14

මගේ ගෙදර මටම හොර පූසෙක් වෙන්න වුන හැටියක් කියලා හිතන ගමන් මන් හොර පූස් ස්ටයිල් එකට උඩට යන්න හැදුවේ..

"ඒයි....."

ඉදිරියට තිබ්බ පය මන් උස්සගෙනම හැරුනා

අයියයි යුංගි අයියයි ජිමින් අයියයි අර යකයි ඔක්කොම අත් බැදගෙන මන් දිහා බලන්

ටේහ්‍යුන්ග් හිතපන් ගල් පැලෙන බොරුවක් දැන්

"මොකද උබ ඔය යන විදිහ?"

හරි දැන් දීපන්කෝ උත්තර

"නෑ මේ අයියේ... මේ අහ්හ් ඔයාලා පාඩම් කරන නිසා මන් සද්ද නොකර යන්න හැදුවේ"

"උබට මොලේ අමාරුවද මල්ලී?"

"ඇයි?"

"අපි කරන පාඩම්.. මෙන්න මෙහෙ වරෙන් බන් තේකක් බොන්න"

ජිමින් අයියා මගේ බෙල්ල වටේ අතක් දාගෙන මාවත් කුස්සිය පැත්තට ඇදගෙන ගියා

ඒ කියන්නෙ මේ තක්කඩියෝ හතර දෙනා උදේ ඉදන් කරපු පාඩමක් නෑ.. අපරාදේ මුන්ගේ දෙමව්පියන් මුන්ට වියදම් කරන සල්ලී.. අහෝ අපේ තාත්තත් පව්

ඔන්න මහා භෝජන සංග්‍රහය වගේ වාඩිවුනා අපි පස් දෙනාම මේසෙන්

ලිලී ඇන්ටි ගෙනාවා තේ
මට ජූස්

බොන්න ගද්දිම ඇස් කොනෙන් බැලුවේ අර යකා දිහා
වගේ වගක් නෑ හොදට බොනවා තේක

මූට ලෙඩක්ද කොහෙද

මන් මූව මග අරිනවා කියලා තේරෙන්නෙ නැද්ද

ඔන්න බැලුවා මන් දිහා

ඒ ගමන බලාගෙනම ඉන්නවා

මන් බලාගත්තා අහක

මට ලැජ්ජයි

මූ මට ආදරෙයි කිව්වනේ
මූණත් රතු වෙනවද කොහෙද මගේ
ඒ ඒක ඇත්තටමද මේකා කිව්වේ

"ටේ මල්ලී හෙට ඉදන් හරියටම දවස් 4කින් අපේ විභාගේ ඉවරයි.. ඊට පස්සෙ උබත් කැම්පස්"

"හ්ම්ම්"

"මොකෝ ආසා නැද්ද? අපේ කැම්පස් එකේ ලස්සන කෙල්ලො ඉන්නවා"

මගුලේ කෙල්ලෙක් ගැන් නෙමෙයි ජිමින් අයියේ මේ හිතන්නේ මේ ඉස්සරහා ඉන්න යකා ගැන.. කෙල්ලෙක් තියා බල්ලෙක්වත් දාගන්න වෙන්නෙ නෑ මේ යකා ඉන්න ඒරියා එකකින් මට

කියලා කියන්න බෑනේ

ඉතින් ලස්සන අහිම්සක හිනාවක් දාලා ජූස් එක බිව්වා මන්
.
.
.
.
බීපු තේ කෝප්පවලට කූඹිත් ඇවිල්ලා

මුන් තාම කයිවාරුව

"අයියේ මේ මන් වොශ් එකක් දාන් එන්නම්"

මට තේරෙන්නෙත් නෑ කියන ඒවා
මාත් ගොනා වගේ අහන් ඉන්නවා
හරියන්නේ නෑනේ
මන් නැගිට්ටා

කාමරේට ආවා විතරයි ගැලෙව්වා ශර්ට් එක

එතකොටම පෙනුනේ මගේ සුදු පාට සික්ස් පැක් හැදීගෙන එන බඩ

"හ්ම්ම් සෙස්සි නේ"

"ඔව්ව්ව් ලස්සනයි"

මන් හැරුනා

ජංකුක්

ඔව් ජංකුක් දොර ළග

දොරට අතකුත් තියන් අනිත් අතේ මහපට ඇගිල්ලෙන් තොල අතගාන ගමන් මන් දිහා බලන්
අපෝ හෙන වල් පාටයි

මන් ආයේ ගත්තා ශර්ට් එක අතට

ජංකුක් ශර්ට් එක ඇදලා ගත්තා මගෙන්

"ඒයි දෙනවා ඕක ගොනෝ"

"ශ්ශ්ශ්ශ්ශ්"

මොකක්...
එයා මාව හිර කලා
එයාගේ අතුයි බිත්තියයි අතර
මට කෙල ගිලෙන්නෙත් නෑ

"ජංකුක්....

"කෑගහන්න එපා ඕයි.. අයියව ගෙන්න ගන්නද ඕනේ"

ඒ මට බයයි.. මූ මේ සෙල්ලම් කරන්නෙ අවුරුදු විසි හතරක මගේ ජීවිතේ එක්ක

"ඔයාට පිස්සුද ජංකුක්.. අයිනට වෙන්න.. එයා එයි අයියා එයි අනේ"

"උන් පල්ලෙහා"

"උන් පල්ලෙහා නම් තමුසේ මොන ලබ්බක්ද ඕයි මෙතන කරන්නේ?"

"තමුසෙගේ චාජරේ මගේ ෆෝන් එක ගහලා යන්න අවේ"

"ඇයි අයියගේ එක??"

"එකේ උගේ එක ගහලා"

"එතකොට ජිමි...

"ජිමින් උගේ එක ගහලා උගේ චාරජරේ.. යුංගි චාජරේ ගෙනල්ල නෑ.. ජංකුක් ගෙනාවා හැබැයි දැන් ඒක හොයාගන්න බෑ"

"ඉන්න මන් චාජරේ දෙන්නම්"

"කෝ දෙන්න"

තාමත් මන් හිටිය වගේ.. එයා එන්න එන්න ලගට එනවනේ
මට හුස්ම ගන්න බෑ යකෝ

"දෙන්න අයින් වෙන්න"

"මොනාද?"

මොකක්?? ඇයි මෙයා මෙහෙම කොදුරන්නේ
එයා මගේ කනට කොදුරනවා
මගේ කකුල් දෙකත් ගැහෙනවා
පපුවත් ගැහෙනවා
යකෝ මාව වෙව්ලනවා

"ජ...ං....කු...ක්

"හ්ම්ම්ම් ඇයි??"

"අයින් වෙනවා"

අනේ එන්න එපා ළගට..
මට ඇඩෙයිද
මට බයයි ජංකුක්
මේ මොනාද වෙන්නේ
අනේ මේකත් හීනයක් වෙන්න ප්ලීස්

එයා මගේ තොල්වලට එන්න
ඔව් මට ඒක තේරෙනවා

මන්.... මන් ඉබේම ඇස් දෙක වහගත්තා..

මන් ඒ හාද්ද බලාපොරොත්තු වෙනවද??

තප්පර ගාණක් ගියා..
නෑ කිසිම ප්‍රතිචාරයක්

මන් හිමිහිට ඇස් ඇරියා

එයා මන් දිහා බලාගෙන

මට තාම හිතාගන්න බෑ

"තමුසේ කැමති නොකියා ඕවා කරන්නේ කොහොමද ටේහ්‍යුන්ග්?"

මොකක්??

මන් මුකුත්ම නොකියා බලාගෙන හිටියා

"කැමති කිව්වම බලමු.. අකමැති නෑ කියලමයි මගේ හිත කියන්නේ"

ඒත් මුකුත් කිව්වෙ නෑ මන්
කියන්න ගොඩක් දේවල් තියනවා
ඒත් කියන්න බයයි

"කෝ දෙනවා චාජරේ"

මගේ අත් දෙක අත ඇරලා එයා ඈත්වුනා

මන් තාමත් හිටියා වගේ..

"ටේහ්‍යුන්ග්"

"ඕ...."

දෙවනි පාර කතා කරද්දියි හරි ලෝකෙට ආවේ.. මන් කලබලෙන් මේසේ උඩ තිබ්බ චාජරේ අරන් එයාට දික් කලා

එයා ඒක ගත්තා..
මගේ අතත් අල්ලලම

"මාව මග අරින්න එපා.. ඒක තේරුමක් නෑ ටේහ්‍යුන්ග් මල්ලී"

කියාගෙන පොර ගියා..

මන් එහෙම්ම වාඩිවුනා ඇද උඩින්

ඒ කියන්නේ මන් එයාව මගඅරිනවා කියලා පොරට තේරිලා..

ඒත් මොනාද ඒ උනේ?

ශික් මන් මොකටද ඇස් දෙකක් පියාගන්න ගියේ

අයියෝ මොනාද් යකෝ මේ වෙන්නෙ

පතාගෙන ආව එකාද මූ
අපෝ මූ වගේ එකෙක් පතාගෙනවත් එන්න පුලුවන්ද

ඒත් ටේහ්‍යුන්ග් මේක ලේසී ගේමක් නෙමෙයි

එක පැත්තකින් අයියා
අනික් පැත්තෙන් තාත්තා
එතකොට අර උරචක්කරමාලේ

අත දික් කරලා ඇන ගත්තා ටොක්කක්

"කූල් ඩවුන් ටේහ්‍යුන්ග්..."

මා විසින්ම මාගේ මනස පිලිසකර කරගෙන නැගිට්ටා නාන්න

ඔක්කොටම කලින් දොර වහන්න ඕනේ.. අර යකා කලිසම එහෙම ගලවන වෙලේ අවා නම්

ශික්

දොරත් වහලා මන් නාගන්න ගියා..
.
.
.
.
.
.
.
.
.

නාගෙන පහලට ආවේ බඩට මොනාහරි දාගන්න

එද්දී කවුරුත් පේන්න නෑ

ගිහින්ද??
ඒ වගේ

කෑම මේසෙ ළගට එද්දී ලිලී ඇන්ටි මේසෙට කෑම ලෑස්ති කරලත් ඉවරයි.. මන් දූවලා ගිහින් වාඩිවුනා

"ලොකු බබා යාලුවෝ එක්ක කන්න එන්න"

මොකක්? තාම ඉන්නවද

කියලා බලද්දිම එනවා හතර දෙනාම සූරයෝ වගේ හතර දෙනා

දැන් ඉතින් කන එකත් උගුරෙන් පහලට යන එකක් නෑ මගේ

ඔක්කොම වාඩිවුනා
අද මැකරෝනී
මයි ෆේවරිට්

බෙදාගත්තා පිගානෙන් එකක්
පොඩ්ඩ පොඩ්ඩ කන්න බෑ
මොකද අපේ අයියයි එයාගේ යාලුවොයි කියන්නේ සාගතේ ඉදලා දැන් කන්න ආවා වගේ සෙට් එකක්

මන් බෙදාගෙන බලද්දි ජිමින් අයියගේ පිගාන කොතක් වගේ
ඌව පේන්නෙත් නෑ
මොනා වුනත් යුංගි අයියා නම් කන්නේ අපේ කීමට වගේ
ඔහේ කනවා
උබලා කන නිසා මන් කනවා වගේ
අපේ අයියා නම් කා බෑ උතුමානෝ නේ
ජංකුක්.... මොකද මේ පොඩ්ඩක් කන්නේ

"ජංකුකා තව දාගනින්කෝ"

මුන් මගේ හිත කියවනවද යකෝ.. හිතන්න විතරයිනේ ඕනේ

"බෑ බන් මන් ඩයට්"

හරිනේ අමාරුව
මට හිනාගියානේ
ඒක හෙමින් නම් කමක් නෑ

"නෑ මේ ඩයට්?? ඒ මොකටද?"

දැන් ඉතින් බේරෙන්නත් එපැයි

"අපෙ ජංකුකා මෙහෙම හොට් පැක් එකක් මේන්ටේන් කරන්නේ ඕවා කරලා තමා මල්ලී.. අපේ කැම්පස් එකට ආවම බලන්නකෝ මූට තියන ඉල්ලුම"

ජිමින් අයියා හැන්දත් කටේ ගහගෙන කියවනවා

හැච හැච.. නල්ලමලේ ඇග

මන් කට කොනෙන් හිනාවෙලා ආයේ කන්න පටන් ගත්තා..
.
.
.
.
.

අයියලා තාම කනවා
මන් ඉවරයි

"අයියේ මන් යනවා උඩට.. නිදිමතයි"

කට්ටියට අතත්වනාගෙන ආවා කාමරේට

හොට් පැක් එක??
විකාර
මගේ පැක් එක තමා මරු

ඇදෙන් හාන්සි උනාට හිතෙන්නෙම අර යකා ගැන

"ටේහ්‍යුන්ග් තමුසෙට අංගොඩ යන්න වෙයි වගේ.. මොකද ඕයි මේ වෙලා තියෙන්නේ"

කෑවත් ඌ
බිව්වත් ඌ
නෑවත් ඌ
කොටින්ම නිකන් හිටියත් ඌ

ඌ ඌ ඌ

මේ යකා මගේ ඔලුවම කාලා...

ගහගත්තා මූණ කොට්ටෙ අස්සෙ

"අයියෝ ඒ ගමන මොන යකාද??"

ෆෝන් එකත් එක වෙලාවකට දාරානිපාත වදයක්

"හෙලෝ"

නම නොබලම ෆෝන් එක තියාගත්තා කනේ

"අඩෝ හොබියෝ"

..............

"මොකක් උඹ එනවා.. කවද්ද?"

.................

"මගෙත් කැම්පස් ලබන සතියෙ පටන් ගන්නවා.. අවුලක් නෑ මන් උබව ගන්න එන්නම්.. අන්තිම්ට උබත් එහෙනම් එනවා"

පැයක් විතර හොබියා එක්ක ඕපේ කතා කලා

හොබියා ෆෝන් එක තිබ්බට පස්සෙ මන් පොඩ්ඩක් පහලට ගියා
අයියා කාමරේ
ජිමින් අයියලත් ගිහින්

මන් ආයේ කැරකිලා කාමරේට ආවා
.
.
.
.
.
.
.

ආයේ දවසක්.. තව දවස් 4යි
ඊට පස්සෙ කැම්පස්
අයියා එහේ වැඩ ටික බලාගත්ත එක මට ලොකු උදව්වක් වුනා..

දවස් හතරයි කියලා නෑ ඉතින් ආව වෙලාවේ ඉදන් වැඩ

තුන පහු වෙද්දී තමා කට්ටිය අඩුවුනේ

"ටේහ්‍යුන්ග්"

"කියන්න ශියා?"

"දැන් මෙහෙන් ගියාම ආයේ එන්නෙ නැද්ද?"

"මන් ෆ්‍රී වෙලාවට එන්නම්කෝ..."

අපේ කතාව අස්සට ආවේ ජේක්

"හැබැයි ආවේ නැති උනොත් නේ"

"ෆ්‍රී වුනාම අනිවා එනවා"

"ටේහ්‍යුන්ග් මට ඔයා එක්ක කතා කරන්න ඕනේ"

"කියන්න ජේක්"

"හවස යද්දි?"

"අහ්හ්හ්???"

අපි දෙන්නගේ කතාව එක්ක ශියා යන්න ගියා..
ඒත් ජේක්‍ට මොනාද මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ??

"ඇයි බැරිද?"

"නෑ නෑ එහෙම එකක් නෑ ජේක්.. යද්දි කතා කරමු"

ජේක් ගියා
මූට මොන යකෙක් වැහිලද

.
.
.
.

වැඩ ඉවර කරලා ගෙදර යන්න එලියට බැස්සෙ
ජේක් මන් එනකන් බලාගෙන

මාත් ගියා ලගට

"යමුද?"

මන් ලගට යද්දිම ජේක් ඇහුවා..

"යමු"

අපි දෙන්න කතා කර කරම ඉස්සරහට ගියා

"ඉතින් මොනාද මට කියන්න තියනවා කිව්වේ?"

"ලොකු දෙයක් නෙමෙයි"

"එහෙනම්"

හෝල්ට් එක පේන මානේ...

ජේක් නැවතුනා

මන් හැරිලා බැලුවේ එයා දිහා

"මොකෝ?"

මන් ලගට ඇවිත් මගේ අතකින් ඇල්ලුවා
මේ මොකද මේ...

"ටේහ්‍යුන්ග් මට ඔයාට කියන්න දෙයක් තියනවා"

"ඉතින් කියන්න"

මන් ශේප් එකේ අත ගන්න ගමන් කිව්වා

"මන්.... මන් ඔයාට.... ටේහ්‍යුන්ග් මන් ඔයාට ආදරේ කරනවා මන් හිතන්නේ"

මොකක්?? මූ මොනාද මේ කියන්නෙ? මන් තාම හිටියේ එයා දිහා බලන්

පිස්සුද හැටිද
මන් කවදාවත් හිතුවෙ නෑනේ මෙහෙම එකක්

"ටේහ්‍යුන්ග් කියන්න ඔයා මට කැමති නේද?"

"ජේක් ඔයා මොනාද මේ අහන්නේ?"

මන් එයාගෙන් අඩි දෙකක් එහාට වුනා

"ප්ලීස් කියන්න ඔයත් ආදරෙයි නේද?"

"ජේක් ඔයා මගෙ යාලුවෙක්.. මන්... මන් කවදාවත් එහෙම හිතුවේ නෑ ජේක්"

"එහෙම කියන්න එපා... ප්ලීස්... ඇයි මට කැමති නැත්තේ?"

අයියෝ මේ මොන පරාලයක්ද
මන් මොකක්ද කියන්නේ
මන් කැමති නෑ යකෝ කිව්වට මූ අහන්නේ නෑ
හේතුවක් මොකක්ද හේතුවක්

"මට කොල්ලෙක් ඉන්නවා"

මොකක්ද ඒ මන් කිව්වේ?
ඇයි යකෝ කෙල්ලෙක් නොකියා කොල්ලෙක් කිව්වේ?

"මොකක්? බොරු... ඔයා බොරු කියන්නේ?"

"ඇයි මන් බොරු කියන්නේ?"

"කවුද ඒ? කවුද මගේ ටේහ්‍යුන්ග්ව මගෙන් උදුර ගන්න යන්නේ?"

මේ මොන මගුලක්ද? මන් කොහොමද යකෝ තොගෙ උනේ?

"ජේක් ප්ලීස් විකාර කියවන්න එපා"

"කවුද? කියන්න කවුද ඒ?? ඔයා බොරු කියන්නේ?"

"මන් ඇත්ත කියන්නේ මට ඉන්නවා කෙනෙක්.. නම... මේ එයාගේ නම ජංකුක්"

ඊ ටේහ්‍යුන්ග් තෝ මොනාද මේ කියවන්නේ
ජංකුක් කොහොමද යකෝ තොගෙ කොල්ල උනේ

"ජංකුක්??"

"ඕ..... මේ මන් යනවා"

තව වෙලා හිටියොත් මන් මොන කුනුහරපයක් කියවයිද දන්නේ නෑ

මන් ටග්ගලා දුවලා ආවෙ හෝල්ට් එකට...
එද්දිම මොරටුව පිටකොටුව බස් එකක්
එල්ලුනා මන්
යනකන්ම කල්පනා කලේ ජේක් කිව්ව ඒවා
ඒවට මන් කිව්ව ඒවා

ටේහ්‍යුන්ග් උබ මේ කරන්නේ වැරැද්දක්
ජංකුක් කියන්නේ ඔයගේ කවුරුත්ම නෙමෙයි

එච්චරයි

ගෙදර හෝල්ට් එක ලගට යනකන් හිතුවේ හෙට වැඩට යන්නෙ කොහොමද කියලා..

මට බෑ අර යකා එක්ක ආයේ වැඩ කරන්න..

මැසේජ් එකක්ද කොහෙද ෆෝන් එක වයිබ්‍රේට් වුනා

ජේක්....

"සොරි ටේහ්‍යුන්ග්.. මන් හිතේ තියන දේ කිව්වේ.. මන් ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ ආව පලවෙනි දවසෙ ඉදන්.. ඒත් ඔයා වෙන කෙනෙක්ගේ.. හෙට වැඩට එන්න.. මේ ඔක්කොම අමතක කරමු"

පව් කියලත් හිතෙනවා
ඒත් බොරු බලාපොරොත්තු දෙන්න බෑ මට
මගේ තුන් හිතකවත් එහෙම මගුලක් තිබ්බෙ නෑනේ
මාත් දැම්මා රිප්ලයි එකක්

"👍👍"

වැඩි කතා කොහොමත් එපා...

ගෙදර එද්දී කාලෙකට පස්සේ තාත්තා ඇවිල්ලා



හායි ගායිස්...
ආයේ හම්බෙමු

Plzvote and comments
🌸🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top