දෙවනි ඉනිම 🌝
රෑටත් කාලා ජේකේ ජූන් වගේම ඉයුන් ආයේ සෝල් එන්න ලෑස්තිවුනේ..
"සෝ අපි යනවා.. මන් ඉක්මනටම ඔයාව එහෙට ගන්නම්"
"ජූන්, අපි මෙහෙ ඉමු.. කවුරුත් මෙහෙට එන්නේ නෑ"
සෝයූන් ඔන්නී ජූන් ඔප්පව බදාගෙන කිව්වේ පොඩි බබෙක් වගේ.. ඒ දෙන්නට කතා කරලා එන්න කියලා මන් ජේකේ එක්ක කාර් එකට නැග්ගා..
"හ්ම්ම් මගේ ජොබ් එක එක්ක තමා අවුල.. හරි බලමුකෝ.. අපි ගිහින් එන්නම්"
ජූන් එන්න හදද්දිම සෝ ආයේ අතින් අල්ලා නැවැත්තුවා..
"ආයේ අප්පා....
"මන් කිව්වනේ.. එදා කරපු ගොන් වැඩේ මන් ආයේ කරන්නේ නෑ"
"පරිස්සමෙන් ගිහින් එන්න"
ජූන් සෝගේ නළලට කෙටි හාද්දක් දීලා සෝගෙන් සමුගත්තා..
පැය දෙකක වගේ ගමනකින් අපි ආයේ සෝල්වලට ආවා.. මාවත් බස්සලා ජේකේ ජූන් ඔප්පා එක්ක ගියේ එයලගේ ඔම්මා ඉක්මනට ගෙදර එන්න කියලා පනිවිඩයක් එවලා තිබ්බ නිසා..
..............
"ඔම්මා අපි ආවා..."
"කොහෙද ඔය දෙන්න යන්නේ මේ?? තැනක් කියන්නේ නෑ"
"මොකද ඔම්මා හදිස්සියේ??"
"කාලාද ඉන්නේ??"
"හ්ම් ඔව්ව් ජන්ග් පැටියෝ"
ජේකේ ඔම්මගේ බෙල්ල වටේ අත දාලා හුරතල් වෙවී කිව්වා..
"අප්පට කතා කරන්න ඕනේලු.. එන්න"
තුන් දෙනාම ගියේ මිස්ටර් ජියෝන්ගේ ඔෆිස් රූම් එකට.. යද්දී මිස්ටර් ජියෝන් ෆයිල් වගයක හිරවෙලා..
"මහත්තයා අපි එන්නද?"
"එන්න"
"ඇයි අප්පා හදිස්සියේ?"
ජූන් වාඩිවෙන ගමන් ඇහුවා..
"ඔය දෙන්නත් ඉදගන්න.."
කට්ටියම ඉදගත්තම මිස්ටර් ජියෝන් කතාව පටන් ගත්තා..
"ජූන් මට ඔයා ගැන කතා කරන්න ඕනේ"
"මොනාද අප්පා?"
"ඔයාගේ මැරේජ් එක?"
"හ්යොන්ග්??"
ජේකේ කතාව මැද්දෙන් කතා කරද්දී ජූන් ඇගිල්ලෙන් සන් කලේ කතා කරන්න එපා කියලා..
"කියන්න අප්පා"
"මන් බැලුවා හොද ගෑනු ළමයෙක්.. මන් ඔයාල දෙන්නටම හොයන්නේ මේ ලෝකේ ඉන්න හොදම කෙල්ලෝ දෙන්නා.."
"හ්ම්ම් අප්පා"
"එයත් ඩොක්ටර් කෙනෙක්.. මගේ ළගම යාලුවෙක්ගේ එකම දුව.. ලබන සෙනසුරාදා රෑ වැඩක් දාගන්න එපා.. අපි එහෙ යන්න ඕනේ"
"හරි අප්පා.."
"හ්යොන්ග්ගේ එක ඉවර වුනාම ඔයා ලෑස්ති වෙන්න පොඩී"
මන් වචනයක්වත් කතා කලේ නෑ.. තාමත් ඇයි හ්යොන්ග්ට මෙහෙම කරන්නේ අප්පා?? මාත් කේන්තියෙන් හ්යොන්ග් එක්කම ආවේ ඔෆිස් රූම් එකෙන් එලියට...
"දැක්කද ජන්ග්.. මගේ කොල්ලා මන් කියන දෙයට පිටින් යන්නේ නෑ"
"ඔයාගේ විතරක් නෙමෙයි අපේ"
..............
"හ්යොන්ග් ඇයි ඔයා කට පියන්...
"සෝ ගැන කියන්නද?? එදා අකමැතිවුන කෙනා අද හා කියයිද??"
"එතකොට නූනට මොකද වෙන්නේ??"
"හ්ම්ම් ඉන්නකෝ පොඩී.. ඔයාගේ හ්යොන්ග් එහෙම ලේසියෙන් ආදරය නැති කරගන්නේ නෑ.."
"මොකකක්හරි, ඒත් හ්යොන්ග් ඔයා කරන්න ඕනේ ඔයාට සතුටු වෙන දේ.. එච්චරයි"
"හරි... ඉයුන්ට මේ ගැන කියන්න එපා.. සෝ මේවා දැනගන්න ඕනේ නෑ පොඩී"
"හරි හ්යොන්ග්"
හ්යොන්ග් එයාගේ රූම් එකට යද්දී මත් ගියේ වොශ් එකක් දාගන්න මගේ රූම් එකට..
දවසෙම සතුට අප්පා එක විනාඩියකින් විනාස කලා...
.
.
.
.
.
.
.
.
.
After two days
"පොඩී වැඩට යනවද?"'
"කියන්න හ්යොන්ග්"
"අප්පා මොනා කිව්වත් කරත් කිසිම දෙයක් නොකියා කට පියන් ඉදපන්.. ඉයුන් ගැන අප්පට දැනගන්න තියන්න එපා"
මන් වැඩට යන්න රූම් එකෙන් එලියට ආව ගමන් හ්යොන්ග් මගේ ඉස්සරහට හම්බුනේ..
"ඇයි හ්යොන්ග්??"
"ඇයි අහන්න එපා.. කියන දේ කරපන්.. මන් පස්සේ හේතුව කියන්නම්"
"හ්ම්ම්"
"දැන් යන්න"
හ්යොන්ග් කියන්නේ මොකක් ගැනද මට තේරෙන්නෙ නෑ.. ඒත් මොකක්හරි ප්‍රශ්නයක් කියල නම් මට තේරුනා.. ඒ ගැන හිත හිතම මන් ඔෆිස් එකට ගියා..
කාලය යනවා දැනෙන්නෙවත් නෑ... ඉයුන් ජේකේ ආදර කතාව හරි ලස්සනට ගලාගෙන යනවා.. ඒ වගේම සෝ ජූන් ආදර කතාවත්...
"මන් ඉස්සරහා ඉන්නේ.. එන්න"
වැඩ ඇරිලා ජේකේ හැමදාම ඔෆිස් එකට ටිකක් එහායින් කාර් එක නතර කරන් ඉන්නේ මන් එනකන්..
"මොකෝ මහන්සිද??"
"ටිකක්..."
"ක්ලබ් එක පැත්තේ යමුද?"
"අනේ මේ..."
"හෙට ජිමිනා යනවා බබා.. ඒ නිසා අද ටේ ජිමින් තව අපේ යාලුවෝ වගයක් එක්ක පාටියක් ඒකේ.."
"මාව ඉස්සරහෙන් දාගෙන ඔයා යන්න"
"මන් ක්ලබ් යන්නේ නෑ.. අද යන්නම වෙනවා.. ඒකයි ඔයා එක්කන් යන්න හදන්නේ"
"මන් බයයි.. එදා....
"ඒවා පරණ කතා.. යමුද??"
ජේකේ මගේ එක අතකින් අල්ලන් අනිත් අතින් ඩ්‍රයිව් කලේ ක්ලබ් එක පැත්තට.. විනාඩි පහලොවක් වගේ යද්දී අපි ආවේ ක්ලබ් එකට..
මීට අවුරුදු ගාණකට කලින් දවස වගේමයි.. කෙල්ලෝ භාගෙට ඇදන් නටනවා.. කොල්ලෝ හොදටම බොනවා.. සමහරු කෙල්ලෝ දෙන්න තුන් දෙනා තියාගෙන.. අප්රස්සන වගේම මන් වයිර කරනම තැනක්.. එදා දවස ක්ශනිකයෙක් මගේ මතකෙට ආවා.. මන් තද කරලා ජේකේගේ අත අල්ලාගත්තා..
"බයවෙන්න එපා.. එන්න අර පැත්තේ"
අපි එතනට යද්දී එතන හිටියේ කොල්ලොම 4 දෙනෙක්..
"කොහොමද කොල්ලනේ.. හ්යොන්ග්ට එන්න වෙන්නේ නෑ කිව්වා ජිමින්"
"මට කතා කලා..."
"අහ් මේ ඉන්නේ ඉයුන්.. මගේ පණ"
එහෙම කියලා ජේකේ මාව එතන හිටිය අයට අදුන්වලා දුන්නා..
ජේකේ එහෙම කියද්දි මගේ අතත් වෙව්ලන්න වගේ ගත්තා.. එදා මාව ඔයාගේ කෙල්ල කියලවත් කියන්න බැරිවුන ඔයා අද මෙහෙම කියනවා...
"ඉයුන් එතකොට මේ ඉන්නේ හොබී හ්යොන්ග්, මෙයා ජින් හ්යොන්ග්.. අර ඉන්නේ සුගා හ්යොන්ග්... මුන් දෙන්නව දන්නවනේ ටේ ජිමින්"
මන් හැමෝම එක්ක හිනාවෙලා එයාලව අදුන ගත්තා..
කට්ටියම වාඩිවෙලා කතා කලේ එයාලගේ පරණ මතක ගැන.. ඒවා හරි ලස්සනයි.. එකට හිටිය ඒවා.. ජූන් ඔප්පා විතරයි අඩු.. ඒ අතරේ කොල්ලො ටික බොනවා.. මන් සැරෙන් සැරේ ජේකේගේ අත කෙනිත්තුවේ ආවේ කාර් එකේ කියලා මතක් කරන්න..
"හේයි ජේකේ.. ඔයාව බලන්නත් දැන් බෑනේ"
පිටිපස්සෙන් ජේකේගේ බෙල්ල වටේ කවුරුහරි අතදාලා කතා කලා.. මන් ගැස්සිලා පිටිපස්ස බලද්දී තමා ඒ කවුද කියලා අදුන ගත්තේ..
"ටානියා??"
මන් ජේකේ ඉන්න තැනෙන් නැගිට්ටේ එලියට යන්න හිතන්...
"කොහෙද යන්නේ"
ජේකේ ටානියගේ අත අයින් කරන ගමන් මගේ අතින් ඇදලා ලගට ගත්තා..
"මන් එලියෙන් ඉන්නම්"
"ඒ මොකටද??"
"එදා.....
ඒ එක්කම ජේකේ මගේ මූණ ලගට ඇදලා අරන් මගේ තොල් දෙක පිස්සුවෙන් වගේ කිස් කරන්න ගත්තා.. වටෙ හිටිය ඔක්කොම පුදුම වෙලා බලන් ඉන්නවා මට ඇස් කොනෙන් පේනවා.. ටානියගේ මූනේ තිබ්බේ ලොකු ප්‍රශ්නාර්ථයක්...
විනාඩි ගාණක් තිබ්බ ඒ හාද්ද අවසානයේ ජේකේ මගෙන් ඈත් වෙලා බැලුවේ ටානියා දිහා..
"ඇයි??"
"ජේකේ ඔයා මේකීව.....
"මේකී?? හරියට කතා කරන්න ඉගෙන ගන්නවා"
"මන්ද?? මොකද මේ?? එදා ඔයාගේ කටින්ම නේ තර්ඩ් ක්ලාස් කෙල්ල කියලා මේකිව අයින් කලේ...
ජේකේගේ ඉවසීම එන්න එන්නම පනිනවා කියලා මට තේරුනා.. එයා අඩියට ගියේ ටානියා ලගට..
"මොකක්ද තමුසේ කියන්නේ?"
මන් දෙන්නගේ මැද්දට ගිහින් ජේකේව තල්ලු කරන් එලියට එන්න හැදුවේ.. ටේ ජිමින්ලත් ට්‍රයි කලේ ජේකේව එතනින් එක්කන් එන්න..
"මන් කියන්නෙද?? තමුසේ මාර කෙල්ලෙක්.. මන් ඔයා වගෙ කෙල්ලෙක් දැකලම නෑ"
"ටානියා.. තමුන් යනවද මෙතනින්..."
ජිමින් කෑගැහුවේ බැරිම තැන..
"තමන්ගේ කොල්ලා වෙන ගෑනියෙක් එක්ක නිදාගත්ත එක ඇස් දෙකටම දැකලත් ඔහොම ළගින් ඉන්න පුලුවන්ද??"
මන් හිටියේ ජෙකේගේ පැත්ත හැරිලා.. වටෙ හිටිය අය ඒ කතාවට හිනා වෙද්දී මට ලොකු අසරණකමක් දැනුනා... මන් බිම බලාගෙන හිටියේ මට ඇඩුන නිසා.. කොච්චර අමතක කලත් දුර්වලම තැනට ගහද්දී ඉවසන්න තරම් මට හයියක් නෑ..
"ටානියා තමුසේ මැරුම් නොකා යනවද??"
ටේ කෑගහලා ටානියව යැව්වා..
"මොනාද තමුසෙලා බලන්නේ?? ආව නම් උබලගේ වැඩක් බලාගන්නවද??"
වටෙ ඉන්න අයව අයින් කලේ සුගා කියන ඔප්පා.. එයා ටිකක් ස්ට්‍රික් කෙනෙක් වගේ කියලා දැක්ක ගමන් මට හිතුනා..
ජේකේ එහෙම්ම මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා..
"අඩන්න එපා ඉයුන්... මන්... මොනාද කියන්නෙ?? මන්... මන් ඕකීව මරනවා"
මන් ඉකි ගහ ගහම බැලුවේ ජේකේ දිහා...
"පලිගන්න හිතන්නවත් එපා ජේකේ.. මතකද කලින් මගෙන් පලිගන්න කියලා උන දෙවල්.. මට ප්‍රශ්නයක් නෑ.. අපි යමුද දැන්?"
ජිමින්ට කියලා ජේකේ මාවත් එක්කන් එලියට ආවා.. මාව එලියට එනකන්ම එයාගේ තුරුලෙන් එයා අයින් කලේ නෑ..
කාර් එකට නැග්ග මගේ මූණ ඒ අත් අස්සට හිර කරන් ජේකේ හෙමින් සීරුවට මගේ කදුලු පිහිදුවා..
"ආයේ මන් සමාව ඉල්ලනවා බබා.. අඩන්න එපා... හ්ම්ම් අපි ආයේ මේ තැන්වලට නෑවිත් ඉමු"
"හ්ම්ම්ම්"
"මට සමාවෙන්න..."
"සමාව දෙනවා.. මන්.. ඔයාට සමාව දුන්නේ ගොඩක් ඉස්සර ජේකේ.. ඒත් ටානියගෙන් මේකට පලිගන්න ඕනේ වගේ දේවල් හිතන්න එපා.. ප්ලීස්"
"හ්ම්ම්ම්"
"මට ඇඩුනට මට සතුටුයි.. අද ඔයා මන් වෙනුවෙන් කතා කලා.. එදා කතා නොකලට.. ඒකට තැන්කිව්"
"විකාර කියවන්න එපා.. මගේ ඉස්සරහා ඔයාට වචනයක්වත් කියන්න කාටවත් බෑ..."
මගේ අඩන එක නතර කරපු ජේකේ විකාර කතා කියව කියව කාර් එක ඩ්‍රයිව් කලා.. කතාවෙන් කතාව මාව බස්සලා ජේකේ යන්න ගියා..
හිනාවෙන්නද අඩන්නද හිතාගන්න බෑ.. තාමත් හිත අහනවා ඇයි ඔයා එයාට සමාව දුන්නේ කියලා.. ඒ හිතම ආයේ කියනවා ඒ ආදරේ නිසා කියලා.. කොහොමහරි අද ඔයා මන් වෙනුවෙන් කතා කලා.. මට ඒකම වටිනවා ජේකේ...
කල්පනාව එක්කම මන් ආවේ ගෙදරට.....
...................
Next day morning
"මොකෝ අද දෙන්නම පරක්කු වෙලා?"
"ඔව් අප්පා පරක්කුයි"
"හෙමින් කන්න.. කෝ ජන්ග්.. ඔයත් එන්න කන්න"
ඔම්මත් ඇවිල්ලා වාඩිවුනේ කෑම මේසෙන්,
"පොඩී"
"කියන්න ඔම්මා"
මන් කන ගමන් බැලුවේ ඔම්මා දිහා.. හ්යොන්ග් නම් කිසි කතාවක් නෑ..
"ඔයාට මතකද මීරා ආන්ටිව??"
"කවුද??"
"අර ඔසී ඉන්න මගේ යාලුවා"
"ඉතින්??"
"එයාලා ලබන සතියේ කොරියාවට එනවා.."
"හොදයිනේ ඔම්මා.. ඔයාට පාලුවක් නෑ නේ ඊට පස්සේ"
"හ්ම් ඔව්ව්.. ඒක නෙමෙයි මන් කියන්න හදන්නේ"
"මොකක්ද??"
"එයා ඔයාට තෑග්ගක් ගේනවලු"
"මට?? ඇයි මට විතරක්??"
"ඔව් ඔයාට විතරක්"
"මොකක්ද??"
"බෝනික්කෙක්"
මගේ කටේ තිබ්බ එකත් ඉස්මොල්ලේ ගියා වගේ..
"මොනාද කියවන්නේ ඔම්මා? මන් කෙල්ලෙක්ද මට බෝනික්කෝ ගේන්න?"
ඒ කතාව එක්කම හ්යොන්ග් නැගිටලා යන්න ගියා..
"හ්යොන්ග් ඉන්න මාත් එනෝ.. මන් යනවා ඔම්මා.. හවසට කතා කරමු.. අප්පා යනවා.. මට ඕනේ බෝනික්කෙක් නෑ"
මාත් හ්යොන්ග් පස්සෙන් ගිහින් එයාගේ කර් එකට නැග්ගේ අද මගේ කාර් එක සර්විස් එකට දාලා නිසා..
මගකට එනකන්ම හ්යොන්ග් හිටියේ ලොකු කල්පනාවක..
"හ්යොන්ග්.. මොකෝ??"
"මන් කිව්ව දේ මතකද??"
"අහ්හ්හ්?"
"මොනාවුනත් අප්පට ඉයුන් ගැන කියන්න එපා"
"මට කියන්න මොකක්ද මට හංගන්නේ?"
"මීරාගෙ බෝනික්කා කවුද දන්නවද??"
"නෑ.. ඇයි මට බෝනික්කෙක්??"
"ගොනෝ.. බොනික්කා කියන්නේ මීරාගේ දුවට.. මට ඔය ගෑනිව පේන්න බෑ.."
"ඉතින් මට මොකටද එයාව?"
"මගෙ වෙඩින් එකෙන් පස්සේ උබේ එක ගන්න"
"මොකක්??"
"හ්ම්ම් මේ පාර අප්පා මොනා කරයිද දන්නේ නෑ.. ඒත් උබට ලේසිවෙන්නේ නෑ.."
"හ්ම්ම් මන් ඒක බලාගන්නම්.. මට කියන්න හ්යොන්ග් මොකක්ද ඔයා ඔයාගේ ප්‍රශ්නෙට කරන්නේ?"
"හ්ම්ම් මන් ඒක බලාගන්නම්.. පොඩ්ඩක් ඉවසන්න"
අපි දෙන්නගේ කතාවෙන් අපි දෙන්න ආවේ ඔෆිස් එක ලගට.. මාව එතනින් දාලා හ්යොන්ග් යන්න ගියා..
.
.
.
.
.
.
.
Saturday morning
ගොඩක් දේවල් වෙනස් වෙන දවසක්.. ලස්සනට ඉර පායලා.. මේ කාලේ කොරියාවට ටිකක් සීතයි.. සීතල අස්සේ ජේකේ ඇදේ පෙරලි පෙරලි ඉද්දී එක පාරට කාමරේ දොර ඇරගෙන ආවේ ජූන්...
"පොඩී පොඩි ගමනක් යන්න ලෑස්තිවෙන්න"
"මොකක්?? මේ දැන්?"
ජේකේ ඈනුමක් යවන ගමන් ඇදෙන් වාඩිවුනා..
"ඔව්ව් ඉක්මනට පහලට වරෙන්.. විනාඩි දහයක් දෙන්නම්"
එහෙම්ම ජූන් පහලට ගියා.. ජේකේත් ටග්ගාලා ලෑස්තිවෙලා පහලට ගියා..
"යමු"
"කොහෙ.....
"කොහෙද දෙන්න යන්නේ??"
"ඔම්මා මේ ළගට.."
"අද හවස යන්න තියන ගමන් මතකද?"
"ඔව් ඔව් ඔම්මා.. අපි හවස් වෙන්න කලින් එනවා.."
ජූන් තවත් කතා නොකර ජේකේවත් ඇදගෙන යන්න ගියේ එලියට..
"ඉයුන්ට ලෑස්ති වෙන්න කියන්න"
"මොකක්?? හ්යොන්ග් මොකක්ද...
"මන් සෝයූන්ව අද මැරි කරනවා"
ජූන් කියන්නේ දැන් හැමදේම තියන හැමදේම දරාගන්න පුලුවන් කොල්ලෙක්.. එක පාරක් නැතිවුන ආදරය ආයේ ජූන් කවදාවත් නැති කරගන්නේ නෑ.. ඒත් මේ තීරණය සෝයූන්ට ජූන්ට කොහොම බලපායිද?? ඊටත් වඩා ජේකේට ඉයුන්ට කොහොම බලපායිද??
vote and comments 💜💐
Bạn đang đọc truyện trên: AzTruyen.Top