38
"මල්ලී... ඕයි...."
"මොකද අනේ?"
"යන්නේ නැද්ද කැම්පස්?"
"නෑ"
"මොකද යකෝ මේ? ලෑස්ති වෙයන්"
මන් කොහොමද ඕයි කැම්පස් එන්නේ
"මට බෑ.. ඔයා යන්න"
අයියා මන් දිහා කන්න වගේ ටික වෙලාවක් බලන් ඉදලා,
"හරි, හවස ආවම මන් අහන ඒවට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉදපන්"
කිව්වා
ගියා
මාත් ආයේ දොර වහගෙන ඇදට වැටුනා
නින්දම කෑවා
බූතයා
.
.
.
.
.
කැම්පස් එකේදී....
"ගුඩ් මෝනින්"
ජූන් හිටියේ ලොකු අවුලක
කාට නොතේරුනත් ඒක ජිමින්ට තේරුනා
"මෝනින් ජූන්... කෝ මල්ලී?"
"ඌට මොකක් හරි ලොකු අවුලක්.. කන්නෙත් නෑ බොන්නෙත් නෑ කොටින්ම අර ගුහාවෙන් එලියට එන්නෙත් නෑ"
ජංකුක් එතන හිටියත් මුකුත් කිව්වෙ නෑ
"පොඩ්ඩක් බලපන් හොදේ මැල්ලී ගැන, කොහේ හරි යන කාලකණ්නියෙක් නටවනවද දන්නෙ නෑ කොල්ලව"
ජිමින් ඉන්නේ ජංකුක් එක්ක පුදුම කේන්තියකින්
"මටත් හිත්න්නේ එහෙම තමා බන්.. ලව් කේස් එකක් වගේ, කොල්ලා තාත්තා කිව්ව කෙල්ලටත් එක පාරම අකමැති වුනා බන්"
"මොකද ජංකුක් සද්දයක් නැත්තේ?"
"නෑ මේ.... ඔව් හොයපන් ජූන්"
"ඔව්ව්.. අද කාලේ ඉන්නවනේ සෙල්ලමට ලව් කරන උන් නේද ජංකුක්?"
ජිමින් කට කොනෙන් හිනා වෙලා ජංකුක්ගෙන් ඇහුවා
"ඇති ඇති දැන්.. යමන් ලෙක්චර් එකට"
යුංගි කට්ටියම එක්කන් යන්න නැගිට්ටා
.
.
.
.
.
"පොඩි බබා... පොඩි බබා"
ආයිශ්ශ් මොන වදයක්ද අනේ
"ඇයි ඇන්ටි?"
මන් ඇස් දෙකම අත් දෙකෙන් පිහද පිහද ගිහින් කාමරේ දොර ඇරියා
"බලන්නකෝ බබා වෙලාව, එකොලහත් පහු... කන්න එන්නෙ නැද්ද?"
හුටා
එකොලහත් පහු???
"අහ්හ්හ්... මන් වොශ් එකක් දාන් එන්නම්"
ලිලී ඇන්ටි ගියාම මන් ආයේ ඇදෙන් වාඩිවුනා
ගත්තා ෆෝන් එක අතට
නිකීගෙන් කෝල් තුනයි
මන් දැම්මා මැසේජ් එකක්,
"මන් අද එන්නෙ නෑ බන්"
ජංකුක්ගෙන් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් නෑ
මට බෑ එයාව අමතක කරන්න
ඕනේ එකක් කියලා මන් ගත්තා කෝල් එකක්
දැන් ඉන්ටර්වල් නේ
රින්ග්ස් යනවා
"කියන්න"
"ජංකුක් අයියේ...."
"ඔව් කියන්න"
"කැම්පස් එකේද?"
"ඔව් ඇයි?"
"මන් අද ආවෙ නෑ"
"දන්නවා"
"මන් වැරද්දක් කලාද මෙහෙම කරන්න මට?"
"නෑ"
"එහෙනම් ඇයි මේ?"
"............."
"අපි ඈත් වෙමු.. හරි ඒක කරමු, ඒත් ඔයා හේතුවක් කියනකන් මට බෑ දෙයියනේ තමුසෙව අමතක කරන්න"
"මේ.... මට නිචීව බදින්න වෙනවා"
"ඉතින් අපි කොහේ හරි යමු"
"බෑ"
"ඇයි ඔයා කිව්වේ?"
"කිව්වට ඒක කරන්න බෑ... ඒ නිසා මේක නවත්තමු"
"මට බෑ.. මන් ඔක්කොටම කියනවා.. තමුසෙ මගේ ජංකුක්.. කොහොමද මෙහෙම කරන්නේ මට අහ්??"
යකෝ මට ඇඩෙනවා
රෙද්ද
"ඕනේ රෙද්දක් කරගන්නවා තමුසේ"
මන් තිබ්බා ෆෝන් එක
මට හොදටම ඇඩෙනවා
කෙලින්ම දිව්වේ නාන කාමරේට
නෑවා පැයක් විතර
නෑ ඇඩුවා
ඇස් දෙක ඉදිමිලා රතු වෙනකන් ඇඩුවා
පහලට යද්දී ලිලී ඇන්ටි පඩිපෙල ළග
"ප්රශ්නයක්ද බබා?"
මන් ඔලුව දෙපැත්තට වැනුවා
"ප්රශ්නයක් නම් කියන්න මට.. බබ ඉන්නේ අඩලා කියලා තේරෙනවා"
මන් මුකුත් නොකියා කෑම මේසෙන් ඉදගෙන කෑවා
ලිලී ඇන්ටි මන් දිහා බලාගෙන
ඒත් මට මගේ ප්රශ්නය ඔයාට කියන්න බෑ
මන් කාලා එහෙම්ම නැගිටලා ආයේ උඩට ගියා
වෙලාව බැලුවා එකා මාරයි
ඇදන් හිටිය කලිසමටම උඩින් හූඩියක් දාන් ආයේ පහලට
කෝකටත් කියලා මාස්ක් එකකුත් ගත්තා
"බබා කොහේ හරි යන්නද?"
"ඔව්ව් ඇන්ටි.. මන් මේ... පොඩ්ඩක් ඇවිදින්න යනවා"
"පරිස්සමෙන්"
මන් ඔලුවත් වනන් එලියට ආවා
පයින්ම හෝල්ට් එකට
දැම්මා මැසේජ් එකක් ජංකුක්ට
"මට කතා කරන්න ඕනේ... මන් තුන වෙද්දී කැම්පස් එක ඉස්සරහා තියන කැෆේ එක ඉස්සරහා ඉන්නවා"
දාලා විනාඩි පහක් විතර ගියත් නෝ රිප්ලයි
ඒත් එයා මැසේජ් එක දැක්කා
එයි අනිවාර්යෙන්ම
මන් බස් එකේම කැම්පස් එක ලගට ගියා
මාස්ක් එක දාගත්තේ කාටවත් අදුරගන්න බැරිවෙන්න
කැම්පස් එක ළගට යද්දී දෙකා මාරට වගේ
කමක් නෑ තව පැය භාගයයිනේ
මන් බලන් හිටියේ එයා එලියට එනකන්
.
.
.
.
.
තුනයි කාලයි
තාම නෑ
මන් දැක්කා අයියා නම් යනවා
ඊට පස්සෙ ජිමින් අයියයි යුංගි අයියයි
ඒත් කෝ ජංකුක්
මන් ගත්තා එයාට කෝල් එකක්
රින්ග්ස් යනවා
ඒත් ආන්සර් කරන්නෙ නෑ
මන් බලන් ඉදලා යන්න හැරෙද්දිම එයාගේ බයික් එක
ඔව් ඒ ඒක
ඒත් ඒකේ එයා විතරක් නෙමෙයි හිටියේ
තව කවුදෝ කෙල්ලෙක් හිටියා
පිටිපස්සෙ
ඔයාට මන් එනවා කියද්දිත් ඔයා මෙහෙමද මට කරන්නේ ජංකුක්?
මන් බයික් එක යන දිහා බලන් හිටියා
මට තේරුනේ නැති වුනාට මගේ ඇස්වලින් කදුලු බේරෙනවා
මන් දන්නවා මට කොහොමත් මේක දරාගන්න බෑ කියලා
මාස් එකයි හූඩියයි නිසා කාටවත් මන් අඩනවා පෙනුනේ නෑ
ඒත් මන් ඇඩුවා
ගොඩක්
මන් මොකද කරන්නේ?
ඔයාව අමතක කරන්නේ කොහොමද
බෑ මේක මෙහෙම කරන්න බෑ
මන් කතා කරලා තමා තීරණය කරන්නේ
මන් ඉස්සරහා තිබ්බ කහ ඉරෙන් පාර පැනලා බස් හෝල්ට් එකට ඇවිදන් ගියා
"මේ උබලා දැක්කද ජංකුක් අයියා බයික් එකේ දාන් ගියේ කාවද කියලා?"
"ඔව් ඔව්.. අර සෙකන්ඩ් ඉයර් එකේ එකීනේ"
"ඔව්ව් සෝවනේ.. එයා ලස්සනයි, ඉතින් ජංකුක් අයියගේ හිත නොගිය නම් තමා පුදුමේ"
"විකාර.. කලින් සීන් එකක් ගියා නේ අර ටේහ්යුන්ග් කියලා කොල්ලෙක් එක්ක"
"පිස්සුද බන්? ඕවා බොරු බන්, ජංකුක් අයියගේ මොන අඩුවකටද මේ කොහෙවත් ඉන්න කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෙ?"
"අඩුවකට නෙමෙයි ඕයි, ඒ කොල්ලවත් මන් දැක්කා.. ඌත් මාර ලස්සනයි"
"කොහොමහරි සෝ නම් මැච් ජංකුක්ට"
"ඔව් ඔව්.. බලමුකෝ... කොහොමත් හෙට කැම්පස් එකම කතා වෙයි ඒ දෙන්න ගැන"
"ඒත් මට මාර ජෙලස් ඕයි... සෝ මාර ලකී බන්"
"හ්ම්ම්ම්"
මට ඉස්සරහෙන් ගිය කෙල්ලෝ කතා කලේ ජංකුක් ගැන
ඒවා ඇහුවම ජංකුක් මගෙන් ඈත්වුන එක හොදයි කියලත් හිතෙනවා
එයාට මාව ගැලපෙන්නෙ නෑ කොහොමත්
එයාට හරියන්නේ ලස්සන කිව්ට් කෙල්ලෙක්
මන් මොකෙක්ද එහෙම බලද්දී
මන් ඉස්සරහා තිබ්බ බස් එකේ නැග්ගා
කතා කරනවද නැද්ද??
මගේ හිතට අවුල් ඇයි එයා වෙනස් වුනේ කියන එක? ඒක මට දැන ගන්න ඕනේ
බස් එකේ පුදුම සෙනගක්
අමාරුවෙන් ෆෝන් එක අතට අරන් ජංකුක්ට ආයේ කෝල් එකක් ගත්තා
"කියන්න"
"කොහෙද ඉන්නේ?"
"ගෙදර"
"මට කතා කරන්න ඕනේ"
"මට කතා කරන්න ඕනේ නෑ"
"මන් එන්නද ගෙදර?"
"තමුසෙට පිස්සුද අහ්?"
"මට කතා කරන්න ඕනේ අයියේ"
"මොනාද? මොනා ගැනද?"
"අපි ගැන"
"අපි කියලා එකක් නෑ දැන්"
"මන් එනවා ඔහේ.. නැත්තම් ඔයා එන්න"
"හරි, තමුසෙ කොහෙද ඉන්නේ?"
"මන් දැන් කැම්පස් එක ළගින් බස් එකේ නැග්ගේ"
"හරි එනවා පාර්ක් එකට"
"හරි අයියේ"
අම්බෝ එයා හා කිව්වා
මන් පැය කාලක් වගේ යද්දී පාර්ක් එක ළගට ආවා
මන් එද්දී ඉස්සරහම නවත්තලා තිබ්බ එයාගේ බයික් එක දැක්කා
මන් බයික් එක ලගට යද්දී ඊට ටිකක් එහාට වෙන්න ජංකුක් කෝල් එකක ඉන්නවා මන් දැක්කා
එයා හිටියේ මට පිටුපාලා
මන් හෙමින් ගිහින් එයාගේ බඩ වටෙන් අතදාලා එයාගේ පිටට තුරුල් වුනා
ඒක මන් ආස දෙයක්
"මන් ඔයාට රෑට කෝල් එකක් ගන්නම් සෝ..."
සෝ??? ඒ අර කෙල්ල?
මන් එහෙම්ම හිටියා
ජංකුක් මගේ අතින් ඇදලා මාව එයාගේ ඉස්සරහට ගත්තා
මාස්ක් එක දාලා හිටිය මන් අඩනවා කියලවත් ඔයා දන්නෙ නෑ ජංකුක්
"මොනාද කියන්න තියෙන්නෙ?"
"ඔයා ඒ කෙල්ල එක්ක යාලුද?"
"ඔව්"
"බොරු එපා ජංකුක්.. තමුසෙට බෑ එහෙම කරන්න"
"මල්ලී... මේ මන් කියන එක හොදට අහගන්න... ඔව් මන් තමුසෙට ආදරේ කලා තමා, ඒත් පොඩ්ඩක් හිතවකෝ අපේ ගෙවල්වලින් මේකට කැමති වෙයිද? නෑනේ"
"අපි කැමති කරගමු.. ඔයා යාලුවෙද්දී ඔහොම කිව්වෙ නෑ අයියේ"
"හරි මන් වැරදි.. ඒත් තව දුර යන්න බෑ මල්ලී මට ඔයා එක්ක"
"ඒ කිව්වේ?"
"අපි මේක නතර කරමු.. නතර කරගන්න බැරි වෙන්න මුකුත් වෙලා නෑනේ"
"ඔයාට පුලුවන්ද?"
"ඔව්ව්.. මන් සෝ....
"ඇති අයියේ... මට ඕනේ වුනේ ඕක දැනගන්න විතරයි.. එතනින් එහා ඔයා කැමති කෙනෙක් එක්ක ඉන්න.."
මන් හැරුනා..
මට ඇඩෙනවා
මන් දුවගෙන එතනින් ආවා
ගොඩක් දුර දුවගෙන ආවා
පටන් ගත්ත තැනෙන්ම අපි හැමදෙයක්ම ඉවර කලා
.
.
.
.
.
"මල්ලී... මොකෝ බන් මේ?? උබ අඩලා?"
ගෙට ගොඩ වෙද්දිම අයියා
මන් එයාව බදාගෙන හොදටම ඇඩුවා
තමුසෙගේ අර යාලුවා මට රිද්දුවා ඕයි
මට පට්ට ආදරෙයි කිය කිය ඉදලා මාව රැවැට්ටුවා
"කියපන් මොකද උනේ? කවුද උබව ඇඩෙව්වේ?"
මන් කොහොමද ඒක කියන්නේ?
"මල්ලී මේ බලපන්... මොකක්ද උනේ කියපන්"
අයියා මගේ උරහිස් අල්ලලා ඈත් කරලා ඇහුවා
"මන්.... මන් කෙනෙක්ට ආදරේ කලා"
vote and comments
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top