4

උදේම නැගිටලා මන් අයියා එක්ක යන්න ලෑස්ති වුනා.. මන් ලෑස්ති වෙලා පහලට එද්දි තාත්තා ඉන්නවා සැටියේ පත්තරක් කියව කියව.. ඒ එක්කම අයියා ආවේ කුස්සියේ ඉදන්

"අහ් ටේ ගුඩ් මෝනින්, රෙඩීද?"

"ඔව් අයියේ"

"කොහෙද යන්නේ ජූන් දෙන්නම?"

"අද කැම්පස් එකේ ඉවෙන්ට් එකක් තාත්තේ.. මෙයාටත් කම්මැලි නිසා එක්කන් යන්න බැලුවේ"

"රෑ වෙනවද?"

"ටිකක්..."

"හ්ම් හ්ම්"

ආයෙත් තාත්තගෙ ඇස් පත්තරේට

"යමු ටේ පරක්කු වෙලා"

මන් දුවලා ගිහින් කාර් එකේ පිටිපස්සෙන් නැග්ගා..

මොකද මටයි අයියටයි දෙන්නටම ලයිසන් නෑ...

"යමු අංකල්.. ටග්ගාලා කැම්පස් එකට"

පැය භාගයක් වගේ යද්දි අපි ආවා කැම්පස් එකට..

ලොකුයි
සෙනග ගොඩයි

අපිත් ඒ අස්සෙන් බැස්සා..

"මාත් එක්ක එන්න.. අපි යමු මියුසික් රූම් එක පැත්තට"

මාත් ඔලුව වනලා අයියගෙ පස්සෙන් ගියා.. මන් කැම්පස් එකේ නෙමෙයි නිසාද මන්දා කොල්ලො කෙල්ලො මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා...

"ජූන්.. අපි මෙහෙ"

අපි දෙන්නම බැලුවේ සද්දෙ ආව පැත්ත

ජිමින් අයියා.. අහ් යුංගි අයියත් ඉන්නවා..

මගේ ඇස් හෙව්වෙ අරයව.. ජංකුක්ව.. කෝ මේ හාදයා??

අහ් ඔය ඉන්නේ පස්සට වෙලා වාඩිවෙලා..

"සොරි බන් පරක්කු වුනා..."

"මල්ලිත් ඇවිල්ලා තියෙන්නෙ"

"ඔව් මාත් ආවා"

"මේ ජංකුක් ඩ්‍රම් සෙට් එක....

"එක සෙට් කරලා ඉවරයි බන්"

"එහෙනම් උබ ටේ එක්ක මෙතන ඉදපන්.. අපි අපේ බඩුත් සෙට් කරලා එන්නම්"

මොකක්? මට නම් බෑ මෙයා එක්ක... ඒත් මන් මොකද මේ මනමාලි බලන්න ආව මනමාලයා එක්ක තනියම කතා කර කර ඉන්න කිව්වම බෑ කියන්න වගේ ඇබරෙන්නේ.. මොනා වෙලාද යකෝ මට

"එල බන්"

මටයි ජංකුක්ටයි ඉන්න කියලා අයියා ජිමින් අයියයි යුංගි අයියයි එක්ක ගියා...

මන් දැන් මොකද කරන්නේ....

"වාඩිවෙනවා"

මායි එයයි හිටියේ නිකන් කපල් වලට හදපු තැනක වගේ.. වටේම ගස්.. පහලට පඩිපෙල් වල කොල්ලො කෙල්ලො වාඩිවෙලා.. සමහරු පාඩම් කරනවා
සමහරු ලව් කරනවා

මරු තැන අපෙ අයියත් මාව දාලා ගියේ

"ඒයි කන් ඇහෙන්න නැද්ද? වාඩිවෙනවා"

මාව ගැස්සිලා ගියා..

මොකද මෙයා කෑගහන්නෙ,

මන් එයා වාඩිවෙලා හිටිය පඩියට යට පඩියෙන් වාඩිවුනා..

ටික වෙලාවක් හිටියා කතාවක් නෑ.. ඈනුමුත් යනවා.. එතකොටම කෙල්ලෙක් ආවා.. ලස්සනයි ඉතින්

"හේයි ජංකුක්"

මන් බැලුවා ජංකුක් දිහා.. මිනිහා මෙච්චර වෙලා ෆෝන් එකේ ඉදලා තියෙන්නේ.. කෙල්ල කතා කලාම ක්ශනික බැලුවා

"ඇයි?"

ශික් කිසිම ලයාන්විත බවක් නෑ..

"අද ශෝ එක නේද?"

"ඔව්"

"ගුඩ් ලක් හොදේ.. හොදට ප්ලේ කරන්න"

මන් තාමත් මාරුවෙන් මාරුවට දෙන්න දිහා බලනවා..

"තැන්කිව්"

"ඒක නෙමෙයි මේ කවුද?"

මන් කවුරු උනත් බොට මොකද? ගෑනු කියන්නෙම කොප්ප කඩයක්

"ජූන්ගේ මල්ලී"

"සීරියස්ලී.. වාව් යූ ලුක් සෝ හැන්ඩ්සම්"

ඊ... මේ මොන හෝන්තුවක්ද?? මන් ලාවට හිනාවෙලා ආයෙම ඉස්සරහා බලාගත්තා..

ජංකුකුත් වැඩිය ගණන් නොගත්ත නිසා කෙල්ල බැහැලා යන්න ගියා..

"වාව් යූ ලුක් සෝ හැන්ඩ්සම්.... කියලා කිව්වම තැන්කිව් කියන්න දන්නේ නැද්ද?"

මේකට මොකද මේ වෙලා තියෙන්නේ? ගෑනු කටහඩකින් කියවන්නේ? මන් අමාරුවෙන් බෙල්ලත් හරවන් මොන විකාරයක්ද වගේ බැල්මට් එකක් දැම්මා..

"ලස්සනයි කිව්වම තැන්කිව් කියනවා"

"හා..."

මන් දන්නේ නෑනේ...

"තමුසෙවද ජිමින් ගෘප් එකට ඇඩ් කලේ?"

"ඔව් ඊයේ රෑ"

"හ්ම් මන් දැන් දැක්කේ"

ඒ කියන්නේ පොර වැඩිය ෆෝන් එකේ ඉන්න එකෙක් නෙමෙයි.. නැත්තම් ඊයේ ඇඩ් කරපු එක දැන් දකින්න විදිහක් නෑනේ..

ආයෙත් සද්දයක් නෑ.. මාත් හිටියා කට පියන්..

Jk pov

අර නැට්ටිච්චි මොකද දන්නේ නෑ ටේට ලස්සනයි කිව්වේ?? ඕනේ නැති ලබ්බක් නෑනේ.. කොල්ලෙක් පේන්න බෑ..

දෙන්න තියෙන්නෙ ඔය වගේ ගෑනුන්ට

එතකොටයි මන් දැක්කේ ජිමින් කාවදො ගෘප් එකට ඇඩ් කරලා..

බැලුවා කවුද කියලා..

නම නම් පෙන්නුවේ කිම් ටේහ්‍යුන්ග් කියලා..

හ්ම්ම් මෙයාවද ඒ...

බැලුවා ඩීපි එක...

හ්ම්ම්ම් නොට් බෑඩ් නේ..

සේව් කරගත්තා..

ජූන්ගේ මල්ලී... ඒත් පාලුයි වගේ..
දැම්ම අගට 💜 එකක්

ජූන්ගේ මල්ලී 💜

ඔය තියෙන්නෙ මරුවට.. දැනට ඔහොම සේව් වෙලා ඉන්නකෝ
.
.
.
.

"මොනාද බලන් ඉන්නේ?"

කොල්ලා හිටියේ වෙනම ලෝකෙක.. ඉතින් මන් පිටට පොඩි තට්ටුවක් දාලා කතා කලා..

Pov end

"අහ්හ්හ්.. නෑ මේ කෝ අනේ අයියාලා?"

"යමුද ඒ පැත්තට"

"යමු"

මටත් එපා වෙලා හිටියේ එකම තැන බලන් ඉදලා
මාත් නැගිට්ටා ක්ශනිකව

අපි ආවේ ඉවෙන්ට් එක තියන තැනට..
එතන තාම රෙඩි කරනවා.. ඒ අස්සෙන් මන් අයියවත් දැක්කා

"අහ් උබලා ආවද?"

"ඔව් බන් කම්මැලි"

"අපෙත් වැඩ ඉවරයි.. යමන් කැන්ටිම පැත්තට.. 10ටනෙ පටන් ගන්නේ"

මන් බැලුවා වෙලාව.. 9.15යි..

මාවත් එක්කන් අයියලා ටික ගියා කැන්ටිමට..
කොහෙන් ගියාද කියල නම් දන්නේ නෑ.. අන්තිමට සෙනග පිරිච්ච කැන්ටිමකට නම් ආවා..

"ටේ මොනාද බොන්නේ?"

"ස්ටෝබෙරි කිරි පැකට් එකක්"

"එතකොට උබලා"

"අපිට වැනිලා ගෙනෙන්"

ජූන් ගියේ කැශියර් එක පැත්තට.. මායි ජිමින් අයියයි යුංගි අයියයි ජංකුකුයි වාඩිවෙලා බලන් හිටියේ අයියා කිරි පැකට් ටික ගේනකන්

"මොනාද බන් අරුන් කුසු කුසු ගාන්නේ?"

යුංගි අයියා අහද්දියි මන් දැක්කේ අපේ පැත්ත බල බල ලමයි එක එක ඒවා කියවනෝ

"ටේ කවුද කියලා බලනවා ඇති බන්"

ජිමින් ඇයියා උත්තර දුන්නා..

"හ්ම්ම්ම් කැතීත් උදේම ඇවිල්ල යූ ලුක් සෝ හැන්ඩ්සම් කියලා ගියේ මෙයාට"

"ඒක නම් කිව්වේ ජෙලෙන් වගේ"

යුංගි අයියා කියද්දී මන් ඒ ඇයි අහන්න වගේ එයා දිහා බැලුවා

"මොකද මූ ඒකීට ලව්"

මොකක්? එතකොට මෙයා එයාට ලව් ද?

"අනේ මේ යුංගී කුනුහරප කියවන්න එපා.. මට පේන්න බෑ ඒකීව"

"මූණත් රතු වෙලා"

"නවත්ත ගනින් ජිමින්"

‍රගපානවා දැන්...

"මොකද ජංකුකා කෑගහන්නේ?"

අයියා කිරි පැකට් ටිකත් උස්සන් එන ගමන් ඇහුවා..

"ටේ එහා පැත්තේ පුටුවට පැනපන්කෝ"

මේ යකත් අනේ මන්දා.. මාව අර හෝතම්බුවගේ අස්සෙමයි රිංගවන්නේ.. මන් ඉතින් පැන්නා ජංකුක්ගේ මෙහා පැත්තේ පුටුවට

"මේ ජූනා අද උදේ කැතී ටේට ලස්සනයි කියලා.. ජංකුකාට මල පැනලා"

"නවත්තගනින් ජිමින්.. ගහනවා තව ටිකක් කොට වෙන්න"

"කෙල්ලොන්ගේ හිත් ඔහොම තමා ජංකුකා"

ජංකුකාගේ මූණ කිව්වත් වගේ රතු වෙලා.. අයියත් නවත්තන්නේ නෑනේ..

"මන් කැමති වෙන කෙනෙක් ඉන්නවා"

"මොකක්?"

ජිමින් අයියගෙයි යුංගි අයියගෙයි විතරක් නෙමෙයි අපෙ එකාගෙත් කට ඇරුනා...

"කවුද කියපන් යකෝ ඒ"

"ඉවසපන්.. වෙලාව ආවම කියන්නම්"

"අහ් එහෙමද?"

"එයා මට කැමති වුන ගමන් කියනවා"

පුෆ්ෆ්ෆ් මෙයාට කැමති වෙන්න ඉතින් ඔලුව හොද නැති එකියක් වෙන්න ඕනේ..

කියන්න ගියේ නෑ.. නිකන් තියන හිතනේ ඉතින්, මන් හිතලා දැම්මා..

ඒ එක්කම කිරි පැකට් එක කටට ගහ ගත්තා..

Jk pov

ඉරිසිය නම් හිතුනා.. හැබැයි අර ගෑනි ගැන නම් නෙමෙයි, මෙන්න මේ කිව්ට් කොල්ල ගැන

මන් ටේ දිහා බාලගෙනම කිරි පැකට් එක බොන්න ගත්තා..

pov end

ජංකුක් කරන දේ ගැන කෙනෙක් හොද අවධානෙන් බලන් හිටියේ..
ඒත් ජංකුක්ට ඒකේ වගේ වගක් නෑ.. කිරි පැකට් එක බොන ගමන් ටේ දිහා සැරෙන් සැරේ බැලුවා..

කිරි පැකට් එක බීලා ඉවර වෙද්දී දහයට දහයයි..

"යමන්...."

කට්ටියම ගියේ ඉවෙන්ට් එක තියන තැනට..

හරියටම දහයට වැඩේ පටන් ගත්තා..

මරු ඉතින්.. කෑම ස්ටෝල් ගොඩයි.. තව කෙල්ලො වගයක් මෙහෙන්දි අදිනවා.. තව තැන්වල ගේම්ස්. අපේ අයියලා බෑන්ඩ් එක ප්ලේ කරනවා.. අලුතෙන් ආව කැම්පස් අයගේ ෆස්ට් එක්සෑම් එක ඉවර එකට තියන ඉවෙන්ට් එකක්ලු මේක කියනවා මන් අහගෙන හිටියා..

මාත් ඉතින් පොඩි වටයක් දැම්මා.. ඒත් මන් හෙව්වේ වෙන කෙනෙක්ව..

අයියා ජිමින් අයියා ලස්සනට සිංග් කරනවා.. යුංගි අයියත් ගිටාර් ගහනවා දොබෙන් යන්න..

ඒත් මගේ ඇස් හැම් වෙලේම ගියේ ඩ්‍රම් බෝයි ලගට.. ජංකුක් ලගට..

"උම්මා ජංකුක්...."

"ජංකුක්.... ජංකුක්...."

"අපේ හීරෝ ජංකුක්"

මේ මොන විකාරයක්ද? අපේ හීරෝ ජංකුක්.. මොනාද දන්නේ නෑ කරලා තියන වීරක්‍රියා.. බැට් මෑන් වගේ යට ඒවා උඩට නම් අදින ලුක් එකක් තියනවා පොරගේ හැබැයි..

"මොකක් එයා ඒ මටද ඇහැක් ගැහුවේ?"

සින්දුව ඉවර වෙද්දිම ජංකුක් ඇහැක් ගැහුවා..

මට වෙන්න බෑ.. ඔය ඉස්සරහා ඉදන් කෑ ගහන කෙල්ලෙක්ට වෙන්න ඇති.. අර ඉන්නවා කිව්වේ ලව් කරන්න කෙනෙකුත්..

ඒත් මට හිතෙන්නේ මට කියලනේ...

මන් ආයේත් බැලුවා එයා දිහා... ඒත් එයා බලන් හිටියේ වෙන පැත්තක්..
.
.
.
.

දහයට පටන් ගත්ත වැඩේ ඉවර වෙද්දී හවස 5ටත් කිට්ටුයි..

පහේ ඉදන් අයියලා බඩු අස් කරනවා.. මාත් දුන්න සප් එකක් හීනියට

ඔය බඩු උස්සන්න එහෙම...

"ටේ මේ මේසේ ජංකුක් එක්ක අපේ කාමරේට දාන්න"

ඔය මන් කිව්වේ, මෙයාට මාව මේ යකාගේ අස්සෙමයි රිංගවන්න ඕනේ..

මන් ඉතින් එක පැත්තකින් අල්ලගත්තා..

"හරියට පන ඇතුව අල්ලනවා"

අල්ලනවා තමා යකෝ.. මූගේ ගෑස්.. වටේ ඉන්න කෙල්ලොන්ට පේන්නද දන්නේ නෑ වැඩ දාන්නේ..

මන් රවාගෙනම ජංකුක් එක්ක මේසේ මියුසික් රූම් එක ලගට ගෙනිච්චා.. දොරත් භාගෙට ඇරලා.. ජංකුක් හෙමින් දොර පිටෙන් තල්ලු කරන් ඇතුලට ගියා.. මාත් ඒ එක්කම ඇතුලට ගියා..

මේසේ තියන්න හදද්දිම මගේ පශ්චාත් භාගේ වැදුනෙ නැතැයි එතන තිබ්බ රාක්කේ...

"ඒයි මෝඩයෝ"

දඩාංංංං





හායි ළමයි...
ලස්සන නම් වෝට් කමෙන්ට් කරන්න..

ඊලග එපියෙන් හම්බෙමු
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top