19
ජිමින් අයියා ගියේ ජංකුක්ටයි මටයි කතා කරන්න දෙන්න ඕනේ නිසා
එයාලා ගියාම ජංකුක් මන් ලගට ආවා..
ඔන්න මූණ දිහා බැලුවා
මගේ ලගට ආවා
මන් ගොනා වගේ එතනම හිටියා
නිකන් කකුල් දෙක ගල් වෙලා වගේ
මේකා මාර ලස්සනයි
මගේ ලගට ඇවිල්ලා මගේ අතේ ඉඩ ඉදන් අතගාගෙන පහලට ගියා
මන් එයා දිහාම බලන් හිටියා
පහලට අත ගෙනිච්ච එයා මගේ අතින් තද කරලා අල්ල ගත්තා
අත අල්ලන් අත දිහා බලන් අත ගානවා එයාගේ මහපට ඇගිල්ලෙන්
"අනිද්දා එනවා නේද?"
මන් ඔලුව වැනුවා
"මන් බලාගන්නම්"
"කාවද?"
"ඔයාව"
"ඒ ඇයි?"
"තමුසෙට කොල්ලො පැණි හලයි"
"විකාර"
තාමත් එයා මගේ අත අල්ලන්
"විකාර නෙමෙයි ඕයි"
"ඒ ඇයි මට පැණි හලන්නේ"
"තමුසේ ලස්සනයි නේ"
"ඉතින් මන් විතරද එහෙම කෙනෙක්ට ඉන්නේ"
"ඔව්ව්ව්.. උබ වගේ එකෙක් නෑ ඕයි කැම්පස් එකේ"
"බොරු"
"බොරු නෙමෙයි.. මට පරිස්සම් කරන්න වෙයි"
මන් මුකුත් කිව්වෙ නෑ
එයා කියන දේවල්
"අයියා ඉන්නවනේ.. එයා බලාගනී"
"ඒ වුනාට මන් තරම් කාටවත් බෑ"
පඩිපෙල පැත්තෙන් අයියාලා එන සද්දේ ඇහුනා
ජංකුක් ක්ශනිකව මගේ අත අතෑරියා
මට හිනා
බය වෙච්ච හැටි
"යමන්"
ජිමින් අයියා ජංකුක්ගේ කරට අතත් දාන් පොත් මල්ලකුත් අරන් එලියට ගියා
අයියත් පස්සෙන් ගියා
මන් කාමරේට ආවා
ඉතින් ඔය විදිහට සෙනසුරාදත් ගෙව්නා
ඉරිදා
එදා කියලා වෙනසක් නෑ
ගෙව්නේ හුළග වගේ
හොබී ලබන බදාදා එනෝ කිව්වා
තව ජේකුත් කෝල් පහ හයක්ම ගත්තා
ඒත් මන් කතා කලේ නෑ
ඕනේ නෑ
ඉරිදා රෑ
හෙට උදේම නැගිටින්න ඕනේ
ඉතින් කලින්ම ඇදට ගියා
කලින් ඇදට ගියාට වැඩක් නෑ
නින්ද යාගෙන එද්දිම කෝල් එකක්
වෙලාවකට මේ මගුල පොලේ ගහන්න හිතෙනවා
රෙද්ද
තවත් කේන්ති ගියේ කෝල් එක ගත්ත එකාව දැක්කම
ජේක්....
මන් ආන්සර් කලා
හොද දෙකක් කියන්න හිතාගෙන
"ජේක් ප්ලීස්.....
"ටේහ්‍යුන්ග්"
මට කතා කරන්නත් නොදී එයා කතා කලා
"මොකද?"
"මන් මේ දේ කියන්නේ ඔයාගේ හොදට"
"මොකක්ද?"
"ජංකුක්... එයා ඔයාව රවට්ටනවා"
මගේ නින්ද කෑවේ මේක කියන්නද යකෝ
"ජේක් ප්ලීස් මගේ දේවල් හොයන්න එපා"
"මන් දන්නවා මට එහෙම අයිතියක් නෑ කියලා.. ඒත් එයාට කෙල්ලෙක් ඉන්නවා.. මේ දැනුත් ඉන්නේ එයා කෙල්ලෙක් එක්ක"
මොකක්?? ඒ කොහෙද??
"ඔයාට කොහෙද කියලා දැන ගන්නද ඕනේ? බ්ලූ ඕශන් හොටෙල් එකේ.. ඔයාට ෆොටෝ එකක් ඕනේද?"
"එපා"
මට මොකටද ඕවා...
මට එපා...
ඒත් ඒ කවුද?
"මන් තියනවා ජේක්"
මන් තිබ්බා ෆෝන් එක
රෙද්ද
අයියෝ දැන් නිදාගෙනත් ඉවරයි
ශික්
මූ මොන කෙල්ල එක්කද? ඒත් ඒක ජේක්ගේ පචයක් නම්
සැකයත් එක්ක මට නිදාගන්න බෑ
ඉතින් ගත්තා ජංකුක්ට කෝල් එකක්
රින්ග්ස් දෙක යද්දී ආන්සර් කලා
"ටේහ්‍යුන්ග්"
"ඔව්ව් මන්"
"මොකෝ යකා නැගලා"
"තමුසෙ කොහෙද ඉන්නේ?"
"මන් එලියට ආවා"
"එලියේ කොහෙද?"
"බ්ලූ ඕශන් හොටෙල් එකේ.. මේ ඩිනර් එකකට"
"කාත් එක්කද?"
"මොකද මේ"
"කියන්න බැරිද?"
"මාමලා එක්ක"
"අර කෙල්ලත් එක්කද?"
"හ්ම්ම් මොකෝ ඉරිසියද?"
ජංකුක් හිනා වෙනවා
මට නම් මල
දැන් අරූ හිතයි මන් මේ වටේ යන එකෙක් එක්ක යාලුවෙලා කියලා
ඊට වඩා මන් ආස නෑ මූ ඒ කෙල්ල එක්ක මගුල් නටනවට
"නෑ ඒත් මට කෙනෙක් කෝල් කරලා තමුසේ ගැනියෙක් එක්ක හොටෙල් එකක කිව්වා.. මන් කැමති නෑ මගේ නම කැත වෙනවට"
"ඒ කෝල් කරපු එකා අර ශොප් එකේ චීත්තෙද?"
"චීත්තේ හරි බෙඩ්ශීට් එක හරි වැඩේ ඇත්තනේ"
"මේ ටේහ්‍යුන්ග් මන් කිව්වා මේ කවුද කියලා"
"මන් තමුසෙට වැරැද්දක් කිව්වෙ නෑනේ.. තමුසෙ මගේ කොල්ල කියලා කිව්ව නිසානේ මේ ඔක්කොම"
"මොකක්ද කියන්නෙ දැන්"
මන් තිබ්බා ෆෝන් එක
යකෝ ඔව් මන් වැරදි
මන් මොකටද එහෙම කිව්වේ
මට කේන්තියි
ඕෆ් කලා ෆෝන් එක
තමුසේ ඕනේ ගෑනියෙක් එක්ක නටාගන්නවා
ඔලුවත් කොට්ටෙ අස්සට ගහගත්තා...
උදේම නැගිටලා ලෑස්ති වුනා
අද කැම්පස් යන පලවෙනි දවස
අයියයි මායි දෙන්නම එකට ආවේ
ඇතුලට එද්දිම ජිමින් අයියා ඉන්නවා කණ්ඩියක් උඩ ඉදගෙන
"කෝ අරුන් දෙන්න"
"උදේම මනුස්සයෙක්ව දැක්කම ගුඩ් මෝනින් කියන්න පුරුදු වෙයන් බන්..."
"ගුඩ් මෝනින් ඕයි"
"සේම් ටු යූ"
මට හිනා
"කෝ කියපන් දැන් අරුන් දෙන්න"
"මල්ලී අද ඉදන් කැම්පස් නේ"
මගේ මූණ මැලවුනා
ශික් ඇත්තටම මන් නම් ආස නෑ
ඉගෙන ගන්න ඕනේ නෑනේ තව
ඒත් මේ තාත්තා එක්ක බෑනේ
"ජිමින් උබට මන් කියන එක ඇහෙන්නෙ නැද්ද?"
"යුංගි කැන්ටිම පැත්තට ගියා.. අරූ නම් දැන්ම එන්නෙ නෑනේ ඕයි"
තාම අටා මාරයී
ඉතින් මායි අයියයිත් වාඩිවුනා කණ්ඩියෙන්
කියව කියව ඉද්දී යුංගි අයියත් අපිට එකතු වුනා
"ඒ අන්න අරූ"
"මොරූද?"
ජිමින් අයියා යුංගි අයියා අත දික් කරපු පැත්ත බලන ගමන් ඇහුවා
"ශේන්"
"ඌ ආයේ ඇවිල්ලද?"
අපේ අයියා ෆෝන් එකේ
ගාණක් නැතුව ඇහුවා
"හ්ම් ඔය ඉන්නෙ"
කවුද මේ ශේන්
මාත් බැලුවා ඒ පැත්ත
එතන හිටියේ කොල්ලො දෙන්නෙක්
දෙන්නම උසයි
මන් බලනවා දැක්කද කොහෙද
මන් ටග්ගාලා අනිත් පැත්ත බලාගත්තා
ඊට විනාඩි පහක් වගේ යද්දී ජංකුක් ආවා
කලු කලිසමයි
කලු අත් දිහ ටී ශර්ට් එකයි
එක කනකට දාපු කරාබුවයි
මාර ලස්සනයි
අතේ පොතක් රෝල් කරගෙන
බයික් එක නවත්තලා අපේ පැත්තට එනවා
වටේම හිටිය අයගේ ඇස් එයා ළග
ලස්සනයි ඉතින්
බැලෙනවා තමා
කෙලින්ම අපි ලගට ආවා
"ගුඩ් මෝනින්"
මාව ගණන් නොගෙනම කිව්වා
මාත් ඉතින් ගණන් ගත්තෙ නෑ
එතකොට නවයට කිට්ටුයි
"මේ උබලා ලෙක්චර් රූම් එකට පලයන්.. මන් පොඩි එකාව බලලා බස්සලා එන්නම්"
ජිමින් අයියලා එතන ඉද්දී අයියා මගේ කරට අතත් දාන් එක්කන් ගියේ අපි හිටිය තැන ඉදලා දකුණු පැත්තට
ටික දුරක් ගියාම හෝල් එකක්
"මේක..."
"මන් යනවා"
"ටයිම් ටේබල් එක තියනවනේ.. යාලුවෙක් සෙට් කරගනින්"
අයියා ගියා
මාත් ඇතුලට ගියා
40ක් විතර දාන්න පුලුවන් හෝල් එකක්
තිහක් වගේ ඉන්නවා
මැද හරියේ තිබ්බ පුටුවකින් මන් ගිහින් වාඩිවුනා
ඊට එහා පැත්තේ කොල්ලෙක්
"මන් ටේහ්‍යුන්ග්"
මන් එයාගේ පැත්ත බලලා කිව්වා
"මන් නිකී..."
පොර හොදයි වගේ
පොඩි කයියක් දැම්මා පොර එක්ක
ශේප් එකේ නම්බර් එකත් ඉල්ලගත්තා
ඒ අතරේ ලෙක්චර් ඇවිල්ලා පාඩම පටන් ගත්තා
මන් ඉගෙන ගන්නේ බිස්නස් මැනේජ්මන්ට්
පැය දෙකයි ලෙක්චර් එක
පැයක් ඉවරයි
ලෙක්චර්ට කෝල් එකක්
පොර එලියට ගියා
මාත් ගත්තා ෆෝන් එක
ඩේටා ඔන් කලා
උඩින්ම මැසේජ් එක හොබියගෙන්
"ගුඩ් ලක් බොක්ක..."
දැම්මා තැන්කිව් එකක්
ඊලගට ජංකුක්
"වෙන උන් එක්ක කතවට ගිහින් අහු වෙන්න එපා"
මූ බලපල්ලකෝ
මැරෙන්න ගහන්න හිතයි
මූද දන්නේ නෑ මාව හදලා තියෙන්නේ
"මට ඕනේ නම් මන් කතා කරනවා"
දැම්මා රිප්ලයි එක
එතකොටම
"🤬🤬🤬🤬"
මූ නම් ඉගෙන ගන්න එකෙක් නෙමෙයි
මන් ආයේ ඩේටා ඕෆ් කරලා දාගත්තා සාක්කුවට
ඉතුරු පැයත් ගියා
වෙලාව එකොලහයි
මායි නිකී කැන්ටින් එක පැත්තට ගියා
ආයේ ලෙක්චර් එක එකට.. එකේ ඉදන් තුන වෙනකන්
අපි කැන්ටින් එකට යද්දී අයියලත් ඉන්නවා
ජංකුක් මාව දැක්කා මුලින්ම
මන් නිකීගේ කරට අතත් දාන් අයියලා ඉන්න පැත්තට ගියා
"අයියේ...."
මන් ලගට ගිහින් කතා කරනකන් අයියා මාව දැක්කේ නෑ
"උබලටත් ඉන්ටර්වල්ද?? වාඩි වෙයන් පුටු දෙකක් අරන්"
මායි නිකී පුටු දෙකක් අරන් වාඩිවුනා
"නිකී මේ මගේ අයියා.. අයියේ මේ නිකී.. අද සෙට් වුනේ"
මන් ඉතින් නිකීට ජිමින් අයියවයි යුංගි අයියවයි ජංකුක්වයිත් හදුන්වලා දුන්නා...
ජංකුක් ඔරවනවා
මට හෙන සතුටුයි
මන් මොකටද ඒකා කියන කියන දේවල් කරන්නේ
විකාර
"මේ ජංකුක් උබෙන් අහන්න දෙයක් තියනවා"
"මොකක්ද?"
අපි කනවා
අපි ගත්තා ඔම්ලට් බනිසුයි කිරි පැකටුයි
"උබ කාවද අර ෆෝන් එකේ ලව් එක කියලා සේව් කරන් ඉන්නේ"
ජංකුක් කිරි පැකට් එක බිබී හිටියේ
ඊයා ගොනා
මගේ මූණේ
"ඒ සොරි මල්ලී..."
"අවුලක් නෑ"
නිකී එයාගේ සාක්කුවෙන් අරන් ලේන්සුවක් මට දික් කලා
මට එපා කියන්න බෑනේ
මාත් එක අරන් පිහදගත්තා
අපෝ දැන් කියවයි ඕකටත්
"මොකද උබට ඉස්මොල්ලෙත් යනවද?"
"ඒ සීන් එක මොකක්ද යුංගියා"
"මන් අද දැක්කා ලෙක්චර් එක වෙලේ මූ කාටද මැසේජ් කරනවා.. නම තිබ්බෙ ලව් එක කියලා"
යකෝ මටනේ මැසේජ් කලේ
මට විතරක්මද කියලා කොහොමද මන් දන්නේ
"හරි හරි කියන්නම්.. දැන්ම නෙමෙයි"
"එහෙනම්?"
අපේ අයියටත් ඕපදූප කිව්වොත් කන්න ඕනෙත් නෑ
"එයා මාවත් එයාගේ ලව් එක කරගත්තම"
"කර නොගත්තොත්?"
අන්න පොයින්ට් එක
ඔව් මන් මේකව කරගන්නෙ නෑ
කොහෙත්ම බෑ
"නෑ එයා මට ආදරෙයි බන්.. එයා බයයි"
"ඇයි බය?"
"ලොකු කතාවක් තියනවා.. එයා බයයි.."
හ්ම් ඔව් මට බයයි
ඒත් ජංකුක් ඔයා කතා කරන විදිහ
මට නිකන් මොකක්ද වගේ
එයා හෙන අවුලෙන්
"හ්ම්ම් හරි හරි උබ අවුල් ගන්න එපා දැන්.. උබ මේ ලව් එකක් නිසා ඔහොම ඉන්න පලවෙනි පාර මේ"
"හ්ම්ම්ම්"
එතනින් එහාට කවුරුත් ජංකුක්ගෙන් මුකුත් ඇහුවෙ නෑ
ඒත් මගේ හිතට මාර අවුල්
මන් නිකන් එයාගේ ෆීලින් එක්ක සෙල්ලම් කරනවා වගේ
මේක හරියන්නේ නෑ
ඔව් මන් කතා කරන්න ඕනේ එයා එක්ක
එක්කො හා එක්කො බෑ
කතාවෙන් කතාව දොලහත් පහු වෙලා
මායි නිකී නැගිට්ටා
"අපි කැපෙනවා"
"තුනට ඉවරයිනේ ලෙක්චර්ස්?"
"ඔව්ව්ව්"
"හා හා මන් ඉන්නම් මෙතන වරෙන් ඉක්මනට"
මන් ඔලුවත් වනාගෙන ආවා එතනින්
එන ගමන් ගත්තා ෆෝන් එක අතට
ගත්තා ජංකුක්ට කෝල් එකක්
"කියන්න"
"හවසට මට කතා කරන්න ඕනේ"
හායි ළමායියියියි
plz vote ane comments
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top