26

සදුදා ඉවරයි
මුකුත් වෙනසක් නෑ

අගහරුවාදා

ඇදේ ඉදන් කල්පනා කලේ අදත් ඉන්නවද නැත්තම් යනවද කියලා

වෙලාව බැලුවා

හතයි

"මල්ලී"

අයියා

"මොකෝ?"

"උබ අදත් යන්නේ නැද්ද?"

"බෑ වගේනේ"

"මොකෝ ඒ?"

"කම්මැලි.. මන් හෙටම එන්නම්"

"පිස්සෙක් තමුසේ"

අයියා ගියා
අදත් ගෙදර
මට යන්න මූඩ් එකක් නෑ

දවල් වෙනකන් ඇදෙ
හැබැයි එපා වෙනවා ගෙදර ඉන්නත්

දෙකත් පහු

කන්න යන්න හදද්දිම කෝල් එකක්

නමක් නෑ

"හෙලෝ"

"මන් ඉන්නවා ගේ ඉස්සරහා.. එනවා"

මොකක්? ජංකුක්?

"මට බෑ"

"මන් ඇතුලට ඇවිල්ලා ලිලී ඇන්ටි ඉස්සරහා ඇදන් යන්නද එනවද?"

"මේ ජංකුක්....

"එනවද නැද්ද?"

කිව්වත් වගේ මූ එයිද ඇතුලට

ඊ මුගෙන් තියන වදයක්

මන් ඇදන් හිටිය ඇදුමෙන් ම දිව්වා එලියට

ශෝටයි ටී ශර්ට් එකයි

ගේටුව ලග ජංකුක්

මන් ලගට ගියා

මට හෙල්මට් එක දික් කලා

"මට බෑ"

"අද හතර වෙනකන් ලෙක්චර්ස්.. අයියා එන්න කලින් ගෙනල්ලා දාන්නම්"

"බෑ"

"ටේහ්‍යුන්ග් යකා අවුස්සන්නේ නැතුව නගිනවා"

මන් බය වෙයි තමුසෙගේ යකාට

"නගින්නේ නැද්ද?"

"නෑ"

"මන් කෑ ගහලා ලිලී ඇන්ටිව ගෙන්නන්නද?"

"විකාරද?"

"නගිනවා.. ප්‍රශ්නය කතා කරමු මුලින්"

මූ කිව්වට යන්නේ නෑ.. මන් නැග්ගා ඉතින්.. අගල් දහයක් පිටිපස්සෙන්
ඇගේවත් ගෑවෙන්න නැති වෙන්න යන්න ඕනේ

කෙලින්ම ආවෙ බීච් එකට

මන් ඇදන් ඉන්න ඇදුමට හරියන්නේ මෙතන තමා ඉතින්

බැස්සා

දෙන්නම රැල්ල එන හරියට ආවා

එයා මගේ හෙල්මට් එකත් අරගත්තා

තාම නෝ කතා

ඇත්තටම මට නම් කතා කරන්න දෙයක් නෑ

"දැන් තමුසෙගේ ප්‍රශ්නේ කියනවා"

"මට කතා කරන්න දෙයක් නෑ.. මන් හිත හදාගන්නම්"

"ටේහ්‍යුන්ග්.... මේ අහන්න මල්ලී ප්‍රශ්නයක් තියනවනේ දැන් මෙතන"

"ඔයත් අහගන්න ජංකුක්, අල්ලන්න බැරි අතු පස්සෙ ගිහින් අන්තිමට පසුතැවෙන්න මට ඕනේ නෑ.. එදා ඔයාලා මොන හේතුවකට මාව දාලා ගියාද දන්නේ නෑ...හැබැයි එතන ඔයාට ඕනේ කෙනා හිටියා"

"අපි නිචීව එක්කන් ගියේ නෑ.. ජූනයා කිව්වා උදේ කතා කලාම උබ නිදි කියලා.. එහෙම කියද්දී ඇහැරවන් එක්කන් වරෙන් මට එයා නැතුව බෑ කියන්නද?"

මන් ඔය මුකුත් විශ්වාස කරන්න නෑ ජංකුක්

"නිචී එයාගේ යාලුවෝ එක්ක ඇවිල්ලා හිටියේ, එතනදි දැකලා කතා කලා.. මාමට කිව්ව නිසා එයාව බස්සන්න යන්න වුනා"

මගේ හිත කිව්වේ මේක හරියන්නේ නෑ කියලා
එයාට ගෙදරින් හොයලා තියෙද්දී මොකටද මන්

"ජංකුක්, අපි මේක නවත්තමු"

මට බෑ නිකන් දැන දැන් නවතින්න

"මොකක්ද තමුසේ කියන්නේ"

"මේක නවත්තමු"

"මට ආදරේ නැද්ද ඕයි?"

"ආදරේ උනත් නොවුනත් මට බෑ ජංකුක් දුක් විදින්න.. ඔයාට ඕකෙන් ගැලවීමක් නෑ.. අන්තිමට ඔයාලා ඔක්කොම ගියාම මන් තනිවෙනවා කියලා තේරෙන්නෙ නැද්ද?"

"මන් දාලා යන්නේ....

"දාලා යන්නේ නෑ?? එහෙමද?? ඒත් ඔයා යනවා ජංකුක්"

"තමුසේ මගේ ආදරේ දන්නෙ නෑ ඕයි"

"දැනගන්න ඕනේ නෑ ජංකුක්.. අපි මේක පටන් අරන් සති ගාණයි.. අපි ඈත්වෙමු"

එයා මගේ අත තද කරලා මිරිකලා අල්ලගත්තා

"ඌයි....."

"මාව එපා කියලද කියන්නේ තමුසේ?"

මන් මුකුත් කිව්වෙ නෑ..

"කියනවා... තමුසෙට එපාද මේ අෆෙයාර් එක?"

"එපා"

අල්ලන් හිටිය අත තව තද වුනා..

මාවත් ඇදගෙන ජංකුක් ගියේ බයික් එක නවත්තපු තැනට

"දාගන්නවා"

මොකක්? දාගන්නවා.. එයා තමා හැමදාම මගේ හෙල්මට් එක දැම්මේ.. ඒත් ආයේ නෑ

මන් හෙල්මට් එක දාගත්තා

නැග්ගා

විනාඩි පහලොවට ගේ ඉස්සරහා

මන් බැස්සා
හෙල්මට් එක ගලවලා දුන්නා විතරයි ජංකුක් ගියා

"මන් වැරදිද හරිද දන්නෙ නෑ.. ඒත් ඔයාට නිචීව අත අරින්න බෑ ජංකුක් ඔහොම ගිහින්. එදාට ඔයාට යන්න වුනොත් මන් වෙනුවෙන් කවුරුත් නැති වෙනවා.. ඒක දැන් දැනම මට මෙහෙම කරන්න බෑ.. මට වයිර කලාට ඔයා තේරුම් ගනී මේ ඔක්කොම.. අනික නිචී කියන්නේ හැමපැත්තෙන්ම මැච් වෙන කෙල්ලෙක් ඔයාට.."

එයාගේ බයික් එක නොපෙනී යනකන්ම බලන් ඉදලා මන් ඇතුලට ආවා

ආවට හිත අර යකා අරන් ගියා

පණ්ඩිතයා වගේ කිව්වට මට මාර අවුල්

ගේ ඇතුලට එද්දිම පුදුම මුස්පේන්තුකමක් දැනුනේ

මන් මෙහෙ ආව මුල් කලේ ජංකුක් අයියලා එක්ක ප්‍රැක්ටිස් කරපු හැටි
මට රවපු හැටි
ඔක්කොම මට මතක් වෙනවා

ඒත් අත ඇරගන්න බැරි වෙන්න ළං වෙලා රිද්දගන්න මට ඕනේ නෑ

"පොඩි බබා"

මාව ගැස්සුනා

"කොහෙද ගියේ? කවුද ඒ ආවෙ?"

හුටා මෙයා දැකලද

"මේ පරණ ශොප් එක ලගට ගියා"

ඔය ආවේ ටොම් පචයක්

"මන් ඒත් බැලුවා එක පාරට කොහෙ ගියාද කියලා.. අන්න ලොකු සර් එනවලු අද රෑට"

"අහ් ඔව් අයියා කිව්වා"

මන් ආවා කාමරේට

මුකුත්ම කරන්න හිතක් නෑ
මොන කරුමයක්ද

තාත්තා ඇවිල්ලා දවස් තුනකට නුවරඑළි යනවලු
මටත් එන්න කිව්වා..
මුලින් නොයා ඉන්න හිතුනත් දැන් නම් යන්න හිතයි මට
.
.
.
.
.
.
තාත්තා ආවා
මන් ඉතින් හා කිව්වා යන්න
කොහොමත් ටික දවසකට ගිහින් එන එක හොදයි වගේ

කාලා බීලා ඇදුම් ටික දාගන්න කාමරේට ආවා

"දවස් තුනකට නිසා වැඩිපුර ඇදුම් ටිකක් ඕනේ වෙයි"

තනියම කියවනවා
ඒකත් එක්තරා ආතල් එකක්

කෝල් එකක්

බැලුවා

දන්නේ නැති නම්බර් එකක්

අර යකා වෙන්න ඇති

මන් ආයේ ඇදුම් ටික ලෑස්ති කරගන්න ගියා

ආයේ රින්ග් වෙනවා

"මොන ලබ්බක්ද මේ"

ඒ ජිමින් අයියා

"හෙලෝ ජිමි...

"උබයි අරුයි රණ්ඩු වුනාද?"

"අපි අතරේ අෆෙයාර් එකක් නෑ අයියේ"

"ගොන් ජෝක් එපා මල්ලී"

"කවුද ගොන් ජෝක් කලේ?"

"අන්න අරහේ අරූ මරාගන්නවලු"

"මොකක්?"

"ඔව් ගෙදර අය එක්ක.. මට නිචී කතා කලා"

ඔය... ආයේ එයා..

"නිචී එක්ක මගුල කරන්න බෑ කියලා මරාගන්නවලු.. නිචී අහනවා ඇයි ජංකුක් එහෙම හැසිරෙන්නෙ කියලා"

"ඉතින් ඇයි එයා එහෙම හැසිරෙන්නෙ?"

"බබෙක් වෙන්න එපා.. ඌ උබටයි ආදරේ"

"අනේ අයියේ මේ..."

"මන් එන්නම් උබව ගන්න"

"මොකක්?"

"ඌ රණ්ඩු වෙනවලු ගෙදර.. දැන් අපේ ගෙවල් පැත්තේ ආවා කියලා නිචී කිව්වා"

"ඉතින්?"

"පොඩ්ඩක් ඌ එක්ක කතා කරපන්කෝ"

"මන් අද එයා එක්ක කතා කලා.. අපි මේක නැවැත්තුවා"

"ඌ පව් ඕයි.."

"මන්? මන් පව් නැද්ද?"

"මන් එන්නද?"

"එපා.. අයියත් ඉන්නවා.. තාත්තත් ගෙදර.. අනික මන් හෙට පාන්දර නුවරඑලි යනවා"

"ඒ ඇයි?"

"නිකන්.. හිත නිදහස් කරගන්න"

"හරි මන් තිබ්බා"

මොකක්ද ඒ වුනේ? එක පාරටම තිබ්බනේ

මන් බලන් හිටියා ආයේ කෝල් එකක් ගනී කියලා

ඒත් නෑ..

බැලුවා වෙලාව රෑ හතයි

මේ වෙලාවට මන් අයියට මොක කියලා යන්නද?

මන් දාගත්ත ඇදුම් ටික එක්ක බෑග් එක වහලා කණ්ණාඩි මේසෙ ළගින් තිබ්බා

එහෙම්ම අත් දෙකත් දෙපැත්තට දාලා ඇදට වැටුනා

ඔහේ සිවිලිම දිහා බලන් හිටියා

ආයේ ෆෝන් එක රින්ග් වෙනවා

මන් ක්ශනිකව බැලුවා

ශේන්... අපෝ මේ යකාගෙන් තියන වදේ

"හෙලෝ"

"නිදිද?"

"නිදි නම් කතා කරන්නේ කවුද?"

"කොල්ලා සැරයි නේ?"

"ඇයි අයියේ ගත්තේ?"

"මතක් වුනා ඔයාව"

"මාව?"

"හ්ම් ඔව්ව්.. මන් ඔයාට ආදරෙයි කිව්වෙ ඇත්තටමයි"

"මන් ආදරේ නෑ අයියේ.. ප්ලීස් මන් කියන දේ....

"ඒ ජංකුක් නිසාද?"

"නෑ.. එහෙම දෙයක්...

"මන් දන්නවා මල්ලී.. උබ ඌට ලව්.. එක්කො උබලා දෙන්න යාලුයි"

"මොනාද කියවන්නේ?"

"කියවන්නේ ඇත්ත.. මන් බබෙක් නෙමෙයි මල්ලී.. ඌ එක්කද යාලු?"

"අනේ මේ විකාර කියවන්න එපා.. මන් තියනවා"

"උබ ඌ එක්ක නම් යාලු මන් අනතුරු අගවනවා"

"ඒ කිව්වේ?"

"ඌ උබට බොරු කරන්නේ.."

"මන් තියනවා"

"හරි තියපන්.. ඒත් මන් කිව්වේ මොකක්ද කියලා තේරෙයි"

"විකාර"

"ඌගේ යාලුවා ජූන් වෙලා උබ ජූන්ගේ මල්ලී උනා කියලා ඌ හිතේ තියන තරහවල් අමතක නොකර ඉන්නේ නෑ"

"මොකක්ද ඒ කතාව?"

"ඒ කතාව දැනගන්න ඕනේද?"

"මොකක්ද තරහා?"

"හෙට කැම්පස් වරෙන්.."

"මන් එන්නෙ නෑ"

"උබේ කැමැත්තක්.. ආවොත් මට මැසේජ් එකක් දාපන්"

"මන් තියනවා"

මන් තිබ්බා ෆෝන් එක

මොකක්ද ඒ කතාව?
තරහා??

ඒත් එහෙම මුකුත් නෑනේ

මන් ඇදේ වාඩිවෙලා කල්පනා කර කර හිටියා

එතකොටම ජනේලෙට කවුද ගහන සද්දයක් ඇහුනා









plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top