37
"ජංකුක් අයියේ......
හති ඇරලා ඉදපන්කෝ මුලින් මගුල
කේන්ති මට රෙද්ද ඔක්කොම එක්ක
අර යකා මන් දිහා බැලුවෙවත් නෑ
"ඔයා ඇහුව කෙල්ලගේ නම්බර් එක හොයාගත්තා"
මන් බැලුවේ එයා දිහා
එයා ගැස්සුනා
ඉදන් හිටිය තැනෙන් නැගිටලා එයා ඉක්මනට ගියේ අර කොල්ල ලගට
"මොකක්ද මොකක්ද ඒ සීන් එක?"
අපෙ අයියත් ඒ කොල්ල ලගට යන ගමන් ඇහුවා
මගේ ඇස්වලට කදුලුත් ඇවිල්ලා යකෝ
"නෑ.. මේ... ජූන් අයියේ... ජංකුක් අයියා අපේ එකේ කෙල්ලෙක්ගේ නම්බර් එකක් ඉල්ලුවා"
"කට වහගනින්කෝ... මන් උබව පස්සෙ හම්බෙන්නම්.. දැන් පලයන්"
ජංකුක් ඒ කොල්ලව තල්ලු කලා..
ඒ කොල්ලා ගියාම අපේ අයියා ආයේ හැරුනේ ජංකුක්ගේ පැත්තට
"කියපන්කෝ අපිටත්"
"නෑ බන් මේ උගේ පච"
"යමන් යමන් නවයටත් ළගයි"
ජිමින් අයියට තේරුනා මන් ඉන්නේ හොදින් නෙමෙයි කියලා
එයාලා අපිට යනවා කියලා ගියා
මට ලෙක්චර්ස් යන්න මූඩ් එකක් නෑ
"නිකී උබ පලයන්"
"එතකොට උබ?"
"මට මූඩ් එකක් නෑ බන්"
"විකාරද බන්? මුලින් බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා... උබලා දෙන්න රණ්ඩු වුනාද?"
මන් ඔලුව වැනුවා නෑ කියන්න
මට කතා කරන්න ඕනේ නෑ
"බන්, මන් යනවා ගෙදර.. අයියා ඉන්ටර්වල් එකේ සෙට් වෙලා අහුවොත් කියපන් මට අසනීප වෙලා ගියා කියලා"
"උබ ගෙදර යනවද දැන්?"
"ඔව්"
මන් එහෙම්ම කැම්පස් එකෙන් එලියට ආවා
බස් හෝල්ට් එකට වෙලා මන් කල්පනා කලේ මගේ කරුම ජීවිතේ ගැන
මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා
ශික්
මට තියෙන්නෙ පුදුම කරුමයක්
බස් එක ආවා
ඒක අපේ ගෙදරට යන එක නෙමෙයි
ඒත් මන් ඒකට නැග්ගා
"කොහෙටද මල්ලී?"
"උසාවිය ළගට"
මට ඕනේ ටිකක් හිත නිදහස් කරගන්න
උසාවිය ලගින් බැහැලා මන් ඇවිදන් බීච් එකට ආවා
බල්ලෙක්වත් නෑ බීච් එකේ
ඔව් ඉතින් උදේ නවයට කවුද බීච් එන්නේ
මන් බීච් එක දිගේ ඇවිදන් ගිහින් හෙවන තැනකින් ඉදගත්තා
ෆෝන් එකත් ඕෆ් කලා
සිරාවට ඇයි මන් මෙහෙ ආවේ
මට මෙහෙම ප්රශ්න ඉස්සර තිබ්බෙ නෑ
මන් දුක් වුනේ තාත්තා ගැන විතරමයි
ඒත් දැන්, හිතට කිසිම නිදහසක් නෑ
.
.
.
.
.
.
.
.
කැම්පස් එකේ.......
"කෝ අපේ එකා"
ජූන් නිකීගේ පිටට තට්ටුවක් දාන ගමන් ඇහුවා
"අහ්... මේ......
නිකී දැක්කා ජංකුක් පිටිපස්සෙ ඉන්නවා
"මොකෝ යකෝ... කෝ මල්ලී?"
"ඌ ගියා ගෙදර"
"මොකක්?"
"ඔව් අයියේ.. ඌට ටිකක් ඇගට හරි නෑ කියලා ගියා"
"කීයටද? මූ කිව්වෙත් නෑනේ"
නිකී ඔරවලා බැලුවා ජංකුක් දිහා
ජූන් ටේහ්යුන්ග්ට කතා කලත් ෆෝන් එක වැඩ නෑ
"මූගේ ෆෝන් එකත් ඕෆ් රෙද්ද"
"ගෙදරට අරන් බලපන්"
ජිමින් කිව්වා
ජූන් ඒ එක්කම ගෙදරට ගත්තා
"හෙලෝ ලිලී ඇන්ටි, මන් ජූන්"
"කියන්න ලොකු බබා"
"මල්ලීට ෆෝන් එක දෙන්න"
"ඇයි බබා ඔයා එක්කනේ උදේ ගියේ"
"අහ්හ්හ්... මේ... ඔව් නේ....
"ඇයි බබා ප්රශ්නයක් ද?"
"නෑ නෑ ඇන්ටි... ඌ එනවා.. මන් තියනවා"
ජූන් ෆෝන් එක තිබ්බා
"ඌ ගෙදර ගිහින් නෑ"
"කොහෙද ගියේ එතකොට"
"ඌ අවුලෙන් හිටියේ ඊයේ ඉදන් අර තාත්තගේ යාලුවෙක්ගේ දුවෙක් ජෝඩු කරනවා කියලා.. ඒකද දන්නේ නෑ"
"මොන හේතුවකට රිද්දන්න උත්සහ කලත් අන්තිමට දුක් විදින්නේ අහිංසකම එකා ජූන් අයියේ"
නිකී ජංකුක්ට තේරෙන්න ජූන්ට නොතේරෙන්න ඒක කියලා එතනින් ගියා
"මොකක්ද බන් ඒ කිව්වේ?"
"හිතන්න එපා.. දැන් පොඩි එකාව හොයමුකෝ"
"මන් ගෙදර ගිහින් බලන්නම්"
ජූන් කට්ටියම කැන්ටින් එකේ ඉද්දී එලියට ගියා
"හරිද දැන් උබට අහ් ජංකුක්?"
"මොකක්ද?"
"යකෝ එපා නම් එපා කියපන්, ඒ අහිංසකයව රිද්දනවා කාලකණ්නියා"
"මොනාද බන් කියවන්නේ"
"කියවන්නෙද කියවන්නේ කියවන්න ඕන එක.. උබ නටාගනින් අර ගෙනල්ල දුන්න නම්බරේ අයිති එකා එක්කම.. ආයේ මල්ලී දිහා බලලා අහු වෙන්න එපා"
"හ්ම්ම්ම්"
"කියපන් මල්ලී කොහෙද ගියේ කියලා?"
"මන් දන්නෙ නෑ.."
"පලයන්.. ගිහින් කොහෙන් හරි හොයලා ගෙදරට බස්සපන් තව පැයක් යන්න කලින්"
"මන්....මේ...
"පලයන් දැන්"
ජිමින් හිටියේ පුපුර පුපුර
ජිමින් ජංකුක්ව තල්ලු කලා
ජංකුක් ඒ එක්කම කාර් පාර්ක් එකට ඇවිල්ලා බයික් එක ස්ටාර්ට් කලා
එයා දන්නවා ටේහ්යුන්ග් යන්නේ ඉන්නේ කරන්නෙ මොනවද කියලා හැමෝටම වඩා
විනාඩි දහයට කොල්ලා බීච් එකේ
බයික් එකෙන් බැහැලා පේන මානේ බැලුවට ටේහ්යුන්ග් හිටියේ නෑ
............ "මේ ජංකුක් අර පැත්ත හෙවනයි, යමුද?"................
ජංකුක් ගියේ එදා ටේහ්යුන්ග් කිව්ව පැත්තට
යද්දී ටේහ්යුන්ග් කකුල් දෙක අස්සෙ ඔලුව ගහන් ඉන්නවා
..................
"ටේහ්යුන්ග්"
මන් ක්ශනිකව බැලුවා
ඒ එයාගේ කටහඩ
"ජංකුක්"
"යමු"
"කොහෙද"
"ගෙදර"
"ඇයි? මට බෑ"
"කියන එක අහනවා"
"ඇයි? ඇයි මන් අහන්නේ?"
"පණ්ඩිත වෙන්න එපා ඕයි"
"මට බෑ"
ජංකුක් මගේ එක අතකින් ඇදලා ගත්තා
ආව්ව්ව්ව්ව්ව් යකෝ
එයාගේ නියපොතු වලට මගේ අතත් හීරුනා
මගේ ඇස්වල ඒ මදිවට කදුලු
ඔව් මන් අඩ අඩ හිටියේ
මන් අත ඇදලා අරන් බැලුවා, හ්ම්ම් හීරිලා
"මට වෙලාව නෑ.. එනවා යන්න"
"මට බෑ"
"එහෙනම් උබේ මගුලේ ෆෝන් එක ඔන් කරගනින්"
"අහ්හ්හ්හ්?"
"ඔන් කරන් අයියට කියපන් ඉන්න තැන.. තව ජිමින්ලටත් කියපන්.. මට බෑ මේ එක එකා නිසා බැනුම් අහන්න"
මන් මුකුත් නොකියා බෑග් එකෙන් ෆෝන් එක ගත්තා
මුලින්ම අයියට
"මන් බීච් එකේ අයියේ.. ඉක්මනට එන්නම්"
අයියා මොනාදෝ අහනවා
මන් ඒත් ෆෝන් එක තිබ්බා
ඊලගට ජිමින් අයියට
"මන් බීච් එකේ අයියේ..."
තිබ්බ ෆෝන් එක
"හරිනේ දැන්"
ජංකුක් මන් එතන ඉද්දිම එතනින් යන්න ගියා
මන් බලන් හිටියා
මට කතා කරන්න ඕනේ ඔයා එක්ක
මන් ගත්තා කෝල් එකක්
එයා තාම යනවා
එයා නැවතුනා- මගේ කෝල් එක දැකලා
"ඇයි?"
"මන් වැරැද්දක් කලාද?"
"නෑ"
"මන් ඒ කෙල්ලට කැමති නෑ කියන්නම්"
"ඇයි ඒ?"
"කතා කරමුද?"
"බෑ"
"මට ආදරේ නැද්ද?"
"................"
"එන්න.. අපි කතා කරමු..."
"................."
"ඔයා ගියොත්.... ගියොත් මන් ආයේ මූණවත් බලන්නේ නෑ අයියේ.. මන් හිතාගන්නවා ඔයා මට ආදරේ නෑ කියලා.. ඒ නිසා එන්න"
ඒය ෆෝන් එක කට් කලා
හිතුවේ එයි කියලා
ඒත් එයා යනවා
එයා පේන්නෙ නැති වෙනකන්ම මන් බලන් හිටියා දැන් හැරිලා මන් ලගට එයි කියලා
නෑ එයා ගියා...
මොකක්ද ජංකුක් ඔයාට වුනේ?
ඒ කියන්නේ ඔයා නොකියා මට ආදරේ නෑ කියලද කිව්වෙ?
හ්ම්ම්ම්......
මන් ආයේම හිටිය තැනෙන්ම වාඩිවුනා
වෙන්න තියන දේවල් නවත්තන්න බෑ කියනවනේ
එයාට මාව ඇති වගේ දැනෙනවා ඇති
තව පැයක් විතර මන් බලාගෙන හිටියා ගොඩට එන රැල්ල දිහා
මිනිස්සු අත් අල්ලන් දුවනවා
සෙල්ලම් කරනවා ඒත්....
එදා මායි ජංකුකුයි අත අල්ලන් හිටියා දැකලා මිනිස්සු කිව්වේ අපි දෙන්නා මාර මැචින් කපල් එකක් කියලා
ඒවා බොරු
නැගිට්ටා
අව්වත් පායලා
මන් බෑග් එකත් එල්ලන් පාර දිගේ ඇවිදන් ගියේ හෝල්ට් එකට
"ටේහ්යුන්ග්......"
මන් සද්දෙට බැලුවා
ඒ ජේක්...
එයා මන් ලගට දුවගෙන ආවා
"ටේහ්යුන්ග්, කොහෙද මේ තනියම?"
"අහ්හ්හ් ජේක්... මේ.... මන් බීච් එකට ආවා"
"තනියම? ඇයි කෝ ජංකුක්?"
"ඔව් මන් තනියම ආවේ.. මන් යනවා"
මන් එන්න හැරෙද්දිම එයා මගේ අතින් අල්ලලා මාව නැවැත්තුවා
"ඇයි යන්නේ? මොනාහරි බොන්න යමුද?"
"දැන් බෑ ජේක්"
"මන් තාම බලන් ඉන්නවා"
"මොකක්?"
"තාම කැමති ඔයාට ටේහ්යුන්ග්"
"විකාර හිතන්න එපා ජේක්.. මන් දැන් යනවා"
"ප්රශ්නයක් නම් මට කතා කරන්න"
මන් අතත් අදගෙන ආවා
විකාර
එද්දිම ආව බස් එකට අත දාලා එල්ලුනා
මැද හරියේ තිබ්බ සීට් එකෙන් වාඩිවුනා
"තයිවේ බේකරියට එකයි"
.
.
.
කෝල් එකක්.. අතට ගත්තම දැක්කේ ජිමින් අයියා
"කියන්න අයියේ"
"උබ හොදින්ද?"
"පොඩ්ඩක්වත් නෑ"
"අරූට පිස්සු බන්"
"පිස්සුවෙන් හරි එයා කලේ මාව සෙල්ලමට ගත්ත එක අයියේ"
"ඌ කෝ?"
"ගියා.. මාව දාලා ගියා"
"හදිස්සි වෙන්න එපා.. අපි.....
"එපා අයියේ.. අයේ එපා... මොන වුනත් එපා.."
"මොකද උනේ?"
"උනේ වෙන්න තිබ්බ හොදම දේ වෙන්න ඇති අයියේ"
"මන් ඌ ගැන බලාගන්නම්කෝ"
"එපා... එයාට මුකුත් කියන්න එපා.. එයා කැමති කෙනා එක්ක ඉන්න දෙන්න අයියේ"
"මායි උබට ඌ ගැන කිව්වේ.. මායි මේක කලේ... මන් ඌව අත අරින්නෙ නෑ නිකන්"
"කිව්වනේ අයියේ, එයා කැමති ඒ කෙල්ලට නම් මට අවුලක් නෑ.."
"හ්ම් බලමුකෝ"
මන් තිබ්බා ෆෝන් එක
"තයිවේ හෝල්ට් බහින්න"
යකෝ තව ඩිංගෙන් ආපස්සට පයින් එන්න වෙන්නෙ
මන් ටග්ගාලා බැහැගත්තා
ගෙදර යද්දී අයියා ඉන්නවා දොර ළග
දැන් මොකක්ද කියන්නේ මන්
"කොහෙද උබ ගියේ අහ්?? ඔලුව කැක්කුම නම් ගෙදර එන්නෙ නැතුව මගුලේ ගියාද මල්ලී?"
"අනේ ගෙට ගොඩ වෙන්න දෙනවකෝ මලවදේ"
"පේනවා දැන් උබට අපිව වදයක් කියලා"
මන් ඇහුන් නෑ වගේ ගේ ඇතුලට ආවා
මෙතන හිටියොත් ආයේ කියවයි
කෙලින්ම කාමරේට
vote and comments
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top