28
මන් දොර ඇරියා
"මොකෝ උබ නිදි නැද්ද?"
එතකොටයි මට අර යකා කාපු පැස්ටා පිගාන මීටර් උනේ.. ඒ මදිවට බෙහෙත් පෙට්ටිය ඇද ලග බිම
අයියගේ ඇස් ගියේ පැස්ටා පිගානට
"කවුද මේක කෑවෙ?"
"මන්... මට බඩගින්නක් ආවා බන්"
"මලපෙරේතයෙක්නේ බන් උබ.. හෙට දැන් තාත්තා එක්ක යනවද?"
"කොහෙද?"
"නුවරඑලියේ ඕයි"
දැන් මන් මොකද කියන්නේ? යනවද නැද්ද?
"මේ.. යන්නත් ඕනේ.. ඒත් කම්මැලි වගේ"
"එකක් කියපන්කෝ"
"උබ මොකද දැන් මේ රෑ ඕක අහන්නේ?"
"නෑ උබ යන්නෙ නැත්තම් මන් යනවා"
"ඒ ඇයි?"
"නිකන්.. මටත් කම්මැලි ඕයි කැම්පස් යන්න"
"ඉතින් මන් ගියා කියලා ඇයි ඔයාට යන්න බැරි?"
"තාත්තා බුක් කරලා තියෙන්නෙ දෙන්නෙක්ට"
එහෙනම් මන් යන්නෙ නෑ
මට දැන් ඕනේ එයා එක්ක ඉන්න
"එහෙනම් උබ යන්න"
"අවුලක්....
"මාත් දවස් දෙකක්ම කැම්පස් ගියේ නෑනේ.. අවුලක් නෑ"
අයියා හෙන ආසයි ට්‍රිප් යන්න..
මගේ පිටටත් තට්ටුවක් දාන් පොර එලියට ගියා
වෙලාවට බෙහෙත් පෙට්ටිය දැක්කෙ නෑ
දැක්ක නම් මන් බලන්න ගෙනාවා කියන්න තමා වෙන්නෙ
අයියා එයාගේ කාමරේට යනකන් දොරෙන් හොරෙන් බලන් ඉදලා තමා මන් ජංකුක්ට එන්න කිව්වේ..
"මොකක්ද ඒ නුවරඑළි කතාව?"
"මන් යන්න හිටියේ"
"කැම්පසුත් එන්නෙ නැතුව?"
"ඔව්ව්.. ඔයාව දකිද්දී අමාරුයි අයියේ"
"මෝඩයෙක්නේ.. මන් ආදරෙයිනේ"
"හ්ම්ම් ඒත් කවුරුත් ආදරේ බොරුවට හරි බෙදාගන්න ආස නෑ"
"කවුද බෙදුවේ?"
එයා හිටියේ මගේ අත් දෙකම අල්ලන්
"නෑ ඉතින්..."
"ගුටි කන්න එපා මල්ලී.. උබට ආදරෙයි කියන්නේ උබට විතරයි ආදරේ කියන එක"
"හරි හරි"
"දැන් ඇද ලෑස්ති කරන්න"
"ඒ මොකටද?"
මන් ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ
"ඇයි අනේ අද අපි දෙන්නා විතරනේ"
"ඉ...තින්... ඉතින් මොකද?"
"මේ වගේ චාන්ස් එකක් ආයේ එන්නෙ නෑ"
"ජ...ංකුක්... පිස්සුද?"
"ඇයි අනේ?"
අල්ලන් හිටිය අත් දෙක දිගේ එයාගෙ අත් දෙක හෙමින් උඩට ඇදුනා
මට කිති වගේ
කකුල් දෙකත් ලොක් උනාද කොහෙද
"ජං...කුක්... මේ.... පි..ස්සු... නටන්න... එ..පා"
මොකද යකෝ මේ මන් ගොත ගහන්නේ
එයා මගේ කන ළගට පාත් වුනා
"මෝඩ ගොන් මල්ලී... මට උබ එක්ක හුයන්නෙන් එන එක කරන්න ඕනේ නෑ දැන්ම.. මට නිදාගන්න ඇද ලෑස්ති කරන්න කිව්වේ"
ඊ මෝඩයා.. ඒක කිව්ව හැටි
හුයන්නෙන් එන එකලු
ශික් නොසන්ඩාලයා
"බෑ.. ඔයා ආව විදිහට යන්න"
"බැරිද?"
"බෑ"
මූට ඇද දීලා මන් ඇද පල්ලේ නිදා ගන්නද?
"හරි මන් ජූන්ගේ කාමරේ නිදාගන්නම්"
"ඉතින් නිදාගන්නවා"
යකෝ
"ඒයී... පිස්සුද?"
මන් ජංකුක්ගේ අතින් ඇදලා නවත්ත ගත්තා
"ඇයි?"
"ඉන්න.. මන් ලෑස්ති කරන්නම්"
ජංකුක් මගේ පොත් මේසේ තිබ්බ පුටුවට වෙලා වාඩිවෙලා බලන් ඉන්නවා මන් ඇද ගසනකන්
හරියට ගෑනි ඇද ලෑස්ති කරනකන් මිනිහා බලන් ඉන්නවා වගේ
මන් මූ එක්ක මේ කරන විකාර අපේ අයියා දැන් ගත්ත දාට තමා මට අදින්න යට කලිසමක්වත් නැති වෙන්නෙ
"හරි"
මන් කොට්ටෙකුයි බෙඩ්ශීට් එකකුයි දාලා කතා කලා
"ඔයා?"
"මන් බිම?"
"ඇයි? මාව ශුවර් නැද්ද?"
"නෑ මාව ශුවර් නෑ"
"ඩබල් ඇදක් තියන් තමුසෙ බිම බඩගාන්න ඕනේ නෑනේ.. එනවා ඇදට, මන් අතක්වත් තියන්නෙ නෑ"
"ඒත්.....
"කිව්වනේ.. තමුසෙ බිම නිදාගද්දී මන් කොහොමද ඕයි ඇදේ නිදාගන්නේ?"
එයා වෙලාවකට කිසිම ආදරයක් නැති විදිහට කතා කරන්නේ, ඒත් සමහර වෙලාවට ආදරේ උතුරනවා
"හරි එහෙනම්"
කිව්වත් වගේ මූ මට මොනා කරන්නද? මට සිරාවටම මාව තමා සතේකට ශුවර් නැත්තෙ හැබැයි
එක්කො කමක් නෑ ඉතින්
මන් අතේ තිබ්බ කොට්ටෙ ඇදේ අනිත් පැත්තෙන් දැම්මා
එයා හිටියේ ඩෙනිමකුයි අත් දික සුදු ටී ශර්ට් එකකුයි ඇදගෙන
"ඕක ඇදන් නිදාගන්න බෑ නේද?"
"හ්ම්ම් ඔව්ව් ඒ වගේ"
මන් අල්මාරිය ඇරලා මගේ කොට කලිසමකුයි ටී ශර්ට් එකකුයි දික් කලා එයාගේ පැත්තට
"වොශ් එකක් දාන් ඇදගන්න"
ඇදුම් ටිකත් අරන් පොර බාතෲම් එකට ගියා
මාත් බෙහෙත් පෙට්ටියයි පැස්ටා කාපු පිගානයි මේසේ පැත්තකින් තියලා ජනේලේ ලොක් කලා
විනාඩි දහයක් වගේ යද්දී එයා ආවා
ශා මගේ ඇදුම්වලටත් ඒකා මරුනේ
කොහෙද ලස්සනයි කියන්නත් කලින් පොර ඇදේ
"ගුඩ් නයිට් ටේහ්‍යුන්ග්"
මූණත් කොට්ටෙ අස්සට ඔබන් පොර නිදි
"ගුඩ් නයිට්"
මාත් ලයිට් එක ඕෆ් කරලා ඇදේ අනිත් පැත්තෙන් හාන්සි වුනා
මුලු කාමරයම අදුරුයි
මගේ ඇද ලග තිබ්බ ලෑම්ප් එකේ හීනි එලිය විතරයි
නින්ද යන්නෙත් නෑ මට
පපුවම ගැහෙනවා
ඒ එයා ලග නිසා
මන් ඔලුව හරවලා බැලුවා එයා දිහා
එයා නිදි හොදටම
මන් එයාගේ පැත්ත හැරුනා
පැයක්
දෙකක්
නෑ
කල්පයක් උනත් එක දිගට බලන් ඉන්න පුලුවන් එයා දිහා
ලස්සනයි
ඒ තොල්, ඇස්, බෝල් කම්මුල්, දිග ඇහි පිහාටු මාර ගති
අල්ලන්න හිතුනා
ඒත් තාම ස්පර්ශය තහනම් නේ
මන් ඇහි පිල්ලම් ගැහුවද මන්දා
ඒ තරම් වශී වුනා ඒ සුදු මූණට
"තමුසේ නිදාගන්නවකෝ ඕයි"
එක පාරට ජංකුක් ඇස් ඇරියා
"අහ්... මන්... මේ නිදා ගන්න හදන්නේ"
"තමුසෙ මන් දිහා බලන් භාවනා කරනවද ඕයි"
"වැඩේමයි"
"මන් බලන් හිටියේ දැන් පැය භාගයක ඉදන්"
"අනේ මේ.. පැය භාගයක් ගියෙත් නෑ"
"වටයලා කිව්වේ"
මෝඩයෙක් මහා
"එනවද ළගට"
එයා ඇහුවා
"ඒත්....
"ඔලුව තියාගන්නවා මෙතනින්"
එයා අත දික් ඇරලා මට උරහිස පෙන්නුවා
"මේ.. ඒත්...
"මන් කන්නේ නෑ බන්.."
මන් හෙමින් ලගට ගියා
අර ගැහෙන වේගේ සීයට දෙසිය පනහට දැන් ගැහෙනවා
මන් හෙමින් උරහිසින් ඔලුව තියාගත්තා
"දැන් නිදාගන්න"
මගේ ඔලුව අත ගාලා එයා හෙමින් ඇස් දෙක පියාගත්තා"
මාත් එහෙම්මම ඇස් දෙක පියාගත්තා
ආයේ ඇස් ඇරලා වෙන කොහෙන් ඔලුව තියාගන්න කියයිද දන්නෙ නෑනේ
.
.
.
.
.
.
.
.
"මල්ලී... ඕයි මල්ලී... මේ ලබ්බ අරිනවකෝ"
මට යාන්තමට අපේ මහ එකා දොරට ගහන සද්දේ ඇහුනා
"මොකද ඕයි"
අඩ නින්දෙම ඇහුවා
පිස්සුද මේ උදේ පාන්දර කෑගහන්නේ
"අපි යනවා"
"හා"
එච්චරයි මට ඇහුනේ...
මන් අනිත් පැත්ත හැරිලා කොට්ටේ අස්සට ඔලුව ඔබාගත්තා
ඔබාගත්තම තමා මීටර් වුනේ ජංකුක්ව
මන් හෙමින් ඇස් ඇරියා
මන් රෑම ඉදලා තියෙන්නේ එයාගෙ අත උඩ
මන් හෙමින් මගේ අත එයාගේ පපුව උඩින් තිබ්බා
මට නිකන් ගැහෙනවා දැනෙනවා වගේ
ඉස්සරහට හැමදාම මන් නේ මෙයාව උදේම දකින්නේ කියලා මතක් වෙද්දී මට හීනියට හිනාවක් ගියා
"මොකද හිනා වෙන්නේ?"
මොකක්? ඇහරන්ද ඉදලා තියෙන්නේ?
"ඔව් මන් ඇහරන් හිටියේ"
"මගේ හිත කියවන්න එපා ඕයි"
"සද්දෙන් ඇහෙනවා මට දැන් තමුසෙගෙ හිත"
"විකාර"
මන් එයාට පිටුපාලා හැරුනා
"මෙන්න මෙහේ එනවා"
මගේ බඩ යටින් අත දාලා එයා මාව ළගට ඇදලා ගත්තා
මගේ පිට එයාගේ පපුවෙ
"ඒයි මොකද කරන්නේ? මට කිචි ඕයි"
මේ මිනිහා මගේ පිට ඉබිනවා..
"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා"
"ඒයි....."
"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා"
මගේ කෙලින්ම තිබ්බේ ඔරලෝසුව
වෙලාව හයයි
"ජංකුක් කැම්පස් යන්න ඕනේ"
"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා"
"කියන එක අහ්නවකෝ"
"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා"
"ජංකුක් 😡"
"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා"
"මන් යනවා ලෑස්ති වෙන්න"
"මෙච්චර උදේ යන්නේ අර ගොන් නාම්බව බලන්නද?"
ඒක කිව්වමයි මතක් වුනේ ශේන් කිව්ව කතාව
රහස
මන් ජංකුක්ගේ අතත් ගසලා දාලා නැගිට්ටා
"මට එක එක නැට්ටොන්ව බලන්න යන්න අමාරුවක් නෑ"
එයා තාම ඇදේ
මන් ඇරියා අල්මාරිය
තුවාය ගන්න
"කෝ මගේ තුවාය?"
වෙලාවට මන් එදා ඒක විසික් කලේ නෑ
නිකමට හිතපන්කෝ මන් ආව තරහට විසික් කලා නම්
"මේ තියෙන්නෙ"
මන් ජේකේගේ තුවාය අතට ගන්න ගමන් කිව්වා
ඒකත් අරන් මන් ගියා වොශ් එකක් දාගන්න
වොශ් එකක් දාන් එලියට එද්දී ජංකුක් එයාගේ අර හඩු කලිසමයි ශර්ට් එකයි ඇදගෙන
"ඒයි මලපෙරේතයා, මූණවත් හෝදන්නේ නැද්ද ඕයි?"
"මන් ගෙදර ගිහින් හෝදන් එන්නම්"
"කොහොමද දැන් යන්නේ?"
"ආව පාරෙන්"
"ආව පාරෙන් යන්න මේ මහ රෑ නෙමෙයිනේ.. ඉන්නවා මන් ලිලී ඇන්ටි ඉන්නවද බලන්නම්"
"බලලා??"
"මන් එයාව කුස්සියට එක්කන් යන්නම්, තමුසේ පුලුවන් තරම් ඉක්මනට යනවා එලියට"
මන් එයාව පිටිපස්සට කරන් කාමරෙන් එලියට ගියා
යකෝ මගේ ගෙදර මන් මොකක්ද මේ කරන විගඩම
මට නොකිව්ව සීසීටිවී එහෙම හයි කරලා තියනවද දන්නෙ නෑ අපේ අයියා
හිත හිත මන් අර යකාවත් අරන් මගේ බෑග් එකත් දාන් පහලට ගියා
ගියා තමා ලිලී ඇන්ටි කුස්සියේ ඉදන් එනවා
"ඉවරයි"
Plz vote and comment
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top