුනාට මන් පලි නෑ.. මට වටේ යන්න ඕනේ කමක් නෑ... තමුසෙට වෙන්න ඇති එහෙම අමාරුවක් ඇත්තේ, තමුසෙ වගේ එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ"
එයා බෙල්ල ඇතෑරියා
ආව්... බෙල්ල හීරිලා... දැවිල්ලයි අල්ලද්දී
මොකක්ද ඒ කිව්වේ? මන් වගේ කෙනෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා... මන් ඒක ජෝක් එකටනේ කිව්වේ අවුස්සන්න
"මොකක්ද ඒ කතාව අයියේ?"
"ආදරයක් එක්ක හිටිය නැති එකෙක්ට කොහොමද අනිත් මිනිස්සුන්ගෙ ආදරේ තේරෙන්නේ?"
"මන් ඒක ජෝක්....
ඒය දොරත් දඩාස් ගාලා වහගෙන එලියට ගියා
ආදරේ එක්ක ඉන්න මට ආදරේ හම්බෙන්න එපැයි අයියේ..
අම්මා දුන්නෙත් නෑ
තාත්තා දුන්නෙත් නෑ
ඔයා දෙන්නෙත් නෑනේ
ඇඩුවේ නැති වුනාම මගේ ඇස් කදුලුවලින් පිරුනා
අමාරුවෙන් කදුලු වැටෙන එක නතර කරගෙන මූණත් හෝදන් මන් එලියට ආවා
කට්ටිය යන්න වාහනේට නගිනවා
මන් හෙමින් වාහනේ ලගට ගියා
ජංකුක් නැගලා
අර කෙල්ල එක්ක ෆෝන් එකේ මොනාද බලනවා
මන් අස්සෙන් රිංගලා වාඩිවුනා එයාගේ එහා පැත්තේ
"අයියේ.....
මන් හෙමින් එයාට ඇහෙන්න කතා කලා
ඒත් එයා ඇහුනේ නෑ වගේ හිටියා
නපුරුයි අප්පා ඔක්කොම
ආවා වගේම හෑන්ෆ්‍රී දෙකත් කනේ ගහන් මන් ඇස් දෙක පියාගත්තා
ඇත්තටම මට ආදරේ තේරෙන්නේ නැද්ද
මට කවුරුත් ආදරේ කලේ නෑ
කලත් ටික කාලයයි
ඔක්කොටම මාව එපා වෙනවා ඉක්මනට
මාර කරුම නැකතකින් මන් ඉපදිලා තියෙන්නේ
ඇස් දෙක පියන් හිටියට මගේ ඇස්වල කදුලු පිරිලා
ඇස් දෙක අරින්නෙම නැතුව මන් හිටියා....
.
.
.
.
.
.
.
.
නින්ද ගිහින් මන් ඇහැරෙද්දී දොලහටත් කිට්ටුයි
බඩත්ගිනියි
දැන් නම් නුවරඑළියටත් කිට්ටුයි වගේ
අහන්නත් කෙනෙක් නෑ
ඔක්කොම තමන්ගෙ ලෝකවල
ජංකුක් දිහා බැලුවා
එයා ෆෝන් එක ඔබනවා
අර කෙල්ල උරහිස උඩට ඔලුව තියන් නිදි
"අයියේ....
ඇහෙන්නේ නෑ වගේ ඉන්න හැටි
"ජංකුක්....
ඔන්න බැලුවා මන් දිහා
"මේ.... සොරි"
මුකුත් නොකියා අනිත් පැත්ත හැරුනා
"අයියේ...
"මොකද ඕයි මොකද? දෙයක් කියන්න කලින් හිතලා කියනවා කට තිබ්බට කියවන්නේ නැතුව... මට නොකියා ගිහින් මගුල් නැටුවේ මන් නෙමෙයි තමුසෙ.."
"මන් ඒක හිතලා නෙමෙයි....
"නවත්තගන්නවා ඕයි"
"අයියේ බනින්න එපා"
"නැතුව නලවන්නද ඕයි කියන්නේ?"
"සොරි කිව්වනේ"
"සොරි කිව්වම ඔක්කොම හරිද?"
"නෑ ඒත්...
"ඇති ඇති...
"ඔක්කොම මට මෙහෙම කරන්නේ ඇයි අප්පා? බනිනවා බනිනවා එපා වෙනවා"
එයා මන් කියන ඒවා ඇහෙන්න නෑ වගේ හිටියා
ඒත් මන් දිගටම කතා කලා
"මන් වැරැද්දක් කලේ නෑ අයියේ කාටවත්.. මන් හැමෝගෙන්ම ඈත්වුනා ඔව්.. ඒත් ආදරේ නැතුව නෙමෙයි, ඔයා කිව්වා වගේ ආදරයක් හම්බුනේ නැති නිසා වෙන්න ඇති මන් මෙහෙම ඉන්නෙ... මට අම්මගේ තාත්තගේ ආදරේ හම්බුනේ නෑ.. ඔයාගෙත් අයියේ, සොරි අර කතාවට.. ඒත් එයාලගේ ආදරේ හම්බුනේ නෑ කියලා මන් ආදරේ නොතේරෙන මනුස්සයෙක් නෙමෙයි....
"නවත්තනවද?"
plz vote and comment
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top