57

සදුදා උදේ....

මන් වෙනදා වගේම ලෑස්ති වෙලා කාමරෙන් එලියට බැස්සා

බැස්සා තමා මට මුලින්ම බැලුවේ අර හෝතම්බුවගේ කාමරේනේ

ශික් මටත් කිසි ලැජ්ජාවක් නෑනේ

තාම වහලා... ඒ කියන්නේ පුක උඩ දාන් තාම නිදි ඇති

නැත්තම් මහ පාන්දර ගියාද දන්නෙත් නෑ

මට මොකෝ ඉතින්

මන් පහලට දුවගෙන ගියා

යද්දී අර සුදු ජින් අයියා කුස්සියේ

"සුදූ ඔයා මොකෝ ඔය කරන්නේ?"

"උබේ මිනිහට බොන්න ජූස් එකක් හදනවා"

"කාටද ජංකුක්ටද?"

"නැතුව මෙහෙ උබේ වෙන මිනිස්සු නෑනේ"

"ඔයා මොකටද හදන්නේ අහ්?"

"නෑ ඌ ඉල්ලුවා බන්, උබෙන් ඉල්ලන්න බැරි නිසාද කොහෙද...

"අනේ ඔය බොරුව අයියේ...

කියලා කට ගන්න කලින් ජංකුක් ආවා එතනට

"අයියේ හරිද?"

"අහ් ගනින්"

ජින් අයියා වීදුරුවක් පිරෙන්න අඹද කොහෙද ජූස් එකක් දුන්නා

මාත් පට්ට ආසයි

එයා දන්නවා මන් තේ බොන්නේ නෑ මේවට පට්ට ආසයි කියලා

මන් බලන් හිටියේ එයා ඒක බොන දිහා

"තමුසෙ මේකට කෙල ගිලිනවද?"

"වැඩේමයි...

"අයියේ ඔය ඉතුරු ටිකක් තියනව නම් දීලා දාපන්"

එයා වීදුරුවත් අරගෙන සාලේ පැත්තට ගියා

ඒ කියන්නේ ඔයාට මතක නෑ නේද පරණ මුකුත්ම

"උබට ටිකක් ඕනේද?"

"එපා අයියේ"

"මොකෝ අවුල් ගියේ?"

"දන්නවද මන් තේ බොන්න ආස නෑ... පොඩි කාලේ ඉදන් ජූස් බොන්නෙ උදේට, ඒක එයා දන්නවා... ඒත් එයාට මතක නෑ ඒ මුකුත්ම"

"අයියෝ යකෝ මෙන්න මේක බීලා පලයන් දැන් වැඩට"

මට දික් කරපු ජූස් එක ගන්නවත් මට හිතුනේ නෑ

මන් කුස්සියෙන් සාලෙට ආවා

ජංකුක් සාලේ

හොදට ජූස් එක බොනවා

මන් ඒ පැත්ත බැලුවට එයා මන් දිහා බැලුවෙ නෑ

ඉතින් මන් එලියට ආවා

පයින්ම ගාලු පාරට
.
.
.
.
.
.
.
.
.

වෙනදා වගේම අදත් ඕෆ් වෙද්දී පහ මාරයි

පාරට ඇවිල්ලා එතන ඉස්සරහ කඩෙන් බිත්තර රොටි තුනක් කපලා හොදි දාගෙන අරගත්තා රෑට කන්න

බස් එකේ තෙරපිලා කැරකිලා බෝඩිම ලග හෝල්ට් එකෙන් බහිද්දී හයයි හතලිස් පහයි

පණ නෑ බස් එකෙන් බහිද්දී

ආයේ පයින් බෝඩිමට

මේ පාරේ එන්නත් බයයි තනියම

ඒත් ඉතින් අපිව ආරක්ෂා කරන්න මොකෙක්වත් නෑනේ

බෝඩිම ඇතුලට එද්දී මන් විතරයි මෙතනට අඩු වෙලා තියෙන්නේ

වෙනදා නැති ජංකුකුත් අද ඉන්නවා

"අහ් මල්ලී වරෙන්කෝ... පොඩි දෙයක් කතා කරගන්න"

මන් ගිහින් වාඩිවුනා ජින් අයියගේ එහා පැත්තෙන්

"මොකක්ද කේස් එක?"

"ලෝන්ග් වීකෙන්ඩ් එකක් එනවනේ... ඉතින් අපි කතා වුනේ ට්‍රිප් එකක් යන්න"

"කොහෙද?"

"නුවරඑලියේ"

"පට්ට අහ්"

"උබ කැමතිද?"

"හා.... යමු මාත් එන්නම්"

"මේ අපි විතරක් නෙමෙයි ඉතින් යන්නේ....

"එහෙනම්?"

"මුන් තුන් දෙනාගේ කෙල්ලො තුන් දෙනත් එනවා... මන් නම් තනිකඩ නිසා තනියම, එතකොට උබයි ජංකුකුයි???"

"මාත් ඉතින් තනියමනේ කොහොමත්"

මන් ජංකුක් දිහා බලාගෙන කිව්වා

එයා ඉන්නවනේ

එතකොට ඉතින් තනියමම නෙමෙයි

"මන් කෙල්ල එක්ක එන්නේ"

මාව ගැස්සුනා

කෙල්ල? මන් ඔයා එක්ක යන්න ඉන්නේ, ඒත් ඔයා කෙල්ල එක්ක කියන්නේ?

"අඩෝ සිරාවට.... මරු මරු"

ඔක්කොම මරු ගාණවා

ඒත් ඒකේ මොකක්ද මරු?

"ජින් උබත් හොයාගනින්කෝ බන් කෙල්ලෙක්"

මන් නැගිට්ටා

"මල්ලී.....

ජින් අයියා මගේ අතින් ඇදලා කතා කලා

මගේ නිකන් ඔලුවම කැරකෙනව වගේ

"මහන්සි අයියේ බස් එකේ ඇවිල්ලා.. මන් වොශ් එකක් දාන් එන්නම්"

ගෙනාව බිත්තර රොටි ටිකත් මේසේ උඩ තියලා මන් කාමරේට ආවා

මට ඇඩෙනවා

දුකයි

මගේ ඔලුවේ කැරකෙන්නේ එයා කිව්ව දේ....

"මන් කෙල්ල එක්ක එන්නේ"

කෙල්ල? අර කතා කරපු කෙනාද? ඔයා එයා නිසා නේද මාව මග අරින්නේ ජංකුක්...

කමක් නෑ ඔයා සතුටෙන්නේ

මන් නේ මෝඩ වුනේ

මන් නොකියා ගිය නිසානේ මේ ඔක්කොම උනේ?

ඔයා වැරදි නෑ

ඇඩෙන එක නවත්තන්න නම් බෑ

ඒත් හිතන එක නවත්තගන්න මන් පුලුවන් තරම් ට්‍රයි කලා

මොකද එයා දැන් මගෙ නෙමෙයි

කොහොමත් මන් ඒ අෆෙයර් එක කැඩෙන්න කියලා නම් ප්‍රාර්ථනා කරන්නේ නෑ

අඩ අඩම නාලා ඇදට වැටුනා

කන්න පිරියකුත් නැති නිසා

ප්ලීස් ඉක්මනට දවස් යන්න එපා

මට ඔයා එයා එක්ක බලන්න බෑ දැන්ම

ඇස් දෙක පියන් එච්චරයි හිතුවේ.....
.
.
.
.
.
.

දවස් දෙක තුන කිසිම හැගීමක් නැතුව ගෙවුනා

ජංකුක් මූණට හම්බුනත් හිනාවකින් ඒ හමුවීම ඉවර වුනා

මන් තාමත් එයාට එදා ටේහ්‍යුන්ග් වගේම ආදරෙයි

එයා අකමැති වුනත් මන් එයාට පුලුවන් විදිහට උදව් කලා...

හෙට ට්‍රිප් එක යනෝ

මන් වැඩ ඇරිලා හෙට උදේට කන්න හදන්න පාන් එකකුයි රෑට කන්න කොත්තු දෙකකුයි ගත්තා

ජංකුක්ට එක්ක

ඒ යකා දුන්නොත් කනවා මිසක් බඩට මුකුත් දාගන්න කිසිම උවමනාවක් නෑ

ඔක්කොම බඩුත් උස්සන් මන් බෝඩිමේ දොරෙන් ඇතුලු වෙද්දී ජංකුක් ඉන්නවා සාලේ

ඉස්සර හැමදාම රෑට එන මෙයා දැන් හවස් වෙද්දී ගෙදර

කෙල්ල නිතී දාලා හදලා වගේ හොදට

හොදම වැඩේ මෝඩයට

මන් පාන් එකයි එක කොත්තුවකුයි කුස්සියෙන් තියලා අනිත් එක අරන් ආවා ජංකුක් ඉන්න තැනට

ඒක මන් එයාට දික් කලා

"මොනාද මේ?"

"කොත්තුවක්"

"මට මොකටද?"

"මේ.... මන් ගෙනාවා.. කන්න"

"එපා"

"ඇයි? වහ දාලා නෑ"

"දන්නවා"

"එහෙනම් කන්න අරන්"

"මන් රෑට කන්න එලියට යන්න ඉන්නේ"

"කාත් එක්කද?"

එයා මගේ උඩ ඉදන් පහලටම බැලුවා

"ඇයි?"

"මන් කාත් එක්ක ගියත් ඔයාට මොකටද?"

හ්ම් ඒකත් ඇත්ත

"එපාද?"

"එපා"

මන් කොත්තුවත් අරන් ආයේ ගියේ කුස්සියට

තමුසෙට මන් දෙන ඒවා තමා දැන් කන්න බැරි

මෝඩයා

කන්න බෑනේ

බැරි නම් මට ඕනේත් නෑ

ගත්තා කොත්තු දෙකම විසික් කලා කුණු එකට

ඕනේ නෑ මට

"මොකක්ද ඒ කලේ?"

මන් මුකුත් නොකියා එතනින් එන්න හැදුවෙ,

"තමුසෙට මාන්දමද ඕයි?"

එයා මගේ අතින් ඇදලා නැවත්තුවා

"ඔව් ඇයි අහන්නේ?"

"සල්ලි දීලා ගෙනල්ලා විසික් කරන්නේ"

"මට ඕනේ නිසා"

"දැන් තමුසෙ රෑට කන්නේ මොනාද අහ්?"

"දත් මිටි... පෙන්නන්නද?"

මන් අතත් ඇදගෙන කුස්සියෙන් එලියට ආවා

ඕනේ නෑ නොකා ඉදලා මැරුනම තමුසෙට තේරෙයි මගේ අගේ

කෙලින්ම කාමරේට

ඇදෙන් වාඩිවුනා

මන් ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා මටම හිතාගන්න බෑ

මන් ආයේ නැගිටලා පහලට ගියා

"ජංකුක්....

එයා සැටියේ වාඩිවෙලා ඉන්නවා

ඔලුව අත් දෙකට ගහගෙන

මන් කතා කලාම ඔලුව උස්සලා බැලුවා

"සොරි... මන් වැඩී නේද? මට අයිතියක් නෑ කියලා දැන දැනම මන් මහ මෝඩයෙක් වගේ හැසිරෙන්නේ"

එයා මොනාහරි කියන්න නැගිට්ටා

ඒත් ඊට කලින් මන් එලියට ආවා

මගේ හිත ටිකක් අවුල්

මන් පයින් ආයේ ගාලු පාර පැත්තට ආවා

මෙතන ඉදන් ටිකක් පයින් ගියාම පොඩි වෝකින් පාත් එකක් තියනවා

ඉතින් මන් පයින් එතනට ආවා

වැඩ ඇරිලා මිනිස්සු ඒකේ ජොගින් කරනවා

මන් කෙලවරේ තිබ්බ බංකුවකින් වාඩිවුනා
.
.
.
.
.
.

ඔහේ අහස දිහා බලගෙන හිටියා

වෙලාව බලද්දී නවයත් පහු

කෝල් එකක්....

"ජින් අයියේ....

"කොහෙද තෝ ඉන්නේ?"

"මේ.... මන් එන ගමන්"

මන් නැගිට්ටේ යන්න

"මන් තොට කෝල් කීයක් ගත්තද අහ්?"

"මට ඇහුනේ නෑ අයියේ"

"හරි හරි වරෙන් දැන්ම"

ආව පාර දිගේම ආයේ තනියම ඇවිදගෙන ගියා

කවුරුහරි මගේ පස්සෙන් එනවා වගේ

ඒත් කවුරුත් නෑ

මගේ තනියට මන් තනියම

දහයත් පහු මන් බෝඩිමට යද්දී

බැනුම් වරුසාවක් මැද්දෙන් මන් කාමරේට රිංග ගත්තා

හෙට යන්න ඇදුමුත් ලෑස්ති කරලා එලාම් එකත් තියලා ඇදෙන් වාඩිවුනා

"මල්ලී....

අයියද කොහෙද

මන් ගිහින් දොර ඇරියා

"ඇයි අයියේ?"

"මන් බර්ගර් ගෙනාවා, කනවද?"

පට්ට බඩගින්නකුත් තියනවා... කමක් නෑ කමු

"හා...

අයියා මගේ කාමරේ ඇතුලට ආවා

අපි දෙන්නම ඇදෙන් වාඩිවෙලා බර්ගර් දෙක කෑවා..

"උබ තාම ජංකුක්ට ලව්ද?"

"හ්ම්"

"සිරාවටම ඌ වෙන කෙනෙක් තෝරගත්තොත්?"

"දැනුත් තෝරගෙන ඉවරනේ අයියේ..."

"ඉතින් උගෙන් ඈත් වෙලා ඉදපන්"

හ්ම්ම් ඔව් ඉතින් මටත් ඒක තේරෙනවා
කරන්න බැරි එකනේ අවුල

"මොකද උබ ගල් ගිලලා වගේ ඒ පාර"

"මට නිදිමතයි බන් අයියේ...

"හා හා එලාම් තියලා උදේම නැගිටපන්, ගුඩ් නයිට්"

එයා ගියා

වතුර එකත් බීලා මන් ඇදෙන් හාන්සි වුනා....
.
.
.
.
.
.

මන් නම් කියන්නේ ආදරේ කරන්න ඕනේ නෑ මේ ලෝකේ කවුරුත්
දාලා ගියාම රිදෙන්නේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනාටනේ

බලන්නකෝ ජංකුක් දිහා

ගාණක්වත් නෑ

අයියා නැත්තම් මන් බඩගින්නෙ

මට හොදම වැඩේ... මන් ඇදේ ඉදන් කල්පනා කර කර හිටියේ

කවුරුහරි මගේ දොරට තට්ටු කරනවා

කවුද ඒ....

"කවුද?"

සද්දයක් නෑ ඒ ගමන

ආයේ තට්ටු කරනවා

"මොකාද අහ් තමුසේ....

මන් බනින්න කටත් හදන් දොර අරිද්දී දැක්කේ ඒ ජංකුක් කියලා

ඇස් රතු වෙන්න අඩලා වගේ

දොර ඇරිය ගමන් මාව බදාගත්තා...

"ජං....කුක්.... මොක...ද මේ??"

එයා මාව බදාගෙනම මගේ කාමරේ ඇතුලට ආවා

"ප්‍රශ්නයක් නම් කියන්නකෝ අයියෝ අඩන්නේ නැතුව"

මන් එයාව මගෙන් ඈත් කරලා ඇහුවා

"මට සමාවෙනවද?"

"මොකටද?"

"මන් ආදරෙයි තමුසෙට තාම....

මන් මුකුත් නොකියා එයාගේ ඇස් දිහා බලන් හිටියේ

එයා අඩලා

මන් ආස නෑ එයා අඩනවට

"මල්ලී.... මන්... මන් මහ මෝඩයෙක්"

මට කියන්න ගොඩක් දේවල් තියනවා ජංකුක්
ඒත් දැන් මට බෑ කතා කරගන්නත්

එයා මගේ මූණ ඒ අත් අතරට හිර කරගත්තා

"ආදරෙයි ඕයි තමුසෙට......"

එයා එන්න එන්න මගෙස් මූණ ලගටම ළංවුනා

මොකද මේ?

මන් ගල්වෙලා වගෙ

එයාගේ ඇස් තිබ්බේ මගේ තොල් ලග
මන් ඒක හොදට දැක්කා

එයා බලන් හිටියේ ඒ දිහා

"ජංකුක්........

මට ඕනේ වුනේ කතා කරන්න

ඒත් ඒ මෝඩයා ඊට කලින් මගේ යට තොල හපලා අල්ලගත්තා...

"ඌයි...... මෝ.....ඩයා.....



plz vote and comments
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top