47
"ටේහ්‍යුන්ග්"
මන් බැලුවා
"අයියේ....
මන් දුවලා ගිහින් එයාව බදාගත්තා
මට ඇඩුනා
මන් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක
ඒත් කොහොමද මන් ඒක කියන්නේ
"ජංකුක් කෝල් කරලා කිව්වේ... උබට දැන්වත් තේරෙනවද මල්ලී"
මට තේරෙනවා අයියේ...
ඒත් මන් මොකක්ද කරන්නේ...
"ඌ වැරදි නැතුව ඇති... ඒත් උන් අපි එක්ක සෙට් වෙන්නෙ නෑ බන්.. සෙට් වෙන්න බෑ"
එයා මට ගැහුවා..
මට බෑ කියන්න
"යමන් යමන්... පොඩි එකෙක් වගේනේ... බලපන් දාගන්න ප්‍රශ්න"
අයියා මගේ බෑග් එකත් අරන් මාවත් ඇදගෙන ගියේ ස්ටෑන්ඩ් එකට එහායින් නවත්තලා තිබ්බ කාර් එක ලගට
කෙලින්ම ගෙදරට
කවුරුත් නෑ
මන් කෙලින්ම කාමරේට
අයියත් මගේ පස්සෙන්
"දැන් නිදාගනින්.. හෙට කතා කරමු"
මන් ඔලුව වනලා කාමරේ දොර වහන් ඇද ළග බිමින් හාන්සි වුනා
"මටම ඇයි මෙහෙම වෙන්නේ.. එයා මාමගේ වචනෙට පිටින් යන්නේ නෑ.. ඔයා දැක්කනේ ටේහ්‍යුන්ග් ඒක අද... එයා බය ගුල්ලෙක්.. බයම බය ගුල්ලෙක්.....
කකුල් දෙක අස්සට ඔලුවත් ගහන මන් හොදටම ඇඩුවා
මගේ මුලු මූණම ඇලෙනවා
කදුලු වලට
මන් නැගිට්ටේ නාගන්න
වෙලාව බලද්දී එකොලහා මාරයි
තුවායත් අරන් නාන කාමරේ පැත්තට යද්දී මන් නැවතුනේ කණ්නාඩිය ලග
ඇදුම.... මන් ඇදන් ඉන්න ඇදුම එයාගේ
ඒක ජංකුක්ගේ
හොද හුස්මක් අරන් මන් නාන කාමරේට ගිහින් දොර වහගත්තා
මට කෑගහලා අඩන්න ඕනේ
ඒත් බෑ මට තව අඩන්න
මේක එපා වෙනවා
එයාගේ ඇදුම් දෙකම ගලවලා හෝදන ඇදුම් දාන බේසමට දාලා හොදට නාගත්තා
එහෙ මොනා වෙන්න ඇතිද
ඒත් ජියෝන් කොහොමද මන් එහෙ කියලා දැනගත්තේ? ඇයි එයා ආවෙ...
නාගෙන එලියට ඇවිල්ලා ෆෝන් එක අරන් මුලින්ම ගියේ ජංකුක්ගේ නම්බර් එක සේව් කරලා තිබ්බ තැනට
"මේක දුර යන්න යන්න දෙන්නම විදවනවා ජංකුක්.. මේක ඉවරයක් වෙන්නෙ නෑ..."
මන් ඒ නම්බර් එක ඩිලීට්ම කරලා දැම්මා
ඊලගට ගියේ ජූහිගේ නම්බර් එකට
ගත්තා කෝල් එකක්
දෙපාරක් රින්ග්ස් යද්දී එයා ආන්සර් කලා
"හෙලෝ අයියේ... ඔයා ගියේ ඇයි? මොකද උනේ?"
"හ්ම්ම් අම්බෝ ප්‍රශ්න ගොඩ.. හොටෙල් එකට ආවද?"
"ඔව්... මේ වොශ් දාලා එලියට ආව පොඩ්ඩක්"
"කවුරුහරි ඉන්නවද ළග පාත?"
"නෑ අයියේ... නිචී එයාගේ තාත්තා එක්ක ඩිනර් ගන්නවා, ජංකුක් අයියත් එතන"
ශික්... කොහොමද එහෙම....
"ඔයා කෑවද?"
"ඔව් අයියේ... මට කන්න හිතෙන්නෙත් නෑ, මන් දන්නවා මෙතන වෙන ප්‍රශ්නයක් තියනවා කියලා"
"ඔයාට මන් ඒක ආවම කියන්නම්"
"ඔයා ජංකුක් අයියා එක්ක යාලුයි කියලා මන් දන්නවා අයියේ..."
"මොකක්?? ඒත්... ඒත්....
"එදා කාර් එකේ මන් නිදාගෙන නෙමෙයි හිටියේ.. එතකොට නිචීගේ තාත්තා ඒකට අකමැති නේ"
"මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා නංගී.."
"කැමති නම් මට ඒක කියන්න"
"ආවම කියන්නම්.. දැන් ඒවා හිතන්න එපා.. ආයේ ජංකුක් මගේ ජීවිතේ නෑ"
"මුකුත්ම දන්නෙ නෑ තමා මන්.. ඒත් මට ඔයාට දෙයක් කියන්න ඕනේ"
"මොකක්ද?"
"මන් ඔයාට ඇත්තටම ආදරෙයි අයියේ.. ඒ ආදරේ නිසයි මන් ඔයාට ජංකුක් අයියා එක්ක ඉන්න ඉඩ දුන්නේ.. මොකද මන් ආදරේ කලාට ඔයා ආදරේ එයාට නම් මට බෑනේ බලෙන් ඔයාව ගන්න.. ඒත් වචනෙන් මුකුත්ම නොවුන ගාණට ආයේ ජංකුක් මගේ ජීවිතේ නෑ කියන්න එපා. ඔයා මට අකමැති වෙන්න ලොකුම හේතුවත් එයානේ, එච්චර ආදරයක් එහෙම එක පාර අමතක කරන්න ඔයාට බෑ අයියේ.. ඒ නිසා කාලයට ඉඩ දෙන්න.. හැම දෙයක්ම විසදෙයි, මන් දන්නවා ඔයා මට නංගි කෙනෙක්ට වගේ ආදරෙයි කියලා, ඒකනේ දැන් වුනත් කෝල් එකක් අරන් හෙව්වේ මන් ගැන.. ඒ නිසා මන් ඕනේ උදව්වක් කරන්නම් හරිද?"
ඔච්චර හොද වෙන්න එපා ජූහී
"පණ්ඩිත කතා නම් තියනවා.. බලමුකෝ මෝඩී.. දැන් නිදාගන්න, ගුඩ් නයිට්"
"ගුඩ් නයිට් අයියේ"
ඔව් ඔයා හරි... ඒත් කාලය මිනිස්සුන්ව වෙනස් කරන්නේ නෑ නංගී.. අපි හිත හදන් කාලයට අනුව හැදෙන එකයි වෙන්නේ.. ඒකටයි මිනිස්සු කාලයට ඉඩ දෙන්න කියන්නේ, ඒත් අන්තිමට බලද්දී කාලය විසදපු මුකුත්ම නෑ... වෙලා තියෙන්නේ කාලයක් යද්දී ඒ ප්‍රශ්න අපිට අමතක වුන එක විතරයි
තවත් හිතන්න බෑ
ඕනේකමින්ම ඇස් දෙක තද කරගත්තා...
.
.
.
.
.
.
"මල්ලී... මල්ලී.....
ආයිශ්ශ්ශ්ශ් මොකද යකෝ මේ රෑ
මන් හෙමින් ඇස් දෙක ඇරියා
හුටා මේ මොකෝ එලිය
වෙලාව...වෙලාව බැලුවා
උදේ අටයි
මන් හෙමින් නැගිටල ගියා දොර ළගට
"මොකද?"
"කන්නේ නැද්ද?"
"තාම දත් මැදලත් නෑ ඕයි"
"මැදගෙන වරෙන්... කන්න"
මන් ඔලුවත් වනන් කෙලින්ම ගියේ නාන කාමරේට
දත් මැදලා මූණ හොදගෙන ආයේ පහලට
"මොනාද අද කන්න තියෙන්නේ?"
"කිරි බත් පොඩි බබා"
ශා මරේ මරු
මන් පුටුවත් ඇදලා අරගෙන වාඩිවෙලා බෙදාගත්තා කෑලි දෙකක්
ලුණු මිරිසුයි චිකන් හොදී
සුපිරි කෑම
ලිලී ඇන්ටි කෑම ටික බෙදලා ගියා
"මල්ලී ඊයේ මොකද උනේ?"
"වැඩක් නෑ අයියේ"
"කියපන්කෝ කන පලාගන්නේ නැතුව"
"එයා නිචීව බදිනවා කිව්වා"
"මොකද උනේ ඉතින්?"
"දන්නේ නෑ, නිචීගේ තාත්තා ආවා අපි නැවතිලා හිටිය හොටෙල් එකට.. ජංකුක්ට ගැහුවා.. මටත් ගහන්න ආවා"
"කවුද ජියෝන්කාරයද?"
"ජංකුක් ගහන්න දුන්නෙ නෑ... ඒත් එයා ආයේ ගැහුවා... මට ඒක රිදුනේ නෑ ඇයියේ.. පොඩ්ඩක්වත්, ඒත් ජංකුක් ගැහුව එක රිදුනා"
"උබ හිටපන්කෝ, මන් මේක බලාගන්නම්"
"එපා.. අපිට ඕනේ නෑ අයියේ... මට එපා එයාව.. මට ජියෝන් කියන වාසගම ගෑවුන එකෙක්වත් එපා"
"උබ මොන වැරද්දක් කලාටද ඌ උබට ගහන්න ආවේ?"
"අයියේ.... මන් දෙයක් කියන්නද? ඔයා නොදන්න"
"මොකක්ද?"
ඔව් මේක කියන එක ලොකු ප්‍රශ්නයක මුලක්
ඒත් මට කියන්න ඕනේ
මට ඉන්නේ අයියා විතරයි
මට හංගන්න ඕනේ නෑ තව
මන් ඔක්කොම කිව්වා
ජංකුක්ගේ මාමා කවුද
එයා නිසා මොනාද උනේ
ඔක්කොම
"මොකක්? තමුසෙ...තමුසෙ කියන්නේ අපේ අම්මව මැරුවේ ඌ කියලද?"
"ඕකයි ඌ මට ගහන්න හේතුව.. ඌට තියෙන්නෙ වෙන තරහක්"
"මන් ඌව මරනවා මල්ලී"
"අයියේ ප්ලීස්.. එපා... මට ජංකුක් එපා.. ඒත් තමුසෙව ඕනේ"
"අපි බලගමු මල්ලී.."
"එපා.. ප්ලීස් ඕයි මේක ඇති.. ආයේ මන් එයා එක්ක කතා කරන්නෙවත් නෑ, ඒ නිසා මේවා ඇති"
අයියා එතනින් එහාට වචනයක්වත් කිව්වෙ නෑ
ඒත් මන් කලේ මෝඩකමක්ද
කිව්ව එක මෝඩකමක්ද
ඒත් අයියත් මේවා දැනගන්න ඕනේ
කාලා අයියා නැගිට්ටා
"කොහෙද යන්නේ?"
"ජංකුක්ව හම්බෙන්න"
"ඒ...ඒ මොකටද?"
"ඒක උබට වැඩක් නෑ.. ආයේ ඌ දිහා බලලා මන් නරක මිනිහා කරගන්න එපා.. උබවත් යවනවා මෙහෙන් ආයේ"
"අහ්.....
"ඔව් අපේ අම්මව මරාගත්ත පවුලට උබව දෙන්නෙ නෑ.. උබ ඌ එක්ක හිනාවෙලා හරි තිබ්බොත් ඊලග දවසෙම උබව ආපු තැනටම යවනවා"
"අයියේ......
එච්චරයි
එයා යන්න ගියා
කොහෙද? ඇත්තටම ජංකුක්ව හම්බෙන්නද?
මන් කාලා සාලෙට වෙලා දැන් පැය දෙකක් බලාගෙන ඉන්නවා අයියා එනකන්.. ඒත් එයා නෑ...
කාර් එකක්...
මන් දුවලා ගියා දොර ළගට
ඒත්... ඒත් ඒ ජූහී
නිචී එක්ක
නිචී නම් කාර් එකෙන් බැස්සෙවත් නෑ
ජූහී බෑග් ටික එතනම තියලා මන් ළගට දුවගෙන ආවා
"ඔයා හොදින්ද අයියේ?"
"ඔව්ව් ඇයි?"
"ජංකුක් අයියා?"
"මගෙන් අහන්න එපා.. ඇයි එයා ඔයාලා එක්ක...
"නෑ එයත් ඊයේ රෑම ආවා කියලා නිචී අද උදේ කිව්වේ"
එතකොට අයියා ඒක දන්නවා
"හ්ම්ම්ම්"
"ඔයා අවු....
"ප්ලීස් ජූහී.. මන් කිව්වනේ, එහෙම එකක් නෑ... ඇති ඔය කතාව"
ජූහී ආයේ මුකුත් කිව්වෙ නෑ
මටත් අවුල් වගේ ඒකට නම්
"සොරි නංගී.. ඒත් ආයේ එයා ගැන කතා එපා"
"හරි හරි... යමුද ඇතුලට"
"නංගී....
ජූහී සැටියෙන් වාඩිවෙලා මන් දිහා බැලුවා
"මට එක දෙයක් දැනගන්න ඕනේ"
"මොකක්ද?"
"ජියෝන්... නිචීගේ තාත්තා ඇයි එදා හොටෙල් එකට ආවේ? එයාට නිචී එන්න කියලද?"
"අහ්... මේ.... අනේ මන්දා අයියේ... මන් හිතන්නේ නෑ... එයා එහෙම එකක් කිව්වෙ නෑ"
"හ්ම්ම්ම්"
"මන් අහන්නද?"
"එපා එපා.. වැඩක් නෑ"
"අවුලෙන් ඉන්න එපා, මට ඕනේ දෙයක් කියන්න"
"හ්ම්ම් තැන්කිව් නංගි"
මන් ජූහී එක්ක කතා කලාට මගේ ඔලුවේ කැරකුනේ අපේ අයියා
එයා එනවද කිය කිය දහ පාරකට වඩා දැන් දොර දිහා බැලුවා
මට බයයි
මන් නිසා එයාටත් අවුලක් වෙයි කියලා
දැන් නම් හොදටම ඇති.. ගිහින් පැය තුනකටත් කිට්ටුයි
මන් ගත්තා අයියට කෝල් එකක්
ඒත් ආන්සර් කරන්නේ නෑ
තමුසේ කීයට හරි ගනීනේ, එතකන්ම ගන්නවා
මන් දිගටම කෝල් කලා
"ඇයි මල්ලී?"
අම්බෝ ගත්තා...
"කොහෙද ඕයි ගියේ?"
"කියලනේ ආවේ? ඇයි මොකද ගත්තේ? මූ හොදින්ද අහන්නද?"
"මට ඕනේ මගුලක් නෑ එයා ගැන අහන්න... මන් බය වෙලා ඉන්නෙර් තමුසෙ ගැන අයියේ"
"මන් එනවා තව ටිකකින්.. අවසාන දවසනේ අපේ යාලුකම තියන, ඉතින් පොඩ්ඩක් කතා කරලම එන්නම්"
"අයියේ එදත් මන් කිව්වා, මගේ ප්‍රශ්න නිසා ඔයාලගේ යාලුකම..
"මොකක්ද උබේ ප්‍රශ්නේ? මේක මගේ අම්මා ගැන ප්‍රශ්නයක්... ඌ ඒ නිසා උබට ඊයේ ගැහුවා.. උබ කියන්නේ තවත් මට ඌව ආශ්‍රය කරන්න කියලද යකෝ?"
"අයියේ.....
"තියපන් ෆෝන් එක....
එයා බීලද? අයියා මට එහෙම කතා කරන්නේ නෑ
මන් ක්ශනිකව ගත්තේ ජිමින් අයියට
"කියන්න මල්ලී.....
මන් කතාවම කෙටියෙන් එයාට කිව්වා
"මොකක්? මොනාද බන් උබ මේ කියන්නේ?"
"අයියේ අපේ අයියව ගෙදර එක්කන් එන්නකෝ"
"හරි හරි උබ බය නොවී ඉදපන්කෝ.. මන් බලන්නම් ගිහින්"
මන් ජිමින් අයියව විශ්වාස කරලා වත්තට වෙලා බලන් හිටියා එයා අයියව එක්කන් එනකන්
.
.
.
.
.
ජූහීගේ තාත්තා ආව නිසා එයා ගියා
ඒත් තාම අයියලා නෑ
දැන් පහටත් ළගයි
මට නම් දැන් බයයි
ඕනේ එකක් කියලා මන් පාරට යන්න හැදුවේ, එතකොටම ජිමින් අයියගේ කාර් එක
මන් දුවලා ගියේ කාර් එක ළගට
අයියා පිටිපස්සේ සීට් එකේ
නිදි... නෑ එයා බීලා... එයාට හොදටම වෙරි
මන් අයියව හෙමින් එලියට ගත්තා
"ඉදපන් මන් එනකන්"
ජිමින් අයියගේ වාරුවෙන් මන් අයියව කාමරේට එක්කන් ගියා
"කවදාවත් අයියා මෙහෙම බීලා නෑ"
මට මන් ගැනම මාර කලකිරීමක් ඇතිවුනා...
මන් නිසා
"ජිමින්.... උබ.... උබ ආවද? උබ විශ්වාස කරනවද ජංකුක්.... ඌ.. උගේ මාමා මගේ අම්මව මාරගත්තා"
"ජූන් කට වහපන්.. ජංකුක් කියන්නේ කවුද කියලා මට වඩා හොදට උබ දන්නවා"
"ඇත්ත... මල්ලී... උබ කියපන්"
"අයියේ දැන් ඔයා නිදාගන්න.. "
"මල්ලී මන් මූ ගැන බලන්නම්, කාර් එකේ ඇති මගේ ෆෝන් එක ඉස්සරහා... පොඩ්ඩක් ගෙනෙන්කෝ"
මන් යතුරත් අරන් කාර් එක ලගට ආවා
ඉස්සර දොර ඇරියා
සීට් එක උඩ ජිමින් අයියගේ ෆෝන් එක
මන් ඒකත් අරන් ආයේ ගේ ඇතුලට
එතකොටම කෝල් එකක්
මන් ඒකත් අරන් කාමරේට දුවන්න හැදුවේ,
ඒත් ඒ ජංකුක්ගේ නම... ඔව් කෝල් එක එයාගෙන්.....
hi guys
plz vote and comment
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top