25

ඉතින් ආන්සර් කලා

"කියන්න"

"මොකෝ වුනේ?"

"ඔයා දෙයක් කියද්දි ඇයි අනිත් කෙනාට හිතෙන්නෙ මොකක්ද කියලා හිතන්නේ නැත්තේ?"

"ඇයි දැන් මොකද උනේ?"

"නෑ නෑ"

"කියන්නකෝ"

"මුකුත් නෑ"

"හරි හරි සොරි"

"හ්ම්ම්ම්"

"කෝ මගේ කොල්ලා මොකද කරන්නේ?"

"ඔයාගේ ආදරේ දෙනකන් බලන් ඉන්නවා"

"ඉතින් මන් දෙන්නේ"

"කාටද? මට නම් දෙන්නෙ නෑ"

"එහෙමද?"

"හ්ම්ම්ම්"

"හ්ම්ම්ම්"

"ජංකුක්"

"කියන්න"

"මට පාලුයි"

"ඇයි ඒ?"

"අනිද්දා එනවද?"

"නැතුව.."

"බලන් ඉන්නවා මන්"

"මන් එන්නම් උදේම.. හරිද?"

"හා.. මේ ඒක නමෙයි, ඔයා අර කොල්ලගේ ප්‍රශ්නවලට පැටලෙන්න එපා.. අපේ අයියට ටිකක් සැක හිතිලා"

"මටත් ඒක තේරුනා.. බලමුකො.. ඉවසන්නම්, ඒත් ඉතින් ඉවසන්නත් බෑනේ හැමවෙලේම"

"නෑ ඉවසන්න.. ඌට මාව බලෙන් යාලුකරගන්න බෑනේ"

"හරි බලමුකො"

රෑ දහයත් පහු වෙනකන් කියෝ කියෝ හිටියා

එහෙම්ම මට නින්දත් ගිහින්
උදේ ඇහැරෙද්දි ෆෝන් එක කන ළග

මූණත් හෝදගෙන පහලට එද්දී ගෙදර බලු බල්ලෙක් නෑ

"ලිලී ඇන්ටි..."

ඇන්ටි කුස්සියේ ඉදන් දුවගෙන ආවා

"කෝ අයියලා"

"ලොකු බබා උදේම ගියා"

"කොහෙද?"

"කිව්වෙ නෑ බබා"

ගත්තා අයියට කෝල් එකක්

"කියන්න මල්ලී"

"කොහෙද ඕයි ගියේ මහ පාන්දර?"

"මේ අපි පොඩි ෆෙස්ටිවල් එකකට ආව බන්"

"කොහෙද? ඇයි මාව දාලා ගියේ?"

"නිකන් ඉතින්... මේ පෝට් සිටි එකේ බන්"

"කවුද තව ගියේ?"

"අපි සෙට් එක බන්.. ජිමිනයි මායි යුංගියයි ජංකුකුයි"

මොකක්? එයත් ගිහින්

"හරි හරි"

මන් තිබ්බා ෆෝන් එක

ඔව් ඉතින් එයාලගේ සෙට් එකේ නෙමෙයිනේ මන්
ඒත් හිතට අවුල්

මන් වත්ත පැත්තට ගියා

පැය දෙක තුන වෙලාව ගෙවිලා ගියා

දොලහත් පහු

නිකමට හිතිලා මන් ගත්තා ජංකුක්ට කෝල් එකක්

"කියන්න"

"අයියා ලගද?"

"හ්ම්ම්ම්"

"ඇයි මාව දාලා ගියේ?"

"පස්සෙ කතා කරමු"

"බෑ දැන් කියන්න"

"දැන් බෑ කතා කරන්න"

එතකොටම මට කෙල්ලෙක්ගේ කටහඩ ඇහුනා
ඔව් ඒ කෙල්ලෙක්
එයා ජංකුක්ට කතා කලේ

"ජංකුක් අයියේ... යමුකෝ"

"කවුද ඒ?"

එතකොටම ෆෝන් එක කට් වුනා

ගත්තා ජිමින් අයියට

"කියපන් මල්ලී"

"ජංකුක් එක්ක කවුද ඔතන ඉන්න කෙල්ල?"

"මොකක්?"

"බොරු කියන්න එපා අයියේ මට කියන්න ඒ කවුද?"

"මේ අහපන්කෝ...

"කවුද ඒ? නිචීද?"

"මේ අහ....

"එයා නේද?"

"ඔව් ඔව් එයා"

මන් තිබ්බා ෆෝන් එක
කෙලින්ම ගියේ ජංකුක්ගේ ඉන්බොක්ස් එකට
මාව වෙව්ලනවා
එයාලා ඔක්කොම දන්නවා

ඩිලීට් කලා එයාගේ නම්බර් එක
ඊට කලින් දැම්මා මැසේජ් එකක්

"මන් ඔයාව විශ්වාස කලා අයියේ"

ෆෝන් එකත් ඕෆ් කරලා මන් කාමරේට ආවා

මට ඕනේ නෑ නිදහසට කරුනු අහන්න
එයා මට බොරු කලා
එච්චරයි
කදුලු බේරෙද්දී මන් කොට්ටෙට මූණ ඔබා ගත්තා

මට මතක් වුනේ රට ඉදපු කාලේ

ඔහේ ගෙවුන ඒ කාලේ මරු

හොබියත් එනෝ කිව්වට වැඩ වගයක් නිසා එන එක කල් ගියා
ඌවත් හිටිය නම් මට මේ ප්‍රශ්නේ කතා කරන්න තිබ්බා
දැන් මට එහෙම කෙනෙක් නෑ
ඉතින් බිත්ති හතරට දුක කිය කිය ඇඩුවා

අඩලා අඩලා ඇස් දෙකත් ඉදිමිලා
වෙලාව බලද්දී පහට පහයි

පහලින් අයියලා ආව සද්දේ ඇහුනා

මන් කාමරේ ලොක් කලා

මට කාවවත් ඕනේ නෑ

"මල්ලී...."

අයියා... නෑ මට එයා එක්ක කතා කරන්නත් මූඩ් එකක් නෑ

"මල්ලී මොකෝ උබට උනේ? උබ ඇඩුවා කියන්නේ මොකද අහ්?"

ලිලී ඇන්ටි කේලම කියලා
අයියෝ

"මගේ... ඔලුව කැක්කුමයි"

මන් දොර අරින්නෙ නැතුවම කිව්වා

"හරි ඇරපන්කෝ දොර"

"මට බෑ.. මට ඉන්න දෙන්න පාඩුවේ"

ඕනේ එකක් හිතාගත්තාවේ

එලියෙන් සද්දේ

"මොකෝ මල්ලී දොර අරින්නෙ නැද්ද?"

ඒ ජිමින් අයියා

"මල්ලී මොකෝ බන්?"

ඒ යුංගි අයියා

ඒත් කෝ ජංකුක්
අර කෙල්ලව බස්සන්න යන්න ඇති

දොර ලග ඉදන් අර තුන් දෙනා දොරට ගහනවා

මන් ඇරියා දොර

"මොකද අප්පා?"

"මොකද උබ අඩන්නේ?"

"මගේ ඔලුව කැක්කුම ගත්තා අප්පා"

"අඩන්න තරම්"

"ඔව් ඕයි"

"උබලා පලයන්.. මන් මල්ලී එක්ක කයියක් දාන් ඉදලා එන්නම්"

ජිමින් අයියා දන්නවා හේතුව
අයියලව යවලා එයා මාවත් ඇදන් කාමරේට ආවා

"මල්ලී ජං...

"එයා ගැන කතා කරන්න එපා"

මන් පටන් ගන්න කලින්ම කිව්වා

"අහපන්කො"

"මොනාද? උගේ හොර ගෑනි එක්ක මගුල් නටන විස්තරද?"

"මල්ලී..."

"අහ් මට වැරදුනා එයා නෙමෙයි හොර එක මන් නේ.. මට මේ උගේ හොර එක වෙන්න ඕනේ නෑ.. මට එපා ඌව"

"ඌගේ හොර හරි මොක හරි උබ විතරයි"

"අනෙ ප්ලීස් අයියේ මට ඉන්න දීලා යන්නකෝ"

"අඩන්න එපා බන්.. ඌ දැනගත්තොත්...

"අනේ ඌ මොනා දැනගන්නද? අර ගෑනි එක්ක යන්න ඇතිනේ"

මන් මොනාද කියන්නේ කියලවත් මට තේරුනේ නෑ
මාව වෙව්ලනවා කේන්තියටයි දුකටයි

ජිමින් අයියගේ ෆෝන් එක රින්ග් වෙනවා

"කියපන් ජංකුක්"

"..............."

"මල්ලී මේ මූට කතා කරන්න ඕනේලු"

"මොනාද? මන් ඌව බ්ලොක් කලේ මට ඕනේ නැති නිසා. අද නටා ගත්ත එක එක්කම ඉන්න කියන්න.."

මන් අඩ අඩම කියලා දැම්මා

මොන හේතුවකට උනත් එයා මට මේ කරන්නේ ලොකු බොරුවක්

"මන් උබට පස්සෙ ගන්නම්"

තිබ්බා ජිමින් අයියා ෆෝන් එක

"මන් යනවා.. අරුන් බලයි නැත්තම්"

ජිමින් අයියා ගියා
මන් ආයේ තනිවුනා

ආයේ කාමරේ දොරත් වහගෙන මන් ඇදට ආවා..

හෙට යන්නේ නෑ කැම්පස්

උදේ නැගිට්ටා
වෙලාව හතයි
අද යන්නෙ නෑනේ
මන් ආයේ ඇස් දෙක පියාගත්තා

එතකොටම අයියා

"උබ කැම්පස් යන්නෙ නැද්ද?"

"මගේ ඔලුව කැක්කුමයි.. අද ඉන්නවා"

ඉතින් එයා ගියා
මන් ආයේ නිදාගත්තා

නැගිටිද්දි දහයයි

ෆෝන් එක මතක් වුනේ එතකොට

ඔන් කලා

කෝල් ගොඩයි

දන්නෙ නැති නම්බර්ස්වලිනුත් කෝල්

මට ඕනේ වුනේ හිත ටිකක් නිදහස් කරගන්න
ඉතින් මතක් වුනේ හොබියව

ගත්තා කෝල් එකක්

"ගුඩ් මෝනින් ටේ කොල්ලෝ"

"මෝනින් බන්"

"මොකෝ ඕයි?"

"උබ ෆ්‍රීද?"

"ඔව් ඇයි බන්?"

"මන් උබට දෙයක් කියන්නද?"

"මොකක්ද"

"මන් කොල්ලෙක් එක්ක සෙට් වුනා"

"අඩෝ සිරා?"

"හ්ම් ඒත් ඌ මට බොරු කලා?"

"උබට? වෙන්න බෑ"

"ඔව් එයා කලා.. මට... මට මාර අවුල් බන්.. මට ඌවත් මරන් මැරෙන්න හිතෙනවා"

"මොංගල්ද ඕයි? ඌට එපා නම් උබටත් එපා කියලා හිටපන්"

"බෑ බන්.. එයාට මන් ගොඩක් ආදරෙයි"

"ඒත් ඌට උබව එපා නම්?"

"ඇයි බන් මටම මෙහෙම වෙන්නේ? ඇයි බන් කවුරුත් මට ආදරේ නැත්තේ? තාත්තා පොඩි කාලේ ඉදන් ආදරේ කලේ නෑ බන්"

"උබට ආදරේ උන්ව හොයාගනින් මුලින්"

"මන් කොහොමද බන් ඒක කරන්නේ? එයා... එයා මට ආදරෙයි කිව්වා.. මගේ පස්සෙන් ආවා.. මගේ... උකුලේ නිදත් ගත්තා"

මන් හිතේ තිබ්බ හැමදේම කිව්වා
අඩ අඩ

"උබ අඩනවද බන්? මේ පිස්සුද යකෝ? අහපන්කෝ උබට ඌට වඩා හොද එකෙක් සෙට් වෙයි.. අනික ආදරෙයි කියන හැමෝම ආදරේ කරන්නේ නෑ"

"හ්ම්ම්ම්"

"හ්ම්ම් නෙමෙයි.. උබට අවුල් ඕනේ වෙලාවක මට කතා කරපන්"

"හරි බන් තැන්කිව්"

"මට ඕනේ වෙලේක ගනින් අවුලක් නම් හරිද?"

"හරි බන්.. එහෙනම් මන් තියනවා"

පොඩි සැහැල්ලුවක්

ඇදෙන් බැහැලා නාගන්න යන්න හැදුවේ

ඒත්...
එයාගේ ටවල් එක
ඒක අත් අතරට හිර කරගත්තා
එයා මාව රැවැට්ටුවද
නැත්තම් ඇයි ඊයේ මාව දාලා අර කෙල්ල එක්ක ගියේ

ගැහුවා පොලේ ඒක

නාගෙන වතුර බේරි බේරි හිටියත් මන් මේ මගුලෙන් නම් පිහදාන්නේ නෑ නෑ නෑමයි

බඩත් ගොර ගොර ගානවා

යකෝ එකොලහටත් ලගයි
තාම මන් උදේට කාලත් නෑ
අල්මාරියෙන් අලුත් ටවල් එකක් අරන් නාගත්තා

කොට කලිසමකුයි ටී ශර්ට් එකකුයි ගහගෙන පහලට ආවා

ලිලී ඇන්ටි ජූස් එකයි පානුයි ලගටම ගෙනල්ලා දුන්නා
ගිල්ලා විනාඩි පහට
ඒ තරම් බඩගින්න
ඊයේ රෑට කෑවෙත් නෑනේ

කාලා ආයේ කමරේට
ෆෝන් එක වදිනවා

මිස් කෝල් පහයි

මේ මොකාද මේ??

ආයේ ගන්නවා

"හෙලෝ කවුද මේ?"

"මන් ශේන්"

මොකක්? මන් ආයේත් බැලුවා ෆෝන් එක දිහා

"නම්බර් එක කොහොම හරි හොයාගත්තා.. අද ආවේ නැත්තේ ඇයි?"

හ්ම්ම් එයා හොයනවා මන් ගැන

"නිකන්"

"හෙට එනවද?"

"බලන්න ඕනේ"

"එන්න"

"මන් තියනවා"

තිබ්බා මන් ෆෝන් එක

ඒ එක්කම ආයේ

මේ යකා මගෙන් අහගන්නයි යන්නේ

ගත්තා කෝල් එක

"මේ ශේන් මන් හෙට එන නොඑන එක මගේ වැඩක්.. මට ආයේ කෝල් කරන්න එපා"

"ශේන්? ඌ කතා කලාද?"

මොකක්? ජංකුක්
මන් බැලුවේ නම්බරේ දිහා
අලුත් එකක්

"ඔව් ඇයි?"

"මොනාද ඌ කිව්වේ?"

"ඔයාට ඇයි මන් ඒවා කියන්න ඕනේ?"

"මල්ලී මේ පණ්ඩිත....

"මගේ පණ්ඩිතකම මන් බලාගන්නම්.. තමුසේ තමුසෙගේ ගෑනිගේ දේවල් ගැන් හොයනවකෝ"

"මොනාද කියන්නේ අහ්?"

"ඇයි කනේ වංගුද? මේ හලෝ තමුසේ කරන වැඩේ නොතේරෙන්න මන් බබෙක් නෙමෙයි.. මන් තමුසෙට වයිර කරනවා ජංකුක්.."

තිබ්බා ඒ මලදානෙත්

මොන විකාරයක්ද
අමාරුවෙන් හිත පොඩ්ඩක් හදාගත්තා විතරයි

ආයේ ඕෆ් කලා ෆෝන් එක

කරන්න දෙයකුත් නෑ
සින්දුවක් දාන් ඇදෙන් හාන්සි වුනා

[There should be a GIF or video here. Update the app now to see it.]






හායි ගායිස්
ඊලග එකෙන් සෙට් වෙමු

Vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top