31

මුන් ඔක්කොම කැම්පස් ගිහින් ඉගෙන ගන්න එක කෙසේ වෙතත් මගුල් නම් නටලා

අපේ එකත් එකයි උගේ යාලුවොත් එකයි

මන් ලැජ්ජාවටම මූණ හංගන් එලියට එන්න දොර පැත්තට ආවා

"ජංකුක් අයියේ"

දොරත් ඇරගෙන ආවේ නිචී

මන් එයාව මෙහෙම හරියටම දකින්නේ අදද කොහෙද

නිචී ලස්සනයි
කොණ්ඩේ කොටයි

ආව ගමන් ජංකුක්ගේ අතක එල්ලුනා

"අපි යමු නේ ජිමින් අයියේ"

මන් ජිමින් අයියගෙ පැත්ත හැරිලා කිව්වා

"ඉන්න මාත් එනවා"

මේ යකා කොහෙ එන්නද?

"මට කතා කරන්න ඕනේ ජංකුක් අයියේ"

"කියන්න"

"එහෙනම් මායි මල්ලී යන්....

"කිව්වනේ එක පාරක්.. ඉදපන්"

මායි ජිමින් අයියයි මූණට මූණ බලාගත්තා

මේක මාර වැඩක් වුනානේ
මූගේ ගෑස් බලන්න එපැයි අපි

එතකොටයි නිචී මගෙයි ජිමින් අයියගෙයි දිහා බැලුවේ

"ජිමින් අයියේ, කොහොමද? මේ... අහ් අර එදා අපිට පාරෙදි හම්බුන කොල්ලා නේ?"

කොල්ලා? කතා කරන හැටි?

"හොදයි නංගී.. මේ ටේහ්‍යුන්ග්, ජූනයගේ මල්ලී"

"අහ් එයා.. මට මතකයි දැන්.."

මාත් එක්ක හිනාවුනා
මාත් ඉතින් හිනාවුනා

"මොකක්ද කියන්න ආවේ? අපි දෙන්නගේ මගුල ගැනද?"

"නෑ"

"එහෙනම්?"

"මන් කැතද? ඒකද මට අකමැති?"

"ලස්සන හැම කෙල්ලටම මන් කැමති වෙන්න ඕනේද?"

"ඇයි මට අකමැති අයියේ?"

එයා ජංකුක්ගේ කොලර් එකෙන් අල්ලලා ඇහුවේ
මට හොම්බට හැටක් අනින්න හිතයි මේකීට නම්

‍යකෝ මට කැමති නිසා තොට අකමැති

ජංකුක් හෙමින් නිචීගේ අත් දෙක ඈත් කලා

"නංගී, මට ඔයාව ෆීල් වෙන්නෙ නෑ.. මන් ඔයාට ආදරෙයි හැබැයි නංගි කෙනෙක් විදිහට, මගේ වයිෆ් කරගන්න ආදරයක් නෙමෙයි ඒක"

"කාලයක් යද්දී අපිට ඒ වගේ ආදරේ කරන්න පුලුවන් වෙයි අයියේ"

"මගේ තාත්තටවත් ඔයාගේ තාත්තටවත් මන් කියන සිංහල තේරෙන්නෙ නෑ.. එයාලට ඕනේ සල්ලී, නැතුව මේ අපේ සතුට නෙමෙයි, ප්ලීස් ඒ නිසා එයාලගේ ඕනේ කමට හිතේ හැගීම් ඇති කරගන්න එපා"

"මන් ආදරේ එයාලා කියන නිසා නෙමෙයි අයියේ.. මන්... මන් ගොඩක් කල් ඉදන් ආදරෙයි.. ඔයාට ආදරෙයි ජංකුක්.. ප්ලීස් මට එක අවස්තාවක් දෙන්නකෝ"

"යකෝ මේ එකෙක්ටවත් මන් කියන දේ තේරෙන්නෙ නැත්තෙ ඇයි? යකෝ මන් ආදරේ නෑ.. මට ආදරයක් හිතිලත් නෑ, මන් දන්නවා හිතෙන්නෙත් නෑ"

නිචී බිම බලාගත්තා
දෙන්නම පව්

ජංකුක් මාර අසරණයි කියලා මන් දැක්කා අද
නිචී ඇත්තටම ආදරෙයි, ඔව් ඒ වචන එයා හදවතින්මයි කියන්නේ..

ඒත් එයාව ඔයාට දෙන්න මන් රහත් වෙලා නෑ නිචී
ඒ නිසා ඔයා එක්ක මන් යුද්ධ හරි කරනවා එයා වෙනුවෙන්

"නිචී නංගී... මේක හොදට අහගන්න, අද හෙට ඕනේ දවසක ඔයාට මාව ඕනේ නම් මට කතා කරන්න, හැබැයි අයියා කෙනෙක් විදිහට මාව ඕනේ නම්, ඒ ඕනේ වෙලාවක මන් එනවා.. එතනින් එහා ඔයා නෙමෙයි ඔයාගේ තාත්තා නෙමෙයි මගේ තාත්තා කිව්වත් මට බෑ හිතේ නැති හැගීම් බලෙන් දාගන්න.. මාව තේරුම් ගන්න.. මෙහෙම වද කලොත් මන් ඔයාලා ඔක්කොගෙන්ම යනවා හොයන්නවත් බැරිවෙන්න"

"ඔයා.... ඔයා වෙන කෙනෙක්ට ආදරේ..... කරනවද?"

නිචී ඉකි ගහ ගහ ඇහුවා

මන් නෑ කියන්න කියලා ඔලුව වැනුවා

මොකද නිචී ඉන්න තත්වේ එක්ක ඒක තවත් හිතට අවුලක්

ඒත් කොහෙද
මේ යකා කෙලින්ම ඔව් කිව්වනේ

"ඔව්.. ආදරේ කරනවා.. ඒත් කවුද අහන්න එපා"

"ඒත් මට ඒ කවුද කියලා දැනගන්න ඕනේ"

"බෑ.. එයා මගේ හිතේ ඉන්නේ.. වෙලාව ආවම ඔයාලා ඔක්කොටම පෙන්නම්"

එච්චරයි කිව්වේ

ජංකුක් කෙලින්ම ආවේ මායි ජිමින් අයියයි ලගට

"පහලට යමන්"

ජංකුක් එක්ක අපි දෙන්නත් පහලට ආවා

නිචී ඒ කාමරේට වෙලා අඩනවා

පඩිපෙලත් බැහැගෙන එද්දී නිචීගේ තාත්තයි ජංකුක්ගේ තාත්තයි තාම ඉන්නවා සාලේ

"යනවද පුතා"

"ඔව් අංකල්"

අපි එතනින් එන්න හැදුවේ,

"මේ කිම්ගේ රට හිටිය පුතාද?"

"ඔව් මාමේ"

"දැන් තාත්තා කතා බහ කරනවද? තරහ වෙලා නේ....

"මාමේ 😡...."

"ඒකට කමක් නෑ අයියේ.. ඔව් අංකල්.. දැන් ප්‍රශ්නයක් නෑ"

"හොදයි හොදයි"

එතනින් පස්සෙ කෙලින්ම එලියේ

"දැක්කද අරූගේ කතාව"

"අයියෝ ජංකුක් මගේ ඇගේ වැදෙන්නෙ නෑනේ.. අනික බලන් ගියාම මේ රටෙන් භාගයක් ඒක දන්නවා"

"තමුසෙගේ තාත්තා තරහා වුනත් තමුසෙට නරකක් කලේ නෑ.. ඒත් ඒකට මට.. පේනවනේ, දැක්කනේ අපේ ගෙදර විදිහ"

"උබ ඕවා හිතන්න එපා බන්.. උබ උබේ ආතල් එකේ ඉදපන්"

අපි කාර් එක ළග

"මේ එහෙනම් අපි යනවා ජංකුකා"

"පරිස්සමෙන් මගේ පණව ගෙදරට බස්සපන්"

මොකක්? පණ???

මන් ජංකුක් දිහා බැලුවා

මන් දිහා බලන් ඉන්නවා

එයා අද ගොඩක් වෙනස්

"හරි හරි.. මන් උබේ පණව බස්සලා පරිස්සමෙන් යන්නම්"

"උබ ඕනෙ විදිහකට පලයන්.. මෙයා කාර් එකේ ඉන්නකන් හයියෙන් යන්න එපා.. මොකද මට මාව ශුවර් වුනාට උබලව ශුවර් නෑ"

"මූගේ ආච්චිට හාල් ගරන්න යකෝ.. නැගපන් මල්ලී"

ආයේ එයා දිහා බලලා මන් කාර් එකේ පිටිපස්සෙන් නැග්ගා

ජිමින් අයියත් නැග්ගට පස්සේ අපි ආවා

ඒත් මට ආයේ යන්න ඕනේ

එයා එක්ක එයාගේ කාමරේ එයාගේ දුක බෙදාගන්න ඕනේ

ඒත්.... එයා තනියම ඔක්කොම දරාගන්නවා

මන් ගෙදරට එනකන්ම දන්නෙ නෑ
ඒ තරම් මන් අර පිස්ස ලග අතරමං වෙලා හිටියේ

"තැන්කිව් අයියේ.."

"මන් පරිස්සමෙන් බැස්සුව කියල අර ඔට්ටපාලයට කියපන්"

මන් හිනාවෙලා ගේ ඇතුලට ආවා

එද්දිම ලෑන්ඩ් ලයින් එක රින්ග් වෙනවා

"හෙලෝ"

"පොඩී.. ආවද?"

"ඔව් අයියේ.. එන ගමන් ජංකුක් අයියලගේ ගෙදර ගියා"

"ඒ ඇයි?"

"ජිමින් අයියා එක්ක ආවේ... එයා එහෙට ගිය නිසා මාත් ගියා"

"හා හා.. කෑවද?"

"නෑ තාම.."

"කාලා ඉදපන් මුලින්. අපි හෙට රෑට එනවා"

"එල එල"

තිබ්බා ෆෝන් එක

ආවා මගේ සුවද රැදි කාමරේට

යකෝ මට මේක ඇතුලත් අර යකාගේ සුවදයිනේ

මට නම් දැන් ලව් මාන්දමද කොහෙද
.
.
.
.

නෑවා
කෑවා

ආයේ කාමරේට

දැම්මා මැසේජ් එකක් ජංකුක්ට

"කම්මැලි"

"මටත්"

ක්ශනික රිප්ලයි

"හෙට එනවද?"

"නැතුව"

"නිචීලා ගියාද?"

"දන්නෙ නෑ.. මන් කාමරේ දොර වහන් ඇතුලට ආවා, යන්න ඇති"

"එයා ඒ මන් කියලා දැනගෙන එයාගේ තාත්තට කිව්වොත්"

"කාවුරු දැනගත්තත් මන් මේක මාමට දැනගන්න තියන්නෙ නෑ"

"ඇයි?"

"මන් මේක එයාලා ඔක්කොටම කියන්නේ මට තනියම තමුසෙව බලාගන්න පුලුවන් වුන දවසට"

"මන් ඇහුවෙ ඇයි මාමට කියන්න බය?"

"එයා හොද කෙනෙක් නෙමෙයි"

"මාව නැතිවෙයි කියලා බයද?"

"හ්ම්ම්.. ඔව්"

මට මාර සතුටුයි
මාව නැතිවෙනවට බය කෙනෙක් ඉන්නවා

"මාත්.. මාත් ඔයාව නැති කරගන්න බයයි අයියේ"

"මන් දන්නවා මල්ලී.. අපී මුලින් කිම් අංකල්ටයි ජූන්ටයි කියමු. පස්සෙ අපේ ගෙදරට"

"හා හා"

"මේ තාත්තා කතා කරනවා, මන් හෙට ආවාම කතා කරමු"

"හා ❤️"

හිතට දැනෙන්නෙ මාර නිදහසක්
එයා වෙනස් වෙලා
කලින් හැමදාම රණ්ඩුවට ආව එයා දැන් එහෙම නෑ
හෙනම රොමෑන්ටික්
.
.
.
.
.
.

උදේම ඇහැරුනා, ඔව් ජංකුක්ව බලන්න

වොශ් එකකුත් දාන් අල්මාරිය ඉස්සරහා හිටගත්තේ අදින්න ඇදුමක් හොයන්න

"මොකක්ද අදින්නේ අද?"

ගත්තා කලු කලිසම

"මේක සුප්පා"

එතකොට උඩට...

ගත්තා සුදු අත් දිග ශර්ට් එක

ඇන්දට පස්සේ හිතුනා අත් දෙක වැලමිට ලගට නවන්න

"මේ ඉන්නේ නලුවා වගේ.."

කොණ්ඩෙත් හදාගෙන බෑග් එකත් එල්ලන් පහලට ගියා

වෙනදා වගේම තිබ්බ ජූස් එකත් බීලා මන් කෙලින්ම ගියේ කැම්පස් එකට

බහිද්දී නිකී ඉන්නවා තෙල් බැම්මේ

"ගුඩ් මෝනින් නිකියෝ"

"ගුඩ් මෝනින් බන්"

"මොකද බන් මේ කලබලේ වගේ අද?"

"අද පට්ට වැඩක් වෙනවනේ"

"මොකක්ද?"

"ඇයි උබේ සුදු මහත්තයා කිව්වෙ නැද්ද?"

"අනේ මේ.. කිව්වනේ"

"අද අපේ උනුයි සීනියර්ස්ලයි එකට ලෙක්චර් එකක්"

"මොකක්?"

මන් නැගිට්ටා
නෑ මාව නැගිටුනා

"ඔව්ව් මොකක්ද ස්පෙශල් එකක්"

ඒක තමා ඊයේ අද එනවා කිව්වේ අර ගොන් තඩියා

"කෑවද උබ?"

"කාලා යමන් එහෙනම් හෝල් එකට"

මායි නිකී කැන්ටින් එකෙන් කිරි පැකට් දෙකකුත් බීලා බිත්තර බනිස් දෙකකුත් කාලා අපේ ලෙක්චර් හෝල් එකට ගියා..

ළමයි සූ ගාලා
සීනියර්ස්ලත් ඉන්නවනේ

කෙලින්ම බලද්දී ජංකුක් ඉන්නවා ජිමින් අයියයි යුංගි අයියයි එක්ක

මට ඇස් වලින් කතා කලා එයාගේ ඉස්සරහා පේලියට

මාත් නිකී එක්ක එතනට ගියා

ඒත් ලගට යද්දී මට මතක වුනා යුංගි අයියා ඉන්නවා කියලා

"නිකී මේ මායි ජංකුක් අයිය ගැනයි යුංගි අයියා දන්නේ නෑ.. මුකුත් කියන්න එපා"

"හා හා"

අපි ගිහින් එයාලට ඉස්සරහා පේලියෙන් වාඩිවුනා

ජංකුක් මට කෙලින් පිටිපස්සෙ එකේ

මට වාඩිවුනාම මොකෙක්හරි බලන් ඉන්නවා තේරුනා

මන් පිටිපස්ස හැරුනෙ බලන්න

එතකොට දැක්කේ ශේන්

එයා ජංකුක්ගේ කෙලින් එහා පේලියේ



හායි ගායිස්

plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top