49

ශර්ට් තෝර තෝර ඉද්දී මගේ ඇස් ගියේ කොනේ තිබ්බ කලු පාට ටී ශර්ට් එකට

ඒක බැගී එකක්

ලස්සනයි

ජංකුක් අදින්නේ ඒවා ගොඩක්

‍රස්තියාදුකාර පාට වුනාට එයා පට්ට ගති ඒවට

මන් එතනට ගියේ ඒක ගන්න

ඒත් මන් ඒකට අත තියද්දිම මගේ එහා පැත්තෙන් තව අතක් එතනට ආවා....

මන් හැරුනා

ඒ නිචී

මන් ටග්ගාලා ඇදුමෙන් අත ගත්තා

"ටේහ්‍යුන්ග් අයියේ ඔයා??"

"ඔව්... මේ...මන් යාලුවෙක් එක්ක ආවා පොඩ්ඩක් ශොපින් කරන්න"

"මාත් ජංකුක් අයියා එක්ක ආවේ.. කෝ එයා...."

කියලා නිචී වටපිට බැලුවට ජංකුක් පේන්න හිටියෙ නෑ

"අයියේ මේ මන් මේක ගන්නද?? ජංකුක් අයියා ආසයි මේවට"

මන් දන්නවා නංගී ඒක ඔයාට කලින්

මට මොකටද ඕක
ඔයාම ගන්න

"ගන්න නංගී... මන් වෙන එකක් ට්‍රයි කරන්නම්"

"තැන්කිව් සෝ....

"අරං ඉවර නම් යමුද නිචී... මේ මට වැඩ....

ජංකුක් අපේ ඉස්සරහා

ෆෝන් එකේ සිහියෙන් ආව නිසා මාව දැකලා නෑ

ඇස් දෙකම ලොකු කරන් බලන් ඉන්නවා

"අහ් මේ... ටේහ්‍යුන්ග්.....

මන් හිනාවෙලා එතනින් එන්න හැදුවේ

"උබ ගත්තද අර කලු.... අහ් මේ ජංකුක්නේ"

"කොහොමද හොබියා? කාලෙකින්"

"හොදයි බන්... අහ් උබ ගන්න කලින් මේ නංගී ටී ශර්ට් එක අරගත්තද?"

ජංකුක්ගේ ඇස් ගියේ නිචීගේ අතේ තියන ටී ශර්ට් එකට

ශික්... ලැජ්ජාව.. එයා දන්නවා මන් ඒ වගේ ඒවා අදින්න ආස නෑ කියලා
දැන් හිතයි එයාව මතක් වෙන නිසා ගන්න හැදුවෙ කියලා

හොබියත් ඕනේ නැති ඒවනේ කියවන්නේ

"මේ අපි යමුද?"

මන් හොබියගේ අතින් ඇදගෙන නිචීට යනවා කියන් ආවා

"මොකක්ද යකෝ ඒ කිව්වේ?"

"මොකක්ද?"

"අර ටී ශර්ට් එකේ කතාව?"

"ඇයි?"

"ඒක ජංකුක් අදින ටයිප් ඕයි... මන් මේ... මන්....

"තෝ ඒකද ඒක ගන්න ගියේ? හොද වැඩේ උබට.. ඌ හිතපුවාවේ උබ ඒක ඌ නිසා ගන්න ගියා කියලා"

"අනේ කටවහපන්.. යමන් යමන් මේ මලදානෙන් එලියට.. මට බෑ මේකේ ඉන්න"

මන් හොබී එක්ක ආවේ කාර් පාර්ක් එකට

කාර් එකට නැග්ගා

ඊලග විනාඩියේ අපි මෝල් එකෙන් එලියේ

හේතු දෙකකට

එක, ජංකුක් ඉන්න නිසා
දෙක, ඒ නිචී එක්ක නිසා

මන් හිත රිද්දගත්තට නිචී කියන්නේ එයා බදින්න ඉන්න කෙනානේ

ටික දුරක් එනකන් මට ඒ හමුවීම අමතක කරන්න බැරිවුනා

පැය භාගයක් විතර ගියා අපිට සෝල් පාලම ලගට එන්න

හොබී කාර් එක අයිනට කරලා නැවැත්තුවා

"මොකෝ බන් නැවැත්තුවේ?"

"ටිකක් ඉමු මෙතන.. තාම හතරයිනේ"
.
.
.
.

"මාස දෙකක් ගිහිනුත් උබ ඌට ලව් නේ... කොහොමද කෑගැහුව හැරි, මට එපා ඒ වාසගම ගෑවිච්ච එකෙක්වත්, මට ගැහුවා එයා...

"මොකක්ද බන් නවත්තගනින්කෝ මගුල"

එතකොටම හොබියගේ ෆෝන් එක රින්ග් වුනා

"පොඩ්ඩක් ඉදපන්"

ෆෝන් එකත් කනේ ගහන් හොබියා බැස්සා

මාත් සාක්කුවෙන් අත දාලා ගත්තා ෆෝන් එක

මන් ෆෝන් එක අරන් පොඩි එෆ්බී පාරක් දාන්න ගියේ

ඒත් එක පාරට මගේ පැත්තෙ දොර ඇරුනා

නෑ කවුරුහරි ඇරියා

"මොකද හොබී.....

එච්චරයි කියන්න වුනේ

ඒ වෙලේ දැක්කේ ඒ හොබී නෙමෙයි

ඒ ජංකුක් කියලා

එයා දවල් හිටිය ඇදුමෙන්ම

මෙයා මොකද මේ?

මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා

"පිටිපස්සට යන්න"

මොකක්?

"ඇහුනේ නැද්ද? ඔතනින් පැනලා පස්සට යන්න"

"ඒ...ඒත්... ඒත් ඇයි?"

"කතා කරන්න"

"මොනාද?"

"මල්ලී කිව්වම දෙයක් අහනවා.. මගේ පස්සෙ මොකා එනවද දන්නෙ නෑ ඕයි, යනවකෝ පස්සට"

මන් වටපිට බැලුවා

හොබියත් නෑ

අයියෝ මුන් ඔක්කොටම මොංගල්නේ

මන් ඉස්සරහෙන් පැනලා පස්සේ සීට් එකට ගියා

ජංකුක් ඉස්සරහා දොර වහන් මගේ එහා පැත්තෙන් වාඩිවුනා

"හොබී...

"ඌ එලියේ"

"ඌ දන්නවද ඔයා....

"හ්ම් ඔව්.. මායි මේ උදව්ව ඉල්ලුවේ"

"උදව්ව?"

"ඔව් ඔයාව බලන්න ඕනේ, කතා කරන්න ඕනේ කියලා"

"මොකටද ඉතින්?"

"මාස දෙකක් ඈතින් හිටිය ඇති නැද්ද?"

"ඇති වුනත් කරන්න දෙයක් නෑනේ ජංකුක්"

"ඔක්කොටම කලින් මට සමාව දෙනවද?"

එයා මගේ අත් දෙක එයාගේ අත් අතරට හිර කරගත්තා

"මොකද මේ?"

"මන් ගැහුව එකට... මන් ගැහුවේ එයාගේ පැත්ත ගන්න නෙමෙයි"

"ඇති ජංකුක් ඇති"

මාව එයා ලගට ඇදලා ගත්තා

මගේ මූණ එයාගේ පපුවේ

එයාගේ අත් මාව තවත් එයාට තද කරගත්තා

"ඔයා තව කියෙව්ව නම් ඌ ඔයාට ගහනවා.. ඒකයි මල්ලී මන් එහෙම කලේ.. මන් කවදාවත් එයාගේ පැත්ත ගත්තෙත් නෑ ගන්නෙත් නෑ... මන් හැමදාම ඔයාගේ පැත්තේ"

"ජංකුක්.... ප්ලීස් අත අරින්න"

"මට අමාරුයි ඔයා නැතුව ඉන්න"

"ඒත් ඔයා මගේ නෙමෙයි නම්"

"මල්ලී මන් දන්නවා මේක.... අනේ ඕයි මට බෑ, තමුසෙ දන්නෙ නෑ මන් විදවන හැටි ඕයි"

මට ඇඩෙනවා යකෝ
ශික්

මන් තවත් ජංකුක්ගේ පපුවට මගේ මූණ ඔබාගත්තා

"අඩනවද දැන්?"

ඔව් ඉතින් ඇඩෙනවනේ

"අඩන්න එපා... මන් යන්නම් එහෙනම්, ඒත් මට තමුසෙ නැතුව කවුරු හම්බුනත් වැඩක් නෑ"

එයා මාව ඈත් කරලා දොර අරින්න හැදුවේ

ඒත් මටත් බෑනේ එයා නැතුව ඉන්න

මන් එයාගේ බඩ වටෙන් අත දාලා එයාව තුරුල් කරගත්තා

"යන්න එපා ජංකුක්"

එයා මුකුත් කිව්වෙ නෑ

"ඔයත් අඩනවද ජංකුක්?"

ඔව් එයා අඩනවා

මට ඇහෙනවා එයාගේ ඉකිය

"නෑ... නෑ... පිස්සුද?"

"මේ පැත්ත බලනවා"

මන් එයාගේ මූණ මගේ අත්වලින් මගේ පැත්ත හරව ගත්තා

දෙන්නම අඩනවා

මන් හිතලා නොකෙරුවත් මගේ තොල් එයාගේ නළලට ගියා

මාස දෙකකින් එයාව මෙහෙම ලගට ගත්තේ

එයා ලග ඉද්දී ලෝකෙම හම්බුනා වගේ

එයාගේ තොල් මගේ කම්මුලේ

මට ලාවට හිනාවකුත් ගියා ඒකට නම්

"මෝඩයා.. තමුසේ මේ මාස දෙක මන් නැතුව කොහොමද හිටියේ?"

"හිටියා ඉතින්... ජංකුක්....

"මොකද?"

මන් එයාගේ උරහිසෙන් මගේ ඔලුව තියාගත්තා

"ඔයා ඔහෙන් යන්නකෝ"

"හ්ම්ම් ඔව් මන් ඉන්නෙ නෑ.."

"දැන් ආයේ අපි මේ ආදරේ කරන්නද හදන්නේ?"

"ආයේ? මන් කවදාවත් ඒක නතර කලේ නෑ"

"මේ මාස දෙකෙත් මට ආදරේ කලාද?"

"නැතුව... මන් හැමදාම ආදරේ කලා මොට්ටයෝ"

"ඒත් මේක වැඩක් තියන වැඩක්ද ජංකුක්?"

"හ්ම්ම් අමතක කරන්න පුලුවන්ද මාව?"

"බෑ"

"එහෙනම් ඉන්නවා කට පියන්"

මන් එයාගේ උරහිසේම ඔලුව තියන ඇස් දෙක පියාගත්තා

"මල්ලී....

"හ්ම්ම්"

"නැගිටින්නකෝ"

මොකක්? කාර් එකේ ගොනෝ ඉන්නේ කොහොමද නැගිටින්නේ?

"මොකක්?"

"මගේ උකුලෙන් වාඩිවෙනවකෝ"

මන් එයා දිහා බැලුවා

"එන්නකෝ"

මන් හෙමින් ඉස්සිලා එයාගේ උකුල උඩින් වාඩිවුනා

වාඩිවෙලා එයාගේ පපුවට මගේ මූණ තියාගත්තා

එයා මගේ ඔලුව අතගානවා

මේක හීනයක්ද?

"අද නිචී එක්ක....

"අනේ මන් ආසාවෙන් නෙමෙයි මල්ලී ගියේ.. ඒ හොල්මන මාමට කියලා ඕවා කරන්නේ.."

"ඔයාට හැමදාම ඔහොම මාමගේ පදේට නටන්න බෑනේ"

"ඔව් ඒක නම් ඇත්ත.. බලමුකෝ... මේ ඒක නෙමෙයි මොකෝ අර කලු ටී ශර්ට් එක ගන්න ගියේ? ඔයා අදින්නෙ නෑනේ"

"ඔයා නිසා"

"මන් හිතුවා"

ලැජ්ජවෙන් බාල්දියයි ඉතින්

"මේ අයියව ශේප් කරගන්නවා හොදේ"

"මට මාර අවුල් අයියේ අපේ අයියා ඔයා එක්ක තරහා එකට"

"හ්ම් මටත්.. මට පට්ට අවුල්, ඌ මගේ බොක්ක මල්ලී"

"මන් එයාට කියන්නම්, මොකක්හරි කරලා ඔයාලව ආයේ යාලුවො කරනවාමයි"

"ඔයා ඒක කරන්නම ඕනේ මල්ලී, අනිත් දේ හොබියා මට ඔයාව හම්බෙන්න උදව් කරන්නම් කිව්වා, ඒ නිසා මාව වෙනදා වගේම ගණන් ගන්නෙ නැතුව ඉන්න"

"හා"

හොබියද කොහෙද ජනේලෙට තට්ටු කරනවා

මන් ක්ශනිකව එයාගේ උකුලෙන් බැස්සා

ජංකුක් ජනේලේ පාත් කලා

"උබලා තාම ලව් කරනවද ඕයි? පහ මාරයි"

"තව විනාඩි දහයක්"

ජංකුක් හොබියා දිහා බලලා කියද්දී මට එයා ගැන ඇත්තටම මාර දුකක් ආවා

එයාට කිසිම අඩුවක් නෑ

ඒත් මන් නිසා එයා පුදුම විදිහට අසරණ වෙලා

"හා හා... ලව් කරපල්ලා, මගේ කාර් එක අපිරිසිදු කරනවා එහෙම නෙමෙයි"

"මොනාද හොබා කියවන්නේ"

ජංකුක් හිනාවෙලා ආයෙත් ශටර් එක වහලා මගේ ඉන වටෙන් අත දාලා එයාගේ ලගට ගත්තා

"මන් කිස් කරන්නද?"

මන් එපා කියනවද මෝඩයෝ

මන් හා කියන්න ඔලුව වැනුවා දෙපැත්තට

එයාගේ තොල් දෙක මගේ කම්මුලට, ඊලගට නලලට අන්තිමට මගේ තොල්වලට

කලින් මේ වගේ කිස් එකක් එයාගෙන් මට හම්බෙලා නෑ

එයාගේ ඇස්වලින් කදුලු බේරෙද්දී එයා තදින් මගේ තොල් උඩ එහෙ මෙහෙ එයාගේ තොල් ගෙනිච්චා...



vote and comments
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top