Special one ❤️

"අර තරුව මතකද??"
"හ්ම්ම් ඔව්ව්..."

මන් ජේකේගේ අත තද කරගෙනම එයාගේ මූණට එබුනා..

"මොකද මෝඩී??"
"ආයේ මාව දාලා යන්න එපා"
"මන් දෙයක් අහන්නද?"
"මොකක්ද?"

ජේකේ ඉයුන්ව තමන්ගේ උකුල උඩින් වාඩි කරගත්තේ හරි පරිස්සමට.. දැන් ඉයුන් කියන්නේ චූටි බබෙක් බඩේ තියන් ඉන්න චූටි අම්මා කෙනෙක්.. ජේකේගේ ආදරේ දෙවනි තෑග්ග ඉයුන්ට හම්බෙලා අදට මාස පහකට කිට්ටුයි..

හැමදාම සතියට එක පාරක් ජේකේ ඉයුන්ව එක්කන් කොහේ හරි රෑ ඇවිදින්න යනවා.. එදා මග ඇරුන දේවල් අද කොල්ලා එකක් නෑර කරනවා.. අද ජේකේ ඉයුන්ව එක්කන් ආවේ බීච් එකට.. බීච් එකේ කොනක වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටිය දෙන්නා හිටියේ අද ඊයේ බැන්ද ජෝඩුවක් වගේ...

"ඔයා මට මෙහෙම ආදරය කරන්නේ කොහොමද?"
"ඕක ඇයි හැමදාම අහන්නේ?"

"මට... මට දරාගන්න බෑ මැණික ඔයාගේ මේ ආදරේ.. පටන් ගත්ත දවසෙ ඉදන් මන් ඔයාට බොරු කලා, රිද්දුවා.. ඒත් ඔයා??"

"ඔයා එහෙම කලාට මන් පටන් ගත්ත දවසෙ ඉදන් ඔයාට ආදරේ කළා.. ඉතින් මන් ඒ ආදරේ අදටත් පරිස්සම් කරනවා.. ඒක හෙටත් එහෙම්මමයි"

"ඔහොම කරන්න එපා.. මන් කොහොමද මට සමාව දෙන්නේ?"

"මන් ඔයාට සමාව දුන්නනේ.. තව මොන සමාවක්ද??"

ජේකේගේ ඇස් දිලිසුනේ කදුලුවලට.. එක පාරක් අප්පා නිසා.. තව පාරක් සැලීයි ඔම්මයි නිසා, ජේකේ ඉයුන්ට රිද්දුවා.. ඒත් ඒ කිසිම දෙයක් හිතේ කොනකවත් නොතියගෙන ඉයුන් ජේකේට ආදරය කරනවා..

ජේකේ ඉයුන්ව තමන්ගේ පපුවට තද කරගත්තේ එයාගේ කදුලු ඉයුන්ගෙන් හංගන්න.. ඉයුන් හරි ආසයි ජේකේගේ තුරුලේ ඉන්න.. කෙල්ල හරි ආසවෙන් තුරුල් වෙලා හිටියා..

"ජේකේ....."
"හ්ම්ම්ම්"
"‍යමුද?"
"ඇයි?"
"සීතයි... අපේ බබාටත් සීත ඇති"
"කෝ බලන්න...."

ජේකේ ඉයුන්ව තුරුලෙන් අයින් කරන ගමන් අත ගෙනිච්චේ ඉයුන්ගේ බඩ ලගට.. හරි පරිස්සමෙන් ජේකේ ඉයුන්ගේ බඩ පිරිමැද්දා..

"හ්ම්ම් එයාටත් සීතයි වගේ.. කෝ ඔයා මේක ඇදගන්නකෝ"

කෙල්ල ඇදන් හිටිය ජැකට් එකට උඩින් ජේකේ එයාගේ ජැකට් එකත් ගලවලා ඇන්දුව..

"යමු..."

හෙමින් ඉයුන්ව නැගිට්ටුව ජේකේ තමන්ගේ උරහිසට වාරු කරගෙන කෙල්ලව කාර් එක ළගට එක්කන් ගියා...

"නගින්න"

දොර ඇරලා ඉයුන්ව නැග්ගුව ජේකේත් කාර් එකට නැග්ගා..

"හෙමින් යමු"
"මන් ඔයාව දාගෙන හයියෙන් ගිහින් තියනවද?"
"මන් හිටියත් නැතත් ඔයා හෙමින් යන්න ඕනේ"
"හරි හරි බබා"

කාර් එකට වඩා ඇවිදගෙන ගියා නම් ඉයුන්ට ජේකේට කලින් ගෙදර යන්න තිබ්බා.. ඒත් ඒ තමා ජේකේගේ ආදරේ.. කෙල්ලෙක් හොයන ආදරේ.. කොල්ලෙක් ළග තියන ආදරේ..

"ඔයා නිදාගන්න.. මන් වොශ් එකක් දාන් එන්නම්"

වොශ් දාලා ආව ඉයුන්ව ඇදෙන් හාන්සි කරලා ජේකේ ගියේ වොශ්රූම් එක පැත්තට..

ඒත් ඉයුන්ගේ අහලකවත් නින්දක් තිබ්බේ නෑ.. ඉයුන් තමන්ගේ අතේ ඇගිලි තුඩුවලින් බඩේ එක එක රටා ඇන්දේ මූණේ හිනාව පුරවගෙන 🥰

ජේකේ වොශ් දාන සද්දේ එක පැත්තකින් ඇහෙද්දී කෙල්ල අමාරුවෙන් ඇදේ ඉදගත්තේ වතුර ටිකක් බොන්න හිතාගෙන... වතුර කෝප්පේ අතට ගත්ත ඉයුන්ගේ ඇස් නැවතුනේ ජේකේගේ ෆෝන් එක ළග..

"අද ගත්ත ෆොටෝස් ලස්සනද බලමුකෝ"

කෙල්ල ගැලරි එක ඕපන් කලේ අද හවස ගත්ත ෆොටෝස් බලන්න.. ෆෝටෝ එකින් එක බලන් ගිය ඉයුන්ගේ අවදානේ ගියේ ටිකක් මැදකට වෙන්න තිබ්බ ෆොටෝ එකකට.. ඒක නිකන් ලියුමක ෆොටෝ එකක්.. ඉයුන් ඒක සූම් කලාම තමා දැක්කේ ඒ කවුරු ලිව්ව එකක්ද කියලා..

"සැලී......."

එතන තිබ්බේ ලිවුමක්.. ඒක කියවන්න ඉයුන්ට ඕනේ වුනත් ඉයුන් කල්පනා කලේ ඒ මොකක්ද ඇයි එහෙම එකක් කියලා.. දැන් ජේකේ ඉයුන්ගේ හස්බන්ඩ්, ඉතින් එයාට හංගන දෙයක් නැති නිසා එයා ඒක කියවන්න ඕනේ කියලා හිතුවා..

ජේකේ,

හ්ම්ම්ම් මන් හොදින් නෙමෙයි... මට යන්න වෙලාව ඇවිල්ලා.. ඔයා මන් ගියාම දුක් වෙයි.. ඒත් ඔයා හිතන්න එපා මන් මේවා නොදැන හිටියා කියලා.. ඒත් මන් එහෙම කලේ ඇයි කියන්න මන් දන්නේ නෑ.. ඔයා... ඔයා ආදරේ ඉයුන්ට.. ඔව් මන් ඒක දන්නවා.. ඔයා හිතනවද මන් ඒක නොදැන ඔයාව මැරි කලා කියලා.. නෑ ජේකේ.. මන් ඔයාට ඇත්තටම ආදරේ කරනවා.. තාමත් ඒක එහෙම්මමයි.. මට ලෝභ හිතුනා ඔයාව එයාට දෙන්න.. මන් මුකුත් නොදන්න විදිහට හැසිරුනා.. අනේ මට සමාවෙන්න.. මේ ඔක්කොම මගේ ආදරේ නිසා.. මන් හිතුවේ ඔයා මන් ළගට ආවම වෙනස් වෙයි කියලා.. ඒත්.... වගේම මේ ලෙඩේ.. ඔව් මන් මේකත් දැනගෙන හිටියේ.. දවසකට හරි ඔයාව මන් ළගට ගන්න ඕනේ වුනා.. ඒත් ඔයාට එක තප්පරයකට මන් ලගට එන්න ඕනේ වුනේ නෑ.. ටික ටික දවස් යද්දී මට තේරුනා මන් මහ නපුරුයි කියලා.. මන් ඔයාලව වෙන් කලා.. මට සමාවෙන්න...

මන් මට කවදාවත් සමාව දෙන්නෙ නෑ.. ඔයා ඉයුන්ගේ.. ඒත් මන් මොකක්ද මේ කලේ. මට මාවම මරාගන්න ඕනේ වුනා... මාසෙකින් මැරෙන්න ඉන්න මන් මගේ මරණය ඉස්සර කර ගන්න තීරණය කලා.. ඔයාව ඉක්මනට ඉයුන් ළගට යවන්න.. මට සමාවෙන්න.. ඔයාව ඉයුන්ට දෙන්න ඕනේ කියලා හිතුන දවසේ ඉදන් මන් බෙහෙත් බොන එක නැවැත්තුවා.. මන් යන්න කිව්වට ඔයා යන්නේ නෑ.. ඒත් මන් නැති වුනාම ඔයා යනවා.. එයා බලන් ඉන්නවා.. ඔයා කවදම හරි එනකන්..

මට අමාරුයි ජේකේ... අන්තිම පාරටත් මන් ඔයාගෙන් සමාව ඉල්ලනවා.. කවදාහරි ඉයුන්ටත් කියන්න මන් එයාගෙන් සමාව ඉල්ලුවා කියලා..

මේක එයාටත් පෙන්න්න...

"ඉයුන්, ඔයා වෙනුවෙන් තියන ආදරය තාම මේ කොල්ලා පණ වගෙ රකිනවා.. ඔයත් එහෙමයි කියලා මන් දකිනවා... මට ඉරිසියයි.. ඒත් සතුටුයි.. ඔයාගේ බඩේ ජේකේගේ ළමයෙක් වෙන්න මන් ආසයි.... ඔයත් මට සමාව දෙන්න ඉයුන් 🥺"

සැලී......


ඉයුන්ගේ අතින් ෆෝන් එක බිමට වැටෙද්දී ජේකේ දැක්කේ හොදටම අඩන ඉයුන්ව.. විදුලි වේගෙන් ජේකේ ඉයුන් ළගට ආවා..

"මැණික මොකෝ මේ?"
"ජේකේ.... සැලී"

එහෙම කියද්දී කොල්ලට තේරුනා ඉයුන් අඩන හේතුව.. ජේකේ ඉයුන්ව තද කරලා තමන්ගේ පපුවට තුරුල් කරගත්තේ ඔලුව අතගාන ගමන්.

"හ්ම්ම් උන දේ වෙලා ඉවරයි බබා.. ඔයා මගේ.. එයා කිව්ව හරි, මට බෑ ඔයාගෙන් පිට වෙන කෙනෙක් ගැන හිතන්න"

"ඒත් එයා මැරුනේ අපි නිසා....

"ශ්ශ්ශ්ශ්... වෙන්න තියන දේවල් නවත්තන්න බෑ.. සැලී ලස්සන තැනක ලස්සන ඉන්නවා ඇති.."

"ඒත් ජේකේ....

"බබා.... ඔයාට අඩන්න හොද නෑ.. දැන් ඔයා මගේ.. බලන්න ඔයා මාව අප්පා කෙනෙකුත් කරලා.. ඔක්කොම වෙනස් වෙලා.. තාම ඔයා අවුරුදු ගාණකට කලින් වුන දෙයකට අඩනවා"

"හ්ම්ම්ම්"

"බලන්න... සැලී පවු.. මන් දන්නවා.. ඒත් එයා අපිට එකට ඉන්න අවස්ථාවක් හැදුවා.. එයා ගොඩක් හොදයි.. අපි දිහා බලලා එයා හිනා වෙනවා ඇති.. සතුටෙන් ඇති.. ඔයා අඩද්දී එයාටත් දුකයිනේ"

කෙල්ලගේ කම්මුල දිගේ බේරෙන කදුලු තමන්ගේ ඇගිලි වලින් අයින් කරපු ජේකේ ආයෙත් කෙල්ලව පරිස්සමට ඇදෙන් හාන්සි කලා..

"දැන් නිදාගන්න.. මන් මේක තියන් හිටියේ ඔයාට දවසක පෙන්නලා ඩිලීට් කරන්න.. දැන් ඔයා දැක්කනේ... මන් ඒක ඩිලීට් කරන්නම්"

ඉයුන් ඔලුව දෙපැත්තට වැනුවේ හා කියන්න වගේ.. ජේකේ ෆෝන් එක ආයෙත් මේසේ උඩින් තියලා යන්න හැරුනා..

"කොහෙද යන්නේ"

ජේකේගේ අතින් අල්ලගත්ත ඉයුන් ඇහුවා..

"ටවල් එක පිටින්ද මට නිදාගන්න කියන්නේ?"
"මෝඩයා"
"ආස ඇති... කෝ මට යන්න දෙන්න"
"යනවා යන්න"

ජේකේත් හෙන හයියෙන් හිනා වෙන ගමන් ගිහින් ශෝට් එකක් දාන ඇවිල්ලා ඉයුන්ගේ එහා පැත්තෙන් ඇල වුනා..

ජේකේගේ අත උඩින් ඔලුව තියාගත්ත ඉයුන් ජේකේගේ උරහිස ළගටම චුට්ට චුට්ට කිට්ටු වුනා..

"මොකෝ??"

"දන්නවද පොඩී ජෙකේ, ඔයාගේ අප්පට කෙල්ලෝ ගොඩක් ඉදලනේ.."

ඉයුන් බඩ ලගට අත ගෙනියන ගමන් කිව්වා...

"පොඩී ජේකේ.. ඒ ඇයි දන්නවද?? ඔයාගේ අප්පා හැන්සම් නේ.. ඔයාගේ ඔම්මත් මට පිස්සු වැටිලා ලව් කලේ"

ජේකේ ඉයුන්ගේ අත උඩින්ම අත තියන ගමන් කිව්වා..

"තාමත් මන් ඒ වගේ ම ආදරෙයි..."

"දැන් නම් මාත් ඔයාගේ ඔම්මට පිස්සුවෙන් ආදරේ කරනවා.."

දෙන්නගෙම අත් එකිනෙක පැටලෙද්දී අස් වලිනුත් ජේකේ ඉයුන්ව තව ළගට ගත්තා.. හැමදාම වගේ ජේකේගේ අත් අස්සේ ජේකේට තුරුල් වෙලා ඉයුන් නිදාගත්තා.. ඉයුන්ට නින්ද යනකන් ජේකේ ඉයුන් දිහාම බලාගෙන හිටියා.. ඉයුන්ට නින්ද ගියාම නළට පොඩි හාද්දක් තිබ්බ ජේකේත් නින්දට වැටුනේ තමන්ගේ තුරුලේ ගුලි වෙලා ඉන්න ඉයුන්ව තවත් තමන් ළගට ගන්න ගමන්..

හායි... ආසවට ලිව්වේ.. සැලී ඇයි මැරුනේ කොහොමද ඒක වුනේ කියන එක අපැහැදිලී වගේ කියලා හිතුන නිසා.. ඇත්තටම සැලී කියන්නෙත් ඉයුන් වගේම ජේකේට පිස්සුවෙන් වගේ ආදරය කරපු කෙනෙක්.. හැබැයි ඒ ආදරේ කොතනකදිවත් මන් ඉයුන්ගේ ආදරේට සමාන කරන්නේ නම් නෑ... ඒත් ඒකත් එක්තරා ලස්සන ආදරයක්...

💜💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top