1
හායි
මේක මගේ අලුත් එක
ආස හිතුනා පොඩි වෙනසක් කරන්න
ඔයාලා කියවලා ඇතිනේ ශිප් ස්ටෝරි ඕනේ තරම්
මාත් කියවලා තියනවා
ඒත් මට හිතට වැදුන කියවන්න කියවන්න ආස හිතුන එක කතාවයි හම්බුනේ
ශිප් ස්ටෝරියක් කිව්වම ගොඩක් ඒවාවල තියෙන්නෙ කතාවකට වඩා sex කියන දේ ප්‍රමෝට් කිරිල්ලක්
ඒත් ඒ කතාත් මන් කියන්නේ ශිප් ස්ටෝරිත් ලස්සනයි ලස්සන කතාවක් එක්ක ගොඩ නගනව නම්
ඉතින් මන් කියෙව්ව කතාව එක්ක බලද්දි මටත් ආස හිතුන චූටි උත්සහයක් දරන්න
සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද දන්නේ නෑ
මොනා වෙන්නත් උත්සහ කරන්න ඕනේ කියනවනේ...
සරල ආදරයක්, ලස්සන යාලුකමක්, සහෝදර ප්‍රේමයක් ගැන තමා තියෙන්නෙ
18+ නෑ
කියවලා බලලා කමෙන්ට් එකක් දාන්න
🌸🌸
......................................................................................
"හෙට ප්‍රැක්ටිස් කැන්සල්"
කෝල් එක කට් කරපු ජූන් හැමෝටම ඇහෙන්න කියද්දී කට්ටියගේ මූණූ දෙල් වුනා..
"අනේ මොකක්ද බන්"
"හෙට මන් එයාර්පෝට් යනවා බන්.. "
"අඩෝ උබේ මල්ලී එනවද?"
"ඔව්ව්ව් ජිමින්.. ඌව එක්කන් එන්න යනවා.. අනිව අනිද්දා හවස සෙට් වෙමු"
"හ්ම්ම් හරි හරි එහෙනම් කමක් නෑ... උබේ ස්ටූඩියෝ එකේ අපිට ඕනේ දේවල් කරන්න බෑනේ"
"අනේ මේ යුංගි.. මෝඩ කතා කියවන් එන්න එපා.. මගේ උබලගේ කියලා....
"අපෝ ඇති යකෝ.. ආතල් එකට කිව්වේ"
ජූන් කියන්නේ හොස්ස ලගින් මැස්ස යන්න බැරි ඩෑල් එකක්.. කැම්පස් යන ගමන් ආතල් එකට සින්දු කියන්න පටන් ගත්තේ කොල්ලො 4 දෙනාම වැඩ්ඩෝ නිසා..
ජූන්, ජිමින්, ජංකුක්,යුංගි.......
උපතින්ම සල්ලි තිබ්බ නිසා කොල්ලො හතර දෙනාට ඉගෙන ගන්න ලොකු බලපෑමක් ගෙවල් වලින් තිබ්බෙ නෑ.. ඉතින් ආතල් ගන්න එකේ සීමාවලුත් ඉක්මවලා ෆුල් ආතල් එකේ කොල්ලො හතර දෙනා කාලය ගෙව්වා...
"එහෙනම් අදට ඇති.. අහපල්ලා, මතකනේ ලබන සතියේ කැම්පස් එකේ අර මොකක්ද මගුල තියනවා.. අපේ බෑන්ඩ් එක ප්ලේ කරන්න ඕනේ"
"මේ බන් අපි ඇයි කැම්පස් යන්නේ?"
ජිමින්ගේ ගොන් පැනයට යුංගි උත්තර දෙන්න කට ඇරියා..
"මන් නම් යන්නේ කැම්පස් එකේ ස්ටාෆ් එකේ පඩි ගෙවන්න... ඇයි දැන් උබට මොකක්ද දැනගන්න ඕනේ?"
"උබ කොහොමද එයාලගේ පඩි ගෙවන්නේ?"
"ගොන් ජිමිනයියේ, තෝයි මායි කැම්පස් ගිහින් කරන්නේ අතේ තියන සතේම ඒකට පූජා කරලා එන එකනේ. එහෙම කලා කියලා උබ ඒකෙන් ගන්න දෙයකුත් නෑ මන් ඒකෙන් ගන්න දෙයකුත් නෑ.. ඉතින් අපි යන්නේ දෙන්න විතරයි.... අපි වගේ උන් නැත්තම් කොහොමද උන් ඒ වැඩ කරන මිනිස්සුන්ගේ පඩි ගෙවන්නේ"
"අනෙ මේ යුංගි මන් කියන්නේ එහෙම මගුලක් නෙමෙයි.. අනික මන් දැන් ඉගෙන ගන්නවා..."
"උබ ඕක එක වසරේ ඉදන් බන් කියන්නේ 😂😂😂"
එතකොටම මෙච්චර වෙලා කට පියන් හිටිය ජංකුක් කට ඇරියා.
"අඩෝ අහපන්කෝ.... අපේ අම්මා ඇහුවා මට කෙල්ලෙක් ඉන්නවද කියලා"
"උබව ගෙදරට බරක් ජිමින්"
"අනේ මේ ඉදපන්.... මන් හෙට ඉදන් කෙල්ලෙක් හොයාගන්නවා. "
"ඒකත් හොදයි.. නැත්තම් උබට කැම්පස් එකෙන් ගත්ත දෙයක් නැති වෙනවනේ"
කට්ටියගේ කතාව නැගලම යද්දී ජූන් හිටියේ බර කල්පනාවක...
"ජූන් උබ අවුලකින්ද?"
පිටට තට්ටුවක් දාන ගමන් යුංගි ඇහුවා..
"අවුලක් නෑ කියන්නත් බෑ.. ඒත් හෙට ඉදන් තමා අවුල පටන් ගන්නේ"
"ඇයි බන්?"
"හෙට මල්ලී එනවනේ"
"ඉතින් ඒකේ මොකක්ද අවුල"
"ඌව රට යැව්වේ ගෙදරින් ඈත් කරන්න බන්"
"මොකක්?"
තුන් දෙනාගෙම කටවල් ඉබේම ඇරුනා...
"හ්ම්ම් ඔව්ව්.. මල්ලී හම්බෙන්න ගිහින් නේ බන් අම්මා නැතිවුනේ, ඉතින්...."
"ඉතින් මොකක්ද?"
"ඉතින් තාත්තා හිතන්නේ අම්මා අපිව දාලා ගියේ මල්ලී නිසා කියලා, බන් ඒ පොඩි එකා මොනා කරන්නද?"
"ඒකනේ යකෝ.. ඌ මොනා කරන්නද"
ජිමින් ජූන්ගේ තාත්තා ගැන කේන්තියෙන් ඇහුවෙ,
"ඒ නිසා තාත්තා කැමති නෑ මල්ලී එක්ක ඉන්න.. මොකද පොඩි එකා අම්මා වගේමයි කියලා හැමෝම කියනවා"
"අනේ අංකල්ට නටාගන්න කියපන් බන්.. උබලට එපා නම් මට දියන්"
"උබත් ගෙදර ඉන්නේ බෝඩින්කාරයා වගේ, ඉතින් මූගේ මල්ලිව එක්කන් ගිහින් උබ කොහේ තියන්නද 😂"
" හරි විහිලුව.. නවත්තගනින් උබේ හිනා යන්නේ නැති ගොන් විහිලු"
"හරි හරි අහපන් ජූන්, දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා බන්.. උබ බලපන් අංකල් පොඩි එකාට ආදරේ වෙයි"
"හ්ම්ම්ම් බලමුකෝ"
next day
unknown pov
ගොඩක් ලොකු ආසවක් හිතේ තියන් මන් මගේ පවුලේ අය ලගට ආයේ ආවේ..
තාත්තා වෙනස් වෙලාද
අයියා මට එදා වගේම ආදරෙයිද
හිතේ එකම ප්‍රශ්න කෝටියයි.. මන් දැන් එයාර්පෝට් එකට ඇවිල්ලා පැට භාගයකට කිට්ටුයි.. තාම අයියා නෑ..
"ඒයි පොඩි එකා"
ඔව් ඒ අයියා.. එයා මට එහෙමයි කතා කරන්නේ..
පොඩි එකා, මෝඩයා හැබැයි ආදරේ වැඩි වුනාම සුදූ, බබා කියලත් කතා කරනවා....
මන් ක්ශනිකව හැරුනා සද්දේ ආව පැත්තට..
"අයියේ"
මන් අඩියට දිව්වේ එයා ළගට.. යකෝ මූගේ උස.. අතක් මගේ කකුල් දෙකම තරම්....
"උබව දැක්ක කල් ටේ...."
"හ්ම්ම්ම් තාත්තා???"
"එයා බිස්නස් වැඩකට ගිහින්. අපි යමුද??"
මගේ කරට අතක් දාන් කියද්දී මට තේරුනා ඇයි තාත්තා ආවේ නැත්තේ කියලා... ඒ කියන්නේ එයා වෙනස් වෙලා නෑ .🥲
Pov end
"ඉතින් කොහොමද ටේ??"
"මේ ඉන්නේ හොදට"
"එන්න කලින්ම මන් කිව්වා උබට තාත්තගේ මගුල්වලට අවුල් ගන්නවා නම් එන්න එපා එහෙම ඉන්න කියලා"
"මන් අවුලෙන් නෑ..."
"මන් උබේ අයියා ගොනෝ ... මට උබ හැරෙද්දී කියන්න පුලුවන්"
"හ්ම්ම් හරි හරි ඕයි"
"මේ කාලා යමු නේ එලියෙන්... අහනවකෝ මට අද පට්ට සතුටුයි ඕයි"
"මන් ආව නිසාද??"
"පිස්සුද ඕයි? මන් කැමති කෙල්ල අද මට එද්දී හම්බුනානේ...
ශික්.. මරු අයියා.. යකෝ මන් මේ එන්නේ අවුරුදු 6කට පස්සේ.. මූ ඒකට සතුටු වෙන්නේ නැතුව කොහෙවත් ඉන්න උඩැක්කියක් හම්බුනා කියලා සතුටු වෙන හැටි
"හම්බෙලා මොකෝ උනේ?? ඒක නේ තමුසේ එන්න පරක්කු වුනේ??"
"අයියාට සමාව දෙන්න. මගේ ලොකේ එකම වස්තුව උබ.. "
"ඇති ඇති"
"මේ ඒක නෙමේ මන් ඒ අක්කව ඉක්මනට බැන්දම ඔයාට පාලුවක් නෑනේ.. ඒ නිසා අද ඉදන් නෑ අද මහන්සිනේ, හෙට ඉදන් මට එයාව සෙට් කරගන්න උදව් කරපන්"
"බලමු..."
දෙන්නා කතාවෙන් කතාව ආවේ කන්න ප්ලෑන් කරපු තැනට....
කිම් ටේහ්‍යුන්ග්.... ටිකක් සයිලන් පොරක්, කිම් නම්ජූන් හෙවත් ජූන්ගේ මල්ලි එහෙම නැත්තම් කිම් ගෲප් එකේ දෙවනි පුතා..
.
.
.
.
අවුරුදු 6කට පස්සේ මන් මගේ ගෙදරට ආවා.. හ්ම්ම්ම් නිකන් පාලු අම්බලමක් වගේ.... තාත්තා නෑ වගේ.. අයියා මගේ බෑග් ටික මැදි වයසේ ගෑනු කෙනෙක් එක්ක ඇතුලට ගෙනාවා...
"මේ පොඩි මහත්තයද ජූන් බේබී??"
"ඔව් ඔව්.... කොහොමද කොල්ලගේ ලස්සන?"
"ඇස්වහක් නෑ සුර දූතයෙක් වගේ... ඇත්තමයි"
මරු බටර් පාර.. අනේ මන් නම් අහුවෙයි ඕවට.. හැබැයි මන් හැන්ඩියා කියලා මන් දන්නවා, ඒකනේ කැම්පස් එකේ කෙල්ලෝ මන් පස්සේ ආවේ..
"ටේ මේ ඉන්නේ ලිලී ඇන්ටි... එයා තමා අපේ වැඩ ඔක්කොම කරන්නේ ඉතින්.."
"හෙලො ඇන්ටි.. කොහොමද"
"හොදයි පොඩි බබා. එන්න මන් බබාට කාමරේ පෙන්නන්නම්"
මන් ලිලී ඇන්‍ටි එක්ක උඩ තට්ටුවේ තිබ්බ මගේ කාමරේ පැත්තට යන ගමන් හිටියේ,
"මේ මොකක්ද?"
"ආ ලොකු බේබීගේ ස්ටූඩියෝ එක"
"වාව් මරුනේ... මාර ගති"
මන් ආසයි සින්දු අහන්න.. මට සින්දු කියන්න බෑ, ඒත් අහන්න නම් හොදට පුලුවන්...
"හෙට ඕකේ ලස්සන බලන්න බබා.. මහන්සිත් ඇතිනේ.. වොශ් එකක් දාන් එන්න මොනහරි බොන්න"
මාත් එහෙම්මම ඒ කාමරේ දොර වහන් මගේ කාමරේට ගියා.. ඇදට වැටුනේ තිබ්බ මහන්සියට.. ඇදුම් බෑග් එක තියලා ලිලී ඇන්ටි යනකන් ඉදලා මන් ඇස් දෙක පොඩ්ඩක් පියාගත්තේ විනාඩි 5න් ඇහැරෙන්න..
ඒත්.... විනාඩි 5ට මන් අවුරුදු 6ක් අතීතයට ගියා
"තාත්තා"
"ටේ.. තමුන් රට යන්නම ඕනේ"
"අයියේ කියන්නකෝ ඔයා"
"තාත්තේ ඇයි මේ මල්ලිව....
"ජූන්.... තමුන් මාත් එක එකට එක කියනවද? මෙයාට අපි එක්ක ඉන්න බෑ.. මගේ හේලී ගියේ... නෑ එයාව නැති කලේ මෙන්න මූ"
"තාත්තේ ඇති... මන් මගේ අම්මට ඔයා වගේම ආදරෙයි, මන් එයාව මරාගත්තේ නෑ..."
ටේ කෑගහන ගමන් ඔලුව අල්ලන් බිම ඉද ගත්තේ ඇස්වලින් හෝ ගාලා කදුලු බේරෙද්දී
"නවත්ත ගන්න තාත්තේ... ඔයා ඔය වගේ බොලද විදිහටද හිතන්නේ?? හරි මල්ලී හෙටම මෙහෙන් යනවා. දවසක පසු තැවෙන්නම වෙනවා ඔයාට මේවට"
ජූන් ටේවත් අරන් කාමරේට ගියා... මිස්ටර් කිම් සාලේ තනි වුනා... ඔව්ව් එයත් අඩනවා.. ඒත් එයාගේ හිත පිලිගන්නේ නෑ එයා ටේට ආදරෙයි කියලා...
"අහපන් ටේ උබ හෙට යන්න ඕනේ"
කාමරේට ආව ගමන් ටේව ඇදෙන් වාඩි කරලා ජූන් කිව්ව එකට ටේ චුට්ටක් විතර ගැස්සුනා
"අයියේ"
"අහන්න උබව යවන්න නරක තැනකට නෙමෙයි, අනික මන් තාත්තට තේරුම් කරන්නම්... එයා තවත් උබ නොගියොත් අවුල් ගනී"
"හ්ම්ම්ම් මන් යන්න අකමැති නෑ.. ඒත් එයා මාව යවන්නේ මට ආදරේ නැති නිසා මිසක් මට ආදරේකට නෙමෙයි අයියේ"
"මන් උබට ආදරෙයි.. තාත්තත් අනිවාර්‍යෙන්ම උබට ආදරේ වෙනවා"
ජූන්ට තාත්තගේ කීමට උඩින් වැඩ කරන්න තාම බෑ.... ටේ එදා ගෙදරින් තනියම වෙන රටක තනි වෙන්න යද්දී අවුරුදු 18 යි.. ජූන්ට යන්තම් 19යි
ඒ ගිය පාර ටේ එක පාරක්වත් තාත්තට කතා කලේ නෑ.. ඒ ආදරේ නැති නිසා නෙමෙයි, ටේට ඒකට මිස්ටර් කිම් කවදාවත් අවසර නොදුන්න නිසා
"ඒයි පොඩි එකා"
තව පොඩ්ඩෙන් ඇදෙන් බිම...
"හෙමින් කතා කරනවකෝ ඕයි"
ටේ අතීතයේ ඉදලා හයි ස්පීඩ් වර්තමානයට ආවේ ජූන්ගේ කටේ සද්දෙට..
ඊලග දවසෙන් ආයේ හම්බෙමු....
plz vote and comments 🫰
Bạn đang đọc truyện trên: AzTruyen.Top