21
යද්දී තාත්තගේ කාර් එකත් වත්තේ
තාත්තා ඇවිල්ලද?
හිනාවීගෙන ඇතුලට ගියා
"කොහෙද ගියේ පොඩි පුතා?"
"මේ.. මේ පරණ ශොප් එකට"
"හ්ම් කොහොමද කැම්පස් එක?"
"හොදයි තාත්තේ.. ඔයා කීයටද ආවේ?"
"දවල් ආවේ"
අයියත් නාගෙනද කොහෙද ඔලුවත් ගස ගස එනවා
"ලොකු පුතා මොකෝ ජංකුක්ගේ ප්රශ්නේ?"
මොන ප්රශ්නයක්ද? මන් දන්නෙ නෑනේ
"අහ් එදා ගහගත්ත එකද තාත්තේ?"
"ඔව්"
ඒකද? මන් බැලුවා මොකක්ද කියලා...
"හරි හරි ඒක.. ඌට පිස්සු"
"වැඩිය පැටලෙන්න යන්න එපා පුතා.. ජංකුක්ලගේ පවුලේ අය ගැන දන්නවනේ.. අනික ජංකුක් උනත් නාහෙට අහන්නෙ නෑනේ"
සහතික ඇත්ත
ඒත් ඔයාගේ අනාගත බෑනා ගැන ඔහොම වැරදි කියන්න එපා තාත්තේ
මන් අයියගෙයි තාත්තගෙයි කතාවට බාධා නොකරම කාමරේට ආවා..
බෑග් එක මේසේ උඩින් තියලා පුටුව ඇදලා වාඩිවුනා
ගත්තා ෆෝන් එක අතට
"මන් ගෙදර ආවා"
දාන්න කිව්වනෙ මැසේජ් එකක්
දැම්මා
"හා හා"
මූ ෆෝන් එක නළලේ ගහගෙනද කොහෙද ඉන්නේ
කොයි වෙලේ මැසේජ් කෝල් කලත් ක්ශනික උත්තර
ෆෝන් එක චාජරේට ගහලා මන් වොශ් එකක් දාගන්න ගියා
අද දවසත් ගෙවුනා
හැබැයි වෙනදට වඩා වෙනස් විදිහට
ජංකුක් දැන් මගේ බෝයිෆ්රෙන්ඩ්
මන් එයාගේ බෝයිෆ්රෙන්ඩ්
.
.
.
.
.
අද මන් අයියා එක්ක කලින්ම කැම්පස් එකට ආවා
කලින් කිව්වේ අටයි කාලට වගේ
පුදුමේ ඒ වෙද්දිත් ජංකුක් ඇවිල්ලා
"ඕයි මොකද මූ මේ උදේම රිංගලා මේකට?"
අපේ අයියා ගේට් එක ළග ඉදන්ම කෑගහනවා
"මාත් මේ තාම හිතනවා බන් ඒක"
යුංගි අයියත් අපේ අයියට එකතු වුනා
ඒත් ජිමින් අයියට හිනා
මන් හිතන්නෙ එයා දන්නවා හේතුව
මන් මුකුත් නොවුන ගාණට හිටියා
මාව දැක්ක ගමන් පොර ඇහැක් නම් ගැහුවා අයියට හොරෙන්
"මන් යනවා අයියේ.."
මන් අයියලට යනවා කියාගෙන එන්නයි ලෑස්තිවුනේ
"මල්ලී පොඩ්ඩක් හිටපන් මාත් එනවා"
ඊ මේ ගොන් නාම්බා කොහේ එන්නද
අයියට මාට්ටු කරන්නද යකෝ ඕනේ
මන් හැරුනා
"උබ මොකද පොඩි උන්ගේ හෝල් පැත්තේ යන්නේ?"
අයියා අහපි
"මේ.. පොඩ්ඩක් හිටපන්කෝ.. මාත් දැන් බදින වයසෙ ඉන්නේ"
"පලයන් පලයන් මනමාලයා"
අපේ අයියත් යුංගි අයියලා වාඩිවෙලා හිටිය කණ්ඩියෙන් වාඩිවෙද්දී ජංකුක් මාත් එන්න අපේ හෝල් පැත්තට ආවා
මගක් ආවම මන් හැරිලා බැලුවා අයියලා එනෝද කියලා
නෑ
"පිස්සුද ඔයාට?"
"නෑ ඇයි?"
"අයියට සැක හිතෙයි"
"මෙන්න මෙහෙ එනවා වාතෙ"
ඒ ගමන් මගේ අතිනුත් ඇදගෙන යනවා
කොහේ යනවද මේ හොල්මන
ටික දුරක් ගියාම අපි නැවතුනේ පාලුවට ගිය කාමරයක් ඉස්සරහා
ඒකේ ගහලා තිබ්බේ යූනියන් රූම් කියලා
"මොකද මෙතනට ආවෙ?"
මුකුත් නොකියා මාවත් ඇදගෙන ඇතුලට ගියා
අපෝ පුස් පාටයි
කල්පෙකින් මනුස්සයෙන් ඇවිල්ල නැද්ද කොහෙද
මාවත් වාඩි කරගෙන එතන තිබ්බ බංකුවෙන් එයත් වාඩිවුනා
"මෝඩයා ජරාව මෙතන"
කටේ පිට්ටුද කොහෙද මුකුත් කියන්නෙ නෑ
"මට දොයි මතයි"
මොකක්?
එයා... එයා මගේ උකුල උඩ ඔලුව තියාගත්තා
"තමුසේ ඔය කට පැය භාගෙකට වහ ගත්තෙ නැත්තම් අම්මපා බලෙන්ම කිස් කරනවා"
මන් වෙලාව බැලුවා
අටා මාරයි
හරි ලෙක්චර්ස්වලට තව පැය භාගයක් තියනවා
මාත් කට පියන් හිටියා
එයා මගේ උකුල උඩ නිදි
දිග ඇහි පිහාටු පිය වෙලා
ටිකක් දාඩිය දාලා
තොල් දෙක රෝස පාටයි
මෙච්චර ළගට දැක්කමද මන්දා
මාත් එයා නිදි අතරේ එයාගේ ලස්සන බල බල හිටියා
කොහෙ පැය භාගෙද
විනාඩි දහයෙන් ඇස් ඇරියා
"මොනාද බලන්නේ?"
"මුකුත් නෑ"
"මෙහෙම හොරෙන් තමා හම්බෙන්න වෙන්නේ කාලයක් යනකන්"
"මෙතනට කවුරුත් එන්නෙ නැද්ද?"
"නෑ.. අලුතෙන් යූනියන් රූම් එකක් හැදුවා.. මේක පාවිච්චි වෙන්නෙ නෑ"
"හ්ම්ම් ඒත් කවද වෙනකන් හැංගි හැංගි...
"මට දැන් උනත් කියන්න පුලුවන් ටේහ්යුන්ග්.. ඒත් මට ඕනේ නෑ පටන් ගත්ත ගමන් ප්රශ්න දාගන්න"
"අපේ අයියගෙන්ද?"
"හ්ම්ම් ජූන් උනත් එක පාර පිලිගන්න එකක් නෑ"
"හ්ම්ම් ඔව්ව්.. අපි ටිකක් බලමු නේ"
"ඔව් අපි පොඩ්ඩක් ඉවසමුකො"
"අහ් මේ ඒක නෙමෙයි.. මොකෝ අද කලින්ම? අනික මොකක්ද අර බදින වයසක් ගැන කිව්වේ?"
"කලින් ආවේ තමුසෙ නිසා.. උදේම බලන්න"
"බදින කතාව?"
"දැන් ජූන්ලා හිතයි මන් උබලගේ හෝල් එකේ එකෙක්ට පැණි හලනවා කියලා.. මට එන්න ලේසී තමුසෙව බලන්න"
"ටිකක් ආදරෙන් කතා කරනවකෝ"
මන් අහක බලාගත්තා
තමුසේ උබ බන් බොලන්.. මොනාද මේ
"කොහොමද ඒ? කියලා දෙනවකෝ"
"අනේ මේ එන්න එපා හුරතල් වෙන්න මෝඩයා"
.
.
.
.
.
.
"ජංකුක්...."
"ඕ"
"යමුද?"
බැලුවා ඔරලෝසුව දිහා
"තව විනාඩි පහක් තියනවා"
"මෝඩයා"
"තමුසේ එක්ක... අහ් නෑ නෑ ඔයා එක්ක ඉන්න තියෙන්නේ මේ වෙලාවේ විතරනේ ටේහ්යුන්ග්"
"හරි හරි"
ඉතින් එච්චරයි
එහෙම කියද්දී මට ලැජ්ජයි
මන් එයාගේ ඔලුව අතගෑවා
එයා ඇස් පියන් හිනාවෙනවා
තවත් විනාඩි දෙක තුනක් යද්දී පොර නැගිට්ටා
"යමන්"
ඔය.. මේ භාශාව නම් හරියන්නේ නෑ
"ඔයා යන්න මුලින්"
"ඒ ඇයි?"
"අයියා හිටියොත් කුක්?"
මොකක්? කුක්???
"මොකක්?? කුක්??"
"මේ... නිකන් කියවුනේ ඕයි. අහකට යනවා මට පරක්කුයි"
මන් අතත් ගසාගෙන එලියට ආවා
පේන තෙක් මානේ බල්ලෙක්වත් නෑ
අඩිය ඉක්මන් කරලා මන් හෝල් එක පැත්තට ගියා
යද්දී නිකී ඇවිල්ලා
මට අත වනනවා
මාත් දුවලා ඌ ළගට ගියා
"මොකෝ අද පරක්කු? මන් දැක්කා අයියා කැන්ටිම පැත්තේ ඉන්නවා"
හුටා...
"මන් අද පරක්කු උනා බන්..."
ලෙක්චර්ස් ඉවර වෙද්දී දොලහත් පහු
කෙලින්ම කැන්ටිමට
"ටේහ්යුන්ග්....
අපේ අයියා
මන් බැලුවා
"අද ලෙක්චර්ස් නැද්ද?"
මන් ඇහුවේ එන එන වෙලාවට මුන් කැන්ටිමේනේ
"තියනවා ආයේ එකට.. වාඩිවෙයන්"
මායි නිකී වාඩිවුනා
මන් ගිහින් අපි දෙන්නටම බනිස් ඩබලයි කිරි පැකට් දෙකකුයි උස්සන් ආවා..
ජංකුකුත් කනවා
"මේ බන්...."
කවුදෝ කොල්ලෙක් අපේ අයියගේ බෙල්ල වටේ අතක් දාගන්න ගමන් කතා කලා
ඔක්කොගෙම අවදානේ තිබ්බෙ එතන
කැම්පස් එකේ ඔක්කොගෙම
අහ්හ් මේ අර එදා හිටිය කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක්
"ශේන්...."
අපේ අයියත් නැගිට්ටා
අයියා විතරක් නම් මදැයි
ජිමින් අයියත් නැගිට්ටා
යුංගී අයියයි අර හෝතම්බුවයි ඔක්කොම නැගිට්ටා
"මොකද ශේන් අවුල?? පැටලෙන්නද ඕනේ?"
යුංගි අයියා පටන් ගත්තා
ඒ කියන්නේ වලියක්
"නෑ... ප්ලීස් බන් මන් ආවේ හොදින්.. පැටලෙන්න ඕනේ මට උබ එක්ක.. ඒත් තරහෙන් නෙමෙයි"
කියන ගමන් අයියට ඇගිල්ල දික් කලා
ඒ මොකක්ද යකෝ ඒ කතාව
මුලු කැන්ටිමම බලාගෙන
මායි නිකී බනිස් ගෙඩි දෙකත් කකා ෆිල්ම් එකක් බලනවා වගේ බලන් හිටියා
"මොකක්ද වෙන්න ඕනේ ශේන්?"
"ජූන් මෙන්න මෙයාට මන් කැමති"
කියලා මෙන්න මූ මට ඇගිල්ල දික් කලා
යකෝ ඉස්මොල්ලෙත් යනවා තව ඩිංගෙන්
මට ක්ශනිකව හැරුනේ ජංකුක්ගේ පැත්ත
"මොකක්ද උබ කියන්නේ ශේන්?"
"මන් උබේ මල්ලිට කැමති.. මන් දන්නවා අපි අතරේ වලි ඕනේ තරම් තිබ්බා.. ඒත් මන් මේ දේ අහන්නේ බොක්කෙන්.. මන් මූව දැක්කේ පලවෙනි දවසෙමයි.. මන් ආදරෙයි මූට"
පොඩ්ඩක් ඉන්නවා
මන් එතකොට මොකාද
අනික තෝ මට කැමති නම් ඒක මට කියපන්කෝ අයියට කියන්නේ
"ඔව් අපි අතරේ ප්රශ්න ගොඩක් උනා.. ඒත් ඒවා දැන් නෑ.. ඒ මොනා වුනත් මගේ මල්ලී උබට දෙන්නෙ නෑ"
මට පුදුම අර යකා කට පියන් ඉන්න එක
පොඩ්ඩ ඇත්ත නම් නගිනවනේ යකා
ඔක්කොම අහගෙන ඉන්නවා
"ඒත් ඌ මට ලව් නම්?"
"මල්ලී උබ මූට ලව් ද?"
ඊයා මේ මොන ජවුසමක්ද??
"නෑ..."
මන් නිකීවත් ඇදගෙන කැන්ටින් එකෙන් එලියට ආවා..
මොනා වුනාද දන්නේ නෑ ඊට පස්සෙ
අර යකාගෙන් රෑට අහගන්නවා
ආයේ තුන වෙනකන් ලෙක්චර්ස්
තුනට අද ගාණට ඉවර කලා
"නිකී මන් යනවා"
"මන් එන්නද කාර් පාර්ක් එකට බස්සන්න?"
"ඒ ඇයි?"
"ඇයි උබ අහලා නැද්ද අර ශේන් කියන එකා ගැන?"
"ඇයි මොනාද?"
"ඌ ඔය ඇවිල්ලා තියෙන්නෙ සස්පෙන් කරලා ඉදලා.. මාර වසවර්තියෙක් බන්.. පරිස්සමෙන් උබත්"
අනේ මගේ වසවර්තියා එක්ක ඌට හැප්පෙන්න බෑ...
"හරි හරි බන්.. මන් කැපුනා"
ඌටත් සමුදීලා කාර් පාර්ක් එක ලගට එද්දී අයියලා ඉන්නවා..
"මන් ආවෝ"
"යමුද?"
"යමන්"
මායි අයියයි ජිමින් අයියලට සමුදීලා කාර් එකට නැග්ගා..
ජංකුක් ඇහැකුත් ගහගෙන බයික් එකට
කාර් එකේ එද්දී අයියගෙන් අර කොල්ලා ගැන අහන්න හිටියේ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා
"අයියේ?"
"ඕ"
"කවුද අර කොල්ලා?"
"කවුද?"
"අර ශේන් කියන එකා? මොනාද ඌ එක්ක තිබ්බ වලි??"
plz vote and comment
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top