29

මන් එයාව පිටිපස්සට කරන් කාමරෙන් එලියට ගියා

යකෝ මගේ ගෙදර මන් මොකක්ද මේ කරන විගඩම

මට නොකිව්ව සීසීටිවී එහෙම හයි කරලා තියනවද දන්නෙ නෑ අපේ අයියා

හිත හිත මන් අර යකාවත් අරන් මගේ බෑග් එකත් දාන් පහලට ගියා

ගියා තමා ලිලී ඇන්ටි කුස්සියේ ඉදන් එනවා

"ඉවරයි"

සොරි කියලා හිතින් හිතලා මන් තල්ලු කලා ජංකුක සැටිය පිටි පස්සට

කාක්කෙක් ජරා කලාම චුක් ගාලා වැටෙනවා වගේ සද්දයක් නම් ආවා

"බබා... එන්න මන් කෑම මේසෙට යැව්වා"

මන් ලිලී ඇන්ටි ළගට එන්න කලින් දුවලා එයා ඉන්න තැනට ගියා

"යමු කන්න"

මන් ඇන්ටිගෙ කර වටේ අතකුත් දාන් එයාවත් එක්කන් කුස්සියට ගියා

යන ගමන් බැලුවා

ජංකුක් හොර පූසා වගේ කොන්දත් අල්ලන් යනවා

"පව්"

"කවුද පව් පොඩි බබා?"

"අහ් නෑ නෑ... තාත්තලා කීයටද ගියේ?"

මන් මේසෙන් වාඩිවෙන ගමන් ඇහුවා

"පාන්දරම ගියා, පහට වගේ"

මන් කෑවා

කාලා බෑග් එකත් දාන් ගියා කාර් පාර්ක් එකට

ජංකුක් නම් පේන්න නෑ

කෝල් කලාට වැඩක් නෑ ෆෝන් එක තිබ්බෙ නෑනේ ළග
.
.
.

"හවසට එන්න එපා අංකල්"

ඩ්‍රයිවර් අංකල් මන් දිහා බැලුවේ ප්‍රශ්නයක් අහන්න වගේ

"මන් අද පරණ ශොප් එකට ගිහින් එන්නෙ ඒකයි"

මන් යන ශොප් එකකුත් නෑ ඒත් ඒ ශොප් එක ඇපේට තියලා ඇති කටේ දත් ගාණට

මන් ගියා කැම්පස් එක ඇතුලට

කෙලින්ම හෝල් එකට

"ගුඩ් මෝනින් නිකී"

මූ කුකුලා අතේ තියන් හැමදාම එන්නේ

"මොකද උබ ආවේ නැත්තේ? මන් කෝල් කලාට ඉස්සුවෙත් නෑ කෝල්"

"පොඩි දතේ කැක්කුමක් ආවා"

"යකෝ ඒක කතා කරලා කියන්න බැරිද?"

"බෑනේ ඕයි, දතනේ කැක්කුම ගත්තේ"

නිකී එක්ක කයියක් ගහන ගමන් මන් ජංකුක්ට මැසේජ් එකක් ටයිප් කලා

"මන් කැම්පස්.. ආවම මැසේජ් එකක් දාන්න"
"මන් හවසට ඔයා එක්ක යන්න ඉන්නවා"

නැත්තම් මොන කුන්ඩවාලයක් එක්ක යයිද දන්නෙ නෑනේ ඔය මිනිහා

ෆෝන් එක සැරෙන් සැරේ බැලුවට මිනිහගෙන් නෝ රිප්ලයි

කොහේ මගුලේ ගිහින්ද මන්දා
.
.
.
.

එකොලහට ඉන්ටවල් එකට මායි නිකී කැන්ටිමට ගියා

යන ගමන් ගත්තා අර අලි ඔලුවට කෝල් එකක්

‍යකෝ ගෙදර ගියා කියලවත් නෑනේ

"හෙලෝ...."

"කියන්න"

"කියන්න කියන්නේ මොකක්ද? කොහෙද ඉන්නේ?"

"මන් ගෙදර ජිමින්.. අද එන්න වෙන්නෙ නෑ බන්"

හරිනේ අමාරුව
අයියෝ මන් ඩ්‍රයිවර් අංකල්ටත් එන්න එපා කිව්වා

"ඒ ඇයි? මන් ඔයා එක්ක හවසට යන්න හිටියේ"

"මේ තාත්තා කේස් ඊයේ මගුල නිසා.. අර නිචීගේ.. මන් ඒක ශේප් කරගෙන එන්න පුලුවන් උනොත් මැසේජ් එකක් දාන්නම්.. නැත්තම් ඔයා පරිස්සමෙන් යන්න"

එයා රහසින් වගේ කිව්වා

කවුරුහරි ලග ඇති

"හරි හරි"

"මන් හෙට එන්නම් බන්.. උබේ නෝට් ටික හෙට ගේන්නම්"

තිබ්බා ෆෝන් එක

"කවුද ඒ?"

හරිනේ මට අමතක වුනානේ මූ ඉන්නවා කියලා

"මේ.... මේ... මගේ බෝයිෆ්‍රෙන්ඩ්"

"සිරාවට? කවුද? ඒ පෙන්නවකෝ ෆොටෝ එකක්"

"මේ කාටවත් කියන්න එපා.. මේ ඔයා දන්නවා නේ අර අපේ අයියගේ යාලුවා ජංකුක් අයියා ගැන"

"ඔව් අර උස සුදු එකානේ"

"උන් ඔක්කොම උසයි සුදුයි තමා ඕයි.."

"හරි මන් දන්නවා එයාව.. අර ටෑටු එකක් ගහලා ඉන්නේ"

"ඔව්.. එයා තමා"

"එයා තමා කියන්නේ?"

"එයා තමා මගේ කොල්ලා ඕයි"

මෙන්න මූ හිනා වෙනවා

යකෝ ඇයි ඌ කොල්ලා වෙන්න බැරිද

"මොකද තෝ හිනා වෙන්නේ?"

"අනේ උබේ හීන"

"ඇයි යකෝ ඇත්ත"

"ඇත්ත කොහෙද අනේ හිටපන්., ඌට කැම්පස් එකේ කෙල්ලො භාගයක් පැනි හලනවා"

"ඉතින්?"

"ඉතින් එහෙම එකා කොහොමද මේ කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෙ?"

"උබට විශ්වාස නැද්ද?"

"නෑ"

ඉදපන් උබට පෙන්නන්න

මන් ගත්තා ගැලරියේ තිබ්බා එදා පාර්ක් ගිය දවසෙ ගත්ත අපි දෙන්නගේ ෆොටෝ එකක්

"මේ ඉන්නේ මායි උබයිද?"

ඒ ගමන් ෆෝන් එක දිහයි මන් දිහයි මාරුවෙන් මාරුවට බලනවා

"අඩෝ ඒක... ඒක කොහොමද...

"මේ උබ මේක කාට හරි කිව්වොත් අම්මපා දත් තිස් දෙකම යවනවා බඩට"

"අනේ උබට පුලුවන්ද එච්චර දෙයක්?"

"ඒත් එයාට පුලුවන්"

"අන්න ඒක ගැන නම් ටිකක් බය වෙන්න ඕනේ.. කොහොම හරි මරු බන්.. මාත් ආසයි ඌට"

"මොකක්ද යකෝ කිව්වේ?"

"නෑ නෑ ඌ වගේ කොල්ලෙක් මරුනේ ඕයි"

"හරි හරි ඒ උනාට එයා මගේ.. හිතන්න එපා එයා ගැන, මොකද එයා මගේ විතරමයි"

"තියාගනින් ඉතින්"

කතාවෙන් කතාව දොලහටත් කිට්ටුයි

අපි දෙන්නා කාලා අත් දෙකත් හෝදන් ආයේ ලෙක්චර් හෝල් එකට

පැය දෙක තුන ගෙවිලා තුනත් වෙලා

බැලුවා නෝ මැසේජ්

ඒ කියන්නේ තාම අවුලක්

මන් බෑග් එකත් දාන් ආවා පාරට

"ටේහ්‍යුන්ග්"

හැරුනා මන්

"ඉදපන් මල්ලී"

අපෝ ශේන්

මූගෙන් බේරිලා යන්න ඕනේ

"උබ අද තනියමද?"

"ඔව් අයියේ.. මේ මන් යනවා"

"ඉදපන්, මන් බස්සන්නම්"

"නෑ මන් බස් එකේ යන්නම්"

"මොකද අපි එක්ක ගියාම ගෙවෙනවද? අරූගේ හුචක්කුවේ විතරද යන්න පුලුවන්?"

"අයියෝ අයියේ කිව්වනේ මට යන්න දෙන්න"

"මොකද අහ්හ්?"

ඒ ගමන් මගේ අතත් අල්ල ගත්තා
මාර ඇනයක්නේ

"අත අරිනවකෝ"

"මොකද අහ්?? ඌ හොද එකෙක් නෙමෙයි"

"ඉතින් ඔයා හොදද?"

"ඌට වඩා හොදයි... යකෝ ඌට ගෙදරින් මගුලක් හොයලා තියෙද්දී ඌ එක්ක නටන්න එපා.. උබට අඩන්න වෙයි මල්ලී"

"මන් ඒක බලාගන්නම්"

"කියන දේ අහපන්"

"මන් ඒක බලාගන්නම් අයියේ.. ඔයා මාව අත අරින්න"

"ලැජ්ජ නැද්ද තුන්වෙනියෙක් වෙන්න?"

"ඔයාට ලැජ්ජ නැද්ද මට මෙහෙම වද දෙන්න?"

"මන් ආදරෙයි ඒකයි"

"මන් ආදරේ නෑ"

"මාත් එක්ක වරෙන්, මන් කියන්නම් දෙයක්"

"මට බෑ"
.
.
.

"ඇයි මොකද ශේන් උබ?"

ජිමින් අයියයි යුංගි අයියයි

ශේන් මගේ අත හෙමින් අත ඇරියා

"නෑ.. මේ....

"මේ පාඩුවෙ හිටපන් හොදේ.. මෙයා උබේ නෙමෙයි"

"එහෙනම් අරූගෙද?"

යකෝ යුංගි අයියා

මූ ගමම කයිද?

"අනේ අපි යමුකෝ"

මන් ජිමින් අයියටයි යුංගි අයියටයි කිව්වා

"කාගේ උනත් උබේ නෙමෙයි"

ඒ එක්කම ජිමින් අයියගේ කාර් එක ආවා

"නැගපන් මල්ලී...උබත් නැගපන් යුංගියා"

"හරි පලයන් මල්ලී.. ඒත් ඔය ජංකුක් උබ එක්ක පැටලුනේ ආදරේට නම් නෙමෙයි.. ඌ උබලා එක්ක තරහයි"

යුංගි අයියා නගිද්දීම කිව්වා නේද මූ

ඊ ගොන් නාම්බා

යුංගි අයියා හැරුනා ආපස්සට

"අනේ පලයන් යකෝ"

ජිමින් අයියා අතත් දික් කරලා ඉස්සරහෙන් නැග්ගා

මන් යුංගි අයියවත් දාගෙන පස්සෙන් නැග්ගා

විනාඩි දෙකයි කාර් එකට නැගලා

"මොකක්ද ඒ කිව්වේ? ජංකුක්ක්ගේ සීන් එක??"

හරි දැන් හොදට හිතලා කියපන් බොරුවක්

"නෑ මේ.... නෑ අයියේ එදා මූ අර පැටලෙන්න ආව වෙලේ ජංකුක් අයියනේ මැද්දට පැනලා මාව එක්කන් ගියේ.. මේ යකා මන් ජංකුක් අයියා එක්ක සෙට් කියලා හිතන්නේ"

"අඩෝ....."

යුංගි අයියා හිනා වෙනවා

ඒත් මට ඇඩෙනවා යකෝ

"කිව්වට අහන්නේ නෑ එහෙම එකක් නෑ කියලා"

"කමක් නෑ ඌ එහෙම හිතාගත්තාවේ.. මෝඩයෙක් මහා"

ඒ ගමන් ජිමින් අයියා
නොදන්නවා වගේ හිනා වෙවී කියවනෝ

"ඒත් අන්තිමට ජංකුක් අයියට ප්‍රශ්නයක්...

"ඌ ප්‍රශ්නවලට ආසයි නේ ජිමිනා"

එතනින් පස්සෙ නෝ කතා ඒ ගැන

"අහ් මේ ජිමිනා, උබෙන් උදේ ඉදන් අහන්න හිටියේ මොකක්ද ජංකුක් ගෙදර නටන නාඩගම ඒ පාර?"

"අනේ අර නිචීගේ රෙද්දක්"

"මොකක්ද සීන් එක?"

"ඌ ඒකීට ලව් නෑ.. ඒත් බදින්නලු ඒකීව"

"සල්ලී ගහක්"

"සල්ලී නම් මුටත් තියෙන්නේ ඕයි.. මූ බදින්නේ කවද හරි මූ ලව් කරන එකාව"

"එකාව කිව්වේ?"

"එකා නෙමෙයි එකෙක්ව"

"අනේ මන්දා.. ඒත් ජියෝන් අංකල්ලා නම් නාහෙට අහන්නේ නෑ"

"මූ අහන්නෙත් නෑනේ බන්.."

"ඔව් ඒකයි ඇත්ත"

එතනින් පස්සේ ආයෙත් වල්පල් ඉතින්

"මේ මන් යන ගමන් උගේ ගෙදරට යනවා, උබ එනවද?"

"අද බෑ බන්.. අම්මා මොකක්ද මගුලක් ගේන්න යන්න එන්න කිව්වා"

"හා හා උබව දාන් යනවා, මල්ලී උබට පරක්කු....

"නෑ නෑ අයියේ.. අයියගේ වැඩේ කරන් යමු"

අම්බෝ මන් නේද

යුංගි අයියා බැස්සා

"ජංකුක් මොන මගුලක් කරනවද මන්දා මල්ලී?"

"ඇයි අයියේ?"

"නෑ තාම අවුල නිවාගෙන නෑ"

හ්ම්ම් ඔය යකා අවුල නිවාගන්නවා වෙනුවට තව පිදුරු නම් දා ගනී

විනාඩි පහක් වගේ යද්දී අපි ආවේ ලොකු ගේට්ටුවක් ඉස්සරහට

හෝන් සද්ද දෙකට ගේට්ටුවෙන් කෙනෙක් ආවා

"මන් ජිමින්"

"අහ් ඉන්න සර්"

ගේටුව ඇරුනා

කාර් එක ඉස්සරහට යද්දී නිකන් මන් ෆුල් හොල්මන් වුනා

යකෝ අර අපාර්ට්මන්ට් එකක ඉන්නේ මූ මෙච්චර ලොකු බංගලාවක් තියාගෙනද?

"ඔන්න උබේ අනාගත ගෙදරට ආවා"

මට ලාවට හිනාවක් ගියා

අපි කාර් එකෙන් බැහැලා ඇතුලට ගියා

යද්දී කවුදෝ අංකල්ලා දෙන්නෙක් ඉන්නවා සාලේ වාඩිවෙලා

"අංකල්.. කෝ අරූ?"

"අහ් පුතා.. ඔය කාමරේට ගියේ දැන්"

මන් දිහා ඒ දෙන්නම බැලුවා

"අහ් මේ ජූනයගේ මල්ලී අංකල්.. අද මන් ඌව බස්සන්නේ"

"අහ්හ්හ් කොහොමද පුතා?"

"හොදයි අංකල්"

"අර ගොනා කෙල්ලෙක් එක්කවත් පැටලිලාද මන්දා මෙච්චරම මේකට අකමැති?"

"පිස්සුද අංකල්? ඌට කෙල්ලෙක් නෑ.. මන් ඒක නම් සහතික වෙනවා"

"එහෙනම් අකමැති?"

"අනේ මන්දා.. මන් බලන්නම් කතා කරලා, වරෙන් උඩට යමු"

ඉස්සරහා තිබ්බේ ලී පඩිපෙලක්

මාර ලස්සනයි ගේ ඇතුල

යන ගමන් ජිමින් අයියා,

"අංකල් දන්නවා නම් මේ ඉන්නේ එයාගේ අනාගත බෑනා පොඩ්ඩ කියලා මල් මාල දාලා පිලිගන්නේ"

"ඒ කෙසේ වෙතත් ඒ යකා මේකට අකමැති මන් නිසා කියලා දැනගත්තොත් දත් නැතුව යන්න වෙන්නේ.. දැක්කෙ නැද්ද අර එතන එහා පැත්තෙ හිටිය එකා බලපු හැටි"

"අහ් ඒ නිචීගේ තාත්තා"





හායි ගයිස්
කතාවක් වුනාම සමහර වෙන්න බැරි දේවල් වෙනවා
ඒ නිසා ඒවා ගැන නොහිතා කියවන් යන්න

vote ans comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top