32
අපි ගිහින් එයාලට ඉස්සරහා පේලියෙන් වාඩිවුනා
ජංකුක් මට කෙලින් පිටිපස්සෙ එකේ
මට වාඩිවුනාම මොකෙක්හරි බලන් ඉන්නවා තේරුනා
මන් පිටිපස්ස හැරුනෙ බලන්න
එතකොට දැක්කේ ශේන්
එයා ජංකුක්ගේ කෙලින් එහා පේලියේ
මන් ක්ශනික හැරුනා ඉස්සරහට
.
.
.
"ගුඩ් මෝනින් ළමයි, මුලින්ම කියන්න ඕනේ අද තියෙන්නෙ ස්පෙශල් ලෙක්චර් එකක්.. මේක අපි ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වෙනම සහා තර්ඩ් ඇන්ඩ් ෆෝත් ඉයර් වෙනම කරනවා.. මේක රජයෙන් යෝජනා කරපු ලෙක්චර් එකක් ළමයි... සෝ අපි පටන් ගමු"
කියලා සර් අපේ පැත්ත බලන් ඇස් දෙකත් ලොකු කරන් ඉන්නවා
"ජංකුක්, ජිමින්, යුංගි?? මේ තමුන්ලා තුන් දෙනාමද?"
ඔක්කොගෙම අවධානේ ගියේ මගේ පිටිපස්සෙ පේලියට
මාත් ඉතින් හැරුනා
"මන් දැක්කමයි තමුන්ලා ඉස්සරහෙන් වාඩිවෙලා ඉන්නවා ලෙක්චර් එකක..."
මුලු හෝල් එකම හිනාවෙනවා
මටත් හිනා.. ඒත් හිනා වෙලා දත් ටික නැති කරගන්න බැරි නිසා හිටියා..
"හොද කොල්ලො තුන්දෙනා.. කෝ හැමෝම දැන් මේ පැත්ත.. අපේ ටොපික් එක ගොඩක් වැදගත් ඒ වගේම රසවත්.. කාට හරි කියන්න පුලුවන්ද ඒ මොකක්ද කියලා"
ළමයි හැමෝම වටේ හැරි හැරි බැලුවා
"හරි මන් ම කියන්නම්.. ආදරය... ආදරය තමා අපේ මාතෘකාව.. ආදරය ගත්තම අපි එක එක විදිහට ආදරය දෙනවනේ.. ඔය ළමයා.. ඔව් ඔය රෝසපාට එක ඇදන් ඉන්න කෙනා"
සර් අත දික් කලේ ඉස්සරහා හිටිය කෙල්ලෙක්ට..
කෙල්ල නැගිට්ටා
"කියන්න බලන්න කැමති නම් විතරක්, ඔය ළමයට දැන් සහකරුවෙක් ඉන්නවද?"
කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවා
"හරි.. නෑ කියන්නේ හිතේ ඇතිනේ මට ඕනේ මෙහෙම කෙනෙක් කියලා මවා ගත්ත රූපයක්.."
"ඔව්"
"මොන වගේද?"
"අන්න අරයා වගේ"
ඒ කෙල්ල ජංකුක්ට අත දික් කලා..
ජංකුක් ෆුල් අන්දොස්
මන් ඊට වඩා අන්දොස්
යකෝ ඔක්කොම මගේ පාත්රයටනේ කෙලින්න එන්නේ
"ජංකුක්ද? ඒ වගේ කෙනෙක්ද ඔයා බලන්නේ?"
"ඔව්ව්"
"හරි හරි වාඩිවෙන්න"
මන් ගත්තා ෆෝන් එක
දැම්මා මැසේජ් එකක්
"තමුසෙට වටේම කෙල්ලෝ"
නෝ රිප්ලයි
පුදුමයි ඒත් ඇත්තයි
"එයාට විතරක් නෙමෙයි අපි හැමෝගෙම හිතේ ඉන්නවා මේ වගේ කෙනෙක් තමා මට ඕනේ කියලා මවාගත්ත රූපයක්.. හැබැයි ඒ හැම රූපයක්ම අපිට ඇත්ත ජීවිතේ හම්බෙන කෙනාගේ රූපෙට සීයට සීයක් ගැලපෙනවා කියන්න අපි කාටවත් බෑ"
ඊලගට සර්ගේ අවධානේ ගියේ පිටිපස්සට
"ශේන්....... කියනවා බලන්න ආදරේ දැනෙන්නේ කොහොමද අපිට?"
ශේන් නැගිට්ටා
මන් දිහා බැලුවා
මන් ටග්ගාලා ඉස්සරහා බලාගත්තා
"දැනෙන්නේ කිව්වේ?"
"ඔයා කෙනෙක්ට ආදරෙයි කියලා ඔයාට හිතෙන්නෙ කොහොමද?"
"මට එයාව දැක්කම එහෙම හිතෙනවා"
මුලු හෝල් එකම හිනාවෙනවා
යකෝ එහෙම කොහොමද හිතෙන්නෙ
ඒ මදිවට මගේ දිහාම බලන්
අයියෝ
"කාවද?"
"මන් ආදරේ කරන කෙනාව.. මට කෙනෙක්ව දැක්කම එයාට ආදරේ නම් ඒක හිතෙනවා"
"දැන් කාට හරි එහෙම හිතිලා තියනවද ඒ කියන්නේ?"
"ඔව්"
"හරි ඒ කෙනා ඔයාගේ ඉස්සරහට ආවම ඔයාට මොකද හිතෙන්නෙ?"
"අනිත් අයව දකිනව වගේ නෙමෙයි සර්.. එයා වෙනස්.. මන් ආසයි එයා දිහා බලන් ඉන්න"
මුලු හෝල් එකම මීයට පිම්බා වගේ
ඔක්කොම අහන් ඉන්නවා මේ යකාගේ බයිලා
මන් පොතට මූණ ඔබන් හිටියේ
"හැමෝටම එහෙම හිතෙන්නෙ නෑනේ සර්"
"ඒක ඔයා ආදරේ කියලා හිතනවා"
"අනිවාර්යෙන්ම.."
"ඒ කියන්නේ ශේන් ලව් කරන කෙනෙක් ඉන්නවා.. කැමති නම් එයා මොන වගේද කියන්න.. අපිටත් ආසයි නේ ළමයි දැනගන්න, අනික හැංගි හැංගි ආදරේ කරන්න ඕනේ නෑනේ.. අපි උදව් කරමු නේ ශේන්ගේ ආදරේ එයාට කියන්න"
"සර් මන් ඒක කියන්නද දැන් එයාට"
"එයා මේ හෝල් එකේද ඉන්නේ"
"ඔව් සර්"
ළමයි ඔක්කොම සූස් ගානවා
විකාර
මූ මොන මගුලක් නටයි ද දන්නෙ නෑ
"කියන්න බලන්න"
ඒ යකා ඒ ගමන එනවා
අයියෝ
මට ටොයිලට් යන්න ඕනේ වගේ
මන් යන්නද නැගිටලා
බෑනේ අයියෝ
මට ඇහැ කොනෙන් මොකෙක්හරි අපේ පේලිය ලග හිටගත්තා පෙනුනා
මන් හෙමින් ඔලුව උස්සලා ඹලුවා
මේ ගොන් තඩියා මන් දිහා බලන් ඉන්නවා
ඒ අස්සෙ මට කර ගදකුත් එනවා
අර යකා පිටිපස්සෙනේ
"සර් මන් ආදරේ කරන්නේ කිම් ටේහ්යුන්ග්ට"
මොකක්? මන් මූණ පොත අස්සෙ ගහගත්තා
ගම කෑවා
ඇයි මටයි ජංකුක්ටමයි මෙහෙම වෙන්නේ
මුලු පංතියම හූස් සද්දේ එක්ක කසු කුසු ගොඩයි
"අහ් අහ් ශේන් දැන් වාඩිවෙන්න"
ඒ අස්සේ කවුරුහරි මගේ කකුලට අනිනවා
මන් අස්සෙන් බැලුවා
අර යකා
මාත් ඇන්නා හොද පාරක්
ඒ ගමන අල්ලගත්තා නේ මගේ කකුල එයාගේ කකුල් දෙකෙන්
"සර් මට ප්රශ්නයක් තියනවා"
"ඔව් අහන්න ශේන්"
"තමන්ට ආදරේ කරන්න කෙනෙක් ඉද්දී වෙන කෙනෙක්ට බලාපොරොත්තු දෙන එක වැරදි නේද?"
මට ක්ශනික බැලුනේ ශේන් දිහා
ඔව් එයා ඒක කිව්වේ මටයි ජංකුක්ටයි
"මෙහෙමයි ශේන්.. මන් පාඩම පටන් ගන්නම්කෝ... ආදරේ කියලා කියන්නේ කෙනාගෙන් කෙනාට වෙනස් දෙයක්, ඔයා ආදරේ දකින විදිහ නෙමේ මම ආදරේ දකින්නේ... ඒකයි ඒක සාපේක්ෂ වෙන්නේ.. එතකොට ඔයා කෙනෙක්ට දෙන ආදරේ තව කෙනෙක් වෙන කෙනෙක්ට දෙන ආදරයයි අතර වෙනසක් තියෙනවා... හරියට ලස්සන වගේ.. අපිට ඒක මනින්න බෑ.. ආදරය කියලා කියන්නේ ලස්සන හැඟීමක්.. ඒක අපිට බොරුවට කෙනෙක්ට පෙන්නන්නත් පුලුවන්, ඇත්තටම පෙන්නන්නත් පුලුවන්. හැබැයි බොරුවට පෙන්නනවා කියන දේ ඇතුළේ ආදරයක් නෑ.. ඒ නිසා ඒක අපිට ආදරේ ගොඩට දාන්න බෑ, හැබැයි කොහොමහරි අපිට ඒක විවිධ ආකාරවලින් පෙන්නන්න පුළුවන්..
ළමයි ගොඩක් ආසවෙන් සර් කියන දේවල් අහන් ඉන්නේ
ජංකුක් නම් මගේ කකුල එයාගෙ කකුලෙන් අල්ලන් ඉන්නේ
පිස්සෙක් මහා
"මම දැන් හැරෙන්නම් ඔයා අහපු ප්රශ්නයට, කෙනෙක්ට ආදරේ කරන්න වෙන කෙනෙක් ඉද්දී තව කෙනෙක්ට බලාපොරොත්තුවක් දෙන එක වැරදියි නේද? ඒකට සරල උත්තරේ නම් ඔව් වැරදි... හැබැයි එකේ පැති දෙකක් තියෙනවා ශේන්.. ඔයාට තේරෙනවා ඇති මන් කියන්න හදන එක.. මෙහෙම හිතන්නකෝ, පිරිමි ළමයෙක් ඉන්නවා.. ඒ පිරිමි ළමයට ගෙදරින් ගෑනු ළමයෙක් හොයලා දීලා තියෙනවා, හැබැයි එයා ඇත්තටම ආදරේ කරන්නේ ඒ ගෑනු ලමයට නෙමෙයි.. වෙන ගෑනු ළමයෙක්ට... ඔයාගේ ප්රශ්නය වුනේ කෙනෙක්ට ආදරය කරන්න විවාහ වෙන්න කෙනෙක් ඉද්දි තව කෙනෙක්ට බලාපොරොත්තුවක් දෙන එක වැරදි ද? හැබැයි මෙතනදී ඒ පිරිමි ලමයා එයාගෙ හැඟීම් වලට ඉඩ දෙනෙ එක වැරදි ද කියල අහන ප්රශ්නය තමයි හරිම ප්රශ්නය වෙන්නේ..."
යකෝ මේ සර් කාරයා අපේම සීන් එක අරගෙන කියන හැටි
ඇද්ද දන්නේ නෑ අර යකාට
ආවා මෙතන මගේ කොල්ලට පද හදන්න
"සර් එතකොට එහෙම එකක් ගෙදරින් හොයලා තියෙද්දී එයා වෙන කෙනෙක් එක්ක යාලුවෙලා එයාව අත ඇරියොත්?"
මූගේ ආච්චිට
මොන විකාරයක්ද මේ
"මන් අද කතා කරන්නේ ආදරය ගැන.. ආදරේ කරනව නම් මොන ප්රශ්න ආවත් එකට ඉන්න ඕනේ.. හැබැයි සමහර හිතාගන්න බැරි හේතු මත ප්රශ්නවලින් පැනල යන්න සිද්ධ වෙන්න පුලුවන්.. ඒත් එහෙම දෙයකින් ආදරේ මනින්න බෑ..දැන් අපි මේකට ගත්ත පිරිම ළමයා දවසක ඒ ආදරේ කරන කෙනාව ගෙදරින් හොයලා දුන්න කෙනා නිසා අත ඇරියත් ඒත් ඒකට හේතුවක් තියෙන්නෙ පුලුවන් නේද ළමයි? ඒ නිසා ශේන් ඔයා ඇහුව දේ එක්ක අපිට ආදරේ මනින්න බෑ"
සර් හරි ලස්සනට අපිට ආදරේ ගැන කියලා දුන්නා
වෙනදට නැති උනන්දුවක් ළමයි ඔක්කොගෙම
පැය දෙකක් දන්නෙම නැතුව ගෙවිලා ගියා
"හරි ළමයි.. දැන් කට්ටියම කාලා බීලා එන්න.. එක දිගට ආදරේ ගැනත් ඕනේ නෑනේ"
වචනේ දුන්න පමාවට අපේ එවුන් කන්න දුවනවා
සිරාවට පට්ට බඩගිනී
"යමන්කෝ"
යුංගි අයියා නැගිට්ටා
"යමන්"
ජිමින් අයියත් නැගිට්ටා
"උබලා පලයන්, මන් එන්නම්"
මට නැගිටින්න විදිහක් නෑ
අර යකා කකුල අල්ලන්
නිකන් මට යන්න එපා කියන්න වගේ
ඉතින් මාත් හිටියා
"මල්ලී උබ එන්නෙත් නැද්ද?"
"මේ... නෑ අයියේ.. මගේ ඔලුව පොඩ්ඩක් කැක්කුමයි"
"මොකෝ අරූ ආදරෙයි කිව්ව නිසාද?"
යුංගි අයියට හිනා
මට නම් රත් වෙලා ඉන්නේ
"අනේ පිස්සුද අයියේ.. විකාර ඌට"
"හරි හරි.. මායි ජිමිනුයි යනවා... නිකී එනවා නම් වරෙන්"
නිකිත් අයියලා දෙන්න එක්ක ගියා
ටික ටික හෝල් එකේ ඔක්කොම එලියට ගියා
අන්තිමට ඉතුරු වුනේ මායි ජංකුකුයි ශේනුයි තව ළමයි තුන් හතර දෙනෙකුයි විතරයි
මන් හැරුනේ ජංකුක්ගෙ පැත්තට
එතකොටම එයා නැගිට්ටා
මාත් නැගිට්ටා
ජංකුක් කෙලින්ම ගියේ ශේන් ළගට
හත්ඉලව්වයි
මාත් එතනට දිව්වා
"ශේන්.... උබට මොකක්ද තියන අවුල?"
"කිසි අවුලක් නෑ"
"ඔව් ඒක පේනවා.. ගෑනියෙක් වෙන්න එපා"
"හා තැන්කිව් කිව්වට"
"මෙයා මගේ.. ඔව් උබ හරි.. අපි දෙන්නා ලව් කරනවා"
ජංකුක් මට ඇගිල්ල දික් කරලා කිව්වා
"මන් දන්නවා"
"එහෙනම් ලැජ්ජ නැද්ද යකෝ මල්ලිගෙ පස්සෙන් එන්න"
"උබ මේ කොල්ලව බදින්නෙ නෑ.. උබට බදින්නත් බෑ.. ඒ නිසා මන් මෙයාව අත අරින්නේ නෑ"
"උබට සිංහල තේරෙන්නෙ නැද්ද යකෝ"
"අනේ ජංකුක් අපි යමුකෝ"
ජංකුක් ශේන්ගේ කොලර් එකෙන් අල්ල ගත්තා...
plz vote and comment guys 🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top