3
last day night
නින්ද යන්නෙම නැති නිසා මන් ගියේ අයියගේ කාමරේට..
"අයියේ?"
"මොකද?"
"නිදිද තමුසේ?"
"ඔව් ගුඩ් නයිට්"
.
.
.
"මොකද ඕයි මේ? නැගිටිනවා මගේ ඇදෙන්"
"මට නින්ද යන්නේ නෑ.. අනේ මන් අද තමුසේ ළග දොයය ගන්නම්"
"මේ මොන ජවුසමක්ද?? යනවා"
"මොකක්ද ඕයි"
"මට බෑ කොල්ලෙක් එක්ක නිදාගන්න"
"මන් උබේ මල්ලිනේ ඕයි"
"අහ් ඔව්... හරි ළගට එන්න එපා.. ඈතට වෙලා නිදාගන්න"
මාර විකාරයක් මේ අයියත්.. වැඩේමයි ඕකගේ ළගට යන්න..
"හරි ඕයි"
.
.
.
.
Present
ඔන්න ඕකයි වුනේ.. කොහෙද අර හෝතම්බුවා හොයන්නේ බලන්නේ නැතුව පැන්නනෙ ඇගට..
ඒත් එයා ළග සුවදයි..
මොනාද මන් මේ හිතන්නේ?? තමුසෙට අමුවෙන් මොනාහරි කැව්නද ටේහ්යුන්ග්?
මන් කාමරේට ගිහින් දොරත් ලොක් කරන් ගියේ වොශ් පාරක් දාලා උදේට කන්න යන්න..
කියන්න බෑනේ ඊලගට මොකා කාඩගෙන බිදගෙන එයිද කියලා...
.
.
.
"අම්බෝ දැනෙන සනීපේ..."
නාලා ශෝටකුත් ඇදගෙන ආර්මි කට් ටී එකකුත් ගහගෙන මන් ගියා පල්ලෙහාට.. යද්දී අයියයි අයියගේ යස්සයෝ තුන් දෙනයි කනවා..
තාත්තා... එයා නම් පේන්න නෑ.. ඒත් මට හිතට සතුටුයි.. මන් ගැනත් හොයනවනේ එයා..
"අයියේ තාත්තා කෝ?"
"උදේම මීටින් එකකට ගියා ටේ.. ඉදගන්නවා කන්න"
මන් අයියට එහා පැත්තෙන් වාඩිවුනා..
අපෝ මට මේ යකාගේ මූණ බලන්ද කන්න තියෙන්නේ.. තුක් විතරක් අද දවසම මස්තබාල්දුයි..
හෝ හෝ කනත් විදලා.. ඒ මදිවට අතේම ටැටූ එකක්.. හ්ම්ම් ලස්සනයි
මොකක්... මන් මොකක්ද මේ කන්නේ නැතුව කරන්නේ? මන් බැලුවා අනිත් අය දිහා.. අයියයි ජිමින් අයියයි හත් වේලක් බඩගින්නේ ඉදලා වගේ කනවා.. යුංගි අයියා නම් කනවට වඩා ෆෝන් එක ඔබනවා.. ජංකුක්.. මොකද මේ? මේ යකා මට ඔරවන් ඉන්නෙ.. මන් බලන් ඉන්නවා දැක්කවත්ද?
මන් එක ඇහි බැමක් උස්සලා ඇයි කියලා ඇහුවා
එතකොටම කට කොනෙන් හිනා වෙලා ළග තිබ්බ ෆෝන් එක අරන් මොනාද බලන්න ගත්තා..
"මොකද බන් සද්දයක් නැත්තේ?"
"මේ ජිමින්"
"කියපන්"
"මේ අපේ පොඩි එකාවත් කැම්පස් එකට දාන්න ඕනේ.. ඌ රට ඉද්දී ප්ලේස්මන්ට් එක කලානේ"
"අඩො සිරා.. මරුනේ"
මරු තමා.. ඒත් මට තවත් නම් ඉගෙන ගන්න බෑ..
"ඔව් ඒකත් පොඩ්ඩක් බලන්න ඕනේ.."
"හරි මන් බලන්නම් ජුන්"
"තැන්කිව් යුංගි"
"ඇයි යුංගි අයියා ඒක බලන්නේ?"
"එයාගේ අම්මා අපේ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක්"
"ඒකත් එහෙමද? හා හා ඉක්මනට බලන්න ඕනේ නෑ අයියේ"
කට්ටියම විකාර කියව කියව කෑවා.. ඒත් අර ජංකුක් කට හෙල්ලුවෙ නෑ.. ආඩම්බරකාරයා..
මෙයා කාමරේදි මගේ ඇගට පැන්නේ පොඩි එකෙක් වගේ.. ඒත් දැන් හෙන ලොකු ඔලුව..
"මොකද ජංකුක් උබ කතාවක් නැත්තේ?"
"එහෙම එකක් නෑ බන්"
"නැත්තේ මොකද ඕයි? ආව වෙලේ ඉදන් ගල් ගිලලා වගේ"
"මේ නිකන්"
"ඇයි උබේ අලුත් කෑල්ල උබේ කට ගලව ගත්තද?"
හ්ම්ම් අලුත් කෑල්ල කියන්නේ... ඒ කියන්නේ කෙල්ලෙක් ඉන්නවා.. ඉතින් මට පාන්ද
"කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැති මට කතා හදන්න එපා"
මොකද තමුසේ ඒක මන් දිහා බලන් කියන්නේ? නෑ මන් මේ හිතුවා විතරයි..
"අතින් විතරයි අල්ලලා නැත්තේ?"
ඊ මූ ඒ වගේ එකෙක්ද?? මට හිතුනා..
මන් කකා හිටිය පිගානත් අරන් නැගිට්ටා..
"කාලා ඉවරද?"
"ඔව්ව් ජිමින් අයියේ"
මන් පිගානත් අරන් කුස්සියට ගියා..
"කෝ මේ ලිලී ඇන්ටි..."
මන් කොදුරන ගමන් ගියේ සින්ක් එක ළගට...
"මාවද බැලුවේ?"
මන් ගැස්සුනා.. අම්බෝ ඒ කටහඩ.. ගැබුරුයි ගොඩක්.. මන් ක්ශනිකව හැරුනා පිටිපස්ස..
"ජ....ං....කු....ක්"
මේ යකාට මොන යකෙක් වැහිලද?
"කාවද බැලුවේ? මාවද?"
"මන් මොකටද ඔයාව හොයන්නේ?"
මන් ආයේ හැරුනා සින්ක් එක පැත්තට.. කොහෙ යනවද මේ ලිලී ඇන්ටිත්..
"මේකත් හෝදනවා"
මගේ එහා පැත්තෙන් එයා කෑව පිගානත් තියලා එතන තිබ්බ කණ්ඩියට හේත්තු වුනා..
මන් මොකටද මුගේ ඒවා හෝදන්නේ? මට බෑ..
කියලා කියන්නත් හිතයි.. ඒත් ආයේ ඕනේ නෑ.. ගෙදරට ආව අමුත්තෙක්නේ.. මගේ එක හෝදලා මන් ගත්තා ජංකුක්ගේ පිගාන..
"මේ තමුසෙගෙන් දෙයක් අහන්න තියනවා"
"මොකක්ද?"
"තමුසේ ජිමින්ට කතා කරන්නේ ජිමින් අයියේ කියලා, එතකොට යුංගිට කතා කරන්නේ යුංගි අයියේ කියලා"
"ඉතින්"
"ඇයි මට ජංකුක් අයියේ කියන්නේ නැත්තේ?"
දීපන්කො උත්තර...
සිරාවට ඇයි ඒ?... මටත් ඒක දැන්නේ මීටර් වුනේ.. මන් මොකද මෙයාට ජංකුක් කියලා කියන්නේ...
"නෑ මේ... මේකයි"
"හරි හරි තනියම ඉද්දි අවුලක් නෑ.. අනිත් උන් ඉද්දී අයියේ කියන්න.. නැත්තම් වැඩේ මාට්ටු"
කියලා කියන ගමන් ජංකුක් ටේගේ ඔලුවටත් ටොක්කක් ඇනගෙන කුස්සියෙන් එලියට ගියා...
මොකක්? මොන වැඩේද මාට්ටු? මොනා ගැනද කියන්නේ මේ?
මාත් ඒක හිත හිතම පිගානත් හොදලා සාලේ පැත්තට ගියා..
දැන් තමා අයියා නැගිට්ටේ කාලා.. එතකොටමට අර ඩබලත් නැගිට්ටා.. තුන් දෙනාම කුස්සියට
මන් ගිහින් සැටිටෙන් වාඩිවුනා..
කෝ අර යකා....
එතකොටම ජංකුක් එලියේ ඉදන් ආවා.. මාව දැක්කා.. පල් එකට හිනා වෙලා ස්ටූඩියෝ එකට ගියා..
මාර ලොකු කමක්..
හෙට මොකක්ද ඉවෙන්ට් එකක් කිව්වනේ, දවසෙම ස්ටූඩියෝ එකේ අයියලා..
මන් සාලෙන් කාමරේට
කාමරෙන් සාලෙට
සාලෙන් වත්තට
වත්තෙන් සාලෙට
එපා වෙනවා අප්පා.. ශික් කෙල්ලෙක්වත් හිටිය නම් කියලා හිතෙන්නේ දැන් තමා...
මන් ආයේ සාලෙ ඉදන් කාමරෙට යද්දී නිකමට ඔලුව දැම්මා ස්ටූඩියෝ එකට...
"කම්මැලිද තමුසෙට"
"ඔව් අප්පා"
"කරන්න දෙයක් නෑ, අපි බිසී"
ශික් වස නෝන්ඩිය, කරන්න දෙයක් නැත්තම් මොන ඉටි ගෙඩියකටද මගෙන් ඇහුවේ කම්මැලිද කියලා..
කරන්න දෙයක් නෑ
මන් ගියා කාමරේට.. ගත්තා මගේ ෆෝන් එක අතට.. තියාගත්තා ඔලුව කොට්ටෙ උඩින්
"ලූඩෝ පාරක්වත් ගහන්න ඕනේ"
ලූඩෝ ඇප් එකට ගිහින් ඔන්ලයින් එකෙන් ගහන්න පටන් ගත්තා ගේම් එක..
මේක ගහද්දී වෙලාවකට මට නගිනවා මල
ඇයි යකෝ හෙන වෙලාවක් ගන්නවා කැටේ හොල්ලන්න
අනික මට හය වැටෙන්නෙම නෑ
ඒත් පට්ට ආතල් වැඩේ මේක..
පැය ගාණක් මන් කාමරේට වෙලා ලූඩෝ ගැහුවා
.
.
.
.
.
"දැන් ඇති නේ බන්"
කවදාවත් නැතුව ජංකුක් නවත්තමු කිව්වා
"අද මොකද උබ අමුතු?"
"නෑ බන් හෙට වැඩේ කියලා ඕනේවට වඩා ප්රැක්ටිස් කරන්න ඕනේ නෑනේ.. දැන් නම් අතත් රිදෙනවා"
"ඔව් ඔව් අදට ඇති... එහෙනම් හෙට 8 වෙද්දි වරෙන් කැම්පස් එකට"
"මේ ජූන්"
"මොකෝ?"
"හෙට මල්ලිවත් එක්කන් වරෙන්, ඌටත් කම්මැලිනේ"
"ඔව් ජිමින් මාත් හිතන් ඉන්නේ එක්කන් එන්න තමා"
"ඒක හොදයි නැත්තම් ඌට මෙහෙ එපාම වෙයි"
"ඔව් බන් ඉක්මනට මොකක්හරි කරන්න ඕනේ, නැත්තම් කොල්ලට කම්මැලිකමටම මෙහෙ එපා වෙනවා"
"ඔච්චර කම්මැලි මල්ලිට කෙල්ලෙක් එහෙම නැද්ද?"
ජිමින් ඇහුව එකට ජංකුක් උනන්දුවෙන් උත්තරයක් බලාපොරොත්තු වුනා..
"මන් ඇහුවා බන්, නෑ කියල කිව්වේ... ඒත්"
"ඇයි මොකක්ද සීන් එක"
"නෑ ඉතින් ඌව දැක්කම කෙල්ලෙක් ඉන්නවමයි කියලා මට හිතෙන්නේ"
"අපෝ නෑ බන් කොල්ල හෙන අහිංසක පාටයි"
යුංගී කිව්වේ නැගිටලා එලියට යන ගමන්.. ඒ අතරේ අනිත් තුන් කට්ටුවත් එලියට ආවා..
දොර ළගටම ඇවිල්ල යුංගී ආයේම හැරුනා
"මේ එහෙනම් හෙට 8ට ඈ"
"උබ රෑට කන්න ඉන්නේ නැද්ද?"
"නෑ බන් අම්මා එන්න කිව්ව කලින් අද කවුද අම්මගේ යාලුවෙක් රෑ කෑමට එනවා කියලා"
"එල එල බන්..."
යුංගි ගියාට පස්සෙ ඉතුරු උනේ ජිමිනුයි ජංකුකුයි..
"උබලා රෑට කන්න ඉන්නවද?"
"නෑ නෑ මන් තව ටිකකින් යනවා... තාත්තා ගෙදර යන ගමන් එන්නම් කිව්වා"
"උබ ජිමින්?"
"කාලා යන්නම්.. උබේ ආසවනේ"
"ඔව් මන් සෑහෙන්න ආසයි"
ජූන් එහෙම්ම නැගිටලා කුස්සිය පැත්තට ගියේ ලිලී ඇන්ටිගේ නම කියන ගමන්....
.
.
.
"අම්බෝ යකෝ 6ත් වෙලා.. මන් නිදාගත්තද අදත් පැය 3ක්??"
ඔලුවත් කස කස මන් පහලට ආවේ ස්ටූඩියෝ එකෙන් ආව සද්දේ නැති නිසා..
ගිහින්ද කොහෙද කට්ටිය..
නෑ මන් යද්දී ජිමින් අයියයි ජංකුකුයි බර කතාවක..
ඒ එක්කම ඇහුනේ කාර් එකක් ආව සද්දේ...
"තාත්තද කොහෙද බන්.. මන් එහෙනම් කැපුනා"
ජිමින් අයියගේ පිටටත් තට්ටුවක් දාන් ජංකුක් නැගිට්ටා..
"ජූනෝ මන් යනවා.. හෙට හම්බෙමු ඈ"
"එල බන්... හෙට සෙට් වෙමු"
අයියත් කුස්සිය පැත්තෙ ඉදන් කෑ ගහගෙන එනවා.. එතකොටම මාව දැක්කා
"තමුසේ දැන්ද නැගිට්ටේ"
අයියා මගෙන් අහනවත් එක්කම දොර ලග හිටිය ජංකුක් මන් දිහා බැලුවා..
අයියෝ මන් මේ යකා බලන කොයි වෙලෙත් මේ යකා දිහා බලන් ඉදලා මාට්ටු වෙනවනේ..
මන් ගත්තා ක්ශනිකව ඇස් අහකට...
"හ්ම්ම් ඔව්"
අයියට උත්තර දෙන ගමන් මන් ගිහින් ජිමින් අයියගේ එහා පැත්තෙන් වාඩිවුනා.. එතකොටම අර යකා යන්න ගියා..
අයියත් ඇවිල්ලා සැටියෙන් වාඩිවුනා..
"හෙට උදේ ලෑස්ති වෙන්න මාත් එක්ක කැම්පස් යන්න"
"ඒ මොකටද?"
"අපේ ඉවෙන්ට් එකක් තියනවා"
"අපෝ ඔය කැම්පස් ළමයි අස්සේ....
"වරෙන් වරෙන්, කම්මැලිනේ ගෙදරත් ඉන්න"
හ්ම්ම් ඔව් ඒකත් ඇත්ත... ජිමින් අයියා කියද්දි මන් ඔලුව වනලා හා කිව්වා..
"තාත්තා ආවේ නැද්ද?"
"තාත්තා එද්දී රෑ 9 පහු වෙනවා ටේ.. එයාව බලන් ඉන්න එපා"
"හ්ම්ම්ම්"
අපි තුන් දෙනා සාලෙට වෙලා පැයක් විතර වල්පල් කියෙව්වා..
අර යකත් හිටිය නම් තව ටිකක් ඕපදුප හොයන්න තිබ්බා..
"මොකෝ යාලුවොවත් නැද්ද මැසේජ් කරන්න ඔච්චර කම්මැලි"
"ඉන්නවා.. ඒත් එයාලා බිසී ජිමින් අයියේ"
"ඉදපන් අපේ ගෲප් එකට ඇඩ් කරන්නම්.. ඒක ආතල්"
"මොන??"
"නම්බරේ කියපන්"
මන් ඉතින් මගේ නම්බරේ ජිමින් අයියට කිව්වා... මන් බලන් ඉද්දිම එයා ඒක සේව් කරලා මොකක්ද ගෲප් එකකට ඇඩ් කලා.. ඒ එක්කම මට ආවා නොටිෆිකේශන් එක
මන් බැලුවා
සෙක්සි බෝයිස්
ගෲප් එකේ නම... මන් ගෲප් අයිකන් එක ක්ලික් කලා.. ඒකේ හිටියේ අයියයි ජිමින් අයියයි යුංගි අයියයි ජංකුකුයි..
ඒ එක්කම ජිමින් අයියා ඒ ගෲප් එකක් මැසේක් එකක් දැම්මා
"කම්මලිකමේ හිටිය ලස්සන කොල්ලෙක්ව ඇඩ් කලා.. පරිස්සමෙන් බලාගනිල්ලා"
කියලා...
යකෝ.....
ඒ එක්කම අයියා,
"යමන් ජිමින් කමු... ටේ ඔයත් එන්න"
"මන් එන්නම් ඔයාලා කන්න"
අයියා ජිමින් අයියව එක්කන් ගියාට පස්සෙ මන් පොඩ්ඩක් ගෘප් එකේ ඉන්න අය බැලුවා..
හ්ම්ම් යුංගි අයියා...
මාර හැඩියනේ...
ඊලගට හිටියේ අයියා...
පුෆ්... අබවුට් එක බලපල්ලකෝ
"If you want to love others, I think you should love yourself first"
හා හා අයියේ ඔයා කියන එකක් තමා...
ඊලගට කවුද මේ...
ජිමින් අයියා.. සා කිව්ට් අප්පා...
මේ අර හෝතම්බුවා වෙන්න ඇති.. කියලා හිතන් මන් බැලුවෙ ඩීපි එකේ තිබ්බ ෆොටෝ එක..
මට තඩි කෙල ගුලියකුත් ගිලුනා..
"ටේ තමුසේ මොකද පෙරේතයෙක් වගේ ෆෝන් එක දිහා බලන් ඉන්නේ?"
මොකක්? පෙරෙතයෙක් වගේ? එතකොට මන් මේ යකාගේ ෆොටෝ එක දිහා බලන් හිටියේ පෙරේතයෙක් වගේද??
ඊයා.. මොන ලැජ්ජාවක්ද..
"නෑ නෑ.. ඔයාලා කෑවද?"
"ඔව්ව් ජිමින් අයියා යනවලු"
"අහ් අයියේ බායි.. හෙට හම්බෙමු"
"එල මල්ලී"
මන් ටග්ගාලා ෆෝන් එක සාක්කුවට දාන් ගියේ කෑම මේසේට..
ශික් ශික්... දැක්කද දන්නේ නෑ අයියා අර යකාගේ ෆොටෝ එක.. නෑ වෙන්න බෑ..
"කෑම බෙදන්නද මන් පොඩි බබා??"
අම්බෝ මන් ගැස්සුනා...
"මොකද බබා බය වෙලා වගේ?"
"නෑ නෑ ඇන්ටි.. හා හා බෙදන්න"
මන් කන ගමන් දැක්ක අයියා ස්ටූඩියෝ එකේ දොරත් වහන් එයාගේ කාමරේ පැත්තට යනවා..
අම්බෝ ඒ කියන්නේ අවුලක් නෑ..
ඊට පස්සෙ ඉතින් හිතේ නිදහසෙන් මන් බත් පිගානක්ම කෑවා...
ඔන්න මන් මේකෙන් මගේ කතාවේ ඉන්න අනිත් චරිත අදුන්වලා දුන්නා..
ඊලග එකෙන් හම්බෙමු..
ලස්සනයි නම් වෝට් කරන්න..
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top