45

උදේම ජූහී අපේ ගෙදර ආවා

"මොනාද ඔච්චර බෑග්?"

"අනේ මේ අයියේ, ඔයා වගේ නෙමෙයිනේ මන් කෙල්ලෙක්.. ඇදුම් ගොඩාක් ඕනේ අනේ"

යකෝ යන්නේ දවස් දෙකකට

බෑග් තුනක්

තව පොඩි බෑග් එකකුයි

මගේ සබ්බ සකලමාවම දාගෙනත් මේ බෑග් එකේ තව එකෙක්ගේ බඩු දාන්න ඉඩ තියනවා

විකාර මුන්ගේ

ජුහී ඇවිල්ලා අපේ ගෙදර අයට සිරික්කිය දාගෙන කියවනෝ

මේ යකා තාම නෑනේ

වෙලාවක් කිව්වම තේරෙන්නෙම නෑ

කියලා හිතද්දීම එලියෙන් හෝන් සද්දයක්

"අංකල්, අයියේ අපි යනවා"

"පරිස්සමෙන් ගිහින් එන්න"

අයියා ජූහිගේ බෑග් ටික ඩිකියට දැම්මා

මාත් මගේ බෑග් එක දැම්මා

වෙනසක් නෑ

නිචීත් ජූහී වගේමයි

මලු හතරක්ද කොහෙද

අර යකා හෙලුවෙන්ද දන්නේ නෑ ඉන්න යන්නේ

පේන්න නම් මල්ලක් නෑ

ඕනේ එකක් මට පාන්ද

නිචී ඉස්සරහෙන් නගින්න යද්දිම ජූහී එයාව නැවැත්තුවා

"නිචී.... මේ අයියගේ කකුල අමාරුයි පිටිපස්සෙ යද්දී, කමක් නැත්තම් එයාව ඉස්සරහෙන් නග්ගමුද?"

හරිනේ..

"හා හා ඒකට කමක් නෑ.. අයියේ ඔයා නගින්න"

බෑ කියන්න බෑනේ

මන් නැග්ගා ඉස්සරහෙන්

අර යකා ඩ්‍රයිවින් සීට් එකේ

නිචීයි ජූහියි පිටි පස්සෙන් නැග්ගා

පැය භාගයක් විතර ගියාට පස්සෙ තමා මට මතක් වුනේ රෑට ඉන්නෙ කොහෙද කියලා ප්ලෑන් කලේ නෑනේ කියලා

"මේ කොහෙද අපි නවතින්නේ?"

"අහ් මේ අයියේ අපේ තාත්තා හොටෙල් එකක් බුක් කලා.. අයියා කිව්වා ඔයාලා එනවා කියලා කියන්න එපා කියලා, ඉතින් එයා රූම් දෙකයි බුක් කලේ... අවුලක් නෑනේ, මායි ජූහී එකක, ඔයයි ජංකුක් අයියයි එකක"

අවුලක් නෑනේ නෙමෙයි යකෝ එතන ලොකු අවුලක් තියනවා

මන් එනවා කිව්වොත් අවුලක් කරයි කියලා වෙන්න ඇති ජංකුක් මන් එනවා කියලා කියන්න එපා කිව්වේ

හ්ම්ම්ම් කමක් නෑ ඒක නම්

ඒත් මන් මේ යකා එක්ක එක කාමරේට

අනේ මේ ටේහ්‍යුන්ග්, උබට හුරු නෑ වගේ රගපාන්න එපා

මගේ හිතම මට කියන්නේ ඇයි යකෝ

ඒ මගේ කාමරේනේ.. මේ හොටෙල් රූම් එකක් නේ...

"අයියේ.... ඇයි මොකෝ ඔයාට ජූහී එක්කද ඉන්න ඕනේ? දැන්ම ඒවට ඉඩ දෙන්න බෑ නේද ජංකුක් අයියේ?"

අනේ මේ මගුලක් කියනවා

"නෑ නෑ.. අවුලක් නෑ.."

"අනෙ මේ නිචී... අයියා එහෙම නෑ හරිද.."

පැය තුනක් විතර යනවා මෙහෙ ඉදන් බූසන්වලට යන්න

පැය එකා මාරක් විතර ගියා

මාර මහන්සි

නිකන් ඇවිල්ලත්

කිසිම සද්දයක් නැති නිසා මන් පිටිපස්ස බැලුවා

දෙයියෝ සාක්කී
මුන් දෙන්නම නිදි හොදට

මන් හැදුවේ ඇහැරවන්න

ජංකුක් මගේ අතින් අල්ලලා ඒක නතර කලා

ඔව් තමුසෙට දුක ඇති නේ ඇහැරවන්න

තමුසෙගේ වයිෆ් නේ

මන් ඔරවලා අත ඇදලා ගත්තා

"මොකද කේන්ති ගියාද?"

ඒ ගමන හොරෙන් කතා කරනවා

මාර ආදරයක් බබාව නිදි කරවන්න තියෙන්නේ

මන් සද්දෙට

"නෑ මොකටද?"

"ශ්ශ්ශ්ශ්ශ්.... මෝඩයා"

මූ යකෝ

"කෑගහන්න එපා, ඇහැරෙයි බන්"

"ඉතින් මොකද? මාර ආදරයක් නේ"

"මට තමුසෙ එක්ක කතා කරන්න බෑනේ ගොන් තඩියෝ එතකොට"

මොකක්? එතකොට....

මන් එහා දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා

එයා හිනාවුනා

"මො....මොකද.. මේ??"

එයා මගේ කකුල අතගාන්න ගත්තා

මන් ඇදලා හිටියේ කොට කලිසමක්
එයාගේ අර ටෑටූ ගහපු අත මගේ කකුල පුරාම යනවා

ඒ ඇගිලි මගේ කකුල පුරාම ගෙනියනවා

"ශ්ශ්ශ්ශ්ශ්ශ්... කට වහන් ඉන්නවා"

මට කිචි ගොනෝ

"මට කිචි ඕයි"

මාත් හෙමින් කිව්වා

අයියෝ අර කෙල්ලො දෙන්නා නැගිට්ටොත් මල හත්තිලව්වයි

"ජංකුක් නවත්තන්නකෝ.. දැක්කොත්"

"මට බෑ නවත්තන්න.. දැක්කොත් දකිපුවාවේ"

මන් විනාඩියෙන් විනාඩිය පස්ස බල බල ආවේ

එක පැත්තකින් ඇගම ගැහෙනවා

අනික් පැත්තෙන් කිචි
.
.
.
.
.
.

තව පැයක් විතර යද්දි අපි ඉන්නවා කිව්ව හොටෙල් එකට ආවා

මන් ආව ගමන් පිටිපස්ස බැලුවත් තාම නිචියි ජූහියි නිදී

මන් හොද හුස්මක් පිට කරලා ඒ දෙන්නව ඇහැරවන්න හැදුවේ

ඒත් එක පාරටම ජංකුක් මගේ බෙල්ල වටෙන් අතදාලා එයාගේ ඉස්සරහට ඇදලා ගත්තා

එයාගේ තොල් මගේ නලලේ

ඒ හාද්ද ආදරණීයයි

මන් දන්නවා එයා ගැන

එයා ආසයි ඒකට

ඔව් මාත් ආසයි ඒකට

මන් හෙමින් බෙල්ල ආයේ ආපස්සට ගත්තා

මට ලැජ්ජයි

මූණත් රතු වෙලාද මන්දා

"ජූහී........

මන් හෙමින් ජූහීගේ කකුලට තට්ටුවක් දැම්මා

"අහ්හ්හ්හ්.... අපි ආවද?"

ජූහී ඇස් දෙකත් කසන ගමන් නැගිට්ටා

"ඔව්ව් අපි ආවා.. නිචීවත් නැගිට්ටන්න"

නිචීවත් නැගිට්ටවගෙන අපි හොටෙල් එක ඇතුලට ආවා..

රූම් දෙක එක ලග

102යි 103යි

"අපි මේකේ ඉන්නම්"

ජූහී 102 කාමරේ දොර අරින ගමන් කිව්වා

ජංකුක් අතේ තිබ්බ යතුරෙන් ඊලග කාමරේ ඇරියා

"අයියේ වොශ් දාලා එන්න කන්න..."

වෙලාව දොලහයි කාලයි

ඔව් අම්බෝ යකෙක් කන්න බඩගිනී

"හරි නංගී"

එයාලා ඒකට යද්දී අපි අනිත් කාමරේට

මන් දොර ළෆ නතර වුනා

"මොකද?"

"ඔයා... වොශ් දාන් එන්න"

"ඉතින් එනවා ඇතුලට"

"හරි හරි.. ඔයා යන්න"

"මොකද මාව ශුවර් නැද්ද? මන් උබට වැරදියට අතක්වත් තියලා නෑ මල්ලී"

"මන්....මන් එහෙම...කිව්වෙ නෑනේ"

"හ්ම්ම්"

මුකුත්ම නොකියා ජංකුක් බෑග් එක ඇද උඩින් තියලා තුවායත් අරන් වොශ් රූම් එක පැත්තට ගියා

මන් ගියා නෙමෙයි මාව එයා ළගට ඇදුනා වගේ

මගේ අත් දෙක ඉබේම එයාගේ ඉන වටෙන් තද වුනා

"සැක නෑ.. ඔයා ගැන... ඒත් මට මන් ගැන සැකයි අයියේ"

මන් එයාගේ පිටට ඔලුව තියාගත්තා

"මොකටද? අපි කලිනුත් එකට ඉදලා තියනවනේ... ඉතින් අපි වැරදි මුකුත් කලාද අහ්??"

"නෑ..."

එයා මාව එයාගේ ඉස්සරහට ගත්තා

"මොකද අඩන්නේ අහ්??"

"මේක වරදි අයියේ"

"මොකක්ද දැන් වැරදි?"

"නිචී හිතන් ඉන්නේ ඔයා එයාගේ කියලා, එතකොට ජූහී.. එයත් ඒ වගේමයි මන් ගැන හිතන්නේ"

"ඉතින් ඒ මුකුත් ඔයාවත් මන්වත් කිව්ව ඒවද?"

"නොකිව්ව එක හරි, ඒත් ඒ දෙන්නා බලාපොරොත්තු වැඩි කරගන්නවා අයියේ.. එක්කො අපි කියමු"

"මල්ලී ප්ලීස් ඕයි ඔලුව කන්න එපා.. මට බෑ ඕයි තමුසෙව නැති කරගන්න, මන් අද ඔයාලා එනවා කියලා කියන්න එපා කිව්වෙත් ඕකයි.. මාමා දැන ගත්තොත් ලොකු විනාසයක් ඕයි"

"එතකොට අපිට හැමදාම හොරෙන්ද ආදරේ කරන්න වෙන්නේ? මට ඔයාගේ හොර ලව් එක වෙන්නද අයියේ කියන්නේ?"

"විකාරද? ඒත් දැනට මේක හොරෙන් ගෙනියන්න වෙන්නේ.."

මට වෙලාවකට හිනා..

"මොකද හිනාවෙන්නේ?"

"කවද වෙනකන්ද අහ්?? ඔයාගේ මාමා තාම අපි එක්ක තරහයිලු.. ඌට තාම ඌ කරපු වැරද්ද තේරිලා නෑ.. ඌට නැති උනේ ඌ ආදරේ කරපු කෙනා මිසක් ඌට ආදරේ කරපු කෙනෙක් නෙමෙයි.. ඒත් මගේ තාත්තට නැති වුනේ එයාගේ පණ.. එයාට ආදරේ කරපු එයා ආදරේ කරපු ආදරේ නිසා මුලු ජීවිතේම දුන්න කෙනාව.. මට අයියට නැති වුනේ අපේ අම්මා.. ඒත් තාම තමුසෙගේ මාමා අපෙන් පලිගන්න හිතනවා.. ඉතින් එහෙම එකෙක් අපි දෙන්නට හොදින් ඉන්න දෙයිද ඕයි?"

එයා මගේ කොලර් එකෙන් අල්ලගෙන බිත්තියට තද කලා

මගේ ඇස්වලින් කදුලු බේරෙනවා

ඉතින් මන් බොරුද කිව්වේ?

අවුරුදු ගාණක් ගිහිනුත් තාම ඒ වගේම හිතන මිනිහෙක්ගෙන් තව අවුරුදු ලක්ශයක් ගියත් ඔයිට වඩා හොද දෙයක් හිතන්න පුලුවන්ද?

"මට ගහන්නද අයියේ ඕනේ? ඔයාට කේන්ති ඇති එයාට බනිද්දී, මොකද ඒ ඔයාගේ මාමානේ.. ජියෝන් කෙනෙක්මනේ.. අනික ඒ ඔයාගේ අනාගත මාමණ්ඩිනේ.. ඒ වුනාට මන් කිව්වේ ඇත්ත.. සතා සතාම තමා"

"මට කේන්තිද කියලද අහන්නේ අහ්? උබට ඕනේ නම් ඌට බනිනවා, නැත්තම ගහනවා.. මට මොකද.. ඒත් මට ඔහොම සතෙක්ට වගේ කතා කරන්න එපා.. ආදරේ හිනදයි බල්ලෙක් වගේ පස්සෙන් එන්නේ.. නැතුව කහනවට නෙමෙයි.. ඕයි ඕයි ගාගනවා වෙන එකෙක්ට.."

"හ්ම්ම් සොරි"

මට කේන්ති යකෝ

ඉතින් මොනාද කියන්නේ කියලා මටම හිතාගන්න බෑ..

"තමුසෙට ගහලත් නෑ ගහන්නෙත් නෑ මල්ලී.. ඒත් මට ඔහොම කරන්න එපා.. මගේ ආදරේ දැනෙන්නෙ නැද්ද යකෝ?"

"දැනෙනවා"

එයාගේ ඇස්වලත් අද කදුලු

මන් එයාව බදාගත්තා..

"අඩන්න එපා ජංකුක්.. තමුසෙට අඩන්න බෑ"

"අඩනවනවනේ"

"ඉතින් මන් බොරුද කිව්වේ අයියේ.. ඔයාගේ මාමා තාම එයාගේ වැරද්ද තේරුම් ගත්තේ නෑනේ"

"කවුද දැන් කිව්වේ මන් කාලය ඉල්ලන්නේ මාමගේ හිත වෙනස් කරන්න කියලා"

මන් ක්ශනිකව එයාගෙන් ඈත් වෙලා මූණ දිහා බැලුවා

"එහෙනම් මොකක්ද ඔයා කරන්න යන්නේ?"

"මට බෑ මල්ලී මාමාගේ හිත වෙනස් කරන්න.. හැබැයි මට නිචීගේ පුලුවන්"

"ඒත්....

"ඔව්.. ඒක විතරයි තියන එකම මාර්ගේ.. එයා... එයා කිව්වොත් මාමා පණ වුනත් දෙනවා..."

"ඕනේ එකක්.. ඒත් ඒක එහෙම නොවුනොත්"

"ඒ කිව්වේ?"

"නෑ ඉතින් එයා ඔයාට අද ඊයෙක ඉදලා නෙමෙයිනේ ලව් කරන්නේ.. එයා අපි දෙන්නට ඉඩ දීලා අයින් වෙයිද?"

"හ්ම්ම් බලමුකෝ.. මන් මේක විසදනවා.. මට කාලය ඕනේ.. මන් ඒ කාලය ගන්න හැදුවෙ ඔයාගෙන් ඈත් වෙලා.. ඒත් ඒක එහෙම බෑ.."

"මාත් බලන් ඉන්නේ අයියේ..."

"අඩන්න එපා.. තමුසේ අඩද්දී මට බලන් ඉන්න බෑ.. ඒත් මන් ඔයාගේ තාත්තා වගේ ලස්සන අවසානෙකට මේක ගේනවා"

"මොකක්ද ජංකුක් ඒ ලස්සන අවසානේ? අපිට අම්මා නැති වුන එකද?"

"ඒත් ඔයාගේ තාත්තා අම්මව අතඇරියේ නෑ.. එයා ඔයාලා දෙන්නව දීලා ගියේ.. ඔයා නොහිතුවට ඔයාගේ පවුලේ තියන ලස්සන අංග සම්පූර්ණ මගේ පවුලේ නෑ ටේහ්‍යුන්ග්"

"අයියේ....

"ඔව් ඒකයි ඇත්ත... අපේ පවුලේ ආදරය නෑ.. සල්ලිම තමා, මන් එහෙම කරන්නේ නෑ අපේ ළමයින්ට"

මොකක්? අපේ ළමයි

මූ ළමයිනුත් හදලද

"ළමයි?"

"ඔව්ව්.. අපේ ළමයි.. ඇයි?"

"නෑ නෑ"

"මෝඩයා.. මන් නාගෙන එන්නම්, මගේ බෑග් එකෙන් මට ඇදුමක් හොයලා තියනවා"

මොකක්? එතකොට මන් වැඩකාරයද යකෝ?

"තමුසේ මගේ වැඩකාරයා නෙමෙයි, ඒත් මේවා තමුන්ගේ යුතුකම්"

"නවත්තනවා මගේ හිත කියවන එක"

මන් කෑගහලා කියද්දී ජංකුක් ඇතුලට ගිහින් දොර වහ ගත්තා

ඊලගට හැරුනේ ජංකුක්ගේ මල්ල පැත්තට

ශොපින් එකක් වගේ පොඩි මල්ලක්

මන් ඇරලා බැලුවා

කලිසම් දෙකකුයි ටී ශර්ට් එකයි තව හූඩියයි

මන් හූඩියයි කොට කලු පාට කලිසමයි එලියට ගත්තා

මේක අදීනේ

ඒක ඇදේ පත්ත උඩින් දාලා බෑග් එක වහලා මේසේ උඩින් තිබ්බා

මගේ බෑග් එකත් අරන් කොට කලිසමකුයි හූඩියකුයි අරන් ඇදේ අනිත් පැත්තෙන් තිබ්බා

තුවායත් බෙල්ලෙ දාන් මන් බලන් හිටියේ ජංකුක් නාලා එනකන්
.
.
.
.
.

විනාඩි විස්සක්... මේකා මැරිලද වතුර පෙවිලා

"එනවකෝ අයිසේ.. නානවද උයනවද ඇතුලේ....

එතකොටම දොර ඇරගෙන ජංකුක් ආවා

මට කෙල ගුලියක් සැරටම ගිලුනා

මේකා මාර සෙස්සිනේ යකෝ

කොණ්ඩේ ටිකක් දිග නිසා වතුරට මූනට ඇලිල කොණ්ඩේ
කෙස් වලින් වතුර බේරෙනවා
තුවාය ඉන ළගට ගැට ගහගෙන
ඒ සික්ස් පැක් දකිද්දී මගේ ඉදිරියට නෙරා ආපු බඩ මතක් වුනා
කිසිම හැඩයක් නෑනේ ඒකේ... ඒත් මේකේ....

"තමුසේ කෙල ගිල්ලට බදිනකන් ඕවා කරන්න නම් බෑ මල්ලී"

හරි සනීපයි

"අනේ හරි ඇග.. අහකට වෙනවා"

මන් එයාවත් තල්ලු කරන් ගියා වොශ් රූම් එකට
ගිහින් වහ ගත්තා දොර

"මල්ලී... කෝ මගේ ඇදුම් ඔක්කොම තිබ්බද එලියෙන් අහ්?"

"ඇයි පොට්ටද? ඔය ඇදේ පත්තේ දාලා තියෙන්නේ"

"මට යටය අදින්න එපා කියලද කියන්නේ එතකොට?"

ඊ ගොනා.....




hi guys
vote and comments
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top