56

"ඔයාට ශුවර් නේ එයාව ඕනේ නෑ කියලා"

"ඔව්....

හරි මන් දැන් දන්නවා එයා මට ආදරේ නෑ කියලා තව දුරටත්

ඉතින් මන් ටේහ්‍යුන්ග් කියලා එයා දැනගත්තට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ

"මෝඩ ගොන් මැටි මෝල් ටේහ්‍යුන්ග්... තමුසේ හිතුවේ මට ලාදුරු කියලද අහ්?"

මන් හැරෙන්න යද්දිම එයා මගේ ඉනෙන් ඇදලා අරන් උරහිසට ඔලුව තියාගත්තා

"මොකක්?"

"තමුසේ මගේ ගොන් ටේහ්‍යුන්ග් කියලා මන් දන්නවා ගෙම්බෝ"

"මන් ගෙම්බෙක් නෙමෙයි"

"නැත්තේ මොකද?"

"නෑ කිව්වනේ... අනික දැන් කිව්ව ඒවා හරවන්න ලෑස්ති වෙන්න එපා"

"උදේ මන් ඇහැරෙද්දී නැගිටලා දිව්වා නේ.. මන් දැක්කා ඕයි.."

"මාව?"

"ඔව්... ඊලගට ජින් අයියට කිව්ව පණ්ඩිත කතා?? තමුසේ කොහෙන්ද ඔය පඩි ටෝක් ඉගෙනගත්තේ අහ්?"

"මේ.... දෙන්නා කාමරේකට යනවද?"

මායි ජංකුකුයි දෙන්නම ගැස්සුනා

ජින් අයියා

"මෙහෙන් යන්න ඕනේ වෙලාද අහ්? මගුල් නටන්නේ එලියේ.. එක්කො අර කාමරේට පලයන්, නැත්තම් මේකට පලයන්"

ජංකුක් අයියට සැලුට් එකක් ගහ ගෙන මගේ අතින් ඇදගෙන මගේ කාමරේ ඇතුලට ගියා...

"අත අරිනවා"

මාව කාමරේ ඇතුලට තල්ලු කරලා එයා දොර වැහුවා

මන් කැරකිලා ගිහින් ඇද උඩට පතබෑවුනා

"ඔයා මට ආදරේ නෑ... අර ෆොටෝ එකත් මාරු කරලා, ඔයාට වැඩක් නෑ කිව්වා මාව... ඔයා... ආදරේ කිව්ව වෙන කෙනෙක්ට?"

"කවුද වෙන කෙනා? අනික මන් තමුසෙට පෙන්නුවේ මගේ ඔෆිස් එකේ ෆෝන් එක ගෙම්බෝ.. මෙන්න මේකේ තාම තමුසෙ තමා ඉන්නේ"

එයා මගේ පැත්තට ෆෝන් දෙකම විසික් කලා

එයා කිව්වා හරි

එකක මන්
අනිත් එක තමා මට පෙන්නලා තියෙන්නේ

ඒත් ආදරේ නෑ කිව්වනේ

"විශ්වාස කරනවද ඒක?"

තාමත් එයා දොර ළග හිටගෙන

"කියනවා... මන් ආදරේ නෑ කියලා හිතනවා නම් මන් මේ ආව දොරෙන්ම යන්නම් මල්ලී"

"ජංකුක්....

"තමුසේ මටත් නොකියා යද්දී මගේ ආදරේ මතක් උනේ නැද්ද ඕයි?"

"අයියේ.....

මන් ඇදෙන් නැගිටලා එයා හිටිය තැනට ගියා

එයාගෙ අත් දෙක අල්ලගත්තා

ඒවා සීතල වෙලා

ඇස්වල කදුලු

"මන් දන්න හැමෝගෙන්ම ඇහුවා.. තනියම බලන් හිටියා අද එයි හෙට එයි... අඩුම මට එක කෝල් එකක් දීලා අයියේ මන් හොදින් ඉන්නවා කියන්නවත් තමුසෙට මතක් වුනාද මල්ලී? මන් බලන් ඉදලා බැරිම තැන ඔක්කොගෙන්ම ඈත්වෙලා ආවා.. ඒ ඇවිල්ලත් තමුසෙ තවත් කල් ඉන්න නේද හැදුවේ හැංගිලා? එතකොට තමුසෙ කියනවා මන් ආදරේ නෑලූ.. තව මොනාද ඕයි තමුසේ මට කරන්න ඉන්නේ? තව මොනාද?"

"අයියේ... මන්... මන් එහෙම කලේ....

"මුකුත් කියන්න එපා.. මට මුකුත් අහන්න ඕනේ නෑ.. හිටියා වගේම මගෙන් ඈත් වෙලා ඉන්න ඔයා මල්ලී"

"මට බෑ"

"අවුරුදු දෙකක් හිටියනේ.. ඇයි තව කල් ඉන්න බැරි?"

එයා මගේ අත ගසලා දාලා ගියේ මගේ ඇද ලගට

ෆෝන් දෙකත් අරන් ආයේ මන් ලගට ආවා

මොකක්දෝ ෆෝන් එකේ කලා

"මෙන්න... දැන් මගේ ෆෝන් දෙකෙන් එකකවත් තමුසෙ නෑ"

"මන් කියන...

"මන් කවදාහරි ඔයා එනකන් හිටියේ මල්ලී.. මොකද මටත් සැකයි තමුසෙ මට ආදරේ කලාද කියලා"

"මන් කිය...

"කිව්වනේ.. කතා කරන්න එපා.. නිදහසට කරුණු එපා.. එක කෝල් එකක් දෙන්න බැරි තරම්ම ඒ ආදරේ දුර්වලයි මල්ලී.. මන් කවදාහරි ඔයාව හම්බුනා ම මේ දේ කියන්න හිටියේ, මන් විදෙව්වා... තමුසේ නැතුව ගොඩක් කල්, මිනිස්සුන්ගෙන් ඈත්වෙලා.. මන් ඉස්සරහටත් එහෙම්මම ඉන්නම්, මට එපා ඔයාවත්"

මට කියන්න මුකුත්ම දුන්නේ නෑ.. එයා මාව එක පාරක් එයාගේ පපුවට ඇදලා ගත්තා.. තද කරලා මාව බදාගත්තා.. ඒ ක්ශනිකවම මාව ආයේ ඈත් කරලා එයා කමරෙන් එලියට ගියා..

"මොකක්ද ඒ වුනේ?"

මට හිතාගන්න බෑ

ඔව් මන් දන්නවා මන් වැරදි

එයාට කියලා ගියේ නෑ

කෝල් කලේ නෑ

අඩුම එයාට එක කෝල් එකක දීලා මට එයා හොදින්ද අහන්න තිබ්බා.. මොකද මන් මයි නම්බර් එකත් මාරු කලේ..

ඔව් මන් වැරදී අයියේ...

මන් දොර ලගම බිම ඉදගෙන ඇඩුවා... කෑගහලා අඩන්න ඕනේ උනත් මන් සද්දයක් නැතුවම ගොඩක් ඇඩුවා
.
.
.
.
.

"මල්ලී උබ කන්න එන්නෙ නැද්ද?"

මන් තාමත් දොර ලග බිම

"මන්.... එන්නම්"

"උබ අඩනවද?"

"නෑ මන් එන්නම්"

මට කන්න ඕනේ නෑ

මට ඕනේ අඩන්න...

"මේක ඇරපන්"

අයියෝ අප්පා මල පනිනවා

මන් නැගිටලා දොර ඇරියා

"මොකද?"

"මෙහෙ වරෙන්"

මන් බෑ කියන්න කියන්න ජින් අයියා මාවත් ඇදගෙන ජංකුක්ගේ කාමරේ ළගට ගියා

"මොකක්ද කරන්නේ?"

මට බෑ එයාව බලන්න

එයාට මාව එපාලු අයියේ...

"ජංකුක්....

එක පාරයි කතා කලේ එයා දොර ඇරියා

"මේ මොකද?"

මාව තල්ලු කලා කාමරේ ඇතුලට

යකෝ මුන් ඔක්කොම මාව එහෙටයි මෙහෙටයි තල්ලු කරන්නේ මන් කුණු බෑග් එකක් කියලා හිතන්ද?

"මොකද මේ?"

"උබලා දෙන්නා මේක කතා කරලා විසදගෙන මට කෝල් එකක් දීපන්, එතකොට මන් මේක අරින්නම්"

මොකක් කියන්නේ? මන් නැගිට්ටේ දොරෙන් එලියට පනින්න

අපි දෙන්නා ඒ දේ කරන්න කලින් අයියා දොර එලියෙන් ලොක් කලා

"අනේ අයියේ අරින්නකෝ"

"අයියේ මේ මගුල ඇරපන් හොදේ.."

සද්දයක් නෑ

"අරින්නකෝ අප්පා"

"මොන ලබ්බක්ද අයිසේ.. මන් ආස නෑ වෙන උන් මගේ කාමරේ ඉන්නවට"

මොකක්? අනේ තමුසෙගේ නල්ලමලේ කාමරේ

"මට මේ මගුලෙ ලගින්න ඕනෙත් නෑ"

"මේක ඇරපන්කෝ.. අයියේ මන් ආස නෑ කියලා දන්නවනේ මේ වැඩේට.. මට තනියම ඉන්න ඕනේ කියලා දන්නවනේ"

"ජින් අයියේ......

"මාර කුණු ගොඩක්නේ මේක....

කියාගෙන ජංකුක් ගිහින් ඇදෙන් වාඩිවුනා

ඔයා කුණු ගොඩ කියන්න ඇත්තේ මට වෙන්න ඇති නේද?

"අයියේ... මේ දොර අරින්නකෝ"

එලියෙන් කිසි සද්දයක් නෑ

"ජින් අයියේ....

"ඕක නවත්තනවා ඕයි"

මන් එයා දිහා බැලුවා

"තමුසේ ආවත් හරි මන් හිටිය විදිහ විනාස වුනා.. තමුසේ මාව කෑවා.. මාව තනි කලා.. ඒ මදිවට දැන් ආයේ.... ඇයි ඕයි මගෙන් පලිගන්නේ?"

"මන් මොකක්ද ජංකුක් කලේ? මන් එදා ගියේ යන්න ඕනේම වුන නිසා"

"තමුසෙට මාව මතක්වත් වුනාද?"

"ඔව් ගොඩක්"

"සිරාවටම කොහොමද මල්ලී මන් ඒක විශ්වාස කරන්නේ? අනික දැන් උබ මෙහෙට ඇවිල්ලත් මොකක්ද කලේ?"

"ඇයි?"

"දැන් තමුසේ මට ළං වුනේ මන් ජංකුක් කියලා දැනගෙනද? මගේ කාමරෙට ඇවිල්ලා තට්ටු කලේ මන් ජංකුක් කියලා දැනගෙනද? බීපු එකෙක්ව ගේන්න ආවේ මන් ජංකුක් කියලා දැනගෙනද?"

"ඒ ජංකුක් මන් හිතුවේ ඔයා ප්‍රශ්නෙක...

"ඇයි තමුසේ දුක අහන අයියද? හැමෝටම ඔහොමද?"

"නෑ මට ඔයාව මතක් වුනා එහෙම....

"නවත්තගන්නවා"

"ජංකුක් මගේ හැටි ඔයා දන්නවනේ.. මන් ඕනේ කෙනෙක්ට උදව් කරන්න ආසයි"

"මෙතන මන් නොහිටියා නම්...

"ඒත් මන් උදව් කරනවා අයියේ.. ඒ මගේ හැටිනේ"

"මාර කරුණාවනේ.. රට ඉද්දී කාට කාට උදව් කලාද දන්නේ නෑනේ මන්"

"එහෙම නෑ අයියේ....

"නෑ අයියේ නෙමෙයි තමුසේ මොනා කරලා ආයේ ආවද දන්නෙ නෑනේ"

මන් ආයේ දොර ළගට ගියා

මෙයා කියන ඒවා නරකයි අප්පා

මන් එහෙම නරක කොල්ලෙක් නෙමෙයිනේ

"ජින් අයියේ....

"කිව්වා නේ ඔය ඇඩිල්ලා නවත්තගන්නවා"

"මන්... මන් එහෙම නරක කෙනෙක් නෙමෙයි අයියේ....

"කියන්න බෑනේ"

මන් මුකුත් කියන්න ගියේ නෑ

එයා ඉන්නේ මාත් එක්ක තරහෙන්

තරහා නිව්නම කතා කරන්න ඕනේ

දොර කීයට හරි අරිනකන් කියලා මන් එයාගේ අල්මාරිය ලග බිමින් ඉදගත්තා

ජංකුක් ජින් අයියට ද කොහෙද කෝල් කරනවා දිගටම

මගේ ෆෝන් එකත් නෑනේ

මන් බලන් හිටියේ කෝල් එක අරන් ජින් අයියා කාමරේ දොර අරිනකන්

"ගන්නේ නැද්ද අයියේ?"

"නෑ"

ජින් අයියත් කරන්නේ මරු වැඩ අප්පා

මට බයයි ජංකුක් මට ගහයිද කියලත්

කතා කරද්දිත් ගිනි පිටවෙනවා ඇස් දෙකෙන්
.
.
.
.
.
.

පැයක් විතර ගියා

තාම දොර ඇරියේ නෑ

දැන් නම් ජානෙලෙන් තට්ටු දෙකක් බිමට පනින්න හිතෙනවා අප්පා

ජංකුක් නැගිටලා වොශ්රූම් එක පැත්තට ගියා

ගිහින් විනාඩි දෙකක් යද්දි කෝල් එකක්

"ජින් අයියා....

මන් දුවලා ගිහින් ෆෝන් එක අරන් නමවත් නොබලා ආන්සර් කලා

"මන්  ඔයාට එක්ක අනිද්දට කෑම ගේනවා"

ඒ කෙල්ලෙක්

"අයියේ... අහගෙනද ඉන්නේ?"

එක පාරට මගේ කනේ තිබ්බ ෆෝන් එක කවුරුහරි ඇද්දා

"කියන්න"

"...................

"හා හා..."

ඒකද ඔයා මාව මග ඇරින්නේ

එයා ෆෝන් එක කට් කරලා මගේ අතින් ඇද්දා

"අනුන්ගේ කෝල්ස් ඇයි ආන්සර් කරන්නේ?"

"සොරි අයියේ.. මන් ජින් අයියා කියලා....

ඊට පස්සෙ එයා කෙලින්ම ආයේ දොර ළගට

"ජින් අයියේ මේ මගුල ඇරියේ නැත්තම් ඇත්තමයි මන් මේක කඩනවා"

"කෝල් කරපු කෙනා නිසාද මාව එපා කියන්නේ දැන්?"

"මොකක්?"

"එයා ඔයාට කෑම ගේන්නම් කිව්වා"

"හරි"

"එයා නිසාද අයියේ ඒ?"

"මොකක්ද තමුසේ අහන්නේ?"

"එයා නිසාද යකෝ මාව මග අරින්නේ තමුසේ?"

මන් ඇදලා ගත්තා ජංකුක්ගේ කොලර් එකෙන්

මට කේන්ති මූ එක්ක

මූ වටේ යන්නත් පටන් අරන් මන් හිටියෙ නැති ඩිංගට

"අත අරිනවා මාව... රෙද්ද"

එක පාරටම දොර ඇරුනා

"මොකද ඕයි මේ?"

ජින් අයියා මාව එයාගේ පිටි පස්සට ඇදලා ගත්තා

මට ඇඩෙනවනේ මගුල ශික්

"තමුසේ එහෙමද ජංකුක්.. හරි තමුසෙට පුලුවන් නම් මටත් පුලුවන්.. තමුසේ මට ආදරේ නෑනේ, අද ඉදන් තමුසෙට හෙන ගැහුවත් මන් පැත්තවත් බලන්නෙ නෑ"

මන් එන්න ආවා කාමරේට

ගොනා
මී හරකා
ගෙම්බා
හෝතම්බුවා
මදන කුලප්පුවා
ඊ මට ඕකව කන්න පුලුවන් නම් කපලා කපලා කෑලි කරලා කනවා යකෝ

මන් ඇදේ රෙදි ටික ඔක්කොම විසික් කලා

ඊ මට එන කේන්තියක්

කූල් ඩවුන් කූල් ඩවුන් ටේහ්‍යුන්ග්... තමුසේ ගුඩ් බෝයිනේ

මොකද මේ කේන්ති අරන්

මන් ම හිතලා පොඩ්ඩක් සන්සුන් වුනා

ඒත් මට කේන්ති

"හරි අපි බලමුකෝ ජංකුක් ඔයා මොකක්ද කරන්න යන්නේ කියලා අහ්?? මාත් මෙහෙනෙ ඉන්නේ?"


plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top