18

ඒ ජංකුක්ද??

ෆෝන් එක බලන්න කලින්ම මන් හිතුවේ ඒක

ඒත් ඒ එයා නෙමෙයි
ඒ ජේක්
මට ජංකුක් ගැන තවත් වෙනදට වඩා හිතුනා

ෆෝන් එක ආන්සර් නොකරම මන් ආයේ එයාගේ ලෝකෙට ගියා

කට් වුන ෆෝන් එක ආයේ රින්ග් වෙනවා
ගත්තා කෝල් එක

"සොරි ජේක්.. ජංකුක් කරපු දේට සොරි"

ගත්ත ගමන් කියාගෙන ගියා

"ඔයා සොරි කියන්න එපා.."

"ඇයි ඔයා ගත්තේ?"

"ඔයා අවුලෙන්ද මාත් එක්ක?"

"ඒ මොකටද?"

"අද උන දේට"

අවුල් නම් තමා ජේක්
එයාගේ අතත් තුවාල වෙලා
ඒ මන් නිසා
ඒත් ඕනේ නෑ ඔයා ඒවා දැන ගන්න

"නෑ මන් අවුලෙන් නෙමෙයි.. ජේක් මන් තියනවා"

"ඔහොම ඉන්න ටේහ්‍යුන්ග්"

"ඇයි?"

"මන් වැරදි නෑ.. එයා මට ගැහුවෙ මුලින්"

"මන් කිව්වනෙ ජේක්.. මන් තියනවා"

මන් තිබ්බ ෆෝන් එක
ඕනේ එකක් කියලා මන් ගත්තා ජංකුක්ට කෝල් එකක්
‍රින්ග්ස් යනවා
ආන්සර් කරන්නෙ නෑ

නිදි ඇති

මටම කියාගෙන මාත් හාන්සි වුනේ එයා උදේට මට කතා කරයිනේ කියලා හිතාගෙන
.
.
.
.

සෙනසුරාදා
වෙනදා වගේම දවසක්

මන් නැගිට්ට ගමන් බැලුවෙ ෆෝන් එක දිහා
ඒත් එයා නෑ

මොනා කරන්නද ඉතින්

මන් නැගිටලා
වොශ් එකක් එහෙම දාගන්න හිතන් මන් අල්මාරිය ඇරියේ තුවාය ගන්න

තුවාය අතට ගත්තම දැක්කේ ඒක කොනක තිබ්බ අකුරු දෙක

ජේකේ

ඔව් මේක එයාගේ
එදා එයා මගේ එක ගත්තන්නේ

මන් එදා ඉදන් පාවිච්චි කලේ මේක

ඒකත් අරන් මන් ඇදෙන් ඉදගත්තා
මොකක්දෝ දුකක් අමුත්තක් දැනෙනවා
ඊයේ අයියා කිව්ව දේවල් එක්ක එයා ඇත්තේ අවුලෙන්
ඒත් අයියා කිව්වේ ඇත්ත
එයා කිව්ව කොල්ල මන් කියලා නොදැන වුනත් අයියා හරියට මන් වෙනුවෙන්ම කතා කලා වගේ

ඒත් එයා කිව්ව දේවල්

තුවාය අතේ ඇගිලි අතරේ ගුලි කරගෙන මන් කල්පනා කලා

ආදරේ හංගන් ජීවත් වෙන්න බෑ
ඒත් ආදරෙයි කියලා එකතු වෙන්න බැරි නම් ලං වෙන්නත් බෑ

නැගිට්ටෙ හතට වුනාට
කල්පනා ලෝකෙක් මිදෙද්දී අටත් පහු

යකෝ මන් මූ ගැන හිතලද පැයක්

වොශ් එකක් දාන් පහලට එද්දී අයියා කනවා

"අද ගෙදරද අයියේ?"

"ඔව් බන්.. දැන් අනිද්දට යන්න ලෑස්තිද?"

"ඕකේ මොනා ලෑස්ති වෙන්නද?"

"ඔව් ඒකත් ඇත්ත... ලිලී ඇන්ටි මල්ලිගේ ජූස් එක"

අයියා කෑගහලා කිව්වා..

ලිලී ඇන්ටි ජූස් එක ගෙනල්ලා දුන්නා
ඒකත් බොන ගමන් මන් තෝසෙ දෙකක් බෙදාගත්තා
එයා රසට තෝසෙ හදනවා

කාලා බීලා වත්ත පැත්තට ගියේ පොඩ්ඩක් ඇවිදින්න

එලියට යද්දිම හෝන් සද්දයක්

බැලුවා

ජංකුක්
බයික් එක පිටිපස්සෙ ජිමින් අයියා

බයික් එක නැවැත්තුවා

"අඩෝ මල්ලී... ගුඩ් මෝනින්"

ජිමින් අයියා එහා කොනේ ඉදන් කෑගහනවා

මාත් අත වැනුවා

දෙන්නම ඇතුලට ගියා
ජංකුක් බැලුවෙත් නෑ මන් දිහා

යකෝ මූට මක් වෙලාද
අත හොද වෙලාද බයික් එක අරන් ආවේ
හැබැයි බැන්ඩේජ් එක නම් නෑ

මන් ඉතින් වත්තට වෙලා හිටියා

පැයක් විතර ගියා
මන් තාම වත්තේ පහල තියන බෙන්ච් එකේ

දහ පාරක් විතර හැරි හැරි බැලුවේ එයාලා එලියට එයි කියලා
ඒත් නෑ

"මල්ලී"

පිටිපස්සෙන් ඇහුනා
මන් ක්ශනිකව හැරුනා
ජිමින් අයියා

"කියන්න අයියේ"

"මන් මෙතනින් වාඩිවෙන්නද?"

මන් එහාට වෙලා ඉඩ දුන්නා

"මන් දන්නවා ජංකුක් උබට ලව් කියලා"

මන් ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ ජිමින් අයියා දිහා

"පුදුමද? පුදුම වෙන්න එපා බන් මට තේරුනා"

"ඒත් අයියේ මේ.. අපි... අපි අතරේ එහෙම.....

"හරි හරි මන් දන්නවා උබලා සෙට් නෑ කියලා.. ඒත් ඌ උබට ලව්"

"මන් දන්නෙ නෑ අයියේ.."

"උබ කැමති උනේ නැත්තේ බයටනේ"

මන් මුකුත් කිව්වෙ නෑ

"ඌට හැමතැනම කෙල්ලො කොල්ලො නිසයි, ජූන් නිසයි"

"නෑ"

ඔව් මන් ඔය කිසිම හේතුවකට නෙමෙයි යාලු නොවුනේ

"එහෙනම්?"

"අපිට ආදරේ කරලා එකතු වෙන්න පුලුවන්ද අයියේ? අපි දෙන්නම කොල්ලො.. අනික එයාට ගෙදරින් දැනටමත්...

"අනෙ කුනුහරප එපා ඕයි මල්ලී.. ඌ කැමති කිව්වද කියපන් ඒකීට?"

ජිමින් අයියා මගේ උරහිසින් අල්ලලා එයාගේ පැත්ත හැරෙව්වා

"කියපන්කෝ ඌ කැමති කිව්වද ඒකීට?"

"නෑ ඒත් එයාට අකමැති වෙන්න හේතුවක් නෑනේ"

"තියනවා"

"මොකක්ද ඒ?"

"ඒ උබ යකෝ, ඌට ඒ කෙල්ලට අකමැති වෙන්න තියන එකම හේතුව උබ ගොනෝ.. ඌ උබට ලව්.. ඒ ලව් එක තියනකන් ඌ ඒකී නෙමෙයි මෙහෙ රූපසුන්දරියෝ පෝලිමට ආවත් හැරෙන්නෙ නෑ, මන් දන්නවා මගේ එකා ගැන"

"අයියේ නිචී කියන්නේ වයිජී එකේ....

"අනේ මේ උබ දන්නවද වයිජී එක ගැන..උබ දන්නවද නිචීගේ තාත්තා ගැන.. ඌ හොද එකෙක් නෙමෙයි, කොහොමත් අපේ එකා ඒ පවුලට යන්න ඕනේ නෑ.. පුලුවන් නම් මන් ඌව ඔය ජියෝන් පවුලෙන් අයින් කරගන්නවා"

මොකක්? මොකක්ද ඒ කිව්වේ? ඒකද ජංකුක් වෙනම ඉන්නේ?

"ඒකද එයා වෙනම ඉන්නේ?"

"ඒකත් හේතුවක්... තව ඌ කොහොමත් ආසයි තනියම ඉන්නෙ"

"හ්ම්ම්ම්"

"හ්ම්ම් නෙමෙයි උබ ඌට ලව්.. මන් ඒක දන්නවා, ඒක ඌට කියපන්"

මූ බලපල්ලකෝ
මන් කමති මගුලක් නෑ
කැමති උනත් මන් ඒක මට ඕනේ උනාමයි කියන්නේ

"මන් ලව් නෑ"

"නැට්ට ගහේ.. අපි බලමුකෝ මල්ලී.. දැන් වරෙන් යන්න ඇතුලට"

"මට බෑ"

"අරූගේ මූණ පොඩ්ඩක් බලපන්"

"ඒ මොකටද?"

"නිකන් ඊයේ රෑ කෝල් කලාට ඌ ආන්සර් කලෙත් නෑනේ.."

මොකක්? මූ ඒක පත්තරෙත් දාලාද
යකෝ මන් මනුස්සකමට කෝල් කලේ

"මන් මේ... මන් මේ අතට කොහොමද බලන්න කතා කලේ?"

"ඇයි උබ නිසා අත තුවාල උන නිසාද?"

"මොකක්? මන්......

"ඔන්න ඔන්න.. රගපාන්න එපා මල්ලී.. ඌ ගැහුවේ උබේ ශොප් එකේ එකාට.. උබට දෙයක් කියන්නද?"

"එපා"

"ඒ උනාට මන් කියනවා, ඌ ඔය උගේ අවුරුදු විසි පහක මෙලෝ රහක් නැති කාලක්න්නි ජීවිතේ පුරාවට ආදරයක් වෙනුවෙන් ගහ ගත්ත පලවෙනි පාර"

මොකක් කියන්නේ? ඒත්... එතකොට

මන් ඇස් ගෙඩි දෙකත් ලොකු කරන් බැලුවේ ජිමින් අයියා දිහා

"විශ්වාස නැද්ද? අහපන් ජූන්ගෙන්.. ඌ එකයි ඊයේ තකහනියේ රෑ ඌ බලන්න ගියේ"

මොකක්? එතකොට මන් නිසා.. ඒත් එහෙම බෑ
මට එහෙම ආදරේ කරන්න එපා ජංකුක්
මට බයයි ඕයි

"වරෙන් යන්න.."

මන් මුකුත් නොකිව්ව නිසා ජිමින් අයියා මගේ බෙල්ල වටේ අතත් දාන් බලෙන්ම ඇදගෙන වගේ ගේ ඇතුලට එක්කන් ගියා

යද්දී අයියයි ජංකුකුයි බර කතාවක

ජංකුක් බැලුවා මන් දිහා ඇස් කොනෙන්

මෝඩයා
තියන අහංකාරකම

මායි ජිමින් අයියයි ඊට එහා සැටියෙන් වාඩි වුනා

"මොනාද උබලා කතා කලේ එලියට වෙලා?"

"ඒවා රහස් නේ මල්ලී"

"මේ ජිමින් උබ මල්ලී වටේ කැරකෙනවා වැඩී"

"අනේ අනේ මේ.. උබලගේ මල්ලිට වරදී මන් වගේ කොල්ලෙක් සෙට් උනොත්"

"වරදී තමා"

"අනේ මේ.. මල්ලී කියපන් උබ මට ආදරෙයි නේ?"

මොනාද යකෝ මේ යකා අහන්නේ?

"අඩෝ මූ මට ලව්. මන් බදිනවා.. එච්චරයි"

ජිමින් අයියා හිනාවෙවී කියවනෝ
අපේ අයියටත් හිනා
ඒත් ජංකුක්
ඇහිපිල්ලමක්වත් ගහන්නෙර් නැතුව මන් දිහා බලන්

ලෝභයි ඕයි තමුසෙ ඔහොම බලද්දී

මන් ඇහෙන් ඇයි කියලා ඇහුවා

පොරට හිනා

අහක බලාගත්තා

මෝඩයා

මන් ආයේ බලද්දී ෆෝන් එක අතේ

මට ආවා මැසේජ් එකක්

එයාගෙන්

"තමුසෙ මොකද බලන්නේ?"

යකෝ මන්ද දැන් බැලුවේ?

"ඔයානේ බැලුවේ"

දැම්මා රිප්ලයි එකක්

"ලස්සන බලන්නේ"

"බලාගන්න එහෙනම්"

රිප්ලයි එකටද කොහෙද ක්ශනිකව මන් දිහා බැලුවා

පොරට හිනා

"මගේ වෙනවකෝ"

මොකක්?
ලැජ්ජයි ඕයි
මන් ෆෝන් එක දාගත්තා සාක්කුවට

මන් මූට ලෝභයි
මට දැනෙනවා ආදරේ එයාගේ
ඒත් බයයි ජංකුක් මට
මන් කාලෙකින් හිනාවෙන්නේ
තාත්තා එක්ක අයියා එක්ක සතුටෙන් ඉන්නෙ
ඉතින් මට බයයි ජංකුක්

මටත් ඕනේ ආදරේ කරන්න
ඒත්.....

අයියලා කියෝ කියෝ හිටියා පැය ගාණක්

මාත් අහන් හිටියා

ඒ අතරේ වල් පල් ගොඩයි
ඒත් ඒවා මරු

පැය දෙක තුන ගිහින් දවල් දෙකත් පහු වෙලා

ජිමින් අයියලා යන්න නැගිට්ටා

"අපි යනවා ජූන්"

"හා මේ බන් අර උබේ නෝට් ටික"

"කෝ දීපන්"

"වරෙන් උඩ"

"ඇයි යකෝ මන් ගෙනල්ලා දීලා... යමන් යමන්"

ජිමින් අයියා ගියේ ජංකුක්ටයි මටයි කතා කරන්න දෙන්න ඕනේ නිසා
එයාලා ගියාම ජංකුක් මන් ලගට ආවා..

ඔන්න මූණ දිහා බැලුවා


හායි ගයිස්
ඊලග එකෙන් හම්බෙමු

plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top