52
අවුරුදු දෙකකට පසු
"ටේයා උබ කොහෙද ගොනෝ ඉන්නේ?"
"මන් මේ එලියේ ඕයි.. උබට කිව්ව වෙලාවට එයාර්පෝට් එකටවත් ඒ ගන්න බෑ"
"ඉදපන් මන් එන්නම් ඔතනට"
ඈතින් හොබ්බා දුවගෙන එනවා
"අඩෝ උබව දැක්ක කල්... අනේ උබ තවත් ලස්සන වෙලා බන්"
"මොකද උබ බටර් ගාන්නේ?"
"වැඩේමයි තොට බටර් ගාන්න.. ලස්සන නිසා ලස්සනයි කිව්වේ"
"හරි හරි යමන්කෝ.. මට බඩගිනි බන් හොදටම"
හොබ්බා මගේ බෑග් එක අරන් කාර් එකේ ඩිකියට දැම්මා
මන් ඉස්සරහෙන් නැග්ගා
ටික දුරක් එනකන්ම අපි අතරේ නෝ කතා
මන් මේ එන්නේ අවුරුදු දෙකකට පස්සෙ
ගොඩක් දේවල් වෙනස් වෙලා ඇති
මන් අද ආවා කියලා තාත්තටවත් අයියටවත් කිව්වෙ නෑ
දන්න එකම කෙනා හොබී
මන් පවුලෙන් ඈත්ම වුනා
ඉදලා හිටලා අයියයි තාත්තයි ගන්න කෝල් එකක් ආන්සර් කලත් මට කතා කරන්න තියා එයාලා එක්ක මගේ දුක සතුට බෙදාගන්නවත් ඕනේ වුනේ නෑ
අනිත් කෙනා ජංකුක්
එයා ගැන මන් මුලදි හොබියගෙන් ඇහුවට ඒකත් මන් නතර කලා
මොකද හොබ්බත් ආයේ යූකේ ගිය නිසා මට එයා ගැන අහන්න වෙන කෙනෙක් හිටියේ නෑ
එයා සතුටෙන් ඇති
දැන් එයාට 28ක්
බැදලා වෙන්නත් පුලුවන්
"ටේහ්යුන්ග්....
මාව ගැස්සුනා
මන් හැරුනේ හොබියගේ පැත්තට
"මොනාද උබ හිතන්නේ? ජංකුක් ගැනද?"
උබ තමයි බන් ජංකුක්ට පස්සෙ මගේ හිත කියවන එකම එකා
"හ්ම්ම්... එයා දැන් මොනා කරනවා ඇත්ද නේ?"
"මන් මෙහෙන් ගියාට පස්සෙ කීප පාරක්ම එයාව කන්ටැක් කරගන්න හැදුවා බන්, බට් බැරිවුනා"
"ඒකට කමක් නෑ බන්....
"ජිමින් අයියා කිව්වේ ජංකුක් ගැන කවුරුත් දන්නෙ නෑ කියලා"
"ඒ කිව්වේ?"
"උබ වගේම එයත් කාටවත් නොකියා ගිහින්ලු.. අඩුම නිචීවත් දන්නෙ නෑලු"
හිතට බයක් ආවත් ඒ එක්කම මට දැනුනේ ලොකු සැනසීමක්
ඒ කියන්නේ ඔයා අලුතෙන් ජීවිතේ පටන් අරන්
"ඔය කතා පස්සෙ කතා කරමු.. මුලින් කාලා ඉමුද?"
"හ්ම්"
හොබියා ආවේ සෝල් පටන් ගද්දිම වගේ හම්බෙන කැෆේ එකකට
අපි දෙන්නා ඒකෙන් හොදට කාලා එලියට බැස්සා
"උබ දැන් ගෙදර නෙමෙයිද යන්නේ?"
"නෑ බන්... මන් හොටෙල් රූම් එකක් බුක් කලා.. "
"හැමදාම හොටෙල් රූම් එකක ඉන්නද හදන්නේ?"
"නෑ.. දවස් දෙකකින් මන් යනවා බන් ඉල්සාන්.. එහේ මන් බෝඩිමක් හොයාගත්තා"
"එහෙ යන්නෙ ඇයි?"
"මට ජොබ් එකක් හම්බුනා.."
"අංකල් සතුටු වෙයි උබව දැක්කම"
"හ්ම්ම්ම්.. අපි යමුද? රෑ වෙලා ගෙවල් පැත්තෙ යන්නත් ඕනේ"
ඊලගට හොබියට කියලා මන් හොටෙල් එකට ඇරලවගත්තා
ඇත්තටම මට ඉල්සාන් ජොබ් එක සෙට් කලේ ඔසීවල හම්බුන යාලුවෙක්.. එහෙ ඉන්න හිත කිව්වත් මට ඕනේ වුනා ආයේ මෙහෙට එන්න.. ඉතින් යාලුවෙක්ගේ උදව්වෙන් ජොබ් එකක් හොයාගෙනම ආයේ ආවා
.
.
.
.
.
.
හොබියා මාව බස්සලා ගියාට පස්සෙ වොශ් එකක් එහෙම දාන් මන් ලෑස්ති වුනේ ගෙවල් පැත්තේ ගිහින් එන්න
ඩෙනිම් කලිසමට කලු අත් දිග ශර්ට් එක ඇදලා යට කරගත්තා
දැන් ඉතින් පොඩි එකෙක් නෙමෙයිනේ මන්
වොලට් එකත් අරන් මන් ලිෆ්ට් එකෙන් කෙලින්ම පහලම තට්ටුවට
දැම්ම ටැකිසි එක වෙලාවට ඇවිල්ලා
ඒකේ නැගලා ඊලගට අපේ ගෙදරට...
නෑ එයාලගේ ගෙදරට
ගේට්ටුව ළග කාර් එක නතර කලාම කවදාවත් නැති පාලුවක් දුකක් දැනුනා...
"සර් අපි ආවා.."
සල්ලි දීලා කාර් එකෙන් බැස්ස මන් ඊලගට ගේට්ටුව ලග තියන බෙල් එක එබුවා
ඉස්සර වගේමයි
ඇතුලට එද්දී ඒ හුරුපුරුදු ගතිය
මන් හෙමින් හෙමින් දොර ළගටම ගියා
මේ මගේ ගෙදර
ඒත් මන් පිට කෙනෙක් වගේ ඇයි මෙහෙම එන්නේ
මටම හිතාගන්න බෑ
ඒත් මට දැන් මේ දේවල් හුරු නෑ
ගේ දොර මන් ම ඇරගෙන ඇතුලට ගියා
කවුරුත් පේන්න නෑ
"ලිලී ඇන්ටි....
මුලින්ම කතා කලේ මන් එයාට
"ලිලී ඇන්ටි....
දෙපාර කතා කරද්දී එයා මගේ ඉස්සරහා
හිටියා වගේමයි
කිසිම වෙනසක් නෑ
"පො...පොඩි බබා.... මේ ඔයාමද?"
එයා මගේ මූණේ ඉදන් අත වෙනකන්ම අතගෑවා
ඔව් මේ මන් තමා...
"කොහොමද ඇන්ටි..."
"ලොකු බබා...ලොකු බබා...
එයා අයියට කතා කරනවා
මන් බලාගෙන හිටියේ පඩිපෙල දිහා
"ලොකු බබා මේ බලන්න පොඩි බබා ඇවිල්ලා....
අඩි සද්දෙන් මට තේරුනා අයියා ගොඩක් කලබලෙන් දුවගෙන එනවා කියලා
පඩිපෙලේ අන්තිම පඩියේ අයියා නැවතුනා
මන් හිනාවුනා
"කොහොමද අයියේ?"
"මල්ලී.....
තප්පර ගාණකට මන් අයියගේ අත් අතරේ
මාව තද කරලා එයා බදාගත්තා...
"උබ එනවා කියලා කිව්වෙත් නෑනේ...."
"කෝ තාත්තා?"
"තාත්තා ටවුන් එකට ගියා.. දැන් එනවා ඇති"
"කිසිම දෙයක් වෙනස් වෙලා නෑ"
"ඔව්ව් මල්ලී.. මුකුත්ම වෙනස් වෙලා නෑ... ඇන්ටි මල්ලිට බොන්න මොනාහරි ගේන්න"
"එපා ඇන්ටි.. මන් කාලා ආවේ....
"කොහෙන්ද? මේ එයාර්පෝට් ඉදන් එන ගමන් නෙමෙයිද?"
"නෑ... මන් නැවතිලා ඉන්න හොටෙල් එකට ගිහින් ආවේ..."
"නැවතිලා ඉන්න? මොකක්? ඒත්... ඒත් ඇයි? මේ... ගේ තියනවනේ"
"මගේ සතුට කවදාවත් මේ ගේ ඇතුලෙදි මට හම්බවුනේ නෑ අයියේ.. ඒ නිසා මන් මේ ගෙදරින් ඈත් වෙලා ඉන්න තරමට හොදයි"
"මොනාද බන් කියවන්නේ? උබගෙ මේ ගෙදර"
"ටේහ්යුන්ග්?"
ඒ තාත්තා...
මන් හැරුනා
"තාත්තේ.....
"මගේ කොල්ලා ඇවිල්ලා"
තාත්තා මාව බදාගත්තා
මුකුත් නොවුන ගාණට මන් තාත්තයි අයියයි එක්ක පැයක් විතර කතා කර කර හිටියා
ඔසීවල මන් කරපුවා එහෙම
ඒත් ඒ කිසිම කතාවක් අතරේ අපේ නැතිවුන සතුට ගැන කතා කලේ නෑ
ජංකුක් ගැන
මන් ගැන
අපේ ආදරේ ගැන
ඒ කියන්නේ තාම ජංකුක් ඔයාලට අරහං
කොහොමත් දැන් එහෙම කෙනෙක් නෑනේ
වෙලාව බලද්දී රෑ හතාමාරයි
මන් නැගිට්ටා
"උබ කොහෙ හරි යන්නද?"
"ජූන් ඔය කතා කරන විදිහ හදාගන්න බෑ නේද?"
එදා වගේමයි
මටම හිනා
"ඔව් මන් යන්න ඕනේ අයියේ... මන් ආයේ එන්නම් ඔයාලව බලන්න"
"උබට ඔහොම ඈතින් ඉන්න පුලුවන්ද මල්ලී අපෙන්?"
"දන්න කාලේ ඉදන් තනියම හිටිය මට ඒක අරුම දෙයක් නෙමෙයි අයියේ....
"ඒත්... පොඩ්ඩක් හිටපන්... මන් දන්නවා තාත්තයි මායි කලේ වැරැද්දක් කියලා, ඒත් බන් අපිට බය හිතුනා ජංකුක්ගේ මාමා...
"අයියේ.... ජීවිතේ පලවෙනි පාරට මන් කෙනෙක්ට ආදරේ කලේ.. ජංකුක්ගේ මාමා මොනා කලත් ඔයයි තාත්තයි නිසයි අපි දෙන්නට ඈත් වෙන්න උනේ.. එයාට මොකද උනේ කියලා මන් තාම දන්නේ නෑ.. ඒත් මන් දැන් හිත හදාගෙන ඉන්නේ අයියේ, ඒ නිසා මන් හිතුවා මගේ ජීවිතේ තනියම ඉන්න ඉස්සරහට... ඔයාලව බලන්න එන්නම්, ඒත් ඔයාලගේ ලගින් ඉන්න බෑ"
ආයේ එයාලා කතා කරන්න කලින් මන් එලියට බැස්සා
කෙලින්ම ගේටුවෙන් එලියට
අඩි පාර දිගේ වෙනදා වගේම ඇවිදගෙන ආවේ ගාලු පාරට
ගාලු පාරට ආවත් මට හිත දුන්නේ නෑ ඉක්මනට හෝටලයට යන්න
ඉතින් මන් පයින් පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා
පැය එකා මාරක් විතර ඇවිදල ඇවිදලා මහන්සි වුන නිසා ටැක්සියක් දාන් හොටෙල් එකට ආවා
මහන්සියටම නිදි මතයි
ඇග හෝදගෙන ඇදට.....
.
.
.
.
.
.
.
.
දවස් දෙක ඔහේ ගෙවුනා
අයියා ගෙදර එන්නම කියලා බල කලත් මන් ගියේ නෑ
අද මන් ඉල්සාන් යනවා
හොබියා බස්සන්න එන්නම් කිව්ව නිසා මන් මේ ලෑස්ති වෙලා ඉන්නේ ඌ එනකන්
ජිමින් අයියව යුංගි අයියවත් ඊයේ හම්බුනා
ආයේ ඉතින් කවදා හම්බෙයිද දන්නේ නෑනේ
"මන් ආවෝ.....
"යමන් එහෙනම්"
පැය තුනක් වගේ ගියා සෝල් ඉදලා අපිට ඉල්සාන්වලට එන්න
"මේ බන් උබට ශුවර්ද අපි ආවේ හරිම පාරේ කියලා?"
"ඔව් ඔව් ටේයා.. මන් මේ ඉගෙන ගන්න කාර් එලවනවා නෙමෙයිනේ.. මන් ආවේ උබ කිව්ව විදිහටම තමා"
"එහෙනම් කෝ බන් මන් හොයන ඇඩ්රස් එක"
"ඉදපන්කෝ.. අහ් අර ඉන්න කෙල්ලගෙන් අහමු"
අපි කාර් එක නතර කලේ පාර අයිනේ හිටිය කෙල්ලෙක් ඉස්සරහෙන්
"මේ නංගී... මේ ඇඩ්රස් එකට යන්නේ කොහොමද කියනවද?"
එයා මගේ අතේ තිබ්බ කොලේ දිහා හොදට බලලා මගේ මූණ දිහත් හොදට බැලුවා
"අර ඉස්සරහ පාරෙන් හැරෙව්ව ගමන් තියනවා කලු පාට ගේටුවක්.. ඒ ගෙදර තමා මේ...
"හරි තැන්කිව්.. ඒත් ඇයි ඔයා මන් දිහා අමුතුවට බැලුවේ?"
"නෑ මේ ඒ ගෙදරට බෝඩ් වෙන්න එන ඔක්කොම කොල්ලො කොහොමද මෙච්චර ලස්සන වෙන්නෙ කියලා හිතගන්න බැරිවුනා... ඒකයි"
පට්ට කෙල්ලෙක් හැබැයි
අපි හෝන් එකකුත් ගහගෙන ආවා
කිව්වා වගේම හරවද්දිම කලු පාට පත සයිස් ගේටුවක්
ගේටුව ඉස්සරහෙන් කාර් එක නවත්තලා අපි ගැහුවා හෝන් එකක්
"කාව හම්බෙන්නද?"
"මිසිස් පෙරේරා...
"අලුතෙන් බෝඩිමට එනවා කිව්වේ...
"ඔව් ඒ මන්"
මනුස්සයා ටග්ගාලා දුවලා ගිහින් ගේටුව ඇරියා
ගේ නම් පට්ට ලොකුයි
ඊලගට ගේ ඇතුලට
"ගුඩ් මෝනින් ටේහ්යුන්ග්... මේ කවුද?"
"මේ හෝසෝක්.. මගේ යාලුවා"
"මෙයත් මෙහෙ...
"නෑ නෑ.. මෙයා මාව බස්සන්න ආවේ..."
"ඒක මිසක්.. යමු මන් මුලින්ම කාමරේ පෙන්නන්නම්"
මිසිස් පෙරේරා අපිව එක්කන් ගියේ දෙවනි තට්ටුවේ තිබ්බ කාමරේකට.. ඒක කෙලවරේම තිබ්බ එකට මෙහා එක
ඒත් මන් ආස වුනේ කෙලවරේම තිබ්බ එකට
"අරකේ කවුරුහරි ඉන්නවද?"
"අහ් ඔව් පුතා.. ඒ දරුවා ටිකක් වෙනස් කෙනෙක්"
"නෑ මන් ආසයි ඒ කාමරේට.. මන් හිතන්නේ වට පිටාව ලස්සනට පේනවා ඇති"
"ඔව්.. ඒ කාමරේ නම් දෙන්න අමාරුයි පුතා.. ඒ දරුවා මට ඒ කාමරේ වෙනුවෙන් ලොකු ගාණක් ගෙවනවා"
"ඒකට කමක් නෑ ඇන්ටි.. මගේ කාමරේ මේකද?"
"ඔව් දරුවෝ"
මන් ඇතුලට ගියා...
දම් පාට තීන්ත ගාපු කාමරයක්
ලස්සනයි
නිස්කලංකයි
එක ඇදක්
මේසයක්
පුටුවක්
පොඩි අල්මාරියක්
සිවිලිම් ෆෑන් එකකුයි තව ඒසී එකකුත් තියනවා
අයිනේ පොඩි ජනේලයෙක්
සරලයි
ලස්සනයි
මන් හොබියගේ අතේ තිබ්බ බෑග් එක ඇද උඩින් තිබ්බා
"අස් කරගන්න, මන් බොන්න මොනාහරි ගේන්නම්"
ඇන්ටි පහලට ගියාම මන් හොබියා එක්ක එකතු වෙලා බෑග් එක අස් කලා
"උබට මෙහෙම තනියම ඉන්න පුලුවන්ද බන්?"
"අවුරුදු ගාණක් තනියම හිටිය මට මේක මොකක්ද බන්"
.
.
.
.
.
"මන් ඇතුලට එන්නද?"
"එන්න ඇන්ටි"
"මෙන්න ගන්න.... බීම එක බොන ගමන් මන් මේ කියන ටික හොදට අහගන්න ඕනේ... මෙහෙ ඉන්න එකට ඔයාලා මට ගෙව්වට ඔයාලට ඕනේ ඕනේ දේවල් මෙහෙ කරන්න බෑ හරිද.. ඒ කියන්නේ මේ බෝඩිමේ ඔක්කොම ඉන්නේ කොල්ලො, ඉතින් කෙල්ලො ගෙන්නා ගැනීම සපුරා තහනම්.. අනිත් කාමරවල ඉන්න අයට කරදරයක් වෙන දේවල් කරන්න තහනම්.. උදාහරණයක් විදිහට හයියෙන් සින්දු දාන් අහන එක වගේ.. තව ඔයාලගේ බඩුබාහිරාදියේ වගකීම ඔයාලා සතුයි.. ඒ කිව්වේ ඔයාලගේ කාමරේ කොහෙ ගියත් ලොක් කරලා යන්න ඕනේ, වැදගත්ම දේ මගේ දුවත් මෙහෙ එනවා ඉදලා හිටලා, එයාට අනං මනං විහිලු එහෙම කරන්න බෑ.. හොදද?"
මොනාද යකෝ ඒ කිව්වේ
මට තේරුනේ නෑ
ඒත් මන් හා කියන්න ඔලුව වැනුවා
"එහෙනම් මන් යනවා පහලට.. මන් ඉන්නේ එහා පැත්තේ තියන ගෙදර... ඔයාලට කුස්සිය තියනවා කැමති දෙයක් උයන් කන්න"
"හා ඇන්ටි... මේ ඇන්ටි මෙහෙ කී දෙනෙක් විතර ඉන්නවද?"
"දැනට ඔයා එක්ක හයක් ඉන්නවා.. පහල දෙන්නෙක් ඉන්නවා.. ටිකක් ඔයාලට වඩා වැඩිමල්.. උඩ තට්ටුවේ හතර දෙනයි... ඔයාගේ වයසේ වගේ.. ඔක්කොම ජොබ් කරන අය ඉන්නේ"
"හරි ඇන්ටි... තැන්කිව්"
ඇන්ටි කාමරෙන් එලියට ගිය ගමන් හොබියා හිර කරන් හිටිය හිනාව එලියට දැම්මා
"මන් ඕනේ ඔට්ටුවක් දානවා, උබ සතියෙන් ආයේ සෝල් එනවා"
plz vote and comments 🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top