15

ගෙදර එද්දී කාලෙකට පස්සේ තාත්තා ඇවිල්ලා

දවස් ගාණකින්
ඇතුලට යද්දී ඉන්නවා සැටියේ
අද උන දේවල් එක්ක ඔලුව පොඩ්ඩක් අවුල් වගේ
ඒත් තාත්තා එක්ක කතා කරන්න ආසයි
මන් වාඩිවුනා තාත්තා ඉස්සරහෙන්

"තාත්තේ?"

"හ්ම්ම්"

"මන් සදුදා ඉදන් අයියලගේ කැම්පස් එකට යනවා"

"දන්නවා"

"තැන්කිව්"

තාත්තා එතනින් එහාට මුකුත් කිව්වේ නෑ

මාත් විනාඩි ගාණක් බලන් හිටියා

කාමරේට යන්න නැගිට්ටා

"පොඩි පුතා..."

මන් හිටිය තැනම ගල් උනා

තාත්තා මට පොඩි පුතා කියලා කතා කරලම නෑ.. පලවෙනි පාරට

මන් හැරුනා එයා දිහාට

"මෙතනින් වාඩිවෙන්න. මට කතා කරන්න දෙයක් තියනවා"

මන් ඒ ක්ශනිකයෙන් තාත්තා ලගින් වාඩිවුනා..

" මන් දන්නවා මන් මේ අවුරුදු විසි ගාණටම ඔයාට සැලකුවේ හොද විදිහට නෙමෙයි කියලා....

"එහෙම නෑ තාත්තේ.. ඔයා කොහොම සැලකුවත් මට වැරැද්දක් වුනේ නෑ.. ඔයාගෙයි අයියගෙන් ඈත් වුනා තමා.. ඒත් මන් එතනිනුත් දෙයක් ඉගෙන ගත්තා"

"හ්ම්ම් මට සමාවෙන්න පුතා.. මන් මහා මෝඩ විදිහට හිතුවේ.. මගේ හේලී ගිය එක මන් ඔයාගේ පිට දැම්මා.. ඒත් ඔයා මොනා කරන්නද... එයා.... එයත් මට වයිර කරනවා ඇති"

"මන් දෙයක් අහන්නද තාත්තේ?"

"අහන්න"

"ඇයි අම්මට ඔච්චර ආදරේ?"

"එයාව මට හම්බුනේ අහම්බෙන් ටේහ්‍යුන්ග්.. මගේ නංගී ඒ කියන්නේ ඔයාගේ සූ පුන්චිගේ යාලුවා තමා එයා.. ඉස්සර මන් වැඩ කලේ ගෙදරින් පිට බෝඩ් වෙලා.....

තාත්තා දිගටම කතාව කියවන් ගියා
මාත් ආසාවෙන් අහන් හිටියා

"ඉදල හිටලා මන් ගෙදර යනවා.. ඒ යද්දී දවසක් හේලීත් හිටියා.. මට එයාව දැක්ක පලවෙනි දවසෙම එයාට ආදරයක් ඇති වුනා.. එයා මලක් වගේ.. චූටී බෝනික්කියක් වගේ.. කොණ්ඩේ ඉන ලගට දිගයි.. මන් එයාට ආදරේ කරන්න පටන් ගත්තා.. ඒත් මන් ඒක කිව්වේ නෑ මුලදී.. මොකද කෙල්ලට මාව වැඩිය දිරවන වගක් මන් දැක්කේ නෑ...

යකෝ තාත්තත් මරු නේ

"මන් ඉතින් එයාට ඇනයක් වෙවී කැමති කියලා නොකියා කිව්වා.. එයාට තේරුනේ නෑ.. අන්තිමට එයා පාට් ටයිම් ජොබ් එක කරපු තැනටම මන් හොයන් ගියා..."

"අම්මා කොහෙද වැඩ කලේ?"

"කොෆි ශොප් එකක.. එයා එතකොට කැම්පස් යනවා"

මන් වගේ...
පොඩ්ඩක් ඉන්න
ඒත්....

"මන් එතනට ගිහින් කතා කරලා එන්න කිව්වා.. එතකොට මන් නම්බරෙත් හොයන් තිබ්බේ... හේලී ආවම මන් බයයි ලැජ්ජාවයි පැත්තක තියලා එයාගේ අතින් අල්ලා ආදරෙයි කිව්වා"

මොකක්?
මේ තාත්තා කියන්නේ ජංකුක් කරපුවනේ

ඉන්න
තාත්තගේ නංගිගේ යාලුවා
එතකොට ජංකුක් අයියගේ යාලුවා
මොකක්??

කතාව ඇතුලේ මන් හිතුවේ ජංකුක් ගැන

"ඒත් එයා කැමති උනේ නෑ"

"ඉතින් තාත්තා වැඩේ අත ඇරියද?"

"කොහෙත්ම නෑ.. මන් දිගටම පස්සෙන් ගියා... ඒයාට ළං වෙන්න කාටවත් දුන්නේ නෑ.. ඒ කඩේ කොල්ලෙක් මගේ හේලීගේ පස්සෙන් එතකොටත් එනවා"

මොක කියන්නේ
යකෝ ජේක්

"තාත්තා මොකෝ ඒ කොල්ලට කලේ"

"මන් ගැහුවා.. ඒ ප්‍රශ්නේ එක්ක ආයේ හේලී ඒකේ වැඩට ගියේ නෑ"

මූත් ගහයිද ජේක්ට

"ටික ටික හේලී මට ළං වුනා"

"ඉතින්"

"ඒත් එයාගේ ගෙදරින් එයාට වෙන කෙනෙක් හොයලා ඒ වෙද්දිත්"

මොකක්?
නෑ ඒක එහෙම නෙමෙයිනේ අපේ කතාවේ
මට වෙන කෙනෙක් නෑනේ

ඊ යකෝ මොනාද මන් මේ හිතන්නේ
ඒ කියන්නේ මන් අර යකාට ලව් ද

"එයා මන් ලගට ඇවිල්ලා කිව්වා එයාට ගෙදරින් හොයන කෙනාව බදින්න බෑ එයාව එක්කන් යන්න කියලා.. ඉතින් මන් අපේ තාත්තා එක්ක ඒක කතා කලා.. එයා හේලීට ආදරෙයි.. ඒත් තාත්තා කිව්වේ මට ගිහින් හේලිගෙ ගෙදර අය එක්ක කතා කරන්න කියලා.."

"තාත්තා කතා කලාද?"

"ඔව්ව්.. ඒත් එයාගේ තාත්තා එකපාරින්ම මාව රිජෙක්ට් කලා.. එයා කිව්වා දැන් බන්දන්න ඉන්න කෙනාට වඩා සල්ලී හම්බ කරොත් සලකන්නම් කියලා මන් ඒ ප්‍රශ්න අස්සෙ ඉද්දී හේලී ගොඩක් මානසිකව වැටුනා.. එයාට බදින්න බල කලා.. කෙල්ල ඇඩුවා.. මට හැමදාම කෝල් කර කර.."

"ඊට පස්සෙ?"

"මන්.... මන් එයාව හොරෙන් බැන්දා"

"මොකක්??"

"ඔව්ව්ව් අපි හිතුවෙ බැන්දම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා.. ඒත් ඒක එහෙම වුනේ නෑ.. ප්‍රශ්න පටන් ගත්තා"

"මොකද උනේ?"

"හේලීව මන් අපේ ගෙදර එක්කන් ආවා.. එයාට මගේ නංගී තාත්තා අම්මා හැමෝම ආදරේ කලා.. එයා හැමෝගෙම හිත දිනා ගත්තා.. මාව ගොඩක් ආදරෙන් බලාගත්තා.. ටික ටික අපි මෙහේ දියුණු වුනා... අපි හිතුවෙ අපිට හතුරො නෑ කියලා.. ඒත් හේලීව මැරි කරන්න හිටියේ ලොකු සල්ලිකාරයෙක්.. ඌ මාව හැප්පුවා"

"මොකක්? කවුද තාත්තේ ඒ?"

"ඒවා ඔයාටවත් අයියටවත් වැඩක් නෑ.. මට ගොඩක් අමාරු වුනා.. මගේ වකුගඩුවලට ගොඩක් හානි වුනා.. මාව බේරගන්න බැරි වෙන්න තරම්.. ඒත් ඔයාගේ අම්මා එයාගේ එක වකුගඩුවක් මට දුන්නා.. එයාගේ වකුගඩුව මට හරි ගියා.. එයා ගොඩක් දුර්වල වෙනවා කියලා දැන දැනම එයා ඒක කලා.. "

දෙයියනේ අම්මා.. ඔයා එහෙම ආදරේ කරලා...

"හ්ම්ම්ම් ඊට පස්සේ මන් ටික ටික හොද වුනා.. කාලය එක්ක හැමෝම අපෙන් ඈතට ගියා.. අපි දියුණු වුනා.. කිම් ගෲප් එක ගොඩක් දියුණු වුනා.. එයා මට ඒ තරම් ආදරේ කලා ටේහ්‍යුන්ග්.. මේ ඔක්කොම ඔයාගේ අම්මා නිසා මට හම්බුන ඒවා.. එයාගේ වාසනාවට.. එයයි මගේ පණ.. මට පණ දුන්නේ එයා.. ඔයා තාම අහනවද ඇයි මන් ඔයාගේ අම්මට ඒ තරම්ම ආදරේ කියලා? එයාව අහම්බෙන් හම්බෙලා මාව මේ තැනට ගෙනාව ඒ ආදරේට මන් ආදරේ නොකරන්නේ කොහොමද ටේහ්‍යුන්ග්??"

මට මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැරිවුනා
තාත්තගේ ඇස්වල කදුලු
ඔව් එයා අඩනවා
මන් එයාව තුරුල් කරගත්තා
පලවෙනි පාරටද මන්දා

"මට සමාවෙන්න තාත්තා ඔයාගේ හිත අවුල් කලා නම්.. එහෙම බලද්දී මායි අයියයි පුදුම වාසනාවන්තයි.. ඔයාලා වගේ දෙන්නෙක්ගේ ළමයි වෙන්න.."

මායි තාත්තයි එහෙම ගොඩක් වෙලා හිටියා.. ගොඩක් වෙලා...
.
.
.

ටිකකින් තාත්තා මගෙන් ඈත් වෙලා නැගිට්ටා

"වොශ් එකක් දාන් එන්න කන්න"

මාත් ඔලුව වනාගෙන කාමරෙට ගියා..
ඒත් මගේ හිතේ වැඩ කලේ එක දෙයයි

තාත්තා කිව්ව දේවල් එයාලගේ ආදරේ ආරම්භය ජංකුක් කරන දේවල් වගේමයි.. ඒ කොහොමද කියන එක විතරයි..

එතකොට තාත්තාව හප්පපු කෙනා කවුද
එයා එදා එහෙම නොකල නම් තාත්තා හොදින් එහෙනම් අම්මා දුර්වල වෙන්නෙත් නෑ
සමහරවිට එයාට මාව හම්බෙද්දි අමාරු නොවෙන්නත් තිබ්බා
ඒත් ඒ කවුද??

මන් ඒ ගැනම හිත හිත වොශ් එකක් දාන් පහලට ආවේ කන්න.
අයියත් ඇවිල්ලා
තාත්තා කියලද කොහෙද මාත් එක්ක කතා කරපු සීන් එක, අයියා ඇහැක් ගහලා හිනාවුනා

මාත් වාඩිවුනා

අපි එකට කෑවා..
හිනාවුනා
කතා කර කර හිටියා ගොඩක් වෙලා
කාලෙකින් නෑ පලවෙනි පාරට මට කවදාවත් නැති සතුටක් දැනුනා

කාලා ඉවර වෙලා අයියා කාමරේට ගියේ හෙට එයාගේ විභාගේ අන්තිම දවස නිසා..

මාත් තාත්තට කියලා කාමරේට ආවා

ඒත් මගේ ඔලුවේ ප්‍රශ්න කෝටියක්
ලොකුම අවුල හෙට වැඩට යන එක..

කමක් නෑ.. හෙට ගිහින් මන් නවතිනවා.. සෙනසුරාදා ඉරිදා ගෙදර ඉදලා සදුදා කැම්පස් යන්න ලෑස්ති වෙනවා

ඔව් එහෙම හිතාගෙන මන් නිදාගත්තා...
.
.
.
.
.
.
.
.

උදේ වෙලා..
ලෑස්ති වුනා
ඒත් හිතට අවුල්
අයියත් කැම්පස් ගිහින්.. එයාලගේ අද එකෙන් පස්සේ ඉවරයි.. ආයේ සදුදා ඉදන් එයාලා අන්තිම අවුරුද්දෙ.. මන් ඊට එකක් පහල

ඕනේ එකක් කියලා ගියා මන් ශොප් එකට
ජේක් ඉන්නවා
මන් ඇතුලට යද්දිම ආවා

"ඔයාගේ කොල්ලා එදා ආව කෙනාද?"

මොකක්? කවුද එදා ආවේ??

"ජේක් ප්ලීස් ඔයා කිව්වා ඊයේ වුන දේවල් අමතක කරනවා කියලා"

එයා ඔලුව පාත් කරගත්තා

"ජේක් ප්ලීස් මගේ හිතේ ඔයා ගැන එහෙම මුකුත් නෑ.. බලෙන් ඇති කරගන්නත් බෑනේ.. අපි යාලුවො වගේ දිගටම ඉමු"

"ඕකේ ටේහ්‍යුන්ග්"

ජේක් ගියා
මාත් වැඩි කතාවට ගියේ නෑ

දවසෙම බිසී වුන නිසා මගෙ හිතට හොදයි

අද විතරනේ එන්නේ

කොහොමහරි අමාරුවෙන් හරි මන් අද දවස ටික ටික ගෙවා ගත්තා...
.
.
.
.

වෙනදා වගේම හවස තුන පහු වෙද්දී සෙනග ටිකක් අඩු වුනා..
ශියා මගේ පැත්තත් බලන්නම් කිව්ව නිසා මන් බනිස් එකකුත් අරන් අයිස් කෝපි එකක් එක්ක ගියේ චේන්ජින් රූම් එක පැත්තට

නිදහසේ ඒක කාලා අයිස් කෝපි එක බීලා එන්න වුනාට ගිහින් පුටුවෙන් වාඩිවෙද්දිම කෝල් එකක්..

බැලුවා
මේ මොකද

"ජංකුක්??"


හායි ගායිස්ස්ස්
ඊලග එකෙන් සෙට් වෙමු

plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top