2

"ඒයි පොඩි එකා"

තව පොඩ්ඩෙන් ඇදෙන් බිම...

"හෙමින් කතා කරනවකෝ ඕයි"

ටේ අතීතයේ ඉදලා හයි ස්පීඩ් වර්තමානයට ආවේ ජූන්ගේ කටේ සද්දෙට..

"යන් පල්ලෙහාට... මට උබ එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියනවා"

"මන් වොශ් එකක් දාන් එන්නම් අයියේ, ඔයා යන්න"
.
.
.
අයියා ගියාට පස්සේ මන් වොශ් එකක් දාගන්න ගියා
.
.
.
" ලොකු බේබි කෑම??"

"කාලා ආවේ අපි, බොන්න මොනාහරි"

සාලේ වාඩිවෙලා හිටිය අයියගේ බෙල්ල පිටිපස්සෙන් බදාගන්න ගමන් මන් මූණට එබුනා...

"මන් අරන් එන්නම්"

ලිලී ඇන්ටි කුස්සියට යද්දී මන් අයියගේ එහා පැත්තෙන් වාඩිවුනා..

"ඉතින් මොනාද අහන්න තියෙන්නේ?"

"මොනාද රට ඉන්න කාලේ ඉගෙන ගත්තේ?"

"තනියම ඉන්න"

මන් ෆෝන් එක ගන්න ගමන් කිව්වා..

"හ්ම්ම් කෙල්ලෙක් ඉන්නවද?"

"මටද?"

"නැත්‍තම් ගොනො මගේ කෙල්ල ගැන උබෙන් අහනවද?"

"නෑ"

"බොරු"

"ඇත්ත... ඇයි ඒ ගමන මාව බන්දලා ඈත් කරන්න ද හදන්නේ?"

"පිස්සුද බන්... උබව මන් දෙන්නේ නෑ කාටවත්"

ඒ අතරේ ලිලී ඇන්ටි ආවේ බීම දෙකකුත් අරන්

"තැන්කිව්"

"තැන්කූ ඇන්ටී"

ජූන් ආයේ හැරුනේ ටේගේ පැත්තට

"අහපන් ටේ.... මෙහෙදී උබට මන් ඉන්නවනේ, අප්පා මොනා කලත් කිව්වත් මට හැමදේම කියන්න"

"හ්ම් එයා එන්නේ කවද්ද?"

"හෙට, හෙට රෑ"

"හ්ම්ම්"

මන් ආසයි එයාව බලන්න... බලලා කතා කරන්න... ඒත් හිතට බයයි, මොකද එයා මට තාමත් වයිර කරන නිසා.. මොනා වුනත් මට මොනා කලත් එයා මගේ තාත්තා...

මන් ලොකු හුස්මක් පිට කරලා නැගිට්ටේ කාමරේට යන්න..

"ඔය යන්නද?"

"මහන්සී අයියේ"

"හා හා නිදාගනින්... මන් හෙට උදේම කැම්පස් යනවා.. හවස සෙට් වෙමු"

"ගුඩ් නයිට්"

"ගුඩ් නයිට්"

මන් හිතේ ලොකු කලකිරිමක් එක්ක කාමරේට ආවත් දැන් මන් මේ ජීවිතේට හුරු වෙලා නිසා ඒ හැමදේම තප්පර ගාණකින් මට අමතක වුනා....

හොද නින්දක්... කාලෙකට පස්සෙ මගේම ගෙදර
.
.
.
.
.

"පොඩි බබා... මොකෝ තාම නිදිමත ද"

මන් ඇහැරිලා වෙලාව බලද්දී දහයටත් කිට්ටුයි... අයියගේ කාමරේට ඔලුව දැම්මට පොරත් නෑ.. කැම්පස් යනවා කිව්වනේ, එහෙම්මම ආවේ කුස්සියට

"බොන්න මොනාහරි ඕනේ"

මන් තොලත් අනිත් පැත්ත පෙරලන් කියද්දී ලිලී ඇන්ටී තේකක් මට දික් කලා...

"අපෝ... මන් බොන්නේ නෑ මේවා.."

"මොකක්?? ඔයා අම්මා වගේමයි බබා.. හේලී මැඩමුත් තේ බොන්න ආසම නෑ"

"ඇත්‍තමද?"

"හ්ම් ඔව්, ඉන්න මන් බීම එකක් හදලා දෙන්නම්"

"තව කියන්න අම්මා ගැන, එයා ලස්සනද?"

අම්මා ගොඩක් ලස්සනයි.. ඒත් තව කෙනෙක් ඔව් ඔයාගේ අම්මා ලස්සනයි කියලා කියනවට මන් ගොඩක් ආස කලා..

"ගොඩක්... හරිම හොදයි"

"හ්ම්ම් මට එකම එක දවසක්වත් එයාව බලන්න බැරි වුනානේ"

"අයියො පොඩි බබා... අම්මා ඔයා ලගම ඉදන් බලන් ඇති"

ගෙදර තනියෙන් ගෙව්‍න පැය ටිකට මන් ලිලී ඇන්ටි එක්ක ගොඩක් දේවල් කතා කලා.. එයා නම් කිව්වේ තාත්තා පුදුම හොද මනුස්සයෙක් කියලා.. ඒත් එහෙනම් ඇයි මට මෙහෙම කරන්නේ?

දවල්ටත් කාලා මන් ආයේම ඇදෙන් හාන්සි වුනේ අයියා එනකන් කරන්න වැඩක් නැති නිසා..

හාන්සි වුනා විතරයි මැරිලා වගේ නින්ද ගිහින්,

"ටේ....."

අයියගේ කටේ සද්දෙට ආයෙම උඩ ගිහින් ඇහැරුනා..

යකො පැය 3ක් නිදාගෙන.. මන් යාකාගේ නින්දක්නේ නිදාගෙන තියෙන්නේ..

ඇදේ ඉදගන්න ගමන් මන් බැලුවේ කාමරේ දොර දිහා

"එනවා කම්මැලියෝ"

"කොහෙ යන්නද ඕයි?"

"කොහෙවත් යන්න නෙමෙයි අපේ ප්‍රැක්ටිස් බලන්න"

"සිරාවට? ඉන්න"

මන් ඊයේම කිව්වා ආයේ අයියලා ප්‍රැක්ටිස් කරද්දි මට බලන්න ආසයි කියලා..
ඇදෙන් නැගිටලා කණ්නඩියෙන් කොණ්ඩේ පොඩ්ඩක් හදන් ඇද උඩ තිබ්බ හූඩිය ඇදගෙන මන් අයියගේ කරටත් අතක් දාන් ස්ටූඩියෝ එක පැත්තට ගියා...

ඇතුලට යද්දි තව කොල්ලො තුන් දෙනෙක් හිටියා

1. කොට ඩෑල් එකක්.. මූණෙන් එකයි හිනාව... අයියා හැමදාම කියන ජිමින් කියන එකා වෙන්න ඕනේ
2. කිව්ට් මූනක්.. හිනා වෙනවා හීනියට, මේ යුංගි කියන කෙනාද නැත්තන් ජංකුක් කියන කෙනාද
3. මදාවී මූණ.. මට පල් එකටද මන්දා හිනාවෙන්නේ.. එතකොට මූ මොකාද

මන් දොර ළග ඉදන් හිතුවා..

ඕක හිතන්න දෙයක් නෑනේ, තව ටිකකින් අයියා මල්ලී මේ ජිමින් මේ ඉන්නෙ යුංගී, අහ් මේ ජංකුක් කියලා අදුන්වලා දෙනවනේ.. මාත් මහ විකාර වැඩවලට නේ කාලාය කන්නේ??

"ටේ මේ ඉන්නෙ ජිමින්"

හරි මන් හිතුව හරි.. ඌ ජිමින්.. අයියා හැමදාම කෝල් කලොත් මුන්ගේ මගුල් කියනවා.. ඒ වුනාට අද තමා ඉතින් දකින්නේ..

හ්ම්ම් එයාට දහයෙන් 9යි

"මේ යුංගි"

එතකොට අර හෝතම්බුවා තමා ජංකුක්

"එතකොට මේ....

"ජංකුක්"

"හරියටම කිව්වා... එතකොට මේ ඉන්නේ....

"උබේ මල්ලීනේ"

"අහ් ඔව්..."

ජිමින් අයියා මැද්දෙන් පැනලා නෝන්ඩියට වගේ කිව්වා..

"උබ කියලා නෑනේ මේ වගේ ලස්සන මල්ලී බබෙක් ඉන්නේ කියලා"

"හරි හරි ප්‍රැක්ටිස් පටන් ගමු"

මන් එතන තිබ්බ සැටියෙන් ඉදගෙන බලන් හිටියේ අයියලා ප්‍රැක්ටිස් කරන දිහා

වාව් අයියා මරුවට රැප් කරනවනේ.. එතකොට යුංගී අයියා ගිටාර් ගහනවා සුප්පට.. ජිමින් අයියගේ වොයිස් එකත් මරු.. එතකොට ජංකුක්.. මොකද මට මේකව දකිද්දී කේන්ති යන්නේ?? හැබැයි ඩ්‍රම් එක හොදට ප්ලේ කරනවා.. මාත් ආසම එකක් තමා ඩ්‍රම් එක..

පැය දෙකක් විතර එයාලා ප්‍රැක්ටිස්.. ඉතින් මන් ඒවා අහන් ඉන්න ගමන් ඉන්ස්ටර් එක පැත්තේ වටයක් දැම්මා..

ඈනුමුත් යන්න එනවා දැන් නම්.. කොච්චර ආස වුනත් එකම දේ කරද්දි අහද්දී කම්මැලි වෙනවනේ

ජංකුක්...

සර්ච් බාර් එකේ ගැහුවා නම..

ගහපු ගමන් ආවා පොරගේ අකවුන්ට් එක.. අහ්හ් අයියගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නිසා මට එක පාරම ආවද කොහෙද

පොඩ්ඩක් බැලුවා ඕපදූප...

ඒකේ සමහර ෆොටෝ බලද්දී මට ඉබේටම ජංකුක් දිහා බැලුනා... මන් බලන හැම පාරම මිනිහත් මන් දිහා බලන්.. හිනා කලදක් නෑ මූනේ.. ශික්

මන් මොකක්ද මේ කරන මොට්ට වැඩේ.. බැරි වෙලාවත් මන් මේකව සර්ච් කලා කියලා පේනවද?? නෑ වෙන්න බෑ එහෙම කොහොමද?? හැබැයි වෙන්නත් පුලුවන්..

මන් ටග්ගාලා ඉන්ස්ටර් එකෙන් අයින් වෙලා ෆෝන් එක පැත්තකට දැම්මා..
.
.
.
.
.

"අදට ඇති ජූන්"

"ඔව්ව් මාත් එකගයි යුංගියගේ කතාවට"

ජිමින් අයියා පැත්තෙන් ඉදන් කෑ ගහනවා..

"හරි එහෙනම්.. අදට ඇති"

එතකොටම ජිමින් අයියා මගේ ළගින් ඇවිල්ලා වාඩිවුනා..

"කොහොමද කොල්ලො?"

"හොදයි අයියේ"

"දැන් ගෙදර ඉන්න කම්මැලි ඇති නේ"

"අපෝ ඔව්.. අද නම් එපා වුනා.. අනේ අයියේ මාවත් තමුසේ යන තැනකට එක්කන් යනවකෝ"

"අනේ මේ උබ අවුරුදු ගාණක් ආතල් අරන් දැන් මගේ ආතල් කඩන්නද හදන්නේ?"

"මොකක්ද ඕයි"

"බෑ කැම්පස් නම් එක්කන් යන්න බෑ"

"මොකද ඒ"

"මට ඊලගට උබව බේරගන්න වෙයි ඒකේ උන්ගෙන්.. ජංකුක්ව බේරගෙන මට හති බන්"

ඒකත් එහෙමද? ඒ තරම් ඉල්ලුමද එයාට.. පුෆ්

නෑ මන් හිතුවා විතරයි.. ඒත් මොකටද මන් මේ යකා ගැන හිතන්නේ?

"හරි මල්ලී අපි ෆ්‍රී වෙලාවක යමු රවුමක්.. මෙහෙ පෙන්නන්නත් එක්ක"

"හ්ම්ම් හා හා.. එහෙනම් මන් යනවා රූම් එකට.. ආයෙ හම්බෙමු"

මන් ඔක්කොටම අතත් වනාගෙන කාමරෙන් එලියට ආවා..

හැබැයි උදේ ඉදන් තිබ්බ කම්මැලිකම කොහෙන් ගියාද කියලා නෑ..

දාඩියයි.. නාගන්න ඕනේ... හූඩිය ගලවලා හෝදන රෙදි දාන බාස්කට් එකට දාලා මන් එහෙම්මම ගියේ සීතල වතුරෙන් නාගන්න...
.
.
.
.
.
.

"එහෙනම් ජූනා අපි කැපුනා"

ජංකුක් කෑගහලා කියද්දී ඔක්කොම ජූන්ට සමුදීලා ගියා..

ඒ එක්කම ආවේ මිස්ටර් කිම්.. කොල්ලො තුන් දෙනාටත් අතවනාගෙනම මිස්ටර් කිම් ගෙට ගොඩ වුනා..

"කොහොමද තාත්තා?"

"හ්ම් මහන්සි, ලිලී ඇන්ටිට කියන්න මට බොන්න මොනාහරි ගේන්න කියලා"

"හා"

ජූන් නැගිටලා ගියේ කුස්සිය පැත්තට

"ලොකූ... තාත්තා කීයටද....

මන් කෑගහගෙන කාමරේ ඉදලා එලියට ආවේ ඔලුවත් තුවායෙන් පිහදාන ගමන්..

තාත්තා මන් දිහා බලාගෙන...

"තාත්තා"

මන් ශේප් එකේ සද්දෙ බාල කරලා ගිහින් තාත්තා වාඩිවෙලා හිටිය තැනට ඉස්සරහෙන් වාඩිවුනා..

හ්ම්ම් එයා නම් හිටියා වගේමයි..

මන් හිතුවත් කියන්න ගියේ නෑ.. මට බැන්නොත් එහෙම

"මෙන්න තාත්තේ"

ඒ එක්කම අයියා බීම වීදුරුවක් ගෙනල්ල තාත්තට දීලා මට එහා පැත්තෙන් වාඩිවුනා..

"ලිලී ඇන්ටි රෑට උයනවා.. ඉතින් මන් හැදුවේ ඕක"

"හ්ම් ගුඩ්"

"තාත්තේ අපේ පොඩි එකා ලොකු වෙලා තියන තරම"

අයියා මගේ ඔලුව අවුල් කරන ගමන් ඇහුවත් තාත්තගෙන් නම් කිසිම උත්තරයක් හම්බුනෙ නෑ..

"හ්ම්ම්"

මොකක්?? තාත්තා හ්ම්ම් කිව්වා..

මායි අයියයි මූණට මූණ බලාගත්තා.. ඔව්ව් තාත්තා එහෙම හරි මන් ගැන කිව්ව එකකට උත්තරයක් දුන්න එක පුදුමයි

"මන් වොශ් එකක් දාන් එන්නම්.. කෑම මේසෙට යවන්න කියන්න"

"හා තාත්තේ"

මන් පැනලා උත්තර දුන්නා.. එහෙම්මම තාත්තා පඩිපෙල නැගගෙන උඩ එයාගේ කාමරේට ගියා..

රෑ කෑම කන වෙලාවේ කිසිම සද්දයක් නෑ.. කාලා ඉවර වුනාම තමා තාත්තා කතා කරන්න පටන් ගත්තේ..

"ලොකූ දැන් ඔයාගේ වැඩ කොහොමද"

"කරගෙන යනවා.. එක්සෑම් එක ලබන මාසේ.. ඊට පස්සෙ තව අවුරුද්දයි"

"මල්ලී රට ඉදන් ඒකේ ප්ලේස්මන්ට් එක කරපු නිසා එක්සෑම් ඉවර වුනාම එයාවත් දාගන්න ඕනේ"

"හරි මන් බලන්නම් ඒක ගැන තාත්තෙ"

"තැන්කිව් තාත්තෙ"

කාලා ඉවර නිසා අතත් හෝදන් තාත්තා නැගිටලා කාමරේට ගියා.. මාත් නැගිට්ටේ කාමරේට යන්න

"තාත්තා වෙනස් වෙනවා.. එයාට කාලයක් දෙන්න, කොච්චර වැරදි උනත් එයා අපේ තාත්තා ටේ"

"මන් අවුරුදු ගාණක් එයාට කාලය දුන්නා.. ඉතින් මට තවත් බලන් ඉන්න පුලුවන් අයියේ, අම්මා නැති උනාට එයා මාව විසික් කලේ නෑනේ"

"ඒයී මෝඩයා.. මෝඩ කතා කියන්න එපා ඕයි, ගොනෙක් වගේ"

"යනවා යන්න"

"අපි හෙට උදේ ඉදන් ප්‍රැක්ටිස්"

"ඒ මොකෝ?"

"අනිද්දා කැම්පස් එකේ පොඩි ඉවෙන්ට් එකක්"

"මන් යනවා නිදාගන්න.. හෙට නිදාගෙනත් ඉවරයි කංකරච්චලේ"

"පලයන් යන්න"

සුකුමාල හිනාවක් දාලා මන් ආවේ මගෙ කාමරේට..

රෑ නවයයි... පාලුයි.... කම්මැලි.... නින්ද යන්නෙත් නෑ.. අයියෝ එපා වෙනවා...

ඇදේ උඩ එහෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා...

"ශික්"
.
.
.
.
.
.

Next day morning

"ඒයී ජූනො"

ජංකුක් දුවන් ඇවිල්ලා පැන්නේ ජූන්ගේ ඇදට..

"බුදු අම්බො"

"අහ් උබලා ආවද? උදේ එන්න කිව්වේ මෙච්චර උදේ නෙමෙයි යකෝ"

නාගෙන ඔලුවත් තුවායෙන් පිහිද පිහිද බාතෘම් එකෙන් එලියට එන ගමන් ජූන් කිව්වේ දොර ළග හිටන් ඉන්න යුංගියි ජිමිනයි දිහා බලලා....

"උබ ඔතන... එතකොට මෙතන"

ඇද උඩ හිටිය ජංකුක්ව දැක්කේ එතකොටයි..

ජංකුක් ඒ එක්කම ඇද උඩ ඉන්න එකා පොරවන් ඉන්න රෙද්ද අයින් කලා..

ටේ... එයා... මන් ඉන්නේ එයාව බදාගෙන....  එයා කොහොමද මෙහෙම.... මෙහෙම ලස්සන වුනේ?? කෙල්ලෝ පරාදයි...

ඔව් ජංකුක් පොඩ්ඩක් විතර අතරමං වුනා.. හැබයි හරි සිහියට එන්න ඒ තරම් වෙලා ගියේ නෑ...

මේ හෝතම්බුවා... ආව් අම්බෝ මගේ තුනටිය

"මූ ඉබි මස්ද අයියේ කන්නේ? මගේ කොන්ද පණ නෑ වගේ"

"හුටා.. සොරි මල්ලී"

"තමුසෙගෙ සොරිය පස්සෙ කියනවා දැන් නැගිටිනවා ඕයි මගේ ඇග උඩින්"

ජංකුක් හීයක වේගෙන් නැගුටලා ශේප් එකේ දොර ළගට ගියා..

අර තුන් කට්ටුවට හොදටම හිනා..

ගොන් වස්සෙක්... එහෙම එනවද අනුන්ගේ කාමරයකට.. යකො පොඩි ළමයෙක් හිටිය නම් මැරෙනවනේ...

ජංකුක්ගේ අම්ම මුත්තා සිහි කරන ගමන් මන් නැගිටිට්ටේ කාමරේට යන්න..

"මන් නම් තමුසෙගේ කාමරේට එන්නේ නෑ ආයේ නිදාගන්න"

අයියටත් ඔරවන් මන් කාමරෙන් එලියට ආවා..





හායි ගායිස්...
ආයෙත් අලුත් එපියකින් හම්බෙමු
🌸🌸

plz vote and comment

Bạn đang đọc truyện trên: AzTruyen.Top