Unlucky girl 😫

"තමුන් පාඩුවේ ඉන්නවා.. මේ ඔක්කොම ඔහේගේ වැරදි.. මේකීගේ ඔම්මා එක්කම මේකීවත් වල දාන්නෙ නැතුව හදාගන්න ගෙනාවා"

ඒ කිව්ව දේට මට දොර ඉබේම ඇරුනා...

"මොකක්ද ඔම්මා ඔයා කිව්වේ??"

..................

"ඔව්ව්ව් උබ මගේ ළමයෙක් නෙමෙයි.. මට උබෙන් වැඩක් නෑ.. උබව මෙච්චර කල් බලාගත්තට උබෙන් ඉල්ලුව පොඩි දේවත් කරන්න බෑ"

"අප්පා මොනාද මේ ඔම්මා කියන්නේ?? මන් ඔයාලගේ ළමයෙක් නෙමෙයි නිසාද මට මෙහෙම සලකන්නේ??"

"ඇයි අපි උබට කන්න බොන්න දෙන්නෙ නැද්ද??"

"කන්න බොන්න දෙන එකද ඔම්මා ආදරේ කියන්නේ?"

"ඇති ඕක.. උබල දෙන්නම ඕක නවත්තගන්නවද??"

"ඇයි තමුසෙට රිදෙනවද??"

"මට කියන්න කෝ මගේ ඔම්මා?? එයා කෝ?? අප්පා කෝ මගේ ඔම්මා??"

"ඒකී මැරුනා.. එදා ඒ උන ඇක්සිඩන්ට් එකෙන් ඒකී යන්නම ගියා.. ඒත් ඒකීට උබව අරන් යන්න බැරිවුනා.. කොහෙද මන් මේ මිනිහට කිව්වා උබව කොහේ හරි ගිහින් දාමු කියලා.. දැන් පේනවද මේකීගේ මුරණ්ඩුව??"

තවත් ඔම්මා කියන දේවල් අහන්න ඉන්න තරම් මානසික මට්ටමක් මට තිබ්බේ නෑ.. මන් දෙන්නාගේ කියවිල්ල මැද්දෙන් ගෙදරින් එලියට ආවේ ඔලුව හැරුන අතේ යනවා කියලා හිතාගෙන.. පාරේ මිනිස්සු වැඩ ඇරිලා ඒ මේ අත යනවා.. ඒ අස්සෙන් කදුලු බේරෙන ඇස් එක්ක මන් ඉස්සරහටම ගියේ මගේ ඔම්මව හොයාගන්න..

"ඔයා මැරිලා නෑ. ඔයා ඉන්නවා.. මට දැනෙනවා.. ඔයාට ඇයි බැරි මාව ඔයා ළගට ගන්න.."

ඕහේ ඇවිදන් ගිය මට තවත් අඩියක්වත් යාගන්න පණක් තිබ්බේ නෑ.. මන් එහෙම්ම බිමෙන් වාඩිවෙද්දී මට ෆෝන් එක අහුවුනේ සාක්කුවෙ තිබිලා.. මන් ඒක අරගත්තේ ජේකේට ආයෙත් පාරක් කෝල් කරන්න..

"අනේ ජේකේ මේ කෝල් එක එකම එක පාරක් ආන්ස්වර් කරන්න.. එකම එක පාරක්, ඔයා දන්නේ නෑ මට මොකක්ද වුනේ කියලා... මට කතා කරන්න ඕනේ"

ඒත් ජේකේගේ ෆෝන් එක මන් වෙනුවෙන් ආන්ස්වර් වුනේ නෑ... මන් නැගිට්ටේ ඕනේ එකක් කියලා ජේකේගේ ගෙදර යන්න...

"ආව්ව්ව්ව්ව්ව්ව්"

කවුරුහරි මගේ ඇගේ වැදුනා..

"සොරි"

මන් ආයේ යන්න හදද්දිම එයා මගේ නම කියලා කතා කලා.

"ඉයුන්"

මන් ආපස්ස බලද්දී ඒ හිටියේ ටානියා.. එදා ක්ලබ් එකේ.. ඔව් මට එයාව අදුරගන්න පුලුවන්.

"ඉයුන්?? කොහෙද මේ?? ජේකේ එක්ක දැන් අෆෙයර් එකක් නැද්ද??"

"අහ්හ්හ්.. එහෙම එකක් නෑ.. මන් මේ එයාව... එයාව හම්බෙන්න යන ගමන්"

"සීරියස්ලි?? ඔහ් නෝ"

"අහ්හ්හ්??"

"ඉතින් කෝ දැන් ජේකේ??"

"අහ්හ්හ්??"

"දන්නේ නැද්ද?? හරි මන් ඔයාට කියන්නම් කොහෙද ජේකේ කියලා"

"ඔයා.... ඒත් ඔයා කොහොමද??"

"මන් දැනගත්ත විදිහ නෙමෙයිනේ වැදගත්... ඔයා මේ ආවා වගේම කෙලින්ම යන්න.. ඉස්සරහා බෝඩ් එකක් ඇති හොලිඩේ විලා කියලා... අන්න ඒකට ගියා නම් ඔයාගේ ජේකේව හම්බෙන්න පුලුවන්"

"අහ්හ් ඒත්...

"මන් යනවා.. මට වැඩ තියනවා"

වෙන කිසිම දෙයක් අහන්න කලින් ටානියා යන්න ගියා...

මන් යනවද?? ඒත් ඇයි මට අමුත්තක් දැනෙන්නේ??

ඉයුන් කවදාවත් හිතන්නේ නැතුව ඇති මේ ගමන එයාගේ ජීවිතේම වෙනස් කරන ගමනක් කියලා.. එයා එදා එහෙම් නොගියා නම්, ඒත් සමහරවිට මේක වෙන්න පුලුවන් තිබ්බ හොදම විදිහ...

Taniya pov
උබ එදා මට ගැහුවනේ, හැබැයි මට උබට ගහන්න ඕනේ නෑ.. මැරි මැරී ජීවත් වෙයි අදින් පස්සේ 😌
Pov end

ටානියා කිව්ව තැනට යන්න මට විනාඩි ගාණයි ගියේ.. පේන්න කිසිම කෙනෙක් හිටියේ නෑ.. ඒක හරියට රෙන්ට් එකට දෙන පොඩි ගෙයක් වගේ.. මන් ගේට් එකත් ඇරගෙන ඇතුලට ගියත් කවුරුත්ම හිටියේ නෑ..

"ටානියා ඔයා මට බොරුවක්ද කිව්වේ??"

ඒ එක්කම මන් දැක්කේ ජේකේගේ කාර් එක.. මන් ක්ශනිකයෙක් ඒක ලගට දුවන් ගියාට එතන කවුරුත්ම හිටියේ නෑ..

"ඔයා කෝ ජේකේ?? ඔයා ඇතුලෙද??"

මන් සද්දයක් නොකර දොර ලගට ගියා.. ඒ වෙලේ මන් දැක්කා දොර භාගෙට ඇරිලා තියනවා.. මන් කිහිප වතාවක්ම තට්ටු කලත් කාගෙන්වත් ආන්ස්වර් එකක් නැති තැන මන් ඕනේ මගුලක් කියලා ඇතුලට ගියා..

"කෝ අනේ මේකේ මිනිස්සු??"

කවුරුත්ම පේන්න හිටියේ නෑ..

"හේයි, ස්ටොප් ඉට්...."

මන් ආයේ එලියට එන්න හැරෙද්දිම මට උඩ තට්ටුවෙන් ඇහුනේ කෙල්ලෙක්ගේ කටහඩක්.. ජේකේගේ හිනාවත් මට හොදට ඇහුනා..

"ජේකේ???"

මන් ඒ ක්ශනිකයෙක් උඩට ගියා.... ඒත් මොකක්දෝ නරක දෙයක් හිතට දැනුනා... මන් එතන සද්දේ ආවා රූම් එක පැත්තට අඩිය අඩිය තියලා ගියා..

දොර එහා පැත්තෙන් කෙල්ලෙක්ගේ කට හඩ එක්ක ජේකේගේ කට හඩ හොදට මට ඇහුනා.. ඒවා අහන් ඉන්න බැරි තරම් 🥺🥺

.....තවත් වෙලා නොගෙන මන් දොර ඇරියා.....

"😰😰😰😰😰😰😰"

මන් හිටිය තැනෙන් අඩි දෙක තුනක් ආපස්සට විසික් වුනා..

"ජේකේ....."

ඔව් ඒ හිටියේ ජේකේ.. එයා හිටියේ කෙල්ලෙක් එක්ක.. මට හිතාගන්න බැරිවුනා මොනාද මේ පේන්නේ කියලා.. මගේ කට හඩට ජේකේ ඒ කෙල්ලගෙන් ඈත් වෙලා ඇදෙන් බිමට බැස්සා..

Flashback
"ජේකේ..."

"හ්ම්ම්ම්ම්"

"ඔයා මාව බදිනවද??"

"ඔව්ව්ව් අනිවාර්යයෙන්, මගේ තුරුලට ගන්නේ ඔයා විතරයි"

"ආදරෙයි..."

"මාත්"
Flashback end

ඒ වචන.... එදා එයා මාව තුරුලට අරන් කිව්ව දේවල් බොරු.. අද එයා වෙන කෙනෙක්ව 😓😓

"මොනද මේ වෙන්නේ??"

"ඉයුන්... ඔය... ඔයා... ඔයා කොහෙද මේ??"

"මන් ආව එකද ප්‍රශ්නේ?? මගේ කෝල්ස් ආන්ස්වර් නොකර??"

"ඔයා... දොරට තට්ටු නොකර

"මගේ කොල්ලා වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන ඉද්දී මට දොරට තට්ටු කරලා අවසර අරන් එන්නද කියන්නේ??"

"මේ ඔයා හිතන එකක්

"මන් හිතන එක ඔයා කොහොමද දන්නේ?? එදා මට යූරී කිව්වා ඔයාව විශ්වාස කරන්න එපා කියලා.. ඒත්... ඒත් මන් ඔයාව විශ්වාස කලා ජේකේ..."

ප්‍රශ්නයක් ඔලුවෙ තියන් ඒක විසදගන්න ආව මට මේක දරාගන්න බැරිවුනා.. මට අඩන්න ඕනේ වුනා.. ඉතින් මන් ඇඩුවා..

"ඉයුන් අඩන එක නවත්තන්න"

"ඔයා කොහොමද ජේකේ මෙහෙම කලේ මට?? ඇයි මෙහෙම කලේ?? කවුද මේ??"

මොකද මන් තාමත් ජේකේ එක්ක හිටිය කෙල්ලව දැක්කේ නෑ... මන් එතනට යන්න හදද්දීම ජේකේ මාව අල්ලා නතර කලා...

Jk pov
ඉයුන් යන්න දැන්... ප්ලීස්... ශික් මන් මොකක්ද මේ කලේ?? ආයිශ්ශ්ශ්.. මන් මේක කලේ මේකීව රිද්දන්නනේ, ඇයි දැන් මට මහා කාලකන්නී හැගීමක් එන්නේ.. බෑ ඔයා දැනගන්න ඕනේ නෑ මේ කවුද කියලා..
Pov end

"මට බලන්න ඕනේ ඒ කවුද කියලා??"

"ඉයුන් යමුකෝ අපි.. මන්... මන් තේරුම් කරන්නම්"

"ඇයි ජේකේ මෙහෙම කලේ මට?? මන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ.. ඒක කියන්න මන් ඔයාට කොච්චර කතා කලාද??"

"යමු"

"ඔයා දන්නවද මන්... මන් ඔම්මගේ ළමයෙක් නෙමෙයි..."

"මොකක්???"

"වට්????"

ජේකේ වගේම මෙච්චර වෙලා ශීට් එක අස්සෙ ඔලුව ඔබන් හිටිය ඒ කෙල්ල ශොක් වුනේ මගේ කතාවට... එතකොටයි මන් ඒ කවුද කියලා දැක්කේ??

"යූරී????? ඔ...යා????"

හිතන්න ඔයාගේ හොදම යාලුවා, නෑ ඔයාගේ හැමදේම කියන එකම යාලුවා ඔයාගේ ආදරේ උදුර ගත්තොත්... ඔයා කොහොම හැසිරෙයිද?? අවාසනාවකට ඉයුන්ට එහෙම වුනා.. එයාගේ විශ්වාසයේ අත් දෙක එයාවම රැවැට්ටුවා.. අසරණකම ඉස්සරහා තවත් අසරණ වෙන්න ඉයුන්ට සිද්ධ වුනා...... 😰



Vote and comment 💜💐

Bạn đang đọc truyện trên: AzTruyen.Top