39
"මන්.... මන් කෙනෙක්ට ආදරේ කලා"
"මොකක්? ඉතින් මොකද උනේ?"
"එයා මේක නතර කලා.. මාව රැවැට්ටුවා අයියේ"
"මොකක්? කවුද කියපන්"
"අයියේ... මේ.... මන් අඩන්නේ ඒ නිසා.. එයා මාව රැවැට්ටුවා, ඒත් එතනින් එහාට අහන්න එපා මුකුත්.. මන් ඒ ඔක්කොම අමතක කරන්නම්"
"හරි මන් මුකුත් අහන්නෙ නෑ.. උබ ඒ ඔක්කොම අමතක කරලා දාන්න ඕනේ මේ දැන්ම"
"හරි මන් ඒක කරන්නම්"
"සෙනසුරාදා එන තාත්තගේ යාලුවගේ දුවට කැමති වෙන්න ඕනේ"
"අයියේ.. බෑ...."
"ඇයි බැරි?"
"මන් මේ ලව් එපා වෙලා ඉන්නේ"
"ඉතින්... එපා වෙලා නම් ඒවට ආස හිතෙන කෙනෙක්ට ලං වෙයන්"
"කියන්න ලේසී"
"මන් උබෙන් දෙයක් අහන්නද මල්ලී"
මන් අඩල අඩලා හෙම්බත් වෙලා හිටියේ
ඇදන් හිටිය හූඩියත් ගලවලා සැටියට විසික් කරන ගමන් මන් වාඩිවුනා
"මොකක්ද?"
අයියත් මගේ එහා පැත්තෙන් වාඩිවුනා
"උබ ඔය ලව් කලා කියලා කිව්ව කෙනා අපේ ජංකුක් ද?"
මොකක්?
මන් බැලුවා... නෑ මට බැලුනා අයියා දිහා
මගේ උගුර කටත් වේලුනා වගේ යකෝ
"කියපන් බලන්න.. ඒ ජංකුකාද?"
"මො...නාද... අයියේ.... මේ.... ඔයා....
"මන් කියවන්නේ ඇත්තද? තව බොරු නොකර කියපන්"
"මේ.....
"ඒ ජංකුක්ද නැද්ද?"
අයියා අහන්නේ ඇත්ත දැනගෙන කියලා මට තේරුනා
"මේ... අයියේ....ඔව්.. ඒ ජංකුක් අයියා"
ඕනේ එකක්
තව හංගන්න මගුලක් එයයි මායි අතරේ නෑනේ
"ඒත් දැන් එහෙම එකක් නෑ"
"උබට රිද්දුවෙ ඌද?"
"මගේ මෝඩකමට එයා පලි නෑ... මට කලින් හිතන්න...
"අනේ මේ සුද්ද කරන්න එන්න එපා ඌව... මන් ඌ ගැන දන්නවා"
"හ්ම්ම්ම්"
"ඌ දවස් කීයක් රෑට ආවද?"
මොකක්?
මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා
"ඇයි මන් ගොනෙක්ද? ඌ ජනේලෙන් ආව ඒවා නොදැන ඉන්න.. මන් ඇස් කන් පියන් නෙමෙයි මේ ගෙදර ඉන්නේ.. එදා මන් එද්දී බඩගින්නට කාපු පැස්ටා පිගාන, අහ් තව බලන්න අරන් ගිය බෙහෙත් පෙට්ටිය.... අහ් ඇයි වැඩකට යන ගමන් උදේ පානදර ආව එක.. අනේ මේ මල්ලී"
"හ්ම්ම්ම්"
"උබ ඌට සිරාවටම ලව් ද?"
"හ්ම්ම්"
"කවුද මුලින් කිව්වේ?"
"මොකක්ද?"
"ආදරෙයි කියලා ගොනෝ"
"එයා..."
"ඇයි දැන් ඌ නවත්තන්නේ?"
"දන්නේ නෑ"
"උබට ඌවද ඕනේ?"
"හ්ම් මන් ආදරෙයි අයියේ... ඒත් එයාට එපා නම්"
"මන් ඒත් බැලුවා අර කෙල්ලට ඇයි නොදැකම අකමැති කිව්වේ කියලා...මූ නිසා"
"හ්ම්ම් ඒත් ජංකුක් මට ආදරේ නෑ.. එයාට මාව ඇති වෙලා"
"විකාර.. උබට ඌව ඕනේ නම් මන් ඌව ගෙනල්ල දෙනවා කොහොමහරි"
"ඒත් අයියේ.....
"උබ හෙටත් කැම්පස් එන්න එපා.. මන් බලාගන්නම්. බලමුකෝ ඌ මොකද මගේ කොල්ලව අඩවන්නෙ කියලා"
"අයියේ....."
"ඇයි?"
"ඔයාට තරහා නැද්ද මන් හැංගුව එකට?"
"ලව් කොහොමත් හොරෙන්නෙ බන් කරන්නේ"
"එතකොට ඒ කෙනා ජංකුක් වුන එකට"
"එතන නම් පොඩි කොස්සක් තියනවා.. ඒත් උබ ආදරේ කරන්නේ ඒ ගොනාට නම් මට කරන්න දෙයක් නෑනේ"
"අයියේ...."
"මොකද?"
"මන් නිසා ඔයාලා අතරේ ප්රශ්න නම් දාගන්න එපා.. එයා ඔයාගේ හොදම යාලුවෙක් හොදේ"
"හරි හරි බන්.. ඒත් උබව අඩවන්න ඌට තියා සක්කරයටවත් බෑ... එච්චරයි"
"හ්ම්ම් බලමුකො අයියේ"
මන් නැගිටලා කාමරේට ගියා
මන් දන්නෙ නෑ අයියා කොහොම දැනගත්තද කියලා
ඒත් එයාට නොතේරුනා නම් තමා එක අතකට පුදුමේ
.
.
.
.
.
.
.
උදේම ඇහැරුනා
මන් දුවලා ගියේ අයියගේ කාමරේට
"අයියේ"
"මොකද?"
එයා ලෑස්ති වෙනව ගමන්
"අද යන්න එපා නේ කැම්පස්?"
"ඇයි සාංකාවද අර ගෝතයව දකින්නෙ නැතුව?"
"අනේ මේ...."
"ඉදපන් අද ගෙදර"
"හා හා"
මන් ආයේ කාමරේට
.
.
.
.
.
.
"අඩෝ ජූනා.. අපි මෙහේ"
ජූන් කැම්පස් එක ඇතුලට යද්දිම ඉන්නවා ජිමිනුයි ජංකුකුයි
"කෝ යුංගියා?"
"ඌ දවල් ලෙක් එකට එන්නම් කිව්වෙ බන්... කෝ මල්ලී?"
ජූන් හිටියේ අවුලෙන්
"අනේ මන්දා බන්.. ඌ එන්නෙ නෑ.. කන්නෙත් නෑ බොන්නෙත් නෑ.. කොටින්ම අර කාමරෙන් එලියට එන්නෙත් නෑ"
"යකෝ.. ඇයි ඒ?"
"මන් හිතන්නේ ලව් හුටපටයක්..."
"ඉතින් උබ ඇහුවෙ නැද්ද?"
"ඇහුවා"
අන්න එතකොට නම් ජංකුක් ඔලුව උස්සලා බැලුවා
"මොකද ඌ කිව්වේ?"
"මුකුත් නෑ බන්.. ගොලුවෙක් වගේ, වෙලාවකට අනින්න හිතෙනවා හොම්බට හැටක් මට උගේ"
"ශේප් එකේ අහපන්"
"නෑ නෑ... මේ සෙනසුරාදා තාත්තගේ යාලුවෙක්ගේ දුවෙක් එනවා, ඒකී කැමති මූට"
"ඉතින් මල්ලි කැමතිද?"
"නෑ.. ඌ කැමති නෑ කොහොමත්"
"ඉතින්"
"මන් කියලා ඌව යවනවා බන් ආයේ රට"
"ඒ ඇයි ගොනෝ.. යකෝ ඌ තනියම නේ බන් දන්න කාලේ ඉදන් හිටියේ, තවත් එහෙම කරන්න එපා බන්"
"ඌ ඔහොම ගියොත් පිස්සෙක් වෙනවා.. ඊට කලින් මන් මෙහෙන් ඌව ඈත් කරනවා.. ඌ දුක් වින්දත් පිස්සෙක් වෙන එකක් නෑ.. මන් දන්නෙ නෑ බන් කවුද ඒ මගේ මල්ලිව අඩවන්නේ කියලා, ඒත් මන් දැනගත්තොත් ඌව මරනවා... උබලා දන්නවනේ බන් ඌට මන් මාර ආදරෙයි.. පොඩි කාලේ ඉදලා තනියම ඉදලා ඉදලා අපි එක්ක සතුටෙන් ඉන්න පටන් ගත්තා විතරයි"
ජූන් එහෙම්ම ජංකුක්ලා වාඩිවෙලා හිටිය බැම්මෙන් වාඩිවුනා
"හ්ම්ම් බලමුකෝ බන්"
"මොකෝ බන් උබ අවුලෙන් වගේ ජංකුකා"
"අහ්... නෑ... මේ මටත් දන්නවනේ ගෙදර"
"ඉතින් නිචීගේ අවුලක් නෑනේ.. අහ් දැන් සෝ කියන එකී නේ කෑල්ල උබේ"
"පයිත්තියන්ද බන්?"
"හා හා මේ... උබ අපිට කොලේ වහන්න එන්න එපා.. අපිව කලින් යවලා එකී එක්ක රෝන්දේ යනවා කියලා දන්නවා"
"පිස්සු උබලට"
"බලමුකො නේ ජිමිනා... මට හිතෙනවා බන් අපේ එකාට ශේන් සිරාවටම....
"පිස්සුද ගොනෝ.. තොගේ මොලේ විකල් වෙලාද අහ්?"
ජංකුක් එක පාරට නැගිටලා ජූන්ට කෑ ගැහුවා
"නෑ ඉතින්... උබට මොකද?"
"උබ දන්නවනේ ඌ ගැන.. කෙල්ලො කොල්ලො කියලා නෑ, දකින දකින එක පස්සෙ යනවා"
"ඒත් බන් ඌ කවදාවත් නැතුව මාත් එක්ක කතා කලා, ඒ මල්ලී ගැන"
"අනේ මේ ජූන්....
"බලමුකෝ.. කොහොමත් ඌ සෙනසුරාදා එන කෙල්ලට කැමති වෙන්නෙ නෑ.. ඒක මන් දන්නවා හොදටම, එතකොට කොහොමත් ඌව රට යවන එක තමා හොදම"
"මල්ලිට හොදක් වෙනව නම් ඒක කරපන්, ඌ දැන් ඉන්න එකාට සිරාවටම ලව් ඇති, ඔච්චර අවුල් වෙන්න තරම්"
ජිමින් කිව්වෙ ජංකුක් දිහා බලාගෙන
"යමන් යමන් දැන්"
එහෙම්ම ජිමින් නැගිට්ටේ ලෙක්චර් හෝල් එක පැත්තට යන්න
"හ්ම් යමන්"
.
.
.
.
.
.
.
.
මන් අද ගෙදර හිටියේ පට්ට කම්මැලිකමේ
තුනා මාරයි
ඒ කියන්නේ අයියලගේ ලෙක්චර් ඉවරයි
ගත්තා කෝල් එකක්
"මොකද මල්ලී"
ජූන් හිටියේ ජංකුකුයි ජිමිනුයි යුංගී එක්ක
"මොකද උනේ? ජංකුක් අයියා...
"ඉන්නවකෝ පොඩ්ඩක්"
අයියා තිබ්බා ෆෝන් එක
මොකක්ද උනේ කියලවත් කියන්නේ නෑනේ රෙද්ද
.
.
.
.
.
.
"මේ මන් යනවා"
ජිමින් ගියාට පස්සෙ යුංගිත් එකේම ගියේ මගින් බහින්න
"මාත් යනවා බන්"
ජූන්ට ඕනේ ජංකුක්ගෙන් ඇයි මල්ලිට මෙහෙම කලේ අහන්න
මොකද එයා හිතුව වගේ හැසිරීමක් ජංකුක්ගෙන් එයාට හම්බුනේ නෑ
"ජංකුකා..."
ජංකුක් බැලුවේ ජූන් දිහා
"උබ එක්ක කතා කරන්න ඕනේ"
"මොකක් ගැනද?"
"මගේ මල්ලි ගැන"
"මො...කක්?"
"මන් දන්නවා බන් මගේ මල්ලී පිස්සුවෙන් වගේ ආදරේ කරන්නෙ උබට කියලා.. මන් ඒක දන්නවා"
"මේ... ඒ...ත් ජූන්....මේ අපි අතරෙ... දැන්....
"මන් දන්නවා දැන් නෑ කියලා.. මට ඒකට හේතුව විතරමයි උබෙන් දැනගන්න ඕනේ"
"අපි මැච් වෙන්නෙ නෑ ජූන්"
"නෑ බන් ඌ උබට මාර ආදරෙයි"
"මට ගෙදරින්....
"උබ ඕවා දැනන් ඇයි මගේ එකා එක්ක යාලු වුනේ? කියපන් ඇයි?"
ජූන්ට ආව තරහටම එයා ජංකුක්ගේ කොලර් එකෙන් අල්ලගත්තා
"අහපන් ජූන්... ඔක්කොම බලන් ඉන්නේ.. අත ඇරපන්කෝ මාව"
ජූන් ජංකුක්ගේ කොලර් එකෙන් අත ගත්තා
"ඒ කියන්නේ උබ මගේ මල්ලිව අමතක කරලා දාලා ඉවරයි?"
"ඔව්..."
"කවදාවත්ම ඌව එපා?"
"එපා..."
"හරි බන්.. උබ එක්ක තරහක් නෑ.. හැබැයි මේක මතක තියාගනින්, උගේ මරණෙටවත් උබට එන්න බෑ.. කොටින්ම උබට ඌ දිහා බලන්නත් බෑ.. උබ රිද්දපු ඌව මන් හදන්නම්.. ඒ නිසා ආයේ උබට මගේ මල්ලී දිහා බලන්නත් තහනම්.."
ජූන් තමන්ගේ මහපට ඇගිල්ල ජංකුක්ට දික් කරලා කිව්වා
"අනිත් දේ... කාලකන්නි වැඩ කරන්න එපා, උබ අද පෙන්නුව උබත් කාලකණ්නි ජියෝන් කෙනෙක්ම තමා කියලා"
ජංකුක්ට වචනයක්වත් කියන්න නොදී ජූන් එතනින් ආවා....
plz vote and comment
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top