36

පිටිපස්ස බලද්දී තාත්තා පඩිපෙල බැහැගෙන එනවා

"ජ....ං...කු...ක්........

මන් හෙමින් හැරුනා

"අහ් අංකල්.. ගුඩ් මෝනින්"

"මොකෝ කුකුලා අතේ අරන් අද?"

"මේ ලගට ආවා උදේම වැඩකට අංකල්.. ඒ ගමන් මෙහෙට ඔලුව දාලා යන්න ආවා"

ඒ කියන්නේ තාත්තා ජංකුක්ව දැකලා නෑ

"තේකක් බොමු එහෙනම්"

"හරි අංකල්"

ජංකුක් තාත්තා එක්ක වාඩිවෙද්දි මන් කුස්සියට ගියේ ලිලී ඇන්ටිව බලන්න

එයා උයනවා

"ඇන්ටි... ගුඩ් මෝනින්"

"ගුඩ් මෝනින් පොඩි බබා"

"තාත්තටයි ජංකුක්ටයි තේ දෙකක් ඉල්ලුවා"

"ජංකුක් බබාත් ඉන්නවද?"

"ඔය ඉන්නේ... මේ මට ජූස් එකක්"

ලිලී ඇන්ටිට පණිවිඩේ කියලා මන් ආයේ සාලෙට

ජංකුක් තාත්තා එක්ක බර කතාවක්

හැබැයි මූ දත් මැදලත් නෑ පෙරේතයා

මාත් ඒ ලගින් වාඩිවුනා

"ඉතින් කොහොමද දැන් ජියෝන්ට?"

"තාත්තා හොදින් අංකල්.. කම්පැනියේ වැඩ තමා"

"ඉස්සරහට ඔයාටත් ඉතින් වැඩ වැඩි වෙයි"

"ඔව් අංකල්"

"මමාගේ දුවව නේ බදින්න ඉන්නේ.. ඊට පස්සෙ ඉතින් කොහොමත් කොල්ලට නිදහසක් නම් නැති වෙයි"

කොහෙන් ගියත් අර හෝන්තුව
යකෝ මූ මගේ

"අනෙ නෑ අංකල්.. මන් ඒකට කැමති නෑ"

"මොකක්?"

තාත්තා පුදුමෙන් වගේ බැලුවා

"ඔව් අංකල්.. මන් කැමති වෙන කෙනෙක් ඉන්නවා.. බැන්දොත් බදින්නේ එයාව විතරයි"

"මාමා ඕවට ඉඩ දෙයිද?"

"මන් දන්නෙ නෑ අංකල්.. ඒත් මට වැඩක් නෑ එයාලගෙන්"

"පරිස්සමෙන්... මන් ආස නෑ මට උන දේවල් අපේ ළමයින්ට වෙනවට.. එදා එයාගේ ගෙදරින් බල නොකල නම් මන් ජූන්ලගේ අම්මා එක්ක පැනලා යන්නෙ නෑ.. එහෙනම් මන් ඇක්සිඩන්ට් වෙන්නෙත් නෑ.. එයා දුර්වල වෙන්නෙත් නෑ.. අන්තිමට මට නැති උනා එයාව"

"තාත්තේ....."

"අංකල්.. වෙන්න තියන දේවල් නවත්තන්න බෑ.. ඒත් එහෙම කියලා ඔයා දේවල්වලට බයේ මන් කැමති නැති කෙනෙක් එක්ක ජීවිත කාලෙම ඉන්න බෑ මට.. අංකල් පොඩි කාලයක් හරි සතුටෙන් හිටියා.. අනික එදා අංකල්ට බැරි උනානේ ජූන්ලගේ අම්මව අතෑරලා දාන්න"

"මට උබව තේරෙනවා කොල්ලො.. අපිටත් පෙන්නපන්කෝ දවසක ඒ කෙල්ලව"

කෙල්ලෙක් නෙමෙයි හරිත තාත්තේ
ඒ මන්... ඔයාගේ පොඩි පුතා

"හරි හරි.. අනිවාර්‍යෙන්ම පෙන්නනවා"

තව පැය භාගයක් විතරම වල් පල්
ඒ අස්සෙ තේ දෙකයි ජූස් එකයිත් ආවා

ඒවත් බිබී අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා

ඒ අතරේ අපේ මහ උතුමාණෝ සදලු තලෙන් බිමට වඩිනවා

"උබ මොකද උදේ පාන්දර?"

"කොහේ උදේ පාන්දරක්ද ඕයි??"

"හරි උබට මේක පාන්දරනේ"

"වැඩකට ආවා ගමන් ආවා"

අයියා ඇවිල්ලා ජංකුක්ගේ එහා පැත්තෙන් වාඩිවුනා

"ඉතින් ඉතින්... මොකෝ වෙන්නේ?"

"මුකුත් නෑ බන්.. උබේ ට්‍රිප් එක කොහොමද?"

"හ්ම් එහෙම විශේෂයක් නෑ බන්"

අපි කතා කර කර ඉද්දී තාත්තා තේක බීලා නැගිටලා උඩට ගියා

ගියාට පස්සෙ අයියා,

"මේ මල්ලී උබට බඩ්ඩක් කියන්න තියනවා"

"මොකක්ද?"

"උබ දන්නෙ නෑ මේ මන් කියන කෙනාව, ඒත් එයා තාත්තගේ හොදම යාලුවෙක්"

"කවුද?"

"අංකල් ලී.. එයාලගේ පවුලම ඇමරිකාවල ඉන්නේ"

"ඉතින් ඕකේ මොකක්ද තියන බඩ්ඩ?"

"එයාලා ඇවිල්ලා නිවාඩුවට"

"ඉතින්"

"තාත්තයි මායි නුවරඑළි ගියාම එයාලව හම්බුනා.. යකෝ අංකල්ගේ දුව ඉටි රූපයක් වගේ"

කිව්වා විතරයි අර යකා කන්න වගේ මන් දිහා බලපි

මන් මොකක් කරන්නද යකෝ

"ඉතින්? අනේ මේ කියන රෙද්දක් කියපන්කෝ බන් අයියේ කෙකර බාන්නෙ නැතුව"

"ඒ කෙල්ලට උබව ජෝඩු කරන්න යන්නේ"

"මොකක්? දැන් උබටනේ ඒකී ලස්සන.. උබම සෙට් කරගනින්"

"බෑ එයා උබලගේ වයසේ.. අනික තාත්තා උබේ ෆොටෝ එකකුත් පෙන්නුවා.. කෙල්ල එක පයින් හා කිව්වා යකෝ.. මට පට්ට සතුටක් ආවේ"

"ඒ මොකද?"

"අඩෝ උබ ඒකීව දැක්ක නම් ඔහොම කියන්නේ නෑ.. ඒ වගේ කෙල්ලෙක් එක පයින් කැමති වෙන්න තරම් මගේ මල්ලී ලස්සනයි නේ, ඉතින් මට සතුටු නැද්ද? හා නැද්ද කියපන් ජංකුකා"

"ඒකනේ"

යකෝ දත් මිටිත් කනවා

මට ඔරවන්නේ මන් මොන ලබ්බක් කලාටද මේ හෝතම්බුවා

"අනේ මේ මට නම් එපා.. ඔයා තාත්තට කියන්න"

"මේ මේ.. නටන්නෙ නැතුව ඉදපන්කෝ.. මුලින් ඒ මිනිස්සුන්ව හම්බෙලා කතා කරපන්, ලබන සෙනසුරාදා එනවා කිව්වා මෙහේ"

"බෑ මන් බිසී එදාට.. අර මගේ යාලුවා හොබී එනවා"

"අනේ මේ මල්ලී උබ පණ්ඩිත වෙන්න එපා"

"බලමුකෝ"

කොච්චර කිව්වත් වැඩක් නැති නිසා මන් කට පියන් නැගිට්ටා

"යන්නද?"

"හ්ම්"

"අවුල් ගන්න එපා බන්.. මුලින් බලල ඉදපන්කෝ.. අයියා උබට වැරැද්දක් කරන්නේ නෑ... ඒකී උබට මන් රෙකමන්ඩ් කරනවා"

"මන් යනවා උඩට"

මන් මුකුත් නොකියම උඩට ආවා

ජංකුක් බලන් හිටියේ තරහෙන් වුනාට ඒ ඇස්වල අමුතු හැගීමක් තිබ්බා

කලින් නිචී
දැන් තව කුණ්ඩවාලයක්

මේවා පැහැදිලි කරන්න ගිහින් තාත්තා ආයේ තරහා වෙයිද
ඒත් මට බෑ අර යකා නැතුව ඉන්න

මන් කාමරේට ආවා...

වෙලාවේ පැය කට්ට කැරකිලා කැරකිලා එකොලහත් වෙලා

ගත්තා ජංකුක්ට කෝල් එකක්

"කියන්න"

"තරහද?"

"කොහොමත් ඔයාට ඕකට අකමැති වෙන්න බෑ"

"පුලුවන්"

"බෑ"

"ඔයා හිතනවද මට ඔයා නැතුව ඉන්න පුලුවන් කියල?"

"බැරි උනත් ඉන්න වෙනවා.. තාත්තව ආයේ තරහා කරගන්නද ඕනේ?"

"ජංකුක්..."

"මන් ඇත්ත කිව්වේ... මන් තියනවා... අහ් තව දෙයක්, ජූනයගේ හිත ගියා කියන්නේ හිතන්න ගොඩක් ලොකු දෙයක් තියනවා කියන එක"

"ඒ කිව්වේ?"

"ඌ උබට පට්ට ආදරෙයි.. මන් තියනවා"

හයියෝ මන් මොකක්ද යකෝ කලේ

මාත් එක්ක කේන්තියෙන්

මටෝන්නෑ ලබ්බ

මාත් ෆෝන් එක පැත්තකින් තියලා ගියා අයියව හම්බෙන්න

මට එයා එක්ක කතා කරන්න ඕනේ

"අයියේ ඔයා ඇතුලෙද?"

මන් කාමරේ ළගට ගිහින් තට්ටු කලා දොරට

"වරෙන්"

ඇතුලට යද්දී පොර ඉන්නවා මොකක්ද නෝට් එකක් ලිය ලිය

මාත් පුටුවක් ඇදලා අරන් මේසෙන්ම ඉදගත්තා

"මොකෝ?"

ඌ නෝට් එක ලියන ගමන්ම ඇහුවා

"අයියේ උබ උදේ අර කෙල්ලෙක් ගැන කිව්වේ සිරාවට නෙමෙයි නේද?"

"සිරාවට යකෝ"

අයියා පොත පැත්තකින් තියලා මන් දිහා බැලුවා

"ඇයි උබට අවුලක් ද? කියපන් මට"

"නෑ මේ... ඒත්... ඕවා ඕනේ නෑනේ බන් අයියේ දැන්ම"

"අනේ මේ උබව හෙට බන්දන්නේ නෑ යකෝ.. කෙල්ල එක්ක කතා කරලා බලපන්"

"මට බෑ"

"ඇයි? කෙල්ලව බලලා ඉදපන්කෝ"

"අයියේ මන් දන්නවා උබ මට නරකක් කරන්නෙ නෑ කියලා.. ඒ නිසා කෙල්ලව බලන්න ඕනේ නෑ, මන් දන්නවා එයා හොදයි කියලා"

"එහෙනම්??"

"මේ... මට.... දැන් ම එපා අයියේ"

"මොකක්ද එපා කියන්නේ, කෙල්ලෙක්ද? කසාදයක්ද?"

"දෙකම.. මට දෙකම එපා අයියේ... උබ තාත්තට කියපන්කෝ"

"මට ඇත්ත කියපන්, උබ අෆෙයාර් එකක් කරනවද?"

මන් මොකද කියන්නේ
තියනවා කියන්නද? ඒත් අයියා කවුද ඒ කියලා ඇහුවොත්...
අයියෝ

........ "ඔව් අයියේ... ඒ මෙ.....
........"කවුද ඒ?"
......."මේ..... ජං....කුක් අයියා"
.........."මොකක්? තමුසෙට පිස්සුද?"
..........."ඇයි?"
........"ඌ බදින්නේ අර කෙල්ලව.. දැන්ම අතෑරපන් මගේ යකා අවුස්සන්නේ නැතුව"
..........."ඒත් මන් එයාට.....
.........."මන් කතා කරන්නම් ඌට.......

"මල්ලී... කියපන් ඇයි? අෆෙයාර් එකක් තියනවද?"

අයියා මාව උරහිස දෙපැත්තෙන් අල්ලලා හෙල්ලුවම තමා මන් මේ ලෝකෙට ආවේ

බෑ බෑ කියන්න බෑ

"නෑ... මන්... මේ.... කාලෙකින් මෙහෙ ආවේ.. තාත්තා කතා කරන්න පටන් ගත්තේ ළගදී, ඉතින් මට ඉන්න ඕනේ මෙහෙම කාලයක් අයියේ"

"හරි බලමුකෝ... මොකක් හරි කරමු"

මන් දන්නවා අයියා මන් කිව්ව එක පිලිගත්තෙ නෑ
එයා මෝඩ නෑ
ඒත් මට බයයි ජංකුක් ගැන කියන්න
කොහොමත් ඒක හිතන තරම ලේසි නෑ

මන් ආයේ මගේ කාමරේට ආවා

දවස කිසි ගතියක් නැතුව ගෙව්නා

ඉරිදත් ගෙවිලා ගියා

ජංකුක් තරහා වෙලා

ඒත් මට කරන්න දෙයක් නෑ

එයාට උන දේමයි මට දැන් වෙලා තියෙන්නෙ

ඒත් මට එයා වගේ ගෙදර අය එක්ක රණ්ඩු කරන්න තරම් හයියක් නෑ

ඒත් මන් ඒ මෝඩයව අත අරින්නෙ නෑ

සදුදා ආසාවෙන් කැම්පස් එකට ගියා

මොකද අර යකාගේ මූණ බලන්න

යද්දී ජිමින් අයියයි යුංගි අයියයි ජංකුකුයි ඉන්නවා තෙල් බැම්මේ වාඩිවෙලා

අර යකාගේ නම් ඇස් ෆෝන් එකේ

මායි අයියයි ළගට ගියා

"ගුඩ් මෝනින් මගේ කොල්ලනේ"

"ගුඩ් මෝනින් බන්"

"ගුඩ් මෝනින් ටේහ්‍යුන්ග්"

නිකී පිටට ගහන ගමන් කිව්වා

"මෝනින් මෝනින්"

"අම්බෝ ජංකුක් අයියේ......

අපි ඔක්කොම බැලුවේ ඒ වෙලේ අපි හිටිය තැනට ආවා කොල්ල දිහා

පොර සෙකන්ඩ් ඉයර් එකේ

මන් දැකලා තියනවා

ඌ දෙකට නැවිලා හති අරිනවා

"මොකද කොල්ලෝ?"

අපේ අයියා උගෙන් ඇහුවා

"මන් මේ දුවන්..... ආව නිසා.... හති...."

"මොකටද දුවන් ආවේ?"

"ජංකුක් අයියේ......

හති ඇරලා ඉදපන්කෝ මුලින් මගුල

කේන්ති මට රෙද්ද ඔක්කොම එක්ක

අර යකා මන් දිහා බැලුවෙවත් නෑ

"ඔයා ඇහුව කෙල්ලගේ නම්බර් එක හොයාගත්තා"







plz vote and comments
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top