35
තමුසෙට යාලු වෙන්නත් කලින් පුලුවන් නම් ඒක කරන්න ඇයි දැන් නොකරන්නේ අහ්? කියනවා ඇයි දැන් බැරි?"
ජංකුක්ගේ ඇස් දෙක කටේ
කටත් ඇරන් පොර බය වෙලා බලන් ඉන්නවා
මට හිනා
මිනිහා බය වුනා
"මොකද බයවෙලා?"
"බය වෙලා නම් නෑ.. හැබැයි පස්සෙ අනං මනං කියන් එන්න එපා"
"අනේ මේ... ඔයා.....
කියලා කියන්න විතරයි හම්බුනේ
මේ යකා ඇදලා ගත්තා නේද මාව
මගේ තොල් දෙකම කට ඇතුලෙද මන්දා
ඊ මෝඩයා.. පොඩ්ඩක්වත් රොමෑන්ටික් වෙන්න බෑනේ මේ යකාට
මන් අත් දෙකෙන්ම පපුවට ගැහුවා
ඒත් එයා ඈත් වුනේම නෑ
ටික ටික එයා ඒ හාද්ද රසවත් වෙන්න දුන්නා
මන් ආසයි ස්ට්රෝබෙරි රසට
එයාගේ තොල්වලිනුත් ආවේ ඒ රස
මාත් ආසාවෙන් හිටියා
විනාඩියක්
දෙකක්
නෑ විනාඩි දහයක් වගේ ඒක එයා කලා
මගෙන් ඈත්වුනා
"තමුසෙට මේක ඕන වෙලා නේ ඉදලා තියෙන්නේ?"
"වැඩේමයි"
"කලින් කියන්න එපැයි"
"කිය කිය ඉන්න බෑ.. කොමන් සෙන්ස් නැද්ද තමුසෙට"
"ආයේ ඕනේද?"
"එපා"
"ඇයි? හරි නැද්ද කලා?"
"ඒක කියන්න මට ඒ සම්බන්ධයෙන් පලපුරුද්දක් නෑ අයියේ"
"උබ බබා"
"බබා තමා"
"රට ඉද්දී අෆෙයාර් එකක් තිබිලම නෑ?"
"නෑ තමා යකෝ"
"බොරු එපා"
"මගේ පස්සෙන් කොල්ලෙක් ආවා.. ඌ තාම එනවා"
"මොකක්?"
"ඒත් ඌ පරක්කුයි"
"තව??"
"අර මැසේජ් කලේ... අර ඔයා බැන්නේ"
"ඉතින්"
"එයත් ලව්"
"තමුසෙ මට ඇර කාටද මෙහෙම ළං වුනේ?"
"කාටවත් නෑ අයියේ.. මටත් පුදුමයි ඒ ඇයි කියලා"
"ඒක මගේ හැකියාව බන්"
"අනේ මේ... අහ් මේ අර මගේ රට යාලුවා, ඌ එනවා ලබන ඉරිදා"
"ඌ කවදා ඉදන්ද බන් ඔය එන්නේ?"
"හරි හරි එන්න උනේ නෑනේ.. මේ පාර නම් එනවා කිව්වා මාව අඩනව එකාව බලන්න"
"මන් අඩවනවද?"
"හ්ම්ම්ම් නිචීගේ ප්රශ්නේ වෙලේ මන් ඌ එක්ක ඇඩුවා"
"මෝඩයෙක් වෙන්න එපා මල්ලී.. මන් නිසා අඩන්න හිතන්නවත් එපා... මාව නැති උනොත් හිනාවෙලා ඉන්න ඕනේ"
"මොකක්? මොනාද කියවන්නේ? තමුසෙ නැතුව හිනාවෙන්නේ කොහොමද ඕයි මන්"
මන් ජංකුක්ගේ පපුවට තුරුල් වෙන ගමන් ඇහුවා
"නිදාගන්න දැන්"
"මල්ලී... ඕයි පොඩි එකෝ"
ඒ ගමන අපේ අයියා
ඒ මොකෝ
"ජංකුක් අයියා"
"මට ඇහෙනවා ඕයි"
එයා රහසින් වගේ කිව්වා
"හැංගෙනවා"
"මන් ඇද යට ඉන්නම්.. ජූනයව ඉක්මනට යවපන්"
එයා රිංගුවා ඇද යටට
මන් ඊට පස්සෙ ගිහින් දොර ඇරියා
"මොකද?"
භාගෙට ඇරියේ
"අයින් වෙයන්"
"මොකද මේ කොට්ටයකුත් උස්සන්"
"මට නින්ද යන්නෙ නෑ.. මන් අද තමුසෙ එක්ක"
මොකක් කියන්නේ
අර යකා මාව මරන් කයි ඕයි
"විකාරද? යනවා"
මාවත් තල්ලු කරන් අයියා ඇවිල්ලා ඇදට පැන්නා
"අයියේ යනවකෝ"
"ඇයි උබේ මිනිහා එනවද රෑට රෑට මාව එලවන්නේ"
"අනේ මේකට එන මිනිහෙක් නෑ ඕයි, යනවකෝ"
"මට එක එක සද්දත් ඇහෙනවා මේකෙන්"
"අනෙ අයියේ මන් ආස තනියම නිදාගන්න කියලා දන්නවනේ"
"මොකක්ද බන් මන් නේ.. මට පාලුයි ඕයි. මගේ හිතට හරි නෑ"
උබේ හිතට අවුල් නම් මන් ඉන්නවා අයියේ
ඒත් මේ වෙලේ මන් ඊට වඩා අවුලෙන් ඉන්නේ යකෝ
අරූ ඇද යට
මේකා ඇද උඩ
මන් මොකද යකෝ කරන්නේ
"අයියේ යනවකෝ තාත්තගේ කාමරේට"
"මන් යන්නෙ නෑ"
මෙන්න මූ රෙද්දත් ඔතන් නිදි
අනේ මන් මොකද කරන්නේ
මන් ශේප් එකේ ඇදින් වාඩිවුනා
මන් තාම වැඩේ අතෑරියේ නෑ
ඒත් ජංකුක් මගේ කකුල කොනිත්තනවා
ඉදපන් මිනිහෝ මොකක්හරි කරනකන්
කියලා දෙකක් අනින්නත් හිතයි
"ඉන්නකෝ අනේ"
හරිනේ...
මට කියවුනානේ
"මොකෝ උබ කෑගහන්නේ?"
"අයියේ යනවකෝ ඕයි"
"ඇයි උබ මාව එලවන්නේ කියපන්, නෑ මන් යන්නෙම නෑ"
"මට නින්ද යන්නේ නෑ මේ... තව කෙනෙක් ඉද්දී"
"අනේ මේ ඇයි උබ එදා මගේ කාමරේට ආවේ? මතක නැද්ද අර ජංකුක් උබව බදාගත්තේ?"
මතකයි පොලොස්කොට්ටෝරුවෝ
"අනික උබ බැන්දම ඇයි බදින එකා වෙනම නිදාගන්නද? මෙන්න මෙහේ නිදාගනින්"
වැඩේ හරියන්නේ නෑ
මේ යකා යන්නෙ නෑ
මාත් ලයිට් එක ඕෆ් කරලා ඇදෙන් හාන්සි වුනා
ඒත් එයා බිම
මන් ඇදේ කොනටම ගිහින් මගේ අත පහලට දැම්මා
ක්ශනිකයෙන් එය මගේ අත අල්ලගත්තා
පව්... මන් නිසා ඇවිල්ලා බිම නිදි
මන් මගේ මහපට ඇගිල්ලෙන් එයාගේ අත පුරා එක එක ඒවා ඇන්දා
ටික ටික කොනට ඇවිල්ලා එයා ඇද යටින් එලියට ආවා
මට එයාව, එයාට මාව හොදට පේනවා
මන් දිහා ඇහි පිල්ලමක්වත් නොගහා බලන් ඉන්නවා
මාර ලස්සනයි
මගේ අතත් අල්ලන්
මන් තොල්වලින් හාද්දක් යැව්වා එයාට
එයත් ඒකම කරා
ලැජ්ජාවේ බෑ
ඒත් ඒවා හරි ලස්සන මතකන් වෙයි කියලා මට හිතුනා
මන් එයාට ඇස්වලින් ඇද යටට යන්න කිව්වා
කරුමෙටවත් එහෙම නින්ද ගිහින් අයියා එහෙම ඇහැරුනොත්
වසලා හමාරයි
.
.
.
.
මගේ අත අල්ලන්ම එයා නිදි
මන් අමාරුවෙන් හරි එයා නිදාගන්නකන් නිදාගත්තෙ නෑ
මන් අත හෙමින් අරන් අයියගේ පැත්ත හැරුනා
.
.
.
.
.
.
"අහ්හ්හ්හ්.... මොකක්ද ඒ?"
අයියා ඈනුමක් ඇර ඇර නැගිට්ටා
යකෝ ඒ මොකක්ද? කාගේ ෆෝන් එකද ඒ රින්ග් වුනේ?
ජංකුක්ගේ
රින්ග් දෙක යද්දී එයා කට් කරගත්තට ඒක අයියට ඇහුනා
මන් ක්ශනිකව ගත්තා මගේ ෆෝන් එක අතට
"අහ් මේ... මේ නිකී කෝල් එකක් අරන්"
"උබ මොකද ජංකුකාගේ රින්ගින් ටෝන් එක දාන්?"
හරිනේ...
මේ යකා ෆෝන් එකත් ඔන් කරන්නද ඇද යට ඉදලා තියෙන්නේ
දෙයියනේ වෙලාවට දැන් කෝල් එක ආවේ
රෑ ආවා නම්
බතුත් නැති වෙනවා
"ඇයි... ඇයි ඒක එයාට ලියලා දීලද?"
"ලියලා දීලා නෑ.. ඒත් පින්සිද්ද වෙයි පපුවෙ අමාරුව හැදෙන්නෙ නැති එකක් දාගනින්කෝ.. එක ජංකුක් කෙනෙක් ඇති අපිට"
යකෝ පෝය පහු වෙලා දවස් තුනයි
මන් ඇද බාන බොරු තොගේ
මේ ඔක්කොම අර යකා නිසා
අයියා නැගිට්ටා
ගත්තා කොට්ටෙ අතට
"යනවද?"
"ඇයි එපාද? උබේ ලොකුකම් බල බල ඉන්න ඕනේ නෑ මට මේ ගුහාවේ"
"අනේ නිකන් පලෑන්න බන්"
මන් අයියව තල්ලු කරගෙන ගිහින් කාමරෙන් එලියට දාලා දොර වැහුවා
එහෙම්ම දොරට හෙත්තු වෙලා හොද හුස්මක් ගත්තා මුලින්ම
ඊට පස්සෙ ඇද ළගට ගිහින් පාත්වුනා
මෑන්ස් ඔරවන් ඉන්නවා
"එලියට එන්නෙ නැද්ද?"
එලියට ඇවිල්ලා නැගිට්ටා
"මන් යනවා"
"තරහෙන්ද?"
"අච්චර අමාරුවෙන් ආවෙ ඇද යට නිදාගන්නද අහ්? යකෝ මට තමුසෙ ළග ඉන්න ඕනේ නිසා"
"ඉතින් මටත් එහෙම්මමයි.. ඒත් අයියා ආවනේ"
"පම්පෝරිය නම් තියනවා, අයියව යවාගන්න බෑ"
"දැන් තරහද මාත් එක්ක?"
"මට තරහා වෙලා ඉන්න බෑනේ"
මාව අත් අතරට හිර කරගන්න ගමන්
මන් එයාගේ මූණ මගෙ අත් අතරට හිර කරන් පොඩි කිස් එකක් දුන්නා නලලට
"දැන් ඔයා යන්නේ කොහොමද?"
"ආව පාරෙන්"
"පිස්සුද? මේ රෑ නෙමෙයි"
"එහෙනම් කොහොමද?"
"එදා වගේ....
"අයියලා ඉන්නවා නේ.. බෑ බෑ.. මන් මේ ජනේලෙන් කොහොමහරි යන්නම්"
"එන්නකෝ මාත් එක්ක"
මන් එයාගේ අතින් අල්ලන් කාමරේ දොර ලගට ගියා
දොර අරින්න හදද්දිම ජංකුක් මගේ ඉන වටෙන් අත දාලා එයාගේ පපුවට තද කරගත්තා
මගේ පිට එයාගේ පපුවේ ඩාං ගාලා වැදුනා
"මොකද අනේ? අද වෙනස්"
එයා එයාගේ ඔලුව මගේ උරහිසින් තියාගත්තා
"මට බයයිනේ ඕයි"
"ඇයි?"
"දන්නෙ නෑ.. මට බයයි ඕයි"
"බය වෙන්න එපා.. ඔයා කියනවා වගේ මන් බදින්නෙත් ඔයාව විතරයි"
සද්දයක් නෑ
තාම ඔලුව තියන්
මන් එක අතකින් එයාගේ ඔලුව අතගෑවා
"යමු ද? අයියා තාමා නානවා ඇති"
මන් හෙමින් දොර ඇරියා
කවුරුත් පේන්න නෑ
මන් හෙමින් එයාවත් ඇදන් පහලට ගියා
පහලත් කවුරුත් නෑ...
"ලිලී, කෝ මේ ළමයි දෙන්නා?"
හුට්ටපටා
තාත්තා
මන් ජංකුක්ගේ අත අතෑරියා
පිටිපස්ස බලද්දී තාත්තා පඩිපෙල බැහැගෙන එනවා
"ජ....ං...කු...ක්........
මාමණ්ඩි කැමති වෙයිද??
ෆොටෝ එක ඉන්ටර්නෙට් එකෙන් ගන්නා ලදී
plz vote and comments
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top