53
"මන් ඕනේ ඔට්ටුවක් දානවා, උබ සතියෙන් ආයේ සෝල් එනවා"
"පලයන් පලයන්... මන් ඇන්ටිගෙ දුවව සෙට් කරන් මේ ඔක්කොම මගේ නමට ලියාගෙන ආතල් එකේ ඉන්නවා.. අහ් එතකොට අර එහා කාමරේ ඉන්න එකාගේ පුකට පයින් එකක් ගහලා එලියට දාලා මන් ඒ කාමරේ ගන්නවා"
"අනේ උබේ ගොන් හීන.. මේ මන් යනවා..."
"දැන්ම?"
"ඔව් බන්... ආයේ රට යන්න කලින් කරගන්න වැඩ කන්දක් තියනවා"
"හ්ම් එල එල එහෙනම්.. මාව බස්සන්න ආවට තැන්කිව් බන්, රට යන්න කලින් ආයේ සෙට් වෙමු හොදද?"
"අනිවා අනිවා බන්"
.
.
.
.
හොබියා ගියා
නිකමට හිතුනේ හොබියා නොහිටින්න මන් කොච්චර අසරණ වෙනවද කියලා
ආයෙත් කාමරේට
අල්මාරියෙන් තුවායත් අරන් කෙලින්ම නා ගන්න
ඒ ජේකේගේ තුවාය
එයා ලග ඉන්නවා වගේ දැන් දැනෙන්නෙ
"අර ඩයස්ගේ නංගිද....
හීනීයට සින්දුවක් කියාගෙන නා ගත්තා
සුදු පාට කොට කලිසමයි
අත් දිග කලු ටී ශර්ට් එකයි
එලියට ආවේ පොඩ්ඩක් වත්තේ ඇවිදලා බලන්න
දොරෙන් එලියට යද්දිම ලස්සන කෙල්ලෙක්
කොට ගවුමකුත් ඇදගෙන මන් ඉන්න පැත්තට දුවගෙන එනවා
මේ ඇන්ටි කිව්ව එයාගේ දුවද
මන් දොර ලග නැවතුනා
එයත් මන් ඉස්සරහට ඇවිල්ලා නැවතුනා
"පොඩ්ඩක් අයින් වෙනවද මට ඇතුලට යන්න"
මන් දොරේ පැත්තකට වුනා
කෙල්ල මාවත් පහු කරන් ඇතුලට ගියා
යද්දී මගේ ඔලුවේ ඉදන් යටි පතුලටම ඇහැ දාගෙන ගියේ
මොනා වුනත් කෙල්ල ලස්සනයි
වැඩක් නෑ
මන් සාක්කුවට අත් දෙකත් දාන් එලියට බැස්සා
සීතලයි
වත්තේ කොනක තිබ්බා පොඩි බංකුවක්
මන් ගිහින් ඒකෙන් වාඩිවුනා
වාඩිවෙලා ෆෝන් එක ගත්තා අතට
කරන්න දෙයකුත් නැති එකේ මන් ගියේ ඉන්ස්ටර් එක පැත්තට
ජංකුක්ගේ අකවුන්ට් එකට.....
ඒකේ අන්තිම අප්ඩේට් එක මීට අවුරුදු දෙකකට කලින්
හරියටම අපි සතුටෙන් ලගින් හිටිය අන්තිම දවස්
එයාගේ අන්තිම පෝස්ට් එකේ හිටියේ එයා... කැප්ශන් එක LovewithWB
මට තාම මතකයි මන් එහෙම දැම්මේ ඇයි ඇහුවම කිව්වේ WB කියන්නේ winter bear, winter bear කියන්නේ මට කියලා.. මන් එයාගේ winter bear කියලා
තාමත් ඒ පෝස්ට් එක එහෙම්මමයි
ඔයා කොහෙද ජංකුක්
එක පාරක් බලන්න ආසයි
එකම එක පාරක් ආයේ බදාගන්න ඕනේ
එකම එක පාරක් ආයේ ඔයා ලගින් ඉන්න ආසයි
"හායි.....
මාව ගැස්සුනා
මන් හැරුනේ පිටිපස්සට
අර කෙල්ල
"හායි....."
"මන් මෙතනින් ඉදගන්නද අයියේ?"
"ඒත් ඔයාගේ අම්මා??"
"මන් අම්මගෙන් අහලා ආවේ...
"අහ් එහෙනම් වාඩිවෙන්න"
එයා මගේ එහා පැත්තෙන් වාඩිවුනා
මන් මුකුත්ම අහන්න ගියේ නෑ
මොන ගිනි ගෙඩියක් පාත් වෙයිද දන්නෙ නෑනේ
"ඔයා රට ඉදන්ලු නේ ආවෙ?"
"හ්ම් ඔව් නංගී, ඔසී ඉදලා"
"මෝඩයෙක් ඔයා"
මොකක්?
මන් ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බැලුවා
"නෑ ඉතින් එහේ නොයිද මොන මගුලටද මෙහෙ ආවේ?"
කෙල්ල කටර් එකක් වගේ
මට තනියම හිනා
තොලත් පෙරල පෙරල කියවනවා
"මගේ හැමදේම මෙහෙ තියෙන්නේ"
"හැමදේම කිව්වේ.....
"හැමදේම....
"හරි හරි.. ඒ කියන්නේ කෙල්ල ගැනද?"
මන් හිනාවෙලා මුකුත් නොකියා හිටියා
"මේ මන් ඔයාට බඩ්ඩක් කියන්නද?"
"මොකක්ද?"
"මෙහෙමයි බඩ්ඩක් නෙමෙයි මේක... මේක උදව්වක්"
"උදව්වක්? මගෙන්? ඒ මොකක්ද?"
"අම්මා කිව්වා ඔයාට දුන්නේ උඩ තට්ටුවේ කාමරේ කියලා, අර ඒ කාමරේට එහා එකේ ඉන්න අයියට මන් කැමති"
මොකක්?
දැන් මට මොකක්ද මේ කෙල්ල කියන්න යන්නේ?
"ඉතින්....
"එයා හෙනම හෙන නපුරුයි... ඔයා මට උදව් කරන්න ඕනේ එයාව යාලු කරගන්න"
ඔය කලේ.. අනේ ගොනා ගෙට වෙලා නොයිද ආවා සිරි නරඹන්න
දැන් හරිනේ අමාරුව
"මන්? මන් කොහොමද ඒක කරන්නේ?"
"ඉන්නකෝ....
කෙල්ල ගවුමේ සාක්කුවට අත දාලා මොකක්දෝ කොල ගුලියක් ගත්තා
"මේක... මේක එයාට දෙන්න"
"ඉතින් ඔයාට දෙන්න පුලුවන්නේ"
"දෙන්න තිබ්බා එයා ඒ ගුහාවෙන් එලියටවත් එනව නම්, අහන්නකෝ ඔන්න උදේම ඇදගෙන යනවා.. එන්නේ රෑ වෙලා.. කාමරේට යනවා, දොර ලොක් කරගන්නවා"
"ඉතින් ඇයි එහෙම කෙනෙක්ට කැමති?"
"මට ඔයා අහන දේ තේරෙනවා.. එයාට කලින් ඔයා ආව නම් ඔයා ගැන හිතන්න තිබ්බා.. ඒත් ඉතින් මගේ හිත අර කුකූ අයියා අරන් ඉවරයි"
"මොකක්? කුකූ අයියා?"
මට මතක් වුනේ ජංකුක්ව
මන් ආදරේට කිව්වේ කුකී කියලනේ
"ඔව් එයාට මන් ආදරේට කියන්නේ කුකූ කියලා"
"මන් ට්‍රයි එකක් දෙන්නම්.. අහ් අනිත් එක මන් කලින් අදහස් කලේ මන් ඔයාට කැමති කියලා නම් නෙමෙයි නංගී"
දුන්න කොලයත් අරන් මන් ක්ශනිකව නැගිටලා එතනින් ආවා ආයේ මගේ රූම් එකට
යන යන තැන මේ වගේ කුණ්ඩවාලම පැටලෙන්නේ ඇයි යකූ
ශික්
මැදැයි ටිකක් සැනසීමේ ඉන්න ගියා
හෙට වැඩ... හෙට අදින්න කලු කලිසමකුයි සුදු අත් දිග ටී ශර්ට් එකකුයි එලියට ගත්තා
අයන් පාරක් දාලා එල්ලුවා අල්මාරියේ ගැට්ටේ
"වැටෙන්නෙ නම් එපා පුතෝ"
ඊලගට කුස්සියට
බඩගින්න එක්ක එන තිබහා
වට පිට බලද්දි දැක්කේ කොත්තු මී පැකට් එකක්
මේක කාගේදෝ....
කාගේ උනත් දැන් මේක මගේ
ඇන්ටි කිව්වනේ තමන්ගේ ඒවා පරිස්සම් කරගන්න කියලා
මේක තියපු එකාට මේක එපා නිසානේ මෙහෙම තියලා ගිහින් තියෙන්නේ
ගත්තා පැකට් එක
වතුර එකක් ලිපේ තියලා දැම්මා කඩලා
"ඔයාලා දැන් එකතු වෙලා ඉන්නේ ටේයාගේ කුකින් ශෝ එකට.. මුලින්ම රත්වූ භාජනයට කොත්තු මී පැකට් එක කඩා දාගන්න...
ඌ අත පිච්චෙන්නෙ පුලුවන්... පරිස්සමෙන්.. තෙල් පැක්ට් එක සහා අනිත් පැකට් එක වෙනම තියාගන්න.. ටික් ටික්....
විනාඩි පහක් බලන් ඉදලා ඇරියා භාජනේ පියන
"මේ තියෙන්නේ කොත්තු මී.... නෑ මේකේ කොත්තු මී රස එන්න නම් මේ පැක්ට් දෙකත් දාගන්න... දැන් පදමට කවලම් කරන්න...
පොඩි සින්දුවකුත් කියමුද? Monday tuesday wednesday thursday friday saturday sunday....
කොත්තු මී එක නම් හරි
මන් හැන්දකුත් දාන් ආවේ සාලෙට
වෙලාව බලද්දී පහයි කාලයි
ටග්ගාලා කාලා දාන්න ඕනේ
මේකේ අයිතිකාරයා ආවොත් වසලා හමාරයි
එක හුස්මට මන් කොත්තු මී එක කෑවා
කාලා මන් බලන් හිටියේ බෝඩිමේ සෙට් එක අදුරගන්න..
හය පහු වෙද්දී දෙන්නෙක් ආවා
පහල ඉන්නවා කිව්ව දෙන්නා
තිහ පැන්න දෙන්නෙක්
වැඩි කතාවක් නෑ
හැබැයි හොදට හිනාවෙලා ගියා
ඊලගට ආවේ උඩ කාමරේ කොල්ලෙක්
පොර උසයි සුදුයි
ටිකක් වෙලා කියව කියව ඉදලා ඌත් ගියා නාගන්න
මන් බලන් හිටියේ අනිත් දෙන්න එනකන්
අට පහු වෙනකන් හිටියත් උන් දෙන්නා ආවේ නෑ
ඉතින් මාත් කාමරේට ගිහින් දොර වහගත්තා
නවයටත් කිට්ටුයි
තාම මන් හිතන්නේ අරුන් දෙන්නා ආවේ නෑ
මන් ලයිට් එකත් ඕෆ් කරලා ඇදට ආවා
.
.
.
.
යාන්තමට ඇස් දෙක පිය වෙද්දිම අඩි සද්දයක්
වෙලාවට බැලුවා ෆෝන් එකෙන්
යකෝ දහයා මාරයි
අනේ පස්සෙම උන්ව අදුරගන්නවා කියලා හිතන් මන් අනිත් පැත්ත හැරිලා නිදාගත්තා..
.
.
.
.
.
.
එලාම් එකට ඇහැරෙද්දී හතයි
අඩේ අටා මාරට වැඩ
පැන්නා ඇදෙන් බිමට
විනාඩි පහයි නාන කාමරෙන් එලියට ආවා
වෙලාවට ඊයේ අයන් කරලා තිබ්බේ
ඇදුමත් ඇදගෙන සුපුරුදු මගේ බෑග් එකත් දාන් කාමරෙන් එලියට
ඇන්ටි කිව්වා වගේම ලොක් කලා කාමරේ
ලොක් කරලා එන්න හැරෙද්දිම මතක් වුනේ මගේ දෙපැත්තේ කාමර දෙකේ උන් දෙන්නව
"රෑ වෙලා මගුලේ ගිහින් ඇවිල්ලා පස්සට ඉර වැටෙනකන් බුදිද කොහෙද"
තාම දොරවල් දෙකම වහලා
ඕනේ එකක් මට පාන්ද
මන් පහලට එද්දිම අර කෙල්ල
ඇන්ටිගේ දුව
වසලා හමාරයි
මේකී දුන්න අර කොලේ මන් කොහෙද දැම්මේ
මට මතක නෑනේ
මන් ශේප් එකේ යන්න හැදුවේ, කොහෙද කෙල්ල පාර හරස් කරලා හිට ගත්තා
"දුන්නද?"
නෑ කිව්වොත් ඒක ඉල්ලයි
දැන් ඒක හොයන්න ගියොත් මගේ ජොබ් එක නැති වෙනවා
"ඔව් දුන්නා.. ඊයේ රෑම දුන්නා... මට පරක්කුයි මන් යනවා"
ඇග බේරගෙන එතනින් ආවා
ඊලගට එන අවුලට පසුවට මූණ දෙමුකෝ කියලා හිතාගෙන
.
.
.
.
.
.
.
අලුතෙන් හම්බුන තැන නම් කියන්න නරකක් නෑ
පහයි කාලයි එලියට එද්දී
පයින් ටික දුරන් ආවම තමා බස් එක ගන්න පුලුවන්
මන් හදිස්සියක් නැති නිසා හෙමින් හෙමින් පාරට ආවා
රෑට කන්න ඕනේ නිසා හිතුවේ හන්දියෙ කඩෙන් කොත්තුවකුත් අරන් යන්න
පයින්ම හංදියට ආවා
කඩේ පෝලිම
මාත් සෙට් වුනා පෝලිමට
මට හිතුනෙම කවුරුහරි මන් දිහා බලන් ඉන්නවා කියලා
මන් වටපිට බලද්දි දැක්කේ මන් හිටිය තැනට දකුණු පැත්තෙ තිබ්බ මේසේ කොත්තුවක් කකා හිටිය කොල්ලෙක් මන් දිහා බලන් ඉන්නවා
මන් බලද්දී අහක බලාගත්තා...
ආයේ බලනවා
මොනාද යකූ බලන්නේ...
මන් කොත්තුවත් අරන් කඩෙන් එලියට බැස්සා
ඇතුලේ මන් දිහා බලන් හිටිය කොල්ලත් ඒ එක්කම එලියට බැස්සා
මන් ටිකක් හයියෙන් හෝල්ට් එකට ගියා
ඒ ගමන ඒ මිනිහත් මගේ පස්සෙන් එනවා
මන් හෝල්ට් එකේ හිටගද්දී ඒ කොල්ලත් මගේ පස්සෙන් හිටගත්තා
මේ මොන විකාරයක්ද යකෝ
ඈතින් බස් එකක් එනවා
මන් ටිකක් ඉස්සරටහට ගියා
බස් එක නැවත්තුව ගමන් රිංග ගත්තා ඇතුලට
ඒ කොල්ලත් බස් එකේ
දැන් නම් මට බයයි
දැන් මන් බැහැලා පයින් යන්නේ කොහොමද යකූ
මන් බහිනකන්ම මගේ ඔලුවේ වැඩ කලේ ඒක විතරයි
ඉස්සරහෙන් හෝල්ට් එක බහින
මට බහින්න බයයි
ඒත් දිගටම යන එකෙනුත් වෙන්නේ මටමයි කරදරේ
ඕනේ වෙඩිමක් කියලා මන් බැස්සා
ඒ කොල්ලත් බැස්සා
මන් පාරට හැරෙන්නෙ නැතුව බලන් හිටියේ තව කවුරුහරි එනකන්
මන් යනකන්ද කොහෙද ඒ යකත් යන්නේ නෑ
මන් ටිකක් වෙලා එතන බලන් ඉද්දී සුදු උස තව කොල්ලෙක් ආවා
මනුස්සයා මන් යන පාරට හැරුනා
මන් අඩියට දෙකට ඒ කොල්ලා ලගට ගිහින් එයත් එක්කම යන්න පටන් ගත්තා
මන් පස්ස හැරිභැරි බැලුවේ අර යකා ඉන්නවද කියලා...
එයා මන් දිහා බලාගෙනම අපේ පස්සෙන් එනවා
විනාසයි
මේ කොල්ලා නිකන් හරි මගින් හැරුනොත් ඉතුරු ටික මන් යන්නේ කොහොමද?
මන්... මන් කතා කරන්නද එයා එක්ක... මට බයටම ඒ කොල්ලට කතා කෙරුනා
"අයියේ.....
අයියද දන්නෙත් නෑ
ඒත් පෙනුමෙන් ඒ වගේ
එයා යන ගමන් ම මන් දිහා බැලුවා
"අයියේ ඔයා කොහෙටද යන්නේ?"
එයා මුකුත් නොකිව්වත් එයාගේ මූණෙන් ප්‍රශ්නාර්ථයක් මන් දැක්කා
හරිනේ එයා මොකටද එයා යන තැන මට කියන්නේ
"නෑ මේ.... මේ අර පිරිමි කෙනා මගේ පස්සෙන් එනවා ගොඩක් වෙලේ ඉදන්, මන් මෙහෙට අලුත් අයියේ ඒකයි..."
එහෙම කිව්වම නම් එයා නැවතුනා
මගේ උරහිස උඩින් එයා පිටිපස්ස බැලුවා
"ඇයි උබට මොකක්ද වෙන්න ඕනේ?"
එය සද්දෙට ඇහුවා
මාත් පිටිපස්ස බැලුවා
ඒ කොල්ලා නැවතුනා
"මේ පැත්තේ නටන්න එපා.. පලයන් යන්න"
එච්චරයි කිව්වේ
ඌ දිව්වා ආපස්සට
මට පුදුමයි
"මේ පැත්තේ හවසට එද්දී ටිකක් පරිස්සමෙන්... උන්ට අසහනේ, ලස්සන කොල්ලෙක් පේන්න බෑ ඕකුන්ට"
"මන් වැඩ කරන තැන ඉදන් අයියේ පස්සෙන් එන්නේ"
"එහෙනම් ඕකා හෙටත් එයි... බය වෙන්න එපා, බැනපන් සද්දෙට"
මරු මටත් වෙන වැඩ
"තැන්කිව් අයියේ උදව්වට"
"ඒක මොකක්ද.. නම,කොහෙද ඉන්නේ..."
අපි දෙන්නා යන ගමන් ටිකක් කතා කර කර ගියා...
"මන් කිම් ටේහ්‍යුන්ග්... ඉන්නේ මේ පෙරේරා ඇන්ටිගේ බෝඩිමේ"
"අඩෝ අපේ බෝඩිමේ නේ"
"අහ් අයියා මන් නොදැක්ක දෙන්නගෙන් කෙනෙක් ඒ කියන්නේ"
"ඔව් ඔව් මන් පඩිපෙල ලගම කාමරේ පොර.. මන් ජින්... කිම් සොක් ජින්"
plz vote and comments guys
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top