33
"උබට සිංහල තේරෙන්නෙ නැද්ද යකෝ"
"අනේ ජංකුක් අපි යමුකෝ"
ජංකුක් ශේන්ගේ කොලර් එකෙන් අල්ල ගත්තා...
"උබ මට ගහන්නද?"
"ඇයි බෑ කියලද හිතන්නේ තෝ?"
"ජංකුක්...
"අයිනට වෙනවා"
"කියන දේ අහන්නකෝ අනේ.. යමුකෝ"
"බෑ.. මූට තේරෙන්න ඕනේ උබ මගේ කියලා"
"මට ඒක තේරුම් කරලා උබ මොනා කරන්නද? යකෝ අර කෙල්ලෙක් ගෙදරින් හොයලා දීලා තියනවා නම් පාඩුවේ ඒක පරිස්සම් කරගෙන ඉදපන්කෝ"
"උබට මොකක්ද යකෝ තියන අමාරුව? මල්ලිටවත් නැති අමාරුවක්නේ උබට තියෙන්නෙ"
"ජංකුක් යමු අනේ...."
එයා ශේන්ගේ කොලර් එකෙන් අල්ලගෙනම මන් දිහා බැලුවා
"ජංකුක්.. මන් දන්නවනේ මෙයා කියන ඔක්කොම.. ඒ වගේම ඔයා මට ආදරෙයි කියලත් දන්නවා, ඒ නිසා මෙයා මොනා කිව්වත් අපිට මොකද අනේ"
"උබට අහුනද ඒක?"
"උබ දවසක පසුතැවෙයි මල්ලී...."
"මොකද යකෝ මේ?"
යුංගි අයියයි ජිමින් අයියයි ආවා
දැන් ඔක්කොම හරි
හෝල් එකේ ළමයිනුත් බලන්
යුංගි අයියා ජංකුක්ව ඇදලා ගත්තා
"මොකද උබට වෙලා තියෙන්නේ? අපි මේ වගේ උන් එක්ක පැටලෙන්නෙ නෑ කියලා දන්නවනේ"
"ඌ බයේ යුංගී.. උගේ කොල්ලව මන් උදුරගනී කියලා"
මූ හිතලමයි මේ ඔක්කොම කරන්නේ
"කොල්ලා?? මොකක්ද ඒ කතාව ජංකුක්?"
"හරි යුංගියා යමන්කෝ වාඩිවෙන්න"
"නෑ කියපන්"
"මේ... මේකයි... අපේ ජංකුක් මල්ලී එක්ක සෙට්"
"මල්ලී කිව්වේ?"
"ජූනයගේ මල්ලී ඕයි"
"එතකොට මේක උබ දන්නවා"
"ඔව්...
"මන් දන්නෙ නෑ.. උබලා එකට ඉන්න උන්ද ඕයි?"
"ඕයි.. නොකිව්වේ උබයි ජූනුයි...
"ඇති බන්.. උබලට හංගන්න පුලුවන් කියන්නේ අපි ගැන විශ්වාසක් නෑ කියන එකනේ.. හරි බන්"
"යුංගි අයියේ....
"ඒ යුංගියා..."
යුංගි අයියා ජංකුක්ගේ තැනෙන් බෑග් එකත් අරන් පිටිපස්සට ගියා..
මට අර හෝතම්බුවව මරන්න කේන්ති
"මොකද මේ සද්දෙ?"
සර් ආවා
ළමයි ඔක්කොම වාඩිවුනා
උදේ තිබ්බ ගතිය හේදිලා ගිහින්
යුංගි අයියා අවුල් ගිහින්
ජංකුකුත් අවුලෙන්
පැය දෙකක් ගියා
සර් එලියට යනවත් එක්කම කට්ටිය ලෙක්චර් හෝල් එකෙන් එලියට යන්න පටන් ගත්තා
මන් ක්ශනිකව දිව්වේ යුංගි අයියා හිටිය තැනට
"අයියේ....
එයා මුකුත් අහන්නත් කලින් බෑග් එක අරන් නැගිට්ටා
"අයියේ කියන දේ අහන්න.. එයාලා වැරදි නෑ.. මායි කියන්න එපා කිව්වේ"
මන් එයාගේ අත අල්ලලා කිව්වා
ඒත් එයා මගේ අතත් ගසලා දාලා ගියා
"මන් බලන්නම් බන්"
ජිමින් අයියත් බෑග් එක අරන් එයාගේ පස්සෙන් දිව්වා
ඔක්කොම ගියා
මන් නැගිටලා ජංකුක්ගේ මේසෙන් වාඩිවුනා
ශේන් ආවේ මගෙයි ජංකුක්ගෙයි මේසේ ළගට
"මන් ගිහින් එන්නම් බබා"
මට ඇහැක් ගලා ඌ යන්න හදද්දිම ජංකුක් ආයේ නැගිට්ටා
මන් ජංකුක්ව බදාගත්තාහ්
නෑ මට බදාගැනුනා
"අනේ කූ.. ඌට ඕනේ අවුස්සන්න, ප්ලීස් ඉන්නකෝ"
ශේන් කට කොනෙන් හිනාවෙලා ගියා
මූ නම් පුදුම ඇනයක් දැන්
දැන් යුංගි අයියත් තරහෙන්
අපේ අයියටත් කියයි
"යුංගි අවුලෙන්"
"මන් ඒක බලන්නම් අයියේ.."
"හ්ම්ම්"
"යමු දැන් එන්න"
"මට බෑ"
"අපි යමු බීච්"
"බෑ"
"අනේ.."
එයා නැගිට්ටා
තිබ්බ පොත රෝල් කරලා දාගත්තා සාක්කුවේ
හෝල් එකෙන් එලියට යද්දී ඔක්කොම උන් බලනවා
ශික් අර යකා නිසා
ජංකුක් බිම බලාගෙන ඉස්සරහට යද්දී වටේ උන් කෑගහනවා
"ආව් ජංකුකා... උබ යාලුවගේ මල්ලිට වැඩේ දුන්නා නේ"
"ඊව්ව්... ඒ මෝඩයව ඔයාට ගැලපෙන්නෙ නෑ ජංකුක්"
"විකාර නේද හලෝ.. මෙච්චර කෙල්ලො ඉද්දී.. ජංකුක් නම් පිස්සෙක්"
යකෝ ඔක්කොම මට බනින්නෙ ඇයි?
ඒ කියන්නේ මාව එයාට ගැලපෙන්නෙ නැද්ද?
ජංකුක් ඉස්සරහට යද්දී මන් නැවතුනා
"හිතන් ඇති පොඩ්ඩක් සුදු වෙලා ලස්සන වුනා කියලා ජංකුක්ව අල්ලගන්න.."
"ජංකුක් සිරා කරන්නෙ නෑ බන්.. එයා බදින්නේ අර කෙල්ලව"
ජංකුක් මගේ ළගට ආවා
"මොකද නැවතුනේ?"
ශේන්, ඔයාට ඕනේ උනේ මේකද? ඔයා විතරක් කිව්ව ඒවා මුලු කැම්පස් එක ලව්වම කියවන්නද
"ටේහ්‍යුන්ග්... මොකද එනවා"
එයා මගේ අතින් ඇදන් බයික් එක ලගට ගියා
වෙනද වගේම හෙල්මට් එක එයාම දැම්මා
"නගින්න"
එයා නැග්ගා
"ටේහ්‍යුන්ග්... මොකද කරන්නේ නගින්න"
"ජංකුක්....
"මොකද?"
"මාව ඔයාට හොද මදිද? ඇයි හැමෝම එහෙම කියන්නේ?"
එයා බයික් එකෙන් බැස්සා
"මන් මේක ප්‍රසිද්ධ කරන්න අකමැති වුනේ ඔන්න ඕක නිසා.. ශික් මගෙත් කේන්තිය නිසා හැමෝම දැනගත්තා.."
"ජංකුක්....
"මට ඔයාව ගැලපෙන්නෙ නැත්තම් වෙන කාවවත් මට ගැලපෙන්නෙ නෑ මල්ලී.. මුන් කවුරුත් අපේ පවුලේ අය නෙමෙයි.. ඉතින් මුන් අපේ සතුට ගැන හිතන්නෙ නෑ.. අද ඔයාට කියෙව්වට හෙට මට ඔහොම කියයි.. ඉතින් ඒ ගැන හිතන්න ඕනේද මල්ලී? දැන් යමු අපි බීච්"
එයා ආයේ නැග්ගා
මාත් නැග්ගා
මොක කියෙව්වත් එයා මටනේ ආදරේ, කියවන්න බැරි නම් නටගත්තම මට මොකද
ටික දුරක් ආවම මට අයියව මතක් වුනේ
"ජංකුක් අපේ අයියා??"
"මන් බලාගන්නම්.. අයියා නෙමෙයි ප්‍රශ්නේ.. "
"එහෙනම්?"
බීච් එක ලගට ආවා
මන් බැස්සා
එයත් බැහැලා හෙල්මට් එක ගලවන ගමන්,
"අපේ මාමායි තාත්තයි"
"එයාලා දැනගනීද?"
"හ්ම්ම් නිචීව මේකට එවන්න ඉන්නේ එයාගේ රිසාල්ට් ආවම.. ඉතින් නොදැන ඉදීද?"
මන් එයාව පාරෙම බදාගත්තා
"එයා එන්නෙ ඇයි?? 😢"
"මන් ආදරේ ඔයාට"
"අනේ ඇයි අනේ මෙහෙම වෙන්නේ? මොන රෙද්දක්ද?"
"මොකෝ මේ?"
"නෑ බලන්න ප්‍රශ්න, අරහෙන් ශේන්.. මෙහෙන් නිචී"
"ඔය මොකා නැටුවත් අපිට අදාල නෑනේ සුදූ"
එයා මගේ අතින් අල්ලන් රැල්ල එන පැත්තට ගියා
ටික දුරක් යද්දී අයියගෙන් කෝල් එකක් මට
"ජංකුක් අයියා"
"ගන්න"
"මට බයයි.. යුංගි අයියා කියලා ඇති"
"ගනින්කෝ බන් ඕක මුලින්"
මන් ඉතින් ආන්සර් කලා
"හෙලෝ අයියේ"
"කොහෙද උබ ඉන්නේ?"
"මන්... මේ.....
"කොහෙද බන්?? මොකද තෙපරබාන්නේ? අපි එන ගමන්"
"මන් මේ ගෙදර යන ගමන් අයියේ.. රෑ වෙයි නේ එද්දී?"
"ඔව් අට නවය වෙයි.. හරි පරිස්සමෙන් පලයන්"
තිබ්බා ෆෝන් එක
ඒ කියන්නේ යුංගි අයියා කියලා නෑ
"මොකෝ? මොනාද ඇහුවේ?"
"කොහෙද ඉන්නේ, එයලා මග කිව්වා"
"යුංගියා කියලා නෑ"
"ඔව්"
"ජංකුක්, අපේ අයියත් යුංගි අයියා වගේ අවුල් යයි නේ අපි මේක හැංගුවා කියලා දැනගත්තොත්?"
"එහෙනම් කියමු"
"බෑ.. මට බයයි"
"බය වෙන්න එපා.. අපි බලමුකෝ.. දැන් එනවකෝ රැල්ල පාගන්න"
එයා මගේ අතින් ඇදගෙන ඉස්සරහට ගියා
"ඒ මෝඩයෝ මගේ කලිසම තෙමෙනවා"
එයා නැවුනා
මගේ ඉස්සරහා
මගේ කලිසම ටිකක් නවලා ආයේ නැගිට්ටා
"දැන් හරිද?"
"හරි.. මන් එයාවත් ඇදගෙන රැල්ල එන හරියටම දිව්වා"
"ජංකුක්.. ඔයා දන්නවද මන් බීච් එන්න මාර ආසයි"
"දන්න නිසානේ ආවේ...."
"මේ තමුසෙට අර කැමති කිව්ව කෙල්ල කවුද?"
"කවුද?"
"අර ලෙක්චර් එකේ?"
"බබා ඔයා කැම්පස් එකේ හැන්ඩිම කොල්ල එක්ක සෙට් වුනා නම් ඕවා විදදරාගන්න ඉගෙනගන්න"
එයා මගේ ඉන වටෙන් අත දාලා ළගට ඇදලා ගන්න ගමන් කිව්වා
මට කෙලින්ම තියෙන්නේ ඒ ඇස්
ඒවා ලස්සනයි
මාත් එයාගේ ඉන වටෙන් අත දාලා අල්ලගත්තා
හුළගට එයාගේ කොණ්ඩෙ මූණට වැටෙනවා
මන් එක අතකින් එයාගේ ඉන අල්ලන් අනිත් අතින් ඒ කොණ්ඩේ පිටි පස්සට කලා
එහෙම කරද්දී එයා ඇස් දෙක පියාගන්නවා
මට ඒක ගොඩක් ෆීල් වුනා
එයාව බදාගෙන ඇති තරම් උම්මා දෙන්න ආස හිතුනා
"ඉතින් කෝ දෙන්නකෝ"
"ජංකුක් 😡, මගේ හිත කියවන්න එපා"
"කෝ දෙන්නකෝ"
මන් ඉස්සරහට පාත්වෙලා එයාගේ කම්මුලට කිස් එකක් දුන්නා
"වාව්.. ඒ කපල් එක ලස්සනයි"
"ශා.... ලස්සනයි ඒ දෙන්නා"
"මාර මැචින් නේද ඒ දෙන්නා"
කැම්පස් එකේ අරම ඇහුනට බීච් එකේ අපි දෙන්නට ඇහුනේ ඕවා
ඒ කියන්නේ අපි දෙන්න ගැලපෙනවා හොදට
ඔව් ජංකුක් ගැලපෙන්නේ මට විතරයි
ඉර බහිනකන්ම අපි දෙන්නා බීච් එකේ හිටියේ
"යමුද?"
"කීයද වෙලාව?"
"හයයි කාලයි"
"එච්චර වෙලා?"
"ඔව්ව් දැනුනේ නෑ නේද?"
"ඔයා එක්ක ඉද්දී මට වෙලාව යනවා දැනෙන්නෙ නෑ ජංකුක්"
"යමු නේ.. කෝ එන්න"
එයා මගේ අතින් ඇදගෙන බයික් එක නවත්තලා තිබ්බ පැත්තට ගියා...
යන අතරමග
"පොඩ්ඩක් ඉන්න"
"ඇයි?"
එයා ආයේ බිමට නැවුනා
මගේ නැවුව කලිසම ආයේ දික් ඇරලා ඒ අස්සෙ රැදිලා තිබ්බ වැලි ටිකත් එයාගේ අතින්ම පිහදැම්මා
"ඔය ඇති.. ගෙදරනේ දැන් යන්නේ"
එයා නැගිටලා මගේ ඉස්සරහෙන් හිට ගත්තා
"එහෙම බෑනේ.. ආවා වගේ යන්න එපැයි"
"මේ මන් අහන්න හිටියේ දෙයක්"
"මොකක්ද?"
"මොකද ඔයා වෙනස්වෙලා?"
"ඒ කිව්වේ?"
"නෑ ඉස්සර තමුසේ කියනවා, බනිනවා.. දැන් එහෙම නෑනේ"
"අනේ මේ.. එනවා යන්න"
එයා මාවත් ඇදන් බයික් එක තියන පැත්තට ගියා..
ඒත් එතන හිටියා මන්වත් එයාවත් බලාපොරොත්තු නොවුන දෙන්නෙක්...
plz vote and comments
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top