42

ටේහ්‍යුන්ග්ට ඕනේ රිද්දන්න
ජංකුක්ට රිද්දන්න
ඒත් එයාට ඕනේ නෑ ජූහීව ඒකට පාවිච්චි කරන්න
ඒත් එයාට ඒක කරන්න වෙනවා

ජූහී කවද්දී ටේහ්‍යුන්ග් කවදාවත් නැතුව ආසවෙන් කෑවා

හැබැයි කද්දී ටේහ්‍යුන්ග්ගේ ඇස් ගියේ ජංකුක් ළගට

තාමත් එයා වචනයක්වත් කතා කලේ නෑ

දෙන්නම හිත් දෙකෙන් ගියේ එදා රෑ ජංකුක් ඇවිල්ලා හොරෙන් පැස්ටා කාපු අතීතයට

ඒ දවස් කොච්චර ලස්සනද????

"ජූන් අයියේ, මන් අයිය ලග ඉන්නම්.. ඔයා වොශ් එකක් එහෙම දාන් එන්න ගිහින්"

"බෑ කෙල්ලෙක්ට ඉන්න බෑ"

"ඉතින් අපි මෙයාව ප්‍රයිවට් එකකට අරන් යමුකෝ"

"හෙට ටිකට් කපනවා කිව්වා ජූහී.. ඊට පස්සෙ ගෙදර නැවතිලාම මූව බලගන්න"

"ඔව් මන් ඔයාලගෙ ගෙදරම ඉන්නවා.. අයියට හොද වෙනකන්"

"කොහොමත් මේවා ඔයා කරන්න ඕනේ දේවල් නේ, නේද ජංකුක්?"

"අහ්... මේ....හ්ම්ම්"

"ජූන් අයියේ ඔයත් කන්නකෝ"

ජූන් ජුහී ගෙනාව අනිත් කෑම පෙට්ටියත් අරන් වාඩිවුනා

"මේ කෝ නිකී??"

"ඊයේ රෑ ටිකක් කැපුවා ජිමින්"

ජූන් කනවා

ජූහී ටේහ්‍යුන්ග්ට කවනවා

ජිමිනුයි ජංකුකුයි බලන් ඉන්නවා

"ජූහී මේවා ඔයාමද හැදුවේ?"

"ඔව් අයියේ.. ඇයි රස නැද්ද?"

"අඩේ මගේ නෑනට මෙච්චර රසට උයන්න පුලුවන්ද යකෝ"

"අනේ අයියේ..."

"අහ්... වතුර.....

ටේහ්‍යුන්ග් කැස්සක් එක්කම වතුර ඉල්ලුවා

ජූහිගේ අතේ කෑම එක නිසා ජංකුක් ක්ශනිකව ඇද ලගට ගිහින් වතුර එක අරගත්තා

බෙල්ල යටින් අත දාලා ඔලුව කෙලින් කරලා ජංකුක් හෙමින් බෝතලේ කට ටේහ්‍යුන්ග්ගෙ කට ලගට ලං කලා

ටේහ්‍යුන්ග් ගොලු වුනා වගේ

එක එල්ලේ ඒ ඇස් තිබ්බේ ජංකුක්ගේ ඇස් දෙක ලග

ඇස් දෙකත් ලොකු කරන් ජංකුක් දිහා බලාගෙනම ටේහ්‍යුන්ග් වතුර බිව්වා

ජංකුක් ගොඩක් පරිස්සමෙන් වතුර එක පෙව්වා

"අපේ ජංකුකාත් හෙන කෙයාරින් නේද?"

"ඔව් ජිමින් අයියේ.. නිචී නම් පට්ට ලකී"

හරිනේ ජිමින්ගේ අමාරුව

ජූන්ට බකස් ගාලා හිනා ගියා

"ඇයි ජූන් අයියේ? ඉතින් මන් කිව්වේ ඇත්තනේ, ජංකුක් අයියා ලස්සනයි, ගොඩක් හොදයි අනික නිචීට හොදටම ගැලපෙනවා"

ඒක නෙමෙයි යකෝ මට කියන්න ඕනේ කියලා ජිමින් නොහිතුවොත් තමා පුදුමේ

හෙමින් බෙල්ල යටින් දාපු අත අරන් ආයේ ඔලුව කොට්ටෙන් තියලා ජංකුක් පස්සට වුනා

"මන් කාලා ඉවරයි"

ජූන් නැගිට්ටා

"මේ යමන්කෝ අතත් හෝදන් වටයක් දාන්න"

"මල්ලී?"

"ජූහී ඉන්නවනේ"

"මන් ඉන්නම් අයියේ, ඔයාලා ගිහින් එන්න"

කරන්න දෙයක් නෑ

ජූන් ජංකුකුයි ජිමිනුයි එක්ක පොඩ්ඩක් එලියට ගියා

"මට ඇති ජූහී"

"අනේ තව චුට්ට....

"ප්ලීස්"

"හා.. හා... ඉන්න මන් වතුර එක පොවන්න"

ඒත් වතුර එක ටේහ්‍යුන්ග්ගේ කට වටෙන්ම හැලුනා

"ආයිශ්ශ්ශ්....

"අනේ අයියේ සොරි සොරි.. ඉන්න මන් පිහදන්න.. අයියෝ ජංකුක් අයියා තරම් හොදට ඒක මට කරන්න බෑ"

"ඔව් ගොඩක් දේවල් තියනවා ඔයාට එයා තරම් හොදට කරන්න බැරි"

"අහ්?? මොකක් හරි කිව්වද ඔයා?"

"අහ් නෑ නෑ.."

ජූහි හැලුන වතුර ටික පිහදලා ලග තිබ්බ පුටුවෙන් වාඩිවුනා

"ඉතින් අයියේ කියන්නකෝ මොනාහරි"

"මේ ඒක නෙමෙයි ජූහී ඔයාගේ යාලුවා කොහොමද?"

"මගේ යාලුවා කවුද?"

"නිචී"

"ජංකුක් අයියගේ ෆියොන්සෙද?"

ඔව් ඔව් එයා තමා රෙද්ද

නිචී කිව්වම ජංකුක්ගේ මගුලක් ගාවන්නේ නැතුව මේ එකෙක්ටවත් කතා කරන්න බෑනේ

"ඔව් ඔව්"

"එයා නම් මාර හොදයි අප්පා.. හැබැයි හැමවෙලේම කියවන්නේ ජංකුක් අයියා ගැන"

"මොනාද?"

"එයාලා බදින එක, කෙල්ලෝ ජංකුක් අයියගේ පස්සෙන් එන ඒවා.. අහ් තව එයාලා බැදලා ඔසී යනවලු"

"එහෙමද?"

"ඔව්ව් එයාලා මරු නේ අයියේ"

"හ්ම් ඔව්ව් මරු තමා"

"මේ අයියේ... මන්... මන් දෙයක් අහන්නද?"

"මොකක්ද? අහන්න"

"මේ... ඔයාට කලින්...කෙනෙක් එහෙම...

"ඔව්..."

"ඇයි ඒක නැවතුනේ? කැමති නම් මට කියනවද?"

"එයාට මන් ගොඩක් ආදරේ කලා.. ගොඩක්... තාමත් එයා ඉන්නවා මගේ හිතේ"

"අයියේ....

"ඒත් අදටත් මන් දන්නෙ නෑ ජූහී එයා ඇයි මාව දාලා ගියේ කියලා"

"ඒ කියන්නේ හේතුවක් කිව්වෙ නැද්ද?"

"නෑ"

"කවුද ඒ?"

"එයා කවුද කියලා දැන් වැඩක් නෑ ජූහී"

"ඔයා දුකෙන් ඉන්න එපා, එච්චරයි"

"හ්ම්ම්"

ජුහී එක්ක ටේහ්‍යුන්ග් පැය භාගයක් විතර ඕපදූපම කියව කියව හිටියා

ඒ අතරේ ජූනුයි ජංකුකුයි ජිමිනුයි ආවා

"මොකද දෙන්නා ලව් කරනවද?"

ජූහී ගැස්සිලා පුටුවෙන් නැගිට්ටා

"අනේ එහෙම නෑ අයියේ.. මේ මන් ටේහ්‍යුන්ග් අයියගේ කලින් අෆෙයාර් එක ගැන අහ අහ හිටියේ?"

"කාලකණ්නියෙක්ට රැවටුනානේ මූ"

ජංකුක් බිම බලාගත්තා
ජිමින්ට කේන්ති ජූන් එක්ක.. ඒත් ඉතින් ජූන් සාධාරණයි

ටේහ්‍යුන්ග්ගේ ඇස් ගියේ ජංකුක් ළගට

"අයියේ..."

"ජූන් අයියේ... එහෙම කියන්න එපා, මට ටේහ්‍යුන්ග් අයියා කිව්වේ එයා කිසිම හේතුවක් නැතුව ඈත්වුනා කියලා, ඒකටත් හේතුවක් ඇති එයාට"

"ඔව්..."

ජිමින් එක පාරට කිව්ව එකට ඔක්කොම ජිමින් දිහා බැලුවා

"නෑ ඉතින් මාත් කියන්නේ හේතුවක් ඇති බන්... නැත්තම් අපේ පොඩි එකාව අත අරිනවද කවුරුත්?"

"ඒක තමා අයියේ, මෙයා තමා ආදරෙයිලු එයාට"

ඊ මොකක්ද යකෝ ඒ කිව්වේ මේකී.. අයියෝ රෙදි නෑනේ දැන්

ජංකුක් කෙලින්ම බැලුවේ මන් දිහා

මට කෙල ගිලෙන්නෙත් නෑ වගේ

ඒත් එයා එහෙම්ම බිම බලාගත්තා

ඒ කියන්නේ ඔයා ආදරේ නැද්ද තාම

මටත් ලැජ්ජාවක් නෑනේ ශික්

ඌ ආදරේ නෑ ගොනෝ ආදරේ නෑ

"මේ දැන් ඔයාලා ඔක්කොම යන්නකෝ"

"මන් අදත්...

"අනේ අයියේ මේ... මන් බබෙක් නෙමෙයි ඕයි"

"බබෙක් නොවුනට මට උබව ශුවර් නෑ"

"ඒ කිව්වේ?"

"මොකෙක්හරි ගෙන්න ගත්තොත් රෑට"

"මොනාද ජූන් අයියේ ඔයා කියන්නේ? ටේහ්‍යුන්ග් එහෙම නෑ හරිද?"

"දන්න තරම තමා"

"අනේ මේ අයියේ මගුලක් කියවන්න එපා.. එහෙම ගෙන්න ගන්න එකෙක් නෑ කියලා දන්නවනේ"

"උබට ශුවර්ද තනියම ඉන්න පුලුවන් කියලා"

"ඔව් ඔව්"

"ජූහි එහෙනම් ඔය පෙට්ටි ටික බෑග් එකට දාගන්න, මන් බස්සන් යන්නම් යද්දි"

"මල්ලී අපිත් යනවා"

"හරි ජිමින් අයියේ තැන්කිව් ආවට"

ජිමින් ඇන්නා ජංකුක්ගේ ඉනට වැලමිටෙන්

කියපන් යකෝ කියන්න වගේ

"අහ්හ් මේ... මාත් යනවා මල්ලී"

මන් ටිකක් වෙලා බලන් හිටියේ එයා දිහා

අපි ආදරේ නොකෙරුවා නම් මට මීට වඩා ඔයාට ළං වෙන්න තිබ්බ නේද ජංකුක්

අපි වැරදි පාරයි තෝරගත්තේ

"හරි අයියේ"

වෙන මොනා කියන්නද

ජිමින් අයියයි ජංකුකුයි මුලින්ම ගියා

ඊලගට අයියයි ජූහියි

මන් ආයේ තනියම

මන් ආසම විදිහ

මොකද මෙහෙම තනිවුනාම මට හිතන්න පුලුවන් අඩන්න පුලුවන් ඕනේ එකක් පුලුවන්නේ

කොට්ටෙ ලග තිබ්බ ෆෝන් එක අතට ගත්තා

කම්මැලී

ගැලරිය පැත්තට ගියේ පුරුද්දට වගේ

ෆොටෝ ටිකක් බල බල ඉද්දී හම්බුනේ ජංකුක්ගේ ෆොටෝ එකක්

මන් ආසම ෆොටෝ එකක්

මට ඩිලීට් කරන්න හිතුන වාර නම් අනන්තයි

ඒත් කර ගන්න බැරිවුනා

මගේ හිතට කාටවත් බෑ අගුලු දාන්න

ඉතින් මන් ආදරේ කරනවා හොරෙන්

ෆොටෝ එක දිහා බලාගෙන ඉද්දිම කෝල් එකක්

මාස එකාමාරකට විතර පස්සෙ එයා

"ජංකුක්...."

ඒත් ඇයි??

මන් ආන්සර් කරලා කනේ තියාගත්තා

ඒත් කතා කලේ නෑ

"මල්ලී.."

"..........."

"හෙලෝ මල්ලී.. ඇහෙන්න නැද්ද?"

".............."

"හෙලෝ....."

"කියන්න"

"කොහොමද දැන්?"

"හොදයි"

"ආවට කතා කරන්න බැරි වුනා"

"හ්ම්ම්ම්"

"මට කතා කරන්න ඕනේ වුනා.. ඒත්....

"ඒකට කමක් නෑ අයියේ"

"ඉතින් දැන් මොකද කරන්නේ?"

"මුකුත් නෑ"

"කම්මැලි ඇති නේද?"

"හ්ම්ම් ඔව්ව්ව්"

"මල්ලී.....

"ඇයි?"

"ඔයා දුකෙන්ද ඉන්නේ?"

"ඒ මොකටද?"

යකෝ අඩවලා කරන්න පුලුවන් ඔක්කොම කරලා දුකෙන්ද අහ්න්නේ 😡

"නෑ මේ....

"මන් තියනවා"

"එපා..."

"ඇයි?"

"මට කතා කරන්න ඕනේ ටේහ්‍යුන්ග්"

"මොනාද?"

"අහන් ඉන්නවද මන් කියන දේ"

"කියන්න ඉතින්"

"මන් නිචීට ආදරේ නෑ....

"ප්ලීස් ජංකුක්...

"කිව්වනේ පොඩ්ඩක් අහන් ඉන්න මන් කියන දේ.. මෙච්චරකල් මන් මුකුත් කිව්වෙ නෑනේ, අර ජුහී කිව්වා වගේ මන් හේතුවක් නොකියා ගියේ හේතුවක් ඇතුව ටේහ්‍යුන්ග්, මට කතා කරන්න ඕනේ දැන්"

"දැන් පරක්කුයි කියලා හිතෙන්නෙ නැද්ද?"

"හිතෙනවා.. ඒත් මට දැන් හරි කියන්න ඕනේ"

"හ්ම් කියන්න"

"මන් ඔයාව අත ඇරපු එක ගැන් දුක් වෙනවා ටේහ්‍යුන්ග්, ඒත් පසුතැවෙන්නෙ නෑ"

"හ්ම්ම්"

"මන් නිචීට ආදරේ කලේ නෑ, කරන්නෙත් නෑ.. මේ ඔක්කොම උනේ මන්වත් නොහිතපු විදිහට, මට ඔයාට කියන්න ඕනේ වුනා.. ඒත්.. ඒත් ඒක හිතුව තරම් ලේසි නෑ කියල මට තේරුනා මල්ලී"

"මට ඔයා කියන මගුල් තේරෙන්නෙ නෑ අයියේ"

"හ්ම් තේරෙන්න කියන්නම්.. නිචී කියන්නේ මගේ මාමගේ දුව, ඒක ඔයා දන්නවනේ.. නිචීව මට බදින්න බදින්න කියලා මාර වදයක්නේ මට තිබ්බේ... ඒත් මන් ඒකට කැමති වුනේ නෑ කියලා ඔයා දන්නවනේ, ඒ ඔයා නිසා මල්ලී.. අපේ තාත්තට නිචීව මට බන්දන්න ඕනේ වුනේ සල්ලිම නිසා විතරයි.. ඒත් මාමට මාව නිචීට බන්දන්න හේතු දෙකක් තිබ්බා.. පලවෙනි හේතුව නිචී ඇත්තටම මට ආදරේ කරන එක, එයාට ඕනේ වුනා එයාගේ එකම දුවට දුවගේ එකම සතුට අරන් දෙන්න බලෙන් හරි.. දෙවනි එක.....

ජංකුක් කියන් ආව කතාව මන් අහන් හිටියා

ඒත් එක පාරට එයා කතාව නැවත්තුවා

"ජංකුක්.....

"..............."

"ජංකුක්... කෝ?? එතකොට මොකක්ද දෙවනි හේතුව?"



මොකක්ද දෙවනි හේතුව???

vote and comments
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top