12
එතකොටම ජංකුක් ගත්තා මගේ මිල්ක් ශේක් එක
මට මුකුත් කියන්න වුනෙත් නෑ, මෙන්න මූ බොනවා.. ඒයි මගේ බටේ යකෝ
"ඒකත් රසයි නේ.. ඕනද මගෙ එකෙන්"
තොගෙ එකෙන් දීපන් මන් කියන්නෙ නෑ ජංකුක් තමුසෙට ආයේ..
"එපා..."
ගත්තා මගේ මිල්ක් ශේක් එක එක හුස්මට බිව්වා.. ආයේ මූ බිව්වොත් එහෙම
එතකොටම ජංකුක් මගේ කන ළගට ළං වුනා..
"රසද?"
මොකක්?? මට මූ කරන ඒවා නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් ප්‍රශ්නෙ මේ යකා නටන නාඩකම් ඔක්කොම නටනකන් අපේ අයියට පේන්නේ නැති එකනේ..
මන් ඔරවලා බලලා ආයේ කන්න ගත්තා.
"මේ අරයා ඇයි කතා නැත්තෙ?"
එතන හිටිය හෝන්තුවක් මගෙ පැත්තට අත දික් කලා
"අහ් මෙයාද? මෙය මේ ඊයේ රට ඉදන් ආවේ"
මොන කෙබරයක්ද ඒ?? මේ ජිමින් අයියා මේ කෙල්ලො ටික ආතල් එකට අරන් වැඩි
කෙල්ලො ටික කාලා ඉවරයි
"මෙන්න මිස් බිල් එක ඔයාලගෙ"
එතන හිටිය කෙල්ලෙක් බිල් එක අරන් කාඩ් එක දික් කලා
"අපි එහෙනම් යනවා බෝයිස්"
කෙල්ලො තුන නැගිට්ටෙ ආයේ වේටර් ඇවිල්ලා කාඩ් එක ගෙනල්ලා දුන්නට පස්සෙ..
එලියට යනව වෙනුවට එක කෙල්ලෙක් ආවෙ මායි ජංකුකුයි හිටිය පැත්තට
"ඔයාගේ නම්බර් එක දෙනවද?"
මොකක්?? මුගෙන් නම්බර් එකත් ඉල්ලනවා.. බලමුකො දෙනවද කියලා.. හැබැයි දුන්නොත් නේ..
ඉතින් මට මොකද
කියලා හිතද්දිම මෙන්න මූ දුන්නා නම්බර් එක.. මන් බැලුවා මූණ දිහා හොදට
"තැන්කිව්"
කෙල්ල ගියා
"මේක කරන්න බෑ ඕයි.. හැමදාම මූටමනෙ සෙට් වෙන්නෙ.. ඔච්චර ගෑනු බැදලා උබ කොහෙ තියාගන්නද ජංකුක්"
ජිමින් අයියා විහිලුවටද කොහෙද අඩනවා.. ඒත් මගේ හිතට මොකක්දෝ අමුතු දුකක් ආවා.. ඒත් ඇයි? මට වැඩක් නෑනෙ..
ඒත් මන් ජංකුක් ගැන තේරුම් ගත්තා
එයා... එයා සෙල්ලක්කාර ලස්සන පෝසත් කෙල්ලො ගොඩක් ඉන්න කොල්ලෙක්...
එච්චරයි..
මට කන එකත් එපා වුනා..
මන් නැගිට්ටා
"ඉවරද කාලා?"
ජංකුක් ඇහුවා.. අනිත් අයත් බලන්
"ඔව් මන් කාර් එකට යන්නම්.. යතුර දෙනවද"
ජිමින් අයියා සාක්කුවෙන් යතුර අරන් දුන්නා
මාත් ඒක අරන් කාර් එකට ගිහින් ඉස්සරහෙන් නැග්ගා
නැගලා ඒසී එකත් ඔන් කරන් මන් සීට් එකට හේත්තු වුනා..
.
.
.
.
.
.
.
.
.
.
.
"ටේ නැගිටපන්"
"අහ්හ්හ්හ්"
මන් ඇස් දෙකත් පොඩි කර කර ඇස් දෙක ඇරියා
"කොහෙද මේ?"
මගේ මූණට එබිලා හිටියේ අයියා
"ගෙදර"
මන් බැලුවා වටපිට.. හුටා නින්ද ගිහින්ද මට
මන් කාර් එකෙන් බැහැලා බලද්දි අයියා බෑග් ටිකත් අරන්
"පරිස්සමෙන් මුන් දෙන්නවත් බස්සන් උබ පලයන් යුංගි"
මාත් කට්ටියට අත වනාගෙන ඇතුලට ආවා බෑග් එකත් අරන්
අම්බෝ මාර මහන්සියි
හෙටම බෑග් එකත් අස් කරන්න හිතන් වොශ් එකක් දාන් ඇදට ආවා..
"ටේ උබ නිදාගන්නවද?"
"ඔව් ඇයි අයියේ?"
"නෑ නෑ.. හෙට උදේම නැගිටපන් වැඩනේ"
"මන් එලාර්ම් එක තියන්නම්"
අයියා ගියා එයාගේ කාමරේට
මන් ගත්තා ෆෝන් එක
එලාම් එක තිබ්බා උදේ 7ට
එතකොටම මැසේජ් එකක්
ශික් අර යකා
කොහෙද අත එක පාරට වැදිලා චැට් එක ඕපන් වුනානේ
"අපි ගෙදර ආවා"
ඉතින් මට කියන්නේ ඇවිත් නාවලා දොයි කරන්න කියලද දන්නෙ නෑ..
ඔයා මන් හිතන ජංකුක් නෙමෙයි.. මට එපා.. කොහොමත්ම මන් ළං වෙන්නේ නෑ.. මට ඈත් කරගන්න බැරිවෙයි
මන් ඩේටා ඕෆ් කලා..
විනාඩි පහක් යන්න ඇති කෝල් එකක්
"ජංකුක්🐰"
අයියෝ වදයක් ඔයා මට
"මොකද ජංකුක්?"
"මැසේජ් එකට රිප්ලයි නැද්ද?"
"මේ ජංකුක් මේක ඇති දැන්"
"මොකක්ද?"
"මොකද තමුසෙ මට වද දෙන්නෙ? ප්ලීස් වදයක් වෙන්න එපා"
"ඇයි? ඇයි මොකද?"
"මේ ජංකුක් අහනවා මන් කියන දේ.. ඔයා මගේ අයියගෙ යාලුව නිසා ඉවසන්නේ, ජිමින් අයියා යුංගි අයියා මට මෙහෙම වද දෙන්නෙ නෑ"
"කොල් මැසේජ් එපාද?"
"එපා"
"අර කෙල්ලට නම්බරේ දුන්න නිසාද අවුල්?"
"මට මොකද ඕයි කාට නම්බරේ දුන්නත්?"
"එහෙමද හා"
මන් තිබ්බ ෆෝන් එක
මොන විකාරයක්ද
මට බයයි
මන්... මන් එයාට ආදරේ කලොත්
කරන්න පටන් අරන්ද දන්නේ නෑ
ඒත් එයා මට හරියන්නෙ නෑ
ඒ නිසා මන් ඈත් වෙන්න ඕනේ
ඔක්කොම අමතක කරලා ඇස් දෙක පියන් මන් කල්පනා ලෝකෙට වැටුනා
.
.
.
next day
වෙනදා වගේම අයියා කැම්පස් මන් වැඩ
උදෙ පට්ට සෙනගක් හිටියේ
ටික ටික සෙනග අඩු වෙලා හවස තුනට කිට්ටුයි
"මට සැන්විච් දෙකක්"
හොදට පුරුදු කට හඩක්
ක්ශනිකව බැලුවා මන්
"ජංකුක්"
"ඔව්"
"ඔයා මොකද මෙහෙ? මන් තමුසෙට....
"මගේ ඕඩර් එක දෙනවද?"
"අහ්හ්හ්..."
මාර ලොකුකමක්..
"මෙන්න"
ප්ලේට් එකට දාලා දුන්න සැන්ඩ්විච් දෙකත් අරන් බීම දෙකකුත් අරන් ගියේ කැශියර් එක ලගට
බිල් කරගෙන ගිහින් කෙරෝලෙම ටේබල් එකේ ඉදගත්තා
කෝල් එකක්
මෙතන ඉදන් මොකද මේ යකා මට කෝල් කරන්නේ??
"ඇයි?"
"එනවා මෙතනට"
"මට බෑ"
"එනවා කියන්න දෙයක් තියනවා"
"මෙහෙම කියන්න"
"එනවද නැද්ද"
මාර දාරානිපාත ඇනයක් මූ නම්
මන් ඉතින් ශියාට පොඩ්ඩක් බලන්න කියලා ගියා..
ජේක්ගේ ඇස් ජංකුක් ළග
"ඇයි?"
"වාඩිවෙන්න"
"වාඩිවෙවි ඉන්න බෑ මට වැඩ තියනවා"
"හරි ඔයා වාඩි වෙනකන් කියන්නෙ නෑ"
මටමයි මේ හිතුවක්කාරකම්වලින් පරක්කු වෙන්නෙ
ඉතින් මන් වාඩිවුනා
"කියන්න ඉක්මනට"
"මොනාද?"
මොනද අහන්නෙ ඕයි දැන් එන්න කිව්වේ.. අයියෝ අයියට වගේම මූටත් ට්‍රැක්
මේ මට වැඩ තියනවා කියලා නැගිටින්න යද්දිම එයා මගේ අතින් ඇදාලා ආයේ වාඩි කෙරෙව්වා
"මිනිස්සුත් බලන් ඉන්නවා"
"ඉතින් මන්ද නටන්නේ මෙතන.."
"හරි ජංකුක් මට වැඩ තියනවා, කියන්න තියන එකක් කියන්න"
.
.
.
.
.
.
.
.
at cmpus
"ජිමිනා කෝ ජංකුකා"
"කෑල්ලක් බලන්න යනවා කිව්වේ?"
"මේ මූ ලගදි ඉදන් මොකක් හරි හංගනවා"
යුංගි ජූන්ගේ කරට අත දාන ගමන් කිව්වා
"හ්ම්ම් ඔව්ව් මටත් හිතෙනවා"
"ගනින් කෝල් එකක්"
"ගත්තා නෝ ආන්සර්"
"ඌ අන්කල් එක්කත් වලි.. ඒ ගමන මොන මගුලක් කරන්න යනවද දන්නෙ නෑ"
"ජිමින් පොඩ්ඩක් බලපන් ඌ ගැන.. අපිට වඩා උබ එක්කනේ හැම මගුලම කියන්නෙ"
"හරි හරි බන්.. මේ ජූන් මට උබෙන් අහන්න දෙයක් තියනවා"
"මොකක්ද?"
"නිකමට හිතපන් උබේ මල්ලිට කොල්ලෙක් කැමති උනොත්"
"ජිමින් මේ කෙලින් අහපන්"
"මොකක්ද?"
"උබ ටේට ලව් ද?"
"ඔන්න ඇහුවා ලබ්බක්.. විකාරද ඌ මගේ මල්ලි වගේ"
"යුංගී මූ ටේ ගැන ඔය වගේ දෙයක් ඇහුව දෙවනි පාර බන් මේ"
"ඔව් ජිමින් මොකක්ද අවුල.. එදා ට්‍රිප් එකේදිත් ඇහුවා"
"නෑ කියපන්කෝ.. අහපන් මන් ටේට ලව් නෑ.. ඒත් කියපන්කෝ උබ කමතිද මල්ලි කොල්ලෙක් එක්ක සෙට් වෙනවට?"
"මෙහෙමයි ඉතින් ඒක අරුම දෙයක් නෙමෙයිනේ.. හැබැයි තාත්තා මොනා කියයිද දන්නේ නෑ.. ටේත් කැමති නම් සලකලා බලනවා"
"හ්ම්ම්"
"හැබැයි උබලා තුන් දෙනා වගේ කෙනෙක්ට නම් දෙන්නෙ නෑ කපලා ගගක මුහුදක දැම්මත්"
"අනේ තියාගනින් උබේ නල්ලමලේ මල්ලීව"
ජූන්ට ලොකු සැකයක් ඇයි ජිමින් එහෙම අහන්නෙ කියලා.. ඒත් ඉතින් ඌ ඒකට උත්තරයක් දුන්නෙ නම් නෑ..
ඇත්තටම ජිමින් ටේට ලව් ද
.
.
.
.
.
.
.
at cafe
"හරි ජංකුක් මට වැඩ තියනවා, කියන්න තියන එකක් කියන්න"
"මොකද ඊයේ රෑ මට අරම කතා කලේ?"
"කොහොමද?"
"මැසේජ් කෝල් කරන්න එපා අරක මේක"
"ඉතින් ඇයි ඔයා මට මැසේජ් කෝල් කරන්නේ?"
"මන් තමුසෙව අදුරනවනේ"
"ඒත් ජිමින් අයියලා එහෙම නෑනේ"
"ජිමින් කියන්නේ ජිමින්ට.. ජංකුක් කියන්නේ ජිමින්ට නෙමෙයිනේ"
"ඉතින් ඕනේ නෑනේ"
"මොකක්ද ඕනේ නැත්තෙ?"
"මැසේජ් කෝල්"
"ඒත් මට ඕනේ"
"මට එපා"
"මට ඕනේ"
මායි ජංකුකුයි කතා කරනවා ශියායි ජේකුයි බලාගෙන
මන් දැක්කා ඒ පැත්ත බලද්දි
"පොඩි බබෙක් වෙන්න එපා ජංකුක්.. මට ඔයව හුරතල් කර කර ඉන්න වෙලත් නෑ ඕනේත් නෑ"
"එහෙමද?"
"ඔව්"
"මන් අර කෙල්ලට නම්බර් එක දුන්නෙ ආතල් එකට.."
"ඉතින්??"
"ඒකී ඊයේ මැසේජ් කලා"
"ඉතින්?"
"ඉතින් මේ බලනවා මන් බ්ලොක් කලා"
"මට පෙන්නන්නෙ ඇයි?"
"තමුසෙ තරහා වුනානේ?"
"මන් මොකටද ඒ තරහ වෙන්නේ? විකාරද? ඊයේ මන් කාර් එකට ආවේ නිදිමත නිසා"
"ටේහ්‍යුන්ග් "
"කියන්න"
මේ යකා මොනාද මේ කරන්නෙ? අයියෝ සර් ආවොත් මගෙත් බෙල්ල ගහලා යනවා
මන් අත් දෙක මේසේ උඩ පටලවගෙන හිටියේ
ඒත්... එයා.... ජංකුක්.. මගේ අත් දෙකම ඒ අත් දෙක අතරට හිර කරගත්තා...
මන් ඇස් දෙකත් ලොකු කරන් බැලුවෙ එයා දිහා
කෙල ගිලෙන්නෙත් නෑ
හුස්ම ගන්නත් අමාරුයි වගේ
"ජ...ං..කුක්"
"ටේහ්‍යුන්ග් මන් ඔයාට කැමති...."
හායි ගායිස
ඊලග එපියෙන් සෙට් වෙමු
plz vote and comment
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top