55

"නවත්තන්න.....

"ඇයි මල්ලී?"

"ඕක නවත්තනවකෝ"

මන්.... මන් කෑගැහුවා....

කාර් එක, එක තැන බ්‍රේක් ගහලා නැවැත්තුවා

මන් ක්ශනිකව බැස්සා කාර් එකෙන් එලියට

ඇරියා පස්සෙ දොර

"මොකද බන් මල්ලී...

"අයියේ බහින්නකෝ....

"මොක....

මන් ජින් අයියගේ අතින් ඇදලා එලියට ගත්තා...

ජංකුක්.... එයා බරවෙලා හිටියේ අයියගේ උරහිසට

අයියව ඇදලා ගත්ත පාර එයා වැටෙන්න ගියේ... මන් අත තියලා ඇතුලට නැග්ගා...

"ජංකුක්....

එයා කෙදිරි ගානවා...

මන් හූඩිය ඔලුවෙන් අයින් කලා

ඒ එයා... ඔව් ඒ මන් හෙව්ව මගේ මෝඩයා

මෙච්චර කල් මන් ලගම නේ ඔයා ඉදලා තියෙන්නේ

කොහොමද මට ඔයාව අදුරගන්න බැරිවුනේ ජංකුක්

"ජංකුක්... මන්.... මේ මන්....

"මල්ලී.....

මට ඇඩෙනවා හොදටම

මන් ඇස්වල කදුලු පුරවගෙන ජින් අයියා දිහා බැලුවා

එයා අමුතු විදිහට බලලා කාර් එකේ දොර වහලා ඉස්සරහෙන් නැග්ගා

"යමු අපි"

එයා මුකුත්ම කිව්වෙ නෑ....

මන් අඩනවා

ඒත් ජංකුක්ට ඒක ඇහෙන්නෙ නෑ

එයා හොදටම නිදි

පැය කාලක් වගේ යද්දී අපි බෝඩිමට ආවා

මන් ජංකුක්ව මට බර කරගෙන කාර් එකෙන් බැස්සා

මට හිතුනෙම අද මන් නොගියා නම් තාමත් එයා නේද මේ කියලා මන් දන්නෙ නෑ

මෝඩයෙක් මන් නම්

අයියගේ උදව්වෙන් ජංකුක්ව කාමරේට ගෙනාවා

එයාව ඇදෙන් හාන්සි කරලා මන් බැලුවේ කාමරේ වට පිට

තනිකර කලුවරයි... කලු පාට ඔක්කොම බඩු

අයිනේ තිබ්බ මේසේ උඩ තිබ්බ ෆොටෝ ෆ්‍රේම් එක මන් දැක්කා

ඒ ඉන්නෙ අපි දෙන්නා

මන් එතනට ගියා

අයියත් මගේ පිටිපස්සෙන් ඇවිල්ලා

"උබලා දෙන්නා.....

"හ්ම්ම් ඔව් අයියේ.. අපි දෙන්නා ආදරේ කලා... තාමත් එහෙමයි"

"මූ මෙහෙම ඉන්නේ උබ නිසාද?"

"අපෙ ආදරේ නිසා අයියේ.. අපි දෙන්නම සෑහෙන්න විදෙව්වා.. ඒත් එයා මගේ ලගම ඉදලා මට අදුරගන්න බැරිවුනා"

"අඩන එක නතර කරපන්කෝ.. මන් යනවා... උබ ඉදලා එයා හරි සිහියට ආවම කතා කරපන්"

මන් ඔලුව වැනුවා

"අහ් තව දෙයක්... මේක කාටවත් කියන්න එපා"

මට තේරුනා ඒ ඇයි කියලා....

මන් ආයෙත් ඔලුව වනලා හා කිව්වා

එයා ගියා කාමරෙන් එලියට

මන් ජංකුක්ගේ කාමරේ දොර වහලා එයා හිටිය ඇද ලගට ආවා

සපත්තු දෙක ගලවලා ඇදන් හිටිය හූඩිය ගලවන්න අත තිබ්බා විතරයි,

"ඒයි.... අයින් වෙනවා"

කොහෙද ගලවන්න කලින් කෑගහනවා

"ඉන්නවකෝ පොඩ්ඩක්"

"ආයිශ්ශ්ශ්ශ්... අත ගන්නවා"

ඇස් දෙක පියාගෙනම කෑගහනවා

මන් අමාරුවෙන් ඒක අයින් කලා..

කිසිම සද්දයක් නෑ

හොදටම නිදි

මන් ඒ කෙස් අස්සෙන් මගේ අගිලි හෙමින් ගෙනිච්චා

ඒ හැමපාරම එයා කෙදිරි ගානවා

එයා එදා වගේමයි

ලස්සනයි

සුදුයි

තොල් රෝස පාටයි

එයාට අර කෙල්ල වහ වැටුන එක අහන්නත් දෙයක්ද

යකෝ මන් මගේ කොල්ලට නේ අර වැස්සියෙක්ව සෙට් කරන්න ගියේ..

මාව උල තියන්න එපැයි යකෝ

මන් ඇද ලග බිමින් වාඩිවෙලා එයාගේ ඔලුව අතගෑවා

ඇස් දෙක පියවෙනවා

ආයේ ඇරෙනවා

රෑ දොලහා පහු වෙනකන්ම ඒ වගේ.....
.
.
.
.
.
.
.
මගේ හිත කලබලයි

මට හරියට නින්ද ගියේම නෑ

පාන්දර හය වෙද්දි මන් ඇහැරිලා

තාම එයා හොදට නිදි

මට හිතුනා වගේම ඔයා ඉන්නේ ප්‍රශ්නෙක

ඒ ප්‍රශ්නේ අපේ ආදරේ නේද ජංකුක්

මන් ඇහැරුනත් ඉන්න විදිහටම එයාගේ දිහා බලන් හිටියා

ඒත් මට විශ්වාස කරන්න බෑ තාමත් ඔයා මට ඒ වගේම ආදරෙයි කියන එක

"අහ්.......

එයා ඇහැරෙනවා

මට බයයි

එයා මට මොන වගේ ප්‍රතිචාරයක් දෙයිද

එයා ඇස් අරිද්දී මාව දැක්කොත්

මන් නැගිට්ටා

ඔව් ඒ අද නෙමෙයි... මන් ටේහ්‍යුන්ග් කියන්න ඕනේ

මන් එයාගේ කාමරෙන් එලියට ආවා

මන් දැන් දන්නවා ඒ ඉන්නේ මගේ ළග කියලා

මට බයක් නෑ

එයා ඉන්නවා

දුකෙන් හරි තනියෙන් හරි මන් ලග

මන් එලියට එද්දිම ජින් අයියා

"ඌ ඇහැරුනාද?"

"තාම නෑ"

"උබ ඇයි යන්නේ? කියන්නේ නැද්ද?"

"නෑ"

"ඒත්.... ඒත් ඒ ඇයි??"

"එයා මගෙන් ඈත් වුනේ අපේ ගෙවල්වලින් මේ දේට අකැමති නිසා.. එයා බයයි එයාගේ ගෙදරින් මට කරදරයක් කරයි කියලා... තාම ඒක එහෙම නම් මන් එයා ලග ඉන්නවට එයා බය වෙයි අයියේ.. එයා ආයේ නොකියා යයි"

"ඒත් ඒක එහෙම නෙමෙයි නම්"

"ඒක එහෙම නෙමෙයිද කියලා මට විශ්වාස කරන්න බෑ අයියේ.. මොකද එයාගේ මාමා අවුරුදු විස්සක් ගියත් හිතේ තරහා අමතක නොකරපු මනුස්සයෙක්"

"ඉතින් උබලා දෙන්නා ඈත් වෙනවද?"

"අපි අවුරුදු දෙකක් දැක්කෙවත් නෑ.. ඒත් තාම ඒ මෝඩයා මට ආදරෙයි... මාත් එහෙමයි..."

"ඉදපන්කෝ මන් මේකට උත්තරයක් හොයන්නම්"

"හ්ම්ම් අයියේ.....

"ඇයි?"

"එයා මාර හොදයි.. මන් මගේ ජීවිතේ දැක්ක හොදම මනුස්සයෙක්.. එයා නරක නෑ"

"හරි බන්..."

"මට බයයිනේ එයාට ලං වෙන්න, ඒ නිසා මන් ලං වෙන්නෙ නෑ.. ඔයා එයා එක්කම ඉන්න"

"හ්ම්ම් ඉක්මනට මන් උගෙන් මේ දේවල්වලට උත්තරයක් හොයාගන්නම්"

අයියා ජංකුක්ගේ කාමරේට ගියා

මන් මගේ කාමරේට ආවා

එයා මගේ එහා කාමරෙ
.
.
.
.
.
.
.

උදේම නාගෙන මන් පහලට යන්න කාමරෙන් එලියට බැස්සා

පඩිපෙල් දෙකක් බහිද්දී දැක්කේ ජංකුක් පල්ලෙහා කියලා

ඉස්සරහට තිබ්බ අඩිය ආපස්සට ගත්තා මන්

හැරුනා ආයේ කාමරේට දුවන්න

"ඒ මල්ලී....

විනාසයි

පල්ලෙහා මොකෙක්ද එකෙක් කතා කලානේ

මන් හැරුන පාර ආයේ නැවතුනේ කාමරේ....
.
.
.
.
.

"මොකද උනේ ඌට?"

ජංකුක් බලන් හිටියේ පඩිපෙල දිහා

"කවුද?"

"අලුතෙන් ආව එකා.. පල්ලෙහාට එන්න හදලා කතා කරද්දී ආයේ දිව්වා"

"පිස්සෙක්...

"ඒ පිස්සා තමා උබව ඊයේ උස්සන් ආවේ"

"මොකක්?"

"ඔව්"

"නෑ ජින් අයියා"

"ජින් අයියත් හිටියා.. ඒත් ඒ මල්ලී තමා උබව උස්සන් ආවේ"

"හ්ම්ම්"
.
.
.
.

කාමරේට ඇවිල්ල මන් දොර අස්සෙන් බලන් හිටියේ ජංකුක් දිහා

එයාට පේන්නේ නැති වුනාට මට නම් ඒ යකාව පේනවා

ෆෝන් එක අතේමයි

මොන මගුලක් එක්ක සෙට් වෙලාද දන්නේ නෑ

"දැම්ම එන පාටක් නෑ වගේ...."

ඉතින් මන් එයාගේ කාමරේට පොඩ්ඩක් ඔලුව දාන්න හිතන් ඒ පැත්තට ගියා...

ලොක් එක අල්ලද්දිම,

"ඔය මගෙ කාමරේ......

මූ පහලනේ යකෝ හිටියේ... මල හත්තිලව්වයි

මූ ෆ්ලෑශ්ගේ ලෝකල් වර්ශන් එකද

මන් තාම ආරක්ශිතයි

මන් මූණත් අත් දෙකෙන් වහන් පස්සෙන් පස්සට යන්න හැදුවේ

"කොහෙද යන්නේ පොඩි හොරා"

ජංකුක් මට යන්න දෙන්නෙ නෑ

එයාගේ පපුවට මගේ පිට හිර වෙලා

"යන්න දෙන්න"

"තමුසෙගේ කට හඩ නම් පට්ට හුරුයි ඕයි"

හුරු නොවුන නම් තමා තෝව මරන්න ඕනේ

"කෝ බලනවා මේ පැත්ත"

"තමුසෙට... තමුසෙට කෙල්ලෙක් නැද්ද මේ මාත් එක්ක හුරතල් වෙන්නේ?"

බලමුකෝ මොකක්ද කියන්නෙ කියලා...

"නෑනේ... ඔයාට බැරිද මගේ කෙනා වෙන්න"

මොකක්? ජංකුක් තමුසේ...

"තැන්කිව්.....

ඒ මොකටද?

"තැන්කිව් ඕයි"

"මොකටද?"

"ඊයේ එක්කන් ආවට"

"හ්ම්ම්"

"බලනවකෝ මේ පැත්ත"

එයා.... එයා මගේ ඉන වටෙන් අතදාලා මාව එයාගේ පැත්ත හරවන්න ට්‍රයි කරන්නේ

මගේ ඇස්වල කදුලු

එයා හැමෝටම මෙහෙමද එතකොට

"මට යන්න දෙනවා.. මන් කැමති නෑ තමුසෙට"

"ඔහොම කිව්ව ගොඩක් අය අන්තිමට මට කැමති වුනා කොල්ලො"

"මන්... මන් අනිත් අය වගේ නෙමෙයි"

"කෝ ඉතින් හැරෙනවකෝ"

"තමුසේ ඉන්නෙ නම් ලොකු ප්‍රශ්නෙක වගේ.. ඒත් තමුසෙ කරන්නේ රගපෑමක්... තමුසෙට මදනවිසේ... ගොනා"

"ඔයා හරි ශෝයි අප්පා... මන් කාලයක් ඔය වගේ කෙනෙක්ට ආදරේ කලා.....

"ආදරේ කලා? ඇයි දැන් එයා කොහෙද?"

"දන්නෙ නෑ.. මට වැඩකුත් නෑ.....

"එයා.... එයා බලාගෙන ඇතිනේ ඔයා එනකන්"

"ඉතින් මට මොකද? බලන් ඉදලා බලන් ඉදලා වෙන කෙනෙක් හොයාගනී"

මොනාද ජංකුක් මේ ඔයා කියන්නේ?

මේවා විහිලු නේද?

මන් බලන් ඉදලා ඉදලා වෙන කෙනෙක් හොයාගන්නේ නෑ ජංකුක්

"බලන් ගියාම ඔයා එයාට ආදරේ කරලා නෑ"

"වෙන්න ඇති...

"කවුද ඒ අර ලොක් ස්ක්‍රීන් එකේ ඉන්න කෙනාද?"

"ඔව්... ඒක මාරු කලා මේ.....

එයා මගේ ඉස්සරහට ෆෝන් එක දික් කලා...

ඔව් එයා මගේ ෆොටෝ එක අයින් කරලා

"මට යන්න දෙනවා....

"යන්න දෙන්නම්... මට ආදරේ කරනවද?"

"ඔයාට ශුවර් ද එයා ඔයාගේ හිතේ නෑ කියලා?"

"ඔව්"

"කවදාහරි ආවොත් එයා?"

"කරන්න දෙයක් නෑ ඉතින්... අනික එයාට දැන් වෙන කෙනෙක් ඇති අප්පා..."

මට මොකක්ද කියන්නේ කියලා හිතගන්න බෑ යකෝ

මට ඇඩෙන්න වගේ

ඒත් පුදුමයි මට ඇඩුනේ නෑ

තමුසේ මහ ජරා සතෙක්

"මන් මෙච්චරකල් තනියම හිටියේ... ඒත් තමුසේ වෙනස් ඕයි... මාත් එක්ක එල්ලි එල්ලිම කියවනවා.. මෝඩයෙක් වගේ.. හැබැයි ඒක මරු... මාව දන්නේ නැතුවත් මට උදව් කලා.. මගේ හිත කියනවා තමුසේ මට හරියනවා කියලා"

ඒ මගේ හැටිනේ ජංකුක්
ඔයා ඒක දන්නවනේ

මාව අදුරගන්න බැරිද ඔයාට ජංකුක්?

වෙන කෙනෙක්ට ළං වෙන්න හදන්නේ

"ඔයාට ශුවර් නේ එයාව ඕනේ නෑ කියලා"

"ඔව්....



plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top