46

මල්ලී... කෝ මගේ ඇදුම් ඔක්කොම තිබ්බද එලියෙන් අහ්?"

"ඇයි පොට්ටද? ඔය ඇදේ පත්තේ දාලා තියෙන්නේ"

"මට යටය අදින්න එපා කියලද කියන්නේ එතකොට?"

ඊ ගොනා.....

මන් මුකුත් කියන්න ගියේ නෑ

මොන ලැජ්ජ නැති කතාද මේ
.
.
.

නාගෙන මාත් එලියට ගියා

යද්දි අර යකා ඉන්නවා ඇදේ දපනේ දාලා

"අනේ මල්ලී....

"මොකද?"

"බලනවා තමුසෙගේ බණ්ඩි ගෙඩිය"

"අනේ මේ මට තමුසෙට වගේ ජිම් යන්න වෙලාවක් නෑ"

මන් ගියේ මගේ ඇදුම අරගන්න

කෝ ඒත් ඒක?

මන් වටපිට බැලුවා

පොඩ්ඩක් ඉන්නවා

"ඔයා.... ඔයා මොකද මගේ එක ඇදලා?"

"මගේ කියලා දෙයක් නෑ රත්තරං.. මේවා අපේ"

මූගේ ආච්චිට පොල් හිටවන්න

"ගලවනවකෝ"

"බෑ.. ඕනේ නම් ගලවගන්නවා.. නැත්තම් අර මගේ එක ඇදගන්නවා"

මූ නම්... ගහන්න හිතයි දත් තිස් දෙකම ගලවලා යන්න

"අහ් මේ... මන් මගේ ජොකෙක් ඇන්දේ"

මන් රවලා එයාගේ කලිසමයි හූඩියයි උස්සන් ආයේ වොශ්රූම් එකට

ආයේ හැරුනා

කිව්වත් වගේ යටට අදින්නේ නැතුව මේ යකා එක්ක නම් ඉන්න බෑ

බෑග් එක අස්සෙන් එකක් අරගත්තා

ඒකත් අරන් ආයේ වොශ් රූම් එකට

ඇදුමත් දාන් එලියට

"ඔය ඉන්නේ මල්කුමාරයා වගේ මගේ කොල්ලා"

මාත් ෆෝන් එක ගන්න ගමන් ඇදේ අනිත් පැත්තෙන් හාන්සි වුනා

දැම්මා අයියට මැසේජ් එකක්

"අපි ආවා අයියේ"

මොනා වුනත් අයියා මන් ගැන හොයනවනේ

"කාටද කොටන්නේ?"

"අයියට දැම්මේ මැසේජ් එකක්"

"බඩගිනිද?"

"ඔව් කන්න යමුද?"

"කිස් එකක් දුන්නොත් එක්කන් යනවා"

මොකක්? ඇයි මන් යන්න දන්නෙ නැද්ද

"ඔයා එක්කන් යන්න ඕනේ නෑ.. මන් යන්නම්"

මන් නැගිට්ටා ඇදෙන්

තාම ජංකුක් ඇදේ

"එන්නෙ නැද්ද?"

"කාලා එන්න ඔයා"

"ඇයි ඔයා"

"ඔයා ආවම ගිහින් කන්නම්"

"ඇයි ඒ? මන් ඉද්දී ගිලෙන්නෙ නැද්ද?"

"නෑ... ඒත් ඔයා කාලා එන්න"

මන් ආයේ ඇදෙන් හාන්සි වෙලා එයාගේ උරහිසට ඔලුව තියාගත්තා

"කිස් එක දුන්නේ නැති නිසාද?"

"හ්ම්ම්... මන් බලු වෙලානේ නේද?"

"මොනාද කියවන්නේ ජංකුක්?"

"බල්ලෙක් වගේ පස්සෙන් එනවා.. ඒත් අගයක් නෑනේ"

මන් අත් දෙකෙන්ම මූණ අල්ලන් දුන්නා කිස් එකක් කම්මුලට

එයා එහෙම්මම මාව බදාගත්තා

"මට ආදරේ කරනවා මල්ලී.. මන් මෙහෙම පස්සෙන් එන්නේ ආදරේ නිසා... ආදරේම නිසා විතරයි... මන් ඔයාගේ ඇදුම ඇන්දෙත් ආදරේ නිසා"

"ඉතින් මන් මොනාහරි කිව්වද දැන්?"

"නෑ.. ඒත්....

"එන්න දැන් යමු කන්න.. පට්ට බඩගිනී"

එයාගේ අතිනුත් ඇදගෙන මන් එලියට ආවා.. එලියට යද්දිම ජූහීයි නීචී කාමරේ ඉස්සරහා

මන් ජංකුක්ගේ අත අල්ලන්

ඉබේටම අත අතෑරුනා

නිචීගේ ඇස් අපි දෙන්නගේ අත් දෙක ළග

"මේ... මේ.... මේ යකා කන්න එන්න බෑලූ.. බලෙන් ඇදගෙන ආවා"

අම්බෝ
මේ යකා නිසා ලෝකයට මන් පචෝරිසෙකුත් වෙනවා

මන් ඇතෑරපු අත නිචී අල්ලගත්තා

"යමු එහෙනම්.. බඩගිනි අප්පා"

නිචී ජංකුක්ගේ අතින් ඇදගෙන යන ගමන් මායි ජූහීත් පස්සෙන් ගියා

පහල අපිට වෙන් කරලා තිබ්බ මේසෙන් අපි වාඩිවුනා

ජංකුක් මගේ එහා පැත්තේ

"සර් අපි බුෆේ එක ඕපන් කරලා තියෙන්නේ, අර පැත්තේ"

"හරි තැන්කිව්"

අපි කට්ටියම ඊලගට බුෆේ එක ළගට

කෑම බෙදාගෙන ඇවිල්ලා කෑවා

බඩට දැන් තමා සැනසීමක් හම්බුනේ

"දැන් කීයටද මියුසියම් එකට යන්නේ?"

"අපි අපොයින්ට්මන්ට් එකක් දැම්මා අයියේ, හෙට උදේ නවයට තමා ඒක තියෙන්නේ"

"අහ් එහෙනම් අද අපිට රෙස්ට් කරන්න පුලුවන්"

"මොකක්ද ජංකුක් අයියේ.... අද අපි බූසාන්වල ඇවිදින්න යමුකෝ"

"එහෙනම් මෙහෙම්මම යමු"

මන් නැගිටින ගමන් කිව්වා

"මේ වගේම හූඩියක් ඔයාටත් තියනවා නේද?"

නිචී ජංකුක්ගෙන් ඇහුවේ මගේ හූඩිය දැකලා

හුටා...
මේක ඒ යකාගේ එක තමා ඉතින්

"අහ්... මේ... ඔව් ඔව්... මන් ලගත් තියනවා"

"මේ යමුද දැන් අනේ"

ඊලගට අපි ආවේ කාර් එක ළගට

ජංකුක් කාර් එක ගත්තා

මන් ඉස්සරහෙන් නැග්ගා

ඊලගට නිචීයි ජූහියි පිටිපස්සෙන් නැග්ගා

"කොහෙද අපි යන්නේ?"

"අපි.....

"බීච් යමු"

ජංකුක් මන් කියන්න කලින් කිව්වා

එයා දන්නවා මන් ආසම තැන ඒක කියලා

මන් එයා දිහා බැලුවා

කට කොනෙන් හිනාවෙනවා

මෝඩයා

මාට්ටු කරනවකෝ ඔක්කොම

"මරුනේ... මන් පට්ට ආසයි"

"මන් නම් එච්චර නෑ.. අව්වයිනේ"

"එහෙනම් අපි වෙන කොහෙට හරි යමු"

"නෑ ටේහ්‍යුන්ග් අයියේ කමක් නෑ"

මන් දන්නවා ඔයා බෑ කිව්වත් ජංකුක් යන්නේ මන් ආස තැනට කියලා නිචී

අපි ආවේ බීච් එකට

කලිනුත් අපි ඇවිල්ල තියනවා මෙතනට

ඒත් එතනට අද ආවා වගේ දැනෙන්නෙ ඇයි

මන් බැස්ස ගමන් දුවලා ගියේ රැල්ල එන ලගට

ශෝයි අප්පා

අව්ව වගේද මෙතන තියන ලස්සන

"එන්නකෝ අනේ"

මන් ජංකුක්ටයි ජූහීටයි නිචීටයි කතා කලා

ජූහීයි ජංකුකුයි ආවත් නිචී නම් කාර් එකෙන් බැස්සෙ නෑ

ඉතින් අපි සතුටු වුනා

මටයි ජංකුක්ටයි ඇත්තටම වෙන කාවවත් මතක් වුනේ නෑ

අපි සතුටු වුනා

පහට කිට්ටුයි

දැන් නම් පට්ට මහන්සි

"මේ යමුද?"

"ඔව්ව් ජංකුකා.. යමු... මහන්සි"

අපි තුන් දෙනා කාර් එකට එද්දී නිචී හොදටම නිදි

"මන් ඇහරවන්නද?"

"එපා ජූහී.. හොටෙල් එකට ගියාම නැගිට්ටවමු"

ඊලගට අපි කෙලින්ම ආවේ හොටෙල් එකට

ඒත් හොටෙල් එකට ලං වෙද්දී මට අමුතු බයක් දැනුනා

හොටෙල් එකට ආවම අපි බැහැලා ඇතුලට ගියා

"අයියේ.....

නිචී ජංකුක්ගේ අතේ එල්ලුනා

"අයියේ... අපේ තාත්තා....

මොකක්?? මන් වටපිට බැලුවා

එතකොටයි මන් දැක්කේ විසිටින් ඒරියා එකේ ඉන්න මිස්ටර් ජියෝන්ව

ජංකුක් ක්ශනිකව එතනට ගියා

අපි හිටිය තැනමයි

ගිය ජංකුජ්ගේ උරහිසටත් අතක් දාන් ජියෝන් අපේ පැත්තට ආවා

"දුව... ඔයා මේ ළමයා එක්ක මියුසියම් එකට යන්න දැන්"

"ඒත් තාත්තේ හෙටනේ....

"මන් මොකක්ද කිව්වේ දැන්.. මන් ඒවා රෙඩී කලා.. මිස්ටර් ලී, මේ දෙන්නව එක්කන් යන්න"

නිචී ජූහීගේ අතින් අල්ලන්  ලී කියන මනුස්සයා එක්ක ගියා

"මට කතා කරන්න ඕනේ ජංකුක් පුතා.. අපි යමු කමරේට"

ඊලගට එයා ජංකුක්ගේ උරහිසින් අතක් දාන් අපේ කාමරවලට යන ලිෆ්ට් එක පැත්තට ගියා

"ඔයත් එන්න ටේහ්‍යුන්ග් පුතා"

කරන්න දෙයක් නෑ

මාත් පස්සෙන් ගියා

නැවතුනේ අපේ කාමරේ

මායි ජංකුකුයි ජියෝනුයි

එයා දොරත් වහන් ජංකුක් ළගට ගියා

"ඒයී.....

එයා ජංකුක්ගේ කම්මුලට ගැහුවා

ජංකුක් කම්මුලත් අල්ලන් බිම බලාගත්තා

මන් ජංකුක් ළග

එයා කොහොමද එහෙම කරන්නේ

"ඇයි උබට රිදෙනවද අහ්?"

"එයාව අත අරින්න මාමේ.. එයා මේ මුකුත් දන්නේ නෑ.. මට ගහන්න ඕනේ තරම්"

ජියෝන් මගේ කොලර් එකෙන් අලලා බිත්තියට තද කලා

"මන් කැමති නෑ මගේ මිනිස්සුන්ට රිද්දනවට"

මගේ ඇස්වල කදුලු

මගේ අම්මව මතක් වෙලා

මේ සතා නිසයි මට එයාව නැති වුනේ

"ඔයාගේ මිනිස්සුන්ට??? ශෝක් විහිලුව....."

"මල්ලී... ..

"තමුසෙයි මගේ අම්මව මරාගත්තේ.. තිරිසනා"

"මොකක්ද උබ කිව්වේ?"

එයා.... එයා මගේ කම්මුලට ගහන්න හැදුවේ
ඒත් ජංකුක් එයාගේ අත අල්ල ගත්තා

"ඔයාට බෑ මාමේ එයාට ගහන්න...

"බෑ... මය බැරි දේ මන් කරලා පෙන්නන්ද?"

"එහෙම කරලා ඔයා හිතනවද ඔයාගේ දුවට සතුටෙන් ඉන්න පුලුවන් කියලා"

"මොකක්ද උබ කිව්වේ?"

"ඔව්... මන් ආදරේ කරන්නේ මල්ලිට.. ඒක හැමදාටම එහෙම තමා.. ඒත් මන්....මන් ඔයා කියන දේ කරන්නම්, මන් නිචීව මැරි කරන්නම්, හැබැයි ඔයා මල්ලිට අතක් හරි තිබ්බොත් මන් කවදාවත් නිචීව මැරි කරන්නේ නෑ.. ඔයා දන්නවා නිචී මට කොච්වර ආදරේද කියලා, එහෙම උනොත් එයත් විදවයි"

බෑ ජංකුක් බෑ..  ඔයාට බෑ එයාව බදින්න

"ජංකුක්... ඔයා තිරිසනෙක්ගේ හිතේද අනුකම්පාව හොයන්නේ... මූ මගේ අම්මව මැරුවා"

"මන් උබේ අම්මව මැරුවේ නෑ... උබේ අම්මයි විහින් ඒ වලට ගියේ"

"මගේ අම්මා උබට ආදරේ කලේ නෑ.. උබ මැරුවේ උබට ආදරේ නොකරපු ඒත් උබේ තියන ආසවට උබ ලගට ආපු නැති කෙනෙක්ව, දන්නවද මන් අද සතුටු වෙනවා මගේ අම්මා ගැන.. එයා බය වෙලා සතෙක් එක්ක ගියේ නෑ, මැරෙන්න හරි හරිම කෙනාව තෝරගත්තා.. මගේ අම්මා තමුන්ව බැන්ද නම් තමා වලක වැටෙන්නේ"

"උබත් අම්මා වගේම පණ්ඩිතයි"

"මාමේ... මන්....

"ජංකුක්... මේකත් අහගන්නවා, මන් තමුන්ව විශ්වාස කරනවා.. බය ගුල්ලෙක් නොවී කෙලින් තීරණයක් ගන්නවා.. පිරිමියෙක් වගේ.. උබට ඕනේ ආදරේද? එහෙම නැත්තම් කොහේවත් ඉන්න අසහනකාරයෙක්ගේ දුවෙක්ද කියලා....

ආයිශ්ශ්ශ්

මගේ කම්මුල

"මාමේ.... මන් තමුන්ට කිව්වා.. අතක් තියන්න එපා එයාට"

"ගහනවා.. පුලුවන් නම් මරනවා මගේ අම්මව මැරුවා වගේ.. ඒත් කට කෑවත් මන් ඇත්ත යකෝ කියන්නේ.. උබලා වගේ උන් දන්නේ ඕක විතරයි.. ආදරයක් හම්බ නොවුන උන්ගෙන් ආදරේ ඉල්ලලා මොනා කරන්නද?"

"මල්ලී ඕක නවත්තපන් දැන්"

"මන්... මන් මොකටද.....

අහ්..... ජංකුක්.... ඔයා මට ගැහුවා

ඇද උඩ තිබ්බ මගේ බෑග් එකත් අරන් මන් ඒ වෙලේම එතනින් එලියට ආවා

"මල්ලී....

ඕනේ නෑ

මන් කිව්වෙ ඇත්ත

මන් කෙලින්ම ආවේ හොටෙල් එකෙන් එලියට

මන් දන්නේ නෑ කොහොමද කොහෙටද යන්නේ කියලවත්

ඒත් මට ඕනේ නෑ තව මොහොතක්වත් ඒ මිනිස්සු ළග ඉන්න

උන් එකෙක්ටවත් ආදරේ තේරෙන්නෙ නෑ

ජියෝන්...  අයි හේට් යූ.... අයි හේට් යූ ජංකුක්...  තමුසේ කොහොම පෙන්නන්න හැදුවත් තමුසෙත් ජියෝන් කෙනෙක්ම තමා

බයගුල්ලා

හොටෙල් එකෙන් එලියට ඇවිල්ලා ටික දුරක් පයින් ආවා

බස් හෝල්ට් එකක්

මන් එතනට යද්දී අවුරුදු තුස් පහක විතර ගෑනු කෙනෙක් හිටියා

"මිස්, සෝල්වලට බස් එක ගන්නේ කොහෙදන්ද?"

"මෙතනින් එනවා...

එයා ඒ එක්කම ඔරලෝසුව දිහා බැලුවේ අතේ බැදන් ඉන්න

"පුතා වෙලාවට ඇවිල්ලා.. තව විනාඩි පහකින් වගේ එයි"

"තැන්කිව් මිස්....

ඒත් මන් ළග සල්ලී.. මන් ටග්ගාලා බෑග් එක ඇදලා පර්ස් එක ගත්තා

ඒකේ තිබ්බේ මගේ කාඩ් එක විතරයි

මන් මොකද කරන්නේ

ශික්.....

"මොකක්හරි ප්‍රශ්නයක්ද පුතා?"

"මන් පොඩි ප්‍රශ්නයක් වෙලා මේ ගෙදර යනවා මිස්.. මගේ අතේ සල්ලි නෑ.. කලබලේට ඒක බලන්නත් බැරිවුනා"

"ඉන්න"

එයා එයාගේ පර්ස් එක ඇදලා මට රුපියල් පන්සීයක් දුන්නා

මන් ඒක ගන්න කලින් එයාගේ මූණ දිහා බැලුවා

"ගන්න ළමයෝ... උදව්වක් ඕනේ වෙලාවට උදව්වක් කරන්න පුලුවන් නම් අපි කරන්න ඕනේනේ"

"අනේ තැන්කිව් මිස්.. මේක මට කරපු ලොකු උදව්වක්"

"අන්න බස් එක... පරිස්සමෙන් යන්න"

හිතේ තරහෙන් ආවත් ඒ ගෑනු කෙනා නිසා මගේ තරහා කොහෙන් ගියාද කියලා මටවත් හිතාගන්න බෑ...

මන් එයා හෝල්ට් එකේ ඉද්දිම බස් එකට නැගලා පිටිපස්සෙම සීට් එකේ කෙරවලයෙන්ම ඉදගත්තා
.
.
.
.
.
.
.

එතන ඉදන් සෝල්වලට එනකන්ම කිසිම හැගීමක් නෑ

තරහකුත් නෑ

ඒත් දුකයි

එයා.... එයා මට ගැහුවා

ඒකත් ඒ තිරිසනා නිසා

ඒ කියන්නේ එයා වෙනස් වෙන්නේ නෑ

තමුසෙට හොද වැඩේ ටේහ්‍යුන්ග්
.
.
.
.

හයට වගේ ඇති මන් එහෙන් එද්දී

මන් සෝල්වලට එද්දි රෑ දහයත් පහු

ස්ටෑන්ඩ් එකෙන් බහිද්දී මුලු ස්ටෑන්ඩ් එකම පාලු කනත්තක් වගේ

බෑග් එකත් එල්ලන් එතනින් එන්න යද්දී මගේ නම ඇහුනා පිටිපස්සෙන්

"ටේහ්‍යුන්ග්"




vote and comments girls
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top