13

"ටේහ්‍යුන්ග් මන් ඔයාට කැමති...."

නිකන් මට වෙලාව නැවතුනා වගේ හිතුනේ
කිසිම සද්දයක් නෑ
ජංකුක්... ඔව් එයා මන් දිහා බලන් මගෙ අතත් අල්ලන්
මට ඒ ඇහුන දේ ඇත්තද?
නෑ එයා එහෙම කිව්වෙ නෑ

"මොක...ක්ද.. ජ..ංකුක් ඔයා කිව්වේ?"

"මන් තමුන්ට ආදරෙයි"

මන් ඇදලා ගත්තා අත් දෙක
නැගිට්ටා

"විකාරද ඔයාට අහ්?"

එතකොටම ජංකුකුත් නැගිට්ටා

"ඇයි?"

"මන් අයියට කෝල් කරන්න කලින් යනවද මෙතනින්"

"ඇයි මට කැමති නැද්ද"

"නෑ"

එච්චරයි
මන් එන්න ආවා

මොන විකාරයක්ද? ඔයා කොහොමද ඔහොම ඇදුමක් ඇදන් මගෙන් එහෙම අහන්නේ? ඊයේ අර කෙල්ලට නම්බරේ දීලා... අහ් තව කාටද ලව් කරනවත් කිව්වා

මගේ ඔලුව විකාරවලින් පිරිලා

"මොනාද මිස් ඕනේ?"

මන් ආයේ වැඩ පටන් ගත්තා..
තාම අර යකා ඉන්නවා
කන්නෙත් නෑ
මන් දිහා බලාගෙන ඉන්නවා

මාත් ගණන් ගත්තෙ නෑ

ටික වෙලාවක් ඉදලා නොකාම නැගිට්ටා
ඔන්න එනවා මගෙ පැත්තට

මන් ගණන් ගත්තෙ නෑ

"මන් හෙට එනවා තමුසෙලගෙ ගෙදර"

මන් ඒත් ගණන් ගත්තෙ නෑ

මිනිහා ගියා

එතකොටයි මට හුස්ම ගන්න මතක් වුනේ

ජේක් ඒ වෙද්දිත් මගේ පිටිපස්සෙ

"කවුද ටේහ්‍යුන්ග් ඒ? මොනාද එයා කියන්නේ?"

මූටත් ඕනේ නැති මගුලක් නෑ

"මන් දන්න කෙනෙක්.."

මන් ජේක්වත් මග ඇරලා ගියේ චේන්ජින් රූම් එකට..
දොර ඇතුලෙන් වහගෙන මන් පොඩ්ඩක් වාඩිවුනා

නෑ එයා ඒ කිව්වෙ බොරු
එයා කොහොමද මට ආදරේ කරන්නේ
අයියා දැනගත්තොත්
ඒත් එයා දැනටමත් දන්නවද
තාත්තා මේවා දැනගත්තොත් ආයේ මාව යවයි
එදා මන් දැක්ක හීනේ
ඔව් එයා හිටියටත් වඩා මට වයිර කරයි
ඔව් මන් එයාව මග අරින්න ඕනේ

මාත් එක්කම ඔහේ මන් කියව ගත්තා
මාව වෙව්ලනවා වගේ
මට ලොකු බයක් දැනුනා

ආදරේ කිව්ව නිසා නෙමෙයි
ඒත් එයා හැමදාම ගෙදර එනවා අයියා එක්ක
මට එයාව ඈත් කරන්න බැරි වුනොත්

මට හිතගන්න බෑ මොකක්ද කරන්නේ කාටද මේවා කියන්නේ

ඒත් ටේහ්‍යුන්ග් මේවා ඇත්ත නෙමෙයි නම් ඔයා ඔහොම ඔච්චර හිතන්න එපා

මන් මටම කියාගෙන නැගිට්ටෙ කවුරුහරි දොරට තට්ටු කරන නිසා

"ටේහ්‍යුන්ග් මොකද උනේ?"

ඒ ශියා

"නෑ මගේ ඔලුව කැක්කුමක් ආවා"

"එහෙනම් ඔයා අද කලින් යන්න.. මන් සර්ට කියන්නම්"

"කමක් නැද්ද?"

"අයියෝ කමක් නෑ"

ශියා කිව්ව නිසා මන් ගෙදර එන්න ආවා..
අයියට දැම්ම මැසේජ් එකක්

"මන් අද කලින් ගෙදර යනවා"

එතකොටම රිප්ලයි එකක්

"මොකේද කොහොමද යන්නෙ? ඇයි කලින්?"

"‍යන්නෙ බස් එකේ, වාඩිවෙලා යනවා සීට් තිබ්බොත්i, ඔලුව කැක්කුමයි"

එතකොටම කෝල් එකක්

"අයියේ"

"ඉන්නවා ජංකුක් ඔය පැත්තට ආවා.. මන් ඌට ඔයාව බස්සන්න කියන්නම්"

‍යකෝ මන් ඌ නිසා කලින් ගෙදර යන්නේ, මේ යකා ඌව එවන්නම්ලු

"එපා එපා අයියේ.. මන් මේ හෝල්ට් එකේ"

දැන් මන් ටිකක් මේ පැත්ත ගැන දන්නවා.. ඉතින් හෝල්ට් එකේ නොවුනත් හෝල්ට් එකේ කිව්වේ අර යකාව අයියා එවයි කියලා

"හරි එහෙනම් ගෙදර ගිහින් මැසේජ් එකක් දාපන්"

හා කියලා ෆෝන් එකත් සාක්කුවට දාන් මන් හෝල්ට් එකට ඇවිදගෙන ගියා...

ටික දුරක් ඇවිදගෙන යද්දී හොදට දැකලා පුරුදු කෙනෙක්

"ජංකුක්"

ඉබේම කියවුනා

මූත් නැති තැනක් නෑ
ඒත් පොඩ්ඩක් ඉන්න
කවුද ඒ
කෙල්ලෙක්? මන් ටිකක් කිට්ටුවට ගියා

ඔව් ඒ කෙල්ලෙක් තමා

මූව තියන්න ඕනේ උලක

යකෝ මට දැන් මගුලේ ආදරයක් ගැන කියලා එන ගමනුත් මූ කෑලි ටෝක් කරනවා

ඉදපන් දෙන්නම් වැඩක්

මන් ගියා කඩාගෙන ජංකුක් හිටිය තැනට

පොර බයික් එකේ
කෙල්ල බයික් එකට නගින්න හදන්නෙ
මන් ගියා ලගට

"අහ් ජංකුක්..."

කියාගෙන මන් ගැහුවා පිටට

ගැස්සුනා ඒකා

"ටේහ්‍යුන්ග්?"

ඔව් මන් තමා.. ඇයි තමුසේ බය වුනාද?

"ඔව් මන් තමා ජංකුක්.. කොහෙද මේ?"

"මන් මේ....

"ජංකුක් මේ කවුද?"

කෙල්ල අහපි

මන් ද? මන් තොගෙ කොල්ලා පස්සෙන් යන කොල්ලා

"මේ ටේහ්‍යුන්ග් නිචී.. මේ ජූන්ගේ මල්ලී"

"ජූන් අයියගේ මල්ලිද? කොහොමද මන් නිචී"

යකෝ අපේ අයියත් දන්නවා වගේ.. මූව මන් මරනවා කාලකන්නියා

"අහ් ඔයාලා කොහෙ හරි යන්නද? මන් එහෙනම් යනවා ජංකුක් නිචී"

ජංකුක්ගේ හූම් සද්දයක් නෑ
තක්කඩියා
ඉදපන්කෝ

මන් ආවා එන්න
මොන කෝලම්ද

එද්දිම බස් එක එනවා
තව පොඩ්ඩෙන් මේකත් මිස් වෙනවා

නැග්ගා බස් එකට
හෝල්ට් එකෙන් බහිනකන් සින්දුවක් අහන් ආතල් එකේ ආවා
.
.
.
.
ගෙට ගොඩ වෙද්දිම කෝල්
අයියා

"මන් දැන් ආවා විතරයි"

"හා හා මන් පරක්කු නිසා බැලුවේ"

මන් තිබ්බ ෆෝන් එක

කෙලින්ම කාමරේට
නෑවා
ආවා පල්ලෙහාට

"ලිලී ඇන්ටි බොන්න මොනාහරි"

"බබා.. මොකෝ අද කලින්"

"අද ආවා අනේ"

මාත් එක්ක කියව කියවම ඇන්ටි මට ජූස් එකක් හදලා දුන්නා

ඒක අරන් සාලෙට එද්දී පුල පුලා බලාගෙන ඉදපු කෝල් එක
එක පාරම ගන්න නරකයි
එක පාරක් රින්ග්ස් ගිහින් නැවතුනා
ආයේ ගන්නවා

"ඇයි??"

"කලින් ඇයි ගියේ?"

"ඇයි අහන්නෙ?"

"ඒ මගේ නංගි කෙනෙක්"

ඔව් ඉතින් නංගිලා එක්ක තමා තමුසේ යාලු වෙන්න ඕනේ..

"ඉතින්"

"අහනවා ජූන්ගෙන්.. නිචී කියන්නෙ මගෙ මාමගේ දුව"

"දැන් ඇයි මට ඕක කියන්නෙ"

බීම එකත් අරන් ඇවිත් සාලෙන් වාඩිවුනා

"තමුසේ මන් ගැන් වැරදියට

"මන් ඔයා ගැන හරියටවත් වැරදියටවත් හිතන්නෙ නෑ ජංකුක්.. මේ මොන ජවුසමක්ද"

"එහෙමද?"

"ඔව්"

තිබ්බ මන් ෆෝන් එක
සැර වැඩිද මන්
එත් එහෙම තමා ඉන්න ඕනේ

ඒත් දැන් පොඩි සැනසීමක් හිතට දැනුනා
ඒ එයාගේ නංගී
ඒක තමා අපෙ එකාවත් දන්නේ
අයියා ආවම තව විස්තර ටිකක් අහන්න ඕනේ

ජූස් එකත් බීලා කෝප්පේ කුස්සියෙන් තියලා මන් කාමරේට ආවේ පොඩි ඇලට් එකක් දාන්න

කලින් ආව එකේ පල නෙලාගන්න එපැයි....
.
.
.
.

"මල්ලී"

කවුරුහරි මගේ ඔලුව අත ගානවා වගේ
මන් හීනියට ඇස් දෙක ඇරියා
අයියා
එයා මගේ ඔලුව අත ගානවා

"හ්ම්ම් මොකෝ?"

මන් ඇස් දෙකත් පොඩි කර කර ඇහුවා

"මොකෝ තමුසෙ අද කලින් ආවේ?"

"ඔලුවෙ කැක්කුමක් ගත්තා ඕයි. දැන් හරි"

"අමාරු නම් බෙහෙත් ගන්න යමන්"

"එපා.. මේ දැන් වෙලාව කීයද?"

"හතට ළගයි"

"හ්ම්ම්ම් මරලා වගේ නින්ද ගියා අයියේ"

"අහ් මේ අපේ එක්සෑම් ලබන සතියෙන් ඉවරයි.. වැඩට යන්න වෙන්නෙ ලබන සතියෙ විතරයි උබට"

"හ්ම්ම්ම්"

මට කිසිම හැගීමක් නෑ ඒ ගැන.. මට තියෙන්නෙ බයක්
ජංකුක් ඉන්නවනේ කැම්පස් එකේ

"මේ පහලට එනවා කන්න"

අයියා ගියා
ෆෝන් එක ගද්දී මැසේජ් පෝලිමක්

ජේක් - ගෙදර ගියාද?
හොබියා - මොකෝ වෙන්නේ කොල්ලො?
තව ගෘප් මැසේජ් ගොඩයි
ඒ අස්සෙ
ජංකුක්
"මන් හෙට ආවම අල්ලගන්නම්"
අල්ලගනී මගේ නැට්ට

මැසේජ් එක බලලා ෆෝන් එක පැත්තකින් තියලා මන් ගියා පහලට කන්න..
අයියගෙන් අර නිචීද කිචීද ගැනත් අහන්න ඕනේ

කන ගමන් මන් හැරුනේ අයියගේ පැත්තට

"මේ අයියේ"

මේ යකා ගිලිනවා ගිලිනවා පුදුම කෑමක්

"ඕයි අයියේ"

"කියපන්"

"අද මට ජංකුක්ව හම්බුනා.. නෑ මේ ජංකුක් අයියව"

"අහ්හ් ඒ කොහෙදිද?"

මන් මොනා කිව්වත් අයියා කන එක නම් නතර කලේ නෑ.. මලපෙරෙතයා

"අපේ කඩේ හරියේ.. කෙල්ලෙක් එක්ක"

"සිරාවට? මොන වගේද කෙල්ල? ලස්සනද?"

යකෝ කන එකත් නතර කලා
මුන්ට කෙල්ලෙක් ගැන් කියන්නම ඕනේ කටින් වචනයක් ගන්න

"හ්ම්ම්"

"කියනවකෝ මල්ලී"

"උසයි සුදුයි කොණ්ඩෙ දිගයි නම නිචී"

මන් ඕනවට එපාවට කිව්වා

"උබ මේ නිචී ගැනද ගොනෝ කිව්වේ? මන් හිතුවෙ අපේ එකාගේ අලුත් එක ගැන කියලා"

"ඇයි එයා එක්ක මුකුත් නැද්ද ජංකුක්ට... අයියට?"

මන් කොයි වෙලේ හරි අයියට මාට්ටු වෙනවා.. කටක් ඇරලා මේ යකාට අයියේ කියන්න මට බෑ මගුල

"නෑ ඒ මාමාගේ දුව.. හැබැයි ජංකුක්ගෙ තාත්තයි මාමායි නිචී කියන කෙල්ලයි තුන් දෙනාම අපේ එකයි ඒ කෙල්ලයි සෙට් වෙනවට නම් කැමති"

"ඇයි ඒ?"

"සල්ලිනේ බන්"

"ඒ කිව්වේ?"

"නිචී කියන්නේ වයිජී එකේ එකම අනාගත හිමිකාරියා ඕයි"

"මොක?? වයිජී එකේ??"

මගේ ඇස් දෙක කටේ ගියාද මන්දා

යකෝ වයිජී කියන්නේ මෙහෙ තියන ලොකුම බිස්නස්වලින් එකක්

"ඔව් හිතපන් වයිජී එකයි ජියෝන් එකයි එකක් වුනොත්"

"හ්ම්ම්"

මට ඒක හිතන්නත් බයක් දැනුනා

ඉතින් මට මොකෝ.. මන් ආයේ මුකුත් ඇහුවේ නෑ.. ඒත් අයියා ඔහේ කියවනෝ ජංකුකුයි අර කෙල්ලයි ගැන.. ඔව් ඉතින් ඒකීගේ අවුලකුත් නෑනේ

කෑවා
ඕනේ ටික අහගත්තා
මන් නැගිටලා රිංගුවා කාමරෙට

ෆෝන් එක නෑ ඕනේ නෑ..
මන් ලයිට් ඕෆ් කරලා නිදාගත්තා..
.
.
.
.
.

උදේම නැගිටලා වැඩට ගියා.. අද අයියා කැම්පස් ගියේ නෑ.. තව සතියකින් මගෙත් කැම්පස් පටන් ගන්නවා.. හෙට ඉදන් අයියලට විභාගේ.. ඉතින් අවසාන පාඩම පාඩම් කරන්න අද ඔක්කොම අපේ ගෙදර එනවලු.. ඒ නිසාම මන් උදේම පැනගත්තා..

හවස අයියට කරදර කරන්න බැරි නිසා සුපුරුදු විදිහට බස් එකේ ආවා..

අපෝ එද්දිම දැක්කේ අර යකාගේ හුචක්කුව

"ඒ කියන්නේ තාම මෙහෙ"

මන් අද පැයක් පරක්කු වෙලත් ආවේ මූව මිස් කරගන්න.. කොහෙද ඌ කපටි මට වඩා..

මන් සද්දයක් නොකර ගේ ඇතුලට ගියා..

බලු බල්ලෙක් පේන්න නෑ

මගේ ගෙදර මටම හොර පූසෙක් වෙන්න වුන හැටියක් කියලා හිතන ගමන් මන් හොර පූස් ස්ටයිල් එකට උඩට යන්න හැදුවේ..

"ඒයි....."

ඉදිරියට තිබ්බ පය මන් උස්සගෙනම හැරුනා


හායි ගෑනු ළමයිනේ
ඊලග එකෙන් සෙට් වෙමු

plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top