20

එන ගමන් ගත්තා ෆෝන් එක අතට
ගත්තා ජංකුක්ට කෝල් එකක්

"කියන්න"

"හවසට මට කතා කරන්න ඕනේ"

"අහ්හ්හ්?"

"අයියා ඉන්නවද ඔතන?"

"හ්ම්ම්ම්"

"මන් අයියට කියන්නම් මට හවස පරණ ශොප් එකට යන්න ඕනේ කියලා.. මන් එතනට එන්නම්, ඔයා එතනට එන්න"

"හරි"

තිබ්බා ෆෝන් එක
ගත්තා අයියට කෝල් එකක්

"කියන්න මල්ලී"

"අයියේ මන් හවස පරණ ශොප් එකට යනවා.. ඔයා ගෙදර යන්න"

"මන් බස්සන්නද?"

"නෑ මන් යන්නම්.. නැත්තම් වටයක් නේ"

"හරි හරි"

තිබ්බා ෆෝන් එක
වැඩේ හරි

නිකී හෝල් එකට යනකන් ඉදලා කෝල් කලේ පොර මොන වගේද කියලා තාම මන් දන්නේ නැති නිසා

තුනයි කාලයි ලෙක්චර් එක ඉවර වෙද්දී

මන් බෑග් එකත් අරන් දුවන්න හැදුවේ

"යන්නද?"

"ඔව්ව් නිකී.. හෙට වරෙන්.. මට පොඩි වැඩක්"

තව මුකුත් කියන්න නොදී මන් එලියට පැන්නා

අයියා පේන මානේ නෑ

ඌබර් එකක් දාන් කෙලින්ම ගියේ පරණ ශොප් එක ළගට

යද්දී මන් දැක්කා ජංකුක් ශොප් එකට එහායින් බයික් එක නවත්තන් ඉන්නවා
මන් බැහැලා දුවලා ගියා
ජේක් එහෙම ආවොත් ඉවරයි

"කෝ හෙල්මට් එක"

පොර ගැස්සුනා

මන් අතේ තිබ්බ හෙල්මට් එකත් ඇදලා අරන් බයික් එකට නැග්ගා

"යමු"

"කොහෙද?"

"මෙතන නැතුව ඕනේ තැනකට"

එයා බයික් එක ස්ටාර්ට් කලා

හැටට පාගනවා

හුලං පාරට සනීපයි

මන් හිටියේ ජංකුක්ගේ බෑග් එකෙන් අල්ලන්

පැය කාලක වගේ දුරකින් අපි නැවතුනේ ලස්සන පාරක් ලග
එතන එහා පැත්තේ පොඩි පාර්ක් එකක්
කපල් නම් ටිකක් හිටියා
ඒත් ඇයි මෙතනට ආවේ

මන් බැස්සා

"ඇයි මෙතනට?"

"ඒක තමා කොහෙද යන්න ඕනේ ඇහුවේ?"

නෑ එක්කො මෙතන හොදයි

මන් පාර්ක් එක පැත්තට ඇවිදගෙන ගියා

එයත් එනවා පස්සෙන්

ටිකක් ඇතුලට යද්දී ගහක් මුල බෙන්ච් එකක්

මන් එතනින් වාඩිවුනා

ජංකුක්ටත් ඇස්වලින් පෙන්නුවේ බෙන්ච් එකේ එහා පැත්ත

"මොකෝ?"

"මට කතා කරන්න ඕනේ"

"හ්ම්ම්ම්"

"ජංකුක්"

"කියන්න"

"ඔයා මට ආදරේ ඇත්තටමද?"

මුකුත් නොකියා එයා මගේ මූණ දිහා බලන් ඉන්නවා

"මෝඩයෙක් වෙන්න එපා ටේහ්‍යුන්ග්"

"ඇයි?"

"දැන් මන් නෑ බොරුවට කියලා කියයිද බොරුවට උනත්?"

හරි ඉතින් මට තේරෙනවා
ඒත් ඒක මන් නිකන් ඇහුවේ

"අහ් මේ ටේහ්‍යුන්ග්"

"ඇයි?"

"අර නිකීද මොකාද එකා මොකාද?"

"මගේ යාලුවා"

"වැඩිය ඕනේ නෑ.. මට ඌව අල්ලන්නෙ නෑ"

"හ්ම්ම්"

මොකක්? මන් මොකටද හ්ම්ම් කිව්වේ
මගේ වයර් ශෝට් එකක් නම් තියනවා ලොවෙත්

"ජංකුක් මට කියන්න ඕනේ වුනේ මෙච්චරයි... මන් තමුසෙට කැමති. ඒත් අර කෙල්ල එක්ක බෑ.. මන් ආස නෑ.. එයාව ගෙදරින් බදින්න බල කලොත් තමුසෙ මාව දාලා එයා ලගට යයි කියලා මට බයයි.. මන් මොකද කරන්නේ?"

එක හුස්මට කියලා දැම්මා
මොනාද මන් සිරාවටම කිව්වේ?
මන් හිටියේ අත් දෙක පටලවගෙන බිම බලන්
ලැජ්ජයි යකෝ

ලාවට හිනාවෙන සද්දයක්

මන් හෙමින් හැරුනා ජංකුක් දිහාවට

හිනාවෙනවා

මොකද ඒ?

"ඇයි?"

"මන් තමුසෙට ලව් නෑ"

"මොකක්??"

"මන් තමුසෙට ලව් නෑ ඕයි"

"එතකොට කිව්වේ?"

"ඒ ආතල් එකට"

මන් එයා දිහා බලන්
එතකොට ඒක බොරුවක්ද
මට ඇඩෙන්න වගෙ යකෝ
ඒත් නෑ
ජිමින් අයියත් කිව්වා

මන් නැගිට්ටා

"ඇයි නැගිට්ටේ"

"සොරි ජංකුක්.. මන්... මන්"

"වාඩිවෙනවා"

මට බෑ
මන් මොකටද වාඩිවෙන්නේ
ගැහුවා හෙල්මට් එකත් පොලේ
මට දුකයි
තරහයි

මන් පාර්ක් එකෙන් එලියට එන්න හැදුවේ

මාව ආපස්සට ඇදිලා ගියා

ඔව් ජංකුක් ළගට

එයාගේ පපුවේ මගේ මූණ

මන් එහෙම්ම ඔලුව පපුවට තද කරගත්තා
මොකද මට ඇඩුනා
කවදාවත් නැතුව මට ඇඩුනා

එයා මගේ පිට අතගානවා

"මන් ආදරෙයි ඕයි"

ඒත් මන් නෙමෙයි ඔලුව ඉස්සුවේ

"තමුසේ අඩනවද?"

එයා අත් දෙකෙන් මගේ මූණ ඉස්සුවා
ඔව් මන් අඩනවා
මෝඩයා හිනාවෙනවා

"මන් ජෝක් එකක් ඕයි කලේ.. තමුසෙ මොකද අඩන්නේ දැන්?"

මන් ඔලුව දෙපැත්තට වැනුවා
නෑ මන් ඇඩුවේ නෑ
මේ ඇහට ඇගිල්ල ඇනුනා කියලා කියන්නත් හිතයි

ශික් ලැජ්ජාව

"ඔච්චර ආදරෙයිද මට?"

"හ්ම්ම්"

එයා මගේ නළලට කිස් එකක් දුන්නා
මන් ඇස් දෙකත් ලොකු කරන් බැලුවා
එයා හෙන රොමෑන්ටික් වෙලා

මගේ ඇස්වලින් බේරුන කදුලු එයාගේ මහපට ඇගිල්ලෙන් හෙමින් පිහිදුවා

අතනින් වාඩිවෙනවා මුලින්ම
එයා ගත්තා පොලේ ගහපු හෙල්මට් එක

මායි එයයි දෙන්නම ඒ බෙන්ච් එකෙන් වාඩිවුනා

"දැන් අයියා දන්නවද?"

"නෑ"

"කියමුද?"

"ඔයා හිතනවද එයා කැමති වෙයි කියලා"

"හිතනවා ඒත්.... ඒත් දැන්ම නෙමෙයි"

"එයාලා අකමැති උනොත්"

"ඇයි මට අකමැති වෙන්නේ?"

මාර ඔලුව මේකගේ

"ඇයි මතක නැද්ද අපේ අයියා කිව්වේ ගගක මුහුදක දැම්මත් තමුන්ලා තුන්දෙනාට නම් මාව දෙන්නෙ නෑ කියලා"

"ඒ උනාට ඕනේ අයියා කෙනෙක් හොයන්නේ මන් වගේ කෙනෙක්"

"ඔව් ඔව්"

මොකට කියනවද

"දැන් තමුසෙගේ අර රට කොල්ලා ආවොත්"

"හරි හරි ඒක වැඩක් නෑ.."

හිනා වෙනවා ඒ ගමන
මේකා නම්

"තමුසෙගේ මාර කෙබර නේ"

"යනවා ඕයි යන්න"

"මෝඩයා"

ඒ ගමන මගේ කොණ්ඩේ අවුස්සනවා
වාතයක් මේකා නම්

"මටත් අහන්න දෙයක් තියනවා"

"මොකක්ද?"

"අර කෙල්ල"

"මොනාද දැනගන්න ඕනේ? අහන එකක් අදම අහනවා, නැත්තම් පස්සෙ කියවන්න නම් එපා"

මූ යකෝ
හිතන් ඇති මහ ඒජන්ත කියලා

"එයාව ඔයාට ගෙදරින් බලලනේ තියෙන්නේ"

"ඉතින්?"

ඉතින් අහන්නේ යකෝ

"ගෙදරින් බදින්න කිව්වොත්"

"බදින්න වෙනවා"

මොකක් කියන්නේ?
මට බෑ මට බෑ මූ එක්ක ඉන්න
මූ මාව ජෝක් එකකට අරන්

"බොරු ඕයි.. අහනවකෝ මන් කියන දේ, එයාට මන් කැමති නෑ නෑ නෑ.. මන් ලව් තොට... බදින්නෙත් තමුසෙව එච්චරයි.. මට බල කලොත් මන් උබව හොරෙන් හරි බදිනවා"

මන් මොකක්ද දැන් කියන්නේ

"ජංකුක්"

මන් හෙමින් එයාගේ අත ඇල්ලුවා
සීතලයි

"කියන්න"

"ප්‍රශ්න දාගන්නෙ නැතුව ඕනේ එකක්..කිව්වත් වගේ අපේ අයියා ඔයාට අකමැති වෙන එකක් නෑ.. තාත්තා ගැන මන් දන්නෙ නෑ.. ඒත් ඔයාලගෙ ගෙදරින් අකමැති වෙයි.. හැබැයි එහෙම උනත් ඔයාට බෑ ප්‍රශ්න දාගන්න.."

"තමුසේ මන් ගැන දන්න ලබ්බක් නෑ ටේහ්‍යුන්ග්.. මන් වෙලාවක ඒක කියන්නම්.. ඒ වෙනකන් මන් කරන කියන දේවල් හරිද වැරදිද කියලා කියන්න එන්න එපා"

"හ්ම්ම්ම්"

"අනික් දේ මට ඕනේ ආදරේ කරන්න.. ඒ කිසිම වෙලාවක මට බාධා කරන්න එපා.. තව අර ශොප් එකේ එකාගෙන් ඈත් වෙලා ඉන්නවා, තව අර නිකී කියන එකාගෙන්.. තව ඕනේ නැති විදිහට කාටවත් ළං වෙන්න එපා"

යකෝ මන් ටොයිලට් ගියාට කමක් නැද්ද දන්නෙ නෑ
මූට ගිය රට වගේනේ
මන් ලව් කරන්නද යන්නේ නැත්තම් හිරේටද

"හරි මට වගේම ඔයාටත් ඕවා අදාලයි"

"හරි"

මැයි හය.... අද
අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්ත දවස
සෝල් ෆ්ලවර් පාර්ක්.... තැන
අපි ආදරෙයි... නෑ මන් ආදරෙයි කිව්ව තැන

හැමදාටම මට මතක හිටී
මන් ආදරය කරන
මට ආදරේ කරන
ඒ කොල්ලව හම්බුන තැන දවස

තුනා මාරට වගේ ආවට දැන් වෙලාව පහත් පහු

අයියගෙන් කෝල් එක

"අයියේ"

"කොහෙද?"

"මන් මේ එන ගමන්.. බස් හෝල්ට් එකේ"

"හා හා වරෙන් පරිස්සමෙන්"

තිබ්බා ෆෝන් එක

"ජංකුක් යමුද? අයියා කතා කරලා එන්නලු"

"මස්සිනත් වෙලාවකට ඇනයක්"

අපි දෙන්නම ආවේ බයික් එක නවත්තපු තැනට
එයා නැගලා හෙල්මට් එක දුන්නා මට

මාත් දාගත්තා
නගින්න කලින්

"මාව ඉස්සරහෙන් බස් එකට දාන්න"

"ඇයි?"

"ගේ ළගට එපා... ටික දවසක් යනකන් අපි මේක හංගමු හැමෝගෙන්ම"

"හ්ම්ම් නගිනවා"

නැග්ගා
උරහිසින් අල්ල ගත්තා
විනාඩි පහෙන් ඉස්සරහා හෝල්ට් එක ලග..
බහිද්දිම ඈතින් බස් එකක් එනවා

"ඔයා යන්න.. මන් අරකේ යන්නම්"

ජංකුක් බැලුවා පිටිපස්ස

"පරිස්සමෙන් යනවා.. ගිහින් මැසේජ් එකක් දාන්න"

මන් හා කියන්න ඔලුව වැනුවා
පොර ගියා
මාත් ආව බස් එකට නැග්ගා

මන් හිටියේ මගේ අත අල්ලන්
එයා අල්ලන් හිටිය මගේ අත අල්ලන්
හෙන අමුතුයි
පලවෙනි පාරට
මන් මාත් එක්කම හිනා වෙවී ගියේ
.
.
.
.
.
බස් එකෙන් බැහැලා ළග කඩෙන් පහේ බීම පැකට් එකකුත් කටේ ගහන් අඩි පාර දිගේ ගෙදරට ගියා

යද්දී තාත්තගේ කාර් එකත් වත්තේ

තාත්තා ඇවිල්ලද?
හිනාවීගෙන ඇතුලට ගියා


plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top