40
මන් තාම දොර ළග
යකෝ පහයි වෙලාව
අයියා තාම නෑ
ආයේ කෝල් කලොත් බනීද දන්නේ නෑ
මන් දොර ලග එහාට මෙහාට යන ගමන් බල බල හිටියේ අයියා කැම්පස් ඉවර වෙලා එනකන්
බලන් ඉදලා බැරිම තැන හැරෙද්දී ගේට් එක ළග හෝන් එක ගහන සද්දේ
මන් දුවලා ගියේ ගේටුව අරින්න
ඔව් අයියා
කාර් එක ඇතුලට ආවට අයියා බැස්සෙ නෑ
"මේ යකාට මක් වෙලාද?"
මන් ජනේලෙට ගැහුවේ එලියට එනවා කියන්න
"මොකද ඕයි ඇතුලේ භාවනා කරනවද?"
"තමුසෙගෙන් මලවදේ මල්ලී.. යනවකෝ අහකට"
"අයියේ.....
එයා ගේ ඇතුලට යද්දි මාත් පස්සෙන් ගියා
(එයා බලාපොරොත්තුවෙන් ඉන්න හොද ආරංචියක්... ඒත්)
"අයියේ.....
"මොකද ඕයි?"
"අරයා එක්ක කතා කලාද?"
"කවුද අරයා?"
"ජංකුක් අයියා ඕයි"
"කලා.."
"මොකද උනේ කියනවකෝ නැවතිලා"
මගේ උත්තරේට කලින් අයියා බෑග් එකත් පැත්තකට දාලා කකුල් දෙක දික් ඇරලා සැටියෙන් වාඩිවුනා
මාත් ඊට එහා පැත්තෙන් වාඩිවුනා
"අයියේ...
"යනවකෝ රෙද්ද... මැරිලා මැරිලා ආවම වද දෙන්න එන්නේ"
යකෝ ඉතින් මන් උදේ ඉදන් හිටියේ ඔයා මොකද කලේ අහන්නනේ
ඔක්කොම එකයි
මන් නැගිට්ටා
"එහෙනම් පස්සෙ කියන්න අයියේ එයා මොකද කිව්වේ කියලා"
මන් වත්ත පැත්තට යන්න හැරුනා
"මල්ලී....
මන් ආයේ හැරුනා
"ඌව අමතක කරපන්"
මන් අයියා ළගින් ඉදගත්තා
"එයා.... එයා බෑ... කිව්වද?"
"හ්ම්ම්ම්"
මන් මොකක්ද කියන්නේ
මන් ටිකක් වෙලා මගේ අත් දෙක දිහා බලන් හිටියා
මට කියන්න ගොඩක් දේවල් තියනවා
ඒත් අහන්න කවුරුත් නෑ
ඉදල ඉදලා තෝර ගත්තේ වැරදි කෙනා වුනේ කොහොමද?
"එයා... මොකද අයියේ කිව්වේ?"
"මල්ලී... මේ.... ඌට අර කෙල්ලව බදින්න වෙනවනේ, තව දුර ගියොත් ඔයිට වඩා රිදෙයි බන් උබට"
"මට නොතේරෙන එකම දේ, ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා"
"නෑ... එහෙම නෑ... අහපන්කෝ.. උබ දන්නවද ඌ නැති කරගත්තේ ඌට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනාව.. ඉතින් උබට නෙමෙයි ඌටයි හැමදේම නැතිවුනේ"
"ඒත් අයියේ...
"උබට නැතිවුනේ උබට ආදරේ නොකරපු කෙනෙක්.. ඒ නිසා උබ අද ඉදන් අලුත් කෙනෙක් විදිහට ඉන්න ඕනේ"
"ඔව් මන් උත්සහ කරනවා"
"මට උබේ උත්සහයෙන් වැඩක් නෑ.. උබ ඒක කරන්න ඕනේ.. ඌ ආයේ උබ දිහා බලන එකක්වත් නෑ"
"හ්ම්ම් මන් යනවා උඩට"
කවුරු කොහොම කිව්වත් මට ඒක කරන්න අමාරුයි
ඒත් මන් ඒක කරනවා
ඇදට වෙලා ගොඩක් වෙලා කල්පනා කලා
කල්පනා කලාට කරපු කල්පනාවක් නෑ
ඒත් මගේ ඇස්වල නම් කදුලු
නැගිට්ටා ඇදෙන්
අල්මාරිය ඇරලා ගත්තා ජේකේ දුන්න තුවාය
ඒකත් අරන් මන් වාඩිවුනා ඇදෙන්
මගේ අත් දෙකට ඒක ගුලි කරගත්තා
"මට රිදෙනවා ඕයි.. තමුසේ... තමුසේ මට ඇයි ඕයි මෙහෙම කලේ? ආදරේ මෙච්චර අමාරු දෙයක්ද ඕයි? දාලා ගියාම මෙච්චර රිදෙනවද ඕයි? මට... මට එක පාරක් තව ඉඩ දෙන්න ජංකුක් ළංවෙන්න.. මට බෑ ඕයි කවුරු කිව්වත් අමතක කරන්න.. මන්නෙ ඕයි ළංවුනේ, ආදරේ කලේ... අනේ ජංකුක් මන් ඕනේ ප්‍රශ්නයක් දරා ගන්නම්"
මගේ අතේ තිබ්බ ඒ තුවාය මගේ පපුවට තද වෙලා
මට බෑ දෙයියනේ
මන් මෙච්චරම ඇබ්බැහි වෙලාද
අඩලා අඩලා කදුලුත් නෑ
අතට ගත්ත තුවාය ආයේ නවලා මන් පාවිච්චි නොකරන ඇදුම් තියන පැත්තෙන් තිබ්බා
"කවදම හරි ඔයාව මට කොච්චර වටිනවද කියලා මට පෙන්නන්න ඕනේ ජංකුක්.. මන් මේක ඇතුලට ඔයාගේ හැම මතකයම දාලා වහලා දානවා.."
කබඩ් එකේ දොර වහලා මන් ක්ශනිකව දිව්වේ ඇදට
මූණ කොට්ටෙට ඔබන් ආයේ ඇඩුවේ අද මන් අඩන අන්තිම දවස කරගන්න ඕනේ නිසා
.
.
.
.
.
.
.
.
.
.
.
.
මාසයකට පසු.......
"ගුඩ් මෝනින් අයියේ.. කෝ ටේයා?"
"තාම පුක උඩ දාන් නිදි ඇති"
ජූන් පහලට එද්දී හොබී සැටියේ ඉදන් හොද තේකක් බොනවා
"දැන් ටේයා රට යන එක මොකද අයියේ?"
"ඒ වැඩ ටික හරි.. අවුල තාත්තා.. එයා කැමති නෑ"
"බන් අයියේ, මන් කියන්නේ අංකල් කැමති නැතුව ටේව නම් යවන්න එපා රට"
"හ්ම් ඔව් මාත් අල්ලන් ඉන්නේ තාත්තා කැමති වෙනකන්.. අනික දැන් මූ අර කෙල්ලට ටිකක් ළං වෙලා ඉන්නේ"
"මට නම් එහෙම පේන්නෙ නෑ"
"අනිද්දා ඉදන් ජංකුක්ගේ කෙල්ල, අර නිචී එනවා කැම්පස්"
"සිරාවට?"
"ඔව්.. එදාටම ජූහීත් එනවනේ කැම්පස්"
"ඒක හිතන තරම් ආතල් නෑ නේද අයියේ?"
"ඔව්ව්.. පොඩ්ඩක්වත් ආතල් නෑ.. ඒත් ඉතින් ඒ දෙකම මටවත් උබටවත් නවත්තන්න බෑ"
"හ්ම්ම් මොනා වෙයිද? මූ මේ මාසෙකින් නේ අනිද්දට කැම්පස් යන්නේ"
"ඔව්ව්... බලමුකෝ.. මන් ඉන්නවනේ.. වෙලාවට මේ හුටපට අස්සේ මුන්ගේ ලෙක්චර්ස්ලා ස්ට්‍රයික් එකක් කලේ.. ඒකෙන් මූට සතියයි පාඩුවුනේ"
"ඔව් හැබැයි, ඌත් ඒකම කිව්වා"
"අහ් මොකෝ උබ කුකුලා අතේ අරන්?"
ටේ පඩිපෙල බහින ගමන් හොබියගෙන් ඇහුවා
"උබව බලන්න, ඇයි?"
"මගේ මොනා බලන්නද උබ?"
"බලන්න නම් ගොඩක් දේවල් තිය....
"අපෝ කට කට.. ශික් ජරා කට තොගේ"
හොබියා ආව නිසා මායි අයියයි ඌ එක්ක පැය ගාණක් කියව කියව හිටියා..
කොච්චර හිනාවුනත් මන් හිටියේ ගිනි ගොඩක
කාලා බීලා ඌ යද්දී හවස පහටත් කිට්ටුයි
ඊලගට මායි අයියයි ගියේ ශොපින් පාරක් දාන්න
කාලෙකින් ගියේ නෑනේ
.
.
සෙනසුරාදා වගේම ඉරිදත් ගෙවිලා ගියා
අකමැති වුනත් අද මට කැම්පස් යන්නම වෙනවා
මාසයක් ගෙදර ඉදලා යද්දී හෙන අමුතුයි
තාත්තට කොලේ වහලා මාර ගේමක් දීලා ගෙදර හිටියේ, ඒ නිසා ආයේ ඉන්න ඕනේ කිව්වොත් නම් අම්මපා මාව දරුකමෙනුත් අයින් කරනවා තාත්තා
වෙනදට මායි අයියයි විතරයි
ඒත් අද තාත්තගේ යාලුවගේ දුව, ඔව් ජූහිත් එනවා අපිත් එක්ක
ඒ වගේම කාලෙකින් නොදැක්ක එයාව දකින්නත් පුලුවන්
ආසයි
ඒත් බයයි
ජූහි ආව කාර් එකේම මායි අයියත් කැම්පස් එකට ගියා
ගේට්ටුව ඇතුලට යද්දී පපුවත් ගැහෙන්න ගත්තා
ජිමින් අයියයි යුංගි අයියයි බැම්මේ වෙනදා වගේම
ජංකුක් නෑ
කාර් එක නැවැත්තුවට පස්සෙ අයියා මුලින්ම බැහැලා ජිමින් අයියලා හිටිය පැත්තට ගියා
ඊලගට මන්
මන් බැහැලා ජුහීට බහින්න දොර ඇරියා
"එන්න නංගී.."
මායි ජූහිත් අයියලා හිටිය පැත්තට ගියා
"අම්බෝ සුදු මහත්තයව දැක්ක කල්?"
"කොහොමද අයියේ? අහ් මේ ජූහී.."
"නංගී, මන් ජිමින්.. මේ යුංගියා"
ජූහී කතා නොකෙරුවට අයියලා එක්ක හොදට හිනාවුනා
ඔව් එයා පට්ට හොද කෙල්ලෙක්
"අර ජංකුකා නේ"
නම විතරයි ඇහුනේ, මන් ක්ශනිකව බැලුවේ මගේ පිටිපස්ස
ඒත්.... එයා හිටියේ.... නිචී එක්ක
නිචී හිටියේ ජංකුක්ගේ අත අල්ලන්
ජංකුක්ගේ ඇගිලි නිචීව තදට අල්ලන්
හරියට කවුරුහරි උදුරගනී වගේ
මන් ආයේ ඉස්සරහා හැරුනා
"ගුඩ් මෝනින් බන්...."
"ගුඩ් මෝනින් ජංකුකා... ගුඩ් මෝනින් නිචී"
"මෝනින් අයියලා ඔක්කොටම"
"අහ් මේ නිචී, මේ ජූහී.. අපේ ටේහ්‍යුන්ග්ගේ වෙන්න වයිෆ්"
"ජිමින් අයියේ"
මායි ජූහී දෙන්නම එක පාර කිව්වා
"ඔයාගේ ඩිග්‍රී එකමයි කරන්න"
"සීරියස්ලී... මන් හිතුවෙ නෑ කැම්පස් එකට එද්දිම යාලුවෙක් සෙට් වෙයි කියලා"
"ඔව් ඔව්.. මෙයා මෙහෙ නෙමෙයි හිටියේ, ඔයා බලාගන්න..."
"හායි.. මන් නිචී, ජංකුක් අයියගේ ෆියොන්සේ"
"හායි මන් ජූහී..."
මන් දන්නවා ජූහී ඔයාට මාව තේරෙනවා.. මන් ඇකමැත්තෙන් ඔයාට මගේ ෆියොන්සේ වෙන්න ඕනේ නෑ.. ඔයා ඔහොම හොද නොවෙන්නයි තිබ්බේ
"මේ මේ.... දැන් යනවද දෙන්න හෝල් එකට.. අර අතන පේන හෝල් එක"
යුංගි අයියා අත දික් කරලා පෙන්නුවා
"යමුද ජූහී... මේ ජංකුක් අයියේ, මන් ඉවර වෙලා එනකන් ඉන්න"
ජංකුක් ඔලුව වනද්දී නිචී ජුහීගේ අතත් අල්ලන් හෝල් එක පැත්තට ගියා
"අඩෝ මේක නම් හදන්නම ඕනේ ෆිල්ම් එකක්"
"මොකක්ද?"
යුංගි අයියා ඇහුවේ ජිමින් අයියගෙන්
"මුන් දෙන්න ලව් කලා.. ඒත් අන්තිමට දෙන්න වෙන දෙන්නෙක් හොයන්, ඒ දෙන්න යාලුවො වෙලා, මුන් දෙන්න තරහාකාරයෝ වෙලා"
"ජිමින් ඇති දැන්.."
අපේ අයියා ටිකක් සැරට ජිමින් අයියට කිව්වා
"උබ පලයන් මල්ලී.. ඉවර වුනාම වරෙන් මන් ඉන්නම් මෙතන"
"හ්ම් මන් යනවා"
මන් අඩි දෙක තුනක් ආවා
අයියා දුවගෙන මන් ලගට ආවා
"මල්ලී... උබ ශක්තිමත් බන්"
"මන් දන්නවා අයියේ.. මන් දැන් ඕවා හිතන්නේ නෑ"
"හොද එකා"
මන් ආයේ අඩියට දෙකට හෝල් එකේ
නිකී ඉන්නවා
මන් ලගට ගියා
අයියා නිකීට සීන් එක කිව්ව නිසා පොර මාත් එක්ක අවුලක් නෑ
නැත්තම් අවාරෙට කැම්පස් එන මන් වගේ එකෙක් එක්ක ඉන්නෙ කවුද
පැය දෙකෙන් ලෙක්චර් එක අද ඉවරයි
කැන්ටිම පැත්තට ආවෙ අයියට මන් ගෙදර යනවා කියන්න
මන් යද්දී අයියයි ජිමින් අයියයි යුංගි අයියයි ජංකුකුයි කනවා
එතනට යන ගමන් මන් ජූහිට මැසේජ් එකක් දැම්මා මන් යනවා කියලා
"මොකද උබලා බෑග් එල්ලන්?"
"ලෙක් ඉවරයි බ්‍රෝ.. මන් ගෙදර යනවා"
"තනියම?"
"මූ එක්ක යන්නේ... මේ අපි යනවා"
වැඩිවෙලාවක් එතන ඉන්න බෑ වගේ
මන් නිකීවත් ඇදන් කැම්පස් එකෙන් එලියට ආවා
හෝල්ට් එකේ පැය කාලක් වගේ හිටියා
ආව මොරටුවේ මායි ඌයි නැග්ගා
නැග්ගම තමා තේරුනේ කරපු ගොන්කම
"මේක බස් එකක්ද කෆීර් එකක්ද බන්?"
එහා පැත්තේ පානදුරක්.. මුන් රේස් එකට යනවා
මිනිස්සු බය වෙලා කෑගහනවා
මායි නිකීත් මර බයේ ආවේ..
"හිමින් යන්නකෝ"
"අයියෝ හිමින් යනවලා"
"මුන්ට පිස්සුද?"
එකම කෑගැහිල්ල
අම්මපා කන පැලෙන්න ගහන්න ඕනේ මුන්ගේ
"මේ බහිමු බන්"
"ඔව් යමන්.. මෙකේ ගියොත් පරලොව යන්න වෙන්න"
මායි නිකී නැගිටලා ඉස්සරහට ගියේ බහින්න
ඒත්... එක පාරට අපේ ඉස්සරහට ආවේ තව බස් එකක්
.
.
.
.
.
.
.
.
.
.
Plz vote ans comment
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top