41
"ජූනයා ඕක ආන්සර් කරලා හිටපන්කෝ ඕයි"
ජූන් අතේ තිබ්බ බනිස් කෑල්ල කටට ඔබාගන්න ගමන් සාක්කුවට අත දාලා ෆෝන් එක ගත්තා
"හෙලෝ"
".................
ජූන් වාඩිවෙලා හිටිය තැනෙන් නැගිට්ටුනා
"මොකක්? කොහෙ...ද කොහෙද ඉන්නේ දැන්"
"මොකෝ බන්?"
ෆෝන් එක කට් කරලා කාටවත්ම කතා නොකර ජූන් එලියට දිව්වා
ඒ ප්ස්සෙන් ජිමිනුයි යුංගී වගේම ජංකුකුත් දිව්වා
"කොහෙද බන් දුවන්නේ?"
"ජංකුක් මට බයික් එකේ යතුර දියන්"
"කොහෙ යන්නද යකෝ? අනික උබට ලයිසනුත් නෑ"
"යකෝ මගේ පොඩි එකා හැප්පිලා"
"මොකක්?"
යුංගිටයි ජංකුක්ටයි ජිමින්ටයි එක පාරටම කියවුනා
"මොකක්ද උබ කිව්වේ ජූන්?"
"දීපන් යකෝ යතුර"
ජංකුක් ඒ ක්ශනික දුවලා ගිහින් බයික් එක ස්ටාර්ට් කලා
"නැගපන්"
ජූන් බයික් එකට නැග්ගා
"ජංකුක් පරිස්සමෙන් පලයන්, මායි මූයි එන්..
ජිමින් කිව්ව එක සම්පූර්ණ කරන්න කලින් ජංකුක් ගිහින් ඉවරයි
"යමන්..."
ජිමින් යුංගි එක්ක කැම්පස් එකෙන් එලියට දුවන් ආවේ කැබ් එකක් නවත්තගන්න.. වෙලාවටම එකක් ආවා..
.
.
.
.
.
ජංකුක් කොච්චර හයියෙන් ආවද කියනව නම් ඉස්පිරිතාලෙට විනාඩි දහයට...
ජූන් නවත්තන්නත් කලින් බයික් එකෙන් බැස්සා
ජංකුකුයි ජූනුයි කොරිඩෝව දිගේ ඉස්සරහට යද්දී හම්බුන නර්ස් ළග නැවතුනා
"මේ..මේ දැන්...
"ඇක්සිඩන්ට් එකකින් කොල්ලෙක්ව ගෙනාවද?"
"ඔතනින් වමට හැරුනම ඔපරේශන් තියටර් එක.. මන් හිතන්නේ තාම ඔපරේශන් එකේ"
"තැන්කිව් නර්ස්"
ඊලගට දෙන්නා නැවතුනේ තියටර් එක ළග
විනාඩි ගණන් ගෙවිලා පැය භායකුත් ඉවර වෙලා
ඒත් තාම කිසිම කෙනෙක් තියටර් එකෙන් ආවේ නෑ
ඒ අතරේ ජිමිනුයි යුංගීත් ආවා
ඔක්කොම බලන් හිටියේ ඩොක්ටර් එලියට එනකන්
"තාත්තේ.....
ජූන් තාත්තට කෝල් එකක් ගත්තේ විස්තරේ කියන්න
"මොකද ජූන් නිකන් මේ කටහඩත්....
"මල්ලී....
"ඇයි මල්ලිට මක් වෙලාද?"
"තාත්තේ පොඩී හැප්පිලා.. මන්... මන් ඉන්නේ ඉස්පිරිතාලේ"
"මොකක්? කැම්පස් ගිය මල්ලී කොහොමද....
"අනේ තාත්තේ..."
"ඉන්න මන් එනවා"
ජූන් ෆෝන් එක කට් කරලා එතන තිබ්බ බංකුවෙන් වාඩිවුනා
"ජූන් බයවෙන්න එපා බන්"
ටික වෙලාවක් මුකුත්ම නොකියා හිටිය ජූන් එක පාරටම නැගිටලා ජංකුක් ළගට ගියා..
"තැන්කිව් බන්"
ජංකුක්ව බදාගෙන කිව්වා
"ඒක...ඒක මොකක්ද බන්..."
"උබ දැන් පලයන්"
"මොකක්?"
"ඔව්.. මගේ මල්ලිට කරදරයක් වෙන්නෙ නෑ.. ඒ නිසා උබ මෙතන ඉන්න ඕනේ නෑ"
"ඒත් මට මල්ලිව....
"බලන්න දෙන්නෙ නෑ.. උබට ඕනේ ආයේ ඌ විදවනවා බලන්නද?"
"මොකක්ද බන් කියන්නේ?"
"ජූන් මේ....
"ඉදපන් ජිමින්.. මූ මෙතන හිටියොත් ඌ ඇස් අරිද්දි, ආයේ ඌ මූ ගැන හිතනවා.. ඒ නිසා පින්සිද්ද වෙයි බන් පලයන්"
"ජූන් කියන එක හරි ජංකුකා.. උබට මේ අෆෙයාර් එක එපා නිසනේ ඈත් වුනේ.."
"හරි මන් යන්නම්"
ජංකුක් තව වචනයක්වත් නොකියා එතනින් එලියට ආවා
කෙනෙක්ට ජූන් වැරදි ඇති
කෙනෙක්ට ජූන් හරි ඇති
ජූන් ආයේම බංකුවෙන් වාඩිවුනා
යුංගීයි ජිමිනුයිත් එතනින් වාඩිවුනා
තව විනාඩි විස්සක් වගේ යද්දී ඩොක්ටර් කෙනෙක් එලියට ආවා.
"ඩොක්ටර් කොහොමද මගේ පුතාට?"
ඒ ටේහ්‍යුන්ග්ගේ තාත්තා
ඔව් මිස්ටර් කිම් ආවා
"ඇක්සිඩන්ට් එකෙන් ගෙනාව ඔක්කොම දැන් නෝමල් වාට්ටුවලට දාලා තියෙන්නේ මිස්ටර්.. බලන්න පුලුවන්"
ඩොක්ටර් යනවත් එක්කම ජූන්ලා ගියේ පිරිමි වාට්ටු පැත්තට
ටේහ්‍යුන්ග් ඉන්න වාට්ටුව බලලා ජූන්ලා ඇතුලට යද්දී කොනේ ඇදක ටේහ්‍යුන්ග් ඉන්නවා
ඊට එහා ඇදේ නිකී
දෙන්නටම සිහියක් නෑ
ජූන් මිස්ටර් කිම් ජිමින් වගේම යුංගිත් ඇද ළග බලන් හිටියා
ටික වෙලාවක් යද්දී නිකීට සිහිය ආවා
ඊට විනාඩි ගාණකට පස්සෙ ටේහ්‍යුන්ග්ට
"මල්ලී... උබට කොහොමද?"
"අහ්.... අයියේ... තාත්තේ....
"පුතා කොහොමද?"
"හොදයි.. ඒත් ඔලුව, අම්බෝ... මන් හිතුවේ ඉවරයි.... කියලා"
"මෝඩයා.. තෝ අපිව බයකලා යකෝ"
පැයක් විතර හිටිය මිස්ටර් කිම්ව ජූන් යුංගි එක්ක ගෙදර යැව්වෙ ජූන් මල්ලි ලග ඉන්න පොරොන්දු වෙලා
"අයියේ... තාත්තලා ගෙදර... ගිහින්ද?"
"හ්ම් ඔව්.. "
"තමුසෙලා දෙන්නත් යනවකෝ"
"මන් ඉන්නවා.. අහ් මේ ජූහී උබ ගැන ගොඩක් බයවුනා"
"හ්ම්ම්"
"එන්න හැදුවේ, මන් එපා කිව්වා"
"ඒක හොදයි අයියේ.. මේ.. අයියේ....
"ඇයි? බඩගිනිද?"
"නෑ.. මේ... ජංකුක්...
"ඌ.. ඌද.. අහ් මේ.... ඌට එන්න වෙන්නෙ නෑ කිව්වා.. නිචීව බස්සන්න තියන නිසා"
"අහ්.....
"ජූන්....."
"ජිමින් දැන් උබත් පලයන්.. මන් ඉන්නවනේ මුන් දෙන්න ළග"
"පොඩ්ඩක් දොර ළගට වරෙන්.. මල්ලී මන් හෙට එන්නම්.. නිකියා මන් යනවා"
"හොදයි අයියේ"
ජූන් ජිමින් එක්ක වාට්ටුවේ දොර ලගට ගියා
"මොකද ජිමින්?"
"ජංකුක් වැරදී තමා.. ඒත් උබට බැහැ ඔහොම කරන්න ජූන්"
"මන් කරන්නේ මේ වෙලේ කරන්න තියන හොදම දේ බන්"
"ඕකද උබේ හොදම දේ? ජංකුක් මල්ලිට ආදරෙයි බන්"
"යකෝ ඌට එපා නම්... අනික එපා.. එක පාරක් මගේ මල්ලිව එපා කිව්ව එකාව කොහොමත් ආයේ ඕනේ නෑ.. උබ පරිස්සමෙන් පලයන්"
එච්චරයි
ජිමින් එතන ඉද්දී ජූන් ආයෙත් ටේහ්‍යුන්ග්ගේ වාට්ටුව පැත්තට ගියා
.
.
.
ජිමින් කොරිඩෝව දිගේ එලියට එන ගමන් හිටියේ
රින්ග් වුන ෆෝන් එක අතට ගත්තම දැක්කේ ඒ ජංකුක් කියලා
"කියපන්"
"උබ කොහෙද?"
"මන් මේ එලියට එන ගමන් බන්"
"මල්ලිට සිහිය ආවද?"
"හ්ම් ඔව්.. ඌට අවුලක් නෑ"
"ලොකු දෙයක් බන්.. මන්... මන් බයේ හිටියේ බන්"
"උබ මොකටද බය වෙන්නේ?"
"නෑ මේ...
"කාටද බන් ඔය බොරු කරන්නේ උබ?"
ෆෝන් එකත් කනේ ගහගෙනම ජිමින් ඉස්පිරිතාලෙන් එලියට ඇවිල්ල
පාර දිගේ ඉස්සරහට යද්දී දකුණු පැත්තේ අඩි පාර ලග බයික් එක නවත්තන් ඉන්න ජංකුක්ව දැක්කේ
ෆෝන් එකත් කට් කරන ගමන්
"උබ මොකද මෙතන?"
"මේ.....
"අර වෙලේ ඉදන් මෙතනද?"
"හ්ම්ම්ම්"
"මොන රෙද්දක්ද ඕයි කරන්නේ උබ? එපා නම් පලයන්කෝ"
"එපා නෑ බන්.. ඒත් මට එයාව ළං කරගන්න බෑ"
"අනේ ජංකුක් මේ සිනී බෝලයෙක් වෙන්න එපා.. ප්‍රශ්නයක් නම් කියපන්"
"මේ....
"අනික උබ මල්ලිව අත ඇරියෙ නැත්තම් ඌ අද ඇක්සිඩන්ට් නොවෙන්නත් තිබ්බා"
"උබත් හිතන්නේ මන් නිසා මේවා වුනා කියලද?"
"තව කවුද හිතන්නේ?"
"නෑ ඉතින් ජූන්ගේ කතාවෙන්...
"ඌ එහෙම නොහිතුවොත් තමා පුදුමේ.."
ජංකුක් මුකුත්ම නොකියා බිම බලන් හිටියා
"මට කියපන් ප්‍රශ්නේ මොකක්ද කියලා"
"මොන... මොන ප්‍රශ්නෙද?"
"මොන මොන ප්‍රශ්නෙද? අනේ මේ ජංකුක් තව බොරු කරන්න එපා ඕයි"
"හ්ම්ම්"
"කියපන්"
.
.
.
.
.
.
.
.
.
.
පසු දින
"අයියේ... අයියේ... නැගිටිනවකෝ, මන්ද තමුසෙද ඕයි ලෙඩා?"
"අහ්හ්හ් ඉන්නවකෝ ඕයි"
"තාත්තේ..."
ජූන් ක්ශනිකව නැගිට්ටා
මිස්ටර් කිම් උදේම ඇවිල්ලා
ඒ එක්කම ජූහිත් ඉන්නවා
"ජූහි ඔයත් ආවද?"
ජූහි ටේහ්‍යුන්ග් ළගට හෙමින් ආවා..
"කොහොමද අයියේ? ගොඩක් රිදෙනවද?"
ඇදට ටිකක් එහායින් ඉදන් ජූහි ටේහ්‍යුන්ග් එක්ක කතා කරනවා
ඒ එක්කම වාට්ටුවට ආවේ ජිමිනුයි ජංකුකුයි
ටේහ්‍යුන්ග් ඇස් කොනෙන් ජංකුක්ව දැක්කා
"ජූහි එන්න ළගට"
කාටවත් හිතාගන්න බැරිවුනත් ටේහ්‍යුන්ග් ජූහිට අත දික් කරලා එයාගේ අත අල්ලගන්න කිව්වා
ජූහි ඒ අත අල්ලන් ටේහ්‍යුන්ග් ළගට කිට්ටු වුනා
මිස්ටර් කිම්ට නම් මේක ලස්සන දසුනක්
මොකද එයාට ඕනේ මේකනේ
ඒත් ජංකුක්ට නම් මේක ජීවිතේ දකින්න අමාරුම අකමැතිම දෙයක්
"තැන්කිව් ආවට මාව බලන්න.. මන් ආදරෙයි කියලා හිතපු අය නෙමෙයි අන්තිමට මන් ළග ඉතුරු වුනේ.. අන්තිමට ඔයා...
"මොනාද කියවන්නේ අයියේ, ඔයාට ආදරේ කරන ඔයා ආදරේ කරම හැමෝම ඔයාට හිටියා, හෙටත් ඉන්නවා.. ජූන් අයියා අංකල් ජිමින් අයියලා හැමෝම හිටියා"
"අහ් මේ මල්ලී හොබියා එන ගමන්.. ඌ ඉල්සාන් ගිහින් පෙරේදා.. මන් කියන්න ගියේ නෑ ඉතින්, ඒත් ඌට ආරංචි වෙලා මග එන ගමන් කිව්වා"
"ඒකනේ බලන්නකෝ හැමෝම ඉන්නවා"
"හ්ම්ම්ම්"
"පුතා කොහොමද දැන්?"
"හොදයි තාත්තේ.. හෙට වගේ ටිකක් කපයි කිව්වා"
"මේ උදේට පැස්ටා එකක් හදලා ජූහී.. දුව ඔයාම කවන්නකෝ.. අහ් මේක ජූන් ඔයාගේ"
"මට තමා කවන්න කවුරුත් නැත්තේ?"
"හොයලා දෙන්නද අයියේ මන්?"
"අපෝ එපා.. ප්ලීස්"
මිස්ටර් කිම් කෑම් ටිකත් තියලා එලියට ගියා
ජිමිනුයි ජංකුකුයි ටිකක් ඇද ලගට කිට්ටු වුනා
පිටිපස්සෙ තිබ්බ පුටුව ඇදලා ගත්ත ජූහී හදන් ආව පැස්ටා එක ටේහ්‍යුන්ග්ට කවන්න පටන් ගත්තා...
ටේහ්‍යුන්ග්ට ඕනේ රිද්දන්න
ජංකුක්ට රිද්දන්න
ඒත් එයාට ඕනේ නෑ ජූහීව ඒකට පාවිච්චි කරන්න
ඒත් එයාට ඒක කරන්න වෙනවා
ජූහී කවද්දී ටේහ්‍යුන්ග් කවදාවත් නැතුව ආසවෙන් කෑවා
හැබැයි කද්දී ටේහ්‍යුන්ග්ගේ ඇස් ගියේ ජංකුක් ළගට
තාමත් එයා වචනයක්වත් කතා කලේ නෑ
දෙන්නම හිත් දෙකෙන් ගියේ එදා රෑ ජංකුක් ඇවිල්ලා හොරෙන් පැස්ටා කාපු අතීතයට
ඒ දවස් කොච්චර ලස්සනද????
vote and comments
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top