16
වෙනදා වගේම හවස තුන පහු වෙද්දී සෙනග ටිකක් අඩු වුනා..
ශියා මගේ පැත්තත් බලන්නම් කිව්ව නිසා මන් බනිස් එකකුත් අරන් අයිස් කෝපි එකක් එක්ක ගියේ චේන්ජින් රූම් එක පැත්තට
නිදහසේ ඒක කාලා අයිස් කෝපි එක බීලා එන්න වුනාට ගිහින් පුටුවෙන් වාඩිවෙද්දිම කෝල් එකක්..
බැලුවා
මේ මොකද
"ජංකුක්??"
මොකද කරන්නේ ගන්නවද නැද්ද
කියලා හිත හිත ඉද්දී රින්ග්ස් ගිහින් කෝල් එක නැවතුනා
ආයේ ගන්නවා
මේකගේ තියන හදිස්සිය
යකෝ එක පාරක් මනුස්සයෙක් කෝල් එක ආන්සර් නොකෙරුවම හිතන්න එපැයි ඒ මනුස්සයා වැඩක කියලා
ඕනේ එකක් කියලා මන් ආන්සර් කලා
මොකද මේ යකා කෝල් එක ගන්නකන් නවත්තන්නෙ නෑ
"කියන්න"
"කෑවද සුදූ?"
මොකක්? සුදූ?"
"මොකක්??"
"මේ මන් හවසට ගන්න එනවා"
"ඒ මොකටද?"
"අද ඔය පැත්තේ කුණු එකතු කරන දවසලු"
"ඉතින්?"
"තමුසෙවත් දාන් ගියොත්"
"අනේ මේ ජංකුක්... මගෙන් අහගන්න එපා.. මන් ආයේ කියන්නේ නෑ මට....
"කවුද ටේහ්යුන්ග් කතා කරන්නේ?"
හුටා..
මූ මොකද මෙතන
ජෙක් මගේ ඉස්සරහා
දැන් මන් මොකද කියන්නේ
"මේ... මේ....
"ජංකුක්ද?"
යකෝ මූට නම හොදට මතකයි
"අහ් මේ ඔව් ඔව්..."
මන් එහෙම්ම ෆෝන් එක ආයේ කනේ තියාගත්තා
"එහෙනම් හවසට එන්න වෙලාවට.. මන් බලන් ඉන්නවා"
තිබ්බා
හරිනේ දැන් අමාරුව
ආයේ වැඩ
වැඩ කලත් ඔලුවේ ජංකුක්
මේ යකා එයිද?
නෑ මන් පහටම යනවා
ගිහින් මැසේජ් එකක් දානවා මන් ආවා කියලා
එතකොට වැඩේ හරි
හතරයි පනස් පහට මන් ශොප් එකෙන් එලියට ආවේ ගෙදර යනවා කියන්
මට මේ විනඩි පහත් වටිනවා
මන් එලියට යද්දී ජේකුත් පස්සෙන් ඇවිල්ලා
"මොකද ජේක්??"
මේ දැන් නම් මගේ රතු කට්ට පනිනවා රෙද්ද
මන් රවලා බලලා ඇහුවා
"ජංකුක් ඇවිල්ලද?"
අනේ මූ මගුලක් අහනවා
මන් මේ තමුසෙලා ඔක්කොලගෙන්ම බේරෙන්න කලින් ආවෙ ඕයි
කියද්දිම මගේ නම
"ටේහ්යුන්ග්......."
ඉවරයි අර යකා නේ
මන් හැරුනා
ඇස් ගියේ ඔරලෝසුවට
තාම පහටත් නෑ
එයා කාර් එකට හේත්තු වෙලා මන් දිහා බලාගෙන
"මන් යනවා ජේක්.. ශියාටත් කියන්න මන් පුලුවන් වෙලාවල් වල එන්නම් කියලා"
"ජංකුක්ද?"
"ඔව්ව්ව්"
කිව්වා විතරයි මෙන්න මූ මාවත් පහු කරන් යනවා ජංකුක්ගේ පැත්තට
මාත් අඩියට දෙකට ගියා...
"ජංකුක් නේද?"
ඔව් යකෝ මන් දැන් කී පාරක් කිව්වද?
"ඔව්ව්ව් තමුන්?"
"ජේක්... මාව මතක නැද්ද? එදා කාර් එකේ යන්න ආවේ"
"හ්ම්ම්ම්... ඉතින්?"
"මට කතා කරන්න ඕනේ"
"කියන්න"
"ජේක් ඔයා යන්න... ඔයාට මුකුත් නෑනේ ජංකුක් එක්ක කතා කරන්න"
"ටේහ්යුන්ග් නගින්න කාර් එකට"
ජංකුක් ඉස්සරහා දොර ඇරලා මට නගින්න කිව්වා
"ඇයි මටත් බලන්න ඕනේ මොනාද ඔයාලා කතා කරන්නේ කියලා"
ඒ එක්කම ජංකුක් එයාගේ අත් අතරයි කාර් එක අතරටයි මාව තද කරගෙන හෙමින් මගේ කන ලගට පාත් වුනා..
ජේක් බලාගෙන
මට දාඩියත් දාලා
"කියලා තියනවා නේ ලොකු අයගේ කතා පොඩි අයට ඕනේ නෑ කියලා අහ්?? නගින්න දැන්"
කවුද දැන් මෙතන ලොකු? එතකොට මන් කොහොමද යකෝ පොඩි වුනේ?
වැඩක් නෑ මේ යකා එක්ක කියවලා
ඒත් එහෙමයි කියලා මට කාර් එකට නගින්නත් බෑනේ
මන් හිටියා එහෙම්මම
මන් දිහා බලන් හිටියා ජංකුක්
එක පාරටම මගේ ඔලුව උඩින් අත තියලා කාර් එක ඇතුලට තල්ලු කලා...
"ඒයි මෝඩයෝ.......
දොරත් වහලා දොරට හේත්තු වුනා..
මන් දොරට ගැහුවා
ඒත් මේකාගේ කන් බීරිද කොහෙද
"කියන්න ජේක්?"
"මට ටේහ්යුන්ග් කිව්වා ඔයා එයාගේ බෝයිෆ්රෙන්ඩ් කියලා"
ටේහ්යුන්ග් දන්නවා නම් මේවා මුගේ කට කපලා සැලඩ් එකක් දානවා නියතයි
"එයා එහෙම කිව්වද?"
"ඇයි එහෙම නෙමෙයිද?"
"ඒක එහෙම වුනත් නොවුනත් දැන් තමුසෙට තියන අවුල මොකක්ද?"
"මන් එයාට ආදරේ කරනවා"
"ඉතින්?"
"මට බෑ ඒක අමතක කරන්න"
"ඒක මගේ අවුලක් නෙමෙයිනේ.. ටේහ්යුන්ග් ආදරේ තමුසෙට නෙමෙයිනේ"
"මට තමුන්ගෙන් ටේහ්යුන්ග්ව ඉල්ල ගන්න ඕනේ නෑ.. මන් ආවේ ටේහ්යුන්ග් ගැන හිතන එයාට ආදරේ කරන තව කෙනෙක් ඉන්නවා කියලා තමුන්ව දැනුවත් කරන්න"
"එහෙනම් මන් දැන් යන්නද?"
"මතක තියාගන්නවා ටේහ්යුන්ග්ව මන් තමුසෙට දෙන්නේ නෑ"
"මන් එයාගේ තාත්තගෙන් එයාව ඉල්ලගන්නම්.. උබ ණයට කහින්නෙ නැතුව ඉදපන්.. ගොනා.."
මොනාදෝ කියවනෝ
ඇහෙන්නේ නෑනේ..
ජනේලේ අරින්නත් බෑ මේ යකා මෙතන කෑගැහුවොත් එහෙම
ජේක් දැනගනී මන් ටොම් පචයක් කිව්වේ කියලා
පාඩුවෙ ඉදපන් ටේහ්යුන්ග්
කට කොනේ හිනාව එයාගේ
ඇවිල්ල කාර් එකට නැග්ගා
නැග්ග ගමන් ස්ටාර්ට් කරගෙන යනවා
වචනයක්වත් කිව්වේ නෑ
එක පාරටම හිනා වෙනවා මහ සද්දෙන්
"මොකද?"
"තමුසෙත් ආශ්රය කරන්නේ මාර මිනිස්සු තමා බන්"
"ඇයි?"
"ඌද කොල්ලා තමුසෙගෙ?"
මොකක්? අර යකා මොනා කියලද? හරි මට ආවා හොද අදහසක්
දෙන්නම් ජම්බු
"නෑ මගේ කොල්ලා ඉන්නෙ රට?"
.
.
.
"බුදු අම්බෝ....."
ගැහුවා නේද ගොන් තඩියා බ්රේක් එකක්
ඔලුවත් වැදුනා
"කවුද ඒ??"
"කවුද?"
"තමුසෙගේ රට කොල්ලා?"
"එයා... මේ එයා එනවා ලබන සතියේ.. ආවම පෙන්නන්නම්"
"එහෙමද?"
"ඔව් එයාගේ නම හෝසෝක්.."
ටේහ්යුන්ග් තමුසේ මොනාද මේ හොද අදහසක් කියලා ගොන් දේවල් කරන්නේ? ජේක්ට කිව්වා ජංකුක් කොල්ල කියලා, දැන් ජංකුක්ට කියනවා හොබී කොල්ලා කියලා.. දැන් තොට බදින්න අන්තිමට බල්ලෙක්වත් නැති වෙනවා...
"එහෙනම් ඇයි පැටියෝ අරූට මන් කොල්ලා කියලා කිව්වේ?"'
හරි
අර ගොනා
ජේක්
දානවා මන් සැලඩ් එකක් තොගේ කට
ඒක කිව්වද යකෝ
"මොකද උත්තර නැද්ද?"
"ඒ මේ මන්... අහ් මේකයි මන් ආස නෑ මගේ හොබියා ගැන හැමෝම දැනගන්නවට.."
"හ්ම්ම්ම්"
සද්දයක් නෑ
ආයේ කාර් එක ස්ටාර්ට් කලා
යනවා යනවා
නෝ කතා නෝ සිනා
"මේ ජංකුක්"
නම ඇහෙන්නෙ නැද්ද දන්නෙ නෑ
"ජංකුක්"
"මොකද?"
"මොකද තරහෙන් වගේ?"
ආයේ නැවැත්තුවා කාර් එක
පිටිපස්සෙන් ආව කෙනාට ඉවසීම හොදට තියනවා වගේ
පොර බ්රේක් එක ගැහුවෙ නැත්තම් පස්සක් නැතුව යන්න වෙන්නෙ
මුගේ පාර වගේ බ්රේක් ගහන්නේ
පිටිපස්සෙ කාර් එකේ මනුස්සයා අපිව පහු කරගෙන අතත් දික් කරගෙන ගියා
බැන්නද කොහෙද
"අනෙ පලයන් යන්න ඕයි"
ජංකුකුත් අත ඇරියේ නෑ
බනිනවා අත දික් කර කර
"ඔයාගේ වැරැද්ද හොදේ"
"ඉන්නවා කට පියන්"
මොකද යකෝ මේ
ඒ ගමන මටත් බනිනවා
දැන් මූනේ වැරැද්ද කලේ
"ඉන්නවා තමා..."
"තමුසෙට කොල්ලෙක් ඉදන්ද මාත් එක්ක හුරතල් වෙන්න ආවෙ අහ්හ්??"
මොකක්?
මන් ඔයා එක්ක කොහෙද ජංකුක් හුරතල් වුනේ
ඔයා මාරයිනේ
ඔයයි එහෙම කලේ මන් නෙමෙයි
ජංකුක් මගේ කොලර් එකෙන් අලලා ඇදලා ගන්න ගමන් ඇහුවා
මට හිතාගන්න බෑ මොකද කියලා
එයා කේන්තියෙන්
"මන්? මන් කවද්ද එහෙම කලේ ජංකුක්?"
"ඔය තමුසේ තාම කරන්නේ ඒකනේ... මට එන්න කිව්වා, මන් ලන් වෙද්දී ඔහේ ඉන්නවා"
"ඉතින් මන් මොකක්ද.....
"තමුසෙට කොල්ලෙක් ඉන්නවා නම් එපා කියනවා කටක් ඇරලා බලු වැඩ නොකර... "
"මොකක්??"
මොනාද මෙයා කියන්නේ මේ...
"ලොකුකමින්ද ඉන්නේ කොල්ලො පස්සෙන් එනවා කියලා අහ්?"
"ජංකුක් පොඩ්ඩක් ඉන්න.. එක, මන් ඔයා ලග හුරතල් වුනේ නෑ....
"නවත්තගන්නවා.. මන් ආස නෑ මගේ හොබියා ගැන හැමෝම දැනගන්නවට... හැච හැච... දන්නවද දෙයක් කිම් ටේහ්යුන්ග්, බාල බඩුවලට ඉල්ලුම වැඩිලූ"
මොකක්?? බාල බඩුව කිව්වේ මටද?
"ඔයා මටද ජංකුක් බාල බඩුව කිව්වේ?"
"දැන් මෙතන වෙන කවුරුත් නෑනේ"
මන් බලන් හිටියා එයා දිහා ගොඩක් වෙලා
එයා ඇයි කේන්තියෙන් ඉන්නෙ කියලා මන් දන්නේ නෑ
ඒත් කේන්තිය එයා මගෙන් පිට කරන්නේ
වචනයක් කියද්දී අනිත් කෙනාව තේරුම් ගන්න බෑ ඔයාට
මන් දොර අරින්න හැදුවේ
ඒත් ඒ මගුලත් ලොක්
ගහන්න හිතයි කකුලෙන් ගැලවිලා විසික් වෙන්න
"අරිනවා මේ දොර"
යකෝ මන් තොට කියන්නේ
මන් බැලුවා එයා දිහා
ගල් ගිලල වගේ ඉන්නවා එහා පැත්ත බලන්
"ජංකුක් අරින්න මේ දොර.. මන් යන්නම්"
යකෝ මට ඇඩෙනවනේ
අයියෝ දහයකට ගහන්න කට තිබ්බට පොඩ්ඩ ඇත්නම් ඇඩෙනවා රෙද්ද
මන් අල්ලෙන් ඇස් දෙකත් පිහදාන් කතා කලා
"ජ...ං...කුක්....
ශික් මට කතා කරගන්නත් බෑ..
ඇඩෙනවා යකෝ
ජංකුක් බැලුවා මන් දිහා
එයා පුදුම වෙලා වගේ බලන් හිටියා
"අරි....නවා"
මන් අතින් දොර පෙන්නන ගමන් ඉකි ගහ ගහ කිව්වා
"මොකද තමුසේ අඩන්නේ බබෙක් වගේ?"
බඩගිනි නිසා..
මුගේ අච්චිට හාල් ගරන්න
දැන් මූ නේද යකෝ මට බැන්නේ
මන් බාල බඩුවක් කිව්වේ
"අඩන්න එපා"
අහ්හ්හ් වාව්... මරු.. මන් මේ කියනකන් හිටියේ අඩන එක නවත්තන්න
මන් ජනේලෙන් එලිය බලාගෙන කදුලු පිහදැම්මා
"සොරි"
එයා මගේ කදුලු ගෑවුන අතක් එයාගේ කකුල උඩට ගත්තා..
ඒ අතේ කදුලු
එයා එයාගේ අනිත් අතින් පිහදානවා
මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා
"මල්ලී... උබ දන්නවා නේද මන් ආදරේ කාටද කියලා.. ඒ උබට.. ඉතින් මන් ඉස්සරහා මන් ආදරේ කරන කෙනාව වෙන කෙනෙක් ඉල්ලනවා, තමුසෙත් වෙන කෙනෙක්ට මගේ මගේ කියලා කතා කරනවා... එතකොට මට රිදෙනවා"
මන් මුකුත්ම කිව්වේ නෑ
"අර කඩෙ එකා තමුසෙව මගෙන් ගන්නවා කිව්වා... ඌ එච්චර තමුසෙට ලව් කරනවට මන් ආස නෑ.. මායි එහෙම ලව් කරන්නේ තමුසෙට"
මොනාද මේ කියවන්නේ?
"එතකොට තමුසේ කවුද කොල්ලෙක් ගැන කියවනවා.. හරි අහනවා"
මන් එයා කියන දේවල්වල මුල මැද අග හිත හිත හිටියේ
"ටේහ්යුන්ග් කියනවා ජංකුක්ට ආදරෙයිද නැද්ද??"
හායි ගයිස්
ඊලග එකෙන් සෙට් වෙමු
plz vote and comment
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top