30
මාර ලස්සනයි ගේ ඇතුල
යන ගමන් ජිමින් අයියා,
"අංකල් දන්නවා නම් මේ ඉන්නේ එයාගේ අනාගත බෑනා පොඩ්ඩ කියලා මල් මාල දාලා පිලිගන්නේ"
"ඒ කෙසේ වෙතත් ඒ යකා මේකට අකමැති මන් නිසා කියලා දැනගත්තොත් දත් නැතුව යන්න වෙන්නේ.. දැක්කෙ නැද්ද අර එතන එහා පැත්තෙ හිටිය එකා බලපු හැටි"
"අහ් ඒ නිචීගේ තාත්තා"
"සිරාවට? මට නම් මෑන්ස්ව ඇල්ලුවෙ නෑ"
"අපිට අල්ලන්නෙත් නෑ.. ඌ හොද එකෙක් නෙමෙයි"
"ඇයි?"
"පස්සෙ කියන්නම්"
අපි හිටියේ කලු පාට දොරක් ඉස්සරහා
ජිමින් අයියා දොර ඇරගෙන ඇතුලට ගියා
මාත් පිටි පස්සෙන් ගියා
"හායි ජංකුක්"
ජංකුක් හිටියේ ජනේලේ පැත්ත හැරිලා
ජිමින් අයියගෙ ලයාන්විත සද්දෙට ගැස්සිලා බැලුවා
"මල්ලී.... උබ?"
මන් ලගට එයා ආවා
මගේ මූණම අත් දෙක අතරට හිර කරගත්තා
"මොකද ඕයි මේ හත් අවුරුද්දකින් දැකලා වගේ? ඊයේත් පෙම් කෙලියා නේ එලි වෙනකන්"
"උබ මොකද මල්ලිව එක්කන් ආවේ?"
"අහ් නරකෙට තියෙයි.. මන් මේ මෙයාව බස්සන්න යන ගමන් උබ මොන අඩව්වද නටන්නේ බලන්න ආවේ"
"උබ මොකටද මෙයාව බස්සන්නේ?"
අපෝ මේ යකාගේ ඉරිසියාව
"අර ශේන්.....
අයියෝ විනාසයි.. මූට ඕවා කියනවද යකෝ
"ජිමින් අයියේ....."
"ඇයි ඇයි මොකක්ද තමුසේ හංගන්න හදන්නේ මල්ලී?"
"නෑ නෑ ජංකුකා.. මේ ඌ මූගේ පස්සෙන් එනවනේ"
"අද මොකක්ද උනේ කියපන් දෙන්නගෙන් එක්කෙනෙක්?"
"නෑ ඌ මාව බස්සන්න ඇහුවා.. මන් බැහැ කිව්වා"
"ඊට පස්සෙ"
"එයා බලෙන්ම බස්සන්න යන්න හැදුවේ, ජිමින් අයියලා ඇවිල්ලා මාව එක්කන් ආවා"
"කන පුරවලා දෙන්න බැරිද අහ් තමුසෙට?"
"ජංකුක්...."
"නෑ ඉදපන් ජිමින්.. උබ බබෙක්ද අහ්?? ඌ බල කරනව නම් ගහපන් අත දික් ඇරලා"
ඒ ගමන් මට බනිනවා
මන් බිම බලාගෙන අහගෙන හිටියා
"එතකොට යුංගියා හිටියේ නැද්ද?"
"ඌත් හිටියා.. ඌට වැඩේ මාට්ටු වෙනවා තව පොඩ්ඩෙන්, මායි පොඩි එකයි ගාණට ශේප් කලා"
"මේ බලනවා මන් දිහා"
එයා මගේ මූණ ඉස්සුවා
"අඩන්න දෙයක් කිව්වේ නෑ මන්.. ඌ කරදර කරන්න ආවොත් ගහන්න.."
"හා"
"මෙහෙ එනවා"
මාව එයා තුරුල් කරගත්තා
මාත් අත් දෙකම ඉන වටේ දාලා තද කරගත්තා එයාව
"මන් මොකද දැන් කරන්න ඕනේ?"
ජිමින් අයියා අපි දෙන්නා දිහා බලන් ඉන්නවා
"අහක බලාගනින්කෝ"
"ඒ මොකටද?"
"උබට ලව් එකක්...
"එපා ඔය කට වහපන්.. මන් අහක බලාගන්නම්"
ජිමින් අයියා හැරුනා අනිත් පැත්ත
මන් බලන් හිටියේ ජංකුක් දිහා
එයා මගේ නලලට කිස් එකක් දුන්නා
ඒක පොඩි පෙක් එකක්
ඒත් ඒක මට හෙනට ෆීල් වුනා
"ජිමින්..."
"මොකද?"
"හැරියන්"
"ඇයි මොකද?"
"මේ ශේන්ගේ ප්‍රශ්නෙට මොකක් හරි කරන්න ඕනේ"
"එපා එපා"
"ඇයි?"
"අනේ ඌ පස්සෙන් ආවට මල්ලී ලව් නෑනේ බන් ඌට.. ඉතින් ඌ ඇවිල්ලා එපා වුනාම නවත්තයි"
"හ්ම්ම්ම්"
"ඒකනේ.. මට පේන්න බෑ ඒකව"
"නැත්තම් ආයේ මගුලක් වෙයි.. ඌ ගැන නොහිතා උබල දෙන්නා උබලගේ ප්‍රශ්නය විසදගනින්කෝ"
"මට තේරෙන්නෙ නෑ බන්.. මේ අපේ තාත්තට කියන සිංහල තේරෙන්නෙ නෑනේ"
මගේ ඉන වටේ තිබ්බ ඒ අත් දෙක පොඩ්ඩකටවත් ලිහිල් වුනේ නෑ
"මගෙන් ඇහුවා උබට කෙල්ලෙක් ඉන්නවද කියලා"
"ඔව් ඔව්.. එයාලා හිතන්නේ මේ මන් අකමැති කෙල්ලෙක් නිසා කියලා"
"කොහොමද අංකල් දන්නව නම් මන් දැන් එක්කන් ආවේ ඒ අකමැති වෙන්න හේතුව කියල 😂"
"අනේ ඉදපන්"
"ඉතින් ජංකුක් නිචීට ඇත්ත කිව්වොත්?"
"මන් දන්නේ නෑ මල්ලී එයා ඒක මොන වගේ පිලිගනීද කියලා"
"ඒ කිව්වේ?"
"එයා තාම හොදයි.. ඒත් හැමදාටම හොද වෙයිද? ඔයා ගැන කියලා ඒක මාමට කියලා අපේ තාත්තගෙ කනට ගියොත් ලේසියෙන් විසදගන්න තියන දේ මඩ වලක් වෙනවා"
ඔව් ඒකත් ඇත්ත
"මේ උබලා දෙන්න ඈත් වෙලා කතා කරපන්කෝ"
"ඇයි?"
අපි දෙන්නම බැලුවේ ජිමින් අයියා දිහා
"මට හෙන අපහසුයි ඕයි"
"උබේ පෑලියාව බන්"
ජංකුක් මාව අත ඇරලා ජිමින් අයියා ලගට ගියා විතරයි,
"පොඩි බබා මොනාද බොන්න ඕනේ"
අම්බෝ යකෝ
ජිමින් අයියගේ පෑලියාවත් වෙලාවකට වාසනාවක්
"මේ... උබලා මොනාද බොන්නේ?"
"ජූස් දෙකක් ගේන්නකෝ"
ජිමින් අයියා කිව්වා
"මටත් එක්ක තුනක් ගේන්න"
"හා බබා"
ඒ ආවා ගෑනු කෙනා ගියා
"මගේ පෑලියාව නිසා උබලා දෙන්න අද බේරුනා"
කියන්න දෙයක් නෑ
ජිමින් අයියා හරි
මායි ජිමින් අයියයි ඇදෙන වාඩිවුනා
මන් හෙඩ් බෝඩ් එකට ඔලුව තියාගත්තා
ජිමින් අයියා මගේ එහා පැත්තෙන් ඇලවුනා
ජංකුක් ඉස්සරහා තිබ්බ පුටුවේ
"මේ ජංකුකා..."
"මොකද?"
"දෙන්නා ඊයේ එක ඇදේද නිදාගත්තේ?"
"ඔව් ඇයි?"
"සිරාවට?"
ජිමින් අයියා ඇදෙන් ඉදගන්න ගමන් ඇහුවා
"ඔව් යකෝ... ඇයි මොකද එහෙම නිදාගත්තම මල්ලිට බබා හම්බෙනවද?"
"ඒ කියන්නේ උබ නේ ටොප් වෙන්න හිතන් ඉන්නේ"
ඊයා යකෝ
මොනාද මේ කියවන්නේ මුන් දෙන්නා
"ඔව් ඉතින්.. මන් නේ මෙයාගේ පස්සෙන් ගිහින් දාගත්තේ"
"මේ නවත්තනවද ඔයාලගේ ඔය මරිමොංගල් කතාව"
"ලැජ්ජද අහ්හ්? කරද්දි හොදයි කියද්දි කිචි"
"අනේ ජිමින් අයියේ"
"හරි හරි.. එහෙනම් වෙන දෙයක් කතා කරමු"
"හ්ම්ම්"
"ජංකුක්ගේ කලින් කෙල්ල ගැන"
"ජිමින් 😡"
"කලින් කෙල්ල? කවුද ඒ?"
"ඕක නවත්තපන් ජිමින්"
"ඔයා කියන්න අයියේ.. ඇයි කියන්න බැරි ඒවා තියනවද අහ්?"
"අපෝ ඔව්.. ඔයාට කියන්න මල්ලි, ඒක තනිකර වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් වගේ"
"මොකක්?"
මන් ඔරවලා බැලුවා අර හෝතම්බුවා දිහා
"බොරු කියන්න එපා ඕයි.. ඒක මේ දවස් දහයක්වත් තිබ්බෙ නෑ"
"දවස් දහය මදිද ඔය කරන්න ඕනේ ඒවා කරගන්න"
"මල්ලී මේ මූ කියන්නේ අලි පච.. ඉන්න බිංකුණ්ඩා වගේ, අත අරින්නෙ අලි පච"
"අනෙ මට මේ උබලට වගේ ජිම් ගිහින් ඇග පුම්බගන්න ඕනේ නෑ"
"මල්ලී උබ දැන් මූ කියන ඒවා අහලා රණ්ඩු වෙන්න එපා මාත් එක්ක.. මන් කලින් යාලුවෙලා හිටිය කෙල්ල එක්ක දවස් දහයක්වත් ඒ මගුල තිබ්බෙ නෑ.. මුකුත් උනෙත් නෑ කරෙත් නෑ"
මට හිනා යන්නත් එනවා
ඒත් බෑ බෑ හිනාවුනොත් වැඩේ දෙල් වෙනවා
"මේ මන් උබලා දෙන්නගෙන් අහන්නද පැනයක්"
මන් හා කිව්වෙත් නෑ ජංකුක් හා කිව්වෙත් නෑ
"උබලා හා කියන්න ඕනේ නෑ.. මන් අහන්නම්, මල්ලී අයියේ කියන්නේ ඇයි බන් උබලා?"
"උබ ඉන්න තැන එහෙමයි"
"නැති තැන"
"උබට ඒක අදාල නෑනේ යකෝ"
එතකොටම දොරට තට්ටු කරනවා
ජංකුක් දොර ඇරියා
"කෝ මන් දෙන්නම්"
එයා බීම ගෙනාව ට්‍රේ එක ගත්තා
ආයේ දොර වහන් ඇවිල්ලා ජිමින් අයියට බීම එකක් දුන්නා
මගේ එකයි එයාගේ එකයි අරන් එයා මන් ලගට ආවා
මට ඇස් වලින් පෙන්නුවේ එහාට යන්න කියලා
මන් පොඩ්ඩක් එහාට ගියාම එයා මගේ එහා පැත්තෙන් ඉදගත්‍තා
පස්සෙ බීම එක දුන්නා
මාර කෝලමක්
මගේ උරහිසේ ඔලුවන් තියන් බීම එක බොනවා
ජිමින් අයියා බල බල හිනාවෙනවා
"මූ මාර ලවර් වෙලානේ"
"එයා එහෙම තමා"
"අපෝ මූත් ඌටම මැච්"
.
.
.
.
තව පැය දෙක තුනක් අපි කියව කියව හිටියා
"මේ අපි යනවා එහෙනම්"
"ඔව්ව් ජංකුක්.. අපි එහෙනම් යනවා, හෙට කැම්පස් එන්න.. මන් බලන් ඉන්නවා"
"යනවද?"
එයා මගේ අතින් ඇල්ලුවා
"ඔව්ව්.. ගෙදර අය එක්ක ප්‍රශ්න දාගන්න එපා ප්ලීස්.. මොනා කොහොම වුනත් මන් ඔයාට පට්ට ආදරෙයි ජංකුක්"
යකෝ මොකක්ද ඒ මන් අන්තිමට කිව්වේ
ඊ ගොනෙක් නේ මන්
ජිමින් අයියත් ඉන්නවා
ශික්
ලැජ්ජාව
ජංකුක්ට හිනා
"යමන් යමන්.. උබලා එක්ක හිටියොත් මට ලැජ්ජාවට මොනාහරි යනවා මෙතන"
හරි ඒක ටිකක් වැඩී තමා
ඒත් ආදරෙයි කැස්සයි හංගන්න බැහැලුනේ
"හරි හරි"
"මට ලැජ්ජයි යකෝ උබලා කියන කරන ඒවට"
"අනේ උබේ ලැජ්ජාව.. අර කැම්පස් එකේ කෙල්ලෝ එක්ක මැණික කියන කිය...
"අපෝ වහගනින් උබේ හැකර කට"
මුන් ඔක්කොම කැම්පස් ගිහින් ඉගෙන ගන්න එක කෙසේ වෙතත් මගුල් නම් නටලා
අපේ එකත් එකයි උගේ යාලුවොත් එකයි
මන් ලැජ්ජාවටම මූණ හංගන් එලියට එන්න දොර පැත්තට ආවා
"ජංකුක් අයියේ"
hi guys
plz vote and comments 🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top