44
"දැන් උබ මොකක්ද කියන්නේ?"
අයියා රවාගෙන මගේ පැත්ත හැරුනා
"නෑ මන් අමතක කරන්නම්"
"ඌ බදින්නේ අර කෙල්ලව.. උබව නෙමෙයි"
"මන් දන්නවා"
"බැදලා ඌ ඔසී යන්න ඉන්නේ"
"මන් දන්නවා අයියේ මන් දන්නවා"
මට ඇඩෙනවා රෙද්ද
මන් දන්නවා යකෝ
ඒත් ඇයි මේ එකෙක්වත් අපිව තේරුම් නොගන්නේ
මන් ජනේලෙන් එලිය බලාගෙනම ගියා ගෙදරට යනකන්
ගේ ඉස්සරහා කාර් එක නැවැත්තුව ගමන් කතාවක් නැතුවම ගේ ඇතුලට ගියා
"අයියේ ඔයා....
මන් දැක්කා ජූහී එනවා මගේ පැත්තට
මන් එයාවවත් ගණන් නොගෙන කෙලින්ම කාමරේට ගියා
වැහුවා දොර
"මල්ලී ඇරපන් මේ මගුල"
"මට ඉන්න දෙනවලකෝ"
"හරි බඩගිනි වුනහම වරෙන්"
එතනින් එහා කිසි සද්දයක් නෑ
මට එයාව ඕනේ
ඒත්.... මට කතා කරන්න ඕනේ එයා එක්ක
ඒත් අන්තිමට මීට වඩා අපි දෙන්නටම ප්‍රශ්න ආවොත්
මට ජංකුක් කතා කරපු වෙලේ ඉදන් එයාවම විතරයි මතක් වෙන්නේ
හිතලා ඉවර කරන්නත් කලින් එයාගෙන් කෝල් එකක්
මේක ගන්නවද
ගත්තොත් මේක නතර කරන්න වෙන්නෙම නෑ
ඒත් මට අඩන්න ඕනේ ඕයි තමුසෙව බදාගෙන
ඇයි ඕයි අපේ කතාව මැද්දට මෙහෙම මිනිස්සු තොගයක් ආවේ
ෆෝන් එක රින්ග් වෙලා නතර වෙනකන්ම මන් ඒක දිහා බලන් හිටියා
ආයේ රින්ග් වෙනවා
"ඇයි අයියේ?"
"ගෙදර ගියාද?"
"හ්ම්ම් ඔව් ආවා විතරයි"
"ඇඩුවද ආයේ?"
"ඇයි?"
"නෑ නිකන් කට හඩ වෙනස් වෙලා"
"ඇයි දැන් කතා කලේ?"
"මට ඕනේ නිසා.. මාත් එක්ක ආදරෙන් ඉන්න බැරි නම් මට කතා කරන්නවත් දෙනවා"
"මන් දැන් ඔයා කියන එකද කරන්න ඕනේ අහ්?"
"හ්ම් සොරි සොරි.. මන් තියන්නම්"
"එපා.....
ඊ හරිනේ
ඉල්ලන් නෑම කලාවක් නම් මන් එහි පිකාසෝගේ ලොකු අම්මගේ පොඩි පුතා වේ
"ආදරෙයි නේ?"
"නෑ පිස්සුද?"
"මට තේරෙනෙවා ගොනෝ"
"ඒත් මට තේරෙන්නෙ නෑ"
"මොකක්ද?"
"ඔයා මට ආදරෙයි කියලා"
"තමුසෙට ලදුරු"
"අනේ මේ ජංකුක්"
"ඉතින් ඇත්ත බබා මන් කියන්නේ"
"මේ මට බබා මැණික ගාගෙන එන්න එපා.. ඒවට නිචී ඉන්නවා නේද?"
"දැන් එයා නෑනේ"
"අහ් එහෙමද? තියනවා ෆෝන් එක"
"හෝව් හෝව්... පොඩ්ඩක් ඉන්නවකෝ, දැන් ආයේ කැම්පස් එන්නෙ කවද්ද?"
"එන්නෙ නෑ ආයේ"
"කන පලා ගන්නෙ නැතුව කියනවද?"
"මන් තමුසෙට බය නෑ හරිද.. අනික මන් එන්නෙ මට ඕනේ දවසට"
"හා හා.. එන දවසක එනවකෝ, හැබැයි මන් කෝල් කරද්දි ආන්සර් නොකෙරුවොත් මන් එනවා ජනේලෙන් ආයේ"
"පිස්සෙක් වෙන්න එපා"
"මේ මන් තියනවා මැණික, කාලා දොයි ගන්න... අහ් අනික අපි හොරෙන් ලව් කරමු ඈ"
"මේ ජං....
තිබ්බා නේද ෆෝන් එක
මේ යකාගේ වෙස් පෙරලෙනවද යකෝ
මාව පහු ගිය ටිකේම ගණන් ගත්තෙ නෑ
දැන් හොරෙන් ලව් කරමුලු
පිස්සෙක් මහා
ටේහ්‍යුන්ග් තමුසේ එහෙම දැන් රැවටිලා අනේ ජංකුක් කියන් නම් යන්න ලෑස්ති වෙන්න එපා
"අයියේ.. අයියේ.....
ජූහී නේද
මන් ගිහින් දොර ඇරියා
"කන්න එන්නකෝ අප්පා"
"මට බඩගිනි නෑ"
"අනේ මේ එන්න..."
මන් බෑ කියන්න කියන්න ජූහී මගේ අතිනුත් ඇදගෙන පහලට එක්කන් ගියා
යද්දී අයියයි තාත්තයි ජූහිගේ අම්මයි තාත්තයි ඔක්කොම කෑම මේසේ
කෑමත් ලෑස්ති කරලා
මන් ගිහින් අයියට එහා පැත්තෙන් වාඩිවුනා
ජූහී මගේ එහා පැත්තෙන් වාඩිවුනා
"කොහොමද පුතා දැන්?"
"හොදයි අංකල්"
"මදැයි මගේ කෙල්ලව කැම්පස් එකේදී බලාගන්න කියලා භාර දුන්නා.. එදා ඉදන් කොල්ලා ගෙදර"
"අපේ අයියා ඉන්නවනේ ඇන්ටි, එයා බලාගනී"
"දැන් කිම් මේ දෙන්නා ගැනත් තීරණයක් ගමු නේ"
"මොන තීරණයක්ද තාත්තේ?"
"ටේහ්‍යුන්ග් පොඩ්ඩක් ඉන්න පුතා"
මොන විකාරයක්ද මේ
මන් කැමති නෑ යකෝ
බෙදාගත්ත බත් එක දිහා බලන් මන් හිතින් ඔක්කොටම බැන බැන හිටියේ
"ඔව් ඔව්.. දෙන්නට දැන් තේරෙනවනේ.. කසාද බන්දලා දුන්නා නම් හරි"
"තාත්තේ....
මන් මුකුත්ම කිව්වෙ නෑ
කට ඉස්සර කරගන්න ඕනේ නෑනේ
මොකෝ මාව බලෙන් බන්දන්නද
මන් මුකුත් ඇහෙන්නෙ නැති ගාණට බත් එක කෑවා
උබලා ඔක්කොම ළමයිනුත් හදපල්ලකෝ
මන් නම් බදී
තාම අපි දෙන්නා ගැන
මන් කාලා නැගිට්ටා
"ඔය කාලා ඉවරද ටේහ්‍යුන්ග්? අනික ඉන්න මේ අංකල්ලත් ඉන්නවා"
"සොරි අංකල්, සොරි ඇන්ටි... මගේ ඔලුව පොඩ්ඩක් බරයි වගේ"
"යන්න පුතා ගිහින් රෙස්ට් කරන්න"
මන් ක්ශනිකව එතනින් කාමරේට
දැන් ඇහෙන්නෙත් නෑනේ
දොරත් වහන් ලයිට් එකත් ඕෆ් කරලා ඇදෙන් හාන්සි වුනා...
ඇත්තටම ඔලුවේ බර ගතියකුත් තිබ්බා
.
.
.
.
.
.
සතියම ගෙව්නා
සතියෙම ගෙදර
කාමරෙන් සාලෙට ආයේ සාලෙන් කාමරේට
හෙට වෙනකන් ඉන්නේ කැම්පස් යන්න
එපා වෙලා ගෙදර ඉදලම
මේ සතියෙම ජූහී අපේ ගෙදට එනවා යනවා
ඒ අස්සේ අර යකා කෝල් කර කර බනිනවා ජූහී එක්ක හුරතල් වෙන්න එපා කියලා
මේ ඔක්කොම ඉවසන් සතියක් හිටියා හොදටම ඇති
හෙට ඉදන් ආයේ මන් නිදහස් කුරුල්ලෙක්
.
.
.
.
.
නිදාගන්න ඇදට ගිහින් ෆෝන් එක ගත්තේ නිකියට මැසේජ් එකක් දාන්න
බලද්දී ඌ දාලා මට කලින්
ජංකුකුත් දාලා
"උබ හෙට එනවද ගොනෝ?"
මූ යකෝ
"ඔව් එනවා මී හරකා"
දැම්මා රිප්ලයි එකක්
ඊලගට ජංකුක්ගේ මැසේජ් එක
"හෙට එනවද මල්ලී? අඩු නැත්තම් එන්න එපා"
ගෙදර හිටියම මට බනින්න පුලුවන් නේ
මොනාද දන්නේ නෑ අඩු නැද්ද අහන්නේ
"ඔව් එනවා.. අඩු උනත් වැඩි උනත් මන් එනවා, පුලුවන් දෙයක් කරන්න"
මේ යකා නම් ෆෝන් එක අතේ තියන්මද කොහෙද ඉන්නේ
"බලාගමු හෙට"
මොනා බලන්නද දන්නෙ නෑ
රිලවා
බලයි මගේ පස්ස පැත්ත
දැන් නිදාගන්න වෙලාව ටේහ්‍යුන්ග් බබාගේ
ලයිට් එකත් ඕෆ් කරන් ඇදෙන් හාන්සි වුනා
.
.
.
.
.
.
.
.
හයට එලාම් තියලා නැගිට්ටා
ඇදගත්තා ඩෙනිමයි කලු පාට ශර්ට් එකකුයි
මේ ඉන්නේ නලුවා වගේ
බෑග් එකත් දාන් පහලට
වෙලාව හතාමාරයි
"උබ.... උබ අද යනවද?"
අපෝ මලපෙරේතයා කනවා
"ඔව් ඔව්.. හිරවෙයි හෙමින් කාපිය"
"පලයන් ඕයි"
"කෝ තාත්තා"
"වැඩට ගියා"
"මන් එලියේ ඉන්නවා, කාලා වර"
අයියා කාලා ආවට පස්සේ දෙන්නම කැම්පස් එකට
යද්දී ජුහී ඇවිල්ලා
ඔන්න එනවා දුවන්
කිව්ට් හැබැයි
"ඔයා අද එනවා කියලා කිව්වෙත් නෑ"
"ආවා ඉතින්"
මගේ අතේ එල්ලිලා
පොඩි බබෙක් වගේ
සිරාවට මේ කෙල්ල කිව්ට්, අර යකා නොහිටිය නම් මන් ඔයාට කැමති වෙන්නත් තිබ්බා හැබැයි
මායි අයියයි ජූහීයි කැන්ටිම පැත්තට යද්දී ජංකුකුයි නිචී ජිමින් අයියයි කනවා
"කාපන් කාපන් තනියම"
අපේ අයියා ගිහින් ජිමින් අයියගේ පිට මැද්දට දුන්නා ටාං ගාන්න පාරක්
"උබට දෙන්නම් ජූන්"
"හා හා කාලා ඉදපන්... කෝ පූස් තඩියා"
"ඌ අද එන්නෙ නෑලූ.. ඌට සතියෙ දවස් පහට අමාරු පහක් එනවනේ"
"ඌව යවන්න තිබ්බේ රගපාන්න බන්.. ඔස්කා සම්මනෙකුත් අරන් එහෙනම්"
අපි කතා කරන අතරේ මන් දැක්කා ජුහී නිචී මොනාදෝ කුටු කුටු ගානවා
"මොනාද ඔය දෙන්නා කියවන්නේ ඔය හෙමින්?"
"මේ.. මේ.... නිචී ඔයා කියන්නකෝ"
"මේ අපිට ප්‍රජෙක්ට් එකක් දුන්නා අනේ"
"මොකක්ද?"
"රටේ ප්‍රසිද්ධ තැනක් ගැන රිසර්ච් එකක් කරන්න.. මායි නිචී එකක, අපිට දුන්නේ බූසාන් මියුසියම් එක ගැන කරන්න"
"ඒක මරු තැන.. මන් පට්ට ආසයි"
"ආස වුනාට අපි දෙන්නට තනියම යන්න බෑනේ අයියේ.. අනේ ඔයාලත් යමුකෝ"
"කවද්ද?"
"මේ සතිඅන්තේ යන්න හිතුවේ අපි දෙන්නා"
"මන් නම් නෑ මේ සතියේ, තාත්තා එක්ක එයාගේ වැඩකට යනවා"
ජිමින් අයියා මුලින්ම තම අකමැත්ත ප්‍රකාශ කලා
මරු
එන්නේ හොදකට නෙමෙයි
"මටත් බෑ.. යුංගියත් නැති වෙයි"
හරි අපේ අයියත් බෑ කිව්වා
එතකොට මායි ජංකුකුයිද අහු වෙන්නේ මේ මගුලට දැන්
"ජංකුක් උබ නිචීගේ අනාගත උරුම්මක්කාරයා විදිහට පලයන්, එතකොට මල්ලී උබ, ජූහී උබේ නේ"
"අනේ මේ......
"අනේ ජංකුක්... ප්ලීස්"
"ටේහ්‍යුන්ග් එනවා නම් එනවා"
මොක කියන්නේ?
තමුසේ ඇයි මගේ කකුල් දෙකෙන්ද යන්නේ?
"ඒ ඇයි? ටේහ්‍යුන්ග් එනවා නම් විතරක්....
හරිනේ දැන්
දීපන් උත්තර
"මට කෙල්ලො දෙන්නෙක් එක්ක යන්නද යකෝ කියන්නේ?"
"අනේ ටේහ්‍යුන්ග් අයියේ ප්ලීස්"
බෑ කියන්නත් බෑ
කෙල්ල මට ගිය සතියෙම සැලකුවා අම්මටසිරි වෙන්න
"හරි හරි"
"හුරේ.... අයියා හා කිව්වා.. ඒ කියන්නේ ජංකුක් අයියත් හානේ"
නිචී ජුහී දෙන්නම උඩ පනිනවා
එච්චරයි
ඊට පස්සෙ ඒ දෙන්නා ගියා ලෙක්චර් එකට
මන් බැලුවේ අර යකා දිහා
මන් දිහා බලන් හිනාවෙනවා
"මේ මාත් යනවා"
මන් එතනින් ආවා
එද්දිම මැසේජ් එකක්
"සෙනසුරාදට හුරතල් කරන්නම් මන්"
මොකක්?
මේ යකාට නම් පිස්සු
මාව නෙමෙයි අර කෙල්ලව හුරතල් කරගන්නවා
ගොන් අලියා
.
.
.
.
.
.
දවසෙම ලෙක්චර්
ඉවර වෙලා කෙලින්ම ගෙදර
සතියම ඒ වගේ
.
.
.
.
.
හෙට උදේ යන්න ඕනේ
අයියෝ මට බෑ යකෝ
ට්‍රිප් එකෙන් හම්බෙමු
plz vote and comment
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top