The beginning of misfortune...
දවස දවස හෙමින් ගෙවෙනවා.. ජේකේ ඉයුන්ගේ ආදරය එන්න එන්න වැඩිවෙනවා.. දැන් නම් ජේකේට ඉයුන් නැතුව තප්පරයක්වත් ඉන්න බැරි තරම්, ඉයුන්ටත් ඒ වගේමයි...
"පොඩී...අද ඉක්මනට ගෙදර එන්න"
"ඒ මොකටද?"
"මීරා ආන්ටිලා එනවා"
"ඉතින් මන්??"
"ඉස්සර ඔම්මා දෙයක් කිව්වම හේතු ඇහුවේ නැති ඔයා ඇයි දැන් හේතු අහන්නේ පොඩී??"
"අයියෝ ජන්ග්, හරි හරි මන් එන්නම් ඉක්මනට..හරිද??"
ජේකේ ජන්ග්ගෙන් සමු අරන් වෙනදා වගේම ආවේ ඔෆිස් එකට..
"අහ්හ් උබ මොකද?"
"ගුඩ් මෝනින් ජේකේ"
"ගුඩ් මෝනින් ටේ.. මොකෝ හදිස්සියේ?"
"අපේ මැනේජර් නෙක්ස්ට් වීක් ඉදන් එනවලු"
"ඒ කියන්නේ මගේ වැඩේ ඉවරයි?"
"හ්ම්ම්"
"ඉතින් උබ දැන් මොකද අවුලෙන්?"
"නෑ උබ ඉයුන්....
"මන් මේකට ආවේ තාවකාලිකවනේ යකෝ.. ඒක අවුලක් නෑ.. මොනාහරි බොනවද?"
"මන් ඕඩර් කලා..උබත් බොන දෙයක් ගෙන්න ගනින්"
ඒ කියන්නේ ජේකේට ඉයුන්ගේ ලගින්ම ඉන්න හම්බෙන්නේ හරියටම තව සතියයි...එතනින් පස්සේ ජේකේට සිද්ද වෙනවා එයාලගේ කම්පැනිවල වැඩ බලාගන්න යන්න.. දැන් ජූනුත් නැති එකෙ කොල්ලට ඒවාවලින් ගැලවීමල් නෑ..
හරියටම 5ට වැඩ ඇරිලා ජේකේ කාර් එක ඔෆිස් එකට ඉස්සරහෙන් පාර්ක් කරගෙන හිටියේ ඉයුන් එනකන්..
"මහන්සිද??"
"හ්ම් ටිකක්..මට කිව්වා ටේ"
"හ්ම්ම් මොනා කරන්නද? ඒකත් හොදයි"
"ඇයි මොකක්ද හොද?"
"එතකොට අපේ ආදරේ තව වැඩිවෙයි"
"පිස්සා... මට ඔන්නී කතා කලා"
"මොකද කිව්වේ?"
"ඔප්පා සෝල් ඇවිල්ලා වැඩ වගයකට.. ට්‍රයි කරනවලු ට්‍රාන්ස්ෆර් එකක් ගන්න.. හරි ගියොත් හොදයි නේ?"
"හ්ම්ම් ඔව්ව් බබා.."
"මොනාහරි බොන්න....
"අද බෑ ඉයුන්, ඔම්මා කලින් එන්න කිව්වා එයාගේ යාලුවෙක් එනවා කියලා ඩිනර්වලට"
"යාලුවට දුවෙක් ඉන්නවද දන්නේ නෑ"
"අනේ විකාර... ඔම්මා අවුලෙන් ඉන්නේ හ්යොන්ග් නිසා.. මාත් තව ප්‍රශ්න ගෙනාවොත් එයා මානසිකව වැටෙයි බබා"
"හරි හරි.. අපි හෙට යමුකෝ ඇවිදින්න.."
"හ්ම්ම් හෙට යමු බීච් හාද?"
"හා"
ජේකේ එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් අනික් අතින් ඉයුන්ගේ ඔලුව අතගෑවේ පොඩි බබෙක්ගේ වගේ.. ඒ හුරතලේට ජේකේ ගොඩක් ආදරේ කලේ..
.
.
.
.
.
.
.
.
"ඔම්මා මන් ආවා..."
මන් ගේ ඇතුලට යද්දී ගෙදර එකම සද්දයයි.. මගේ කෑගැහිල්ලට ඔක්කොම බැලුවේ මන් දිහා..
"ජේකේ පුතා?"
මන් බැලුවේ ඒ කවුද කියලා.. හ්ම් මට එයාව අදුරගන්න මහ වෙලාවක් ගියේ නෑ..
"කොහොමද මීරා ආන්ටි??"
"හොදයි පුතා"
ඒ එක්කම ඔම්මා මන් ලගට ඇවිල්ලා අතින් ඇදන් ගියේ කට්ටිය හිටිය තැනට..
"මේ ඉන්නේ මගේ පොඩි පුතා... ජේකේ.. ඔයාලා මෙහෙන් යද්දී නම් මෙයා ගොඩක් චූටිනේ"
"ජන්ග්, මෙච්චර හැන්ඩ්සම් පුතෙක් ඔයාට ඉන්නවා කියලා අපි දැනන් හිටියේ නෑනේ"
මීරා හිනාවෙන ගමන් කියද්දී මන් බැලුවේ අනිත් අය දිහා.. එතන හිටිය තව අවුරුදු 55ක වගේ පිරිමි කෙනෙක්,
"මේ මීරා ආන්ටිගේ හස්බන්ඩ් මිස්ටර් සියෝන්"
"හෙලෝ අන්කල්..."
"කොහොමද පුතා?"
"හොදයි අන්කල්"
"මේ ඉන්නේ මීරා ආන්ටිගේ දුව.. ඔයාට කිව්වේ මෙයාලා එද්දී ඔයාට බෝනික්කෙක් ගේනවා කියලා.. මේ එයා.. සැලී"
මොන ඉලව්වක්ද මේ.. මරු බෝනික්කා..
මන් කට කොනෙන් හිනා වෙලා බැලුවේ ඊට එහායින් හිටිය හිටිය ගෑනු ළමයා දිහා.. එයා හරියට මගේ හ්යොන්ග්ගේ වයසේ වගේ..
"මේ ඉන්නේ ක්රිස්නි.. අපේ සැලීගේ ඔන්නී"
කට්ටියම අදුරගත්ත මන් කෙලින්ම ආවේ රූම් එකට..
ඔම්මත් මොන මගුලක් කරනවද මන්දා.. මන් මේ වැදගත් කියලා අර කෙල්ලවත් දාලා ආවේ මේ විකාර වැඩේටද?? ශික්...
ඔක්කොටම හිතින් බැන බැන මන් වොශ් එකක් දාන් පහලට ගියේ රෑට කන්න එයාලා මන් එනකන් බලන් ඉන්නවා කිව්ව නිසා..
Seli pov
ශා... ඔම්මා කිව්වට කවුද දන්නේ මේ ඔප්පා මෙච්චර ලස්සනයි කියලා.. පුදුම ලස්සනයිනේ.. ආයේ අහන්න දෙයක් නෑ, මන් නම් මේ ඔප්පට එක පයින් කැමති
Pov end
සැලී කට ඇරන් බලන් හිටියේ ජේකේ දිහා.. ජේකේ පඩිපෙල දිගේ පහලට එන විදිහ, ඇවිල්ලා වාඩි වුන හැටි, කතා කරපු හැටි, හිනාවෙන හැටි සැලීව තවත් ජේකේට වශී කලා..
"ජේකේ...."
"කියන්න අප්පා"
"මේ මීරා එහෙම තකහනියේ ආවේ ඇයි දන්නවද?"
"නෑ අප්පා"
"මට මිස්ටර් කිම් කිව්වා ලබන සතියේ එයාගේ හිටිය මැනේජර් එනවලු, එතකොට ඔයා ෆ්‍රී නේ.. ඉතින් ඊලගට ඔයා ඔයාගේ වෙඩින් එකට රෙඩී වෙන්න"
මගේ කටේ තිබ්බ එකත් හිරවුනා...
"මොකක්??"
"ඔව්ව්, මේ ඉන්න සැලී තමා ඔයාගේ බ්‍රයිඩ්... දෙන්න ටිකක් කතා කරලා අදුරගන්න.. ඉක්මනට වෙඩින් එක ගන්න ඕනේ"
"ඒත් අප්පා....
"සැලී දුව, ඔයා මගේ කොල්ලට කැමතිද?"
ඒ කෙල්ල පේන තරම අවුලක් නෑ.. මට වඩා අවුරුදු 2ක් වගේ බාල පාටයි.. ඒත් මගේ ඉයුන් තරම් හොද නෑ මට..
"හ්ම්ම් ඔව් අන්කල්.. මන් මේ ඔප්පට කැමති"
මොකක්?? මාත් එක්ක වචනයක්වත් කතා නොකර??
"දැක්කනේ ජේකේ.. ඉතින් ඔයාට මේ දුවට අකමැතිවෙන්න හේතුවක් නෑනේ.."
"හ්ම්ම්ම්"
මන් මුකුත්ම නොකිව්වේ එදා හ්යොන්ග් කිව්ව දේවල් මතක් වෙලා.. එයා කිව්වා ඉයුන් ගැන අප්පට දැනගන්න තියන්න එපා කියලා..
"කාලා ඉවර නම් දෙන්න චුට්ටක් කතා කරන්න එලියට ගිහින්"
ඔම්මා එහෙම කිව්ව ගමන් ඒ කෙල්ල ටග්ගාලා නැගිට්ටා..
මොන විකාරයක්ද මේ?? මට කෙනෙක් ඉන්නවනේ...
එහෙම්ම ඔම්මා මගේ දිහා බැලුවේ ඔරවලා.. අකමැත්තෙන් වුනත් මටත් ඒ කෙල්ල එක්ක එලියට යන්න වුනා..
.
.
.
.
.
"මොනාද ක්රිස්නි දුව බලන්නේ?"
"මේ ඔප්පා කවුද?"
"ඔප්පා නෙමෙයි, එයත් ඔයාගේ වයසෙමයි"
"කෝ එයා?"
"හ්ම්ම් පොඩි ප්‍රශ්නයක් වෙලා ගෙදරින් ගියා.. එයා ඩොක්ටර් කෙනෙක්.."
"හ්ම්ම් ජූන්?? මට ඔම්මා ටිකක් එයා ගැන කියලා තියනවා"
"හ්ම්ම් එයා හිතුමනාපෙට කෙල්ලෙක්ට කැමතිවෙලා මැරි කලා.."
"ආන්ටී.... ඔයාට දුක හිතුන නම් සොරි"
"අයිගෝ.... අපි යමු අර පැත්තට"
ජන්ග් ක්රිස්නිවත් එක්කන් ආවේ හැමෝම කතා කර කර හිටිය සාලේ පැත්තට.. ඒත් ක්රිස්නිගේ ඇස් තිබ්බේ ජූන්ගේ ෆොටෝ එක ලග..
.
.
.
..............
"ඔප්පා...."
"හ්ම්ම්"
"ඔයා කැමති මොන වගේ වෙඩින් එකක් ගන්නද?"
මන් ආස මගේ ඉයුන් එක්ක වෙඩින් එකක් ගන්න.. තමුසේ එක්ක නෙමෙයි..
"එහෙම විශේෂ කැමැත්තක් නෑ"
"මන් ආසයි නයිට් ෆන්ක්ශන් එකකට..."
"හ්ම්ම්ම්"
"මොකද ඔප්පා කෙටි උත්තර දෙන්නේ?"
"නෑ නිකන්"
"ඔප්පා, ඔයා මට කැමතිද?"
කැමති නෑ.. මොන විකාරයක්ද?? මන් කැමති මගේ ඉයුන්ට විතරයි... ඒත් ජේකේ කට පරිස්සම් කරගනින්.. මෙයාලා මොන වගේ අයද කියලා උබ දන්නේ නෑ තාම...
"තාම දැකලා විනාඩි ගාණයි.. එහෙම කැමත්තක් ඇති වෙන්නේ නෑනේ"
"හ්ම්ම් අපෝ ඔයා නපුරුයි වගේ"
"ටිකක්"
"ඔම්මා කිව්වා හෙට ඔයා වැඩ ඉවර වුනාම ශොපින් යන්න කියලා"
"හෙට??"
"ඔව්ව්ව්"
"බෑ.. මන් කලින් දාගත්ත වැඩක් තියනවා"
"අනේ.. මන් ඇදුම් ගෙනාවේ නෑ ඔප්පා"
"ඔයාගේ නූනා එක්ක යන්න.. මට හෙට බෑ"
"හ්ම් අපෝ එයා එක්ක බෑ.. එයා හෙන නපුරුයි"
මට හිතුනා දැක්ක ගමන් බිම් බෝම්බයක් කියලා,
"ඇතුලට යමුද?"
"ඔප්පා.....
මන් ඇතුලට එන්න යද්දිම මේ කෙල්ල මගේ අතින් ඇල්ලුවා.. මන් ආව කේන්තිය එක්කම අත ගසලා දැම්මා..
"ඇයි?? ඔයා මේ කේන්තියෙන්?"
"සැලී, මන් ඔයාට කැමති කිව්වේ නෑ.. සෝ මගෙන් ඈත්වෙලා ඉන්න"
මන් ඒ එක්කම ඇතුලට ආවේ ඔම්මයි අප්පයි ගැන පුදුම කේන්තියකින්..
"මොකෝ දෙන්නා කතා කලාද?"
"හ්ම් ඔව් අප්පා"
"ඔම්මා මෙයා මට කැමති නෑ"
සැලී එක පාරටම ගිහින් මිසිස් මීරාව බදාගෙන කියවන්න ගත්තා..
මොනා කියවයිද දන්නේ නෑ පිස්සු හෝන්තුව?
"මොකක්ද ජේකේ ඔයා කිව්වේ?"
"අප්පා...."
"මන් ඔයාව අල්ලගන්නම් හෙට"
"මන් යනවා උඩට.. හෙට උදේම වැඩ වගයක් තියනවා"
මන් එහෙම්ම උඩට ආවේ ටිකක් නිදහසේ ඉන්න වුනත් මගේ හිතට නම් පොඩිවත් නිදහසක් තිබ්බේ නෑ..
මන් මේක ඉයුන්ට දැන්ම කියනවද?? ඒත් ඒ කෙල්ලට තියන ප්‍රශ්න හොදටම ඇති.. බලමුකෝ මොකද වෙන්නේ කියලා.. හ්යොන්ග්ට?? ඒත් එයාලත් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක.. හ්ම්ම් කාලයට ඉඩ දෙන එක තමා හොදම දේ...
ජනේලෙන් පේන අහස දිහා බලන් මන් කල්පනා කලේ මේ ප්‍රශ්නෙට මොකක්ද කරන්නේ කියලා...
.
.
.
.
.
.
Next day evening
මන් වෙනදා වගේම ඇවිදගෙන ගියේ ජේකේ ඔෆිස් එකට ඉස්සරහෙන් කාර් එක නවත්තලා තියන තැනට.. මන් එතනට යද්දි වෙනදට ඉන්න ජේකේ අද පේන්න හිටියේ නෑ..
මෙයා කොහේ ගියාද? මට කලින් ආවනේ එලියට.. හ්ම්ම් කෝල් එකක් අරන් බලමු..
📞📞📞📞📞📞📞
"යා ජේකේ.... ඔයා.....
"කවුද මේ??"
මන් ආන්ස්වර් කරපු ගමන් බැනගෙන යන්න ගියත් එහා පැත්තෙන් ඇහුනේ කෙල්ලෙක්ගේ හීන් කටහඩක්...
"ඔයා කවුද?? ජේකේ කෝ??"
"ඔප්පා මෙතන කොෆි ශොප් එකට ගියා.. මන් සැලී"
මොන සැලියෙක්ද මේ??? ඔයා මොකද මෙයා එක්ක කරන්නේ?"
"අහ්හ්හ්... ආවම ඉයුන් කතා කලා කියන්න"
මන් එහෙම්ම ෆෝන් එක කට් කරලා එතන තිබ්බ බෙන්ච් එකෙන් වාඩිවුනේ හිතට මොකක්දෝ අමුත්තක් දැනුන නිසා..
මොකක්ද මේ වෙන්නේ?? ඔයා ආයේ මට බොරු.... නෑ නෑ ඒක වෙන්න බෑ....
.
.
.
.
.
"ආ මෙන්න"
"ඔප්පා ඉයුන් කියලා කෙනෙක් කතා කලා"
"මොකක්? තමුසේ ආන්ස්වර් කලාද?"
"හ්ම් ඔව්ව්.. ඇයි?"
මන් ඒ එක්කම කාර් එකෙන් එලියට බැස්සේ ඉයුන්ට කෝල් එකක් ගන්න.. ඒත් එයාගේ ෆෝන් එක ඕෆ්...
ආයිශ්ශ්ශ්ශ් ෆෝන් එක ඕෆ් කරන මොන මගුලක් කරනවද?? මේ වාත කේස් එකත් ආවනේ අදම...
Flashback
මන් වෙනදා වගේම හිටියේ ඉයුන් එනකන්.. ඒත් එක පාරටම කාර් එකට ඇවිල්ලා නැග්ගේ සැලී..
"යා තමුන් මොකද මේ?"
"ඇයි මන් එනවා කිව්වේ?? මට අන්කල් තමා කිව්වේ යන්න කියලා.."
මේ අප්පා නම්...
"මට අද වැඩක් තියනවා... "
"අන්කල්ට කෝල් කරලා වැඩේ කියන්න කිව්වා එයා ඒක බලාගන්නම් කියලා"
ඉයුන්... මන් මොකක්ද ඉයුන්ට කියන්නේ...
"මොනාද හිතන්නේ ඔප්පා?? අපි යමුකෝ.."
"සැලී මේ.. මේකයි....
"හ්ම් හරි මන් අන්කල්ට කියන්නම් ඔයා බෑ කියනවා කියලා...."
"නෑ යමු..."
මන් අකමැති වුනත් මට සැලී එක්ක යන්න වුනා.. ඒ අද උදේ අප්පා කිව්ව දේ නිසා...
.................
"ජේකේ, සැලීව ඔයා මැරි කරන්නම් ඕනේ"
"අප්පා.. මට බෑ"
"ජූන්ටයි අර කෙල්ලටයි පාඩුවේ ඉන්න දෙන්නද එපාද?
"අප්පා ඔයා මාව බ්ලැක්මේල් කරනවද?"
"එකෙක් හරි මන් කියන විදිහට ඉන්න ඕනේ"
"අප්පා ආදරේ.....
"සැලීගේ මොකක්ද අඩු?? උබ තීරණය කරපන්.. මන් උබලා දෙන්නට හැමදේම දුන්නා.. හැමදේම.. ඒත් උබලා දෙන්නගෙන් එකෙක්ත් මට ඕනේ විදිහට ඉන්නේ නෑ.. ඔම්මගේ එකම හීනේ උබෙයි සැලීගෙයි වෙඩින් එක... අඩුම තරමේ ඒ ගෑනි ගැනවත් හිතපන් ජේකේ..."
...................
මන් සැලීව ශොපින් මෝල් එකට එක්කන් ගිහින් පැය දෙක තුනක් ඇතුලත කොහොමහරි ආයේ ගෙදර ගිහින් බැස්සුවා..
ආයේ කෙලින්ම ආවේ වෙනදට ඉයුන්ව ගන්න තැනට.. මන් හිතුවා වගේම මන් එතනට එද්දිත් කෙල්ල වෙව්ල වෙව්ල එතන.. මට මාවම මරාගන්න හිතුනා..මන් කාර් එක එයාගේ ඉස්සරහෙන්ම නතර කරලා එලියට බැස්සේ මගේ ජැකට් එක ගලවන ගමන්.. අඩියට දෙකට ඉයුන් ලගට ගිය මන් ජැකට් එය එයාගේ ඇගට දාලා මගේ පපුවට තුරුල් කරගත්තා..
"මෙච්චර වෙලා හිටියද?"
"හ්ම්ම්ම්"
කෙල්ලගේ වචන එලියට එන්නෙත් නැති තරම්..
"හ්ම්ම් නගින්න මුලින්ම කාර් එකට"
"බෑ... කවුද ඒ?? කවුද සැලී"
"ඒක දිග කතාවක්.. නැග්ගම කියන්නම්"
ඒ එක්කන ඉයුන් ගිහින් කාර් එකට නැග්ගා.. මේ දෙන්නා දිහා කෙනෙක් ඈත ඉදන් හොද අවධානෙන් බලන් හිටියේ..
"කවුද ජේකේ ඒ?"
ඉයුන්ගේ ඇස්වල තිබ්බ කදුලු මාව නිකන් පුච්චනවා වගේ..
මන් වචනයක් නෑර හැමදේම ඉයුන්ට කිව්වා.. අප්පා කිව්ව දේවල් ඉදන් ඔක්කොම මට ඉයුන්ට කියන්න වුනා.. මොකද මට බය හිතුනා මට ඉයුන්ව නැති වෙයි කියලා..
"එතකොට ඔයාට එයාව මැරි කරන්න වෙනවද?"
"අපිත් හ්යොන්ග්ලා වගේ මෙහෙන් යමු ඉයුන්"
"ඔයාගේ අප්පා? එයා හ්යොන්ග්ටයි නූනටයි කරදරයක් කලොත්?"
"මන් මොකක්ද බබා කරන්නේ?? මට කියන්නේ ඔයාව අමතක කරන්න කියලද?? කවදාවත් බෑ"
"හ්ම්ම්ම්"
"අහන්නකෝ බබා.. මට පොඩි කාලයක් දෙන්න.. මන් මේ ඔක්කොම විසදන්නම්.. හරිද?"
ඉයුන්වත් ශේප් කරලා එයාව බස්සලා මන් ආවේ ගෙදර.. ඒ ඔම්මා එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ කතා කරන්න..
.
.
.
.
.
.
.
At joon's hospital
"ඩොක්ටර් ඔයාව හම්බෙන්න කෙනෙක් ඉන්නවා.."
"මගේ පේශ්න් කෙනෙක්ද?"
"නෑ ඔයාගේ ලගම කෙනෙක් කියලා කිව්වේ?"
"හ්ම් එවන්න.."
කවුද මන් නොදන්න මගේ ලගම කෙනා....
දොරට තට්ටු කරන සද්දෙට මන් එලියේ හිටිය කෙනාට ඇතුලට එන්න කිව්වා...
"කොහොමද ඩොක්ටර් ජූන්??"
"ඔයා??"
දොර අරිනවත් එක්කම මන් දැක්කේ මගේ වයසේ වගේ කෙල්ලෙක්.. ඒත් කවුද මේ??
"මන් ක්රිස්නි... මීරා කියන්නේ මගේ ඔම්මා"
එතකොට මට මතක්වුනා මීරා කියන්නේ කවුද කියලා..
"අහ්හ් ඉදගන්න මිස් ක්රිස්නි... මාව හම්බෙන්න ආවේ?"
"නිකන්... මට ඔම්මා ඔයා ගැන කියලා තියනවා.."
"අහ්හ්හ්... මන් ටිකක් බිසී...."
"අහ් සොරි ජූන්... මන් ඒත් ඇත්තටම ආවේ මගේ නංගී සැලී ගැන කතා කරන්න"
"කියන්න"
"ඔයාගේ මල්ලිට වෙන අෆෙයර් එකක් තියනවා"
"මොකක්?"
මෙයා කොහොමද ඒක දන්නේ?? අපේ ගොනා ඒක කියලද හැමෝටම....
ක්රිස්නි....ටිකක් අමුතුයි වගේ නේ.. ඇත්තටම එයා ආවේ සැලී ජේකේ ගැන කතා කරන්නද?? නැත්තම වෙන අරමුණකටද?? ජේකේට ඉයුන් වෙනුවෙන් කරන්න මුකුත් ඇත්තෙම නැද්ද?? ප්‍රශ්න පත්‍රයක්....
vote and comments 💐
Bạn đang đọc truyện trên: AzTruyen.Top